Stories by Banz on Medium
බැස්ටියන් පාරේ ධර්මපාල මහත්තයා මැරිලා……………
පළාතේම හිටිය ධනපතියාගේ අකල් මරණය ගැන පුවත ප්‍රදේශය පුරාම පැතිරුණේ ලැව් ගින්නක් ලෙසිනි. හිත හොඳ මිනිසෙක් ලෙස ප්‍රසිද්ධ බැස්ටියන් ධර්මපාල මහතා පළාතේ නමගිය පොහොසතෙක්. මව්පිය උරුමයෙන් ලැබුණු අති විශාල ධනස්කන්ධයත් ඒවා විවිධ අයුරින් ආයෝජනය කිරීමෙන් දෙගුණ තෙගුණ කරගත් මහා ධනයක් ඔහුට ඇති බවත් නොරහසකි.
ඒ 1973 වසරේ අග බාගයේ දිනකි.
ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. ට්‍රීන්.. “ගූඩ් ආෆ්ටනූන් කුරුඳුවත්ත පොලිස් ස්ටේෂන්, ඉන්ස්පෙක්ටර් දිසානායක හියර්”……………
“ඉන්ස්පෙක්ටර්, මම බැස්ටියන් පාරේ නොම්මර 18 ගෙදරින් කතා කරන්නේ…… අපේ ගෙදරට ගෙවල් පහකට එහා තියන නොම්මර 23 ගෙදර ඉන්න මිස්ටර් ධර්මපාල ගෙදර මැරිලා ඉන්නවා කියල එයාගේ වැඩකාරයා ඇවිත් කිව්වා………… ඔබතුමාත් දන්නවා ඇතිනේ මිස්ටර් ධර්මපාල ගැන. කරුණාකරලා කාවහරි එවන්න පුලුවන්ද?”
සාජන් ඉක්මනට ජීප් එක ලෑස්ති කරනවා……… අපිට බැස්ටියන් රෝඩ් එකට යන්න තියනවා…………….
අති විශාල නිවසේ ඇතුල් කාමරයක ධර්මපාල මහතා අවසන් හුස්ම හෙලා ඇති බව එහි ගිය ඉන්ස්පෙක්ටර් දිසානායකට මෙහෙකරු විසින් දන්වන ලදී. හැඩි දැඩි නිරෝගී මිනිසෙක් වූ ධර්මපාල මහතා බිම වකුටුවී අවසන් හුස්ම හෙලා ඇති අයුරු දැකී මෙන් දිසානායකට තම සිතතුල එකවරම මහත් කනගාටුවකුත් පසුව සියුම් සතුටකුත් ඇතිවී නැතිවී ගිය බව දැනුනි. දුකනම් මසකට දෙතුන් වතාවක් තම පොලිස් වසමේ දකින මෙවන් මරණ ගැන ඇති වූ දුකකි, සතුටනම් කිසියම් අභිරහසක් මෙම මරණය පසුපස ඇතැයි ඔහුගේ සියුම් මොලයට අපරාධ ස්ථානය දුටු සැනින් හැඟුණ නිසාවෙනි.
“සාජන් කිසිම කෙනෙක්ට වත්තේ සීමාවෙන් ඇතුලට එන්න දෙන්න එපා………. හැමෝම එලියට යවන්න”
තම උසස් නිලධාරියාගේ උද්යෝගමත් අණින්, කලකට පසු බරපතල වැඩක් ලැබී ඇති බව හෝ ලැබෙන්නට යන බව සාජන් හේරත් ට හොඳින් වැටහුණි.
දිවයින පුරා බොහෝ පොලිස් ස්ථානවල දිසානායක මහතා සමග විවිධ අපරාධ පරීක්ෂණ වල නිරත වූ සාජන් හේරත්, තමා ඔහුට හමුවූ හොඳම සහයකයා බව අසන්නට ලැබෙන හැම වාරයකම තම හිත මහත් අභිමානයෙන් පිරී යන බව දනී. පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහලින් එන ඉල්ලීම් අනුව රට පුරා විවිධ අපරාධ විසඳමින් තැනින් තැන ඔහු සමග යෑම මහත් කරදරයක් උනත් සාජන් හේරත් දැන් එයට කැමතිය. ඉඳහිට පුවත් පතක තම උසස් නිලධාරියා සමග ජායාරූපයක් පළවනු දකින තරම් දෙයක් ඔහුට තවත් නැත.
“හේරත්, මේ බලනවා මේ සේප්පුව….. මේ වගේ සේප්පු ලංකාවටම ඇත්තේ බොහොම ටිකයි…… මුරුගන් එකෙන් තමයි ගෙන්නන්නේ බොහොම ආරක්ෂිත සේප්පුවක් Chubb Locks කියලා වර්ගයක්, මොන පුතෙකුටවත් අරින්න බැහැ නොම්මර ටික දන්නේ නැතිව. හැබැයි මෙතන නොම්මර දන්නා මිනිහා මැරිලා ගිහින් මේක ඇතුලේ මොනවා තිබ්බද, මොනවා තියනවද කියල දෙය්යෝ තමයි දන්නේ……”
දැන් වෙලාව දවල් 1.35 යි , මිනිය කලුවෙලා කිසිම රස්නයක් නැති නිසා පැය 12ක් වත් කලින් තමයි මැරිලා තියෙන්නේ….. ඒ කියන්නේ ඊයේ රෑ…….. බලමු මරණ පරික්ෂනෙන් අපිට දැනගන්න පුළුවන් කීයටද මේක උනේ කියලා………
තම සාක්කුවෙන් නෝට් පොතක් ඇදගත් දිසානායක මළ සිරුර සීරුවෙන් පරික්ෂා කරන්නට විය. රාත්‍රී නිදන ඇඳුමෙන් සිටි ධර්මපාල මහතා මිය යාමට මොහොතකට පෙර කන්නාඩි මේසය හෝ සේප්පුව අසල කිසියම් දෙයක් කරමින් සිට ඇති බවත් අනතුරුව මිනිත්තු කිහිපයක් ඇතුලත ඔහු මියගොස් ඇති බවත්, ඒවා ඉදිරිපිට ඔහු වැටී සිටින අයුරිනුත් පසෙක විසිවී ඇති උපැස් යුවලෙනුත් ඔහුට පැහැදිළි විය. බිම වැටී තිබූ උපැස් යුවලත් මේසය මත තිබූ තවත් සමහර උපකරන කිහිපයකුත් ආරක්ෂිතව බෑගයක දමාගන්නා ලෙස සාජන් හේරත්ට ඔහුගෙන් අණ ලැබිණි.
කාමරය තුල සේප්පුව හා කන්නාඩි මේසය ඇති ආකාරයත් අවට ඇති අනෙක් ගෘහභාණ්ඩ පවතින ආකාරයේත් දල සටහන් තබාගත් දිසානායක, නිදන ඇඳ දැකීමන් ධර්මපාල මහතා පෙර දින එහි නිදා නොගත් බවත් ඒ අනුව මරණය සිදුවූයේ අනිවාර්යයෙන්ම පෙර දින බවත් සිත තබාගත්තේය.
“හේරත්…. මේ ගෙදර තව ඉන්නේ වැඩකාරයෙක් විතරයි කීවා නේද? එන්න කියනවා ඒ මිනිහට අපි පොඩ්ඩක් කතා කරලා බලන්න.”
“ඔව් සර්, සුමනදාස කියලා වයසක මනුස්සයෙක්………, දැන් අවුරුදු විස්සක් තිහක් විතර ඉඳලා ධර්මපාල මහත්තයා ගාව වැඩලු. වත්තේම කොනක තියන ගෙදර තමයිලු මිනිහයි පවුලයි ජීවත් වෙන්නේ…..” ඉන්න මම කතා කරන්නම්……….
තමා පරික්ෂා කටයුතු වල යෙදී සිටින විට ඉතා වටිනා බාහිර කරුණු ඒ අතරතුර හොයා දැනගන්නා හේරත් ගේ මේ ගතියට දිසානායක ඉතා කැමතිය. එය තම පරීක්ෂණ වැඩ වලට මහත් රුකුලක් බව ඔහු හොඳින් දනී.
තම කර ඇති තුවා කොනකින් කඳුළු පිසිමින් තමා ඉදිරියේ හිටගත් තරමක් තලතුනා එහෙත් හැඩිදැඩි මිනිසා දෙස තියුණු බැල්මක් හෙලු දිසානායක ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
“සුමනදාස කිව්වා නේද නම?” හොඳයි කීයට විතරද ධර්මපාල මහත්තය මැරිලා ඉන්නවා කියලා දැනගත්තේ……
“මම උදේ හය වෙද්දී බංගලාවට එනවා මහත්තයෝ…. ඇවිල්ලා ඔක්කොම දොර ජනෙල් ඇරලා මුළු ගෙදරම අතුපතු ගාලා සුද්ද පවිත්‍ර කරනවා අපේ මහත්තයට දූවිලි පොදක් තියනවා දැක්කොත් කේන්ති යනවා ඉතින් පුරුද්දක් හැටියට හැමදාම ගෙදරම සුද්ද කරනවා”……..
අපේ පවුල එනවා හරියටම උදේ හත වෙද්දී ඇවිල්ලා ඉවුම්පිහුම් වැඩ කරනවා…… උදේ නාමය වැඩිම උනොත් දහය වෙද්දී මහත්තයා නැගිටිනවා…. මහත්තයා නැගිට්ටට පස්සේ තමයි ඒ කාමරේ සුද්ද කරන්නේ. ඒ වෙනකොට මම මහත්තයාගේ කාමරේ ඇර මුළු ගෙදරයි වටපිටාවයි සුද්ද බුද්ද කරලා ඉවරයි. අද දහය වෙනකලුත් මහත්තයාගේ සද්දයක් නැති හින්ද මම ගිහින් බැලුවා……….
තට්ටු කරලා සද්දයක් නැති හින්දා දොර අරගෙන ගිහින් බැලුවමයි අපේ මහත්තයා වැටිලා ඉන්නවා දැක්කේ………..
“ඊට පස්සේ කාටද කතා කලේ? කව්ද මේ කාමරේට ආවේ? සුමනදාසට මතක දේවල් ඔක්කොම කියන්න ඕනෑ…………..”
මම දුවලා ගිහින් මහත්තයව නැගිට්ටවන්න බැලුවා………. අනේ එතකොටත් ඇඟ හීතල වෙලා දරදඬු වෙලා තියනවා දැක්කම මට හිතුනා අපේ මහත්තයා ඉවරයි කියලා…………. අනේ දෙය්යනේ අපේ මහත්තයා…………
වසර තිස් පහකට පෙර සිට ධර්මපාල මහතා ළඟ වැඩ කරන සුමනදාසට සේවකයෙකුට වඩා සොහොයුරෙක්, මිතුරෙක් මෙන් තමාටත් තම පවුලටත් සැලකූ බව සිහිවීමෙන් නැවතත් අඩෙන්නට විය. තමන්ට විවාහයක් කර දී ගෙවල් දොරවල් හදා දී සැලකූ හැටි ඔහුට සිහිවිය.
“මම මුලින්ම අපේ ගෙදරට දුවලා ගිහින් පවුලට මේ ගැන කියලා….. ගෙවල් පහකට එහා ඉන්නවා පෙරේරා මහත්තයා………… අපේ මහත්තයාගේ යාලුවෙක් ඒ මහත්තයට කිව්වා වෙලා තියන දේ…. “
“දැන් තමුසේ කිව්වා නේද පවුල උදේ හතට මෙහෙට ආවා කියලා”…………….
“ඔව් මහත්තයෝ ඒ ගෑනි හත විතර වෙද්දී ඇවිත් අට අටහමාර වෙද්දී උදේට දවල්ට දෙකටම උයලා පිහලා තියල ගෙදර යනවා”
“හොඳයි….. එතකොට මහත්තයාගේ කොන්ඩේ කපන්න ආපු මනුස්සයා ආවේ ඊයේ කීයට විතරද?”
ඉන්ස්පෙක්ටර් වරයාගේ මේ ප්‍රශ්නයෙන් පුදුමයට පත් සුමනදසගේ ඇස් උඩ යනු සාජන් හේරත් ට දක්නට ලැබුණි. සුමනදසට පමණක් නොව හේරත් ටද මෙය කුතුහලය දෙන ප්‍රශ්නයකි. මළ මිනිය දැකීමෙන් ඔහු දිනකට හෝ දෙකකට පෙර කොණ්ඩය කපා ඇති බව සාජන් හේරත් ට උනත් කිව හැකිය, එහෙත් ඊයේ කෙනෙක් තම නිවසට ගෙන්වාගෙන කොණ්ඩය කප්පවා ගත්බව මොහු දන්නේ කෙසේද?
“ඊයේ හැන්දෑවේ හයට විතර තමයි හන්දියේ බාබර් ඇවිත් කොන්ඩේ කපලා ගියේ මහත්තයෝ”
මේ අතර මෘත දේහය මරණ පරීක්ෂණයට ගෙනයාමට පිරිස පැමිණිය අතර ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ඉඩදී තවත් කිහිප දෙනෙක්ගෙන් ශාක්ෂි අසා ගැනීමට දිසානායක ඒ අතර කටයුතු කලේය. ධර්මපාලගේ මිතුරු පෙරේරා සහ සුමනදාසගේ බිරියගෙන් ලත් තොරතුරු වලින් ගත හැකි විශේෂ දෙයක් නැති බව දිසානායකට වැටහිණි.
නිවස තුලට තමන් දැනුම් දෙනතුරු කිසිවෙකුට යාමට ඒමට නොදෙන ලෙස සුමනදසට අණකළ ඉන්ස්පෙක්ටර් වරයා……….. සාජන් හේරත්ට සන් කලේ ආපසු පොලිස් ස්ථානයට යාමට සුදනම් වන ලෙසයි.
බලවත් කල්පනාවක නියැලෙමින් ආපසු ගමන් කරන ඉන්ස්පෙක්ටර් දිසානායකගේ නිහඬ බව බිඳිමින් හේරත් හඬ අවධි කළේය.
“සර්…… කොහොමද සර් අර කොන්ඩේ කපන මිනිහෙක් කලින්දා ආවා කියලා කිව්වේ මහා පුදුමයක් නේ ඒක…….. අර මිනිහා විතරක් නෙවෙයි මමත් උඩ ගියා ඒක අහලා “…………. “ඇත්තටම කොහොමද එහෙම කිව්වේ……….”
“හේරත් දැක්කද ගෙදර ඇතුල තිබුන විදිහ? ගෙට ඇතුල් වෙද්දීම මට තේරුණා මුළු ගෙදරම හොඳට අතු පතු ගාලා තියන බව. මම පුටු මේස අල්මාරි කිහිපයක් අත ගාලා බැලුවා දූවිලි පොදක් නැහැ. හැබැයි මරණේ උන කාමරේ ඇතුලේ දැක්කද දූවිලිනම් නැහැ, හැබැයි කන්නාඩි මේසේ පුරාමයි බිමයි හැම තැනම සුදු කෙස් කොට. ලොකු ඒවා අරන් දාල…….. හැබැයි පොඩි කෙස් කොට කාමරේ පුරාම. කොහොමද එහෙම වෙන්නේ……….. එක්කෝ කොන්ඩේ කපලා තියෙන්නේ දවසේ සුද්ද බුද්ද කරන වේලාවෙන් පස්සේ නැත්නම් වැඩකාරයෝ ගෙදර නැති වෙලාවක. ඉතින් අර මිනිහා හැමදාම උදේට ගෙදර සුද්ද කරනවානම් ඊයේ හවස් වරුවේ කොන්ඩේ කපන්න ඇති කියලා මම අනුමාන කලා………….”
“දැන් පොලිසියට යමු, තව පැය තුන හතරකින් මරණෙට හේතුව දැනගන්න පුළුවන්, අපි බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා……”
“ඩොක්ටර් විජේදාස නේද වැඩේ කරන්නේ? අපි ටෙලිපෝන් කෝල් එක දීලා බලමු”
ස්වභාවික මරණයක පෙනුම ඇතත්, නිවසේ වටිනා දේ කිසිවක් නැතිවී නැති බැව් පෙනුනත් ඉන්ස්පෙක්ටර් වරයාට කුහුල දනවන කාරණා කිහිපයක් තිබිණි.
“හාට් ඇටැක් එකක්………හැබැයි කිඩ්නි දෙකමත් ෆේල් වෙලා තියන නිසා මට තව පොඩි වෙලාවක් දෙන්න……. හරියටම රිපෝර්ට් එක තව පැය දෙකකින් දෙන්නම් ඉන්ස්පෙක්ටර්”
“හේරත්……… අයිසේ සාජන් හේරත්………. කෝ මේ මනුස්සයා………… අහ් සාජන් අපි අයෙමත් යන්න ඕනේ ධර්මපාල මහත්තයලාගේ ගෙදර මට තව ටිකක් සුමනදාස එක්ක කතා කරන්න ඕනේ “
අක්කර තුන හතරක් පමණ විශාල වත්තක් මැද පිහිටා ඇති එම නිවස වටා ඇවිදිමින් දිසානායක පරික්ෂාවේ යෙදෙන්නට වුයේ ඉඩම කොනේ පිහිටි සුමනදාසගේ නිවසට ගොස් ඔහු කැඳවාගෙන එන ලෙස සාජන් හේරත් ට අණ කිරීමෙන් පසුවය. ධර්මපාල මහතාගේ කාමරයට ඈඳුණු නාන කාමරයේ ලුවරයේ වීදුරුව බිඳී ඇති බව ඔහුට දක්නට ලැබුනේ ඔහු අසලට සුමනදාස එනවාත් සමගය.
“සුමනදාස මේ වීදුරුව කවදද බිඳුනේ”
“අහ් සර් කලින් නම් බිඳිලා තිබ්බේ නෑ……මමත් ඕක දැක්කේ නම් දැන්, කලින් කැඩුනා නම් මහත්තයා හදන්න කියනවා”
හොඳයි දැන් මට කියනවා පහුගිය දවස් කීපයේ මෙහෙ ආව ගිය කට්ටියගේ විස්තර, දිසානායක මෙසේ විමසූවේ ඉස්තෝප්පුවට ගොඩවෙමිනි.
“පුංචි නෝනා එංගලන්තේ ගියාට පස්සේ මෙහෙට කව්රුත් එනවා හරි අඩුයි මහත්තයා…….. අපේ මහත්තයාගේ නෑයෙක් වත් ආවේ කලාතුරකින්. හැබැයි මාසේ අන්තිම දවස් පහේ මහත්තයාගේ වතුපිටි බලාගන්න ලියන මහත්තුරු මෙහෙ එනවා උන්නැහේලට අපේ මහත්තයා එන්න කියලා තියෙන්නේ මාසේ අන්තිම දවස් පහේ ඉතින් එක එක්කෙනා එනවා……….”
“ඒ මිනිස්සු සල්ලි ආදායම් අරන් එනවද?”
“සමහරු සල්ලි අරන් එනවා… සමහරු සල්ලි බැංකුවට දාලා ආදායම් වියදම් කතා කරන්න එනවා….. ඊයේ තිස් වෙනිදනේ…. ඒ හින්දා පහුගිය දවස් ටිකේම ගොඩ දෙනෙක් ආවා ගියා…. ඊයෙත් දෙතුන් දෙනෙක් ආවා මගේ හිතේ……….”
“අර මහ සේප්පුවේ මොනවද තියෙන්නේ? සුමානදාස ඉන්න වෙලාවක මහත්තයා ඕක ඇරලා තියනවද?”
“අපේ මහත්තයට මාව හොඳට විස්වාසයි මහත්තයෝ……..මම දැකලා තියනවා ඕක ඇතුල…….. සල්ලි තියනවා, අපේ නෝනලාගේ රත්තරන් බඩු, ඉඩකඩම් වල ඔප්පු තිරප්පු මහගොඩක් ඔකේ තියනවා…………, ඇයි මහත්තයෝ සේප්පුව හොරු කඩලා නෑ නේද?”
“අපි හිතමු එහෙම…….ඉන්ස්පෙක්ටර් වරයා එසේ කීවේ සාජන් හේරත් දෙස බලාගෙනය”
එය දුටු හේරත් ට ඇති වුයේ මහත් කුහුලකි. සේප්පුවට අත තැබූ බවක් වත් නොතිබුන බව ඔහුට හොඳට මතකය.
“තව මහත්තයා නිතර යන එන තැන් කොහෙද? ලඟදි ගියේ ආවේ කොහෙද?”
“කොහෙවත් නෑ මහත්තයා… ඉඳලා හිටලා පෙරේරා මහත්තයා හම්බවෙන්න යනවා එච්චරයි ……. ටව්මට ගිහින් ගෙදරට බඩු අරන් එන්නෙත් මම”
“හොඳයි පොඩ්ඩක් දොර අරිමු, මට තව ටිකක් පරික්ෂා කරන්න තියනවා”
ප්‍රධාන දොර සුමනදාස විසින් විවෘත කරන ලද පසු ඉන්ස්පෙක්ටර් වරයා කෙලින්ම ගියේ වීදුරුව බිඳී ගොස් තිබූ නාන කමරයටයි. ටික වෙලාවක් එහි බිම ඇඟිලි තුඩින් අතගාමින් පරික්ෂා කල ඔහු ලූවර් ජනේලය හොඳින් පරික්ෂා කොට සුමනදාස ඇමතීය.
“සුමනදාස, සේප්පුව අරින නොම්බර වෙන දන්නේ කව්ද මහත්තයා ඇරුනම?”
“අපේ පුංචි නෝනා දන්නවා මගේ හිතේ”
“හොඳයි මරණේ ගැන පුංචි නෝනට දන්වන්න ඇති නේ නේද?”
“එහෙමයි, මම සෙබස්තියන් මහත්තයා ට, අපේ මහත්තයාගේ මලය ට ටැලිපෝන් කලා………. ඒ මහත්තුරු කියාවි නෑදෑ මිත්තරයින්ට”
“හොඳයි, හොඳයි දොර වහන්න එහෙනම් අපි යනවා…. ඕනේ උනොත් අයෙත් එනවා…….”
“සාජන් අපි කෙලින්ම යමු ඉස්පිරිතාලෙට……… ඩොක්ටර් විජේදාස ලඟට”
ඔවුන් රෝහලට යනවිටත් මරණ පරීක්ෂණය අවසන් වී නොතිබිණි, දොස්තර වරයාගේ අවසරයෙන් ඔවුන්ට පරීක්ෂණ ස්ථානයට යාමට අවසර ලැබිණි.
“Doctor, can’t you still tell us the cause of death?”
“Yes, I can, it’s because of a heart attack”
“නමුත් දන්නවද කොහොමද එහෙම වෙලා තියෙන්නේ කියලා…………… නයි විෂ ඉන්ස්පෙක්ටර් නයි විෂ….”
“ලේ කැටියක් නිසා හදවත හිරවෙලා තියනවා, එවෙලේම වගේ වකුගඩු දෙකත් නතරවෙලා……… හරියටම මරණේ වෙලා තියෙන්නේ රාත්‍රී 9–10 අතර රෑ කෑම දිරවන්න පටන් අරන්වත් නෑ අසරණ මනුස්සයා”
“හැබැයි ඉන්ස්පෙක්ටර් මම හැම තැනම පරික්ෂා කලා සර්පයෙක් ධෂ්ඨ කරපු තැනක් හොයාගන්න නැහැ….. විෂ රුධිරයට මිශ්‍ර වීමෙන් තමයි මරණය වෙලා තියෙන්නේ….. කැවිලවත් පෙවිලවත් නෙවෙයි”
“ඩොක්ටර් මම පොඩ්ඩක් බොඩි එක බැලුවට කමක් නැද්ද “
“බලන්න බලන්න දැන් අපේ පරීක්ෂණ ඉවරයි….. ඉතුරුවා තියෙන්නේ ඔබතුමන්ලා අතේ” විජේදාස මහතා කීවේ සිනාසෙමිනි.
ලද අවසරයෙන් සිය පැන්සලය සහ නෝට් පොත එලියට ගත් ඉන්ස්පෙක්ටර් වරයා නිරුවත් මළසිරුර පරික්ෂා කරන්නට විය. සාමාන්‍යයෙන් ඔහුගේ මෙවන් පරික්ෂාවකට පැයක් හමාරක් යන බව දන්නා සාජන් හේරත් ලද අවසරයෙන් පිටතට පැමිණ සිගරට්ටුවක් උරන්නට පටන්ගත්තේය.
“මේක මිනී මැරුමක් අය්සේ…. අපි ඉක්මනට සේප්පුව අරින්න ඕනෑ……….. මගේ නිගමනය හරිනම් ඒක ඇතුලේ කිසිදෙයක් තියෙන්න විදිහක් නැහැ”
ඉන්ස්පෙක්ටර් වරයා එලියට ආවේ එසේ කියමිනි.
“අපි මුලින්ම පොලිසියට යන්න ඕනෑ……….. ධර්මපාල මහත්තයාගේ කාමරේ තිබුන පොඩි පොඩි බඩු වගයක් අපි අරන් ආවා නේද හේරත්? අන්න ඒවා මට බලන්න ඕනේ”
ශාක්ෂි කාමරයෙන් ගෙන්වාගත් ධර්මපාල මහතාගේ බඩු පරික්ෂා කල ඉන්ස්පෙක්ටර් වරයා…… “විශිෂ්ටයි…..විශිෂ්ටයි මූ නම් යකෙක්” කියා කෑ ගැසුවේය
සාජන් අරන් එනවා අර බාබර්, ධර්මපාල මහත්තයාගේ කොන්ඩේ කපපු එකා…… ඌ තමයි මිනී මරුවා………………
බාබර් වරයා අත්අඩංගුවට පත් වූ අතර ඔහු ඉන්ස්පෙක්ටර් දිසානායක ඉදිරියට පමුණුවනු ලැබිණි.
“තමුසෙ කොහෙන්ද නයි විස හොයා ගත්තේ” ඉන්ස්පෙක්ටර් වරයාගේ පළමු ප්‍රශ්නයෙන්ම දැන් ගැලවීමක් නැතිබව බාබර්ට දැනුනි.
“තමුසෙට ඇහුනේ නැද්ද? කොහෙන්ද නයි විස හොයා ගත්තේ “
“මම දන්න අහිකුන්ඨික මනුස්සයෙක්ගෙන් මහත්තයෝ”
“සාජන් ඔය මිනිහා දානවා කූඩුවට”
දිනකට පසු ධර්මපාල මහතාගේ එකම දියණිය එංගලන්තයේ සිට පැමිණි අතර ඇය ගේ උදව්වෙන් සියලුදෙනා ඉදිරිපිට සේප්පුව විවෘත කරන ලදී. ඉන්ස්පෙක්ටර් වරයා බලාපොරොත්තු වූ පරිදි එතුල කිසිවක් නොවීය.
ඉන්ස්පෙක්ටර් කොහොමද බාබර් මේක කලා කියලා හොයා ගත්තේ හැමෝටම දැනගන්න කියන්නකෝ………. ඒ ධර්මපාල මහතාගේ සොයුරාගේ හඬ.
“අපි දෙවෙනි පාරට ගියාම මම දැක්කා කාමරයට ඈඳුණු නාන කාමරයේ ලුවරයේ වීදුරුව බිඳීලා තියනවා. ඇතුලෙන් ගිහින් බැලුවම දැක්ක පොඩි පොඩි වීදුරු කුඩු තියනවා හැබැයි ලොකු වීදුරු කටු එකක්වත් නෑ……”
“බිඳුණු තැනින් අත දාලා අගුල පන්නලා ලුවරය අරින්න පුළුවන් කියලත් මම දැක්ක. සාමාන්‍ය ශරීරයක් තියන කෙනෙකුට පහසුවෙන් එතනින් රිංගන්න පුළුවන් බවත් මම දැක්කා…..”
“හැබැයි මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව ස්වභාවික හේතුවක් කියලා කිය උනානම්, ඒක එහෙම වෙනවා තව අඩු විෂ ප්‍රමාණයක් ශරීර ගත උනානම්. එහෙමනම් අපිට මිනී මරුවා හොයන්න ලේසි වෙන්නේ නෑ……..”
“දොස්තර කීවා ශරීරයේ කිසිම ධෂ්ඨ කරපු තැනක් හොයාගන්න නැහැ කියල මම මිනිය පරික්ෂා කරද්දී දැක්කා කන් දෙකට උඩින් පොඩි කැපුම් දෙකක්. ඉතාම සියුම් කැපුම් දෙකක්, දෙපැත්තේම එකම විදිහට. කොන්ඩේ කපද්දී දැලි පිහියට එහෙම කැපෙන්න පුළුවන්.”
“එත් කොහොමද එතනින් විෂ ඇතුල් වෙන්නේ බාබර් ගෑවානම් එතනදීම මැරෙනවා වැඩිම උනොත් විනාඩි 15–20 විතර යාවි. නමුත් එහෙම දෙයක් උනේ නෑ…..”
“බාබර් ආවේ හවස හයට විතර. කොන්ඩේ රැවුල කපලා ඉවර වෙද්දී හත වෙන්න ඇති. නමුත් මරණය සිද්ධ උනේ රාත්‍රී 9–10 අතර. කොහොමද එහෙම වෙන්නේ”
එසේ පවසමින් ඉන්ස්පෙක්ටර් වරයා බෑගයකින් උපැස් යුවලක් ප්‍රවේශමෙන් පිටතට ගත්තේය.
“පෙනෙනවද මේකේ හැන්ඩ්ල් දෙකේ රෙදි පටි දෙකක් ඔතලා තියනවා”
එය දුටු සුමනදාස,
“අපේ මහත්තයාගේ අලුත් කන්නාඩි දෙක…. ඕක දැම්මම කන්දෙක දෙපැත්තෙන් රිදෙනවා කීවම මමයි මාස කීපෙකට කලින් රෙදිපටි දෙකක් ඔතලා දුන්නේ…..”
“හරියට හරි මේ රෙදිපටි දෙකම දැන් නයි විෂෙන් පොඟවලා තියෙන්නේ”
“ඒක මෙහෙමයි උනේ අවුරුදු ගානක් තිස්සේ මාස දෙකකට විතර සැරයක් මේ කාමරේට එන බාබර් දකිනවා මහා සේප්පුවක් ඕක ඇතුලේ මහා ධනයක් ඇති බව මිනිහා හිතනවා”
“තුවක්කු ලයිසන් තියන හොඳින් ආයුධ හසුරුවන්න පුළුවන් ධර්මපාල මහත්තයා සටන් කරලා මෙල්ලකරගන්න එක පහසු වැඩක් නොවන වග මිනිහා දන්නවා”
“හැමදාම යනකොට කන්නාඩිය තියෙන්නේ සේප්පුව උඩ, ලඟදි දවසක යද්දී දකිනවා රෙදිපටි දෙකක් ඔතල තියනවා අලුත් කන්නාඩි දෙකක”
“ඇයි සේප්පුව උඩම කන්නාඩිය තියෙන්නේ? සේප්පුව අරිනකොට නොම්මර කීපයක් කරකන්න ඕනේ…..මෙතැනදී නම් පහක්, හරි සියුම් හරි පරිස්සමින් කරන්න ඕනේ….. ඉතින් ධර්මපාල මහත්තයා වගේ කෙනෙක්ට කන්නාඩිය ඕනේ වෙනවා…… හැබැයි මිනිහ කවදාවත් දැකලා නැහැ ධර්මපාල මහත්තයා වෙන වෙලාවල කන්නාඩි පාවිච්චි කරනවා……පාවිච්චි කරනවා ඇති හැබැයි හරි අඩුවෙන් ඒ නිසයි කන්නාඩිය සේප්පුව උඩම ගොඩක් විට තියෙන්නේ”
“අපේ මහත්තයා කන්නාඩිය පාවිච්චි කරනවා අඩුයි පත්තර බලනකොට පාවිච්චි කරනවා”
“හරියට හරි ඒ ගැනත් බාබර් හිතුවා……. ඒ හින්දයි මිනිහා රෑ වෙලා ආවේ කොන්ඩේ කැපුවට පස්සේ අයෙත් කන්නාඩිය වෙන වැඩකට ඕනෑ නොවෙන විදිහට මිනිහා වේලාව හදා ගත්තා “
“මම මිනිහගෙන් අහලා බැලුවා………… අන්තිම ලියනමහත්තයත් ආවට පස්සේ කොන්ඩේ කපන්න ආවේ එදා රෑ අනිවාර්යයෙන් සේප්පුව අරිවී කියලා හිතුවලු”
“ඔව් මහත්තයෝ මම ම දවස් ගානක් තිස්සේ ඔය මිනිහට එන්න කියලා පණිවිඩ අරන් ගියා එත් ආවේ මිනිහට ඕනේ දවසේ…..”
“මේක හරිගියොත් හරිගියා වැරදුනොත් වැරදුනා කියලා ගහපු ප්ලෑන් එකක්, මිනිහා ඇවිත් කොන්ඩේ කපන ගමන් කැපුම් දෙකක් දැම්මා කන්දෙක දෙපැත්තේ….. දැලිපිහියට කොහොමත් ගොඩක් වෙලාවට කැපෙන හින්ද ධර්මපාල මහත්තයත් ගණන් ගන්න නැතිව ඇති. කන්නාඩි මේසේ තියෙන්නෙත් සේප්පුව ලඟම හින්දා එලියට ගත්ත කන්නාඩි දෙකේ රෙදිපටිදෙක නයි විෂ තියන භාජනයේ පොඟවා ගන්න මිනිහට වැඩි අමාරුවක් වෙන්න නැතිව ඇති”
“රැට කාලා දොරජනෙල් වහලා කන්නාඩි දෙක දාලා සේප්පුව ඇරපු ධර්මපාල මහත්තයා ගණුදෙනු හරිද කියලා බලන්න ඇති තුවාල දෙක සියුම් උනත් ගැඹුරු හින්දා විස ඇතුල් වෙලා ටික වෙලාවකින් මරණය සිද්ද උනා”
“රෑ දෙකට විතර බාබර් ඇවිත් වීදුරුව බිඳලා අගුල පන්නලා ඇතුලට ආවා. කොන්ඩේ කපලා අතපය හෝදන හින්දා නාන කාමරෙන් එන්න පුළුවන් බව මිනිහ කලින් ඉඳලම දැනගෙන හිටිය”
“ඇතුලට එද්දිම හිතපු විදිහටම වැඩේ වෙලා ඇතිබව දැනගෙන, ගන්න පුළුවන් හැමදේම අරගෙන සේප්පුව වහලා මිනිහා යන්න ගියා……..”
“හෙට නඩුව, මිනිහ අයෙත් එලියට එනවා බොරු. මිනිහා ගස් තමයි”
“හොඳයි එතකොට යෝගේන්ද්‍ර මුදලාලි කියන්නේ එක ලඟම වෙඩි සද්ද දෙකක් ඇහුනා….. එතකොට වෙලාව පාන්දර දෙකට විතර ඇති කියලා එහෙම නේද? “
“එහෙමයි ඉන්ස්පෙක්ටර්, ඊයේ මම නිදා ගන්නකොට රාත්‍රී යෙකොළහ විතර තමා උනා……එක පාරම මොක හරි පුපුරණ ශද්දේ තමයි ඇහුනා…… ඩිංග වෙලාවකින් තවත් එකක් ඇහුනා දෙවැනි ශද්දේ එනකොට මම දැනගත්තා වෙඩිල්ල තමයි කියාලා…… ඉතින් මම අපේ නෝනත් ඇහැරවගෙන ජනේලේ ගාවින් බලාගෙන හිටියා”
අගනුවර ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් වූ යෝගේන්ද්‍ර දුරේසාමි, තමා මුහුණදුන් අත්දැකීම ඉන්ස්පෙක්ටර් දිසානායක ඉදිරියේ කැඩුණු සිංහලෙන් මේ කියන්නේ දෙවැනි හෝ තුන්වෙනි වතාවටය.
මහ නරක කාලයක්, තව 1973 අවුරුද්ද ගෙවෙන්නට ඇත්තේ දින කීයද? මේ අවුරුද්දටම අපරාධ කීයක් නම් උනාද? ඒ පොලිස් පරීක්ෂක දිසානායක තමන්ගෙන්ම විමසාගත් ප්‍රශ්න කීපයකි.
කොළඹ කටුගෙය සොරු බිඳ ඇති අතර එහි මුරකරු මරා බොහෝ වටිනා දේ රැගෙන ගොසිනි. නැතිවූ දේ පිලිබඳ නිළ වාර්තාව තවමත් පොලිස් පරීක්ෂකයා අතට නොලැබුන නමුත්, අපරාධ ස්ථානය පරීක්ෂා කල ඔහුට සොරකම බරපතල එකක් බැව් බැලූ බැල්මට පෙනිණි.
මෙම අපරාධයේ පැටලිලි සහිත තැන් කිහිපයක්ම ඇති බව ඉන්ස්පෙක්ටර් දිසානායකට පෙනේ. ප්‍රධාන ශාක්ෂිකරු වන යෝගේන්ද්‍ර මුදලාලිගේ ශාක්ෂියට අනුව, හරියටම අලුයම දෙකේ කණිසමට මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුවී ඇත. කටුගෙය ඉදිරිපිට දෙමහල් නිවෙසක වෙසෙන යෝගේන්ද්‍ර මුදලාලිගේ නිදන කාමරයට කටුගෙයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුවත් එහි සිට ගොඩනැගිල්ල දක්වා දිවෙන වැලි ඇතිරූ පටු මාර්ගයත් හොඳින් දර්ශනය වෙයි. වෙඩි හඬින් අවදි වූ ඔහුට දක්නට ලැබුනේ බරැති යමක් ඔසවාගත් අයෙක් ගේට්ටුවෙන් පිටව යන ආකාරයත් ඉන් මිනිතුවකට පමණ පසු කටුගෙය ඉදිරියෙන් නැවැත්වූ කළුපැහැති මොරිස් මයිනර් රථයෙන් බැසගත් දෙදෙනෙක් ඉක්මන් ගමනින් කටුගේ දෙසට ගොස් ආපසු දිවැවිත් රථයේ නැගී පලා ගිය අයුරුත් ය. ඒ අනුව ඔහු ලබා දුන් විස්තර අනුව අදාල මෝටර් රථය හා පුද්ගලයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.
“සර්……., ඕකුන් දෙන්නා කොච්චර නෑ කිව්වත් උන් තමයි මුර කාරයා මරලා හොරකම කරලා තියෙන්නේ….. “ ඒ සාජන් හේරත් ගේ හඬයි.
බැලු බැල්මට නම් සාජන් හේරත් හරිය. පොලිස් භාරයට ගත් කාරයේ අසුනක් යට තිබී හමුවූ විදේශයක නිපදවූ කුඩා පිස්තෝලය වෙඩි තැබීමට යොදාගත් එකමය. රස පරීක්ෂක වාර්තාව හා ඇඟිලි සලකුණු වාර්තාව තවමත් නොලැබුන අතර අද දවල් හෝ හෙට උදේ වනවිට සම්පුර්ණ වාර්තාව ඔහු අතට පත් වනු ඇත. වසරේ අවසන් කාලය හා නත්තල් නිවාඩුව නිසා බොහෝ කාර්යාල වල සේවය සිදුවන්නේ තරමක් මන්දගාමීවය. සමහර කරුණු අනුව මෙය ප්‍රධාන සැකකරුවන් කෙරෙහි එක එල්ලේ සම්බන්ධ කල හැකි උවත් යම් යම් පරස්පරතා නිසා දිසානායකගේ සිත එය පිළිගන්නේ නැත.
“හේරත්, පොඩ්ඩක් හිතලා බලනවා……….මුන් දෙන්නා කියන විදිහට හොරකමට මුරකාරයත් හවුල්, ප්ලෑන් කලේ තුන් දෙනාම එකතුවෙලා………ප්ලෑන් එක උනේ බොරුවට මුරකාරයව ගැටගහලා දාලා හොරකම කරන්න. උන් කියන විදිහට පිස්තෝලෙත් මුරකාරයට දීලා තියෙන්නේ කලින් දා රෑ……….කතා කරගත්ත වෙලාවට මුන් දෙන්නා ආවම දකිනවා මුරකාරයා මැරිලා කියලා…… අමතක කරන්න එපා යෝගේන්ද්‍ර මුදලාලිගේ ශාක්ෂිය. වෙඩි සද්දේ අහුනට පස්සේ ගොඩක් දේවල් වෙනවා…… කව්ද මේ හතර වෙනියා……අර මල්ලක් උස්සගෙන එලියට ගිය?”
“ඒ වගේම දැක්කනේ මුරකාරයාගේ ඇඟිල්ල කපලා තිබ්බ හැටි? තමුසේ හිතනවද මෙතරම් ලොකු වස්තුවක් හොරකම් කරලා….. තව මැරිච්ච මිනිහෙක්ගේ ඇඟිල්ලකුත් කපලා මුද්දක් ගන්න හිතන හොරු ඉන්නවා කියලා……. මුළු හතර වටේ පීරුවත් අපිට ඒ ඇඟිල්ල හොයා ගන්න බැරි උනා නේ”
“මෙතන තව මොනවා හරි දෙයක් තියනවා අයිසේ අපිට හොයාගන්න බැරි උන. මට පෙනෙන විදිහට තව කීප දෙනෙක් සම්බන්ධයි මේ වැඩේට.”
ඉන්ස්පෙක්ටර් වරයා හිතන ආකාරය හරි අමුතුය. බොහෝ පරීක්ෂනවල කෙතරම් උත්සාහ කලත් තමාට නොපෙනෙන පැත්තක් ඔහු දකින බව සාජන් හේරත්ට සිතිනි. යම් හෙයකින් තම තම උසස් නිලධාරියා පොලිස් පරීක්ෂකයෙක් නොවී අපරාධකාරයෙක් හෝ හොරෙක් වූවානම් ඔහු අල්ලනු බොරු බව සිහිවීමෙන් ඔහුට සිනහා පහල විය.
“මොකෝ අයිසේ හිනාවෙන්නේ?”
“නෑ සර් මම නිකමට හිතුවා සර් වගේ හිතන කෙනෙක් හොරෙක් උනානම් අල්ලලා හමාරයි නේද කියලා……..”
“ඇයි තමුසේ අහලා නැද්ද හොරෙක් අල්ලන්න නම් හොරෙක් වගේ හිතන්න ඕනේ….. මිනී මරුවෙක් අල්ලන්න නම් මිනී මරුවෙක් වගේ හිතන්න ඕනේ කියලා කියමනක් තියනවා……”
“ඇත්තටම, සර් ගෙන් බේරිලා ගිය කව්රුත්ම නැද්ද?”
“ඉන්නවා….. හැබැයි දැනට එක්කෙනයි අය්සේ මගෙන් බේරුනේ….. මම දවසක තමුසෙට ඒ කතාව කියන්නම්කෝ………”
හදවත පසා කරගෙන යන ලෙස එල්ල වූ වෙඩි පහර දෙකක් මළ සිරුරෙහි දක්නට ලැබුන බව පොලිස් පරීක්ෂක වරයාට මතකය. නමුත් ඔහු පුදුමයට පත් කරමින් ඉවතට ගලා ගොස් තිබුනේ රුධිරය ස්වල්ප ප්‍රමාණයකි. එසේ වීමට හැකියාව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එක්කෝ තුවාලය දරුණු නොවිය යුතුය නැත්නම් තුවාලය සිදුවීමට බොහෝ වෙලාවකට පෙර මරණය සිදුවී තිබිය යුතුය. වෙඩිපහර දෙකක් වැදීමෙන් සිදුවූ දරුණු තුවාලය දුටු ඔහුට පළමු හේතුව පහසුවෙන්ම බැහැර කල හැකිය.
මුරකරුගේ දකුණු අතේ මුදුව පළඳින ඇඟිල්ල මුවහත් යමකින් මුලින්ම කපාගෙන තිබිණි. අවට පීරා සෙව්වත් මුදුවේ හෝ ඇඟිල්ලේ කිසිදු හෝඩුවාවක් තවමත් නැත.
මුදුව ගැනීමට ඇඟිල්ල කැපුවාද? වෙනත් හේතුවකට එය කලාද? දිසානායකගේ හිතට වද දෙන ප්‍රශ්නයකි. කලින් හොඳින් සුදානම් වූ සොරකමකට ආ අයෙක් එය සාර්ථකව කරගෙන මුරකරුගේ ඇඟිල්ල කපා මුද්දත් රැගෙන යාමට සිතුවා යැයි ඉන්ස්පෙක්ටර් වරයා නොසිතයි.
“හේරත්, අපි යන්න ඕනේ කටුගේ පැත්තේ…….. තව විස්තර ටිකක් හොයාගන්න ඕනේ මට”
අපරාධය එදින උදෑසන සිදුවූ නිසා කිසිදු පුවත්පතක තවම එම පුවත පලවී නැත. නමුත් ආරංචිය ලැබුණු වාර්තාකරුවන් කිහිප දෙනෙක් කටුගෙය තුල ඇවිදිමින් ජායාරූප ගන්නා බව එහිගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට දක්නට ලැබිණි.
අඩි හතරකට වඩා උස් නොවූ එහෙත් පුළුල් තාප්පයකින් වටවූ කටුගෙය අක්කර දෙක තුනක භුමි භාගයක් වටා පැතිර ඇත. වසර සියයකට පමණ පෙර මෙය නිර්මාණය කරන විට මෙවන් කරදර කම්කටොලු, අනවසර කඩාවැදීම් මෙම අභිමානවත් ගොඩනැගිල්ලට සිදුවනු ඇතැයි එහි නිර්මාණකරුවන් සිතන්නට නැතුවා වැනිය. කාලය වෙනස් වී ඇත, ලෝකය වෙනස් වී ඇත. මිල මුදලින් වටිනා දේ ට අමතරව අපගේ උරුමයන්ද රැකීමට ඇති සැලකිල්ල වැඩිකළ යුතුව ඇති බව පරීක්ෂක වරයාට සිතිණි.
ප්‍රධාන ගොඩනැගිල්ල ආසන්නයේ ඇති මල් පඳුරක් අසල නවතා තිබූ අත් කරත්තයක් ඉන්ස්පෙක්ටර් වරයාගේ අවධානයට ලක් විය.
“හේරත් බලනවා අරක, ඒක කොහෙන්ද මේක ඇතුලට ආවේ……පාරේ එළවලු විකුනන්න ගන්න කරත්තයක් නේද?”
“ඔව් සර්, ඒ වගේ…. අපි අහලා බලමු”
මේ අතර ඔවුන් පැමිණි බව දැනගත් කටුගෙයි ප්‍රධානියා පැමිණි අතර ඔහුගේ අත තිබූ කඩදාසිය දැකීමෙන් එය නැති වූ භාණ්ඩ පිලිබඳ විස්තරය වියහැකි බව ඉන්ස්පෙක්ටර් වරයාට සිතිනි.
“ඉන්ස්පෙක්ටර්, නැති වෙලා තියෙන්නේ බඩු කිහිපයක් උනාට ඔක්කොම බොහොම වටිනා දේවල්. රන් කඩු දෙකක්, මැණික් ඔබ්බපු ඔටුන්නක්, රත්තරන් කාසි එකසිය දොළහක් තව බොහොම වටිනා මැණික් ගල් දහහතරක් නැතිවෙලා තියනවා. ඔක්කොම විස්තර මේ කොලේ තියනවා”
“ස්තුතියි මහත්මයා….. මට තව ටිකක් මේ මුර කාරයා ගැන විස්තර කියන්න පුලුවන්ද?” ඉන්ස්පෙක්ටර් වරයා එසේ ඇසුවේ තමන් වෙත දිගුකල කඩදාසිය දිගහැර එය කියවමිණි.
“සේරම් කියන්නේ කියන්න තරම් වරදක් නැති මනුස්සයෙක්, මගේ යාලුවෙක්ගෙ රෙකමදාරුවකට තමයි මම මිනිහව ගත්තේ. කටුගෙට ටික ටික වටිනා දේවල් එකතු වෙද්දී මට හිතුනා රෑටවත් මුරකාරයෙක් හිටියොත් හොඳයි කියලා ඉතින් අපි ආණ්ඩුවෙන් අවසර අරන් කෙනෙක්ව ගත්තා…… මිනිහට පඩි ගෙව්වෙත් කටුගෙයි ආදායම් වලින්. දැන් අවුරුදු අටක් තිස්සේ මිනිහා මෙතැන ඉන්නවා. කසාදයක් කරගෙන තිබුනත් ටික කාලෙකින් මිනිහගේ පවුල මැරිලා තියනවා….., හලාවත පැත්තේ අම්මයි තව සහෝදරයෙකුයි ඉන්නවා කියලා මට කියලා තිබුණා.”
“හොඳයි එතකොට මිනිහා වැඩ පටන් ගන්නේ කීයටද?”
“රෑ නවයට වැඩ පටන් අරන් උදේ හයට ඉවර වෙනවා. ඒ උනත් මිනිහා ගෙදර යන්නේ දවල් වෙලා. උදේ වරුවම මේක ඇතුලේ හරි එළියේ හරි මොන මොනවහරි තියන වැඩපල කරනවා. ඔය වටේම තියන මල් ගස් වලට වැඩිපුරම සාත්තු සප්පායම් කරන්නේ මිනිහා තමයි. ඇතුලේ වැඩ වලටත් මිනිහා උදව් වෙනවා……….”
“ඔබතුමා දැක්කද අර මල් පඳුර ළඟ තියන අත් කරත්තේ…… ඒක කාගේද?”
ඉන්ස්පෙක්ටර් වරයා විසින් එසේ අසන ලදුව කටුගෙයි ප්‍රධානියා විසින් එහිගොස් අත් කරත්තය පරික්ෂා කරන ලදී. එහෙත් ඒ පිලිබඳ ඔහු කිසිත් නොදන්නා බැව් දක්නට ලැබිණි.
“එතකොට සේරම් ගේ ඇඟිල්ල කපලා තියන එක ගැන මොනවහරි ඔබතුමාට කියන්න පුලුවන්ද?”
“අහ් ඔව්. ඔව්. මිනිහගේ අතේ මුද්දක් තිබ්බා…. මට මතකයි අපේ ඔෆිස් එකේ කට්ටිය මිනිහට විහිලු කරනවා….. පවුලත් නැති එකේ ඔය මුද්ද ගලවලා දානවකෝ සේරම් කියලා……”
“මිනිහා ඒ වෙලාවට කිව්වේ…..මගේ ගෑනි මතක් වෙන්න මෙච්චරයි තියෙන්නේ……මේකනම් මම කවදාවත් ගලවන්නේ නෑ කියලා. මුද්ද ගලවන්න තියා වෙන ඇඟිල්ලකට මාරු කරන්නත් මිනිහා කවදාවත් කැමති උනේ නැහැ. අපේ ඔෆිස් එකේ කට්ටිය ගෙන් අහලා බලන්නකෝ තව විස්තර කියාවි.
“මේ කාලකන්නි, මුද්දක් ගන්න ඇඟිල්ලත් කපලා නේද ඉන්ස්පෙක්ටර්?”
“ඔව් ඒ වගේ….. අපි එහෙනම් යනවා ආයෙත් ඕනේ උනොත් කතා කරන්නම්” කියූ ඉන්ස්පෙක්ටර් වරයා ආපසු එන්නට හැරිණි.
පොලිස් පරීක්ෂකවරයාගේ ඉල්ලීම අනුව ජීප් රථය ජාවත්තේ පිහිටි මුරකරුගේ නවාතැන වෙත ගමන් කරනු ලැබිණි.
“සර් මේ වත්තේ තමයි මිනිහා ඉඳලා තියෙන්නේ….”
කොලුගැටයෙකුගේ මඟ පෙන්වීම අනුව ඔවුන් නතරවුයේ ස්ථුල තලතුනා ස්ත්‍රියකගේ නිවසක් ඉදිරිපිටය.
“අර සේරම් කියන මුරකාරයා හිටියේ මෙහේද? අන්තිමට මෙහෙට ආවේ ගියේ කව්ද?”
“ඔව් මහත්තයෝ ඔය එළියේ තියන කාමරේ තමයි හිටියේ…..දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ…… ඊයේ රෑ වැඩටයන්න ලේස්ති වෙලා මට කතා කරලා කිව්වා, කාමරේට වෙන කෙනෙක් හොයාගන්ට, අයෙත් එයැයි එන්නේ නැහැ කියලා……. ගණුදෙනු ඔක්කොම බේරලා පාරට ගිහින් කරත්තයක් හොයාගෙන ඇවිත් බඩුත් දාගෙන යන්න ගියා……….”
“ඊයේ හවස් වෙලා එයැයි ගේ නෑ වෙන කෙනෙක් ආවා කියලා අපේ පොඩි එකා කිව්වා…..ඌ කාමරේ දොර ඇරලා දුන්නා කිව්වා මුර උන්නැහැ එනකල්. වත්තේ හැමෝම එක්ක හොඳට හිටියා….. ගෙදරට නම් විසේස කව්රුත් ආවේ ගියේ නැහැ.”
ඉන්ස්පෙක්ටර් වරයාගේ ඉල්ලීම අනුව කාමරය විවුර්ථ කරන ලද අතර අඩි දහය, හය ප්‍රමාණයේ කුඩා ලෑලි කාමරයක් වූ එහි කොනක ඇකිලූ බූරු ඇඳක් දක්නට ලැබිණි. සරසවිය සිනමා පුවත් පතේ හා දකුණු ඉන්දීය දෙමළ පුවත්පත් කිහිපයක පලවූ නළුනිළියන් රාශියකගේ පින්තුර වලින් ලෑලි බිත්ති සරසා තිබිණි. පොලිස් පරීක්ෂකයා විසින් කාමරය පරික්ෂා කරන ලද අතර වැදගත් යමක් එහි නැතිබව ඔහුට හැඟිනි. තමන් නැවත දැනුම් දෙනතුරු කාමරය විවුර්ථ නොකරන ලෙස අණ කල ඔහු ආපසු එන්නට පිටත් විය.
පසු දින දහවල වනවිට මරණ පරීක්ෂණ, රස පරීක්ෂණ හා ඇඟිලි සලකුණු වාර්තා තුනම පොලිස් පරීක්ෂක වරයා අතට පත්විය.
“හෙලොව්……. ඩොක්ටර් විජේදාස, ඉන්ස්පෙක්ටර් දිසානායක හියර්…………”
“අහ්, ඉන්ස්පෙක්ටර්….. මම හිතුවා ඔබතුමා රිපෝර්ට් එක දැක්කම අනිවාර්යයෙන් මට කතා කරාවි කියලා……..”
“ඔව් ඩොක්ටර්, එතකොට ඩොක්ටර් කියන්නේ මේ මිනිහා මැරිලා තියෙන්නේ වෙඩි පාරෙන් නෙවෙයි කියලද?”
“කොහෙත්ම නැහැ, ඉන්ස්පෙක්ටර් කිව්වා නේද වෙඩි තියලා තියෙන්නේ ඊයේ පාන්දර කියලා………. හැබැයි මිනිහා මැරිලා නම් තියෙන්නේ ඊට පැය හතර පහකට කලින්.”
“හෝ හෝ……… ඒකයි එතන එච්චර ලේ තිබුනේ නැත්තේ….. මම හිතුවා හරි. එතකොට මරණෙට හේතුව?”
“ඒක සියයට සීයක් හරියටම කියන්න බැහැ. නමුත් මම සැක කරන්නේ හාර්ට් ඇටෑක් එකක් කියලා………… වෙඩි පාරවල් නිසා හාර්ට් එක විනාසවෙලා…….හොයන්න අමාරුයි”
රස පරීක්ෂක හා ඇඟිලි සලකුණු වාර්තාත් පිරික්සූ ඉන්ස්පෙක්ටර් වරයාගේ මුහුණෙහි සිනා රැල්ලක් ඇඳිනි.
“හේරත්, දැක්කද ඇඟිලි සලකුණු වාර්තාව? ඒකේ විදිහට මැරිච්ච මිනිහගේ ඇඟිලි සලකුණු එක්ක කටුගෙයි ඇතුලේ තියෙන එක ඇඟිලි සලකුණක්වත් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම පිස්තෝලෙත් මිනිහගේ සලකුණු නැහැ”
“මතකද කටුගේ ලොක්කා කිව්වා මේ මිනිහා කටුගේ ඇතුලේ වැඩපල කරනවා කියලා? ඉතින් ඇයි එක සලකුණක්වත් නැත්තේ? තව මතකද අර අල්ලපු මදාවියෝ දෙන්නා කිව්වා පිස්තෝලේ මේ මිනිහට දුන්නේ කලින් දවසක කියලත්, ඉතින් කෝ ඒකෙත් සලකුණු?”
“සර්, ඇඟිලි සලකුණු මැකුවා වෙන්න බැරිද?”
“නැහැ අයිසේ, මම දැන් දන්නවා වෙලා තියන දේ හැම දේම ලස්සනට පිළිවෙලට ගැලපෙනවා……….. මූ නම් නියම බඩුවක්. මේ මැරිලා ඉන්නේ සේරම් නෙවෙයි!!!!!!!.”
“මොනවා සර්…………. සේරම් නෙවෙයි?”
“ඔව්, මිනිහා වගේ උනාට වෙන කෙනෙක්. වහාම හොයලා බලනවා සේරම්ගෙ සහෝදරයා ගැන. මට හිතෙන්නේ මේ මැරිලා ඉන්නේ සේරම්ගේ සහෝදරයා………”
“මේක වරදින්න විදිහක් නැහැ සිද්ධිය මෙහෙමයි වෙලා තියෙන්නේ……”
“අර මිනිස්සු දෙන්නත් එක්ක එකතුවෙලා සේරම් ප්ලෑන් කරනවා කටුගේ හොරකම කරන්න. හදිස්සියක් උනොත් කියලා කලින් දවසේ පිස්තෝලෙකුත් ඉල්ලගන්නවා…..හරියටම එදා හවස සේරම්ගේ සහෝදරයා එහෙම නැත්නම් මේ මැරුණ මිනිහ එනවා සේරම් හම්බවෙන්න. අර ගෙදර අයිති ගෑනි කිව්වේ කෙනෙක් ආවා කියලා…….”
“සේරම් එක්ක ඉද්දි මේ ආව මිනිහා මැරෙනවා මොකක් හරි හේතුවකට…. මට හිතෙන්නේ මෙතන මිනී මැරුමක් සිද්දවෙලා නැහැ. අපි තව හොයලා බලමු. හදිසියේ ආව මිනිහා මරුන නිසා ඔක්කොම වැඩ අවුල් වෙනබව සේරම්ට තේරෙනවා………හැබැයි මැරුණ මිනිහා තමන්ට සමාන නිසා…. සේරම් ගහනවා අලුත් ප්ලෑන් එකක්.”
“මිනිහා කරත්තේ දාගෙන මිනිය අරන් යනවා කටුගෙට, ගිහින් තමන්ගේ ඇඳුම් අන්දලා අගුල් කඩලා හොරකම කරනවා…………. හරියටම පාන්දර දෙකට විතර පපුවට වෙඩි දෙකක් තියනවා….. දෙකට අනිත් දෙන්නා එන බව දන්නවා. උන් දෙන්නා මේකට අහුකරන්න හිතලා තමයි එහෙම කරන්නේ. මතකද වෙඩි සද්දෙට පස්සේ මල්ලක් උස්සගෙන මිනිහෙක් එලියට ගියා කියලා යෝගේන්ද්‍ර මුදලාලි කිව්වා…… හැබැයි එලියට ගිහින් හැංගිලා ඉඳල අරුන් දෙන්නා ආවට පස්සේ කාර් එකේ පිස්තෝලෙ හංගලා පැනලා යනවා.”
“එතකොට සර් ඇඟිල්ලට මොකද උනේ?”
“අන්න හරි සේරම්ගේ අතේ මුද්දක් තිබ්බා කිව්වා නේද? මිනිහගේ පිටට පෙනෙන ලකුණු ඔක්කොම සමානයි මැරිච්ච මිනිහත් එක්ක, ඔය මුද්ද තියන ඇඟිල්ල හැර. අනිවාර්යයෙන්ම ඔය මුද්ද දැන් ගලවන්න බැරි විදිහට හිරවෙලා ඇති. ගලවන්න පුළුවන් උනානම් මිනිහ මුද්ද මැරිච්ච මිනිහගේ ඇඟිල්ලට දාලා යනවා………. ගලවන්න බැරිනිසා මලමිනියේ ඇඟිල්ල කපලා දානවා එතකොට දකින කෙනෙක්ට හිතෙන්නේ මේ සේරම්ම තමයි, මුද්ද ගන්න ඇඟිල්ල කපලා කියලා. අපිත් මුලින්ම හිතුවේ එහෙමනේ “
“මැරිලා ඉන්නේ වෙන කෙනෙක් හින්දයි ඒ මිනිහගේ ඇඟිලි සලකුණු කටුගෙයි නැත්තේ….. ඒ වගේම පිස්තෝලෙත් නැත්තේ. හැබැයි සේරම් අල්ලා ගත්තොත් අපිට බලාගන්න පුළුවන් මිනිහගේ ඇඟිලි සලකුණු කටුගෙයි තියන ඒවාටයි පිස්තෝලේ තියන ඒවාටයි ගැලපෙන හැටි.”
දින කිහිපයකට පසු සේරම් හෙවත් කටුගෙයි හිටපු මුරකරු හලාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වූ අතර. ඔහු කල පාපොච්චාරණය අනුව පොලිස් පරීක්ෂකවරයාගේ අනුමාන කිරීම් සියයට සියයක් නිවැරදි බැව් පෙනිණි. තමන් බැලීමට පැමිණි තම නිවුන් සොහොයුරා තම කාමරය තුලදී කිසියම් හේතුවකට මියගොස් සිටි අතර එය හෘධ්‍යාබාධයක් යයි සිතූ නිසා එය හඳුනාගත නොහැකි වන ලෙස හදවතට වෙඩි දෙකක් තැබූ බව ඔහු පාපොච්චාරණය කලේය.
“ස්ටීවන් කෝපි කෝප්පයක් වත් බොමුද?” දින ගණනාවක් තිස්සේ පිළියෙළ කරන ආරක්ෂක වාර්තාවක් නිසා හෙම්බත් වූ ඇලන් තම සගයාගෙන් ඇසීය.
“ඕකේ…. ෆ්ලැට් වයිට් ෆෝ මී ප්ලීස්……..”
“අද හවස් වෙනකොට මේ රිපෝර්ට් එක කොහොම හරි ඕනේ කියලා මේජර් කිව්වා, තව ගොඩක් තියනවා කොහොම ඉවර කරන්නද මන්දා……” මෙසේ කියමින් ඇලන් නැගී සිටියේ තමාටත් තම මිතුරාටත් කෝපි කෝප්ප දෙකක් රැගෙන ඒමටය.
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වන පෙන්ටගනයේ රැකියාවට අනුයුක්තව ඇලන් මේ ගත කරන්නේ සිය දෙවන සතියයි. “මේක මහ බෝරිං වැඩක්” පෙන්ටගනයේ සේවයට ආ දවසේ සිට ඔහුට සිතෙන්නේ එහෙමය. වසරකට පමණ පෙර ඇෆ්ඝන් මෙහෙයුමක් අතරදී තම කලවයට වැදුණු උණ්ඩයක් නිසා ක්‍රියාන්විත රාජකාරි වලින් ඉවත් වීමට ඔහුට සිදුවිය. ප්‍රතිකාර වලින් සුවය ලැබූ ඔහු දැන් පෙන්ටගනයේ ආරක්ෂක කටයුතු බාර මේජර් වරයෙක් යටතේ සේවය කරයි.
කෝපි යන්ත්‍රයේ අදාල බොත්තම් කිහිපය තද කිරීමෙන් තම මිතුරාට අවශ්‍ය කෝපි වර්ගය මුලින් ලබාගත් ඇලන් දුටුවේ කුඩා LCD තිරය මත නිවෙමින් දැල්වෙමින් දිස්වන “Error-Please Fill” සංඤාවයි.
“ශීට්!” ඇලන් එසේ කීවේ තමන්ට මඳක් එහා සිටි තවත් නිලධාරියෙකුට ද ඇසෙන පරිදි තරමක් ශබ්දයෙනි.
“අහ්, මිල්ක් හරි කොෆී හරි ඉවරවෙලා වගේ….ඔය උඩ කබඩ් එකේ තියනවා කොෆී” නුපුරුදු මුහුණ දැකීමෙන් ඔහු නවකයෙක් බව දැනගත් එම නිලධාරියා උදව්වට පැමිණෙමින් කියා සිටියේය.
“පෙන්ටගන් වගේ තැනකට මේ වගේ පොඩි කෝපි මැෂින් හරියන්නේ නෑ……දැන් බලන්න. මේක දවසට දෙපාරක් වත් රීෆිල් කරන්න ඕනේ….. මේක කොච්චර ඇඩ්වාන්ස් එකක් උනත් දාන්න පුළුවන් කෝපි පැකට් හතරයි, කිරි ලීටර් හතරයි.පැකට් නොකඩා දාන්න පුළුවන් මේවගේ ඒවා තියෙන්නේ බොහොම සීමිත තැන් කීපෙක විතරයි, සෙකියුරිටි රීසන්ස් වෙන්න ඇති. පැකට් එක ඇතුලට ගියාම මැෂින් එකෙන්ම ඒක ඇරිලා තමයි කෝපි එලියට එන්නේ….. අනේ මන්දා පිස්සු වැඩ” ඔහු එසේ කීවේ කෝපි යන්ත්‍රය විවුර්ථ කරමිනි.
“අනික ඔයා දන්නවද? මේ මැෂින් එකේ තියනවා පොඩි ප්‍රශ්නයක්, අන්තිම කෝපි පැකට් එක විතරක් තියෙද්දී මේක වැඩ කරන්නේ නැහැ. අලුත් පැකට් එකක් දැම්ම ගමන් වැඩ කරනවා…… කොම්පැනි එකෙන් ඇහුවම කියන්නේ ප්‍රොඩක්ෂන් ඉෂූ එකක් ලු. නෙක්ස්ට් ඉයර් ඔක්කොම මැෂින් රීප්ලේස් කරනවලු….. මුළු පෙන්ටගනය පුරාම මේවා හාර පන්සීයක්වත් ඇති, දන්න තරමට ඔක්කොම ඔයවගේ….” ඔහු කියාගෙන ගියේ සිනාසෙමිනි.
ඔහු විසින් නැවත ඇතුල්කරන ලද කෝපි පැකට් කිහිපයෙන් පසු යන්ත්‍රය නැවත යථා තත්වයට පත්විය. ඔහුට ඉස්තුති කල ඇලන් තම කාමරය වෙත පිය නැගීය. ඔහු කාමරයට යනවිට ස්ටීවන් සිටියේ තරමක කලබලයෙනි.
“ඒයි, උඹ දැක්කද මේක. මේ දැන් ආවේ……. හයි රිස්ක් ඇලර්ට් එකක්. ටෙරරිස්ට් ඇටෑක් රිස්ක් එකක් තියනවලු පෙන්ටගන් එකට. හැබැයි කවදද කොහොමද කියලා තවම දන්නේ නැහැලු” ස්ටීවන් එසේ පැවසූවේ තම පරිඝනක තිරය ඇලන් දෙසට හරවමිනි.
2001 වසරේ සැප්තැම්බර් පළවෙනිදා පෙන්ටගනයට එල්ලවූ ප්‍රහාරයෙන් පසු එවැනි ප්‍රහාරයක් පිලිබඳ කතාවක් වත් ඇහෙන පළමු වතාව මෙයයි. ප්‍රහාරයෙන් පසුව බුද්ධි අංශ සීරුවෙන් තබන ලද අතර ආරක්ෂක පියවරද දෙතුන් ගුණයකින් වැඩි කෙරිණි. එවන් පසුබිමක මෙවැනි අනතුරු ඇඟවීමක් නොසලකා හැරිය නොහැක. බුද්ධි අංශ අනුව ප්‍රහාරයක තොරතුරු හෙළි උවත් එය කවදා කෙසේ සිදුවේද යන්න තවම හෙළිවී නැත. හවස් වන තුරු අනතුරු ඇඟවීමෙහි තත්වය පහල නොදැමුණු අතර පෙන්ටගනය ඇතුළුව සියලු ආරක්ෂක හා ආර්ථික මර්මස්ථාන වල ආරක්ෂක විධි විධාන තියුණු කෙරිණි.
“මොන මඟුලක් උනත් මම අද මේක කීයට හරි ඉවරකරලා තමයි ගෙදර යන්නේ……” තම මිතුරා සිය වැඩ මුරය අහවර කොට නිවස බල යාමට සැරසෙනු දුටු ඇලන් කීවේය.
“ඕකේ දෙන්, සී යූ ටුමොරෝ…….”
“සී යූ ස්ටීවන්, සී යූ ටුමොරෝ……. “
පෙන්ටගනයෙහි බොහෝ අංශ දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක වෙයි. ඇමරිකා එක්සත් ජනපධ භුමිය තුලින් පමණක් නොව ලොව නන් දෙසින් ගලා එන බුද්ධි තොරතුරු විශ්ලේෂණය කිරීමත් අවශ්‍ය කඩිනම් පියවර ගැනීමත් මෙහිදී සිදුවේ. ආපන ශාලාවෙන් ගත් සැන්විචයකින් සප්පායම් වූ ඇලන්ට රාත්‍රී දහය පසුවන විට තද තෙහෙට්ටුවකුත් නිදිමත ගතියකුත් දැනිණි. තව පැයක් තුල තම වාර්තාව නිමකළ හැකි බැව් ඔහුට පෙනිණි.
“කෝපි එකක් බීලම මේක ඉවරකරනවා” යයි සිතමින් යන්ත්‍රය දෙසට ගිය ඔහුට දක්නට ලැබුනේ එය නැවතත් අක්‍රිය වී ඇති බවකි. කවරෙක් හෝ තැබූ උසැති කඩදාසි කෝප්පය තවමත් එහි ඇති අයුරු ඔහුට පෙනිණි. යන්ත්‍රය විවෘත කල ඔහුට දක්නට ලැබුනේ කෝපි නොමැති වීමෙන් යන්ත්‍රය අක්‍රීය වී ඇති බවකි. ඉහලින් ඇති ලී කැබිනෙට්ටුව විවෘත කල ඔහු කෝපි කුඩු පැකට් තුනක් පිටතට ගත්තේ උදය වරුවේ ඔහුට ලැබුන උපදෙස් සිහිපත් කරමිනි.
“මේකේ පැකට් හතරක් දාන්න පුළුවන් උනාට අන්තිම එක විතරක් තියෙද්දී වැඩ කරන්නේ නැහැ” ඔහුට එම වදන් යලි සිහිපත් විය.
බලමු මේක වැඩකරන්නේ කොහොමද කියලා යනුවෙන් තමන්ටම කියාගත් ඔහු අදාල ස්ථාන වල කෝපි පැකට් තුන අසුරා පැති දොරටුව නොවසාම යන්ත්‍රය ක්‍රියා කරවීය. ඔහු පුදුමයට පත් කරමින් ඉදිරියෙන්ම තිබුණු පැකට්ටුව විවෘත නොවී එය පැකට් පෙලේ අන්තයට ගමන් කරන බව දක්නට ලැබිණි. ඔහුට මෙය මහත් කුහුලකි, නැවතත් අනිත් පැකට්ටු ඉවත් කර අදාල පැකට්ටුව මුලින් සිටිනසේ තබා යන්ත්‍රය ක්‍රියා කලද පෙරසේම එය පෙලේ අන්තයට යනබව ඔහුට දක්නට ලැබිණි. ලාංජන, අකුරු සලකුණු හා වර්ණ අනුව පිටතින් කිසිදු වෙනසක් නොපෙනුණු එම පැකැට්ටුව බරින් අනික් පැකට්ටු වලට වඩා වැඩි බව හා එහි වූ කෝපි තදවී ගල් වී ඇති බව වඩා හොඳින් පරීක්ෂාකළ ඔහුට දක්නට ලැබිණි.
“හො හෝ….. මේකයි මේ එක පැකට් එකේ ලෙඩේ…..” යයි තමන්ටම කියාගත් ඇලන් ගල් වුනු කෝපි පැකට්ටුව අසලවූ කුණු කූඩයට දමා කෝපි කොප්පයකුත් රැගෙන තම කාමරයට ඇතුළුවිය. දියුණු තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති කෝපි යන්ත්‍රයට, ගල්වූ හා සුළු වශයෙන් බරින් වැඩි පැකට්ටුව අදාල ස්ථානයට පැමිණි විට එය දෝෂයක් ලෙස හඳුනා ගැනීමට හැකිවූ බව දැන් ඔහුට විශ්වාසය. කෝපි කෝප්පය තොලගාමින් තම වාර්තාව නිමකරණවිට මධ්‍යම රාත්‍රිය පසුවී තිබිණි. එය තම උසස් නිලධාරියාට විද්‍යුත් තැපෑලෙන් යැවූ ඔහු ඊළඟ දිනයේ උදය වරුවේ තමන් නිවාඩුවක් ගන්නා බවට පසු සටහනක් තැබීමටද අමතක නොකළේය.
පසුදින හරියටම එකොළහේ කණිසමට පෙන්ටගනය පුරා එකවර පිපිරීම් වැලක් සිදුවූ අතර පොළොවෙන් ඉහල මහල් පහ සහ පොළොවෙන් පහල මහල් දෙකම එයට ගොදුරුවිය. තැන් සිය ගණනක එකවර සිදුවූ මෙම පිපිරීම් හා ඉන්පසුව ඇතිවූ ගින්න නිසා සිදුවූ හානිය අති විශාලය.
පෙන්ටගනය පුරා විවිධ තැන් වල විසිදහසක් පමණ වන එහි සේවකයන්ට භාවිතයට ස්ථානගත කර තිබූ කෝපි යන්ත්‍ර පන්සීයයකට අධික ගණනක් මෙසේ පුපුරා ගොස් තිබිණි. ඒවා සියල්ලම තුල කිලෝග්‍රෑමයක් පමණ වන බෝම්බය කෝපි පැකට්ටුවක් තුල අටවා තිබුණු බව කියැවුනු අතර, දුරස්ථ පාලකයක් මගින් ඒවා සියල්ල එකවර පුපුරවා හැර තිබිණි. යන්ත්‍ර සවිකළ පළමු දිනයේ සිටම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අදාල කෝපි පැකැට්ටු පෙන්ටගනය පුරා ඇති සියලු කෝපි යන්ත්‍ර තුල ස්ථානගතව තිබූ බැව් පසුව පැහැදිලි විය.
ඇලන්ගේ කාමරය අසල වූ පුපුරා නොගිය එකම කෝපි යන්ත්‍රයෙන් හා ඔහුගේ ශාක්ෂි වලින් ප්‍රහාරකයන් හඳුනා ගත්තද ඔවුන් අත් අඩංගුවට ගත නොහැකි වුයේ ඒ වනවිටත් ඔවුන් එක්සත් ජනපධ භූමියෙන් පළාගොස් සිටි බැවිනි.
වෙඩි හඬ — 4 (අවසාන කොටස)
කුලී රථයේ ගමන් විස්තර නැවත නැවත කීපවරක් පරීක්ෂාකළ දිවාකරට කිසියම් සැකමුසු ගමන් වාර දෙකක් දක්නට ලැබිණි. මඳ වෙලාවක් කල්පනාවේ යෙදුනු ඔහූ ආරක්ෂක ලේකම් වරයා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන කිසියම් කතාබහක යෙදුනේය.
එදින දහවල වනවිට ආරක්ෂක ලේකම් වරයාගේ අත්සන සහිත ලිපියක් සහ සෝදිසි වරෙන්තුවක් අතගත් පොලිස් පරීක්ෂක ජයසූරිය සහ දිවාකරයන් ගම්පහ නගරයේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක කළමනාකරු ඉදිරියේ පෙනී සිටිනු දක්නට ලැබිණි. කෙටි, රහස් කතාබහකින් පසුව කවරයක දැමූ කිසිවක් අතැතිව ඔවුන් නැවතත් අගනුවර බලා පිටව යනු දක්නට ලැබිණි.
“ජයසුරිය දන්නවද මේ ටික ගන්න තමයි මුන් මේ හැම දෙයක් ම කලේ. හැබැයි අපි තවම දන්නේ නෑ ඒ කව්ද කියලා හරියටම”
“සර්, අපි බැංකුවේ ටීම් එකක් තිබ්බොත් නරකද? මුන් ඕක ගන්න අවොත් අල්ලගන්න පුළුවන් “
“වැඩක් නැහැ. දැනටම මේක අපි අතට අරන් ඉවරයි කියලා උන් දන්නවා”
“ඇත්තටම කොහොමද සර් මේක මෙතන තියනවා කියලා දැන ගත්තේ………”
“ඒක උනේ මෙහෙමයි, මම අර ටැක්සි එකේ ගමන් විස්තර බැලුවා…. දිගටම බලද්දී දැක්කා මිනීමැරුම සිද්ධ උන දවසේ හවස් වරුවේ දෙපාරක් බැංකුවට ගිහින් තියනවා වාහනේ. පලවෙනි සැරේ පැය බාගයක් විතරත් දෙවැනි සැරේ පැයක් විතරත් එතන නවත්තගෙන ඉඳලා තියනවා…. කව්රුහරි හයර් එකක් අරන් ගිය කෙනෙක් එක්ක ගියා වෙන්නත් පුළුවන්. එත් මට සැක හිතුනේ පැයක් ටැක්සියක් එළියේ නවත්වාගෙන ඉන්න හේතුවක් තියනවද හයර් එකක් ගිය කෙනෙක්ට. ඒක යවලා වෙන එකක යන්නේ නැතිව.
ඉතින් මම බැංකුවට ගිහින් මැනේජර් හම්බවෙලා CCTV රෙකොර්ඩ්ස් බැලුවා. ටැක්සි ඩ්‍රයිවර් ඇතුලේ කෙනෙක් එක්ක විස්තර කතාකරනවා ඒකේ පැහැදිලිව තිබ්බ. ඒ ඔෆිසර් ගෙන්නලා වීඩියෝ එක පෙන්නලා ඇහුවම කිව්වා මේ මිනිහා බෑන්ක් ලොකර් එකක් ගන්න විදිහ, එකේ ආරක්ෂාව, ගාන වගේ දේවල් ඇහුවලු. මූට මොනවටද මෙහේ බෑන්ක් ලොකර් කියලා කල්පනා කරද්දී තමයි මට මතක් උනේ අර අපි මතුකරගත්ත නොම්මරේ…………..8 0 4 3 5.
මම නොම්මරේ මැනේජර් ට දීලා ඒක මෙහෙ එකක් ද කියලා බැලුවා. ඒක මේ බැංකුවේ ලොකර් එකක්……….”
“ඒකෙ අයිතිකාරයා ඇන්ඩ්රූ ෆිලිප්ස්.”
“ඩ්‍රයිවර් විස්තර හොයලා තියෙන්නේ ලොකර් එක අරින විදිහක් දැනගන්න. ඊට පස්සේ තමයි මම ඉක්මනටම ලේකම්තුමාට කතාකරලා ලියුමකුත් අරන් වොරන්ට් එකකුත් අරන් ලොකර් එක ඇරියේ….”
“එතකොට සර් මිනිහා ලොකර් එකෙන් බඩු ටික පන්නන්න කලින් මරන්න ඇත්තේ ඇයි?”
“ඩ්‍රයිවර් මැරුවේ අපි මිනිහා ගැන සැක කරනවා කියලා දැනගත්ත ගමන්. මමත් ජයසූරියත්, ලේකම් තුමත් විතරක් දැනගන හිටපු ඒ විස්තර පිටට ගියේ කොහොමද කියන එක මට තවම ප්‍රශ්නයක්? මම මිනිහගේ අත් අකුරු එක්ක ලොකර් නොම්මරේ සම්බන්දේ දැක්කේ ඊයේ හවස. එවෙලේම මම ඒක ලේකම් තුමාට කිව්වා. ජයසූරියට කිව්වේ අද උදේ…….. හැබැයි ඊයේ රෑ වෙද්දී මිනිහව මරලා දානවා……… ලේකම් තුමාගෙන් විස්තර පිට වෙනවා වත් ද? අපි අහලම බලමු මොකක්ද මේ වෙන්නේ කියලා….”
ඉක්මන් ගමනකින් පසු පරීක්ෂකයින් දෙදෙනා ආරක්ෂක ලේකම් වරයාගේ කාර්යාලයට ලඟා වුහ. ලේකම් වරයා හමුවී බැංකු ලොකරයෙහි තිබු ලිපිගොනු සහිත කවරය ඔහු අත තබා ලේකම් වරයා ඇමතු දිවාකර,
“සර් ඩොකියුමන්ට් ටික ගන්න අපිට පුළුවන් උනා. හැබැයි මේක පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා තවම හොයාගන්න බැරි උනා….ඕක බලලා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්න. රාජ්‍ය රහසක් කීව නිසා අපි ඇරලා බැලුවේ නැහැ.” දිවාකර කීවේ සිනහසෙමිනි.
“ප්‍රශ්නය උනේ… හැම වෙලාවේම උන් අපිට වඩා එක අඩියක් ඉස්සරහින් හිටිය එකයි. ඒ අපේ ඊළඟ පියවර උන්ට කලින්ම දැනගන්න ලැබෙන හින්දා…..ඒ නිසාමයි ඩ්‍රයිවර් මරලා දැම්මෙත්”
“මොනවා….. දිවාකර කියන්නේ අපේ ඉන්ෆොර්මේෂන් උන්ට යනවා කියලද? “ ලේකම් වරයා ඇසුවේ පුදුමයෙනි.
“ඔව්. කොහේ හරි ලීක් එකක් තියනවා…… සර්ට මම කියපු විස්තර තව කාට හරි කිව්වද? විස්වාසවන්තම කෙනෙකුට හරි” එය ඇසූ ලේකම් වරයා කල්පනා කරනු දක්නට ලැබිණි. මඳ වෙලාවක් කල්පනා කල ඔහු,
“ඔව්, එක්කෙනෙකුට, මේජර් මනුවර්ණට. හැබැයි මට මිනිහා විශ්වාසයි.”
“ආ… මේජර් මනුවර්ණ, මිස්ටර් ඇන්ඩ්රූ එක්ක මේ පරික්ෂනේ කරපු අනික් මොළකාරයා…….මම හිතුවා…..”
කිසිවෙකුටත් හෙළි නොකළ පරීක්ෂණයේ අනෙක් සාමාජිකයා මේජර් මනුවර්ණ බැව් දිවාකර පවසනු ඇසූ ලේකම්වරයා පුදුමයට පත්වෙනු දක්නට ලැබිණි.
“සර් මට විස්තර කියන්න බෑ කිව්ව නිසා මටම සිද්ද උනා තනියම විස්තර හොයා ගන්න. මේ පරීක්ෂනේ ගැනත්, ඒක මෙහෙයවපු කට්ටිය ගැනත් දැනගන්නේ නැතිව මට මේක පිටිපස්සේ ඉන්න උන් හොයන්න බැහැ… ඉතින් මම විස්තර හෙව්වා…. හැබැයි ඒවා හොයාගන්න වැඩි අමාරුවක් නම් උනේ නැහැ.
මිස්ටර් ඇන්ඩ්රූ ආවේ ගියේ කොහෙද, ක්ලබ් එකට ගිහින් හම්බවෙන්නේ කව්ද, වැඩිපුර ඉන්නේ කාත් එක්කද, ඔය වගේ දේවල් හොයාගන්න වැඩි මහන්සියක් වෙන්න උනේ නැහැ. ක්ලබ් එකේ වැඩ කරන මනුස්සයෙකුට පොඩි ගානක් දීලා අන්ඩ්රුගේ හැඩහුරුකම් කියන්න විතරයි ඕනේ උනේ”
“දැන් ඒක පැත්තක තියමු එහෙනම් එතැනින් තමයි තොරතුරු පිට වෙන්නේ. ඔබ තුමාටවත්, ජයසුරියටවත් නොකියපු තව දෙයක් දැන් මම කියන්නම්. මම චෙක් කලා ටැක්සි ඩ්‍රයිවර් ගේ ටෙලිෆෝන් කෝල්ස්…… ඒකේ තිබුණා මේජර් මනුවර්ණගේ ඔෆිස් ෆෝන් එකෙන් ආව කෝල්ස් කීපයක්. “
එය අසා ලේකම් වරයා සිය හිසේ අත ගසා ගත්තේය. එම ඉරියව්වෙන්ම සිටිමින් සන්සුන් වූ ඔහු,
“මම හිතුවේ නැහැ මේ මිනිහා මෙහෙම පාවාදීමක් කරාවි කියලා…. මිනිහගේ පරණ රෙකොර්ඩ්ස් බලලා මම මයි මේ වැඩේට යෝජනා කලෙත්. මට දුන්න අප්ඩේට් අනුව මිනිහා ඇන්ඩ්රූ එක්ක නියමෙට මේක කරගෙන ගියා කියලා තේරුණා…. බොහොම ටිකයි තිබුනේ ඉවරයක් කරන්න….. දැන් මොනවා කරන්නද? ජයසුරිය, මිනිහව ඇරස්ට් කරන්න”
නැගිට යාමට සැරසුණු පොලිස් පරීක්ෂකයා නැවැත්වූ දිවාකර,
“පොඩ්ඩක් ඉන්න, මට පොඩි ගැටළුවක් තියනවා…. තමන් දැනටමත් දන්නා තොරතුරු මේ විදිහට ගන්න උත්සාහ කරන්න මේජර්ට ඕනෑකමක් තියනවද?”
“දිවාකර හරි, හැබැයි අන්තිම රිපෝර්ට් එක හැදුවේ ඇන්ඩ්රූ…..එතකොට මේ රිපෝර්ට් එක, මේකේ තියන ඩේටා… ඕනෙම ගානක් දීලා ගන්න කැමතිවෙන රටවල් කීපයක්ම තියනවා කියලා මතක තියාගන්න. දැන් මේකේ තියන දේවල් ඔයගොල්ලන්ගෙන් තව දුරටත් හංගන්න මට ඕනේ කමක් නැහැ. හැබැයි මතක තියාගන්න මේකේ තියන දේවල් මෙතනින් පිට යන්න බැහැ” කියමින් ආරක්ෂක ලේකම් වරයා ආරක්ෂිතව මුද්‍රා තබා තිබූ ලිපිගොනුව විවෘත කොට එහි තුල වූ දේ පිටතට ගත්තේය. සියලු දෙනා පුදුමයට පත්කරමින් එහි තිබුනේ සීරුවට ඉරන ලද මාසික සඟරාවක කොළ ගොන්නකි.
“මොනවා………. මුන් මේ සැරෙත් අපිට ඉස්සරවෙලා………” කියමින් දිවාකර සිය සගයා දෙස බැලීය. කිසිත් කියාගත නොහැකිව ගොලුවූ දිසානායක සිය දෑත් හිසේ ගසා ගත්තේය.
“අපි කොහොම හරි මේ ඩොකියුමන්ට් හොයා ගන්න ඕනෑ දිවාකර, මොනවා කරලා හරි මේවා පිට යන එක නවත්වා ගන්න ඕනේ… දැනටමත් අපි පරක්කු වැඩිද මන්දා…….”
ලේකම් වරයාගේ කාර්යාල මේසය අසලින් ඉවත්වූ දිවාකර පසෙක වූ අසුනක සුවපහසුව අසුන්ගෙන කල්පනා කරන්නට පටන් ගත්තේය. තමන්ට පෙර යමෙක් බැංකු ලොකරය විවෘත කොට අදාල ලිපිගොනුව ඉවත්කරගෙන ඇත. බැංකු ලොකරයක් ලබගත්පසු පාරිභෝගිකයාට ලබාදෙන යතුර ඇන්ඩ්රූ මහතාගේ නිවසේ ඇත්දැයි කලින්ම සොයා බැලීමට තමන්ට අමතක වීම ගැන ඔහු මහත් කනගාටුවටත් ලැජ්ජාවටත් පත්විය.
“මුන් හැම වෙලාවේම ප්ලෑන් B එකක් එක්ක තමයි වැඩ කරලා තියෙන්නේ….මුලින්ම ඩ්‍රයිවර් යවලා බැලුවා ලොකර් එක ඇරගන්න විදිහක් තියනවද කියලා…. මිනිහා ගැන අපිට සැක හිතුන බව දැනගත්ත ගමන් මිනිහව මරලා දැම්මා………. මට හිතෙන්නේ සල්ලි දීලා බැංකුවේ කෙනෙක්ටම කියලා ලොකර් එක ඇරවා ගන්න ඇති. අපි ඒ ගැනත් හොයමු.”
“ඇන්ඩ්රූම මෙහෙම කලා වෙන්නත් පුළුවන්, ඕක ගන්න කෙනෙක් අවොත් නොමඟ යවන්න. ඇත්ත ඩොකියුමන්ට් වෙන තැනක තියනවා වෙන්නත් බැරි නැහැ”
“හැබැයි, මේජර් මනුවර්නට ඒක ගන්නම ඕනෙනම් මේ ටැක්සි ඩ්‍රයිවර්ලා දාගෙන මේ තරම් අමාරු විදිහට මේක කරන්න ඕනේ කියලා සර් හිතනවද? මට හිතෙන්නේ මේකට වෙන කව්රුහරි සම්බන්ධයි”
එය ඇසූ ලේකම් වරයා මඳක් කල්පනා කොට,
“ඔව් ඒ කතාවත් ඇත්ත. මම මනුවර්ණව එදා ඉඳලම දන්නවා… මට තවම හිතාගන්න බැහැ මිනිහා මේක කලා කියන එක. හොඳයි දිවාකර කියන්නේ කව්රු මේක කලා කියලද? දැන් ඩොකියුමන්ට් කොහේ ඇති කියලද හිතන්නේ”
“ඒක තවම කියන්න බැහැ. මේ රිපෝර්ට් එක එලියට ආවම ඒකෙන් හානි වෙන්නේ කාටද? මේක කරන අයගෙන් පලිගන්න ඕනේ කාටද? ඒ වගේම මේජර් මනුවර්ණ එතැනින් අයින් කලාම වාසි වෙන්නේ කාටද? ඔය වගේ ගොඩක් දේවල් හොයන්න වෙනවා…..ඒ වගේම අපි හිතුවොත් මේක කලේ මනුවර්ණ නෙවෙයි කියලා……. එහෙනම් කොහෙන්ද තොරතුරු පිටවෙන්නේ…. වෙන කාටද මේවට ඇක්සස් තියෙන්නේ…..”
“තව දෙයක්, මිස්ටර් ඇන්ඩ්රූ ළඟ තියන අවි ආයුධ ගැන විස්තර වෙන කාට හරි දැනගන්න පුලුවන්ද? මම එහෙම අහන්නේ……එයාව මරන්න ගිය කෙනා කලින්ම දැනගෙන ඉඳලා තියනවා ඒ පිස්තෝලේ ගැන. ඒකයි සියදිවි නසාගත්තා කියලා පෙන්නන්න ලේසි උනේ…”
“ඔව් හොඳ වෙලාවට දිවාකර එතනට ගියේ…නැත්නම් මේ කේස් එක එතැනින්ම ඉවරයි. උන් ෆයිල් එක ගන්නකල් අපි දන්නෙත් නැහැ.” ලේකම් වරයා කියා සිටියේ නොරිස්සුමෙනි.
“අර විස්තර සිස්ටම් එකේ තියනවා… හැබැයි ඇක්සස් තියෙන්නේ මටයි මනුවර්ණටයි විතරයි…… කෝ බලමු” කියමින් ලේකම් වරයා සිය පරිඝනකය වෙත අසුන කිට්ටුකර ගත්තේය.
“තව කෙනෙක් ඉන්නවා, මනුවර්ණගේ ස්ටාෆ් එකේ කෙනෙක්, කැප්ටන් ජයන්ත. ආ….. දැන් මතක් උනා…… මනුවර්ණගෙ රික්වෙස්ට් එකකට මම අත්සන් කලා මෙයාට ඇක්සස් අරන් දෙන්න.”
ලේකම් වරයාගේ උදව්වෙන් කැප්ටන් වරයාගේ තොරතුරු කිහිපයක් ලබාගෙන සටහන් කරගත් දිවාකර, මේසය මත තිබු සඟරා කොළ සියල්ල සීරුවෙන් නැවතත් කවරයට දමාගෙන කාර්යාලයෙන් පිටතට පැමිණියේය.
ඉන් මඳ වෙලාවකට පසු අත්අඩංගුවට පත්වූ මේජර් වරයාට එරෙහිව ප්‍රබල ශාක්ෂි ගොඩ නැගෙමින් තිබිණි. මියගිය ඇන්ඩ්රූ මහතා භාවිතා කල වර්ගයේම පිස්තෝලයක් ඔහුගේ කාර්යාල සේප්පුව තුල තිබී හමුවූයේ එයට ගැලපෙන පිස්තෝල සයිලන්සරයක්ද සමගිණි. දිවාකරගේ ඉල්ලීමෙන් පසු ලේකම් වරයාගේ අණින් වේගවත් වූ පරීක්ෂණ වලින් තහවුරු වූයේ ඝාතන දෙකටම යොදාගෙන තිබුනේ එම පිස්තෝලය බවය.
පරීක්ෂණයට යොමු වූ මුල් අවධියේ ඇන්ඩ්රූ මහතා විසින් එම පිස්තෝලය හා සයිලන්සරය තමන්ට ලබා දුන් බව පිළිගත් ඔහු එය ආරක්ෂිතව තබා, ඒ වනවිටත් රජයෙන් තමන්ට ලබාදී තිබුණු අවියම තම ආරක්ෂාවට ළඟ තබාගත් බව කියා සිටියේය. යමෙක් සැලසුම් සහගතව තමන් හසුකර ඇති බව ඔහු පුන පුනා කියා සිටියේය. කෙසේ වෙතත් දුරකථන තොරතුරු හා ගිනි අවියේ වූ ඇඟිලි සලකුණු අනුව ඔහුට ගැලවීමක් නැති බව පෙනිණි. පසුව මේජර් වරයා විශේෂ ස්ථානයක රඳවා ප්‍රශ්න කිරීමට රැගෙන යන ලදී. එයට පෙර ඔහු හමුවූ දිවාකරයන් ඔහුගෙන් යම් යම් දේ විමසමින් සටහන් කරගනු දක්නට ලැබිණි.
රාජකාරි නිමා කොට නිවසට යාමට සැරසුණු ලේකම් වරයාට සිය ජංගම දුරකථනය නාද වෙනු දැනිණි. ඇමතුම දිවාකරගෙනි.
“සර් ගෙන් පොඩි උදව්වක් ඕනේ…. මම චෙක් කරලා බැලුවා…. තවමත් කැප්ටන් ජයන්ත ඔෆිස් එකේ ඉන්නවා….. මිනිහව සර්ගේ කාමරේට ගෙන්නාගෙන ටිකක් කතා කර කර ඉන්න. සැක හිතෙන දේවල් මොකුත් කතා කරන්න එපා…. එක පැයක් මිනිහව තියාගන්න…..මම එනකල්”
දිවාකරගේ ඉල්ලීම අනුව නිලධාරියෙක් යවා කැප්ටන් වරයා කාමරයට කැඳවා ගැනීමට ලේකම් වරයාට හැකිවිය. ඒ වන විටත් අවශ්‍ය තැන ස්ථානගතවී සිටි පරීක්ෂකයන් දෙදෙනාට සිය කාර්යය කර ගැනීමට ගත වුයේ මිනිත්තු පහලවකටත් අඩු කාලයකි. එම කාලය තුල කැප්ටන් වරයාගේ ජංගම දුරකථනය දෙවරක් නාද වූ අතර. සිය නිවසින් ලැබුණු එම ඇමතුම් දෙකම පිළිතුරු නොදී විසන්ධි කලේ ඔහු ආරක්ෂක ලේකම් වරයා සමග සිටි හෙයිනි.
“ෆෝන් එක කට් කරන්නේ එයා සමහර විට මීටින් එකක ඉන්නවා වෙන්න ඇති. මොනවගේ ෆයිල් එකක් කියලද කිව්වේ……” තේ බන්දේසියක් රැගෙන ආ කැප්ටන් ජයන්තගේ බිරිඳ දිවාකරගෙන් විමසා සිටියාය.
“ආ… කහපාට සීල් කරපු එකක්. හරියටම මෙන්න මේ වගේ….” කියමින් ඔහු තමන් රැගෙන ආ කවරය දක්වා සිටියේය.
මඳ වෙලාවකින් ඔහු අතවූ කවරයට සමාන කවරයක් රැගෙන ආ ඇය එය ඔහුගේ අත තැබුවාය.
“අපි එන්න කලින් ගෙදරට කතා කරනවා කිව්වා…. සමහර විට ලේකම් තුමා එක්ක මීටින් එකක වෙන්න ඇති…….මේ ෆයිල් එකත් ඉක්මනට ගෙනියන්න ඕනේ “ කියමින් තේ කෝප්පයේ අඩක් අවසන් කල දිවාකර ඇයට ස්තුති කරමින් නිවසෙන් පිටතට පැමිණියේ ඒ අසලම තනිවම සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවාගේ හිස අතගාමිනි.
පරීක්ෂක ජයසුරිය ඉක්මනින්ම වෙනත් කාර්යයකට යොමුකළ දිවාකර, ලේකම් වරයා හමුවීමට ඔහුගේ කාර්යාලය බලා පිටත් විය. එහි යන විටත් ලේකම් වරයා කැප්ටන් ජයන්ත සමග සිටිනු දක්නට ලැබිණි. කාමරයේ දොරට තට්ටු කොට ඔහු එහි ඇතුළු වනු දුටු කැප්ටන් වරයාගේ මුහුණ වෙනස්වනු දක්නට ලැබිණි. එය සඟවා දිවාකර වෙත සිනහවකින් සංග්‍රහ කල ඔහු පිටව යාමට නැඟී සිටියේය. එය දුටු දිවාකර,
“ආ කැප්ටන්, තව මිනිත්තු දහයක් ඉන්න පුලුවන්ද? තව යාලුවෙක් එනවා……. එයා ආවම පොඩි විස්තර ටිකක් තියනවා දැනගන්න” කියමින් ඔහු රඳවා ගත්තේය. මිනිත්තු විස්සකට පමණ පසු කාමරයේ දොරට තට්ටු කොට එහි ඇතුළු වූ යේ පරීක්ෂක ජයසුරිය ය. සිය මහපට ඇඟිල්ල උඩු අතට හරවා සිය කාර්යය සාර්ථක බව දිවාකරයන්ට සංඥා කොට පෙන්වූ දිසානායක, එක්වරම ඉදිරියට විත් කැප්ටන් වරයා අත්අඩංගුවට ගෙන මාංචු දමා ඔහුගේ ආයුධ සිය බාරයට ගත්තේය. කිසිවක් පැහැදිලි නැති හෙයින් පුදුමයට පත්ව සිටින ලේකම් වරයා දුටු දිවාකර, තමන් රැගෙන ආ බෑගයක් තුලින් කහපැහැති කවරයක් පිටතට ගෙන එය ඔහු අත තැබීය.
“සර් ඔන්න පැකේජ් එක, කැප්ටන් ජයන්තගේ නෝනා තමයි අපිට දුන්නේ……..”
ඉක්මනින් එය විවෘත කල ලේකම් වරයා එය තුල ඇති දෑ දැක සැනසුම් සුසුම් හෙලනු දක්නට ලැබිණි. ඉන්පසු කැප්ටන් වරයා දෙස හැරුණු දිවාකර, පරීක්ෂක ජයසුරිය අමතා…..
“ජයසුරිය, මෙයාගේ ඩ්‍රයිවරුයි අර බැංකුවේ මනුස්සයයි දෙන්නත් ඇරස්ට් කරන්න. මිනී මැරුම් දෙකකටත් රාජ්‍ය රහස් හොරකම් කළාටත් තමයි කැප්ටන් ඔය මාංචු වැටිලා තියෙන්නේ…….. ඔයා හිතන්න නැතිව ඇති අහු වේවි කියලා නේද?
කැප්ටන් වරයා ආරක්‍ෂිතව විශේෂ ස්ථානයකට ගෙනයාමට අණ කල ලේකම් වරයා දිවාකරට සිය ස්තුතිය පුදකළේය.
“කොහොමද දිවාකර මේක හොයාගත්තේ………තමුසේ යකෙක්නේ……. “
“සර් කැප්ටන් ජයන්ත ගැන කිව්වට පස්සේ මම මිනිහා ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. මිනිහගේ ලකුණු බොහොම හොඳට ගැලපුනා අර මිනීමැරුම් දෙකම ළඟ තිබ්බ සලකුණු එක්ක. මම කිව්වනේ මිස්ටර් ඇන්ඩ්රූට වෙඩි තියලා තියෙන්නේ උස මනුස්සයෙක් කියලා පෙනෙනවා කියලා… ඒක එකක්. අනිත් එක මත්පැන් නොබොන එක. තව වැදගත්ම එකක් තමයි බැංකුවේ ලොකර් බාරව ඉන්න ඔෆිසර් කෙලින්ම අඳුනා ගත්තා මේ මිනිහව. මුලදී මෙහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා තමයි කිව්වේ… පස්සේ මම කිව්වා මෙයාට උදව් කරපු මිනිස්සු ශාක්ෂි නැති කරන්න එක එකා මරලා දානවා…. අපිට උදව් කලොත් බේරෙන්න පුළුවන් කියලා…”
“අර ලියුම් කවරේ තිබ්බ කඩදාසි ටිකෙන් තමයි මිනිහා හොඳටම වරද්දා ගත්තේ, නිකන් පත්තර වගේ නෙවෙයි….. ඒ ඔප කඩදාසියේ ඇඟිලි සලකුණු බොහොම හොඳට වදිනවා….නිකන් ෆොටෝ එකක් ඇල්ලුවා වගේ…..මිනිහගේ විතරක් නෙවෙයි මිනිහගේ නෝනගේ… දරුවාගේ ඇඟිලි සලකුණුත් ඒකෙ තිබ්බා…….”
“මිනිහව කතාවට අල්ල ගන්න කියලා සර් ට කිව්වේ එක හේතුවක් ඇතුව. මම සර්ට කතා කලේ කැප්ටන් ජයන්තගේ ගෙදර ලඟට ගිහිල්ලා…… ඊට කලින් මම මිනිහ ඉන්නේ කොහෙද කියල හොයලා බැලුවා…..සර් මිනිහව කාමරේට ගත්ත ගමන් අපි ගියා මිනිහගේ ගෙදරට. මගේ ID දැක්ක ගමන් එයාගෙ නෝනා අපිව ඇතුලට ගත්තා…..”
“ඇත්තටම අපි ගියේ ගෙදර තියන දෙයක් අරන් එන්න ඇඟිලි සලකුණු චෙක් කරගන්න. මොකද සඟරා කොළ වල තිබ්බා ජයන්තට අමතරව තව ඇඟිලි සලකුණු දෙකක්. ගෙදර අයගෙද කියලා බලාගන්නයි ඕනේ කලේ…”
“මිනිහා බැංකුවට ගිහින් තියෙන්නෙම බොරු පැකේජ් එක හදාගෙන. ලොකර් අරින එක වෙන කෙනෙකුට කරන්න බැරි හින්දත්, බැංකුවේ මනුස්සයා බේරෙන්න ඕනේත් හින්දා…. පැකේජ් එක මාරු කරන්න තමයි ප්ලෑන් එක වෙලා තියෙන්නේ….. කාටවත් හොයන්න බැහැ…. රෙකොර්ඩ්ස් අනුව ලොකර් එක අන්තිමට ඇරලා තියෙන්නේ මිස්ටර් ඇන්ඩ්රූ. එයා දාපු පැකේජ් එක තමයි මේ තියෙන්නේ කියලා ඕන කෙනෙක් හිතන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මුලින්ම මමත් හිතුවේ… මිස්ටර් ඇන්ඩ්රූ ආරක්ෂාවට බොරු පැකේජ් එකක් මේකට දාලා ඇත්ත එක වෙන තැනක තියලා ඇති කියලා…..”
“ඉතින් නිකමට මම හිතුවා හරි පැකේජ් එක මිනිහා ගෙදර තියලා ඇති කියලා………ඉතින් මම මිනිහගේ නෝනට අපේ වැරදි පැකේජ් එක පෙන්නලා කිව්වා ‘මෙන්න මේ වගේ එකක්, කැප්ටන් ජයන්ත ඒක අරන් යන්න තමයි මාව එව්වේ කියලා….බොහොම වටිනා එකක් කියලත් මම කිව්වා. එයා ඒ වෙලාවේම මිනිහට කෝල් එකක් ගත්තා…… මම දැනගෙන හිටියා මිනිහා සර් එක්ක ඉන්න හින්දා ඒකට ආන්සර් කරන්නේ නැහැ කියලා…… එයා කොහෙන්දෝ ඒක හොයාගෙන ඇවිත් මට දීලා ආයෙත් කෝල් කලා….. හොඳ වෙලාවට ඒකට කතා කලෙත් නැහැ. ඔය වෙනකොට ජයසුරිය ගෙදර තියන ෆින්ගර් ප්‍රින්ට් චෙක් කරගන්න පුළුවන් පොඩි පොඩි දේවල් ටිකක් අරගෙන ඉවරයි… ඉතින් මිනිහව මම ඒ වැඩේට පිටත්කරලා ඉක්මනට මෙහෙට ආවා……”
මේජර් මනුවර්ණගේ දුරකථනය භාවිතා කරමින් කුලී රථ රියැදුරාට උපදෙස් දුන් බවත්, මනුවර්ණගේ සේප්පුව තුල වූ ගිනි අවිය තමන් විසින් ඝාතනයන්ට යොදා ගත් බවත් කැප්ටන් වරයා අවසානයේ පාපොච්චාරණය කරන ලදී. ඔහුගේ බැංකු ගිණුමකට විදේශයකින් බැරව තිබූ අති විශාල මුදලක් පසුව කරන ලද පරීක්ෂණ වලින් සොයාගත් අතර ඔහුට සහය වූ ඔහුගේ රියැදුරා සහ බැංකු නිලධාරියා පොලිස් අත්අඩංගුවට පත්විය.
~නිමි~
වෙඩි හඬ — 3 වෙනි කොටස
කාන්තාව පලා ගිය බව දැනගත් විට තමන්ට ඇතිවූ පුදුමය දුටු රියදුරාගේ දෑස් දීප්තිමත්ව මුහුණෙහි සියුම් සිනහවක් ඇතිවී නැතිවී යනු දිවාකර නිරීක්ෂණය කළේය. තමන් එය දුටු බව නොහැඟවූ ඔහු,
“හොඳයි දැනට මේ ඇති, අපිට පස්සේ ඕනේ උනොත් කතා කරන්න මට නොම්මරේ ලියලා දෙන්න” කියමින් සිය නෝට් පොත සහ පෑන රියදුරා හට ලබා දුන්නේය.
කොළඹ බලා ඒමට නැවත රථයට නැගුනු දිවාකරයන් කිසිදු කතා බහක් නැතිව කල්පනාවෙන් ගමනේ යෙදෙනු දක්නට ලැබිණි. මඳ වෙලාවකින් නිහඬ බව බිඳී ඔහු පොලිස් නිලධාරියා ඇමතීය.
“ජයසුරිය, අපි මේ නෝනා ගැන තව විස්තර හොයා ගන්න ඕනේ…… කොහෙ ඉඳලද ආවේ, ගියේ කොහාටද කියලා….මට පෙනෙන විදිහටනම් හදිස්සියේම ඇවිත් තියෙන්නේ ඊයේ හවස් වරුවේ. මොකද අඩුම ගානේ ගෑනියක් දවසක් දෙකක් හිටියනම් ඒ ගෙදර වෙනස්කම් ගොඩක් වෙන්න තිබ්බා………අර කිළිටු රෙදි කන්ද අඩුම තරමේ වොෂින් මැෂින් එකටත්, ඉඳුල් පිඟන් කෝප්ප ගොඩ ඩිෂ් වොෂර් එකටත් යනවා එහෙම උනානම්. ඒවා එකක් වත් කරන්න වෙලාවක් තිබ්බේ නැත්තේ එයා ආවෙත් ගොඩක් රෑ වෙලා හින්දා වෙන්න පුළුවන්”
“සර්, සමහර විට නෝනා එනවා කියලා අන්තිම මොහොත වෙනකල් මිස්ටර් ඇන්ඩ්රු දැනගන ඉන්න නැතිවුනා වෙන්නත් පුළුවන්. දැනගත්තනම් මිනිහා පොඩ්ඩක් අස් පස් නොකරාවි කියලා හිතන්න අමාරුයි නේද?”
“ඔව් එහෙම වෙන්නත් පුළුවන්, නැත්නම් මිනිහා හොඳටම වැඩ වැඩි වෙලා හිටියා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැනේ මොනවගේ වැඩක යෙදිලා හිටියද කියලා. මට හිතෙන්නේ කාගේ හරි හෝ කීප දෙනෙක්ගේ ඔත්තු බලලා තොරතුරු එකතු කලා කියලා……….මිනිහා ක්‍රිකට් ගහන්න ගිය හේතුවත් ඕකයි. අනිවාර්යයෙන් මෙයා තොරතුරු හොයපු කෙනෙක් ඔය ක්ලබ් එකේ ක්‍රිකට් ගහනවා. මිනිහට ලං වෙන්න ඕනේ නිසා තමයි මිස්ටර් ඇන්ඩ්රුත් ක්ලබ් එකට බැඳුනේ……. “
“ඔත්තු දෙන කෙනෙක් හම්බවෙන්න ක්ලබ් එකට ගියා වෙන්න බැරිද සර්?”
“හරියට හරි, ජයසුරිය හිතපු විදිහ හරියටම හරි. මම මේ ඒ ගැන කියන්න හැදුවා විතරයි. සමහර විට මෙයා ඔත්තු බැලුවේ දරුණු, එහෙම නැත්නම් සංවිධානාත්මක පුද්ගලයෙක් හරි කණ්ඩායමක් ගැන වෙන්න පුළුවන්. මෙයාට ඔත්තු දුන්න කෙනා හම්බවෙන විදිහක් වෙන්නත් පුළුවන් මේ ක්‍රිකට් ගැහිල්ල. අපි මුලින්ම හොයා ගන්න ඕනේ මේ මනුස්සයා කලේ මොකක් ද කියලා මෙහෙට ඇවිත්”
“ඒක නෙවෙයි ජයසුරිය, මට පොඩ්ඩක් සැකයි මේ ටැක්සි ඩ්‍රයිවර්. අපිට නොකියන දෙයක් තියනවා වගේ පෙනෙනවා. අපි කෝකටත් මිනිහා ගැන සෝදිසියෙන් ඉන්න ඕනෑ…. මිනිහගේ බැක්ග්රවුන්ඩ් චෙක් එකක් කලොත් හොඳයි.”
පසුදින උදෑසනම මරණ පරීක්ෂණ වාර්තාවත්, රස පරීක්ෂණ වාර්තාවත් රැගත් පොලිස් පරීක්ෂක ජයසුරිය දිවාකර හමුවීමට පැමිණියේය.
“සර් මේකේ විදිහට මරණය සිද්දවෙලා තියෙන්නේ ඊයේ උදේ අට හමාරත් නවය හමාරත් අතර, ඒ කියන්නේ අර ඩ්‍රයිවර් කියපු දේවල් ඇත්තනම්, මරණය වෙනකොට මිසිස් ඇන්ඩ්රු ගෙදරින් පිටවෙලා ගිහින්. සර් කියපු විදිහට ඊයෙම මම එයාපෝර්ට් එකෙන් චෙක් කරලා බැලුවා….. ඈන් ෆිලිප්ස් කියලා කෙනෙක් ලන්ඩන් වලට ගිහින් තියනවා ඊයේ අටයි හතලිස් පහට ගිය ෆ්ලයිට් එකක, එතැනින් නිව්යෝර්ක් හෝ වොෂින්ටන් වෙන්න පුළුවන්, තවම හොයාගන්න බැහැ.”
“සර් සැක කරපු විදිහටම එයා සිංගප්පුරුවේ ඉඳලා ඇවිත් තියෙන්නේ පෙරේදා හවස ලංකාවට. ප්‍රශ්නේ තියෙන්නේ මේ මිසිස් ඇන්ඩ්රුම ද කියලා හොයාගන්න එක. මම පාස්පෝර්ට් ෆොටෝ එක ගෙන්න ගත්තා……… අපිට පුළුවන් ටැක්සි ඩ්‍රයිවර් ට පෙන්නලා චෙක් කරගන්න….”
“ජයසුරිය දැක්කද මේක, වාර්තාවේ හැටියට මිස්ටර් ඇන්ඩ්රු මැරුණ තැන තිබ්බ පතරොම් කොපුව, අපිට හම්බ උන පිස්තෝලෙන් පත්තු උන එකක් නෙවෙයි. මම හිතුවා හරි, එතන තිබුන පිස්තෝලෙනුත් වෙඩිල්ලක් තිබ්බා…….. හැබැයි ඒක තිබ්බේ ජනේලෙන් එලියට හරියටම විල්ලුව පැත්තට. මතකද අර මිනිහා කිව්වා දෙවන වෙඩිල්ල ඇහුනේ කණ ලඟින්ම වගේ කියලා……….වෙඩි තියාගෙන මැරුණා වගේ පෙන්නන්නයි ඕන වෙලා තිබුනේ…….. ඒකේ කොපුව සමහර විට ජනේලෙන් එළියේ තියෙන්නත් පුළුවන්. වෙඩි තිබ්බ උන් අහුලාගෙන ගියා වෙන්නත් පුළුවන්”
“දන්නවද මට හම්බ උනා තව හෝඩුවාවක්. ඊයේ එද්දී මම අර ඩ්‍රයිවර් ගෙන් ටෙලිෆෝන් නොම්මරේ ලියවා ගත්තනේ…… මේ බලන්න” කියමින් දිවාකර සිය නෝට් පොත පෙන්නා සිටියේය.
“හොඳට බලන්න ඉලක්කම්, දැන් බලන්න මේක” කියමින් සිය දුරකථනයෙහි වූ ජායාරූප අතරින් එකක් ගෙන පෙන්වා සිටියේය. එහි වුයේ මරණකරුගේ මේසය මත තිබී මිනිරන් කුඩු යොදා මතුකරගත් නෝට් පොතෙහි වූ ඉලක්කම් වල ජායාරූපයකි. ඉලක්කම් වල සමානකම් දුටු නිලධාරියා පුදුම වනු දක්නට ලැබිණි.
“අපි මිනිහව ඇරස්ට් කරමුද සර්, අපිට ඔක්කොම විස්තර දැනගන්න පුළුවන්”
“මම ඔය විස්තරේ කිව්වම ලේකම් තුමත් පුදුම උනා….. එතුමා කිව්වෙත් තව විස්තර හොයලා බලලම ඇරස්ට් කරන්න කියලා…. අපි දැන්ම යමු මිනිහව හම්බවෙන්න, මුලින්ම මිනිහගේ වැඩකරන තැනට ගිහින් විස්තර දැනගන්න ඕනෑ. මිනිහට දැනගන්න තියන්න හොඳ නැහැ අපිට මිනිහා සැකයි කියලා……… ඒ වගේම අපිට හිතන්න අමාරුයි මේක මිනිහා විතරක් තනියම කරපු දෙයක් කියලා……… මේකට තව කව්ද සම්බන්ධ කියලා අපි හොයා ගන්න ඕනේ මුලින්ම. අපි වැඩේ අනා ගත්තොත් මුන් එකෙක්වත් අල්ලගන්න හම්බවෙන්නේ නෑ………අපි දැන්ම පිටත් වෙමු”
පැයක පමණ ගමනකින් පසු ගම්පහ නගරයේ පිහිටි කුලී රථ සේවා සපයන ආයතනය සොයාගත් පරීක්ෂකවරු එහි කළමනාකරු හමුවිය. සිය අනන්‍යතාවය හෙළිකිරීමෙන් අනතුරුව ඇතුළු කාමරයකට ඔවුන් කැඳවාගෙන ගිය කළමනාකරුවා රියදුරාගේ පුද්ගලික ලිපිගොනුව ඔවුන් අත තැබීය. විශේෂ කාර්ය බලකායෙන් පලාගොස් වසර කීපයකට පසුව ඉන් නීත්‍යනුකුලව ඉවත්වූ බව සඳහන් ලිපියකුත්, ඉහල පොලිස් නිලධාරියෙකුගේ රෙකමදාරු ලිපියකුත්, පෙර රාජකාරි කල ආයතනයෙන් නිකුත් කල සේවා ලිපියකුත් එහි වූ ජායා පිටපත් අතර විය.
“මේ මනුස්සයා වැඩට ඇවිත් දැන් කොච්චර කාලයක්ද?” කළමනාකරු දෙස බැලූ දිවාකර ඇසීය.
“දැන් අවුරුද්දකට කිට්ටුයි. ඇයි මිනිහා මොකක් හරි ප්‍රශ්නයක් කරගෙනද සර්”
“නැහැ දැනට එහෙම මොකුත් නැහැ, කොහොමද මිනිහා…….නිතරම මිනිහවද යවන්නේ මිස්ටර් ඇන්ඩ්රු ගේ ගමන් බිමන් වලට?
“ඔව් සර්, මිනිහා කලින් වැඩ කරලා තිබුනෙත් සුද්දෙක් ළඟ, හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඉතින් අපි යවන්නේම මිනිහව තමයි එහෙට”
“මුකුත් ප්‍රශ්න එහෙම තිබුනද?”
“එහෙම කියන්න තරම් ප්‍රශ්න තිබුනේ නෑ……….”
“දැන් අද කෝ මිනිහා…. වැඩ පටන් ගත්තද? අපිට එයාව හම්බවෙන්නත් ඕනේ…….. “
“දැන් අද උදේ මිනිහා වැඩට එන්න ඕනේ… තවම ආවේ නැහැ. මිනිහගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ. ඊයේ වාහනේ බාර දුන්නෙත් නැහැ. වාහනේ තියනවා මිනිහා නැවතිලා ඉන්න තැන. මම කාව හරි යවන්න බැලුවේ……..”
“වාහනේ තියන තැන දන්නේ…… GPS ට්‍රැකින් එකක් තියනවද කාර් එකේ?”
“ඔව් සර් අපි අපේ ටැක්සි ඔක්කොම ඔෆිස් එකේ ඉඳලා මොනිටර් කරනවා……..”
“පරණ රෙකොර්ඩ්ස් බලන්න පුලුවන්ද?”
“පුළුවනි සර් අපි ටික දවසක් රෙකොර්ඩ්ස් තියාගන්නවා”
“හරි අපිට බලන්න පුලුවන්ද මේ වාහනේ ඊයේ උදේ වරුවේ කොහෙද ගියේ ආවේ කියලා……..”
වාහනයේ ගමන් විස්තර පරික්ෂාවට පරිඝනකයක් වෙත ඔවුන් කැඳවාගෙන යන ලද අතර ඔවුන් පුදුමයට පත් කරමින් උදේ වරුවේ ඇන්ඩ්රු මහතාගේ නිවසට දෙවරක් කාරය ගිය බවට පැහැදිලිව දක්නට ලැබිණි.
“පෙනෙනවද උදේ 6.35 ට මුලින්ම ගිහිල්ලා තියනවා……ඊටපස්සේ 7.15 ට කටුනායකට……….8.05 ට ආපහු මිස්ටර් ඇන්ඩ්රු ගේ ගෙදරට………”
මිනිහගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ කිව්වා නේද? ඉක්මන් කරලා මිනිහගේ ගෙදරට යමු. අපි පරක්කු නොවුනොත් හොඳයි”
ගම්පහ නගරයේ සිට කිලෝමීටර් දෙකක පමන දුරකින් රියදුරා නැවතී සිටි කුලී නිවස පිහිටා තිබුනේය. එය කුඩා ගෙවත්තක ගොඩනංවා තිබූ තනි තට්ටුවේ නිවසකි. ඔවුන් එහි යනවිටත් කුලී රථය මිදුලේ නවත්වා ඇති බව දක්නට ලැබිණි. සහයට පැමිණි පුද්ගලයා පිටතින් නැවැත්වූ පරීක්ෂකයින් දෙදෙනාට දක්නට ලැබුනේ ඉදිරි දොර අගුල් දමා නැති බවය. සහයක පොලිස් නිලධාරියාට නිවසේ පසුපස කොටසට යන ලෙස හිසින් සන් කල දිවාකර සිය පිස්තෝලය සුදානම් කරගෙන ඉදිරි දොරෙන් ඇතුළුවිය. නිවසට ඇතුළුවූ සැනින් ඔහුට තමන් ප්‍රමාද බව දක්නට ලැබිණි. නිවසේ සාලය මැද රියදුරාගේ මල සිරුර දක්නට ලැබිණි. නිවාස ඇතුලත පුළුල් පරික්ෂාවක යෙදුනු ඔහු එහි වෙනත් කිසිවෙක් නැති බව සැකහැර දැනගෙන ඉන්ස්පෙක්ටර් වරයා කැඳවීය.
“ජයසුරිය, අපි පරක්කු වැඩියි. මේ මිනිහා මරලා දාලා………පෙනෙන විදිහටනම් ඊයේ රෑ වගෙයි වැඩේ වෙලා තියෙන්නේ. වෙඩි පාරක් තියනවා ඔලුවේ. සද්දේ ඇහෙන්නේ නැති වෙන්න සයිලන්සර් එකක් දාලා තියෙන්න ඇති, නැත්නම් මේ වටේම ගෙවල් තියනවා….. අපිට මේක කලින්ම දැනගන්න ලැබෙනවා….”
රියදුරා පොරබැදූ බවක් දක්නට නොතිබුණු අතර ඔහු මත්පැන් පානය කරමින් සිට ඇතිබව දක්නට ලැබිණි. කෑම මේසයෙහි පුටුවක් අසල ඔහුගේ සිරුර වැටී තිබුණු අතර එහි හිඳ සිටිනා අතර වෙඩි තැබීම් සිදුවී ඇති බව පෙනිණි. සිරුර අසලම පතරොම් කොපුවක් වැටී තිබුණු අතර සිය ජංගම දුරකථනය පිටතට ගත් දිවාකර එහි සමීප ජායාරුප කීපයක් ලබා ගත්තේය. ඉන්පසු ඔහු නිවසේ එහා මෙහා යමින් යමක් පරික්ෂා කරනු දක්නට ලැබිණි.
“ජයසුරිය, ටීම් එක ගෙන්නන්න. අපි එලවන්නේ ලේසි කට්ටියක් පස්සේ නෙවෙයි වගේ….. බලමු මුන්ට තව කොච්චර දුර දුවන්න පුලුවන්ද කියලා…..වෙඩි තියලා තියෙන්නේ මේ මනුස්සයා හොඳට දන්නා කෙනෙක්. හරියටම කිව්වොත් තව දෙන්නෙක් ඊයේ මෙතන ඉඳලා තියනවා……..එක්කෙනෙක් අරක්කු බොන කෙනෙක් අනිකා බොන්නේ නෑ……..තුන් දෙනාම එකතු වෙලා පොඩි පාර්ටියක් දාලා තියනවා…..මේ බලන්න මේක” කියමින් තම දුරකථනයෙහි වූ ජායාරුපයක් දක්වා සිටියේය. එහි වූයේ පතොරම් කොපුවක පසුපස කෙළවරෙහි සමීප රුවකි.
“හොඳට බලන්න ඔය තියෙන්නේ එදා අපිට හම්බ උන පතොරම් කොපුවේ ෆොටෝ එකක්. පේනවද මේ ප්‍රයිමර් එකේ ෆයරින් පින් එක වැදිලා එබිලා තියන කොටස? ඒක වැදිලා තියෙන්නේ පැත්තකට වෙන්න සහ පැත්තකට ඇදිලා ගිය බවක් පෙනෙනවා නේද…….දැන් බලන්න මෙතැන තියන කොපුව. පෙනෙනවද එක වගේ කියලා…….මේකෙන් දල වශයෙන් කියන්න පුළුවන් එකම ආයුදෙන් තමයි මේ මිනීමැරුම් දෙකම කලේ කියලා….. මෛක්‍රස්කෝප් එකක් තිබ්බනම් හරියටම කියන්න තිබ්බා”
සිය දුරකතනයෙන් ගම්පහ පොලිස් ස්ථානාධිපති වරයා දැනුවත් කල පොලිස් පරීක්ෂක ජයසුරිය, කොළඹ සිය කාර්යාලය අමතා විශේෂ කණ්ඩායමක් කැඳවීය. තවමත් පරික්ෂාවේ යෙදී සිටින දිවාකර වෙත ගිය ඔහු,
“සර් කොහොමද කිව්වේ මෙතන තව දෙන්නෙක් ඉඳලා තියනවා කියලා….. ඒ වගේම එක්කෙනෙක් බොන කෙනෙක් නෙවෙයි කියලා…. මෙතන තියෙන්නේ එක වීදුරුවයි මේ මිනිහා තනියම බිබී ඉඳලා තියනවා වගෙයි මටනම් පෙනෙන්නේ…….. “
“ඔව් ඔතන තියෙන්නේ නම් එක වීදුරුවයි හැබැයි අර කබඩ් එක ඇතුලේ තියනවා තව වීදුරු ගොඩාක්” දිවාකර කීවේ සිනාසෙමිනි. වීදුරු අසුරා ඇති කැබිනට්ටුව අසලට පොලිස් පරීක්ෂකයා කඳවු දිවාකර එහි තිබූ වීදුරු ඔසවා පෙන්වූයේය. ඉන් වීදුරු දෙකක යට රවුමට රැඳුනු වතුර තවමත් දක්නට ලැබිණි.
“පෙනෙනවද මුන් වීදුරු දෙක හෝදලා තියලා…… පේනවද වීදුරු දෙකක විතරක් අඩිය වටේට ඉතුරුවෙලා තියන වතුර රවුම. වීදුරුව වේලිලා හැබැයි අඩිය පැත්තේ වතුර රවුමක් තවම හොඳට තියනවා…………ඉතින් තව දෙන්නෙක්!!”
“එක්කෙනෙක් බීලා නැහැ කියන එකනම් අනුමානයක් විතරයි. ඒ වගේම ඒ නොබොන කෙනා වාඩිවෙලා ඉඳලා තියෙන්නේ මේසේ ඩ්‍රයිවර් හිටපු පැත්තේ මෙන්න මේ පුටුවේ” කියමින් අසුනක් දක්වා සිටියේය.
“මම එහෙම කිව්වේ……එතනත් කලින් පෙන්නුවා වගේම දියර පැල්ලම් කීපයක් තියනවා මේ ඉටි මේස රෙද්ද උඩ. හැබැයි දැන් තරමක් වේලිලා ගිහින්. හොඳට බැලුවොත් පෙනෙනවා ඒ පැල්ලම් කීපය තියෙන්නේ තියෙන්නේ පොඩි පරාසෙක කියලා…….. හැබැයි මෙන්න මේ අනික් පැත්තේ පැල්ලම් ගොඩක් තියනවා සාමාන්‍ය අතේ දුරින් මහ ගොඩක් හැම තැනම. එහෙම වෙලා තියෙන්නේ ඒ මිනිහා තරමක් මත් වෙලා වීදුරුව හැමතැනම තියපු හින්දා වෙන්න පුළුවන්. ඒ වගේමයි මැරුණු මිනිහා වාඩි වෙලා හිටපු තැනත් වීදුරුව හැම තැනම තියපු පාරවල්, කොහොමත් අයිස් දාගෙන හරි සීතල කරපු සැන්ඩි එකක් එක්ක හරි බොනකොට ඔය විදිහට වතුර රැඳෙනවා. වීදුරුව ඇතුලේ තිබුන දේවලුත් පොඩ්ඩ පොඩ්ඩ ඔය වතුරේ තියෙන්න පුළුවන්. ඒවා පොඩි ටෙස්ට් එකකින් හොයා ගන්න පුළුවන්.”
පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට ලඟා වීමට තවත් දෙපැයක් පමණ ගතවිය. ඒ අතර නිවසේ සියලු දේත් කුලී රථයත් දිවාකරගේ පුළුල් පරික්ෂාවට ලක්විය. යම් යම් ස්ථාන පෙන්වා ඒවා පරීක්ෂක කණ්ඩායමේ විශේෂ අවධානයට ලක් කරන ලෙස පොලිස් නිලධාරියාට දැන්වූ ඔහු වැඩිදුර විස්තර සොයා බැලීම සඳහා නැවතත් කුලී රථ සේවා ආයතනය බලා ගියේය. එහි ගොස් රථයේ ගමන් වාර්තාව නැවත පරික්ෂාවට ලක් කොට එහි පිටපතක් ද ලබා ගත්තේය.
ඉතා අපහසුවෙන් කොනක් හසුකරගත්තද නැවතත් තමන් පරීක්ෂණයේ මුලටම පැමිණ ඇති බව දිවාකරට සිතෙයි. පෙර දින උදෑසන පිටව ගිය ඇන්ඩ්රු මහතාගේ බිරිඳ සැක කරුවන් ගේ ලැයිස්තුවෙන් ඉවත් කල හැකිය. එකම පෙනෙන සැකකරුව සිටි රියැදුරා කිසිවෙකු විසින් ඝාතනය කොට ඇත. ඔහු මරා දැමීමේ උවමනාව ඇත්තේ කාටද? ඔහු පොලිස් සැකයට යොමු වී ඇතිබැව් දැන ඔහු ඝාතනය කලාද? ඔහු සැක කරන බව දැන සිටියේ තමාත්, පොලිස් පරීක්ෂක ජයසූරියත්, ආරක්ෂක ලේකම් වරයාත් පමණි. එසේනම් එම විස්තර ඝාතකයන් අතට පත් උනේ කෙසේද?
මතු සම්බන්ධයි
වෙඩි හඬ — 2 වෙනි කොටස
දිවාකර සිදුකල එම ප්‍රකාශයත් සමග කාමරයේ සිටි සියලුදෙනා පුදුමයට පත් වූ බැව් දක්නට ලැබිණි. ප්‍රසිද්ධ රහස් පරීක්ශකයෙක් වන ඔහු කරන මෙම ප්‍රකාශය පිලි නොගන්නා කෙනෙක් මෙතැන නැත, නමුත් ඔවුන් පුදුම වන්නේ තමන් දුටු කරුණු අනුව මෙය බරවන්නේ මිනී මැරුමක පැත්තට නොව දිවි නසාගැනීමක පැත්තට වන නිසාය. ඉන්පසු නිවසේ දුරකථනය වෙත ගිය ඔහු එහි රිසීවරය ඔසවා ඇමතුමක් ගන්නා බවත් කිසියම් දෙයක් සටහන් කරගන්නා බවත් දක්නට ලැබිණි. ඉන්පසු පොලිස් නිලධාරියා ඇමතූ ඔහු,
“ජයසුරිය, මම ටෙලිපෝන් එක රි-ඩයල් කලා….අන්තිමට කෝල් කරලා තියෙන්නේ ටැක්සි කොම්පැනියකට. ටැක්සියක් ගෙන්නලා තියනවා අද උදේ හයට විතර. මෙන්න මේ නම්බර් එක තියන ටැක්සිය හොයා ගන්න ඩ්‍රයිවර් ගේ නමත් තියනවා, ඊට පස්සේ අමාරු වෙන එකක් නැහැ උදෙන්ම මෙහෙන් පිටවෙලා ගිය නෝනා ගැන විස්තර ටිකක් හොයා ගන්න, හැබැයි අපි ඉක්මන් කරන්න ඕනෑ……
බොඩි එක මරණ පරීක්ෂනේට යවන්න, ගෙදර සීල් කරන්න, අපි ඉක්මනට මේ නෝන ව හොයාගන්න ඕනෑ….”
මේ අතර වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවස පසුපස විල්ලුවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයා ගෙන්වූ බව දිවාකරයන්ට දන්වනු ලැබිණි. ඒවනවිටත් පරීක්ෂණ කටයුතු අවසන් වී තිබූ බැවින් ආම්පන්න හකුලා ගැනීමේ කටයුතු මඳකට නතරකල ඔහු අදාල පුද්ගලයා හමුවීමට නිවසෙන් පිටතට පැමිණියේය. කළු, හීන්දෑරි තරමක වයස්ගත ගැමියෙකු වූ ඔහු, කඩමලු සරමක් පමණක් ඇඳ උඩුකය නිරුවත්ව සිටියේය. බුලත් කහට බැඳුනු දත් පෙන්වමින් තනිවම සිනාසෙමින් සිටි ඔහු වෙත ගිය දිවාකර කතාව ආරම්භ කරනු දක්නට ලැබිණි.
මාළු බෑමට ඔහු පැමිණි වෙලාව හෝ වෙඩි ශබ්ද ඇසුණු වේලාවන් පිලිබඳ තොරතුරු නිවැරදිව ඔහුගෙන් දැන ගැනීම අපහසු බව දිවාකරට පෙනිණි. කෙසේ උවත් වෙඩි ශබ්ධ දෙක අතර අවම තරමින් අඩ පැයක වත් වෙනසක් ඇතිබව කතාබහෙන් වැටහිණි.
‘දෙවැනි සද්දේ කන ලඟින්ම වගේ ඇහුනේ මහත්තයෝ….’
මෙය ඔහුට හිතන්නට බොහෝ දේ ඉතිරි කළේය. වෙඩි ශබ්ධ දෙකක් යනු ඉතා වැදගත් ශාක්ෂියකි. නමුත් කාමරයේ තිබුණු ගිනි අවියෙන් පිටව තිබුනේ එක් උණ්ඩයකි. ‘මේ මිනිහා කියන්නේ ඇත්තක්ද? ඇත්තක් නම් අනෙක් වෙඩිල්ල තැබුවේ කව්ද?’, ‘ඒ ඇයි ?’, ‘දෙවැනි ශබ්ධය ගැන ඔහු විශේෂයක් දක්වන්නේ ඇයි?’ තමන් ඉදිරියේ නූල් බෝලයක් මෙන් පැටැලුණු සිද්ධි දාමයක් ඇති බැව් දිවාකරට පෙනේ. කෙසේ හෝ නිවැරදි කොන සොයාගතහොත් මෙය ලෙහා ගැනීම එතරම් අපහසු නොවනු ඇත.
දුරකථන ඇමතුමක් දී අදාල කුලී රථ රියදුරා සොයා පොලිසියට ගෙන්වන ලෙස ගම්පහ පොලිසියෙන් ඉල්ලා සිටි පොලිස්පරීක්ෂක ජයසූරිය, දිවාකර නැගුණු රථයටම ගොඩවූ අතර ඔහුට උදක්ම අවශ්‍යවුයේ මේ අරුම පුදුම රහස් පරීක්ෂකයා සිය නිගමනයන්ට කෙසේ එළැඹුනා දැයි දැනගැනීමය. රථයට නැගුනු ඔහු ආසන පටි පලඳිමින් සිය කටහඬ අවධි කළේය.
“ඒක නෙවෙයි සර්… කොහොමද අර කිව්වේ මේක මිනීමැරුමක්, තව කෙනෙක් මේ ගෙදර ඊයේ රෑ හිටියා කියලා….. ඒක කිව්වා කියමු. එත්……., කොහොමද කිව්වේ ගෑණු කෙනෙක්ම හිටිය කියලා……… හරි පුදුමයි, හරි පුදුමයි………. “
“ඒ විතරක් නෙවෙයි ජයසුරිය, මේ කියන ගෑණු කෙනා අපේ රටේ කෙනෙක් නෙවෙයි කිව්වොත් පුදුමය තව වැඩි වේවිද? “ දිවාකර එසේ ඇසුවේ හඬනගා සිනා සෙමිනි. පොලිස් නිලදරුවා එය අසා පුදුමයෙන් පුදුමයට පත් වූ බව දක්නට ලැබිණි.
“මෙහෙමයි, අපි පලවෙනි කාරණේ ගනිමු. දැක්කද උන්ඩේ ඇතුළුවෙලා තිබුන තැන? හරියටම දකුණු කනට අඟල් දෙකක් විතර උඩින්. උන්ඩේ පිටවෙලා තියෙන්නේ වම් කනට පහලින්. අපි උපකල්පනය කරමු මිනිහ නුහුරු අතින් ඒ කියන්නේ දකුණු අතින් වෙඩි තියා ගත්තමයි කියලා. එහෙම උනානම් උන්ඩේ පිටවෙන්න ඕනේ ගොඩක් වෙලාවට සමාන්තරව අනෙක් පැත්තෙන්. තමන්ටම වෙඩි තියාගන්න කෙනෙක් මේ තරම් අමාරු ඉරියව්වකින් උණ්ඩයක් ඇතුල් කර ගනී කියල හිතන්න බැහැ. උඩ ඉඳන් පහලට උන්ඩේ යන විදිහට? කොහෙත්ම වෙන්න බෑ………..”
“මෙතන උන්ඩේ ඇතුල්වෙන තැනයි පිටවෙන තැනයි අතර තියන ඈන්ගල් එක අනුවයි, පුටුවේ උස අනුවයි මට කියන්න පුළුවන් මිනී මරුවා අඩුම තරමේ අඩි හයක් වත් උස කෙනෙක් !! ඔව් මගෙ උපකල්පන ඔක්කොම හරි නම් බොහොම උස කෙනෙක් වෙන්න ඕනෑ……… “
“අනිත් කාරණේ………. ගෙදර හිටපු කෙනා ගෑණු කෙනෙක් කියන එක, ඒක කොහොමද කිව්වේ……..”
“මම නිදන ඇඳ, ඒ වගේම ඇතිරිලි පරික්ෂා කලා…….. ඒකේ තිබ්බා ටිකක් මිල අධික කාන්තා විලවුන් සුවඳක්, සමහර සෙන්ට් වර්ග ගෑවුනාම දවස් ගනං සුවඳ තියනවා තමයි, හැබැයි ඇඳ ඇතිරිලි දාලා තියෙන්නේ බොහෝවිට ඊයේ……… ඉතින් උපකල්පනය කරන්න පුළුවන් සෙන්ට් ගෑවුනේ ඊයේ කියලා. ඇඳ ඇතිරිලි බැලුවම ඒවා බොහෝම අලුත්. වොෂින් පව්ඩර් සුවඳ තාම ඉතා හොඳින් තියනවා…………ඇතිරිලි පාවිච්චි නොකලොත් ඇරෙන්න වොෂින් පව්ඩර් සුවඳ තියෙන්නේ වැඩිම උනොත් දවස් දෙකක් විතර.
ඒකෙ බ්‍රෑන්ඩ් එක මම කියන්න ඕනේ නැහැනේ…” දිවාකර එසේ කීවේ සිනහසෙමිනි.
“අනිත් එක අපේ රටේ නෑ නොවැ දිග රත්තරන් පාට කෙස් තියෙන නෝනලා……….මට ලැබුණා දිග රන් පාට කෙස් ගස් කීපයක්ම ඇඳේ තිබිලා……. හොඳින් බැලුවම පෙනෙනවා මේවා ස්වභාවික රන් පාට කෙස් කියලා….. අහ් තව දෙයක් කියන්න බැරි උනා………ලා තැඹිලි පාටට හුරු රතු තොල් සායම් පාවිච්චි කරලා…… මේකප් කටයුතු කරගෙන තමයි ඒ නෝනා ගිහින් තියෙන්නේ………”
නිලධාරියා තව තවත් පුදුම වෙනු දුටු දිවාකර,
“හරි හරි ඒවා කිව්වේ මෙහෙමයි. බාත්රූම් එකේ කන්නාඩිය ළඟ හොඳින් බැලුවොත් පෙනෙයි මේකප් බඩු වලින් වැටුන සියුම් කුඩු…..ඒ වගේම වැඩිපුර ගෑවුණු තොල් සායම් පිහදමපු ටිෂු කඩදාසියක් තිබ්බා බාත්රූම් එකේ කුණු කූඩේ…………බොහොම කිට්ටු හිතවත් කමක් තියෙන කෙනෙක් වගේ………”
පොලිස් පරීක්ෂක වරයාගේ ජංගම දුරකථනය නාද වූ අතර, පණිවිඩයෙන් කියවුනේ අදාළ කුලී රථ රියැදුරා පොලිසියට ගෙන්වාගෙන ඇති බවය.
“සර් ටැක්සි ඩ්‍රයිවර් පොලිසියට ගෙනල්ලා…….. අපිට ඕනේ නම් යනගමන්ම මිනිහට කතා කරලා යන්න පුළුවන්”
“ඔව් ඒක හොඳයි අපි මෙහෙමම යමු”
ඔවුන් පොලිසියට යනවිට රියදුරා තරමක නොසන්සුන් බවකින් සිටින බව දක්නට ලැබිණි. වයස අවුරුදු තිස්පහක හෝ හතළිහක පමණ පෙනුමැති, උස හැඩිදැඩි සිරුරක් ඇති ඔහු ඇවිදින ආකාරයෙනුත්, හිටගෙන ඉන්නා විලාසයෙනුත් ආරක්ෂක අංශ පුහුණුවක් ලැබූවෙක් වියයුතු බව දිවාකරට සිතිණි. අවශ්‍ය වන්නේ විස්තර කීපයක් දැනගැනීම පමණක් බව සැලකර සිටීමෙන් පසු ඔහු සන්සුන් විය.
“අද උදේ මෙන්න මේ ඇඩ්රස් එකෙන් කෙනෙක්ව ගන්න ගියාද” රියදුරාට ලිපිනය ලියු කොලයක් පෙන්වමින් දිවාකර ප්‍රශ්න කිරීම ඇරඹුවේය.
“ඔව් සර්, උදේ හය හමාරට විතර”
“කාවද එතනින් ගත්තේ”
“සුදු උස නෝනා කෙනෙක්, කතා බහෙන් තේරුණ විදිහටනම් ඇන්ඩ්රු මහත්තයාගේ නෝනා………”
“වයස කීයක විතර කෙනෙක්ද?”
“අවුරුදු තිස්පහක් විතර ඇති”
“කලින් ඉඳලා ඒ මහත්තයා දන්නවද?”
“ඒ මහත්තයා ගොඩක් වෙලාවට ගමන් බිමන් යන්නේ මගෙත් එක්ක, අපේ ඩ්‍රයිවර් ලා කාටවත් එහෙමකට ඉන්ග්‍රීසි කතා කරන්න බැරි හින්දා, මුල ඉඳලම ඒ මහත්තයා එක්ක ගමන් බිමන් යන්න වාහනයක් ඕනෑ උනාම කොම්පැනියෙන් යැව්වේ මාව. ඉතින් දැන් අවුරුද්දක් විතර තිස්සේ ඉඳලා මම තමයි යන්නේ”
“මීට කලින් අන්තිමට ගියේ කවද ද?”
“මීට දවස් තුනකට විතර කලින්”
“දවස් තුනකට කලින් !!, එතකොට නිතර යන එන තැන් තියනවද? “
“ඔව් සර්, හැම සෙනසුරාදාම වගේ කොළඹ ක්ලබ් එකට යනවා….., මම ගිහින් දානවා උදෙන්ම. තව ඉඳහිට බැංකුවට, තව…….. වෙන සාමාන්‍ය ගමන් යැවෙනවා…….”
“ක්ලබ් එකට ගියාම අපහු එක්ක එන්නත් යනවද?”
“ආපහු එන්නේ කොහොමද කියලා නම් මම දන්නේ නෑ, මම කරන්නේ ගිහින් දානවා විතරයි”
“එතකොට අද උදේ මොකද උනේ කියලා පොඩ්ඩක් කියමුද?”
“ඊයේ රෑ වැඩ කරපු හින්දා අද උදේ හතට මට ඕෆ් වෙන්න තිබ්බේ…. එත් හදිස්සියෙම අපේ ඔෆිස් එකෙන් කතාකරලා මට ඇන්ඩ්රු මහත්තයලගේ ගෙදරට යන්න කිව්වා………කොහොමත් එහෙට යන්නේ මම හින්දා වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම හය හමාර වෙද්දී එතනට ගියා……………වෙනදා වගේ ගමන යන්න ආවේ මහත්තයා නෙවෙයි…………ඉක්මනට වාහනේට නැගපු ඒ නෝනා එයාර්පොර්ට් එකට ගිහින් දාන්න කිව්වා……… “
“මොනවා……………එයාර්පොර්ට් එකට!!!!! මේ ගෑනි රටෙනුත් පැන්නද?”
මතු සම්බන්ධයි
වෙඩි හඬ
“දිවාකර, පොලිසිය කියන විදිහටනම් මේක දිවි නසා ගැනීමක්. හැබැයි මේ මැරිලා ඉන්නේ ඇමරිකන්කාරයෙක්. ඇත්තම කිව්වොත් ඇමරිකන් ආණ්ඩුව සහ අපේ ආණ්ඩුව එකතුවෙලා කරපු පරීක්ෂණයක් මෙහෙයවපු මහ මොළකාරයන් දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ…..”
“අනිත් කෙනා අපේ කෙනෙක්. මට තියන බලතල අනුව අපේ රටේ කෙනාගේ නමත් මේ පරීක්ශනේ ගැනත් හෙළිකරන්න බැහැ, එයාගේ සහ රටේ ආරක්ෂාවට. මේ මැරුණ කෙනා දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ කියලා එයා තමයි මට දැනුම් දුන්නේ…ඊට පස්සේ තමයි නිලධාරියෙක් යවලා විස්තර දැනගත්තේ.”
“මේ දෙන්නා කරපු පරීක්ෂණය ගැන අපේ රට පැත්තෙන් දැනගෙන හිටියේ මමත් ජනාධිපති තුමත් විතරයි, මේක එතරම් රහස්‍ය පරීක්ෂණයක්. ජනාධිපති තුමාගේ අවසරය ලැබුනොත් මට පුළුවනි තව විස්තර හෙළිකරන්න.”
“ඉතින් මේකට විශේෂ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා ඉල්ලුවා…… හරියටම උනේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ…. අවශ්‍ය හැම තැනකටම මම ඉන්ෆොර්ම් කරලා තියෙන්නේ ඔයා මේ කෙස් එක බලනවා කියලා…… මොනවහරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරන්න. අවශ්‍ය ඩීටේල්ස් මම දැන් ඊ -මේල් කරනවා…..දැනටමත් ඉන්ස්පෙක්ටර් ජයසුරිය එක්ක ස්පෙෂල් යුනිට් එකක් එතන ඉන්නවා…….”
“ආ…..මතක තියාගන්න…… දිස් ඊස් ටොප් සීක්රට් ඇන්ඩ් හැස් ටොප් ප්‍රයෝරිටි ඕකේ………”
“ඕකේ සර්……මම දැන්ම පිටත් වෙනවා…..”
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශකයෙක් මෙන්ම ශ්‍රී ලංකා රහස් පොලිසියට අනුයුක්ත විශේෂ අපරාධ විමර්ෂණ ආයතනයෙහි (SCID) ප්‍රධාන නිලයෙක් වන දිවාකර දිසානායක යනු 70 ව දශකයේ නමගිය රහස් පරීක්ෂකයෙක් වූ ඇලන් දිසානායකගේ එකම දරුවාය.
විදේශ උසස් අධ්‍යාපනයෙන් පසු වසර කිහිපයක් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව
සේවය කල ඔහුට සිය මව් බිමට සේවය කිරීමට ඇරැයුම් ලැබුනේ ආරක්ෂක ලේකම් වරයාගේ මැදිහත් වීමෙනි. සිය සුවපහසු රැකියාව හැර දමා උදක්ම සිය මව්බිමට ඔහු පැමිණියේ දැනට විශ්‍රාමිකව සිටින සිය පියාගේ බලවත් ඉල්ලීම නිසාවෙනි.
වසරකට පෙර තරුණ දිවාකරයන් හා ඔහුගේ පියා අතර ඇතිවූයේ මෙවන් දුරකථන සංවාදයකි,
“පුතා….. ඔයාට ටික කාලෙකින් ඕනෙම රටක පහසුවෙන් රැකියාවක් හොයා ගන්න පුළුවන්, හැබැයි මම කැමතියි අවුරුදු කීපයක් අපේ රටට සේවයක් කරනවා නම්. ආරක්ෂක ලේකම් තුමත් මගෙන් කීප සැරයක් ඔයා ගැන ඇහුවා…….බැරිද ඇහුවා ඔයාව මෙහෙට ගෙන්නන්න. එතුමාගේ හොඳ දැක්මක් තියන බව පෙනෙනවා….මෙහෙ ආවොත් ඔයාට හොඳ තැනක් ලෑස්ති කරලා දෙන්නම් කීවා.”
රැකියා මාරුව තමන් කල මෝඩ වැඩක් ලෙස දිවාකර මුලින් සිතුවත් කල් යනවිට ඔහුට ලැබුණු ඉතා අසීරු පරීක්ෂණත් ඒවායේ ඇති විවිධත්වයත් නිසා දැන් තමන් ඇමරිකාවට වඩා සිය මව් රටේ සේවය කිරීමට වඩා කැමති බව ඔහුට දැනේ. සිය මෙහෙයැවීම නිසා වලක්වාගත් ප්‍රභූ ඝාතන උත්සාහ කිහිපයකුත්, තවත් දරුණු ත්‍රස්ත ප්‍රහාර කිහිපයකුත් නිසා රටේ මුල් පුරවැසියාගෙන් ඔහුට ලැබුණු ප්‍රසංශා ඔහුට ගෙන එන්නේ මහත් අභිමානයකි.
ආරක්ෂක ලේකම් වරයාගෙන් ලත් තොරතුරු අනුව අදාල මරණය සිදුවූ ස්ථානය ඇත්තේ අගනුවර සිට කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකය. පැයක පමණ ගමනකින් පසු එහි ලඟා වීමට දිවාකරට හැකිවිය. ගම්පහ නගරය පසුකර කිලෝමීටර් පහලවක් පමණ ගිය තැන, පසුපසින් ඇති කුඩා විල්ලුවකට මායිම් ව පිහිටා ඇති ඉඩම මැද මධ්‍යම ප්‍රමාණයේ නිවස ගොඩනංවා තිබිණි.
“ආ…. දිවාකර මහත්මයා, අපිට ඉහලින් පණිවිඩය ලැබුණා ඔබතුමා එන බවට. මේ කේස් එක කොළඹින් හැන්ඩ්ල් කරන්නේ ලේකම් තුමාගේ විශේෂ ඉල්ලීමකට. අපි යමු ඇතුලට. දැනටමත් අපේ කට්ටිය ඇතුලේ පරීක්ෂණ කරනවා…….. මෙහෙන් එන්න.” ඔහු පිළිගත් පොලිස් පරීක්ෂක ජයසුරිය, තරමක් දිගු කොරිඩෝවක් දිගේ ගොස් විශාල කාර්යාල කාමරයකට කැඳවා ගෙන යන ලදී.
“ජයසුරිය කිසිම පිට කෙනෙක් වත්ත ඇතුලට ගන්න එපා……වාහනයක් වත්.”
“ඕකේ සර්, අපිත් වාහන පාරේ නවත්තලා ආවේ….”
“ඔව් ඒක හොඳයි අපිට හැම තැනම කිසිම වෙනසක් නොවී පරික්ෂා කරගන්න ලැබුනොත් වැඩේ ලේසියි.”
මින් පෙර දිවාකරයන් සමග අපරාධ පරීක්ෂණ කිහිපයක යෙදී ඇති පොලිස් පරීක්ෂක ජයසුරිය, ඔහු දැකීමෙන්ම මෙය කිසියම් විශේෂිත පරීක්ෂණයක් විය යුතු බව වටහා ගත්තේය. ආරක්ෂක ලේකම් තුමා පවුද්ගලිකව මෙය සොයා බලන්නේත්, දිවාකරයන් මෙයට අනුයුක්තව ඇත්තේත් එනිසා විය යුතුය.
“මිනිහ ක්‍රිකට් කාරයෙක් වගේ නේද?” දිවාකරගේ එම ප්‍රශ්නය මතුවුයේ නිවාසට ඇතුළුවන තැනම බිම දමා තිබූ ක්‍රිකට් ආම්පන්න දැකීමෙන් වියයුතු බව ඉන්ස්පෙක්ටර් ජයසුරියට සිතිනි.
“ඔව් මේ මැරිලා ඉන්නේ ඇන්ඩ්රු ෆිලිප්ස් කියලා කෙනෙක්. සති අන්ත වල කොළඹ ක්ලබ් එකක සෙල්ලම් කරනවලු”
“පුදුමයි ක්‍රිකට් ගහන ඇමරිකන් කාරයෙක් !!”
විශාල කාර්යාල කාමරයේ කොනකට වන්නට ඇති කාර්යාල මේසය අසල පුටුවෙහි පසෙකට ඇලවුණු මළ සිරුර තවමත් දක්නට ඇත. ඔහු සාමාන්‍ය ඇමරිකානුවෙකුට වඩා තරමක කුඩා ශරීරයක් ඇති මැදිවියේ පුද්ගලයෙකි. රාත්‍රී නිදන ඇඳුමින් සිටින ඔහුගේ හිසෙහි දකුණු කනට අඟල් දෙකක් පමණ ඉහලින් ඇතුළුවූ වෙඩි උණ්ඩය වම් කනට පහලින් පිටවී ඇත. ඔහුගේ අතින් ගිලිහී වැටුණු බව පෙනෙන පිස්තෝලය ඔහුගේ දකුණු අත අසල බිම දක්නට ලැබිණි. එම නිවසෙහි ඔහු තනිව ජීවත් වූ බව හා වැඩිපුර කිසිවෙක් නිවසට ආ ගිය බවක් දක්නට නැතිබව දැනගන්නට ලැබිණි. පොලිස් ජායාරූප ශිල්පියාට යම් සලකුණු පෙන්වමින් ඒවායේ ජායාරුප ගන්නා ලෙස සන් කල දිවාකර, තම කලිසම් සාක්කුවෙන් ඇදගත් නෝට් පොතෙහි කිසියම් සටහන් යොදමින් අවට පරික්ෂාවේ යෙදිනි.
“අපි හැම දෙයක් ම වගේ චෙක් කලා. සැක කරන්න කිසිදෙයක් නැහැ. පෙනෙන්නේ මේක දිවි නසා ගැනීමක් වගේ.” ඉන්ස්පෙක්ටර් වරයා කීය.
“ජයසුරිය, පිස්තෝලේ ෆින්ගර් ප්‍රින්ට් චෙක් කලාද?”
“ඔව්, මේක මිස්ටර් ඇන්ඩ්රුගේ පිස්තෝලෙ, ලාච්චුවේ තිබුණා ලියකියවිලි. ෆින්ගර් ප්‍රින්ට් හරියටම මැච් වෙනවා…..”
රබර් අත්වැසුම් දෙකක් ඉල්ලා එය පැළඳගත් දිවාකර, ප්‍රමාණයෙන් කුඩා පිස්තෝලය අතට ගෙන එය පරික්ෂාවට ලක් කලේය. “ආ… මේක M1911 කියලා වර්ගයක්. මේ බ්‍රෑන්ඩ් එක ඇමෙරිකාවේ හදන්නේ………ඇමරිකන් මිලිටරි වලත් පාවිච්චි කරන දියුණු කරපු එකක්. සැහැල්ලුයි, කුඩයි, ගොඩක් පවර්ෆුල්”
පිස්තෝලයේ මැගසීනය ඉවත්කළ ඔහු, එහි ඇති උණ්ඩ සියල්ල මේසය මතට හෙළුවේය.
“සැක කටයුතු මොනවා හරි දැක්ක හරි වෙඩි සද්දේ ඇහුනු හරි මිනිස්සු ඉන්නවද ජයසුරිය?”
“මම සාජන් කෙනෙක් යවලා හැම තැනම බැලෙව්වා සර්….. කිට්ටුව පාත ගෙවල් නැති නිසා කාටවත් ඇහිලා නැහැ….. හැබැයි පිටිපස්සේ තියන විල්ලුවේ මාළු අල්ල අල්ල හිටිය මනුස්සයෙක් කියනවා ඒ මිනිහට වෙඩි සද්ද දෙකක් අහුනලු. ගමේ මිනිස්සු කියන්නේ ඒ මිනිහා ඉබාගාතේ ඇවිද ඇවිද ඉන්න ටිකක් ඔලුව හොඳ මදි මිනිහෙක් ලු. කියන දේවල් විස්වාස කරන්න අමාරුයි ලු”
“මොනවා වෙඩි සද්ද දෙකක් !! මැගසීන් එකේ අඩුවෙලා තිබ්බේ එක උණ්ඩයයි නේ…………ඒ මනුස්සයා ගෙන්නන්න මට කතා කරන්න ඕනෑ………”
“උන්ඩේ ගිහින් තියෙන්නේ ඔලුවේ දකුණු පැත්තෙන්, හැබැයි මිනිහා වමත් කාරයෙක් !!……… “
දිවාකරගේ මුවින් පිටවුනු එම වදන් ඇසීමෙන් පොලිස් පරීක්ෂක වරයා මඳක් පසුබා ගිය බව පෙනිණි.
“ජයසුරිය දැක්කද අර දොර ළඟ තිබ්බ ක්‍රිකට් ග්ලව් දෙක?….. ඒකෙ හැටියට මිනිහා වමත් කාරයෙක්”
“ඒත් වමට සෙල්ලම් කරන දකුණත් කාරයෝ කොච්චර ඉන්නවද?” ජයසුරිය එසේ කීවේ දිවාකරගේ අදහස එක එල්ලේ පිළිගැනීමට තමන් සූදානම් නැති බව පෙන්වමිනි.
කාර්යාල මේසය දෙසට අත දිගු කල දිවාකර, “මේ මේසේ උඩ තියන දේවල් කව්රුත් එහා මෙහා කරන්න නැති ව ඇති නේද?’
“නැහැ, හැමදේම තියෙන්නේ තිබුන විදිහටමයි….”
මේසය මත වූ කෝප්පය දෙසට නැවී එය අතින් නොඅල්ලා එහි තුල වූ දෙය ආග්‍රහණය කල ඔහු,
“හොඳයි එහෙනම් මේ බාගෙට බීපු කෝපි එක ලැප්ටොප් එකේ වම් පැත්තේ තියෙන්නේ ඇයි? එතකොට අර බිත්තිය ළඟ තියන අයන් ටේබල් එක උඩ තියන අයන් එක වම් පැත්තේ තියෙන්නේ ඇයි……. තව ඕනේ තරම් දේවල් කියන්න පුළුවන් මිනිහා වමත් කාරයෙක් කියලා කියන්න”
“එතකොට සර් කියන්නේ මේක මිනිමැරුමක් කියලද?” පරාජය බාරගත් හඬකින් ජයසුරිය එය ඇසුවත් ඔහුට පිළිතුරු නොදුන් දිවාකර දිගටම පරික්ෂාවේ යෙදිනි.
ලොකු පත්තර පිටුවක් සොයාගත් දිවාකර මේසය අසල තිබු කුණු කූඩය එයට හලා එය අසල දන ගසාගෙන පැන්සලකින් එහි ඇති දෑ එහෙ මෙහෙ කරමින් පරික්ෂාවේ යෙදුනි. එහි ඇති සමහර දේ සීරුවෙන් ගෙන කුඩා බෑගයක දමා ගත් අතර එවැනිම පරීක්ෂාවක් මේසය මත ඇති දේ පිළිබඳවද ඔහු සිදු කරනු දක්නට ලැබිණි.
“කුමාර් ෆොටෝ අරන් ඉවරද? මට මේ තුවාලේ හොඳ ක්ලෝසප් ඕනේ….ඔලුව දෙපැත්තෙම” ඔහුගේ ඉල්ලීමට අනුව සියල්ල ජායාරූප ගතකරනු දක්නට ලැබිණි.
“ජයසුරිය මෙහෙ එන්න, පේනවද මේ පොඩි නෝට් පොත? මුකුත් ලියලනම් නැහැ හැබැයි කොලයක් කඩපු බවක් පෙනෙනවා…… කඩපු කොලේ විසිකරලත් නැහැ, හොයාගන්නත් නැහැ. අපි බලමු………”
ඒ වනවිටත් කාමරයේ පරික්ෂාවේ යෙදී සිටි අයෙකුගෙන් මිනිරන් කුඩු ස්වල්පයක් ඉල්ලාගත් දිවාකර එය සෙමින් නෝට් පොතේ මුල් පිටුව මත විසිරුවා හැරියේය. කඩන ලද පෙර පිටුවෙහි ලියන ලද ඉලක්කම් පහක චායාව පැහැදිලිව දක්නට ලැබිණි.
“ජයසුරිය මොකක්ද මේ ගැන හිතෙන්නේ” ඔහු එසේ ඇසුවේ අදාල නෝට් පොත පරීක්ෂකවරයා දෙසට හරවමිනි.
“8 0 4 3 5 ………ම්………ටෙලිෆෝන් අංකයක් වෙන්නත් බෑ….. වාහන අංකයක් වෙන්නත් බෑ…..මොකක් හරි රහස් කෝඩ් එකක් ද? පාස්වර්ඩ් එකක් ද?, මට හිතාගන්න බෑ….”
“මම මිස්ටර් ඇන්ඩ්රු ගේ පොත් පත් කීපයක් බැලුවා….. පෙනෙන විදිහටනම් එයාගේ අත් අකුරු නෙවෙයි වගේ……… ඔය නොම්මරේ ගැන අපි පස්සේ හොයමු….. මගෙන් ඇහුවනේ මේක මිනිමරුමක්ද කියලා……… ඔව් මේක මිනීමැරුමක්, ඒ වගේම ඊයේ රෑ තව කෙනෙක් මේ ගෙදර ඉඳලා තියනවා…… ගෑනු කෙනෙක්, එයා වෙන්නත් පුළුවන් මිනී මරුවා……….. “
“මොනවා? ගෑණු කෙනෙක් !! “
මතු සම්බන්ධයි