Stories by Arshad Najudeen on Medium
ෆෑසිස්ට් ඍතුව
(පොදුවේ ලියන එව්වා. සමහරු “ආ මට නේ” කරං රැව්වා)
පුද්ගලීකරණය-කරන්න — NOT
අයිස් කැට පොල්තෙල් වලින් බදින්නට තරම් මිනිසාට නිර්මාණාත්මක විය හැක. ලිංගේන්ද්‍ර ප්ලාස්ටික් වලින් නිමවා ප්‍රජනනය සඳහා ස්වාභාව ධර්මය ලබාදුන් හැගීම සංසිඳ ගන්නා මම නව නිර්මාණකරුවෙකි. එය අප සියවසේ නිදහස් නිපැවුම්ක් වේ. ඒවා සොයාගන්නා පුද්ගලයෝ විද්‍යාඥයෝ වෙති. මම අනුගාමිකයෙකි. එවන් විද්‍යාඥයකුගේ අනුගාමිකයෙකු වීම පිළිබඳ මා හද පත්ලෙන් ම ආඩම්බර වීමි. අලුත් දේ අත්හදා බලමු. ඇමරිකාවට ආවඩන, facebook නිසා මිනී මරණ සමාජයක් ගොඩ නගා ඇත්තෙමු. ආඩම්බර විය යුතුයි. Truly.
අපට ebola ප්‍රශ්නයක් නොවේ. තර්ජනය IS සංවිධානයයි. බොදු බල සේනාවයි. තමා දැඩිව විශ්වාස කරන මතය අපි ආගම ලෙස අදහමු. එම මතයට පිරිසිදු ඉතිහාසයක් තිබේ. ශරීරයේ සැම විටම තැලෙන තැනක පිහිටා ඇති මගේ බුද්ධියේ ඇතැම් ස්ථානවලට එම පාරිශුද්ධත්වය සහ මිත්‍යාවක් නොවන අමු සත්‍ය, ගෝචර වෙයි. මා එය වෙන්කර ගන්නේ හංසයා මෙන් නොව ඩොනල්ඩ් ඩක් (Donald Duck) වගේයි. මොකද හංසපූට්ටුව ඓතිහාසිකව too mainstream නිසාය. ඒවා එසේ තිබිය දී එය දේශනා කළ ශාස්තෘන්වහන්සේ උසස්ම චරිතය ලෙස හඳුනන්නෙමි. එයට විරුද්ධ වන්නේ අනකෙකු ද ඔහු ජාති ද්‍රෝහියෙකි. ජන්මය පිලිනි වූ අවජාතකයෙකි. “ලංකාවේ මම එවුන්ව ගිනි තියෙනවා. මැද පෙරදිග මම උන්ගේ බෙල්ල ගසා දමනවා. පිරිමියාගේ අහවල් එක දං ගෙඩියේ තියලා පොඩි කරනවා. ඉන්දියාවේ මම උව කපනවා. ඇමරිකාවේ මම උට western විදිහට වැඩේ දෙනවා” එහෙම කරන මම පරිනාමය සහ ලිබරල්වාදය අතර වෙනස සොයා අරගලයක යෙදෙමින් කාලය ගතකරන සේපියන් වර්ගයක ආඩම්බරකාර උරුමක්කාරයායි.
ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනව. ඒ, මම ශ්‍රී ලංකාවේ දළ දේශීය අදායම ඉහළ නංවන්න දිවා රෑ නොබලා වෙහෙස වන ලාංකිකයෙක් වන නිසා. රටේ කිර්තිනාමය ලොවපුරා පැතිරවූ ප්‍රෞඩ ශ්‍රී ලාංකික් වන නිසා. බෞද්ධ උරුමය රැකගන්න සමුළු පවත්වන මම, ගමේ පන්සලේ වතුර කරාමය කැඩුන වහාම එය ගැන සොයා බලා නැවත පයිප්පයක් එකිනෙහිම සවි කරන පට්ට බෞද්ධයෙකි. අලුත්ගම මුස්ලිම් කඩ ගිනි තැබූ සැනින් facebook පැමිණ status දමා විරෝධය පල කළ මම, පංච කාල නැමදුම සඳහා පල්ලියට පයින්ම යන hardcore මුස්ලිම් භක්තිකයෙකි. මෙවන් බොහෝ දේ මා කරන නිසා මට අනෙකාගේ පිට අතුල්ලන්න අයිතියක් ඇත. ඒ සඳහා මා facebook පොල් මුඩ්ඩ භාවිත කරමි.
කාන්තාවක් පිරිමියෙක්ගේ කන පලන සිදුවීම රූපගත කරන්න තරම් කොන්දක් මට තිබේ. සමාජ ජාල වලට එක්වුණු එම වීඩියෝවට නිදිවර්ජිතව comment කර මුළු ස්ත්‍රී සංහතියේම රෙදි ගලවන්න තරම් මට පුරුෂ ශක්තියක් තිබේ. එසේ කරන මම තවත් කාන්තාවක් වන මගේ මවගේ ආඩම්බරකාර දරුවාය. ඒ නිසාම, කාන්තාවක බිම දමාගෙන තඩිබාන පොලිස්කාරයාට “ඔයි රාලහාමි ඕක නවත්තනවා” යැයි සිංහනාදයෙන් ගෙරෙව්වෙමි. සිදුවීම වන විට, ඒ අසල කනුවකට මුවා වී එය රු ගතකරමින් සිටි රිපෝටර් කෙනෙකුට ඔහුගේ බිරිඳ පැවසුවේ “බලනවා අයිසේ, තමුසෙට බැරි උනානේ! එන්නෙපා මගේ බඩ උඩට අයිත්” කියාය. නිවසට පැමිණි ඔහු වහාම, ඒ වීඩියෝව share කළේ ලැජ්ජාව දරාගත නොහැකි නිසා විය හැකි. ඒ හුස්මටම, එකට comment කරලා පොලීසිය එක්ක වගේම ගුටිකාපු බඩුව එක්කත් හිතේ තියන තරහ හීනියටවත් තුනී කරගත් බවක් පෙනිණි.
බස් නැවතුමේ මහ සෙනඟ ඉදිරිපිට එවන් පෙළහර පෑ මම තවමත්, ඇමරිකානුවා සොයාගත් පරිඝනකය ඉදිරිපිට සිට උන්ගේම පිනෙන් අපට දායාද වූ අන්තර්ජාලයෙන් තවත් කාන්තාවක් “anaconda” පිලිබඳ රහකරමින් පස්ස දෙදරවන වීඩියෝව තිස්තුන් වතාවක් නරඹමි. එයින් නොනැවතුණු මම, A4 කොලේක ‪#‎streetharassmenthurts‬කියා ලොකු එකෙන් ලියා, සමාජ ජාල හරහා කාන්තා හිංසනයට එරෙහි වීමි.
ඒ මම ප්‍රෞඪ ශ්‍රී ලාංකිකයෙක් වන බැවිනි.
(අර්ශාඩ් නජුමුදීන්)