Stories by Dasun Sameera on Medium
Why I Moved from Qt to Plain C++ and Electron
Don’t get me wrong, I am still a fan of Qt, and it was my first choice before I moved to other options. At the time, around 2013, when I started developing my desktop application, Qt was the most mature option available. Although Electron was introduced around the same time, I might have missed it, or perhaps I did not see its potential. Regardless, I chose Qt, and it worked well for about a year.
The application I am referring to was originally written in VB6 + C++. One reason I chose Qt was that I needed a cross-platform solution. VB6 was promoting a migration to .NET framework, but I did not feel comfortable with that approach, even though I was a C# developer during that time.
Over time, I found that creating GUIs in Qt became more challenging and time-consuming, even for a simple task. Therefore, I started looking for alternative options. Additionally, I needed to expose my application as a Web API, which was not an area in which Qt could assist. However, I still believe that Qt is one of the best options if you need to develop GUI applications for embedded systems.
The first step I took was to rewrite my core code in plain C++ instead of relying on the Qt framework. With the new features introduced in C++14 and C++17, this was straightforward. In my opinion, no one should write core application Qt code unless they have a really good reason to do so.
To make things simple, I will list my migration path in point form:
I moved the core business logic to plain C++.
I created a Node.js N-API module that wrapped up the core features I wrote (reference: https://nodejs.org/api/n-api.html).
I compiled that Node.js wrapper into an Electron-supported plain native Node.js add-on.
Electron Application:
After writing the core logic in C++ and importing it as a JS library into an Electron + Angular setup, the development was relatively easy. Now, I am not limited to the components provided by the Qt widgets. Some of you might think that Qt Quick (QML) serves this purpose. I also tried QML before moving to Electron, but, for me, it was still a lot of work.
Web API:
I wrote a NestJS wrapper for authorization and deployed it as a Lambda function. One difficulty I faced was having to compile my C++ Node.js module in the exact same kernel version that Lambda uses.
Challenges I faced:
It’s not all sunshine and rainbows. There are things I don’t like about the Electron + node addon approach.
Electron has limitations
Some may argue that Electron is just a glorified Chromium with some extended abilities. There is some truth in that argument. Before you move on, you may have to look for Electron limitations. Electron can sometimes be too heavy for simple applications. For my personal project, one of the biggest drawbacks was Electron’s lack of ability to show print preview out of the box. I used a workaround.
What I did was create a PDF print in memory and pass that byte stream to the PDF.js and show it in a new Electron window as a print preview. I know some of you may feel this is too hacky. Still, I like the outcome. The best part is that designing a printout with HTML and CSS is too easy compared to doing it with QtWidget, QPrintPreviewDialog, etc.
Why didn’t I rewrite my code in PlainJS?
My application was a bit CPU intensive when it came to core business logic. However, this may not be the case for your specific application. Alternatively, you could consider using WebAssembly instead of writing a Native Addon. This would save you the trouble of having to compile the Node Addon for all platforms if you’re starting from scratch.
Apart from these considerations, I already had existing code written in C++, so all I needed to do was remove all QT-related libraries.
I hope this personal experience is helpful to you. It’s important to remember that there’s no one-size-fits-all solution to every problem, and each problem has its unique perspective. You may still choose to use Qt over other options for desktop application development.
කාලචක්‍ර — කෙටි කතාව
මම ඇඳ උඩ උඩබලාගෙන හිටියේ ඇස් ඇරගෙන වෙන්න ඕන, ඒත් මොනවා මගෙ හිතේ වැඩ කරනවාද මට හරියටම පැහැදිලි නෑ. ඒ මදිවට මේ හිසරදය එක්ක එන මහා වැරදි කාරී හැඟීම. මෙහෙම මට දැනෙන්නේ මම මොකක් හරි ලොකු වරදක් කරපුවාම කියල මම අත්දැකීමෙන් දන්නවා. ඒත්, මොකක් ද මම කරපු වරද? සමහර විට ඊයේ රෑ හීනයක් දකින්න ඇති. ඒකේ මම මොකක් හරි දෙයක් කරන්න ඇති. මම මගේම හිත හදාගන්න උත්සහා කළා. හරි, මොකක් හරි උදේ 7ට ළඟ ඇති වේලාව. Alarm එක තිබ්බත් නැතත් මට මේ වෙලාවට පුරුද්දට වගේ ඇහැරෙනවා. ඒක නිසා මට වේලාව ගැන සැකයක් නෑ.
එක තමයි මගේ strong point එක, වේලාවට වැඩ කරන එක. ඒ වගේම මගේ මතකය. සමහර විට කෙටි කලකින්ම මට මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන් වුණේ ඒක නිසා වෙන්න ඇති.
“මොනවද යකෝ තමන් ගැන තමන්ටම පම්පෝර ගහ ගන්නේ.”
මං මටම බැණ ගත්තා. ඒවා වැඩක් නෑ. නැගිටලා, ලැහැස්තිවෙලා වැඩට යන්න ඕන.
වෙනදාට වඩා වැඩිපුර වේලාවක් ගියා අද මට ලැහැස්තිවෙන්න. නෑ. මට ලැහැස්තිවෙන්න යන වේලාව වැඩිවෙන්න පටං අරගෙන දැනට මාසයක් විතර වෙනවා.
“ඒ තෝ අර අලුතින් ආපු intern කෙල්ල ගැන හිතන නිසා.”
“අපෝ නිෂාදි මට වඩා අවුරුදු 13ක් විතර බාලයි. මගේ දරුවෙක් වගේ.”
“මේ මොන විකාරයක් ද? ඇයි මම මාත් එක්කම තර්ක කරන්නේ.”
“නැත්තන් තනියම ඉන්න මම කාත් එක්ක ද ‘ඕයි’ කතා කරන්නේ?”
“ඕයි ?, status maintain කරන්න ඕනෑ නම් තමුන්ගේම හිත එක්ක කතාකරන්න වුණත් ඔය වගේ වචන කියන්න එපා. පුරුද්දට යනවා.”
“ඒක හරි.”
මේ විදියට හිත හිත මම බෝඩිමෙන් එළියට ඇවිත් පාරේ ඇවිදගනෙ වැඩට යනවා. ඔව්. මම ඉන්න තැන ඉඳන් බැංකුවට කිලෝමීටර් එකහමාරක් විතර ඇති. උදේ නැගිටලා වතුර ටිකක් විතරක් බීලා, ලැහැස්තිවෙලා මම යන පාරේම තියෙන පොඩි කැෆේ එකකින් කෑම අරන් පයින්ම තමයි හැමදාම මම වැඩට යන්නේ. එතනදී තමයි මම උදේ තේ එකත් බොන්නේ.
“හරි වයසට බැන්දා නම් මට නොනා මේවා කරල දේවිනේ. කඩෙන් කන්න ඕන නෑනේ.”
ඒක එච්චර සාධාරණ තර්කයක් නොවන බව මටම තේරුණා. ඒත් මම උත්තර දෙන්න ගියේ නෑ. උදේ නැගිටිනකොට තිබුණ අර වැරදිකාරී හැඟීම තාම ගිහින් නෑ.
මට මාවම රුස්සන්නේ නැත්තේ ඒක ද? මේකට හේතුව අර කස්ටමර් ගේ දරුවා නැති වුණ සිද්ධිය නිසා ද?
“තමුසේ නිසා තමයි මගේ දරුවා මැරුණේ….”
“මම අද වෙනකන්, ලෝකයට ණයක් නැතුව, වංචාවක් කරනනේ නැතුව ජීවත් වුණ මිනිහෙක්”
“මං, හැම වෙලාවෙම මගෙ දරුවටත් කියල දුනේ ඒ විදයට ජීවත්වෙන්න”
“තමුසේලා මනුස්ස ජීවිතයක වටිනාකමක් දන්නේ නැති හැත්ත. උඹට පුළුවන් කම තිබුණා එක අත්සනකන් මගේ දරුවාව බේර ගන්න.”
“බලා ගන්නවා. මේ ඉන්න්නේ තමුසේ මරුපු මගේ දරුවා. හොඳට බලා ගන්නවා…”
“තමුසෙලා ඔක්කොම මම විනාශ කරනවා. මම පොන්නා නැකැත්තා ගේ පරපුරේ මිනිහෙක් කියලා මතක තියාගනින්.”
මට මැවිලා පේනවා ඒ මනුස්සයා මට ශාප කරපු හැටි. සිකියුරිටි ඔෆිසර් රංජිත් බොහොම අමාරුවෙන් ඒ මනුස්සයාව එළියට ඇදන් ගියේ. ඒ මනුස්සයා අපිත් එක්ක ඉඳ හිට ගනුදෙනු කරපු කෙනෙක්. ෆික්ස් ඩිපොසිට් එකේ පොලී සල්ලි ගන්න හැම මාසෙම වගේ එන නිසා මට එයාව හොඳට මතක යි. මේක, අලුතින් දාපු ‘මිනි බ්‍රාන්ච්’ එකක්. ඒ නිසා නිතර එන කස්ටමර්ස්ලා ලා කොහොමත් මතකයි. ඔහුට අවශ්‍ය තරම් පාරම්පරික දේපල තිබුණත්, දරුවා හදිසියේ අසනීප වුණ වෙලාවේ මුදල් ඕන නිසා ඔහු දන්න කියන අපේ බැංකුවට ආවේ ණයක් ගන්න. දේපල ලියාගෙන ණයක් අරන් දෙන්න කිව්වා. ඔහුට තිබුණේ නොබදූ ඉඩම් ඔප්පුවක්. ඒකට බෙදුම් නඩුවකුත් යනවා. මම එයාට පැහැදිලි කරලා දුන්න මේක කරන්න බැරි බව.
“මේ ඉඩමේ එයාගේ බුක්තියට ඇති කොට විතරක් වුණත් කොටි 5 කට වඩා වටින වා. මට මේ වෙලාවේ ඕන ලක්ෂ 9 ක් විතරයි. මම කාලයක් ගනුදෙනු කරපු බැංකුව, සර් මාව හඳුනනවානේ, මේක නිසා මගේ තත්වය ගැන හිතලා මොකක් වත් කරන්න බැරි ද? මගේ දරුවාගේ අසනීපයකට මේ සල්ලි ගන්නේ හදිස්සිය නිසා.” ඔහු මට කීවා.
“අපිට ඉහළින් දීලා තියෙන නිර්දේශයන්ට පිටින් තීරණ ගන්න බෑ”
එහෙම කියලා මම එදා ඔහුව හරවා යැව්වා. එයා ගාව තිබුණ fix deposit වල මුදලුත් මදි ඇති වැඩේට. ඒත් ඉතින් මම මොනා කරන්න ද? මේ වගේ සිදුවීම් අපිට තවත් එක් සිදුවීමක් විතරයි.
ඒ දරුවා මොකක් හරි හේතුවකට මිය ගිහින් කියලා දැන ගත්තේ එදා ඒ මනුස්සයා ඔය විදියට අපේ බැංකුවට ඇවිත් කෑ ගහපු වෙලාවේ. එයාට හැදුණ අසනීපය මොකක් ද කියලාවත් මම දන්නෑ.
“උඹ, හිතාමතා මිනිහෙක් මැරුවේ නෑනේ. උඹ කරේ උඹේ රාජකාරිය”
හැම වෙලාවේම මට කෝචෝක් දාන මගේ හිත, මේ වෙලාවේ මාව සනන්න ගත්ත උත්සාහය දැකලා මට ම මං ගැන දුක හිතුණා. ඒත්, කතාව ඇත්ත. මං කියලා මොනාවා කරන්න ද?
කල්පනාව අස්සේ බිමටම පත බෑවුනා… ඇත්තටම මම වැටුණේ කොහොමද කියලාත් මට මතක නෑ. මම එහෙමම ඉඳගෙන බැලුවා වටපිට කවුරුවත් බලාන ඉන්නවා ද කියලා. මං ඉන්න බොඩිම තියෙන්නේ පුද්ගලික පාරක. මම බොඩිමින් එළියට බැහැලා එමින් හිටියේ ඒ පාරේ, එතන වැඩිය කුවුරුත් නෑ. කවුරුත් පේන තෙක් මානයක නෑ. හැබැයි වැලි පාරේ වුණත් තැන තැන පොළව යටින් මතු වෙච්ච කළු ගල් තිබුණා. ඉස්සර මේකේ ගල් දාල තියෙන්න ඇති. මම වැටෙනකොට මෙච්චර වෙලා අතේ නොදා අතේ අරන් ගියපු, ඔරලෝසුව එක්කම මම අත පොළවේ තියලා, එතන තිබුණ ගලක වැදිලා ඔරලෝසුවේ වීදුරුව බිඳීලා තිබුණා.
“මොන මගුලකට ද ඔරලොසුව දාගන්නැතුව, අතේ අරන් ආවේ? මහ ලොකු පිළිවලට වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්නේ. තොට මගුල් විසේ.”
හිත කෑ ගැහුවට මගේ හිත බිඳුණ ඔරලෝසුවෙන් පිටතට ගියේ නෑ, මේ ඔරලෝසුවම මේ විදියටටම බිඳිලා තියෙනවා මම මීට කලින් දැකල තියෙනවා. මට හොඳටම ෂුවර්. DeJaVu සීන් එකක් වත් ද? ඔරලෝසුව වම් අතේ තිබුණ නිසා වම් අතට අතට තුවාල නෑ. ඒත් රිදෙනවා. නමුත් දකුණු අතේ අල්ලයි වැල මිට ගාවයි පොඩ්ඩක් ලෙලි ගිහින්.
මම හැරිලා ආපහු බොඩිමට ගියා. අත පය ටික නැවත හෝදගෙන, තුවාලය හෝදලා සර්ජිකල් ස්පිරිට් ටිකක් ගාගත්තා. ප්ලාස්ටර් දෙකක් අලව ගත්තා. අලුත් ඇඳුමක් ඇඳ ගත්තා. ආයේම යන්න පිටත් වුණා.
මේ වැඩේටත් විනාඩි 20ක් වත් යන්න ඇති. ගැටලුවක් නෑ. මේ දවස්වල වැඩිය වැඩත් නෑ… අවුරුදු නිවාඩු කාලේ දවස් නිසා නගරයේ ගොඩක් අය මේ දවස්වල බැංකුවට එන්නේ නෑ. මම තේ එකක් නොබීම කැෆේ එකෙන් මාළුපාං ගෙඩියක් විතරක් දඩස් ගාලා කාලා යන්න පිටත් වුණා. එතනින් මම විනාඩි 10ක් ඉතුරු කරගත්තා.
“මට ඒක නිසා ඇත්තටම පාඩු වුණේ විනාඩි 10යි. මම කොහොමත් විනාඩි 15ක් කලින් ඔෆිස් එකට යන නිසා, අද විනාඩි 5ක් කලින් ඔෆිස් එකට යන්න පුළුවන්.”
අද නම් නිෂාදි ඇවිත් ඉන්නවා. වෙනදා මම එනකොට එයා එතන වාඩි වෙලා නෑ. අද මම පරක්කුයිනේ.
“පරක්කු නෑ. තව විනාඩි 5ක් තියෙනවා”
ඒ මගේ ම හිත, ඌ කියන ඒවා මම දැන් වැඩිය ගණන් ගන්නෑ. ඇහුණැති ගානට ඉන්නවා. ඌට උත්තර දෙන්න ගියොත් දවසම කාලකණ්ණි වෙනවා.
“උඹ වෙලාව ගැන ඕනාවට වඩා හිතනවා වැඩියි”
“දැන් මම ද යකෝ, ගණන් හද හද වෙලාව ගැන කියන්න ගත්තේ මෙච්චර වෙලා?”
“දැන් උත්තර දෙන්නෑ. ගණන් ගන්නෑ, කියලා පොර ටෝක් දුන්නේ කවුද? දැන් කෝමද උඹේ භාෂාව කෝ උඹේ මහලොකු මැනර්ස්?”
එතනදී මම පරාදයි. අවුලක් නෑ පැරදුණේ මට ම නේ. අනික කියපු කතාව ඇත්ත. ඒක නිසා මම කරබාගෙන හිටියා. මම මේ වෙනකොට මගේ අසුනට ඇවිත් වාඩිවෙලත් ඉවරයි. බැංකුවේම කෙළවරක පොඩි කැබින් එකක් තියෙනව. එතන තමයි මගේ තැන. මගේ තැන කිව්වාට. එතන ඔක්කොම වගේ තියෙන්නේ රාජකාරි වටල අවශ්‍ය දේවල්. පරිගණකය ලිපිලේඛන, පෑන්, සීල්, තව මේසය උඩ තියාගත්ත එක එක රටවල් වලින් මම ගත්ත මතක සටහන්. ඒවායෙන් මම කැමතිම එක තමයි ඉන්දියාවේ ධර්මශාලා වලදී දී මම මිලදී ගත්ත කුඩා කාලචක්‍රක සිතුවම. ඒක 9 x 9 frame එකක දාලා මේසේ උඩ තියෙල තිබනේ. මේක අතින් ඇඳපු චිත්‍රයක් වුණත්, ලාමාවරු මේ කාලචක්‍රය අඳින්නේ වර්ණ ගන්වපු වැලි වලින්. ඒකට සෑහෙන කාලයක් යනවා. ඒ වගේම මේක භාවනාවට ගන්න නිමිත්තක්.
කාලය කියන්නේ චක්‍රයක්, මේ කාල චක්‍රය භාවිතා කරලා භාවනා කරන කෙනෙක්ට ඒ කාල චක්‍රයේ සියලු රහස් දැන ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. සමහර විට මේක කසිණ භාවනාවක් වගේ කරනවාද දන්නෑ. පොත පතේන් කාල චක්‍රය ගැන කියෙව්වත් මේක ප්‍රායෝගිකව කරන හැටි ගැන වැඩි විස්තර නෑ. ඒක ගුරුමුෂ්ටියක් වෙන්න ඇති.
“සර්! මම කඩේට යනවා, මොනව හරි අරගෙන එන්න තියෙනවා ද?”
එහෙම ඇහුවේ බැංකුවේ අපිට උදව්වට ඉන්න කමල්.
“නෑ නෑ ඔයා ගිහින් බෑ.” මම කිව්වා.
“ඇයි සර් මොකක් හරි වැඩක් තියෙනවා ද?”
කමල් එහෙම අහනොකටම කල්පනා වුණේ. ඇයි මම එහෙම කිව්වේ? ඉබේටම කියවුණා. ඒත් මම කමල්ට ඒ බවක් නොහඟවා.
“නෑ. නෑ. විහිළුවක් කළේ. මට මුකුත් ඕනෑ නෑ. පුළුවන් නම් යන්න කලින්, සීතාට කියන්න තාම තේ හදලා නැති නම් මට අද තේ එකක් එවන්න කියලා.”
“හරි සර්!” කමල් එහෙම කිව්වාට, එයාට තේරුණා මොකක් හරි අවුලක් ගියපු බව. මම සාමාන්යෙන් ඔෆිස් එකේ අය එක්ක විහිළු කරන්න යන්නේ නෑනේ.
මොහොතකට මම කාලචක්‍රය දිහා බලාගෙන හිත එකඟ කරගන්න ට්‍රයි එකක් දුන්නා. මේ හිතේ තියන නොසන්සුන් තාවය අඩුවෙන්නත් එක්ක.
“කාලය චක්‍රයක්, ග්‍රහ තාරකා දියෙන් යුක්ත විශ්වයම චක්‍රයක්, හුස්ම ඉහළ පහළ යෑමත් චක්‍රයක්…”
මේ විදියට කියමින් ශම්බුලා රාජයේ ආකෘතියට අනුව හැදුණු කාලචක්‍රය දිහා බලාගෙන මම මොහොතකට හිත එකඟ කරගන්න උත්සාහ කළා. මට කාල චක්‍රය ගැන මේ විස්තරය කියල දුන්නේ ධර්මශාලාවේ හිටපු ලාමාවරයෙක්. හිත මොහොතකට නිසල වුණ බවක් දැනුණා.
“හරි හරි, ඔය ඇති. දැන් වැඩ පටංගමු” මගේ හිතටම ලැබුණු සංඥාව එක්ක මම පුටුවට හේත්තු වුණා..
ඒ එක්කම නැවතත් දොර ඇරගෙන ආපු කමල්,
“සර්! මම කඩේට යනවා, මොනව හරි අරගෙන එන්න තියෙනවා ද?”
“දැන් මං සැරයක් කිව්වානේ. මට මුකුත් ඕන නෑ. සීතාට මම කියපු පණිවිඩේ කිව්වේ නැත්තන්. ඒක කියන්න ඕනත් නෑ. මට තේ එපා.”
මම, කමල් මගේ දිහා අමුතු විදයට බලාන හිටියා. මං ආපහු බලන් ඉන්න විදියට ද කොහෙදෝ මෑන් බය වෙලා මුකුත් නොකියා යන්න ගියා. මගේ අතින් ඒ වචනය ටිකක් සැරට පිට වුණා. මම විහිළුවක් කරපු නිසා මටත් විහිළු කරන්න ආවා ද දන්නෑ. ඕක තමයි මම රාජකාරියේ දී විහිළු තහළු නොකර ගානට ඉන්නෙ.
ඔය අතරේ මට ගැහැණු කෙනෙක් ගිරිය යටින් කෑ ගහනවා ඇහුනා…
අසුනෙන් ඉබේම වගේ නැගිට්ටුන මම දොර ඇරගෙන එළියට ආවා…
Counter එකේ හිටපු නිෂාදිගේ පපුවේ පිහියක්. එහා පැත්තේ උන්න සංඛ සුදු ඇඳගත්ත තරුණයෙක් එක්ක පොරබදිනවා. මම පැනපු ගමන් ඒකාව ඇදල ගත්තා… එතකොට තමයි මං උගේ මූණ මුලින්ම දැක්කේ. අර මනුස්සයාගේ මැරුණා කියපු පුතා ගේ රූපයමයි. ඇස් දෙක වහගෙන හිටියේ. මහ කුණු ගඳක් උගේ ගාවෙන් ආවේ. ඒ වෙලාවේම රංජිත් ඌව අල්ල ගත්තා බෙල්ලෙන්, අරගෙන මගේ කැබින් එක ඇතුළට දැම්මා දාලා දොර වැහුවා. මේ ඔක්කොටම තත්පර 3ක්වත් යන්නේ නැතුව ඇති.
“සර්, මේ පිල්ලියක්.”
“සර්, අපේ සීයා මට, ඒ කාලයේ ගමේ යවපු පිල්ල ගැන කතා කියලා තියෙනවා. මේකා පිල්ලියක්.”
මට රංජිත් එක්ක ආවේ තරහක්, ඔහුට බනින්න වෙලාවක් නෑ. මම නිෂාදිව පුටුවෙන් අරගෙන බිමට තිබ්බා. හරියටම හදවත තියෙන හරියෙන් පිහිය ඇතුළට ගිහන් තිබුණා. ඒක කොච්චර දිග පිහියක් ද මම දන්නෑ.
“මම 1990 කතා කරන්න. ඉක්මනට කවුරු හරි..”
“නිෂාදිට අමාරුයි.”
මං එහෙම කියලා කෑගැහැහුවා. මම නිෂාදිගේ පපුවට පිහිය ඇනුණ තැනින් එන ලේ නවත්තන්න අතින් තදකරගෙන හිටියා. ඒ වෙනාකටත් සංඛ දුරකථනය අරන් ඇම්බියුලන්ස් එකකට කතා කරන බවට මට තේරුණා.
නිෂාදී අමාරුවෙන් කට හොළවනවා. මොනවා හරි කියන්න හදනවා. නමුත් ශබ්දයක් එන්නෑ.
“බය වෙන්න එපා. ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියනවා. බය වෙන්න එපා”
මට ඒ වෙලාවේ ඊට වඩා වචන ආවේ නෑ. පිහියෙන් පපුවට ඇන්නම බය වෙන්න එපා කියලා හරියනව ද? ඒ අස්සේ රංජිත් තවම දොර තද කරගෙන. අර තිරිසනා ඇතුල් පැත්තේ ඉඳන් දොර අදිනවා. රංජිත් ටිකක් වයසක මනුස්සයා.
“කෝ මේ කමල්.”
මම කෑ ගැහුවා. ඌ කඩේ ගියා මේ අස්සේ. සංකයි මායි විතරයි. සංඛ ඇම්බියුලන්ස් එකට කතා කරලා විස්තරය කියලා ඉවර කරලා, පොලිසියිට කොල් එකක් දෙමන් හිටියේ.
නිෂාදි හෙලවෙන එක නතර කළා. මට තේරුණා ඇය මිය ගිය බව.
රංජිත් කියන කතාව ඇත්ත, මේ අර මැරිච්ච ළමයා. උගේ තාත්තා තමාගේ ළමයාවම පිල්ලියක් කරලා අපෙන් පළිගන්න එවන්න ඇති. මං ඇයි මේක මට කලින් නොදැනුණේ. ඒ මනුස්සයාගේ තර්ජනය මම ගණන් ගත්තේ නෑ. වරද මගේ! නිෂාදි මැරුණේ මම නිසා. මේක නිවැරදි කරගන්න බැරි වරදක්. ටික වෙලාවකින් පිල්ලිය මගේ කැබින් එක ඇතුළේම කඩාගෙන වැටුණා. දැන් මේ බැංකුවේ මරණ දෙකක්. ඇම්බියුලන්ස් එකෙන් මරණ දෙකම අරන් ගියා. දැන් අපි ටික මේක ඇතුළේ. පොලීසිය එක එක්කෙනාගෙන් ප්‍රශ්න කරනවා.
මට සෑහෙන වරදකාරී හැඟීමක් දැනෙනවා. මට ලොකු වේදනාවක් ආවේ නෑ.
“මේ සියල්ලම මට වෙනස් කරන්න තිබුණ දේවල්, මට මේක නිවැරදි කරන්න තිබුණා නම්. කාලය වෙනස් කරන්න තිබුණා නම්.” මේ විදියට වරදකාරී හැඟිම් මගේ හිතට තදින්ම වද දුන්නා.
“කාලය චක්‍රයක්, හුස්ම ඉහළ පහළ යෑමත් චක්‍රයක්…”
මම කලින් කරපු භාවනාව සිහියට ගත්තා. මගේ හිත මොහොතකට නිසල වුණ බවක් දැනුණා.
මොකක්ද ඒක? මට මතක් කරගන්න බෑ. ඒත් අමතකත් නෑ. ඒක හරිම අමුතු හීනයක්. ඒත් මට ඒක මතක් කරගන්න බෑ. එක්කෝ හිනයක් දැක්කානම් ඒක මතක හිටින්න ඕන. නැත්තන් අමතකම වෙලා යන්න ඕන. ඒ මදිවට මේ හිසරදය එක්ක එන මහා වැරදි කාරී හැඟීම. ඒ මොකක් හරි, වැඩට යන්න ඕන. උදේ 7ට ළඟ ඇති වේලාව. Alarm එක තිබ්බත් නැතත් මට මේ වෙලාවට පුරුද්දට වගේ ඇහැරෙනවා. ඒක නිසා මට වේලාව ගැන සැකයක් නෑ.෴
මම පොඩි කාලේ හිතුවා සමහර විට අපිට අංක ගණිතය ගැන දැනුම පිටසක්වලකින් එන්න ඇති කියලා. ඒ ජීවින්ට ඇඟිලි 6 ගානේ තියෙන්න ට ඇති කියලා.
:D
ඒක ඇත්තටම වෙන්න බැරිත් නෑ නේ ? ඒත් පසුව මීට වඩා හොඳ හේතුවක් හමු වුණා.
ඒ තමයි මාස 12. අවුරුද්දට මාස 12ක් තියෙනාව. ඒක ඇසුරෙන් තමයි තමයි අපිට මේ 12 කියන අගය ගොඩක් ගණනය කිරීම් වලට ආවේ. දුසිම වෙනම ම වචනයක් ඒකට තිබුණ ත් 11ට හෝ 13ක ට එහෙම විශේෂ නමක් නෑ ති වුණේ ඒක යි. ඉතින් ඒත් ඇයි මේක මාස 12 ක් ම වුණේ. 13 ක් නොවී 11 ක් නො වී?
ඒක වෙන්නෙ මෙහෙමයි. සූර්‍යා වටයක් යන කොට දළ වශයෙන් අවම 12 වතාවක් වත් සම වෙනවා. හිටපු ගමන් මේක 13ක් වෙන්න බැරිත් නෑ. ඔව් හිටපු ගමන් 14 වෙන අවස්ථාත් තියෙනවා. හැබැයි 12 ක් අනිවාර්යෙන් වෙනවා. ඉතින් මේ මාස ටික නිසා මාස 12 ක් හැදුණා. ජනවාරි පෙබරවාරි වගේ වර්තමානයේ දී අපි දැන් පාවිච්චි කරන ජෝජියන් කැලැන්ඩරයේ මාස 12 ට අමතරව පෙර දිග කැලැන්ඩරයේ ද තියෙන්නෙ මාස 12 යි. අරාබි කැලැන්ඩරයේ ද මාස 12 යි.
ඔහොම වුණා කියලා තව ගොඩක් දේවල් 12 පදනම් කරලා ගත්තේ ඇයි? කාලය මැනීමේ ඒකක ගොඩක් 12න් බෙදීම පදනම් කරලා හැදුණේ. ඉතින් අනෙකුත් ඒකකත් ඒ අනුවම යන්න ඇති. දිනකට හෝරා 12 කොටස් දෙකයි ඒ කිව්වේ හෝරා 24යි. ඒක තමයි අවර්(hour) වෙලා දැන් අපි වැරදියට පැය ලා වහරන්නේ. ඇත්තටම ඒක හෝරාවම තමයි…
අපිට කලින් පැය වලින් කාලය මනින ක්‍රමයක් තිබුණා තමයි. ඒකට අනුව දිනකට පැය නම් 60 යි. සමහරු දැනුත් කීමට කියනවා. හැට පැයක් බලන් හිටියා කියලා. ඒ ඇවිත් පැරණි සිංහල(පෙරදිග) 60 පැය ක්‍රමය යි. දැන් කොහොම වුණත් පැය කියන එක භාවිත අර්ථය වෙනස් වෙලා නිසා ඒක වෙනස් කරන්න ඕන නෑ. මාතෘකාවෙන් පිටතට ගියා වැඩි යි. නැවතත් 12ට එමු.
රාශි 12 බෙදීමේ පදනමත් මේ සූර්‍යා ගේ ගමන් මාර්ගය තුල අහස් තලය 12 කට බෙදීම තමයි. අංශක 360 හැදෙන්නෙත් ඔය විදියටම තමයි. ඒ කිව්වේ අවුරුද්දකට ආසන්න වශයෙන් දින 360ක් (365.2425 වගේ ද?) තියෙන නිසා. මේ අගය වඩා විශේෂ වෙන්නේ පහසුවෙන් බෙදන්න පුළුවන් නිසා. ඒ කිව්වේ 360 කියන අගය, 12 න් බෙදන්න පුළුවන්. 12 සාධක ගත්තොත් 2,3,4,6 තියෙනවා. 360 ත් මේ වගේ 12 සාධක වලට අමතරව තවත් සාධක බොහෝ ගණනකට කඩන්න පුළුවන් අංකයක්. හරි! 360 තියලා ආයේ 12ට එමු. :)
12 තවත් විශේෂ වෙන පැති ගොඩක් තියෙනවා. උදාහරණයක් විදියට ගොඩක් ආගමික ඉගැන්වීම් වල 12 විශේෂයි. ජේසු තුමන්ට හිටියෙත් ගෝලයන් 12යි. සමහර කන්ස්පිරිසි තියරිවලට අනුව මේ ගෝලයන් 12 රාශි 12 නිවේදනය කරනවා ලු. ජේසු තුමන් සූර්‍යා නිවේදනය කරනවා ලු. එච්චර දුරට දැනට නොයා ඉමු. හර්කියුලීස් වුණත් දිව්‍ය ලෝකයට යන්නේ වැඩ 12ක් කරලා කියලා ශූර පප්පා බලපු හැමෝම වගේ දන්නවා ඇති. ;) මේ හැම එකකටම පදනම අර මාස 12 කියලා තමයි ගොඩක් දෙනා දැනට පිලි ගන්නේ..
ඔබ මේකට එකඟ ද? 12 ගැන මට මිස් වුණේ මොනවා ද?
12 ගැන ඔබ දන්න මොනවා හරි තියෙනවා නම් පහළින් Comment කරන් යන්න ;)
ප.ස.
ඒ වගේම, මම මේ ලිපිය ජ්‍යෝතිෂ්‍යය පිලි ගන්නා නොපිළි ගන්නා සැමට වැදගත් වෙන විදියට තමයි ලිව්වේ. 12 පිටිපස්සේ ජ්‍යෝතිෂය ලොකුවට ඉන්නවා තමයි. මේ පැහැදිලි කිරීම්වලට වඩා ගැඹුරු පැහැදිලි කිරීම් ජ්‍යෝතිෂ්‍යය ඇතුළේ තියෙනවා තමයි. ඒත් ඒවා මේ ලිපිය අරමුණු කරන වපසරියෙන් පිටත ඇති නිසා. සඳහන් නො කළෙමි.
අතීතයේ යම් යම් සිදූවීම් දත්ත විදියට මතක තබා ගැනීම බුද්ධිය මනින උපක්‍රමයක් ද? බොහෝ දෙනාහිතන පරිදි ඒක එහෙම තමයි. මට මේක ලියන්න හිතුණේ ලංකාවේ පළමු ජනාධිපති කවු ද, වර්තමාන ජනාධිපති කීවන ජනපති ද වගේ කරුණු ගැන අහලා කරපු YouTube Video වැඩසටහනක් දැකලා.
අතීතයේ දී මතකය ඉතාමත් වැදගත් වෙන්න ඇති, මිනිසුන් මතකය මගින් දැනුම ඉදිරියට ගෙනියන්න හොයාගත්ත පළමු ඉතාමත් වැදගත්ම සොයා ගැනීම තමයි, කවිය. නිකන් වචන පේළියක් මතක තියාගන්න හැදුවාට එය අපට මතක හිටින්න තරම් හේතුවක් නෑ. එය වචන පෙළක් පමණක් ම නිසා.
ඉතින් මිනිසුන් සොයාගත්තා තමන්ගේ දැනුම කවි විදියට, නැත්තන් ශ්ලෝක විදියට පාඩම් කරන්න. තාලය සමග කියන විට ඉතා පහසුවෙන් මතක තියාගන්න පුළුවන් කියලා ඔවුන්ට තේරුම් යන්නට ඇති.
මින් පසුව ‍වුණ වැදගත්ම සිදුවීම කොළ වල (තල්පත් ආදී විවිධ කොළ වර්ග) ලිවීමට පටංගැනීම, නමුත්මෙය ටිකක් සංකීර්ණ ක්රියාවලියක්. ඒ නිසා කාර්මික යුගය වන තෙක්ම පොත්පත් ඉතා සුලභ වුණේනෑ. ඒ නිසා කොළ වල ලිවීම වගේම කවි ශ්ලෝක ආදියෙන් මතකය ගෙන ඒම දිගින් දිගටම පැවතුණා. පොත් පත්වලට යන වියදම එන්න එන්න අඩු වීමත් එක්ක එය සුලභ දෙයක් වීමත් එක්ක කවියට/ශ්ලෝක වලට තිබ්බ තැන නැතිව ගියා. දැනුම ඉදිරියට ගෙන යාම ශ්ලෝකය පාඩමින් තිබීම එතරම් අවශ්‍ය දෙයක් වුණේ නෑ. අවශ්‍ය වෙලාවට පොත පෙරළා බලන්න පුළුවනි.
දැන් අපි ඉන්නේ සෑම කෙනෙක්ගේම අතේ gigabyte ගණනක memory ඇති කුඩා පරිගණක(ජංගම දුරකථන) සහිත යුගයක යි. ඒ හැම එකක්ම වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා. ඔබට අවශ්‍ය තොරතුරක් ඉතා කෙටි කාලයකින් නැවත ලබා ගන්න පුළුවන්. නැති නම් දන්න කෙනෙක් ගෙන්ඉතා අඩු කාලයකින් අසා දැන ගන්න පුළුවන්. ඔබට එදිනෙදා ජීවිතයේ දී අනවශ්‍යය කරුණු මතක තබාගැනීම අද වෙන විට අත්‍යාවශ්‍යය දෙයක් නෙමෙයි.
මිනිස් මොළය සෑම විටම අනවශ්‍යය වෙහෙසක් ගන්නේ නෑ අනවශ්‍යය දේවල් මතක තියාගන්න. මේ හේතුව නිසාම මිනිස් මොළයට ඉතා ඉක්මනින් තීරණ ගන්න පුළුවන් වෙනවා. කොහොම වුණත් ඔබට හොඳ මතකයක් ඇත්නම් එය ඉතාමත් හොඳයි. හැබයි කෙනෙක්ට යම් යම් අතීත සිදුවීම් වලට වග කිවයුතු පුද්ගලයන් කවුරුන් ද කියලා අමතක වුණා කියලා ඒ පුද්ගලයා බුද්ධි හීනයෙක් විදියට දකින එක සහේතුක නෑ.
ඒ වගේම පහුගිය සියවසේ බුද්ධිමතා විදියට බොහෝ ‍දෙනා පිළිගන්න අයින්ස්ටයින්ට පවා ඉතා අඩු මතකයක් තිබිලා තියෙන්නේ. සිසුවෙක්ව සිටින අවදි යේ දී ගුරුවරයකේ ඔහුට පවසා ඇත්තේ ඔහුට ඇත්තේ පෙණේරයක මෙන් මතකයක් බවයි. අඩුම තරමේ ඔහුගේම දුරකථන අංකය පවා ඔහුට මතක තිබිලා නෑ.
පුද්ගල නාම, ස්ථාන, කාල වකවානු, ආදිය මතකයේ තේරුමක් නැතුව ගොඩ ගහගන්න එක නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. ඒක නෙමෙයි බුද්ධිය කියන්නේ. ඔබ කෙනෙක්ට යමක් අමතකයි කියලා හිනාවෙන්න කලින් ඔබ සසඳා බලන්න ඔබ ඒ ඒ පුද්ලයා කොතරම් දුරට අධ්‍යයනය කර ඇති ද කියලා. ඔබ කොහොම ද ඉතා කෙටි කාලයකින් යමෙක් ගේ බුද්ධියක් ගැන තීරණයක් ගන්නෙ අතීත සිදුවීම් ගැන ඇති මතකය විතරක් පරීක්ෂා කරලා.
බුදුන් සංඝයාට ගීතස්වරයෙන් ගායනා කිරීම තහනම් කර ඇත. බුදුන් ගේ විනය නීති අදාල වෙන්නේ භික්ෂූනට පමණයි. ගිහියන් මෙයි අන්ත දෙකටම නොයා යුතු ය. කවුරු හරි බුුදු ගුණ සහ තමන් කමැති ගැහැණු ළමයෙක් ගැන රාගය මුසු කර (mix) ගීතයක් හැදුවොත් ඔබ ඒ ගැන කුමක් නම් සිතයි ද?
ඔබ කුමක් සිතුවත් ඵල නැත. බුදුන් නම් කුමක් සිතයි ද?
මේ වගේම සිදුවීමක් වෙනවා බුුදුන් ඉන්නා කාලයේ දී ම. ඔය සිංදුව ලියලා ගායණය කරන්නේ වෙන කවුරුත් නෙමෙයි පංචසික (නොහොත් පන්සිළු). මේ සිදුවීම ඇත්තේ දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයේ ය.
මෙහි දී ඉන්ද්‍රසාල ගුහාවේ බුදුන් වැඩවෙසෙන සමයක සක් දෙවිඳු පංචසිකත් රැගෙන බුදුන් හමුවට යනවා. යනකොට ඉතින් බුදු හාමුදුරුවෝ දැහැන්ගත වෙලා ඉන්නේ. ඉතින් සක් දෙවිඳු කියනවා මම ගිහින් එකපාරට කතා කරන එක හරි නෑ. ඔයා සිංදුවක් කියලා බුදුන්ගේ සිත් අරගෙන ඉන්න කියලා.
ඉතින් ඊට පස්සේ පංචසික බුදුන්ට ඉතා දුර ද නොවන ඉතා ලඟද නොවන සුදුසු තැනක ඉඳ පාණ්ඩු වීණාව ද වයමින් ඔහු විසින් සිත් ගත් සූර්‍ය වර්චසාව (සූරිය වච්චසා) නම් කාන්තාව ගැන(කාමයේ ගුණ) ද ඒ අතර බුදුන් පිළිබඳව ද දහම පිලිබඳව ද රහතුන් පිළිබඳව ද එකතු කර ගීතයක් ගයයි. එය සූත්‍රයේ සිංහල පරිවර්තනයේ සඳහන් පරිදිම මෙසේ පහතින් උපුුටා දක්වමි.
“ළහිරුරස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන් නෙහි ද, තීගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.
‘ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තීගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.
සොසුලුවනට සුළඟ සේද, පැවැසියනට පැන් සේද, රහත්නට දහම් සේ ද තෝ මට ප්‍රියයෙහි ය.
ගිලන්හට බෙහෙද සේ ද, සා ඇතියනට බොජුන් සේ ද තෝ මට ප්‍රියයෙහි ය. සොඳුර, ඇවිලෙන ගින්න දියෙන් සේ (තී නිසා උපන් කාමරාග දවිල්ලෙන් තැවුණු) මා නිවව.
ගිම් තැවුලෙන් බෙහෙවින් තැවුණු ඇතක්හු පියුම් කෙසුරුයෙන් යුත් සිහිල් දිය ඇති පොකුණකට බස්නහු සෙයින් (කවර දා) මම් ති ගේ තනබඩ තුරට බස්නෙම් දෝ!
අකුස ඉක්මි (අකුසින් මැඩැලිය නො හෙන) ඇතක්හු ‘කම්මුල විදුනා කටුවත් පා විදුනා කටුවත් මා විසින් දිනන ලදැ’ යි මදයෙන් මත් බැවින් කරුණු නො දන්නා සේ, තී ගේ ලක්ෂණ සම්පන්න ඌරු යුගලයෙන් මත් වූ මම් රාගය දුරැ ලන්නට කිසි දු කරුණක් නො දනිමි.
තී කෙරෙහි ගිජු වූ සිතැත්තෙමි. ම සිත පෙරැළී ගියේ ය. බිලිය ගිල ගත් මසක්හු සෙයින් තී කෙරෙහි බැඳුණු සිත මුදා ගන්නට නො හැක්කෙමි.
මනා ඌරු යුගලයක් ඇති සොඳුර, මා වැලැඳැ ගන්න. මඳ බැල් මෙන් බලන ඇසැත්තිය මා වැලැඳැ ගන්න, කල්‍යණිය, මා හාත්පසින් වැලැඳ ගන්න. මෙය මා වෙසෙසින් පැතූ දෑ ය.
රහතක්හට දුන් මඳ වූ ද දක්ෂිණාව මහත් පල දෙන්නා සේ, අක් බඹුරු කෙහෙ ඇති තී කෙරෙහි මට ඇති වූ ස්වල්ප (එක්) කාමුක සිත දන් නොයෙක් බව් ඇත්තේ (මහත් බවට පැමිණියේ) වෙයි.
සියලු අවයවයන්හි සොඳුරු බව ඇත්තිය, අට ලෝ දහමින් නො සැලෙන රහතුන් විෂයයෙහි මා කළ යම් පිනෙක් ඇද්ද, එය තී සහිතවූ මට පල දේවා.
හැම අවයවයන්හි සොඳුරුබව ඇත්තිය, මේ පොළෝ මඬලැ මා කළ යම් පිනෙක් ඇද්ද, ඒ සියල්ල තී සහිත වූ මට පල දේ වා.
සූය්‍යර්‍ වර්චසාව, සැහැපුත් මුනිහු දහන් වැඩීමෙන් එකඟ සිතැති වැ, ප්‍රඥායෙන් යුක්ත වැ, සිහි ඇති වැ නිවන් සොයා ගියා සේ, මම් තී සොයා යෙමි.
කල්‍යණ අඟ පසඟ ඇත්තිය, සැහැමුනිහු උතුම් සම්බෝධිය ලැබ යම් සේ සතුටු වූහු ද, එසේ ම මම තී හා එක්වීම ලැබුයෙම් සතුටු වන්නෙමි.
තවතිසා වැස්සනට අධිපති සක් දෙවිඳු මට වරයක් දෙන්නේ වී නම්, සොඳුර, දෙ දෙව් ලොව රජයද හැරපියා තී ම පතන්නෙමි. තී.කෙරෙහි මා ඇල්ම මේ සා දැඩි ය.
සොඳුරු නුවණැත්තිය, යමකුහට තී සේ වූ දූවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) ති ගේ ඒ පියා වඳිමින් නමදිමි.”
උපුටා ගැනීම අවසන්. දැන් මේ ගීතය අවසානයේ බුදුන් පන්සිළුට මෙහෙම කියනවා. ඔබගේ තත් හඬ ඔභගේ ඝීතයේ හඬ ද සැසඳෙනවා.. පන්සිළු ඔබගේ තත් හඬ(විනාවේ හඬ) ඔබගේ ගී හඬ නොයික්මවයි. ඔබගේ ගී හඬ තත් හඬ නොයික්මවයි. ඉතින් උඹ කවදා මේ වගේ ගීතයක් සකස් කළේ(රැසැයිණි?) දැයි බුදුන් ඇහුවා ලු. ඉතින් ඊට පස්සේ පන්සිළු විසින් එයාගේ Full Love story එක බුදු හාමුදරුවන්ට කියනවා.
ගැටළුව ඒක නෙමෙයි. අද අපේ රටේ ඉ්නන තලේබාන් බෞද්ධයන් මේ වගේ බුදු ගුණ ද කාම ගුණ ද ගීතයක් කවුරුන් නම් කීවේ නම්, කවුරුන් නම් කීවේ නම්. කෙසේ නම් ඉවසා වි ද?
සම්පූර්ණ සූත්‍ර දෙසනාව මෙතැනින් කියව්වත්වා!
අවසන කවුරුන් නම් රාගය බුදුන් විසින් පසස්නේ ලද යැයි වරදවා අර්ථ කථනය කළ නොයුතු ය. එය බුදුන්ට කරන මහත් අපහාසය කි. මේ ලිපිය ලියන ලද්දේ ඒ අර්ථයෙන් නම් නොවේ..! සර්පයගේ නැට්ටෙන් අල්ලා නොගන්න.
අංක 1
Crescat Mall (Open Area)
මල්දෙනිය අගමැති වී වසර 1යි මස 8කට පසුව
(inaudible,no background music)
හිරුණි මිතුරියක් සමග හිනැහෙමින් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිමින් වෙළඳසැල් එකින් එක පසු කර බලා යන්නේ ඒවා ඇතුලේ ඇති කාන්තා ඇඳුම් ගැනත් විපරම් කරමිනි. එකවරම ඇයට කඩකාමරයක වීදුරුවක ප්‍රතිබිම්භය තුලින් ජෙහාන්ව දැක තිගැස්සිනි. ඇය වහා හැරී බලන මුත් ඇය පසු පස කවුරුත්ම නොසිටියේය.
මිතුරිය: මොකද? ඇයි කලබල වෙලා?
හිරුණි: නෑ නෑ… මං එකපාරට වෙන කල්පනාවකට ගියා.
මිතුරිය අභිනයෙන් ඇයගේ ප්‍රකාෂය පිලිගත නොහැකි බවක් හඟවමින් කුතුහලය පිරි බැල්මක් ඈ වෙත පායි.
හිරුණි: අපි Food Cart එකට යමු බඩගිනියි වගේ.
අංක 2
පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්‍යාලයක්
වේලාව 09:42
තේ කෝප්පයක් සහිත බන්දේසියක් රැගෙන කාර්‍යාල සහයකයෙක් වෙගයෙන් නමුත් සීරුවෙන් ගමන් කරයි. ඔහු මන්ත්‍රී වරයාගේ කාමරය ලඟ නැවතී දෙවරක් තට්ටු කරයි. තත්ත්පර 4ක් පමණ සිට ඔහු කාමරයේ දොර විවෘතකරයි. ප්‍රියන්ත මන්ත්‍රීතුමා කාර්‍යාල මේසයේ වාඩිවී ඉඳි. කාර්‍යාල සේවකයාට මෙතනින් තියන්න යැයි හස්ත සංඥාවෙන් පෙන්වමින් ඔහු හිස මේසය දෙසට හරවමින් කියවමින් සිටි ලියවිල්ල නැවත කියවීමට ආරම්බ කර කරයි. ඒ මොහොතේම වාගේ නැවතත් දොරට තට්ටු කරන හඬක් ඇහුන අතර වැඩි වෙලා නොයවාම දොර වීවෘත වෙයි. ඒ මන්ත්‍රීතුමාගේ කාර්‍යාල සහයිකාවයි. ඇය දොර කාමරයට ඇතුලත් නොවී දොර අඩවන්ව තබා කතා කරන්න අරඹන්නීය.
සහයිකාව: සර්. සර්ව හම්බවෙන්න මහත්තයෙක් ඇවිල්ලා තියෙනවා. ඇපොයිමන්ට් එකක්නම් අරගෙන නෑ. ඒත්,
(ඇය කතාව අවසන්කිරීමට ප්‍රථම)
ප්‍රියන්ත: මම කියල තියෙනවානේ, ඇපොයිමන්ට් එක්ක නැතුව කාටවත් හම්බවෙන්න බෑ කියලා. මිනිස්සුන්ට හම්බවෙන්න මම සතියට දවස් දෙකක්ම පැය දෙක ගානේ වෙන් කරල තියෙනවානේ. මොන මගුලකට මෙතන ආයේ මෙතන, සර් සර් ගාගෙන.
ප්‍රියන්ත කතාව හමාර කරන්නට කලින් අඩවන්ව තිබූ දොර සම්පූරණයෙන්ම විවර කරමින් ඇතුලත් වෙන්නේ ජෙහාන්. අළු(Dim gray) කුර්තාවකින් සැරසී සිටියි.
(Playing background music of Koombiyo theme song/rock version)
ප්‍රියන්ත සහයිකාවට සහ සහයකයාට පිටත් වෙන්න කියන අතර ජෙහන කාමරය තුලටසිමින් පිවිසෙයි. ප්‍රියන්ත අසුනින් ඉබේටම වාගේ අසුනෙන් නැග්ට්වෙයි. ජෙහාන් දකුණු අත ඉනමත තබා ගනිමින් ප්‍රියන්ත දෙස බලමින් කට කොනින් සිනාසෙයි.
ප්‍රියන්ත දැඩි බියකින් සලිත වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
(background music fade out)
ජෙහාන්: කෝ උඹ පරණ යාළුවාට වාඩි වෙන්න කියන්නැත් ද? ප්‍රියන්ත මහඋලුපත ගම මන්ත්‍රී තුමා.
ප්‍රියන්ත: වා.. වාඩි වෙන්න අයියේ.
ජෙහාන්: බලනවකෝ අයිසේ. අවරුදු දෙකක්වත් ගියේ නෑ තමුසේ ගේ බඩ ඇවිල්ලා. තමුසේ මීට වඩා තමුසේගේ ආරක්ෂාව ගැන හිතන්නවෙනවා. මම මෙතනට ඇවිල්ල උඹගේ ඔළුවට වෙඩි තියල ගියත් කවුරුත් දන්නෑ.
ප්‍රියන්ත: අයියා කවද්ද ලංකාවට ආවේ.
ජෙහාන්: මම ලංකාවට ඇවිල්ලා සතියක් විතර වෙනවා.
ප්‍රියන්ත: ඉතින් අයියා මේ පැත්තේ.
ජෙහාන්: ඇයි මට උඹව හම්බවෙන්න තහනම් ද?
ප්‍රියන්ත: නෑ. නෑ එහෙම නෑ. අයිය ඉතින් අයියගේ වැඩේ කරගත්තානෙ. මම හිතුව අපිව ආයේ ඕන වෙන එකක් නෑ කියලා.
ජෙහාන්: උඹ මෙච්චර මාත් එක්ක ආශ්‍රය කරලා උඹ තාම හිතන්නේ අර පරණ මහඋල්පත ගමේ හිටපු ගංබරයා විදියටමයි. යකෝ උඹ හිතන්නේ මම අහවල් එකට ද උඹව මන්ත්‍රී කෙනෙක් කරේ කියලා? උඹ හිතුව ද මම මල් දෙනියව අගමැති කරේ උගේ සල්ලි වලට පෙරේත කමේ කියලා?
අනිත් එක උඹ දන්නවා ද මේ රටේ අගමැති ගාව ඉඳන් කීදෙනෙක් මේ වෙනකොට මගේ සාක්කුවේ ඉන්නවා ද කියලා?
ප්‍රියන්ත: අගමැති තුමා? අපේ මල් දෙනිය මහත්තයා?
ජෙහාන්: මල්ලි, මම උඹට ඒ විස්තර හිමීට කියන්නම්. මම ආවේ මගේ පරණ යාළුවා මුනගැහිල යන්න.
ප්‍රියන්ත: අයියා ආයේ රට යන්නැත් ද?
ජෙහාන්: කෙටියෙන්ම උත්තර දෙනවානම්. උඹට එහෙම මගෙන් ගැලවෙන්න බෑ. අනිත් එක උඹ දන්නවානේ. මාත් එක්ක හිටියා කියල මෙච්චර කල් උඹට වැරදුනේ නෑනේ. නැත්තන් ඔය පිංතූරේ ඉන්න කෙනාව උඹට කවදාවත් බඳින්න වෙනවා ද? මේක අහගනින්. උඹගේ ආරක්ෂාව හොඳටම මදි. උඹගේ පුද්ගලික ආරක්ෂාවට කොල්ලො 4 දෙනෙක් මම උඹට දෙන්නම්. උන්ගෙන් දෙන්නෙක්වත් කොයිවෙලේත් උඹ ගාව ඉඳීවි. උන් උඹගේ ආරක්ෂාව බලා ගනීවි.
ප්‍රියන්ත: එහෙම ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ අයියේ මට. මෙහෙම හොඳයි. අනික මට රජයෙන් ආරක්ෂාව දීල තියෙනවා මම මේ අවුරුද්දක් හොඳට හිටියේ.
ජෙහාන්: උඹට උඹේ ජීවිතේ වටින්නෙ නැති වුනාට මට වටිනවා. ඒක නිකන් නැතිවෙලා යන්න දෙන්න බෑනේ. රජයෙන් දීපු ආරක්ෂාව හොඳයි නම් කොහොමද බං මල්ලියේ මම මේක ඇතුලට ආවේ උන්ගෙන් බේරිලා. අනිත් එක උඹේ ජීවිතේ උඹට වඩා හෙට අනිත්දා උඹ බඳින්න ඉන්න සුදු නංගිට වටිනවා.
ප්‍රියන්ත ජෙහාන් ඉදිරියට ඇවිත් දනින් වැටෙයි.
ප්‍රියන්ත: අනේ අයියේ අපේ ජීවිත වලින් ඈත් වෙන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.
ජෙහාන්: ප්‍රියන්ත, උඹ ඔය ගෙවන ජීවිතය දිගටම ඔය විදියට ගෙවන්න පුළුවන්. ඒකට බය වෙන්න දෙයක් නෑ. උඹට අවුරුද්දකට දෙසැරකට සැරයක් ඉඳ හිට මට ඕන පොඩි වැඩක් උදව්වක් කරන්න වෙයි. එච්චරයි. අනිත් එක මම උඹට අලුත් බිස්නස් එකකුත් අරන් දෙනවා. හෙට උදේ උඹගාවට මගේ එකකේ එයි. ඌගේන කොල වලට අස්සරන් කරන්න විතරයි උඹට තියෙන්නේ. ඒකට අත්සන් කරාම Serendib Media Corporation එකේ 5%ක කොටස් උඹේ නමට හම්බවෙනවා.
ප්‍රියන්ත ජෙහාන් කතා කරන අතර තුර නැගිට තම අසුන වෙත නැවතත් යන්නේ බලා පොරොත්තු කඩ වූ විලාසයකිනි.
ප්‍රියන්ත: Serendib Media Corporation? මේ රන්දීප පත්තරය කරන තැන?
ජෙහාන්: ඔව් ඒක තමයි. උඹට ඒ කොටස් වලින් ලැබෙන ලාබය තියාගන්න පුළුවන්. කොහොමත් උඹ දැන් කරන ව්‍යාපාරත් එක්ක
ඕකේ කොටස් වලින් ලොකු ලාබයක් ලැබෙන්නේ නැති වෙයි. ඒ එකේ ලාබේ උන් පිටට යන්න දෙන්නැති නිසා. ඒත් උඹට මම කියන්න ඕන නෑනේ ඕකෙන් තියෙන්නේ ඒ වගෙ ප්‍රයෝජන නෙමෙයි කියලා. අනිත් එක Serendib Media Corporation එක ලඟදිම TV Channel එකක් පටංගන්නවා. මම ඒකේ Consultant කෙනෙක් අනිත් එක මම ගත්ත ඩිග්‍රිෙයන් වැඩක් ගන්නත් එපැයි. නේ ද?
ජෙහාන් සිනාසී ප්‍රියන්ත දෙස අවාධානයෙන් බලයි.
ප්‍රියන්ත: අයියේ අපේ පක්ෂයේ වැඩ වෙන පිලිවලක් තියෙනවානේ. මට කැමති විදියට ආරක්ෂාවට මෙහෙම කට්ටිය තියන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම මේවිදියට ඉන්නම්.
ජෙහාන්: Sagara Security & Investigation Services එකෙන් උඹට service එක දෙන්නේ. උන් හැමෝටම නීත්‍යානුකූල විදියට ප්‍රභූ ආරක්ෂාව දෙන්න පුළුවන්. පක්ෂයෙන් උඹට ප්‍රශ්නයක් වෙන්නෑ, මොකද උඹලාගේ පක්ෂයේ කිහිප දෙනෙක්ටම දැනට මම මගේ සේවය නොමිලේම ලබා දීලා ඉවරයි.
ප්‍රියන්ත: මගේ?
ජෙහාන්: ඔව්. මගේ. සුනිලයා ගාව හිටපු කොල්ලෝ ටික මම මාත් එක්ක තාම ඉන්නවා. සුනිලයාව නම් මම රටින් පිටට යැව්වා.
ප්‍රියන්ත: අයියා අගමැති තුමා පත්වෙලා සතියකින් විතර රට අත ඇරල ගිහින් අයියා හරියට කතා කරන්නේ පහුගිය අවුරුදු එකාමාරෙම අයියා ලංකාවේ හිටියා වගේනේ.
ජෙහාන්: මන්ත්‍රී තුමා. මට ඒ ගැන ඔබ තුමාට පැහැදිලි කරල දෙන්න මම බැඳිලා නෑ.
එහෙනම් මම ගිහින් එන්නම්. අවශ්‍ය වුනොත් මම සම්බන්ද වෙන්නම්. ආ උඹ කතා කරත් නැතත් උඹේ වෙඩින් එකට මම එනවා. මට ඉන්න එකම යාළුවාගේ වෙඩින් එකට නෑවිත් කොහොම ද?
අංක 3:
පියන්ත මහඋල්පතගම ගේ කාර්‍යාලයෙන්පිටත
ජෙහාන් කළුපාට x-trail රථයේ පසුපස අසුනට ගොඩ වෙයි.
රියදුරා: ඊගාවට කොහේටද යන්නෙ?
ජෙහාන්: දියතඋයණ පැත්තට යමු, යන්න ඕන තැන හරියටම මම ලංවුනාම කියන්නම්.
වාහනය ඉදිරියට ඇදෙයි. ජෙහාන් වාහනයේ වම්පස ඉදිරි අසුන දෙසට නෙත් යොමමින්.
ජෙහාන්: මල්ලි අදහසක් ගත්තාද කෙරෙන්න ඕන වැඩේ ගැන.
ඉදිරි අසුන තුල ඉන්නේ මීසා. ඔහු අත මුද්‍රණය කරන ලද A4 පිටු 20ක විතර ලිපි කිහිපයක් ද වෙයි.
මීෂා: අයියා මම කියෙව්වා. පැහැදිලි නැති තැන් ටිකක් තියෙනවා. අනිත් එක මේක සෑහෙන බරපතල වැඩක් අයියා.
ජෙහාන්: හරි අපි ඒක ගැන දැන් යන තැනට ගිහින්ම සම්පූර්ණ විස්තරේ කතා කරමු. උඹ දැනට වෙන මුකුත් වැඩ දාගන්න එපා. උඹ මාත් එක්ක අද ඉඳන් ෆුල්ටයිම් වැඩ කරන්න ඕන. අනිත් එක මම උඹට තනියම නිදහසේ වැඩ කරන්න පුළුවන් අලුත් තැනකුත් ලෑස්ති කරලයි තියෙන්නේ.
2018 ජනවාරි 31 Blue Moon තිබුනා ද?
මොකක්ද ඇත්තටම Blue Moon කියන්නේ.
අන්තර්ජාලයේ Blue Moon කියලා Search කලාම එන්නේ මෙන්න මේක,
A phenomenon whereby the moon appears bluish owing to smoke or dust particles in the atmosphere.
“people saw blue moons for years after the 1883 eruption of Krakatoa”
A second full moon in a calendar month.
“tomorrow’s full moon is a blue moon”
මෙහි පලවෙනියට තියෙන විදියේ Blue Moon එකක් නෙමෙයි මේ ජනවාරි 31 සිදුවුනේ. ජනවාරි 1 දින පොහොය දිනයක් වන අතරම ජනවාරි 31 දිනයත් පොහොය දවසක් වුනා. ඉතින් එකම මාසයක මේ විදියට පොහොය දෙකක් ආපු නිසා මෙතන දී දෙවෙනියට ආපු පොහොය Blue Moon ලෙස හැඳින්වීම ඉහත අර්ථ දැක්වීමට අනුව හිතුවොත් වැරදි නෑ තමයි. ඒත් ඇත්තටම කවුරු හරි කිව්ව නිසා හෝ කොහේ හරි තිබ්බ නිසා හෝ Blue Moon කියලා කියන්නේ නැතුව ඇත්තටම Blue Moon ඓතිහාසිකව භාවිතයට ආවේ කොහොම ද කියලා බලමු. මේ ලිපියේ අරමුනත් මේ ප්‍රසිද්ධ Blue Moon අර්ථ දැක්වීමේ දෝෂය දැක්වීමයි.
Blue Moon නැත්නම් අධි පොය පෙරදිග සම්ප්‍රදාය සහ අපරදිග සම්පදාය තුල වෙනස් ලෙස අර්ථ දැක්වෙනවා. නමුත් මේක සරල ලෙස තේරුම් ගැනීමට අපි මේ වෙනස ගැන ටිකකට අමතක කරමු. දැනට අපි හිතමු අධි පොය සහ Blue Moon කියන්නේ එකම එකට කියලා. ඊලඟට මේ දෙකේ වෙනස ගැන බලමු.
වසරකට සාමාන්යෙන් පොහොයවල් 12ක් තියෙනවා. මේ පොහොය වෙන් වීම සිදුවෙන්නේ ඍතු වෙනස්වීම අනුවයි. අපි දන්නවා ප්‍රධාන ඍතු 4ක් තියෙනවා. මේ එක් ඍතුවකට මාස 3ක් තියෙනවා. ඒ මාස තුනට සාමාන්යෙන් පොහොයවල් 3ක් තියෙනවා.
උදාහරණයකට බක් පොහොය, වෙසක් පොහොය, පොසොන් පොහොය ආදී ලෙස පෙරදිග දී හඳුන්වන පොහොය අපරදිග දී පිලිවෙලින් Planting Moon, Rose Moon, Thunder Moon ලෙස හඳුන්වනවා. විවිද රටවල් වල විවිද නම් භාවිතා කරල තියෙනවා. නමුත් ඒක මෙතනට එතරම් අදාල නෑ.
ඒත් හැම අවුරුද්දේම පොහොයවල් 12ක්ම එන්නේ නෑ. මේක 13ක් වෙන්නත් පුළුවන්. මෙහෙම වෙලාවක එක ඍතුවක් ඇතුලට චන්ද්‍ර මාස 4ක් එන්න පුළුවන්. එතකොට චන්ද්‍රමාස නම් කිරීම ටිකක් පැටලලිසහගත බවක් එනවා. ඒ කිව්වේ ඊලඟ අවුරුද්දේ දී බක් පොහොය පහු ගිය අවුරුද්දේ තිබුන තැනට වඩා මාසයක් විතර පිටිපස්සට යන්න පුළුවන්.
ඒ වගෙම මේ චන්ද්‍ර මාසවල නම් බොහෝමයක් සංස්කෘතීන් වල යෙදිලා තිබුනේ ඒ ඒ රටවල කෘෂි කර්මයට සහ ඍතු වෙනස් වීම්වලට අදාලවයි. ඉතින් එක් එක් රටවල දී මේක ඒ ඒ රටවල සංකෘතියට අනුව නිවැරදි කරගන්න ක්‍රමයක් දාල තිබුනා. පෙරදිග දී මේක නිවැරදි කරගන්න මාසයකට වැඩිපුර යෙදෙන පොහොය හැඳින්වීමට අධි පෝය කියලා කිව්වා.
දැන් අපි සරලව ගත්තොත්, Blue Moon හරි අධි පෝය හරි කියන්නේ වර්ශය තුල මාස සහ ඍතු අතර චන්ද්‍ර මාසවලට යෙදෙන නම් ඒකාකාරීව පවත්වාගෙන යන්න වැඩි පුර යෙදනෙ චන්ද්‍ර මාසය වෙනුවෙන් යෙදෙන විශේෂ නම.
දැන් මේ පෝය දෙක අතර ( Blue Moon සහ අධි පෝය) වෙනසක් තියෙනවා කියලා මම කිව්වානේ. ඒ වෙනස එන්නේ මේ වැඩි පුර යෙදෙන පොහොය නම්කරන ක්‍රමය පෙරදිග දී සහ අපර දිග වෙනස් වීමත්, ඉවත් කරන්නේ මුලින් යෙදුන පෝයද අන්තිමට යෙදුන පොහොයද කියන පදනමත් එක්කයි.
අන්තර්ජාලය පවසන විදියට James Hugh Pruett කියන කෙනා තමයි මේ සංසිද්දිය පටලවලා සඟරාවකට ලියලා මුලින්ම මේ Blue Moon කියන එක වරදවා දක්වලා තියෙන්න. අතීතයේ දී මාසය කියලා හඳුන්වලා තියෙන්නේ සෘර්‍යා පදනම් කරගත්ත මාස ක්‍රමයකට මිස කැලැන්ඩර මාසයකට අනුව නෙමෙයි. James Hugh පටලවා ගෙන ඇත්තේ ද ඕක තමයි. එයා කරපු වැරැද්ද අද දක්වා හැමෝම කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරගෙන යනවා. දැන් මේක එක විදියක සම්මතයක් වෙලා. නමුත් මේ සම්මතයේ ආරම්භය අර James ගේ වැරදීම නිසයි සිද්ධ වුනේ.
පෙරදිග දී අපි සූර්‍යා ගමන් කරන (පෙනෙන ලෙස) රාශියට අනුව මුලින්ම යෙදෙන අමාවක සඳින් තමයි චන්ද්‍ර මාසය ආරම්බ වෙන්නෙ. සමහර මාස වලදී එක් සූර්‍ය මාසයක් තුල අමාවක දින දෙකක් යෙදෙනවා. මෙහෙම අවස්තාවක දී මුලින් යෙදෙන අමාවකට පසුව එන පොහොය දිනය අධි පොහොය ලෙස නම් කරනවා. 2018 මැයි 15 මේ විදියට සූර්‍යා වෘෂභ රාශියේ සිටිය දී පලමු අමාවක (new moon) දිනය යෙදනවා. මීට පසුව මැයි 29 වෙනි දින දී යෙදෙන පොහොය “අධි පොසොන්” පොහොය ලෙස හඳුන්වනවා. දෙවන වර අමාවක සඳක් සූර්‍යා වෘෂභ රාශිය තුල සිටිය දීම නැවත ජුනි 13න් වන දින සිදුවෙනවා. මේ දිනට පසුව යෙදෙන පොහොය දිනය ජුනි 25 යෙදී ඇති අතර එය “පොසොන්” පොහොය ලෙසත් හඳුන්වනවා.
පෙර දිග ක්‍රමයේ දී රාශි ගණන් කිරීමේ දී අයන වෙනස රහිතවත් අපරදිග ක්‍රමයේ දී අයන වෙනස සහිතවත් ගනන් කරන නිසා සූර්‍ය මාසය ගණනය වන්නේ වෙනස් ක්‍රම දෙකක ට. අයනය ගැන මම මෙතන කතා කරන්න යන්නෑ. නමුත් ඒක වෙනස් ක්‍රම දෙකක් ලෙස පමණක් සටහන් කරමි. වේලාවක් තිබුනොත් අයනය ගැන වෙනමම ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්.
මිනිස්සු අනාගත ලෝකය මොන වගේ වේවිද කියලා හැමදාම උපකල්පනය කළා. මෙ අනාගතය දෙස බැලීමට මම ගත්ත උත්සාහයක්.
රැකී රක්ෂා
මේ වන විට ගොඩක් දෙනා ශරීරය වෙහසවන රැකියා කරන්නේ නෑ. ඉතිරි වෙලා තියනවානම් ඒ බොහෝම ටිකයි. වාහන අළුත් වැඩියාව, නිවාස ඉදි කිරීම වගේ දේවල් වල දී පවා මිනිස් ශ්‍රමය ඉතා අවම වශයෙනුයි උවමනා වන්නේ. ඉතින් බොහෝමයක් මිනිසුන්ට රැකියා සඳහා ඉතිරි වන්නේ අනෙත් ප්‍රධාන අංශ දෙකෙන් විතරයි. ඒ කිව්වේ නිර්මාණශීලි හැකියාව (උදා: කලාව, නව නිපැයුම්, දාර්ශනික)ප්‍රයෝජනයට ගන්නා රැකියා ක්ෂේත්‍ර සහ තාර්කික විශේෂඥ දැනුම අවශ්‍යය රැකියා ක්ෂේත්‍ර.
ඇයි මෙහෙම වෙන්නේ?
දැනට අපි දන්නා කියනා බොහෝ රැකියා පරිගණක හෝ යන්ත්‍ර මගින් සම්පූර්ණයෙන්ම වාගේ ස්වයංක්‍රීයව සිදු කරනවා. මෙයින් අදහස් කරන්නේ මෙම රැකියා ⁣ලොකයෙන් තුරන් වී යනවා කියන දේ නෙමෙයි. නමුත් මේ ක්ෂේත්‍රයන්ගේ අද දකින්න ලැබෙන ප්‍රමාණායේ මිනිස් ශ්‍රමයක් ඉදිරියට අවශ්‍ය වෙන්නේ නැති වීමයි.
උදාහරණයක් ලෙස ගිණුම් තැබීමේ සිට වසර අවසාන ගිණුම් වාර්ථා සකස් කිරීම, ගිණුම් කරණය සඳහා අදාල ගොඩක් නීතිමය උපදෙස් පරිගණකයෙන්ම පමණක් සිදු කර ගත හැකියි. දැණටමත් මේක ආරම්භ වෙලා ඉවරයි. කුඩා පරිමාණයේ සිට ලොව විශාලතම ආයතන සඳහා ගිණුම් කරණ කටයුතු දැන් දැන් මෘදුකාංග තම අතට අරගනිමිනුයි ඉන්නේ. ගිණුම් කරණ කෘතිම බුද්ධි වැඩසටහන් සහ ඒවායේ නීතිමය ගැටළු සඳහා අවශ්‍ය විශේෂඥ සහය සඳහා ඉහල මට්ටමේ රැකියා තව දුරටත් පවතීවි. මේ තත්වයම අනෙකුත් ක්⁣ශේත්‍ර සඳහා ද ඒ ඒ ක්ශේත්‍රයේ සොභාවය අනුව අඩු වැඩි වශයෙන් බලපානු ඇත.
ප්‍රවාහණ
ඔබ හිතනවා ද? මේ වාහන සහ ජනගහනය වැඩි වෙන වේගයට අනාගතයේ දී ලොකු ප්‍රවාහණ අර්බුධයක් හට ගනීවි කියලා? මහා මාර්ග ප්‍රමාණය මදි වේවි කියලා? නෑ. එහෙම වෙන්නේ නම් නෑ. මේ ප්‍රශ්නය තව දශක දෙකක් පමණ තියේවි. එම දශක දෙකක කාලයට පසුව එන දශක දෙකේ දී ක්‍රමයෙන් මේ ගැටළුව පහව යාවි. ඒ කිවවේ 2061 වෙනකොට ගොඩක් දුරට මහා මාර්ග භාවිතා කරන්න මිනිස්සුන්ට ඕන වෙන එකක් නෑ. ඇයි මම එහෙම කියන්නේ. ඒ කාලය වන විට දැනට වඩා ගොඩක් ප්‍රවාහණ ක්‍රම දියුණු වෙලා තියේවි. තව පුද්ගලික (මිනිසුන් ප්‍රවාහණය කරන) Drone භාවිතය ඉහළ යාවි. ඔය ඔක්කෝටමත් වඩා මිනස්සුන්ට ප්‍රවාහණ අවශ්‍යතා ගොඩක් දුරට නැති වේවි. ගොඩක් දේවල් ගෙදර ඉඳන්ම කරගන්න නිසා. එදිනෙදා අවශ්‍යය තාවයන්ට මාර්ග භාවිතා කරමින් පාරේ රස්තියාදු වෙන මිනිස්සු අනාගතයේ ඉන්න එකක් නෑ. සංචාරයට, හදිසි අවශ්‍යයතාවයන්ට වගේ සීමා සහිත අවශ්‍යතාවයන්ට මිනිස්සු ප්‍රවාහණ සේවා භාවිතා කරාවි.
ඔය කියන විදියට මිනිස්සුනට කරන්න රස්සා නෑනේ?
නෑ සහ ඔව්. මීට වසර 30කට පෙර (1980–1990)අද බහුතරයක් දෙනා කරන රැකියා ගැන මිනිසුන් අහලාවත් තිබුනේ නෑ. ඒ වගේ නව රැකියා අවශ්‍යයතා බිහිවෙනවා. ඒත් මේ අලුතින් බිහිවෙන හැම රැකියාවක්ම වගේ යන්ත්‍ර හෝ පරිගණක මෘදුකාංග මගින් සිදු කළ නොහැකි නිර්මාණාත්ම සහ තාර්කික චින්තනයට සම්බන්ධ රැකියාවන් ඉතිරිවේ. මිනිස් ශ්‍රමය ඇති රැකියා නම් ඉතාමත් අඩු වේවි. මේ හේතුව නිසාම විරැකියාව වැඩි වීමක් අනිවාර්යෙන්ම සිදුවේවි.
විරැකියාව වැඩි වුනොත් සමාජය පවතින්නේ කොහොම ද?
මේකට තියෙන එක විසඳුමක් තමයි රජය විසින් පුරවැසියන්ට වියදමට සල්ලි ලබා දෙන ක්‍රමයක් සකස් කරන එක. ඒ හැර විකල්පයක් දැනට නම් සොයාගෙන නෑ සමහර විට තව අවුරුදු 30ක් 40ක් තියෙන නිසා වෙනත් විකල්පයක් හොයාගන්නත් බැරි නෑ. නමුත් දැනට ලොව ප්‍රභලතම බලපෑමක් සිදු කරන නව නිපැයුම් කරුවෙක් වෙන Tesla Electric Vehicle, PayPal, SpaceX ආ දී වැඩ සටහන් වල පුරෝගාමියෙක් වුන Elon Musk සඳහන් කරන්නේත් රජය විසින් පුරවැසියන්ට මුදලක් ගෙවීමට සුදුවිය හැකි බවයි.
බලශක්තිය
අභ්‍යාවකාෂ ගමන් වලට ගුවන් යානාවලටත් සම්පූර්ණයෙන්ම විදුලිය මත හෝ හයිඩ්‍රිජන් එන්ජින් ආදෙශ කළ නොහැකි විශාල යන්ත්‍ර සූත්‍ර පමණක් පොසිල ඉන්දන භාවිතා කරන්නේ. බලශක්තිය තව දුරටත් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් තව දුරටත් අභවකාෂ ගමන්, ගවේශණ කටයුතු යුධමය කටයුතු අාදිය සඳහා බලක්ශතිය කාර්‍යක්ෂමව ලබා ගැනීමේ ක්‍රම සොයා යෑම නවතින්නේ නම් නෑ. මිනිසුන් මේ විශ්වයේ කොතැනක සිටියත් බලශක්තිය පසුපස්සේ යාවි…
දරුවන් වැදීම
60–70% අතර දරු උපත් තෝරාගත් ජාන සංයුතියක් තුල දී සිදු කෙරෙනු ඇත. මෙහෙදී ප්‍රවේනියෙන් ඇති විය හැකි රෝඝාබාද අවම කිරීම මූලික අරමුණ වෙයි. ඊලඟට දරුවන්ගේ සහජ දක්ෂතා සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ද සලකා බැලෙනු ඇත. තව දුරටත් සාමාන්‍යය ක්‍රමයට දරුවන් ගැබ් ගන්නා අවස්තා ඇති වුවත් ඉදිරි වසර 100 ඇතුලත මේ ප්‍රතිෂතය ඉහළ යනු විනා පහල යාමක් බලා පොරොත්තු විය නොහැක.
වෛද්‍ය විද්‍යාව
නැනෝ තාක්ෂණයේ ද කෘතිම බුද්ධියේ ද සහය ඇති නිසා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය ඉහලට යනවා. ඒ වගේම වයසට යාමේ වේගය අඩු කිරීමේ ක්‍රම නිසා මිනාසාගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 100ට ආසන්න වේවි. තව දුරටත් මිනිසුන් තමංගේ සන්නිවේදන ඉන්ද්‍රියන්ගේ සීමාවන් ශරීරය තුලට ඇතුලු කරණ නැනෝ උපාංග හරහා දියුණු කිරීමට පෙලබෙනවා. කෙසේ වෙතත් සමහර දියුණු කිරීම් සඳහා රජයන් විසින් සීමා ඇති කෙරෙනු අතර ඒවා භාවිතා කිරීම රාජ්‍ය ආරක්ෂක අංශයන්ට පමණක් සීමා වෙනු ඇත.
බොහෝමයක් අවයව වෛද්‍යාගාර තුල නිපදවිය හැකි වේ. කෙසේ වෙතත් මේ සඳහා වැය වෙන වියදම තවමත් අදික නිසා, ආදායම් අඩු පුද්ගලයන් තවමත් පැරණි ක්‍රම භාවිතා කරනු ඇත.
අතක් පයක් අනතුරකින් නැති වුවහොත් නැවත එය ශිරීරය තුලින්ම වර්ධනය කරගැනීමේ ක්‍රමය බොහෝ දුරට මේ කාලය වෙන විට සම්පූර්ණ වී ඇති. එහෙත් තවමත් ඒ සඳා සැලකිය යුතු කාලයක් ද වේදනාවක් ද විඳීමට සිදුවීමට විකල්පයක් සොයන්න තව කල් යාවි.
දේශපාලනය
දේශපාලනිකව රජයන්ට වඩා ආයතන බලවත් බවක් පෙන්වාවි. මේ හේතුව නිසා මේකට විරුද්ධව හඬ නගන පිරිසක් ඇති වේවි. ඔවුන්ට අපි resistance ලෙස නම් කරමු. කොහොම වුනත් අති මහත් බහුතරය නව ක්‍රමයට අනුගත වී ඇති බැවින් resistance ලා ගේ මතවාදය ජයග්‍රහණය කරන්නේ නම් නෑ. නමුත් ඔවුන් සෑහෙන දුරට නව තාක්ෂණික යුගය මගින් ඇති කරන ජීවන රටා වෙනුවට සොභාවික ජීවන රටාවක් අනුගමණය කරන වෙනමම Cult එකක් ලෙස සාමකාමීව සමාජය තුල ජීවත් වෙනු ඇති.
වැදගත් කියලා හිතෙනවානම් අත්පුඩියක් ගහලාම යන්න.
Genius Facebook සමාජයේ ගියපු කතාබහක දී සටහන් කරපු මගේ අදහස් කිහිපයක් එකතු කරලා සටහන් කරන්න හිතුනා.
ලංකාවේ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රය සෑහෙන දුරට ඉදිරියෙන් ඉන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සමහර අන්තර්ජාතික ඉන්දියානු Advertisement එක්ක අපේ ලංකාවේ ඒවා එතරම් නිර්මාණාත්මක නෑ කියලා. එහෙමත් නැත්නම් සිත්ගන්නා සුලු නෑ කියලා. ඒත් ඇත්ත තත්වය ඊට වෙනස්.
ගොඩක් වෙලාවට චාටර් වගේ පේන ඇඩ් පවා එහෙම කරලා තියෙන්නේ යම් අරමුණක් ඇතුව. උදාහරණ යකට “හාක්‍රෝස් පටාස්”, “දුන්න සිද්ධාලේප අසමෝදගම්” වගේ බැලූ බැල්මට මෝඩයි වගේ පේන ඒවා පවා.
වෙළඳ දැන්වීමක ප්‍රධානම පරමාර්තය උසස් කලා නිමාණයකට වඩා අදාල සන්නාමය මිනිස්සුන්ගේ හිත් ඇතුලේ පැල කිරීමයි. වෙළඳ දැන්වීමක සාර්ථකත්වය මනින්න ඕන එහෙමයි.
ශ්‍රී ලංකාව තුල වෙළඳ දැන්වීම් නිසාම ඉහල තැන්වලට ගියපු සන්නාමයන් බොහෝමයක් තියෙනවා. S-lon, Anchor, EGB වගේ දැන්වීම් නම් කියනකොටම ඔබට මතක්වෙනවා ඇති.
Anchor කිරි වලට එරෙහිව තහනම් නියෝග වැටිලා නඩු වැටිලා ඔවුන්ගේ සන්නාමය මිනිසුන් අතර ජනප්‍රියත්වයෙන් අඩුවෙලා ගියා මතක ද?
අමතක නම් මතක් කරගන්න මේවා ටිකක් කියවලාබලන්න.
Fonterra Withdraws Milk Powder From Sri Lanka
Milk crisis: NZ Govt. officials here for talks
ඒත් තවමත් බහුතරයක් දෙනා මිලදී ගන්නේ Anchor කිරිම තමයි. කොහොමද මේ අය මේක කළේ?
ඔබට මතකද ඉස්සර ඇන්කර් එකේ ටැග් ලයින් එක?
“නවසිලන්තයේ පිරිසිදු දෙනුන්ගෙන දොවාගත් නැවුම් එළ කිරි”
මතක් කරගමු එකක් බලලාම. :)
https://medium.com/media/f90fcddefc9ea231cc9e282905bb5054/href
තහනම් නියෝග ආදියෙන් සන්නාමය ගැන තිබ්බ විශ්වාස පලුදුවුනාට පස්සේ ඔවුන් මාස 6ක්විතර Advertisement කරේම නෑ. හිමීට අමතක වෙන්න ඇරියා(හිතා මතා හෝ ඒ අවස්තාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නැති කමට වෙන්න ඇති) . නමුත් පස්සෙ ආව හිමීට ඇන්කර් යෝගට් වලින්. දැන් වැඩි පුර මාකට් කරන්නේ යෝගට් එක. මොකද යෝගට්? යෝගට් හදන්නේ අපේ රටේ කිරිවලින්. දැන් උජාරුවට කියනවා මේ අපේ රටේ කිරි කියලා. මෙච්චර කල් නවසීලන්තය උඩ දාපු සමාගමතමයි. මේ දැන්වීම් අතර කියවුනු වචන “අම්ම දන්නවා ද? මේ අපේ…ම කිරි”, “අපේම රටේ… නැවුම් එළකිරි”.
දැන් ඇන්කර් කිරිඇඩ් එකක වුනත් නවසීලන්තය කියන වචනය ඇහෙන්න තියෙනවා ද?
පොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක බලමු මේ දැන්වීම.
https://medium.com/media/af4cffe6f6b79a3f7062e681c65d09d3/href
ඊට පස්සේ මෙයාලා ලංකාවේ Iconic කෙනෙක් ගන්නවා සන්නාමය ඉස්සරහට ගෙනියන්න. එයා තමයි උමාරියා. උමාරියා වැදගත් වෙන්නේ එයා අමරදේව එක්කත් සිංදු කියපු (https://youtu.be/fuJRbIFjWfY), නව පරපුර හිත් දිනාගත්ත කෙනෙක් නිසා. ඔන්න අමරදේව ඔළුවේ උඩම තියන් ඉන්න මනුස්සයෙක් වුනත් හිතනවා අමරදේව සිංදුවක් කියන්නෑ එසේ මෙසේ කෙනෙක් එක්ක හොඳට හිතලා තමයි කියන්නේ කියලා. ඉතින් ඒ අතිනුත් උමාරුයා තමාගේ ප්‍රොෆයිල් එක හදාගෙන ඉවරයි.
උමාරියාගේ මියුරු හඬින් ඇසෙන Anchor ගීතය මෙන්න… රස විඳලාම ඉතිරිටික කියවමු.
https://medium.com/media/c8a1be7f18548c3c3b557b8863060501/href
ඔය Anchor උදාහරණය ලංකාවතුල සිදුවෙච්ච ඉතාමත් සාර්ථකම Advertisement campaign එකක් ගැන පෙන්වලා දෙන්නයි.
ඒ වගේම Fail වෙච්ච තැන් නැත්තේම නෑ. මේ මෑත කාලයේ මට මතක්වෙච්ච උදාහරණයක්.
Melwa තද කැම්පේන් එකක් කරනවා මේ දවස්වල. ඇත්තටම මෙල්වා සන්නාමය හඳුන්වලා දීලා වැඩි කාලයක් නැති වුනත් ඒ සන්නාමය දන්නෙ නැති කෙනෙක් නැති තරම් දැන්. ඒ අතින් ඉතාම සාර්ථකයි ඔවුන්ගේ දැන්වීම් මගින් සිදු කරන්න හදපු දේ. ඒක කෙහොම වුනත් ඔවුන්ට වැරදුන තැනක් තිබ්බා.
ඊට කලින් මේ සුන්දර Melwa තේමා ගීතය අහලා (නරඹලා) ඉමු නේ ද?
https://medium.com/media/96141f840aa936f548be56ca1397771e/href
දැන් Melwa දැන්වීම් දරුණුවටම යන අස්සේ දාන්න ගත්තා අයියෝ වැරදි එකක් අරන් තියෙන්නේ කියලා කනගාටුවෙලා ඒක මේ අකුරුතුනේ පටැලැවිල්ලක් කියලා පෙන්වාල දීලා “M E L W A නම බලලම ගන්න” කියලා කියන. ඉතින් මාත් හෙව්වා මොකක්ද මේ අකුරු තුනේ පටලැවිල්ල කියලා. බැලින්නම් Melbourne දැන් මොකක්ද Fail එක? Fail එක තමයි Melwa නොමිලේ Melbourne මාකට් කරලා දීම Melwa දැන්වීම ඇතුලේම.
මේ සමාගම් දෙකෙන් මුලින් පටංගත්තේ මොකක්ද කියලා මම හරියට දන්නෑ. නමුත් පැහැදිලිවම Melwa දැන්වීම් තුලින් නොමිලේම Melbourne Market වෙනවා දකින්න පුළුවන්. Melwa එකේ අකුරුතුනේ පටලැවීම ගැන කියන්න ගත්තාට පසුව Melbourne එකෙන් යාන්තමට තමාගේ සන්නාමය ගැන හඳුන්වා දීමක් කරනවා. හරියට අර අකුරු තුන අපේ කියනවා වගේ එකක්. පැහැදිලිවම Melbourne එකෙන් Melwa තරම් ලොකු බජට් එකක් නැතුව ඔවුන්ගේ Campaign එක Hijack කෙරුවා කියන්න පුළුවන්.
https://medium.com/media/979977d589e3aea1e886bf0cd1c4ab8d/href
Melbourne ගැන නොදැන සිටි මමත් ඒක ගැන හොයන්න ගත්තේ Melwa එකෙන් දාපු දැන්වීම නිසාම තමයි.
මේ සටහන මාගේ පුද්ගලික අදහස්ය. වැරදීම් තිබෙන්නට හැක. මම කිසිදු සන්නාමයක් අපහසුතාවයට පත්කිරීමට මෙයින් අදහස් නොකරමි. වෙළඳ දැන්වීම් කලාවේ මා දකින ආකර්ෂණීය දේවල් ටිකක් ඔබ සමග බෙදා ගත්තා පමණි. වෙළඳ දැන්වීම් වල මොනවා තිබුනත්, විචාර බුද්ධියෙන් යුතුව තමා මිලදී ගන්නාදේ මිල දී ගැනීමට අපි පරිස්සම් විය යුතු බවත් මතක් කරමි.
2022 වෙනකොට ඉන්දියාවේ ජනගහනය චීනය පහු කරනවා. චීනය වගේ තුන් ගුණයක් කුඩා වුන ඉන්දියාව තුල තමයි මේ විශාල ලගනහනය ජීවත් වන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ වැඩි වෙන ජනගහනය තව දුරටත් ඉන්දියාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවට ලඟින් ඉන්නා රටවලට දැනටමත් මේ ප්‍රශ්නය පුපුරා ගිහිල්ලා ඉවරයි.
2022 දී ඉන්දියාව චීන ජනගහනය අභිබවා යයි
ඉන්දියාවේ ජනගහනයෙන් සීයට 67ක් දැනටමත් ඉන්නේ දුගී භාවයේ. ඒ කිව්වේ වසරකට ඉන්දියානු රුපියල් 10000කට අඩුවෙන් හොයන අය සීයට 67ක් ඉන්දියාවේ ඉන්නවා.
මේ 67% කියන්නේ දුප්පතුන් මිලියන 899 (899,483,513) ක්. ඒ කිව්වේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වුන මිලියන 20 ඒවා 43 ක් දුප්පතුන් ඉන්දියාවේ ඉන්නවා. පටලවා ගන්න එපා. අපි සංසන්ඳනය කළේ ඉන්දියානු දුප්පතුන්ගේ ජනගහනය ට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයි. ඉන්දියාවේ සමස්ත ජනගහනය ගණනින් 1,339,751,000කට වැඩියි.
ඉන්දියාවේ සෑම තත්පර 3ක දරුවන් දෙදෙනෙක් පමණ උපදිනවා. (දිනක මිය යන පිරිසගේ අගය අඩු කළ විටද මේ අගය වෙනසක වෙන්නෑ. ඒ කිව්වේ, විනාඩියකට ජනගහනය 40 කින් පමණ වැඩි වෙනවා) තවත් විදියකින් කිව්වොත් ඉන්දියානු දුගී ප්‍රශ්නය සෑම තත්පරයක දීම ඉහල යමින් සිටිනවා.
මේ ගැටළුවෙන් ඉන්දියාවට භූගෝලීයව ද සංස්කෘතිකව ද ඉතා කිට්ටු ශ්‍රී ලංකාවට දැඩිව බල පෑම් එල්ල කරනවා. ඉන්දියා ETCA ඇතුලු කලාපීය ගිවිසුම් හරහා යම් තරමකට මේ ප්‍රශ්නය කලාපීයව විබධනයට ලක් කරන්න උත්සාහ කරනවා. අපි රටක් විදියට ඉතාමත දූරදර්ශීයව මේ ප්‍රශ්නය දිහා නොබැලුවොත්, අපට සිදුවන්නේ ඉන්දියුනු ජන ගහන ප්‍රශ්නයේ දුග්ගන්නා රාල චරිතයට පන පොවන්නයි.
ඉන්දියානු ලාබ ශ්‍රමය අපට ඵලදායීව භාවිතා කළ නොහැකියි කියලා මම කියන් නෑ. හැබැයි ඒකට විදිමත් දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක නිසයි අපි කියන්නේ අපේ රට‍ෙ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා.
ETCA ගිවිසුම එන්නේ GATS (General Agreement on Trade in Services) සම්මුතියට අනුකූලවයි. ඒ කිව්වේ GATS මගින් වෙළඳ සේවා ගිවිසුමක් එළඹුනහොත් ඒ ගිවිසුමේ GATS සම්මූතීන් වල මේ මේ කාරනා අපි පිලිගන්නේ නෑ කියලා විශේෂයෙන් සඳහන් නොකරහොත් GATS මගින් ලබා දීමට නියමිත සියළුම පහසුකම් ලබා දීමට රජයක් ලෙස අපි බැඳි සිටිනවා. ඒ ගිවිසුම එළඹුන කාලයේ ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ නීතින් තමයි ගිවිසුම පවතිනා තුරා අපේ රට පිළිපදින්න ඕන. ඒ කිව්වේ අපි ගිවිසුම ගැසුවාට පසුව රජය යම් තීරණයක් අරගෙන ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කලහොත් ඒක අර ගිවිසුම් ප්‍රකාරව සම්බන්ධ වන රාජ්‍යයට හෝ ඒවායේ සේවා ලබා දෙන ආයතන හෝ ඒවායේ සේවකයන්ට ඒවා අදාල වෙන්නේ නෑ.
ඉන්දියාව අතීතයේ දී පවා ගිවිසුම් වල දී අවංකව වැඩ කරපු රටක් නෙමෙයි. හදිසියේ හරි ඉන්දියාව ETCA හෝ වෙනත් ද්වීපාර්ශික සේවා ගිවිසුමක කොන්දේසි කඩ කළහොත් අපට ඒවා නිරාකරණය කරගන්න යන්නට වන්නේ “අන්තර්ජාතික බේරුම් කරන අධිකරනයකටයි.” මේ අධිකරණ ක්‍රමවේදය ඉතා මිල අදික ක්‍රියා මාර්ගයකි. ප්‍රායෝගික යතාර්ථය තුල ශ්‍රී ලංකාව වගේ රටවල් වලට මේවා හරහා සාධාරනයක් ඉෂ්ඨ කර ගැනීම සිදු නොවන දෙයක්.
ETCA නෙමෙයි ඕනෑම ගිවිසුමක් ගහන්න ඕනෑම නම් ගැහුවාට කමක් නැත. නමුත් දේශීය ව්‍යවසායකයා සහ ශ්‍රමිකයා ආරක්ෂා කර අදාල ගිවිසුම් වලට එළඹිය යුතුය.
අවසාන වශයෙන්, ඔබ මේ ලිපිය කියවීමට විනාඩි 2ක් පමණ ගත්තානම් මේ වන විට ඔබ ලිපිය කියවීමට ආරම්භ කර මොහොතට වඩා ඉන්දියාවේ ජන ගහනය 80කින් පමණ වැඩි වී ඇත. හිතන්න, මේ දින වල අප ගන්නා තීරණ තව වසර දෙතුන් සීයකින් හරි ආපසු හරවන්නට බැරි වේවි. ඒ විදට ඔබ ද මා ද අපි කඩේ යන දේශපාලකයන් ද මේ රටෙ නොසිටිනු ඇත. අද දවසේ අපේ රට වැරදි තීරණයකට එළඹුනහොත් අපගේ අනාගත පරම්පරාව ඔබට ද මට ද අද දවසේ කළ යුතුව තිබූ දේ නොකළා යැයි දොස් නගනු ඇත.