Stories by Lishan Puwakovita on Medium
Photo by kira schwarz from Pexels
සාහිත්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ, බොහොම වගකීමෙන් වගේම බොහෝම පිළිවෙලින් භාවිතාව කරගෙන ගියොතින් මින් ලැබෙන ප්‍රතිඵල නිමක් නෑ..! මගේ පොතේ අට වැනි පරිච්ඡේදයේ ආරම්භය වෙන් වෙලා තියෙන්නේ මේ සංවේදනාව කියවන්නා අතරට රැගෙන යාම සාක්ෂාත් කරගැනීම සඳහා.
සිය පොත අත තබා ගෙන ලේඛකයා ඔහේ කියවාගෙන යයි.., පොත් කියවීමේ හමුවට පැමිණි බොහෝ අය ඇල්මැරුණු ස්වභාවයෙන් ලේඛකයාගේ කතාව අසාගෙන සිටිති. ඔහු ලියන්නේ මොනවාද, කියන්නේ මොනවාද කියා දන්නා සේ කතාව අසාගෙන සිටිති.., මා අසල සිටින අයිරා පොතින් කට වසාගෙන ඈණුමක් යවනවා මා හොරැහින් දිටිමි. මේ ඔහුගේ දෙවැනි හමුවයි. හිතවතියක වන අයිරාගේ නිවසේ පැවැත්වූ පළමු හමුව සාර්ථක වූයේ නැතත් ආරිරූබන්ගේ දෙවැනි පොත් කියැවුම් හමුවට අනුග්‍රහය සපයන්නට මා වෙත පැවරිණ. එහි ඇති නීරස බව දන්නා නමුදු සමාජය තුල රැඳී සිටින්න නම් මා ඒ කල යුතුය.
කොළඹ ප්‍රබුද්ධ සම්මත සමාජයේ පවතිනා මේ අලුත් සම්ප්‍රදායන් වෙත ආශක්ත වීම කෙසේ වෙතත්, මා නිවසේ ඉස්තෝප්පුවේ දිවානයට වී මේ පොත කියවන්නට උත්සහ දැරීමෙන් ලේඛකයා කියනවාට වඩා එහි ප්‍රස්තුතය ගැන අවබෝධයක් ලබාගත හැකි බව මම අත්දැකීමෙන් ම දනිමි.., අටවන පරිච්ඡේදය අවසන ලේඛකයා කියූ ඇල්මැරුණු විහිළුවකට සිනාසුනු මම නව වන පරිච්ඡේදය පෙරළා ගතිමි.
කොහොමද අනුරාධා බුක් රීඩිං එක?
හොඳට ගියාද?
හේවා මා එක්කලා කිව්වා අද ප්‍රෙස් ක්ලබ් එකේදී එයා ගිය බුක් රීඩිං වලින් හොඳම එක්ස්පීරියන්ස් එක ලැබුවේ මේකෙන්ලු.
මිසිස් ජයතිලක මිනිහගේ ෆ’ද ක්‍රියේශන් වලට කියලා හාෆ් ලැක් චෙක් එකක් ඔෆර් කලා ලු..!
මිනිහගේ හොඳ කාලේ..,
ඒ අස්සේ ලේක් හවුස් එකේ චීෆ් බන්දුල, මිනිහට සිළුමිණේ කොලම් එකක් කරන්නත් ඉන්වයිට් කරලා.
ඒත් මිනිහා ගැන විස්තර මම දන්නවා ඒ නිසා පරිස්සමින්.. ඕකේ..?
ඇල්මැරුණු ස්වභාවය ගැන මා සැමියා වන අරුණ ට කිසිත් නොකියන්නට තීරණය කලත්, මාසික පොත් කියවුම් සැසිය සංවිධානය කිරීමේ වගකීම මා හට පැවරුණු දා සිට මටත් වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ සොයා බලන්නට වීම නිසා, කිසිවක් නොකියා සිටීමට මට සිත් දෙන්නේ නැත. මා අකමැතිම දේ කරන්නට වෙන මේ කාලය ඉතාම කුරිරුය.
එහෙත් ප්‍රවේසම් වෙන ලෙස කීවේ කාගෙන්ද?
අසා පලක් නැත ඒ නිසා මම ඉවසමි.
වරදක් නෑ..,
රීඩිං එකට ආපු අයගෙන් ගොඩක් අය පොත් හරියට රිෆර් කරලා තිබුනෙත් නෑ අරුණ..,
අපරාදේ කියලත් හිතෙනවා වෙලාවකට අපි සරසවි එකට කියලා කොපීස් තිහ හතලිහක් ඕඩර් කෙරෙව්වේ..,
වෙනදා වගේ උවමනාව තියෙන අය පොත කෝහෙන් ගන්න කියලා එන්න කිව්වා නං අගේට රිෆර් කරලා එයි..,
මෙදා පොත ෆ්‍රීනේ අපි දුන්නේ,
ඒ නිසා අගයක් නෑ..!
හ්ම්..,
ඒකත් එහෙමද? කමක් නෑ මේ ඔයා ඕගනයිස් කල පළවෙනි බුක් රීඩිං එකනේ..,
ඊළඟ එක මීට වඩා කල්පනා කරලා කරමු.
සැමියෙකු බිරිඳකට සියලු දේට නොවලහා උපකාර කරයි නම් ඔහු දේවත්වයෙන් සැලකිය යුතුයැ.., ඒ දේවත්වයටත් වඩා ඉහලින් කෙනෙකු සිය ප්‍රියම්බිකාවට උපකාර කරයි නම් ඒ සැමියාව බිරිඳට “මල කරදරයක්” වන්නට වැඩි කාලයක් ගත වෙන්නේ නැත. මා හට අදවන විට සිදු වී ඇත්තේ ද එයයි.
කෙනෙකුට අතීතය තුල පදනම් වෙලා අනාගතය හෝ වර්තමානයක් ගොඩන්ගන්න උත්සහ කරනවා නම් ඒක කවදාවත් යථාර්තයක් බවට පත් කරගන්න හමු වෙන්නේ නෑ.., අපිට කාලාර්ථ වලින් කරන්නට පුලුවන් වෙන්නේ පෙර කල ක්‍රියාකාරකම් වලින් උගත් පාඩම් වල හරය අනාගතය සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කර ගැනීමයි.
කලකට පෙර මම පොතක් නොලියා ඉන්නවැයි කියා තරයේම හිතාගෙන හිටපු කාලයක මගේ එක්තරා දයාබර රසික කියවන්නියක් ඇයගේ පෞද්ගලික ධනපරිත්‍යාගයෙන් එක්තරා කාලයක මට මගේ සාහිත්‍ය කටයුතු ගැහැටකින් තොරව කරගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව සැපයුවා. මම අද මෙතැන ඉන්නවා නම් ඒ ගෞරවයෙන් සියයට අසූවකටත් වඩා ඇයට හිමිවිය යුතුයි.., වාසනාවකට අද ඒ මගේ මිතුරියත් ඔබ අතර ම..
නිදා වැටෙමින් සිටි අසන්නන් නො එසේනම් කියවන්නන්[?] එකවර ගැස්සී ඇහැර එකිනෙකා දෙස බලන්නේ අනුනගේ ඇස් තමා දෙසවත් යොමු වී ඇතිදැයි සැකයෙනි.
මම ගැනද දන්නේත් නෑ අනූ මෙයා මේ කියන්නේ.., මමත් දවසක් එයාගේ ලිට්‍රසි වැඩ වලට හෙල්ප් එක්ක වෙන්න කියලා පොඩි දෙයක් ඔෆර් කලා ඒක ගැනද දන්නේ නෑ මේ කියන්නේ…
අයිරා පොතේ කියමින් සිටිනා පරිච්ඡේදය සොයා ගැනීමට නොහැකිව ලතැවෙමින් මා දෙස බලා කියන්නී, මම ඈ දෙස බලා සිනහවක් පෑවෙමි.
අයිරා උපතින්ම රත්තරන් හැන්ද මුව තබා ආ ගැහැණියකි. මුදලින් ආඪ්‍යව සිටින ඈ මාපියන්ගෙන් වෙන්ව ස්වාදීන දිවියක් සිය පරම්පරා සමාගමේ මාසික වේතනය ලබමින් සුවසේ වෙසෙන්නී, සිය වයසට වසා අඩකිනුත් ලාබාල පුරුශයෙකු සිය ස්වාමිපුරුෂ තැන්හි තබාගෙන ජීවත්වන්නියකි. එ මතු නොව මේ ශාලාවේ සිටින කාන්තාවන්ගෙන් අඩකටත් වඩා ප්‍රේමය නම් සංවේදනාව අනියම් සබඳතා නම් විශ පෙවූ සැතකින් කපා කෑ වුන් වෙති..,
මේ පොතේ නම විදියට “සාධුවරයෙක් හා නග්නව” කියලා දාන්න මම හිතුවේ මේ තුල සිටින ප්‍රධාන චරිතය තුලින් මම එළියට ගන්න හැදුවේ චරිතය තුල අපි හැමගේම ජීවිතවල රහස් කතා පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා කියන අදහස දෙන්නයි..,
ඇත්ත මමත් පිළිගන්නවා මම මේ ගේවන්නේ මගේ තෙවන පෙම්වතිය හා කාලය. පෙර පෙම්වතියන් අදටත් මා එක්ක සබඳතා තිබෙනවා, වැරදි ආකාරයේ නොවේ.., බොහෝම සමාජ සම්මත ලෙස, ඔවුන් හා එක්ව ජීවිතය බෙදා ගැනීමේදී මම ජීවිතය වින්ද හැටි තමා මේ ඊළඟ කොටසෙන් පළවෙන්නේ.., කතාවේ ඊළඟ කොටසට මම මගේ ජීවිතයේ කොටසක් කියෙව්වාට සමාවෙන්න.., ඒත් ඒ අත්දැකීම ඔබට ඊළඟ කොටස කියවන්නට හොඳ ප්‍රවේශයක් වේවී.
මම ඊළඟ පරිච්ඡේදය පෙරලීමි.
මීට දින කිහිපයකට ප්‍රථමයෙන් මා නිවසේ මා සයනය මතම මේ මොහොතේ සිය පුස්තකය ගෙන විස්තර කරමින් සිටින මේ මිනිසා විසින් බරවූ කෙහෙරැලි පිරිමදිමින් කියැවූ මා හා කියැවූ දේ මතකයට එන්නට විය.., “අනියමක් අස” නම් මා පෙරළාගත් පරිච්ඡේදය තුල කියවන්නට හිත යොමු නොකර අකුරුතුලින් අතීතය සිහිකරවන්නට වී.
අපි මෙහෙම ඉන්න වග අරුණ දැනගත්තොත් කොහොම වෙයිද ආරි..?
කමක් නෑ, ඔයා ආවේ අපේ බුක් රීඩින් එකට එන ඉන්වයිටීස්ලාට දෙන පොත් ගන්නවා කියලානේ..,
අවුලක් නෑ මම කියන්නම් අරුණට ඔයා මා එක්ක බුක් එම්පෝරියම් එකට ගියා කියලා,
කොහොමත් අරුණ තමා මට කීවේ ඔයාව අද උදේ බ්‍රෙක්ෆස්ට් වලට කලින් මීට් වෙන්න කියලා.,
අනික, අරුණ එහෙම නැරෝමයින්ඩඩ් මිනිහෙක් නෙවෙයි අනූ..,
ඔයා අරුණව මැරි කරන්න කලින් මිනිහට මම කවුන්සිලින් කරලා හිටං තියෙනවා..,
ඒ කොහොමද?
ඔයාව මැරි කරන්න කලින් කැම්පස් ඉන්න කාලේ එයාට වෙන එෆෙයාර් එකක් තිබ්බා..,
ඔව් මම දන්නව ඒක.
ඒකේ ඉවර උනාට පස්සේ පරණ මතකයන් එක්ක අරුණට ඩීල් කරන්න අමාරු තත්ත්වයක් තිබ්බා..,
මට මතකයි දවස් තුන හතරක්ම සුමිත්‍රයෝ එකදී මීට් වෙනවා.
සෙක්ස් ලව් වගේ ෆීලින්ග්ස් එක්ක අපිට මේ සිටුවේශන් එකේ දී ප්ලේ කරන්න හරි අමාරුයි ආරි.., එක්කෝ මම අරුණව අත අරින්න වෙනවා, එහෙම නැතිනම් ඔයාටයි මටයි මේක නවත්තන්න වෙනවා.
උරහිසට අත තබා කෙනෙකු මා හා ඈත සිට කතා කරනවා දැනුණ හෙයින් මම දෑස් හැරියෙමි…
අනූ අනූ ඔයාට නින්ද ගියාද..? අහන්න..,මේ චැප්ටර් එක තමා ලස්සනම.., මිස්ටර් ආරිරූබන් ඔයා දිහා විනාඩියක් විතර බලාගෙන හිටියා.., ඔයා ඇස් ඇරියේ නැතුව හිටියම මම හිතුවේ නින්ද ගිහින් කියලා..,
මොකෝ උනේ? වට් හැපන් ටු යූ..?
මම මුහුණට බරවී වැටී තුබූ කේශ සකසා ගතිමි.., තෙතට කම්මුල වටා පැතිරුණු දෑ මම අතින් ගතිමි.., ඒ කඳුළුය. සැමියෙකු සිටියදී ඊට එරෙහි වී අනියමකට පෙම් බඳින්නට තරම් ගල් වූ හිතක් මා සතු වුව, ඒ උමතු සංවේදනාවට එරෙහිව මා දෑස මටත් හොරා සංවේදී වී ඇති බව දැණින.
කෙහෙරැල්ලකින් මුව සඟවා රහසින් දෑස් පිසදාගතිමි.
ඔයාට බෑ කියල කිව්වට මට ඔයා වෙනුවෙන් තියෙන ෆීලින්ග්ස් ඔයා ඉස්සරහ දී මෙහෙම් හංගගෙන ඉන්න අමාරුයි අනූ.., මම ඔයාට වඩා මැචුව බව ඇත්ත.., ඒත් මම දන්න විදියට මම අරුණට වඩා ඉස්සරහින්.., ඒකට කමක් නෑ.., ඉන් අනිද්දට තියෙන බුක් රීඩින් එක මගේ ක’රියර් එකට හියූජ් හෙල්ප් එකක් වෙනවා.., හොඳ වෙලාවට අරුණ මට ස්පොන්සර් කරන්නම් කිව්වේ.., ඒ නිසානේ මට ඔයාවත් හම්බුනේ..,
ඒ උනාට මම මේකට කැමති නෑ.., මේක නවත්තන්න ඕනේ.., වී හැට් වූ ස්ටොප් දිස්, වී මස්ට්
ඒත් මම තව දවසක් ඔයාව මීට් වෙන්න කැමතියි..,
බෑ.., මට බෑ..,
හ්ම්ම්.., ඒකත් එහෙමද?
අනූ මේකට අකමැතිනම් මම හවසට අරුණව ක්ලබ් එකේදී මීට් උනාම ඔයාගේ හිඩ්න් ඩිසයර්ස් ගැන අරුණට කියලා දෙන්නම්.., මම හිතන්නේ නෑ අරුණ ඒවා දැනගන්න අකමැතිවේවි කියලා..!
රාත්‍රියට මා සනසවන එකම සංවේදනාව අරුණගේ ආදරය වුවත් අද දහවලේ මේ උමතු වයෝවෘධයා සිය දස්කම් පාමින් පාරම්බායි. අද අසල වූ පිහිය ලාච්චුවට දමා වැසිය යුතුය.., නො එසේනම් මටත් හොරා මා දෑත් මේ මුග්ධ නාකියාගේ හිස සැත්කම් කරනු නියතය.
නිමක් නැති රාගික රාත්‍රීන් ඈ වෙත ආශක්ත වන්නට මා හිත මටත් නොදැනීම භාවිත කලත් ඒ තුල ප්‍රේමය නැති වග හැඟිණි.., මසට මසක් එක්වන සමට සමක් සංස්පර්ශ වන ඒ උමතු රමණය නවතා දමන්නට මම කෙතෙක් උත්සහ කලද.., ඈ ඊට සූදනම් නැති වග හැඟේ.., මා සාධුවරයෙකි ඈ රාගිණියකි.., කාමයෙන් උමතුව සිරුරේ තැනින් තැන සලකුණු තැබුවද, පසුදින ඒ දකින මා සිත වෙලන්නේ සංතෝශයකින් නොව වේදනාවකිනි, අපුලකිනි, මා ගැන මාතුල ඇති වූ අප්‍රියජනක හැඟීමකිනි.
මෙන්න මේ ඉහත මම කී කොටස මම ලියන්නට හේතු වුන අත්දැකීම මම නිර්මාණයට උවමනා ආකාරයට නවා ගත්තත් එහි හරය සත්‍ය නිමිත්තක් පාදක කරගෙනයි තැනී තිබෙන්නේ.., කාන්තාව කියන්නේ පිරිමියාගේ අවැසිතා සපුරන්නට මේ ලොවට ජනිත වෙච්චි මනුසතෙක් කියලා පුරුෂ මූලික මේ සමාජ ක්‍රමය කොතෙක් කිව්වත් මගේ පෞද්ගලික හැඟීම එහි විලෝමයයි.
තවත් දරා සිටින්නට නොහැක.., මේ අමනුෂ්‍යයා රහස් ජීවිතයක හරය අකුරු කර එය විකුණා ජීවත් වෙන්නට තැත දරයි, එයට විරුද්ධ වූ මා රාගිණියක බවට පත් කර ඔහු සාධුවරයෙකු කිරීමෙනි.., වේදනාව තුවාලය ඇත්තා සතුය.., රමණය තුල ප්‍රේමය නැතත් එහි කොතැනක හෝ සෙනෙහෙ සටහනක් හෝ ඇති බව ඇදහුවෙමි.., එහෙත් එයද කිසිදු හරයක් නැති පුස්සක් බව මට සැනෙකින් අවබෝධ විය.
මේ ශාලාව තුලින් වහාම ඉවත් විය යුතුය..,
නිලංකාර වූ මනසක් සහිතව එළියට වන් මා ඈතින් මෝටර් රථයට හේත්තු වී දුරකතනය උත්තර දෙන අරුණව දුටිමි..,
මොකෝ උනේ වැඩේ ලස්සනට යනවද?
මම දන්නේ නෑ ඔයා එළියේ ඉන්නවා කියලා., මම ටැක්සියක් කෝල් කරලා ගෙන්න ගන්න ගියේ..,
ඕනේ නෑ, මම අද ටිකක් අ’ර්ලි ආවා.., ස්නැක්ස් වගයක් කාර් එකේ ඇති අපි යනගමන් කොහෙන් හරි ටී එකක් බොමු.., අද ඔයාට මහන්සි දවසක් වගේ..,
ඔයා මට මොකෝ උනේ කියලා කිවේ නෑනේ..??
ආරිගේ පොත හොඳයි ද?
මොන හොඳක්ද? ඒක ඒ යකාගේ සෙක්ස් ලයිෆ් එක එලියට දාගන්න ලියාපු එකක්..,
මට එපා උනා ඒක අහං ඉඳලා.., ඒ යකා මානසික ලෙඩෙක් ද කොහෙද..,
ඇයි ඔයා හිනා වෙන්නේ..?
නෑ මට හිනා ගියේ ඔයා ඒ මනුස්සයාව කියවපු විදිය හරියටම හරි කියලා හිතුන නිසා තමා.., ඔව් ඔයා කිව්වා වගේ මිනිහාට පොඩි අව්ලක් තියෙනවා තමා..,
ඉස්සර මම කැම්පස් ඉන්න දවස් වල මගේ ෆස්ට් ලව් එක බ්‍රේක් උනාම මම සුමිත්‍රයෝ එකේ මගේ යාලුවෙක් එක්ක එන අයට කන්සල්ට් කරන්න පාට්ටයිම් සෙට් උනා..,
ඒ දවස් වල ඔය ආරිරූබන් ආවා තෙරපි වලට..,
මිනිහගේ ගෑණි එක්කලා අවුලක් වෙලා..,
මම තමා මිනිහට තෙරපි සෙශන්ස් දුන්නේ..,
ඒත්…මිනිහා…මිනිහා කිව්වේ..?
මිනිහා කිව්වද මම මිනිහගෙන් කවුන්සිලින් ගත්තා කියලා..?
ඔ…ඔව්..?
ගණන් ගන්න එපා. මිනිහා හිතා ඉන්නේ එහෙම තමා..,
මම ඒකයි කිව්වේ මිනිහාගේ පොඩි අවුලක් තියෙනව කියලා.
ඒකයි මම කීප සැරයක්ම කිව්වේ පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියලා..!
ඒ යකාට සයිකෝ…!!!!
Image : Pixabay | https://pixabay.com/photos/drinking-man-lonely-drink-alcohol-997189/
අන්න අරයකා කෑ ගහනවා…,
තේ ගසමින් සිටි කඩේ මුදලාලිගේ පෙන්වීමෙන් පසු කඩ පිලේ සිටියවුන් ගේ අවධානය බේබද්දා වෙතට යොමුවිය. පසුගිය වසර විස්ස පුරාවට ම මෙන් අද ද බේබද්දා තම ඒකාංගික ප්‍රසංගය නරඹන්නන්ගේ අත්පොලසම සතයකට වත් මායිම් නොකර ආරම්භ කර තිබිණි. ඒ තමා කෙතරම් රැඟුවද නරඹන්නන්ගේ ප්‍රසාදය නොව අනුකම්පාව ලැබෙන බව වත් නොදැනය.
හරියට ම දහයයි පනහට තමා එයා මෙතනට එන්නේ…? අඩොව් උඹලා මගේ නෝනේ ව දැකලා තියෙනවද?
හෙහ් බලන්න එපායෑ උන්දෑ ගේ ලස්සන මම ගැටය කාලේ හරි හැඩ කාරයා. මම එක පාරයි උන්දෑ දිහෑ බැලෙව්වේ.., ඒකි මට මනාප උනා. ඒත් ඒත්…,
බේබද්දා ඉඳගෙන අඬන්න පටන්ගත්තේය. විටෙන අඩ සිනහවකිනුත්, විටෙක රූරා හැලෙන අඬුමකිනූත් හේ සැරසී සිටියේය.
මයේ අම්මා අප්පච්චී දෙන්නම ගුරුවරු යකෝ. තොපිලා මට මේවගේ අපහස කොලාට. උන්දෑලා හිටියානම් එහෙම මට කියන අවලං කතාවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා. හරිය…?
හසිරීම අමුතු වුවත් ටික වේලාවක් බලා සිටින විට අමුතු රටාවක් එහි ඇති බව බලන්නෙකුට පෙනේ. එක අතකින් අඩක් විසිරුනු බෝතලයත්.., කඩ පිලේ නානාගේ පරණ බෝතල් පත්තර කඩෙන් ඉල්ලාගත් පරණ ඩේලි නිවුස් පත්තරයත් ඔහු අත වරදින්නේ නැත. නිතර සුරාව පානය කරන්නේකු වුවත්.., කඩ පිලට විත් සැමදා මේ කියන දේවල් වල මනා ගැලපීමක් නැතත්.., මේ කියන දේවල සත්‍යාසත්‍ය බව අහන්නට දකින්නට කෙනෙකුට මේ දක්වා වත් උවමනාවක් ඇතිවී නැති බව තුලින් පෙනෙන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම ලංකාවේ පාවෙන රුපියලකටත් වඩා අවප්‍රමාණ වී ඇති බවයි.
බේබද්දා රැය පහන් කලේ ලයිට්කණු යට ය. නගරයේ කිසිවෙකු ඔහුට වහලක් සපයන්න කැමති වූවේ නැත. සකලවිධ කතන්දර බේබද්දා ගැන පැවතුනත් ඔහු කාගේ කවුද..? කොහෙන් පැමිණියෙක් ද කියන්න කිසිවෙකුත් දැනසිටියේද නැත. මුහුණට වැටුනු කෙස් රොදකින් ඉන් අඩකටත් වඩා වැසීතිබුනත් කිසිවෙකුත් ඒ කෙස් රොද යට මුහුණත්තහඩුව දුටුවේ නැත.
හැම සෙනසුරාදාවක ම බේබද්දා පොළට යාම සිරිතක් කොට ගත්තේය. ඒ ලැබෙන කුලී වැඩක් කර ලැබෙන පනම් කිහිපය ඔහුට ඉදිරි දින දෙක තුනකට ම මත්වන්නට සෑහෙන බැවිනි. සමහර වෙලෙන්දෝ හිස් අරක්කු බෝතලයක ට තේ කහට පුරවා, එය පෙන්වා රවටා වැඩගත් වාරද අනන්තය. මුලු දවසම වැඩකල පසු වෙහෙසවී බෝතලය අතට ගෙන මුවතැබූ සැනින් කහට බව දැනගන්නා බේබද්දා කරන්නේ.., සූරිය නගරය මැද වූ සේනාරත්න පිළිමය යටවී කඳුලු පිරි දෙනෙතින් කල් ගත කිරීම ය . එහෙත් කිස්ම දිනක ඔහු තමා රැවටුවාට කාගෙන වත් පළි ගන්නට සිතුවේ නැත. ඒ හැම අවස්ථාවක් ම ඔහු මුවෙන් පිටවන එක වැකියක් විය.
මයේ අම්මා අප්පච්චී හිටියානම් එහෙම මට කරන අවලං වැඩවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා.
එහෙත් අවාසනාවක ට කිස්වෙකුත් බේබද්දා ගේ සහයට හිටියේ නැත.., ඒ බේබද්දාට මතකය පමණක් ඉතුරු කර සබැඳි සියල්ලන් ම ස්වර්ගස්ත වී අවසන් නිසා ය.
දවසක් දා හැන්දෑවක කඩපොලේ කට කතාවක් පැතිරිණ. ඒ බේබද්දා ගම හැරගොස් ඇති බවයි. බේබද්දා ගේ නික්මයෑම ගැන යටි සිතින් සංතෝස වුවත් මූණිච්චාවට දුකවන අය දුලබ නොවූහ.
ඒ යකාට සිරෝසීස් තියෙනවැයි කියන්නේ..?
අම්මා තාත්තා එහෙම හොඳ පරපුරක මිනිස්සුලු.
ගිණි හැත්තෑවක් අසූවක් වටින කෝට් බෑයවල් එහෙම ලු මිනිහගේ අප්පොච්චා ඇන්දය කියන්නේ…,
අපරාදේ අහිංසක මනුස්සයා…,
බීලා කෑගැහුවට හරි අහිංසකයා නෙව.
මේ අයුරින් කටකතා ගණනාවක ගොදුරක් වන්නට නගරයෙන් පලා ගිය බේබද්දා ට සිදුවිය. ප්‍රාන්තයේ මහ ඇමති තුමා ඡන්දයක් අත ළඟ ම එන බව ප්‍රකාශ කලේ මේ කට කතා සුලභව පැතිරෙන කාලයක ය.
“මිත්‍රවරුනී,
ගමක නැතිනම් නගරයක මූලිකම සාමාජිකයා වන්නේ පහලම මට්ටමේ අර්ථිකයක් හිමි පුද්ගලයායි. මක්නිසා ද යත් ධනවතුන් රජුන් තනන්නට උන් දිනවන්නට මිලෙන් ආධාර කලාට.., ඒ මිලේ බලමහිමයෙන් ඡන්දය පාවිච්චි කරලා සභිකයාව මැතිසබයට ගේන්නට මූලික වෙන්නේ අර බිම් මට්ටමේ සාමාජිකයා නිසා.. මට ආරංචි උනා මේ මෑතකදී අපේ ගංතුලානේ ජීවත් උන අහින්සක මනුස්සයෙකු ගේ නික්මයෑම පසුගියදා සිද්ධ උනා කියලා.
මීට හේතුව කුමක්ද මිත්‍රවරුනී.., මේ පවිටු පාලනය නිසා දිනෙන් දින වැඩි වෙන අප මත පැටවෙන ජීවන බරයි..
අප නව මැතිවණයෙන් අපේ ඉහළම මනාපයෙන් නව දැක්මක් සහිත නායකයෙකු පත කරගත යුත්තේ ඒ නිසා…!”
පාක්ෂිකයන් ගේ අත්පොලසම් මැද ඇමැත්තා නව අපේක්ෂකයාව කළ එලි බැස්සවීම සිදුවිය. සෘජු කයක් හිමි, නිතර සිනහවෙන් ජනයාට සංග්‍රහ කල අපේක්ෂකයා අව්කණ්නාඩි හා ධවල වර්ණිත හිස්වැසුමකින් සැරසී සැරයටියක් ඇතැතිව සිටියේය. පිට දේශාන්තරයක වාසය කල රට්ටුවෙකු වුවද, ජනයා අතර කසුකුසුවට අනුව හේ ගංතුලානේ මහා ධනපතියා වූ පොඩි රාළහාමිගේ පුත්‍රයා විය. වචනයේ පරිසමාප්ත අරුතින් ම දානපතියෙකු වූ ඒ මහතා තුල වූයේ ඉමහත් නිරහංකාර බවෙකි. කටකතා වලට අනුව ගමේ පවත්වාගෙන යන අනාථ නිවාස හා පූජනීය ස්ථාන වල අභිවෘදිය සඳහා පරිත්‍යාග කර ඇත්තේ දහසින් බැඳි පියලි වලිනි.
මැතිවරණයට දින නියම විය. කොමසාරිස්තුමාගේ නිර්දේශයට අනුව ජනවාරි 26 දිනට දින නියම විණ. මේ අතර තුර අපේක්ෂකතුමා ගමෙන් ගමට නගරයෙන් නගරයට පාසැල් පන්සල් වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කරමින් සැරිසරන්නට විය. අනෙකුත් තරඟ කරුවෝ තරඟ බිමට ඉදිරිපත්ව සිටියද ජනයා විශ්වාසය තැබුවේ පොඩි රාළහාමිගේ පුත්‍රයා වෙතය. සැරයටියක් අතින් ගත් විශ්වාසයේ අවංක බවේ ප්‍රතිමූර්තිය බඳුවූ අපේක්ෂකයා වෙත තර්ජනයක් එල්ල කරන්නට කිසිවෙකුට නොහැකිවිය. අපේක්ෂකයාගේ හදිසි ප්‍රාදූර්භූත වීම. නො ඉවසූ එක් ස්වාධීන කණ්ඩායමක උසිගැන්වීම මත සේවක සංගම් වල අරගල ආරම්භ වන්නට විය. සේවක සංගම වල ආශීර්වාදය තම දේශපාලන ස්ථාවරත්යට මනා ශක්තියක් වන බැව් අත්දැකීමෙන් දන්නා දේශපාලකයන්, අරගල ලන ස්ථාන වලට ගොස් ඒ සංගම නායකයන් හමුවී ඔවුනට ඇති ගැටලු ගැන සාකච්චා කරන්නට පොර කන්නට විය. අපේක්ෂක තුමා තම මතවාදය හා ස්ථාවරත්වය ගැන විදත් මඩුල්ලක් හා සංවාදයේ යෙදෙමින් සිටින විට අතවැසියෙකු ගෙන ආවේ භයානක පුවතකි.
තැබෑරුම පිටිපස්සේ අර ඊයේ පෙරේදා වහලා දාපු පැට්ටේරියේ සේවක සංගමේ සාමාජිකයෝ කට්ටියක් අද රෑට නගරාධිපති ව අත් අඩංගුවට ගන්න මාන බලනවාලු.
ඉතින් ඒ යක්කු මොකටද එහෙම කරන්න හේතුව..?
කට්ටියගේ කල්පනාව නගරාධිපතිතුමාව ප්‍රාණ ඇපයට ගෙන වහලා දාපු පැට්ටේරිය ආපහු ඇරගන්න ලු.
හදිසි පණිවිඩය ගෙන ඒම ගැන සේවකයාට ස්තූති කල අපක්ෂකයා තනිව ම සිතන්නට ගත්තේය. හැමදා සිය මුහුනෙන් අඩක් වැසී ඇති කෙස් රොද සකසා ගත් අපේක්ෂකයා නිහඬවම රථයට නැඟුනේ මීට මොහොතකට පෙර තමා හා සුහදව සාකච්ඡාවේ යෙදුනු විදවතුන් පිරිස විමතියෙන් බලාසිටිද්දී ය. මැතිවරණයේදී තමාට එදිරිව නැඟී සිටින අපේක්ෂකයා වන නගරාධිපති ව මෙසේ බේරාගැනීමට යාම වටේ සිටියවුන් ට උභතෝකෝටිකයක් විය.
අපේක්ෂකයාට යන්නට ලැබුනේ මඳ දුරකි. කඩපිල අසල පාරේ ඉඩ අවුරාගෙන හිටියේ කඩුපොලු අතින් ගත් මිනිස් පවුරකි. පවුරට මඳ දුරක් ඈතින් තම රථයේ ආලෝක ධාරා පවුරට වදින ලෙස නැවතූ අපේක්ෂකයා පවුරදෙසට යන්න ට විය.
එකවරම පිරිස අතරින් ඉදිරියට පැමිණි මුගුරක් ඇති ගත් එකෙකු මුගුර අපේක්ෂකයා දෙසට එල්ල කරනවාත් සමඟ ම අවාසනාවකට මේන් රථයේ ආලෝක ලාම්පු නිවී ගියේ ය.
යරිගිරියෙන් කල කෑගැසීමක් සමඟම සියල්ල නිහඬ විය.
පසු දිනට එළිවන විට ගංතුලානේම ජනයා කඩපිල අසලට එකතුවී සිටියේ අසළ වූ මඩවලක මුහුණ ඔබා මරා දමා තිබූ මිනිසෙකු දැකගන්න ට ය. මුණින් අතට හැරවී තිබූ මළකඳ මුහුණත පිටට සිටින සේ හරවන්න ට වත් එකෙකු ඉදිරිපත් වූයේ නැත. මරණ පරීක්ෂකයා පැමිණ මිනියේ මුහුණ හරවන විට අවට සිටියවුන් සියලුදෙනා මෙන් ම පරීක්ෂක වරයා ද තුෂ්නිම්භූත විය.
අපේක්ෂකයාගේ ධවල වස්ත්‍රය හැඳ මියගොස් සිටියේ මීට මාස ගණනකට කලින් ගමෙන් අතුරුදන් වූ බේබද්දා ය.
අවට කසුකුසුව අධිකවිය..,
එතකොට අපේ අපේක්ෂකතුමා බේබද්දා ද..?
මේ තරං වැඩකරලත් ගමෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවුන මේ උත්තමයා අර අපි හැමදාම හවසට කඩපිලේ අපි පල්කරන බේබද්දා ද?
කිසිවෙකුට මේ ගැටලු වලට දෙන්නට පිළිතුරක් ළඟ තිබුනේ නැත. තවමත් බිම වැතිරී තිබූ මිනියේ අඩවන් වූ දෙනෙතින් අහස දෙස බලාගෙන උපහාසවත් වූ සිනහව තවමත් එහි මුහුනේ විය. මේ සිනහාව බේබද්දා හා අපේක්ෂකයා යන දෙදෙනාට ම පොදු වූ බව අවබෝධවන වන විට චරිත දෙකෙහිම පොදුසාධකය වූ එහි ආත්මය සිරුර ඇතහැර ගොස් බොහෝ වෙලාවක් වන්න ට විය.
හැමදාමත් බේබද්දාගේ මුවග රැව්පිළිරැව් දුන් ඒ වාක්‍ය මළ සිරුර වට කරගෙන හුන් පිරිසේ හදවතේ දෝංකාර දෙනවා මෙන් දැනෙන්නට වී.!
“මයේ අම්මා අප්පච්චී හිටියානම් එහෙම මට කරන අවලං වැඩවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා.”
ඇත්තට ම අපි යාපනය ගැන දන්නේ මොනවාද..? මේ වන විට ඉතාම සීග්‍ර දියුණුවක් අත්පත් කරගනිමින් සිටින හා පහුගිය කාලයේදී රටේ ඉරණම පෙරලන්නට හේතු කාරක වූ සිද්ධි ඇතිවන්නට සහාය සැපයුනු බිම් කඩක ලෙස ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් ලෙස අප දන්නවා හැරෙන්න ට ඉන් ඔබ්බට අප මේ යැයි කියන්නට තරම් දෙයක් නොදන්නා තරම්.
එහෙත් ඔබ දන්නවාද යාපනය යනු තත් වීණා වාදකයෙකුට ප්‍රවේණි උරුමයක් ලෙස භුක්ති විඳින්නට එවකට සිංහලේ රජු වූ පූලහත්ත රජතුමා මොහුට ඉඩ ප්‍රස්ථා ලබා දුන් වග.., ජනප්‍රවාදයේ මේ පිළිබඳ සඳහන් වෙන්නේ මේ ආකාරයට යි.
අන්ධ වීණා වාදකයා.
ඈත අතීතයේ දකුණු ඉන්දියාවේ සංගීත ශාස්ත්‍ර විශයේ ඉතා දක්ෂ වූ අන්ධ තත් වාදකයෙකු විය. ඔහුට නිතොර ආහාර පාන සපයාදීම ට අපොහොසත් වූ ඔහුගේ බිරිඳ නිතර නිතර ඔහුව හිරිහැරයට ලක් කරන්නට විය. සිය බිරිඳ වුවත් ඇයගේ නොමනාපකම් නොඉවසූ මේ අන්ධ සංගීතඥයා තමා ලක්දිවට යන බවත් එහි වාසය කරන ධාර්මික වූ රජුට සිය දුක කියා යැපීම සඳහා පිහිට යදින බවත් දිනෙක සිය බිරියට කියා සිටියේ ය.
සිය සැමියා වුවත් මේ අන්ධ වී සිටින මිනිසාව හැල්ලුවට ලක් කෙරූ ඒ ගැහැණිය අවසන ඔහුව නිවසින් පන්නා දැමීම ට කටයුතු කලේ ය. සිය තත් වීණාව පමණක් රැගෙන නැව්තොට දක්වා ගිය මේ අසරණ වීණා වාදකයා නැව්තොටේදී ම සිය තත් වීණාව වාදනය කරවා සියල්ලන්ගේ ම ආදර කරුණාවට පාත්‍ර වී ලක්දිව බලා ඒමට කප්පිත්තාගෙන් අවසර ලබා ගත්තේය.
රජු බැහැ දැකීම, පඬුරු ලැබීම.
ලක්බිමට ගොඩ බට පසුව අනුරාධපුරයට පැමිණි මේ වීණා වාදකයා.., එවකට සිරිලක රජකම් කෙරූ පූලහත්ත රජු බැහැ දකින්නට එතුමා ඉදිරියට පමුණුවන ලෙඩ ඇමැතිවරුන් ගෙන් ඉල්ලා සිටියේය. අන්ධ වාදකයෙකු සිය රජු ඉදිරියට පැමිණවීම අසුභ දෙයක් බව කල්පනා කල ඇමතිවරු ඔහු ඉල්ලීමට ඉඩ නොදෙන්නට විය. අවසානයේදී අන්ධ සංගීතඥයාගේ කන්නලව්වනිසාම රජ ඉදිරියට නොපමුණුවා තිරයකින් ඔහුව ආවරණය කර තත් වීණාව වැයීම පමණක් ඇසෙන ලෙස සිය වාදනය කරවන ලෙස වාදකයා හට ඉඩ හසර ලබා දුන්නේය.
වාදකයාගේ මධුර මනෝහර වාදනයෙන් මුසපත් වූ පුලහත්ත රජතුමා වාදකයාට නොයෙකුත් තාන්න මාන්න දී එයිනුත් සැහීමට පත් නොවී ඒවකට රාජකීයත් වයේ සංඛේතය බඳු වූ ඇතෙක් හා “ යාපා පටුන” නම් වූ භූමිප්‍රදේශයක් උරුම කරදුන් නමුත් එහි තනිව ජීවත් වීමට අපහසු නිසා ඒ බව රජුට දන්වා දැසි දස්සන් ගෙනවා ගැනීමට රාජ වසරය පැතුවේය. රජුගෙන් ලද අවසරයෙන් ඔහු දකුණු ඉන්දියාවෙන් මිනිසුන් ගෙනවාගෙන කෘෂිකර්මාන්තය දියුණු කරගෙන ජීවත් වන්නට විය.
නම් ලැබීම, ආක්‍රමණ හා බලය පැතිරවීම.
තත් වීණා වාදකයෙකුට අයිති යන අරුතින් මෙයට “ යාල්පානම්” යනුවෙන් දමිල බසින් ව්‍යවහාර කිරීමට පටන් ගෙන ඇත. “යාල්” යනු යාල් යනු තත් සුසර කරමින් මධුර ලෙස වයන්නට හැකි වීණා පවුලේ සංගීත භාණ්ඩයකි. ඒවාගේම මෙය සුමේරියානු සම්භවයක් සහිත සංගීත භාණ්ඩයක් වන Harp හට නෑකමක් දක්වන්නකි. “පානම්” යනු වාදකයාගේ භූමිය යන්නයි.
Harp and Yazh | Source : Wikipedia.org
වාදකයාගේ මරණින් පසු දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි සිටි “සිංහ අරිය” නම් තැනැත්තා තමන්ටත් තම නැයින්ටත් පිහිට වූ අනුරාධපුර රජු සමඟ යුධ වැදී මන්නාරම දක්වා සිය බලය පතුරවා ගත්තේ ය. ඉන්පසු ක්‍රි:ව: 1304 දී යාපහුව දක්වාද බලය අල්ලා ගන්නා ලදී. ඔහුට පසු බලයට පත් තවත් රජකෙනෙක් හලාවත් මීගමුව දක්වා වූ මුහුදුබඩ තීරයේ බලය පතුරවා ගන්නට විය. ක්‍රි:ව: 1371 දී අලකේශ්වර සෙනෙවියා විසින් නැවත් එම බලය යාපනය දක්වාම පසුබස්වන ලදී. ක්‍රි:ව: 1415 දී කෝට්ටේ රජ වූ හයවැනි පරාක්‍රමබාහු රජු විසින් මෙහෙය වූ සපුමල් කුමාරය විසින් වීණා වාදකයාට දුන් යාපා පටුන නැවත එක්සේසත් කලේ ය. 1469 දී සපුමල් කුමරු, හයවැනි බුවනෙකබාහු නමින් රජ පැමිණි කල වීණා වාදකයාගෙන පැවතෙන්නන් කළගුණ සලකන ජාතියක් ලෙසට පසු කලක් යන තුරු ම සාමකාමීව ජීවත් වූහ.
පසුකලෙක යාපනය නගර සභාවේ ලාංජනය ලෙසට යාල් වීණාව යොදා ඇත්තේ ඉහත කී වාදකයාට කරන සැලකීම ලෙස විය හැකිය.
https://en.wikipedia.org/wiki/Jaffna_Municipal_Council
ඉතිහාසයේ ලිංගික ක්‍රියාවලීන් ගැන නොයෙක් විට ජනකතා, ප්‍රවාද, මතවාද හා ලියැකියවිලි වල හඳහන් වේ. කෙසේ වෙතත් ලෝකාස්වාදන ක්‍රියාවලීන් යනු [ලිංගික ක්‍රියා] පවතින සමාජය තව දුරටත් පවත්වා ගෙන යෑමට උවමනා වෙන අවශ්‍යතාවෙකි. අනුරාධ පුර යුගයේ ජීවත් වූ කුමාරදාස රජු ඉන්දියාවේ ජීවත් වූ කාලිදාස නම් කවියා හා මිතුදමින් බැඳීසිට ඇත.ඒ දෙදෙනාම කවියන් වූ නිසා ම ය. දෙදෙනා අතර ඇති මිතු දම කොතරම්ද යත් කාලිදාස හා කුමාරදාස දෙදෙනාම එකම ගණිකාව කරා ගොස් ඇති බව කියැවේ. ඇගේ කුටියේ කුමාරදාස ශ්ලෝකයක් ලිව්වේය. අවසන් දෙපදය ලියූ කෙනෙකුට තෑග්ගක් දෙන බව පවසන ලදී. කාලිදාස කවියේ අවසන් දෙපදය පූර්ණ කරන ලදී. නමුත් කුටිය ඇති නිවසේ ගැහැණිය තමා එය සම්පූර්ණ කල බව කුමාරදාස රජුට කීය. එනමුත් මේ බව විශවාස නොකල රජ මේ ගැන සොයා බලන විට කාලිදාස කවියාව මරාදමා ඇති බව දැන ගන්නට ලැබිණ. මේ ගැන සොවින් සිටි කුමාරදාස රජු චිතකය ට පැන දිවි නසා ගත්තේ ය. මේ ගැන පැරකුම් සිරිතේ “කුමරදස් රජ කාලිදස් නම් කිවිඳුහට තම දිවි පිදී ” යනුවෙන් සඳහන් වේ..!
ඉහත කතාවෙන් අතීතයේ යෙදුනු රජවරුන්, උගතුන් වැනි අය සිටි බව මින් පෙන්වා දේ. පඬිවරයාත්, රජතුමා ත් මේ යුගයේ ලිංගික කාරියෙහි යෙදුනු කාන්තාවන් සොයා ආහ. මේ හිතුව නිසාම අතීත ලිංගික සේවකයා තුල විවිධ දක්ෂතා හා ඉහල උගත් කමක් ද අනිවාර්යය විය.තවද ලිංගික කාරියෙහි යෙදෙන්නක් හර සමාජයේ ලැබී තිබුනේ අද්විතීය ස්ථානයකි. බුදුන්ගේ කාලයේ ලිංගික ක්‍රියාකාරිකයෝ උසස් පංති වලින් ආහ. රජවරු , කුමාරවරු, සිටුවරු මේ අයගේ අනුග්‍රාහකයන් වූහ. අපේ ජාතක පොත් වල, ත්‍රිපිටකයේ මෙවැනි අය ගැන සඳහන් වෙයි.
ලිංගික සේවකයන් හට ආගමික ජීවිතය අකැප ද?
කුරුධර්ම ජාතකය මීට හොඳ නිදසුනක් වේ. එහි හඳහන් වන ආකාරයට කුරුධර්මය නම් පංච ශීලයයි. මේ රකින්නන් අතර එක නගර ශෝභනියක් ද වූවා ය. ඇයට තමා පංච ශීලය රකින්නේ දැයි සැක සිතේ එසේ සිතෙන්නේ තම පහස ලබා ගැනීම උදෙසා කෙනෙකුන් කහවණු දහසක් දී වසර ගණනාවක් ඉක්මවූවත් නැවත නො පැමිණීම ය.ඇය ඉතා දිළිඳුව වෙනතක යාමට සිතන්නේ වෙනත් කෙනෙකුන් යළිත් රන්වනු ගෙන ඈ පහස ලබා ගැනීම ට පැමිණී ම නිසා ය. කතාවේ හැටියට ඈ පංචශීලය රකියි. වෙසඟන කටයුතු නම් ඇගේ වෘත්තීය කටයුත්ත යි. මේ නිසා එයට ඇගේ ආගමික භක්තිය හා පටලවා ගත යුතු නැත. වෙසඟන පවා කුරුධර්මය රකින වග මින් පෙනී යයි. මින් ඇඟ වෙන්නේ කුමක්ද..? ලිංගික සේවකයන් ද ශීලයේ පිහිට විය හැකි බවය. එනයින් අපට පෙනී යන්නේ මේ අය අන් අයගෙන් වෙනස්වන්නේ නැති බව ය.
මහාසාර ජාතකයේ එන වෙසඟන සමාජයේ උසස් අය හා නිතර ගැටෙන්නියෙකි. ඇය හා විසීම තමන්ගේ පාලුව තනිකම පලවා හරින වග පුරෝහිත හා සිටුවරයා පවසයි. මින් පෙනෙන්නේ වෙසඟනන් සමාජයේ සාදු හා සම්මත අය හා ගැටෙමින් ජීවිතය ගෙන ගිය බව ය. ඒ නැතිනම් කහවණු දහසක් සාමාන්‍ය ජීවිතයක් ගෙවන්නෙකුට ගෙවිය හැකිද?
ජනපද කල්‍යාණිය යනු කවුද?
අපේ ජනවහරේ ආකාරය ට නම් ලස්සන ගැහැණිය ට එක අයෙකුට අයිතියක් නොවිය යුතුයැ. පංච කල්‍යාණයෙන් පිරි ඒ තැනැත්තියගේ පහස ඕනෑ ම අයෙකුට කබා ගැනීම ට හැකියාව පැවතිය යුතු. කෙස්, දත්, මාංශ, සම, වයස යන අංග පහ කැටිවූ මනුස්ස දුව පංච කල්‍යාණිය නම් වේ. එවන් කතක් සිටී නම් ඈ පෙදෙසේ ජනපද කල්‍යාණිය විය යුතුය. ඇය අයත් සමාජය ඈ ජනපද කල්‍යාණියක් ලෙස පිලිගත් විට ඈ සේවය කාටත් පොදු විය. කලාව, නුවණ ඈවෙත එන අය පිනවීම සඳහා ඈ උපයා ගත වු ධනය විය.
ලිංගික ක්‍රියාකාරිකයා හා බැඳුනු අතීත සම්මතයන්.
01. මායම් හැටහතර [කලා හැටහතර] උගත යුතුය.
[ තවද ඉහත කී මායම් 64 තුල රය කෙනෙකු හා සම කල හැකි ලිවීමේ, කීමේ කලාව,
හා තවත් කුසලතා මේ 64 අතරට ඇතුලත් ය. ලිංගික ක්‍රියාකාරිකයා මේ උගන්නේ/
උගෙන ගන්නේ තම පසුබිම ට අවැසි වෙන ශාස්ත්‍ර 64යි.]
02. තම සෞඛ්‍ය යහපත් ව තබා ගැනීම ට දත යුතුය.
03. ඇඳුමින් පැළඳුමින් ඉරියවුවෙන් ද අන් අයගේ සිත් ඇද ගන්නා ලෙස සිටිය යුතුය.
04. සංවාදයෙන්, සිනහාවෙන්, නැටුමෙන්, ආහාර පාන දී සිත සැනසීමෙන් ගනිදෙනු කරුවා සංතර්පනය කිරීමට දත යුතුය.
ලිංගික ක්‍රියාකාරිකයා කුමන විදිහේ පුද්ගලයෙක්ද..?
01 තමන්ගේ සමූහයා විසින් තෝරා පත් කරගත් කෙනෙකි. ඇය එසේ තෝරාගත්තේ ඇගේ මනා ශරීරයත් මනසත් මුල් කරගෙන ය.
02 සමානුයෝජනයට ලක්වූවෙකු විය යුතුය. මින් ඇයගේ සමාජය ගැන දක්ෂතා ඔප්නැංවී, අනුග්‍රාහකයන්ගේ සතුටට හේතුවන පරිදි ඈ කටයුතු කිරීමට ඈ හැඩගැසෙයි.
03 වෘත්තීයේ පරිදි ඈ බැඳුමක ට යටත් වෙයි. කෙනෙකු මුදල් දුන් විට ඕ ඒ තැනැත්තාගේ අයිතියට යටත්වෙයි. ඒ අයිතිය නැතිකොට වෙනත් කෙනෙකුට යටත් වීම ඈ වෘත්තිය ට එකඟ නැත.
04 සමාජයේ වටිනාකම් හා ධර්මතා ඇය විසින් බිඳලන බව සමාජය කල්පනා නොකලේ ය. ගණිකා වෘත්තිය කලත් ඈ එකතරා වෘතයක් අනුගමනය කලා ය. ඒ නිසා ඈගේ මේ බන්දනය කැඩුනේ නැත. අම්බපාලි, අඪ්ඩකාශී, සාලවතී, වැනි අය බුදුන්ගේ ශ්‍රාවකයන් ය. ඒ ගණිකාවන් කවරදාවත් ගණිකා වෘත්තිය හේතුවෙන් පහත් කොට සැලකුවේ නැත.
මොවුන් සරණ යෑම තෙවැනි සිල්පදය කැඩීමක් ද?
බුද්ධාගම ට අනුව මේ අය හා ඇසුර සමාවනොදියහැකි වරදක් ලෙස නොසැලකේ. තාත්තා, අම්මා, සහෝදරයා, සහෝදරී, ඥාතිවරයා යටතේ නැති, වරදක ට සිරගත් නොවූ හෝ දීගයෑමට පසුවන අය හැර අන් අය හා ලිංගික සබඳකම් පැවැත්වීම වරදක් නොවේ. ලිංගික ක්‍රියාකාරිකයා වූ කලී මේ අන්ත දෙක අතර වෙති.නිතර නිතර මේ අය හා ඇසුරට ගියවිට තම ධන හානිය වේ.
භද්ද්වග්ගිය කුමාරවරු 30 දෙනාගෙන් එක අයෙකු ට බිරිඳක් හෝ පෙම්වතියක් නොවී ය. ඔහු ඒ අඩුව පිරි මසාගත්තේ වෙසඟනක ගෙනි.වෙසඟන අවසරයක් දුටු තැන ඔවුන්ගේ භාණ්ඩ රැගෙන පැන ගියා ය. අම්බපාලී හොඳ බෞද්ධ උපාසිකාවකි. ඇයද වෛශ්‍යාව කි. මිනිසුන්ගේ වෛවාන‍ය වූ අවැසිතා මේ අයගෙන් සන්තර්පනය කරගනු ලැබිණ. ඒ අතර ලිංගික අවැසිකම් පමණක් නොව සෞන්දර්යයාත්මක, සමාජ ආදී සියලු අංශ ආවරණය කරන්නියක් විය.
ලෝකාස්වාදිකාවෝ දෙ වර්ගයකි..! ඒ…,
බුදු දහමේ ආකාරය ට ගණිකාව හා වෛශ්‍යාව යන දෙදෙනෙකු ලිංගික ක්‍රියාකාරිකයන් අතර ඇත.ගණිකාව තම සේවා සපයන්නේ නිවසේ සිට ය. වෛශ්‍යාව අනුග්‍රාහකයන් කියන තැනක ට ගොස් ඈ සේවා සපයන්නී ය. ගණිකාව ඉහළ පාන්තිකයන්ට සේවා ව සපයන්න න් වූ අතර වෛශාව පහල සමාජ තලය ට වෙන් විය.සමායානුයෝජනය ක්‍රියාවලියේදී මනාව ඊට භාජනය වූයේ ගණිකාව මිස වෛශ්‍යාව නොවේ. නමුත් බුදු දවස මේ දෙදෙනාවම හැඳින් වූ වේ එක අයෙකු හැටිය ට ය. තවද අන් කතුනට හිමි වූ වරප්‍රසාද ද ඔවුන් හර හිමිවිය. ඇත්ත වඝෙයෙන් ම කිවහොත් අපේ ජන ශ්‍රැතියේ හා සාහිත්‍යයේ සැලකුනේ ද ඉහත ආකාරයට ම ය.
ආමන්ත්‍රණය අපුල වදනක් වූ කළ…,
කෙනෙකුට අපහාසාත්මකව බණින කල බොහෝවිට යොදන වදනකි “වේසි” යන වදන. කෙනෙකුට වේසී හෝ වේසිගේ පුතා යැයි කීම ඔහුට හෝ ඇය ට කරන හා කරන්න ට පුලුවන් විශාලත ම නිග්‍රහයයි . ඔහුගේ පියා නිශ්චිත නැති වග ඉන් හැඟවේ.
ශ්‍රී ලංකාවේදේ වෛශ්‍යා යන්න වෙසඟන නැතිනම් අභිසාරිකාව කියා වෙන්ස් වන්න ට ඇත. මේ අතර පහල පංතිවල කතුන් ද තම සිරුර විකුණා මුදල් ලබා ගැනීම හේතුවෙන් ඒ අයට ද වේසි යන නම යෙදිණ. අපේ සාහිත්‍යයේ එන හැටිය ට වෙසඟන ගේ පියයුරු වල හැපී එන සුළඟ ද සුභ නිමිත්තකි. වෙසඟන ගැන එහෙම කිව්වත් වේසි ගැන තත්ත්වය මෙයට වඩා වෙනස් ය. “ වේසිගේ පුතා “ කී විට ඉන් ගම්‍ය වෙන්නේ ඉතාම පහත් අර්තය කි. තම මව වේසියෙකු යැයි කීවිට කිසි කෙනෙකුට ඉවසිය නොහේ. ලයමඬළේහි හැපී එන සුළඟ සුභනිමිත්තක් වූ වෛශ්‍යාව දැන් “ වේසී “ වී මේවන් පරිවර්තණයක් අපට ගෙන එයි.
මේ ක්‍රියාකාරකම් කරන පිරිමින් ද සිටින වග…,
අපේ රටේ පුරුෂ ලිංගික ක්‍රියාකාරිකයන් ගැන කියා නැත. ගණිකා වේසි යන්න වදන් යෙදුනේ ගැහැණුන්ට ම ය. නමුත් අද ගණිකා කටයුතු කරන පිරිමින් ද සිටිති. ඒනිසා ලංකාවේ ගණිකාවන් කීවිට ගැහැණු පිරිමි දෙපක්ෂය ම නියෝජනය වේ. පුරුෂ මූලික වූ සමාජයක් හේතු කොට ගෙන, අවාසනාවක ට දෝ සැමදා පීඩනය ට පත්වන්නේ කාන්තාවන් ම ය.
මූලය: මහාචාර්ය නන්දසේන රත්නපාල ලංකාවේ ගණිකාවෝ කෘතිය ඇසුරිනි.
අතීත සිංහලය හෙවත් කන්ද උඩරට රාජධානියේ රජතුමාගේ පුද්ගලික වැඩකටයුතු කරන සේවකයෝ නැතිනම් රාජ පුරුෂයෝ හැඳින්නුවේ දුක්ගන්නාරාළලා නමින්. ඔවුන් හඳුන් වන්නට යොදාගත් විශේෂිත නාමය නම් “අප්පුහාමි” යන නමයි. උසස් යැයි සම්මත පවුල් පසුබිම් වලින් පමණක් තෝරාගන්නට යෙදුනු මේ නිලධාරීන් විටෙක “මහත්තයා, නිලමේ” යන නම් වලින් සිවිල් සමාජයේ ආමන්ත්‍රණය කරන්නට වුනා. රජතුමා ඔවුන්ගෙන් බලාපොරොත්තුවූ ප්‍රධානම දේ රාජපාක්ෂික භාවයයි.
මේ හේතුව නිසාම රජ මාලිගය ට සම්බන්ධ ප්‍රධානතම අංශ තුනක් වූ සැතපෙන ගේ, රන් ආවුද මණ්ඩපේ සහ අතපත්තු මුරපොල යන කොටස් තුන ඔවුන්ගේ සේවයට නියම වූ ඒවා වූවා.
සැතපෙන ගේ යනු රජතුමාගේ නිදන කුටිය සහිත ගොඩනැගිල්ලයි. රජවරු හා සිටි දුක්ගන්නාරාළලා නිශ්චිතවම මේ යැයි කියන්නට තරම් හැමදෙනාට ම එක ප්‍රාමාණික සංඛ්‍යාවක් සිටියේ නැහැ. එනම් අප්පුහාමිලා ගණන නියමිත නැහැ.රාජාධිරාජසිංහ රජුදවස සිටි සැතපෙන ගේ අප්පුහාමිලා ගණන 42ක්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුදවස ඒ ගණන 160ක් වූවා. ශ්‍රී විජයරාජසිංහ රජතුමා යටතේ සිටි ගණන 170ක්. පළමුවැනි රාජසිංහ යටතේ 81ක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස 48ක් ලෙස වෙනස වන්නට වුණා. ඔවුන් සේවයේ යෙදුනේ රජු සැතපෙන ගෙයි බරඳය වටා වූ මුර ක්‍රමයකට යටත්වයි.
මේ සේවා ක්‍රමය කාණ්ඩ වශයෙන් පැවරී තිබුනේ වගකීමක් ඇතිවයි. බොහෝවිට සැතපෙන ගෙයි ඉදිරිපිට “ඉලුක්කොලේ” නම් ආයුධ අතදැරූ කණ්ඩායමක් වූවා. ඔවුන්ගේ කාර්ය ය වූයේ රජතුමාගේ නින්දට බාධා නොවන ලෙස අවට ඇතිවා ශබ්ද නතර කිරීමට වගබලා ගැනීමයි. තවත් කණ්ඩායමක් රජු හදිසියේ අඬගැසූ විට රජුට ඇවැසිදේ සපයන්නට සූදානම් කර තිබුණේලු. මේ විදියට සේවයේ නිරත වෙන අප්පුහාමිලාගේ විශේෂත්වයක් වූයේ ඔවුන් සියල්ලම රක්ත පැහැති මුකවාඩමින් සැරසී සිටීමයි. ඉන් සමහර විට අප්පුහාමිලාගේ නිශ්ෂබ්ධතාවය පවත්වා ගැනීම බලා පොරොත්තු වූවා යැයි සිතිය හැකියි.
හැමවිටම සැතපෙන ගෙයි සේවයේ නියුතු දුක්ගන්නාරාලලා සැරසුනේ නියමිත නිල ඇඳුමින්. ඒය රතු මුඛවාඩමෙනුත් ධවල වර්ණිත වේට්ටියකින් සමන්විත වී තිබුණා. නායකයා ලෙස ඔවුන් අතර මුහන්දිරම් කෙනෙකු සේවයේ යෙදී ඇති අතර වැඩකටයුතු පැවරීමට හා දෛනික වාර්තා තැබීමට ලේකම් වරයෙකු ද විය., ඔවුන්ගේ අධීක්ෂණය කලේ කංකානම් වරුයි.
රජතුමාට සිය ජීවිතය කැපකල දුග්ගන්නාරාළලා
රජතුමාට විරුද්ධව සමහර වකවානු වලදී දුග්ගන්නාරාළලා නිසා රජවරුන්ගේ ජීවිත පවා ආරක්ෂා වූ අවස්ථා ගැන ඉතිහාසයේ කියැවෙනවා. එවිට ඔවුන්‍රජු වෙනුවෙන් තම දෙවන රාජසිංහ රජතුමා නිල්ලඹේ නුවර සිටියදී එතුමාට කුමත්‍රණයක් අඹන්වෙල රාළ යටතේ ඇති වුනා.එහිදී හොර රහසේම රජ මාළිගාවට ඇතුළු වූ කුමන්ත්‍රණ කරුවන්ගේ මූලික අරමුණ වූයේ රජතුමා සැතපෙන ගෙයිදීම මරාදැමීමට යි.ඒ අවස්ථාවේ අලුවිහාරේ වනිගසේකට මුදියන්සේ පරපුරට අයත් දුග්ගන්නාරාළ කෙනෙකු රජතුම වෙනුවට සයනයේ වැතිර හිඳ කුමන්ත්‍රණකරුවන් අතින් මැරුම් කන්නට වුණා. දෙවන රාජසිංහ රජතුමා සිය පිරිවර සමඟ හඟුරන්කෙතට පලා ගියා. එහෙත් සමහර රජවරු දුග්ගන්නාරාළවරු ලෙස වෙනත් ජාතීන් යොදාගත් අවස්ථා අපට හමුවනවා. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා සිය සැතපෙන ගෙයි සේවයේ නියුක්ත කරතිබූ දුග්ගන්නාරාළවරු 48 දක්වා අඩුකලා ඒ.., සිංහල සේවකයන් පිළිබඳ ඔහු දැක් වූ තද අවිශ්වාසය නිසාවෙන්.., ඒ වෙනුවට ඔහු යොදාගත්තේ වෙනත් ජාතීන්වයි. ඒ නමුත් රජතුමාට පිළිමතලව්වේගේ මෙහෙයවීමෙන් වූ රාජ්‍ය කුමන්ත්‍රණයකට මුහුණ දෙන්න වුණා. එහිදීත් රජතුමාගේ දිවි බේරී ඇත්තේ දුග්ගන්නාරාළ කෙනෙකු සිට ඇති නිසායි. රටතුල පවතින ගැටලුකාරි තත්වය සිය හිසේ ආතතියක් බවට හරවාගේ ඉන් මිදීම සඳහා පමණ ඉක්මවා මීවිතෙන් සප්පායම් වී සිට රාජසිංහ රජතුමාව මරන්නට පැමිණි බලවනතරාළ හා ජා මුහන්දිරම්ව ද අල්ලාගනු ලැබුවේ රජතුමාගේ සැතපෙනගෙයි සිටි දුග්ගන්නාරාළ කෙනෙකු නිසයි. මේ නිසා පෙනී යන්නේ රජතුමා ආරක්ෂා කිරීමට නිතර ම දුග්ගන්නාරාළවරු ජරු වටා සිටිමින් රජුව ආරක්ෂා කිරීමට සැදී පැහැදී සිටින් බවයි..!
අතපත්තු මුරපොල හෙවත් තපත්තු මඩුව පිහිටියේ රජ ගෙදරට නුදුරුවයි. ඔවුන්ගේ කාර්යය වූයේ රජගෙදර සේවයේ නියුතු අප්පුහාමිලාගේ හා වෙනත් නිලමේ වරුන්ගේ සේවය ඇරඹීම හා එහි නිමාව පිණිස වේලාව දැක්වීමයි. එය කලේ පැතැටියකට අනුව කාලය දැක්වීම ට ගණ්ඨාව හෝ මිණි ගෙඩි හැඬවීමයි..!
ගණ්ඨාව හඬවනයුරු හා ජාම
දවසේ කාලය බෙදා දැක්වීමේදී සාමාන්‍යයෙන් දහවල ජාම 4කටද, රාත්‍රිය ජාම 4කට ද බෙදා නම අටක් වශයෙන් හැඬවේ.., එම ජාම ගණන් ගන්නේ මෙසේයි.
උදේ පාන්දර සිට අටවැනි සිංහල පැය පළමුවන ජාමය.
නවවෙනි පැය සිට මධ්‍යහනය [ 5වෙනි පැයට] දෙවන ජාමය.
මද්දහනේ සිට 7වෙනි පැයට තෙවන ජාමය යි.
අටවැනි පැයේ සිට 15වෙනි පැයට සිවුවන ජාමයයි.
මේ අනුව සිංහල ක්‍රමයට පය හැටක්. මේ අනුව රාත්‍රියට ද 8–7–7–8 වශයෙන් ජාම හතරකට බෙදුණා. මේ කාල වකවානු අනුසාරයේ රාජකාරි කල දුග්ගන්නාරාළවරු පණහත් හැටත් අතර වුණා. ඔවුන් දිනපතා හැඟවූ ගණ්ඨා නාදය රජගෙදර සිට මයිල හතරක් පමණ ඈතට ඇසුනේලු.
මේ හැඬවීම නිසා රජගෙදර සේවකයන්ට මෙන්ම නගර වාසීන්ට වෙනත් කටයුතු සඳහා සුභ මුහුරත් සඳහා වෙලාව දැනගනීමට හැකියාව ලැබුණා. රජතුමා දිනපතා දළදාව වැඳීමට පැමිණියේ 4 වෙනි ජාමයට. එසේම මල්වතු අස්ගිරි භික්ෂූන් දලදා තේවාවන් සඳහා වේලාව දැනගත්තේද මේ අනුවයි. සාමාන්‍යයෙන් රජතුමා නගරයෙන් පිටගියේ කලාතුරකින්. එහෙත් නිතරම රජතුමා මල්වතු අස්ගිරි හිමිවරු බැහැ දකින්නට ගියා. මේ ගමන් වලට රජතුමා පිරිවරා දුග්ගන්නාරාළවරුද සහභාගි වූ බවට සාක්ෂි තිබෙනවා. රජමාලිගයේ වෙනත් කාර්යංශයන් මෙන් අතපත්තු මුරපොලත් අතපත්තු මුහන්දිරම් කෙනෙකු යටතේ පාලනය වුණා. ඊට අමතරව එයට ලේකම් කෙනෙකු හා කංකානම තැනක ද අයත්..!
රන් ආවුද මණ්ඩපය යනු රජතුමාගේ ආවුද තැම්පත් කර තිබූ අවි ගබඩාව. මෙයට දුග්ගන්නාරාළවරු 100 දෙනෙකු පමණ යටතේ පාළනය වූ බවයි කියැවෙන්නේ. මාලිගය අසල පිහිටා තිබී ඇති මේ ගබඩාව තුල ඇති ආයුධ පිළිබඳ ලේඛනයක් එහි ලේකම වරයා යටතේ ඇති අතර රජු ඉල්ලන විටදී ඒ ආයුධ ලබාදීම එහි සේවයේ නියුතු වූවන්ගේ වගකීම වුණා. විශේෂයෙන් රජුගේ අවි ආයුධ මල නොබැඳී පිරිසිදුව තබා ගෙන සිටීම වැනි වගකීම ද ඒ අතර වූ බව ලේඛන වල සඳහන්. රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී රජුට අවැසි ආයුධ ලබාදීමත් ආයුධ පිරිවරා රජුවටා රැකසිටීමත් රන් ආවුදමඩුවේ සිටින දුක්ගන්නාරාළවරුන්ගේ කාර්යයභාර්යය වුණා. රජතුමා පාවිච්චි කරන ආයුධ වෙන ආයුධ වලට වඩා පෙනුමින් ද වෙනස්, මේ නිසාම මේ ආවුද භාවිතය රාජදණ්ඩන වලට යටත් විය හැකි තරම් දරුණු වරදවල් බවට සඳහන්.
වරප්‍රසාද
දුග්ගන්නාරාලවරු කිසි විටෙක රජුර කනිටු නිලදාරියෙකුට යටත් වුනේ නෑ. හැමවිටම ඔහු යටත් වුනේ රජුට පමණයි..., මේ නිසාවෙන් ම ඔවුන් ව මහජනතාව නිලමේ යන නමින් හඳුන්වන්නට විය. එසේම මාලිගයේ පැවති රාජකීය උත්සව වලදී බිසෝවරුන් හා අදිකාරම වරු පසුකොට රජු පෙරරු කරගෙන ගමන් ගන්නට මේ නිලධාරීන් ට පුලුවන් වුණා. ඇතැම් විට තමන්ගේ ගම්බිම් සඳහා රජතුමාට බදු නොගෙවා සිටින්න්ට පුලුවන් වීම ට පවා ඒ සම්බන්ධතා බලවත් බව කියවෙනවා. ඉඩකඩම් ලබාදී තිබිණ උඩරට සියල්ලන්ට පොදුවූ කත්හාල් රාජකාරියෙන් පවා ඔවුන් නිදහස් විය. කල වරදකට දඬුවම් පවා ලැබුවේ කලාතුරකින්..,
මේ ආකාරයෙන් රජතුමා දුග්ගන්නාරාලවරුන්ට ලබාදුන් විවිධ වරප්‍රසාද ගැන මෙසේ සඳහන් වෙයි. දෙවන රාජසිංහ රජතුමා තමා සිත් ගත් දුග්ගන්නාරාළකෙනෙකුට ප්‍රවේණි ගම්වරයක් දුන්නේලු.
කීරිති ශ්‍රී රාජසිංහ රජතුමාරාජ සේවයට පැමිණි වයෝවෘධ දුග්ගන්නරාළ කෙනෙකුට මිය යන තෙක් ම සහල් සහ අඩුම කුඩුම සපයන් ලෙස නියෝග කර තිබේන බව කියවෙනවා. දුග්ගන්නරාල කෙනෙක්ට අවැසි සහල් ප්‍රමාණ හැඳින්නුවේ හාල්බර නමින්. හාල් බරක් යනු හුන්ඩු හැටකි [60]. හුන්ඩු කට සහල් මිටවල් 8ක්, සමහර අවස්ථාවල දී සහල් මිටවල් 10 ද සහල් හුන්ඩුවක් ලෙස තමයි ගණන් ගත්තේ..!
තවද වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රජුගෙන වසර ගෙන සිය පෞද්ගලික කටයුතු වල පවා යෙදිය හැකි ලෙසට ඒ කාලේ අවසර දීලා තිබුණා.
අප්පුහාමි නාමය
මෙසේ උඩරට රජතුමාට සේවය කල දුග්ගන්නාරාලවරුන්ට විශේෂිත වූ නාමයකි අප්පුහාමි යන නම. මේ නම අද උඩරට භාවිතා නොවුවද පහතරට සිටින ගොවිගම කුලයේ උසස් පැලැන්තියක් සඳහා යෙදී සංඥානාමයක්. ඊට හොඳම උදාහරණය පළමුවන විමලධර්මසූරිය රජතුමා ලෙස ගත හැකියි. රාජවංශිකයෙකු නොවූ ඔහු කතෝලික ආගම වැළඳ පෘතුගීසි යටතේ සිටියදී ව්‍යවහාර කල නම වූයේ දොන් ජුවන් අප්පුහාමි යන නමයි. මේ අයුරින් පහත රට ප්‍රදේශ වල ව්‍යවහාර වූ අප්පුහාමි යන්න වැදගත් අය භාවිතා කල ගෞරව නාමයක්. එය උඩරට භාවිතා වූයේ රාජපාක්ෂිකයන් සඳහා වූ ගෞරව නාමයක් වශයෙන්.
ඉතින් මෙන්න මේ ආකාරයෙන් විකාශනය වූ දුක්ගන්නාරාළ තනතුර දැරූ නායකයින් සිය නායකයින්ට ඉතාම පක්ෂපාතීව සිය රාජකාරි සිදු කලා.. නමුත් වර්තමානයේ දේශපාලන නායකයින් වටා සිටින පක්ෂපාති පුද්ගලයින්ගෙන් කී දෙනෙක් සිය නායකයා සහ තමන් විශ්වාස කරන දේශපාලන මතය වෙනුවෙන් සිය ජීවිතය වුවත් පුදකරන්නට සූදානමින් ඉන්නවද කියන ප්‍රශ්ණයට පිළිතුර විදියට මට තිබෙන්නේ ප්‍රශ්ණාර්ථයක් පමණයි. අලුත් ලියමණකින් හමුවෙමු! ජය!
මූලය:
තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල තුන්වන කාණ්ඩය පිටු අංක 227–229, 325.
නුවරඑළියේ හේමපාල මහතාගේ ත්‍රි සිංහලයේ නායකයෝ
කලාකරුවා වනාහි මනුෂ්‍යයෙකි.., සිය දේශපාලන අයිතිය වෙනුවෙන් සටන් වදින දේශපාලනික සත්වයෙකි. හෙතෙම සිය භාව ප්‍රකාශනය කරන්නේ වදනට වඩා සහසකුත් වදනකට වඩා බලවත් වන කලා නිර්මාණයකිනි. වර්තමානයේ කලාකරුවාගේ හිස් අත්පා විවිධාකාරයේ රෙජිමයන්ට යටත් ව දඬු කඳේ ගසා තැබුවත්, වර්තමානයේ ආත්ම ප්‍රකාශනයන්ට ගරු කරන්නන්ගේ දේශයක් වන ජර්මනියේ වොර්සෝ නැමැති යුදෙව් ජනාවාසය තුල එක්තරා කලාකරුවෙක් හිට්ලර්ගේ දණ ගසාගෙන සිටින ඉරියව්වෙන් සිටින මූර්තියක් තැන්පත් කිරීම තුලින් සිය ප්‍රකාශනය ඉදිරිපත් කර ඇත.
කලාගාරය තුලදී නිමවී වොර්සෝ ජනාවාසය තුලදී දණ ගැසීමට හිට්ලර් සූදානම් ව
වර්තමාන ජාතික කලාකෙත තුල මේ ආකාරයෙන් නිර්භයව සිය අදහස් ඉදිරිපත් කරන්නට හැකි අය කෙතරම් සිටිනවාදැයි දැනගැනීමට ඒ පිළිබඳව වන විශේෂිත මිණුමක් හෝ සංගණනයක් ඇත්තේ නැත. මාධ්‍ය නිදහස වෙනුවෙන් සිය පන්හිඳ මෙහෙය වූවෝ සිය ජීවිතය අවසාන කලේ කොහෙන්දැයි ළදරුවාගේ පටන් මහල්ලා දක්වාම අවබෝදයක් ඇත. ඊට විරුද්ධවන්නට තබා එදිරිව වදනක් හෝ දොඩන්නට කිසිවෙකු එඩි බල නොවෙති. ජනතාවගේ කරුමය ද, ජනදෙටුවාගේ උරුමයද වන ආකාරයට එහි ක්‍රමවේදය ස්වයංක්‍රීයව තැනී ඇත. එසේත් නැතිනම් අප විසින්ම අපත් නොදැනීම උන්ට සාදා දී ඇත..,වොර්සෝ හී පිහිටුවා තිබෙන්නා වූ මේ කලාකෘතිය සමාජ විද්‍යාත්මකව, කාලාව අතින් මෙන්ම දේශපාලන ප්‍රකාශනයක් ලෙසද අපගේ නිර්මාණ(?) වලට ගවු ගණනාවක් ඉදිරියෙන් සිටින්නේ එහෙයිනි.
කලානිර්මාණය නැරඹීම සඳහා ඇත්තේ ඉතා කුඩා ඉඩකි.
සමහර නූතන මතවාදී යුදෙවු කණ්ඩායම් සහ නාසි හිතවාදීන් මෙම කලාකෘතිය පිහිටුවීම පිළිබඳව සිය විරෝධය “ඊනියා කලාකරුවෙකුගේ හැඟීම් දැනීම් නොමැති ප්‍රකාශනයක්” ලෙසින් නම් කලද, වොර්සෝ සංහාරයේ ප්‍රතිපල මානසිකව හෝ අදටත් විඳින විකල්ප යුදෙව් ජනයා මේ පිළිබඳව සිය අදහස් දක්වන්නේ නාසි පාලනයේ සංකල්පිත සුජාත පුතුන් පමණක් බෝ කිරීම අරමුණු කර නසා දැමූ ජීවිත වලින් සමාව ගැනීම සඳහා එක කලාකරුවෙකු හෝ මූලිකත්වය ගෙන මෙවැනි සංකල්පයක් “නිෂ්පාදනය” කිරීම කාලානුරූපීව කෙතරම් නොගැලපෙන්නක් වුව, යටපත් වූ සමාජීය අවශ්‍යතාවක් ඉටු කිරීමක් බවයි.
දෙවන ලෝක මහා යුද්ධයේදී තුන් ලක්ෂයකට අධික යුදෙව් සරණාගතයින් පිරිසක් මේ උමතු සංකල්පය බලගැන්වීමට අනියමින් හෝ සම්බන්ධවෙමින් සිය ජීවිතය යකඩ බට වලට භාර කලහ.. ඊට අමතර ලේඛන ගත නොවුනු එහෙත් නාසි වෛද්‍ය පර්යේෂන වලට බලෙන් යොදාගත් පිරිස මීට වඩා දෙතුන් ගුණයකැයි ගණන් බලා ඇත. අද වන විට අප යම්ලෙසකින් හෝ බටහිර වෛද්‍ය ක්‍රමවලින් සුවය ලබනවා නම් අනියමින් හෝ හිට්ලර්ගේ ඒ සාහසික සොයාගැනීම් වලට කොටසකින් හෝ පින්සිදුවන්නටය.., මේ චෛතසික පීඩනය හිත දරා ඉතාලියානු කලාකරුවෙකු වෙන මොරීසෝ කැතේලාන් විසින් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී “HIM” නොහොත් “ඔහු” නමින් නම් කල මේ පිළිරුව පිහිටුවීමෙන් පසුව දහස් ගණනක් දෙනා මේ පිලිරුව නරඹන්නට පැමිණ ඇත.
බොහෝ නරඹන්නෝ සිය කැමරා ඒ ඉඩ තුලින් රුවා හෝ මේ අපූරු නිර්මාණය සිය කාචයට හසුකරගැනීමට උත්සහ දරයි
කලානිර්මාණය නැරඹීම සඳහා ඇත්තේ ඉතා කුඩා ඉඩක් වුවත් බොහෝ නරඹන්නෝ සිය කැමරා ඒ ඉඩ තුලින් රුවා හෝ මේ අපූරු නිර්මාණය සිය කාචයට හසුකරගැනීමට උත්සහ දරන්නේ ඒ කුරීරු ආඥාදායකයා ගැන වූ වෛරයෙන්ද නොඑසේනම් අනියමින් හෝ මේ සංහාර නිසා ලෝකයට වූ සේවයට ගෞරව කරන්නට දැයි දන්නේ ඔවුන් ම පමණි.
සේයාරූ: AP පුවත් සේවය ඇසුරිනි
බ්‍රේකිං නිවුස් බයි අම්මා..!
අදත් ඇහැරුනේ පොඩ්ඩක් පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම ඇඳිරිනීතිය අයින් කරනවා කිව්වම පොඩි දුකකුත් නැතිවාම නෙවී. ඒත් මම ඒ කුසීත කමට ආසා කරන්න පටන් අරන්ද කියලත් හිතෙනවා.
රස්සාවෙන් මාසෙට ගාණක් හම්බ කරලා ගෙදෙට්ට කන්න දුන්න මම කොළඹට ඇඳිරි නීතිය දාලා සතියක් දෙකක් ගියත් මේක එන්න එන්නම අවුල් යන නිසා, ශේප්පෙකේ බඩු ලොරියක එල්ලිලා ගෙදෙට්ට පංගාත්තු වුනේ පූරුවේ පිනකට කියලා හිතෙන්නේ ඒ ආපු දවසේ ඉඳන් ඔෆිස් එකේ යාලුවෝ උන්ගේ ගෙවල් වල හිරවෙලා කන කටුව නිසා.
මෙහෙම එන්න සිද්දවීමත් එක්ක අනික් කවුරු අවුල් වුනත් මේ ගැන අපේ අම්මා නං ඉන්නේ හරිම සතුටින්, මොකද එයාගේ ළමයි තුන්දෙනාම ගෙදර එයා එක්ක ඉන්න නිසා, ඒ අව්වස්සේ ගමේ වටපිටේ වෙන දේවල් ගැන අපේ අම්මා මා එක්ක කියන දේවල් වෙලාවකට ටිකක් කරදරයක් වගේ දැනුනත් ඒ දේවල් හරිම මිහිරි අත්දැකීම් කියලා හිතෙන්නේ ඒවා ගැන ආපහු පාරක් කල්පනා කරලා බැලුවම. මේ අපේ අම්මා කොවිඩ් අව්වස්සේ කියාපු කතන්දර කීපයක එකතුවක්.
කහ කෑල්ල සහ නිරෝධායනේ
අපේ ගම වෙලාවකට හරි අමුතු ආකාරේ වැඩ වෙන තැනක් කියලා හිතෙන්නේ මෙහෙම කාලෙක ගෙදෙට්ට වෙලා ඉන්නකොට. අපේ අම්මා මම ආපු දවසෙම කහ කෑල්ලක් තඹ මුට්ටියට දාලා වතුර එකක් ලිපේ තියලා නාන්න දීලා තමා ගේ ඇතුලට ගත්තේ.
මම මොකද කියලා ඇහුවම, “උඹ කොල්ලෙක්නේ. මට තව දීගතල දෙන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නට ඔය වසංගතේ හැදුනොත් එහෙම මිනිහෙක්වත් බලන එකක් නෑ.” අම්මා කිව්ව..!
ඉතින් නිරෝදායනේට දානවානේ?
නිරෝදායනේට දාලා, ඒකෙදී මේ කෙල්ලක්ට කරදරයක් එහෙම වුනොත්? උඹද ඒවට උත්තර හොයන්නේ??? මතකනේ සෙව්වන්දිට වුන කරදරේ??
කොච්චර මතක් කලත් නිරෝදායනයක් නිසා කරදරයක් වෙච්චි සෙව්ව්න්දි කෙනෙක් අපේ පවුලෙ ඉන්නවද කියලා කල්පනා කරත් හිතට ආවෙම නෑ!!!
කවුද අම්මේ එහෙම දෙයක් වුන මම නොදන්න සෙව්වන්දි?
මතක නැද්ද දීකිරිගෙදර ලොකු කෙලී..!
එක පාරටම මට බකස් ගාලා හිනා ගියා.
“අම්මේ, සෙව්වන්දි නිරෝදායනේ කරලා නෙවෙයි ළමයෙක් හම්බ වෙන්න ආවේ, සෙව්වන්දිට නිරෝද කරලා” කියලා කියන්න හිතුනත් මම මොකුත් නොකියාම අම්මා මාදිහා බලාගෙන ඉඩ්දිම මම කාමරේට ගියා.
සෝමේගේ මස්සිනාගේ කුඹුරු කෙටිල්ල
මම කාමරේට වෙලා බොඩිමෙන් උස්සගෙන ආපු හඩු රෙදි ටික හෝදන්න දාන්න බෑග් එකෙන් වෙන් කර කර ඉන්නකොට අම්මා හාල් ටිකක් නෑඹිලියට දාගෙන තෝරන ගමන් මගේ කාමරේ උලුවස්සට හේත්තු වුනේ මා එක්ක කතා කරන්න හිතාගෙන.
ටික කාලෙකින් දැක්කේ නැති නිසාද මන්ද අම්මා පොඩ්ඩක් මහත් වෙලා හරි පිං පාට පෙනුමක් ලැබිලා කියලා කියන්න හදලත් මම ඒක හිතේම තද කරගත්තේ, ඕවා කිව්වම මේ ඇඳිරිනීති අස්සේ අම්මා එකපාරට එයා මහත් වුනේ ඇයි කියලා අනිවාරතේ කලබල වෙන නිසා.
අන්න දෙවැටේ සෝමේ අයියගේ මස්සිනා ඊයේ පොලීසියට අහුවෙලා..
අම්මා ඒක කිව්වෙ කිසිම ගාණක් නැතුව. වෙනදටත් සෝමෙගේ මස්සිනාගේ නගර වැඩ ගෙදෙට්ට කෝල් කරන වෙලාවට අම්මා කිව්වත් මම එච්චර ගණන් ගත්තේ නෑ.
මොකද කරගෙන තියෙනවා කියන්නේ?
මම ඇහුව්වේ තෝරන ඇදුම් වලින් ඇස්දෙක අයින් කරගන්නේ නැතිව.
නෑ මූ අර ගැබ්බර කෙල්ල ගෙදර ඉන්නැද්දී, කුඹුර කොටන්න යනවා කියලා ගෙදෙට්ට කියලා උදැල්ලක් මොටර්සයිකලේ බැඳගෙන ගොයි මූකලානේ ගෙදර කෙල්ල එක්ක ඇනිකට් එක ගාව ඉන්නකොට පොලීසියට ඇහුවෙලා!!
ඉතිං ඉතිං??
ඉතිං කියන්නේ, පොලීසියෙන් උඹ මොකද කරන්නේ කියලා ඇහුවම මම කුඹුර කොටන්න ආවා කියලා කියල. පස්සේ පොලීසියෙන් දෙන්නවම දාගෙන ඇවිත් පොලිසියේ ඇතුලේ බංකුවක ඉන්දවලා සෝමෙට කෝල් එකක් දීලා. පස්සේ ඒ කොල්ලා තමා මූව එලියට අරන් තියෙන්නේ.
සෝමෙයගේ නංගී තාමත් වැලහින්න වාගේ අඬනවලු
මොකද කරන්නේ කියලා ඇහුවම කුඹුර කොටන්න කියලා කියපු එකේ යටි තේරුම එක පාරට ඔලුවට ගිය නිසාදෝ මට හීන් හිනාවක් ආවත් මම ඒක අම්මට පෙන්නන්න ගියේ නෑ.
අම්මත් දවසේ රිපෝර්ට් එක දුන්නා ලොකූට කියලා හරි සතුටින් ආපහු කුස්සියට ගියා..
සොයිසා වත
අම්මාට මා එක්ක කියන්න අතපසු වුනු මාස කීපෙකම ආගිය තොරතුරු තිබ්බත් ගෙදෙට්ට ආපු ගමන්ම ඒවා ඔක්කොම එකදිගට කියාගෙන යන්නත් මොකද්ද වගේ කියලා මට හිතුණා. ඒත් එයා විවිධ හේතු ඉස්සර කරගෙන මගේ කාමරේට ඇවිත් ඒ විස්තර එකින් එක කියද්දි මම ආපහු ගමටම වෙලා හිටපු පරණ මිනිහා වීගෙන එනවයි කියලා මට දැනෙන්නට වුණා.
ලොකූට මතකද, අපේ ගෙවල් පල්ලෙහා සොයිසගේ පුතාව?
මොන පුතාද? ආමි එකට ගිය කෙනාද නැත්තං, තැපැල් කන්තෝරුවේ වැඩ කරන පොඩි එකාද?
පොඩි කොල්ලා..!
ඉතිං..?
ඔයා ගෙදෙට්ට එන්න සුමානෙකට විතර කලින් ඒ කොල්ලගේ තාත්තා ඉස්කූටරයක් ගෙනැල්ලා..! ගමට සල්ලි ගන්න ඔය ඇඳිරිනීතිය නිසා අර ලංකා බැංකුවෙන් ලොරිය එනවානේ. මේ කොල්ලා ඒකට අත අල්ලලා, නවත්තන්නේ නැතුව ගිහින්, ගෙදර තිබ්බ ඉස්කූටරේ අරන් ගෙදරින් එපා කියද්දී මේ කොල්ලා ලොරිය එලවගෙන ගිහින්.
ලොරියේ ඩැයිවර් මංකොල්ල කන්න එනවැයි කියල හිතලද මන්දා හයියෙන් ගිහින්. පස්සේ බෝමලුවේ හන්දිය ගාවදී, සයිකලේ ලිස්සලා කොල්ලත් එක්කම වැටිලා. ලොරියෙන් ගන්න ගිහිල්ලා තියෙන්නෙ රුපියල් දෙදාහක්. බයිසිකලේටම පාඩුව විසිදාහක්ද කොහෙදෝ කිව්වා.
එක එක වෙලාවට උවමනාව ඉතාම පොඩි වියදමක් වුණත් දෙන්න වෙන මිල හරි විශාලයි. මට එහෙම හිතුණා..!
කුඩ්ඩා
මම පොතක් කියව කියවා ඉන්න හෝ කෑම කාමරේ හෝ සාලෙට වෙලා ටීවී බලන වෙලාවටත් අම්මා නවලිය පත්තරයක් හරි උස්සගෙන මගේ කාමරේට එන්නේ මා එක්ක කතා කරන්න උවමනාවෙන් බව මම නොදන්නවා නෙවෙයි. ඒත් සමහර වෙලාවට අම්මා එන්නේ තව තවත් ආගිය කතා අම්මාගේ ආකයිව් එකේ තියෙන බව නොකියා කියමිනුයි.
ලොකූට මතකද, සේකර මාමගේ බාල කෙල්ල සුදාරිව?
ඔව් ඉතිං?
අම්මා පත්තරේ අකුලලා දාගෙන හිටපු කණ්නාඩිය එහෙම ගලවල පැත්තකින් තිබ්බා.
මේ ලඟදි දවසක සුදාරියා අර හන්දියේ පිටිකඩේ මුදලාලිගේ පුතාට කුඩ්ඩා කියලා පේස්බුක් එකේ බැනලා.
වැඩේ කැතයි නේහ්? කිසිම හේතුවක් නැතුව එහෙම බනින එක?
ඒක තමා, අන්න ලොකු මුදලාලි අපහස නඩුවක් දාන්න යන්න අද්වකාත් එකෙක් හරහා එන්තරවාසියක් එවලාලු සුදාරිට, සුදාරිය හොදටම බයවෙලා. අනික පිටි මුදලාලිගේ පුතාට කුඩ්ඩා කියලා පේසුබුක් එකේ බැන්නම, කාටද තරහා නොයන්නේ. අනික ඒකේ බැන්නම හැමෝටම පේනවලු. ඒ අස්සේ සුදාරි දැන් ෆෝන් ඔක්කොම ඕෆ් කරගෙන, පේස්බුක් එකත් වහලා දාලා ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා ඊයේ උදේ මෙහෙට ආපු කීර ගුණේ කියලා ගියා. ගුණෙයා මේක ගම පුරාම පතුරවනවා ඇති මේ වෙද්දී.
ඕකේ දෙපැත්තක් තියෙනවා අම්මේ,
ඒ මොකද්ද ලොකූ.?
කෙනෙකුට සාක්කි නැතුව, අපහස කරන එක වැරදී, ඒ වගේම පිටි මුදලාලිත් හැම මගුලටම නඩු දාන්න ගියාම අඩුවෙන්නේ එයාගේ බිස්නස් එකට තියෙන තත්වේ. මොකද ඔය දේසපාලන තත්ව අරවා මේවා ඔක්කොම තව ටික කාලයක් ගියාම නිකම්ම ඉවර වෙනවා. ඉන් පස්සේ ගමේ එවුන් එක්ක බැහැලා කරල්ලා ඉන්න ඕනේ නේ..!
ඒක නං එහෙම තමා..!
මේ දේවල් ඔයා දන්නවා කියලා කියන්න යන්න එහෙම එපා කා එක්කවත් හරිද? මොකද ඉන්පස්සේ මේ කොරෝනා අස්සේ ඔයාවත් අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය යටතේ අත් අඩංගුවට ගනීවි. තේරුණාද?
ඒක අහගෙනම අම්මා මොනවාදෝ කිය කියා කාමරේන් එලියට ගියේත්, මට පොඩි හිනාවක් ආවෙත් එකටම වගේ. මොනවා වුනත් මේ ඉන්න කාලය මට හිතට අත්දැකීම් එන කාලයක් කියන එක නම් නොකියාම බෑ.
සුරන්ජිත්ගේ මඥ්ඥොක්කා වගාව!
දවසක් මම උදේ නැගිටලා සාලෙට තේකත් අරගෙන යනකොට අපේ අම්මා මහ සද්දෙට නංගිලා දෙන්නට දෙහි කපනවා මොනාදෝ කිය කියා..!
මමත් උලුවස්සට හේත්තුවෙලා මොනවද කියන්නේ කියලා අහගෙන හිටියා..!
උඹලා කාමරේට වෙලා පරන භාවනා සඟරා කියව කියවා ඉඳපල්ලා. මේ ගෙදර දොරේ වැඩකට එහෙම උදව් වෙන්න එපා. අනේ අම්මපා මෙහෙම කෙල්ලෝ දෙන්නෙක් හැදුවට වඩා හොඳා මම එළැ හරක් දෙන්නෙක් හැදුවා නං මෙලහකට කිරි හරි ගන්නවා. අඩු ගානේ උයන්න ඕනෙ නෑ, වත්ත පිටියේ මොනවා හරි හිටවපල්ලා, ගෙදෙට්ට වගාවක් වෙන්න..! ඒවා නෑ..!
අන්න ඒකට අර හන්දියේ කුලීගෙයි ඉන්න සුරන්ජිත්ගේ පවුල, මම ඉදියාප්ප පාර්සලයක් දෙන්න ගියාම අනේ අම්මේ බැල්කනියේ පොඩි පොඩි පෝච්චි වල මඥ්ඥොක්කා වවලා ලස්සනේ බෑ. මම ළගට යන්න හැදුවම කිව්වා බෙහෙත් ගහලා තියෙන්නේ නැන්දේ වෙන වෙලාවක එන්න අල ටිකක් දෙන්නං කියලා. අන්න දිරිය කාන්තාවෝ..! ඒකට අපේ එවුන්.
අපේ ඩබල හොර පූසියෝ දෙන්නා වගේ මං දිහා බල බල තේක බොනවා.! මම මොකුත් නොකියාම කාමරේට ආවා..! ඔය සිද්දියත් ඔයින් මෙයින් අකා මකා වෙලා මැකිලම ගියා..!
දවස් කීපෙකට කලින් දරවගයක් ගෙනල්ලා දෙන්න ගුණයා ගෙදෙට්ට ආවම, අපේ අම්මා නංගිලාටත් ඇහෙන්නත් එක්ක,
ගුණේ අර සුරංජිත් මහත්තයාගේ නෝනා හරි උත්සහවන්තයි නේදැ? කියලා ඇහුවා!
ඒ හරිය නං මොකට කියනවද..! පුදුම උත්සහයක් තියෙන්නේ හෙහ් හෙහ් හෙහ්..!
අමුතු විදියට හිනාවෙන ගුණයගේ කතාව මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ශේප් එකේ මොනවද කියන්නේ කියලා අහගෙන හිටියා.
ආ එහෙම කියන්නෙපා..! බලන්නකෝ අර බැල්කනියේ දාලා තියෙන මඥ්ඥොක්කා වගාව. බොහොම සාරයි නෙව..! උඹ දැක්කේ නැතෙයි ගුණේ??
අනේ ලොකු නෝනේ දන්න දෙයක් කියනවද? ඊයේ උදේම පොලීසියෙන් පැනලා ඔය ජෝඩුවයි උන්ගේ පැල තවානයි ඔක්කොම පටවං ගියේ ඒක නිසා තමා එහෙනං.!
ඇයි පොලීසිය මොකටද මඥ්ඥොක්කා අරන් යන්නේ? අපේ අම්මා ඇහුවේ පුදුමයෙන් වගේ..!
ඒවා මඥ්ඥොක්කා පැල නෙවී නෝනේ, ඒවා ගංජා පැල,. සුරන්ජිත් කාරයා අලුතින් කාරෙකක් එහෙම ගත්තෙ ගිය මාසේ ඒ සල්ලි වලින් තමා..!
ඒක අහපු අපේ අම්මා ඈහ් කිව්ව්වෙත්, නංගිලාගේ කාමරෙන් මහ හයියෙන් හිනාවක් ආවෙත්, මම ශේප් එකෙ කාමරේට ගියෙත් එකම වෙලාවේ..!
හැබැයි මට තියෙන එකම ප්‍රශ්ණේ අම්මා ගංජා පැලේ මඥ්ඥොක්කා පැලේ වගේ පේන්න සුරන්ජිත්ගේ වාහේ අම්මා එක්ක කිව්ව්වේ මොනාද කියන කුතුහලේ විතරමයි….!
ලිස්ට් එකේ තව කතන්දර තියෙනවා, අදට කොවිඩ් අන්දර වලට කොමාවක් ලියලා තව ලිපියකට ඉතුරු කරන්න හිතුවේ, අත පොඩ්ඩක් රිදෙන්න ගත්ත නිසා..!
සෙස්ස පස්සට..! J
Get smart about your money — Another hoax investment scam review based on true incidents.
Let me tell you a story. Not an ordinary one but one worth hearing about, something you’ll be aware of in the future. It came to me through one of my friend’s brother. He didn’t tell me anything at first. What he did was, he called me and said: “I have a business proposition for you”. So I went to the given location at the exact time he had given to me. At first, I thought he wanted my design services for his project due to the fact that I’m a designer by profession.
The place was situated in Maharagama. Let me name this company as “XYZ Lanka”. The moment I went there, I noticed so many youngsters registering themselves to do the business ( an investment with XYZ Lanka). That’s what they have informed these youngsters too. To invest and after the investment, we have to add two more people to introduce to this scheme. And that’s all that is required of us.
At first, I was a bit suspicious about the way this was explained to us and about the examples that were shown by my brother’s friend (hereinafter named as Mr. A). As Mr. A & his associates explained, they usually handle seminars and individual meetings before registering people. They also emphasized that there are huge amounts of people taking benefits from this scheme all over the world and they are giving us a great opportunity to make money in an easy hassle-free way.
He also told me about the packages they sell, which are all above 100,000 LKR. The choices available were either you can take a single package or you can take three packages as a family plan.
Thanks to my suspicions and gut feelings about everything around me, I said that I cannot make up my mind to invest such an amount of money since there are some concerns that need to be addressed regarding this. They kept insisting on my concerns however those clarifications were not up to my satisfaction. They did not let me off so easily. They kept saying this was a great opportunity to make money and to have a luxurious life. They use those words as a brainwashing method to lure people into their scheme.
I saw Mr. A insisting but yet struggling to convince me about the venture by repeatedly offering me unrealistic solutions to my concerns. A few moments later I told him that I have to discuss this with my brother because I have a joint bank account and he is my business partner. Right after that, I told them that I needed a copy of their agreement to show as evidence to our family lawyer. But he said, that might not be a good idea. That’s the moment my suspicions were confirmed and I knew what their intentions were. These cheats were to trying to steal our money right under our nose. The person who introduced me has invested over one million on them. (As stated by a member of the XYZ Lanka )
Then he insisted that I should not say anything to my brother, and to bring him to them, they will explain the details from A-Z”. After agreeing to do as he said, I came back home.
While I was on my way I saw that Mr. A has whatsapped me some PDF documents and some YouTube links about this “funny/weird” marketing strategy and people who have gained money from it.
The only thing I understood was “when you have no idea about what they do and, when you are also in a desperate position to earn more money on such a short term, you will definitely sign the agreement and make the payment without having second thoughts.”
But their tricks won’t work on me. Because I knew how these pyramid schemes work!.
Be aware of such people, they might be around you and brainwash you this very moment by showing you false dreams and shortcuts only to have your hard-earned savings lost in a second.
වයස අවුරුදු 18 වෙත්දී මට මුම්බායට ඒමට සිදුවුණා. අපේ පවුල හරිම දුප්පත්, ඒ නිසා අපේ අම්මා අප්පා එක්ක එකතුවෙලා මාව දෙවියන්ගේ සේවයට කැපකලා. එසේ කැප කල මම පවුල වෙනුවෙන් ඉපයීය යුතු වූවා, ඒ මුදලින් මගේ පවුල නඩත්තු කලයුතු වූවා. කෙටියෙන් කියනවා නම් මම මා සහ මගේ පවුල වෙනුවෙන් කන්න හොයන්න ගියා. මම මුදල් වෙනුවෙන් “ඔවුන්” මට කියන හැම දේම කලයුතු වූවා. මම කලකට පස්සේ මුම්බායෙන් එනකොට මගේ අතේ යහමින් මුදල් ගැවසුනා, මම එයින් කොටසක් වියදම් කරලා ඇඳුම් පැලඳුම් මිලදී ගත්තා. “ඔවුන්ට” පින් සිදුවෙන්න මට දරුවෙකුට උපත දෙන්නට වූවා.., එහෙත් “ඔවුන්” මගේ සේවය ඉල්ලූ නිසා මම දරුවාව දෙමාපියන් ළඟ දමා නැවත මුම්බායට ආවා. මම නැවත යනවිට මම ගෙන ගිය මුදල් මගේ සහෝදරවරු යහමින් වියදම් කරලා.., මගේ මුදල් ගත්ත ඔවුන් මාව කෙල පිඩක් ඉවත් කරන්නා සේ පවුලින් ඉවත් කලා.., දැන් මට යන්න එන්න තැනක් නෑ, පවුල වෙනුවෙන් මුදල් සෙවූ මට අද වෙනකොට මගේ බඩවියත් වෙනුවෙන් හිඟමන් යදින්න වෙලා..!
https://www.pinterest.com/pin/472103973414152968/
මේ හින්දු බැතිමතුන් පූජනීය බවින් තරකොට සලකන දේවදාසීන් ගේ වර්තමාන කතාවයි. ධනයට බලයට ලොල්වූ සමාජයක ආගමික බලය සහ මුදල් නැමති ඇම කරණකොට ගෙන ඇය දේවදාසියක බවට පත්වන්නට වී. කිසිඳු දාක ඇගේ ජීවිතය දේවදාසියක වූ පසු යළි පැවති ලෙස සම නොවනු ඇති. මේ දේවදාසින්ගේ නොදුටු අඳුරු පසයි. යුවතියක් දේවදාසියක් වන්නේ ඇගේ ජීවිතය හින්දු දෙවඟණක වන “යෙල්ලම්මා” වෙත භාරකෙරුණු පසුවයි. මිහිපිට වෙසෙන “අධ්‍යාත්මික” සුරදූතියන් ලෙස හඳුන් වන අතර ඈ විසින් දෙවියන් වෙත සියසේවාව ලබා දිය යුතු වනවා මෙන්ම එම සේවාවන් ඉන්දියාවේ විවිධ සමාජ මට්ටම් හරහා ඒ සමාජික තත්ත්ව වලට සරිලන ලෙස වෙනස් වෙමින් අදටත් පවතිනවා. බොහෝ දේවදාසීන් ලිංගික කම්කරුවන් ලෙස සිය ඉපයීම කරන අතරම බොහෝවිට ඒ ආදායම් ඒ ඒ දේවදාසීන්ගේ පවුල් ජීවත් කරවීම සඳහා යෙදවෙනවා. වරක දෙමාපියන් විසින් යෙල්ලම්මා දෙවඟන වෙත සිය දුවනියන් භාර කෙරුණු පසු ඔවුන් දෙවියන්ගේ සම්ප්‍රදායන් පුරුදු පුහුණු වීම සඳහා යැවුනත් ඇත්ත වශයෙන් ම ඔවුන් සමාජයට එකතු වන්නේ දෙවියන්ගේ නමින් ලිංගික ක්‍රියාකරකම්වල යෙදෙන්නියන් හෙවත් ගණිකාවන් ලෙසයි.
යෙල්ලම්මා යනු,
අතීත පුරාවෘත්තයන් ට අනුව යෙල්ලම්මා යනු හින්දු ජන කථාවල එන බලවත් සෘෂිවරයෙකු වූ ජමධාග්නී ගේ බිරිඳයි. ජමධාග්නී හට දාව යෙල්ලම්මා විසින් පුතුන් සිවු දෙනෙකුට උපත ලබාදුන් අතර සිවුවැනියාගේ උප්පත්තියේදී ජමධාග්නී සහ යෙල්ලම්මා එකිනෙකාගේ පවිත්‍රතාව පිළිබඳ ප්‍රතීඥාවකට එකඟ වෙනවා. සෑම දිනකම යෙල්ලම්මා සිය සැමියා වෙතට ඔහුගේ වතාවත් කටයුතු සඳහා “වැලි වලින් නිමැවූ” කලයක දියරැගෙන යන්නේ මේ ප්‍රතීඥාවේ බලමහිමයෙන්මයි. බොහෝ කලක් මේ ආකාරයෙන් දිය ගෙන යත්දී එක් දිනෙක මේ ආකාරයෙන් දිය රැගෙන යන යෙල්ලම්මා දුටුවේ අද්භූත ආතමයක් හිමි කරගත් “ගාන්ධර්ව” ඈ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනා ආකාරයයි.., මේ දැක්මෙන් වික්ෂිප්ත බවට පත් යෙල්ලම්මා දිය රැගෙන ගියද, එක දිගටම දිනපතා දිය රැගෙන යන යෙල්ලම්මා දෙස බලාසිටින ගාන්ධර්ව වෙත යෙල්ලම්මාගේ සිතද ඇදී යන්නේ නොදැනුවත්මයි. දෙදෙනාගේ ආශාවන් සහ ලෝකාස්වාදිත ක්‍රමෝපායන් එක සමාන බව වටහ ගන්නා යෙල්ලම්මා ගේ ජමධාග්නී වෙත පවතින භක්ති සමාධිය දෙදරා ගොස් ඒ වෙනුවට ගාන්ධාර වෙත ඇදෙන්නට වූවා. පසුව ඈ දිය ගෙන ඒම සඳහා නදිය වෙත ගියත් දිනපතා නදීතීරයේ වැලි වලින් නිම වූ කලය එදින සාදාගන්නට නොහැකි බව දැන ගන්නා විට සියල්ල සිදුවී හමාර බව යෙල්ලම්මා වෙත සිහිපත් වූවා. හඬා වැලපෙමින් දුක් වූ යෙල්ලම්මා එදින සිය සැමියා වෙත යන්නට සිදු වූවේ හිස් අතින්.
යෙල්ලම්මා විසින් එදින දිය රැගෙන නොඒම නිසා ක්‍රෝධයෙන් දිලිහෙන්නට වූ ජමධාග්නී විසින් ඈ දිය නොගෙනීමට හේතුව උපකල්පනය කර ඇය හට සිය බඹසර නසාගැනීම නිසා ශාප කරනවා.., එසැනින් ඈගේ පෙනුම විරූපී වී ගඩු සහ තුවාල වලින් ඈ සිරුර වැසෙන්නට වුණා. සිය සැමියා කරන ලද ශාපය නිසා නිවෙසින් පිටමං කරන ලද යෙල්ලම්මා ඉබාගාතේ ඇවිදිමින් සිය කුස ගින්න නිවා ගැනීම වෙනුවෙන් සිඟමන් යදිනා තත්ත්වයට පත් වෙනවා.
මේ ජමධාග්නී විසින් සිය බිරිඳ වූ යෙල්ලම්මා වෙත කරන ලද ශාපය සමනය කරනුවස් වර්ථමානයේදී යෙල්ලම්මාගේ නමට කැප කරමින් දෙමාපියන් සියදරුවන්ව දේවදාසීන් බවට පත් කරන්නේ එලෙස සිය දරුවන් දෙවියන් වෙත පූජා කිරීමෙන් යෙල්ලම්මා වෙත වූ ශාපය බිඳකින් හෝ සමනය වේ යන අන්ධ විශ්වාසය නිසාමයි. එහෙත් ඉන් දරුවන්ගේ ජීවිත මිහිපිට අපායක් වෙන බව එම දරුවන් වත් දෙමාපියන්වත් තේරුම් නොගන්නේ ඔවුන්ගේ මනැස් දේවභක්තිය නම් පෘෂ්ඨයෙන් වැසී ඇති නිසායි.
මේ ආකාරයෙන් දෙවියන් ඉදිරිය සේවයට කැපවන දේවදාසීන් සිය සේවා ලබාගන්නා අයගේ ඕනෑම ආශාවක් සන්තර්පනය කරන්නට නොපෙනෙන සාම්‍රදායික රැහැණකින් බැඳී සිටිනවා, මේ සමාජ ගෞරවය නැමති අපුල ව්‍යාධිය නිසා දේවදාසියක සිය ජීවිතය අනුන් වෙත අකමැත්තෙන් හෝ දන් දෙන්නට හුරු කරගන්නවා. වර්තමානය වෙන විට මේ අවර ආගමික සම්ප්‍රදායන් වලින් ඉන්දියාවේ පවතින කුලහීන ජන කොට්ඨාසයන් බැට කනවා.
දේවදාසීන්ගේ පිරිහීම
දේවදාසී වෘත්තියේ අද දවසේ මුහුණුවර නම් ඉතාම කටුකයි. එහෙත් අතීතයේ දී දේවදාසින් සිය සේවාවන් ඉටු කලේ දේවස්ථාන වල නාටිකාංගනාවන් ලෙසයි. එහෙත් සත්‍යවශයෙන් ම ඔවුන් එකල සිය රැඟුම් කටයුතු කලේ මධ්‍යතන ඉන්දියාවේ ඉහළසමාජ සන්තර්පනය වෙනුවෙනුයි. ඒ අතරම රාජකීයන් ගේ පූජනීය යාග පැවැත්වීමත් මේ දේවදාසීන් හට පැවරුනා. දෙවියන්ගේ ස්ත්‍රී දාසීන් වූ මේ අසරණියන් සිය රැඟුම් සහ සන්තර්පන වේදයන් වලින් අධික ලෙස මුදල් ඉපයීම හේතුවෙන් ධනය බලය ගෞරවය ඈ වටා වෙලී පැවතීම නිසා එකල ඔවුන්ගේ කලදවස යහපත් වූවේ ඉහතකී රැඟුම් සන්තර්පන වේදයන් පූජකයන් සහ රාජ වංශිකයින් වෙත පමණක් සීමා වූ නිසා. එහෙත් මේ සම්බන්ධයේ ශක්තිමත් බව කල්යත්දී දුර්වල වූ විගසම ඔවුන්ගේ විනාශය ආරම්භ වුණා.
https://www.scoopwhoop.com/inothernews/red-light-areas-india/
පසු කලෙක වූ ආක්‍රමණ සහ මිශනාරීන් විසින් සිය ධර්මය රට තුල පැතිරවීම තුලත් දේවදාසීන්ට වූවේ හානියක්. මේ ඉතිහාසය වෙනස් වෙන්නට 1360දී සුල්තාන් ශාහ් විසින් හින්දු දෙවොල් වලට කරන ලද හානිය තුලින් ආරම්භ වූ දේවදාසීන්ගේ අපර කාලය උඡ්ඡස්ථානයට පත්වූයේ 19වෙනි සියවසේදී කතෝලික මිශනාරීන් විසින් සිය දහම පතුරන්නට වීම නිසාවෙන්. කලෙක උතුම් දෙවොල් නාටිකාංගනාවන් වී මේ කතුන් සිය පැවැත්ම වෙනුවෙන් ඉහල සමාජයේ අනියම් භාර්යාවන් ලෙස සිය ජීවිත කරන්නට වීම නිසා වෙන ඔවුන් වෙත වූ ඉහල මූල්‍යමය වටිනාකම ස්වාමියා විසින් සිය ආශාවන් සන්තර්පනය කරවීම සඳහා ගෙවන බරපැණක් තරම් අවප්‍රමාණ වූවා. අද වන විට දේවදාසීන්ගේ සේවය ලබාගන්නේ කුළීසේවකයන් සහ ලොරි රථ රියැදුරන් පමණක වන තරමට පහත්වෙලා. යුවතියකගේ ජීවිතයේ වටිනාම සන්ධිස්ථානය වූ විවාහය යන සංකල්පයම අහිමිවූ තටු සිඳුණු කිරිල්ලියන් වූ මේ ජීවිත වලට අද ගණිකාව යන ප්‍රතිරුව බද්ධවන තරමට ඔවුන්ගේ දෛවය ශෝක ජනක වී අවසන්.තම කැමැත්ත අකමැත්ත නොවිමසා දේවදාසීන් ලෙස පුජාවෙන යුවතියන් බොහෝ වෙත සිය පවුලේ සුඛවිහරණය පැතීම නිසායි.
https://www.indiatimes.com/news/india/police-start-arresting-people-visiting-sex-workers-in-mumbai-but-brothels-are-here-to-stay-238622.html
අපි ඉස්කෝලේ ගියොත් මගේ පවුලේ අයට වෙන්න කුසගින්නේ ඉන්නයි. මෙසේ කියන දේවදාසිය වෙතින් සිය කුඩා සහෝදරියන් දෙදෙනාත් සහෝදරයාත් මහලු මිත්තණියත් ජීවත් කරවනවා. මුලු පවුලේම වගකීම අද වෙනකොට මගේ උරහිස් වල රැඳිලා, ඉතින් මම කෝහොමද මුදල් හොයනවා ඇරෙන්නේ ඒ වගකීම් වලින් බැහැර වෙන්නේ?? මගේ පවුල මගේ වගකීමයි, මා ඔවුන් ජීවත් කල යුතුයි..
https://postcard.news/prostitution-originated-along-with-the-origin-of-mankind-heres-a-brief-history-of-sex-trade-in-india/
අද්‍යතන සමාජයේ දේවදාසීන්
https://www.globalgiving.org/projects/rescuing-girls-from-forced-prostitution-in-india/
“මට වයස අවුරුදු හයයි මගේ දෙමාපියන් මාව පූජා කරන විට”
මෙසේ කියන්නේ රාණී බායි.., ඇය කර්ණාටක ප්‍රාන්තයේ සෞන්දතී හී ජීවත් වන දේවදාසියක්.
මම ඒකාලේ දන්නේ නෑ මොකද්ද මේ වෙන්නේ.., මාව රැගෙන ගොස් මේ කරන්නේ මොකද්දැයි කියා, මා තුල වූවේ අන්කිසිවක් නොව පුදුමයක් පමණයි. කලකට පසුව මා වැඩිවියට පත්වූ පසු මගේ පියා මාව ගොපල්ලෙකුට විකුණුවා[?] රුපියල් 500 කට.
මුම්බායි නගරය තුල 1934හී ගෙනෙන්නට යෙදුනු දේවදාසීන් සුරැකුම් පනතක් මඟින් දේවදාසී සේවය නීති විරෝධී වුවත් සෞන්දතී වැනි ආගමික කටයුතු රැසක් කෙරෙන නගරබද ප්‍රදේශ වල 23000කට අධික කාන්තාවන් ප්‍රමාණයක් තවමත් දේවදාසී භාවය නිසා සිය සිරුරු මුදලට විකුණනු ලබනවා. මේ හේතුව නිසා අද වනවිට සෞන්දතී යනු දේවදාසී සංස්කෘතියේ අපිකේන්ද්‍රය පත් වී හමාරයි.සෑම වසරකම යෙල්ලම්මාගේ දිනසටහන් හී ඉතා වැදගත් දිනයක් වෙන පූර්ණ චන්ද්‍රයා සැමරීමේ උත්සවය සැමරීමට දහස්ගණනක් වූ ජනතාව සෞන්දතී වෙත පැමිණීම කෙරෙනවා, මාසයක කාලයක් පුරාවට යෙල්ලම්මාගේ පුදසුන් වටා කරන්නට යෙදෙන යාග මීට ඇතුලත්. ඉතින් මෙහීදී දැරියන් දේවදාසීන් කෙරෙනා බව අමුතුවෙන් කිවයුතු නෑ. අවට නගර වල වේශ්‍යාගාර හිමිකරුවන් සිය සේවාස්ථාන වෙත දැරියන් කැඳවගෙන යාමට එන්නේ මෙතැනටයි. දේව සේවයට කැපකරන දියනියන් දෙමාපියන්ට මුදලක් ගෙන රැගෙන යන්නට වීම නිසා එම දැරියන් දේවදාසීන් වනවාත් සමඟම ගිවිසුම් ගත වෛෂ්‍යාවක බවට පත්වන්නේද නිතැතින්මයි.
කැපකිරීමේ ක්‍රියාවලිය.
ස්නානය කර පච්ච වර්ණිත සාරියකින් සහ පාසළඹින් සැරසෙන මේ යුවතියන් වළලු සහ පාමුදු සරසාගන්නවා. සිය මුව සරස ගන්නා අතරම පොටවල් පහකින් සමන්විත මුතු මාලය ඔවුන් වෙත සම්ප්‍රදායක් එක්කරනවා. ඒ ගෙල වටා බැඳි මුතුපොට සංකේතවත් කරන්නේ ඈ දේවදාසීයක බවයි. ඉහත කී ලෙස සැරසුනු පසු ඔවුන් ව පැරණි දේවදාසියන් විසින් ගැනුම් කරුවෙනු වෙත ගෙන අතර එහිදී ගැනුම් කරුවා විසින් බඳින ලද රන් පැහැ ගැන් වූ ගෙල පළඳනාව පළඳනවා. ඒ ගැනුම්කරුවා මේ කිසිවක් නොදත් අංකුර දේවදාසියගේ කන්‍යාභාවයට මිල බවට පත් වෙනවා.
https://www.newyorker.com/magazine/2008/08/04/serving-the-goddess
“මම හිතුවේ අපිව පුදන්නේ යෙල්ලම්මා වෙතට කියලයි, අපි දැනගෙන හිටියේ නෑ ගණිකා වෘත්තිය අපේ රස්සාව වෙන බව, දෙවියන්ගේ නමට අපව පූජා කලාට, ගැනුම්කරුවෙක්ට අපි කියන්නේ අසලදී බල්ලෙකුට හසුවූ මස් කටුවක් අතර වෙන්සක් නෑ. ඒ තමා අපේ දෛවය, මොනවා කරන්නද, අපි දන්නේ මිනිස්සු එක්ක නිදිවදින්නයි දෙයියන්ට පූජා තියන්නයි විතරයි.”
මෙසේ පවසන්නේ 72 හැවිරිදි ලිංගික කම්කරුවෙක් වූ අතීත දේවදාසියක්.
යෙල්ලම්මා දෙවඟණ තවමත් දේවදාසීන්ගෙන් පුද ලබනවා, පවතින සමාජයේ සියලු කටයුතු සියල්ල මුදලින් ඉටු කලත් ඊට අදාල දේව භක්තියේ ආවරණය යෙදූ කල සියලු ගැනුම් කරුවන් මේ අරණ කන්‍යාවන් වෙනුවෙන් යොදවන මුදල් පුද පඬුරු බවට පත්වෙන අතර ඔවුන්ට නීතියේ රැකවරණයද උරුමයි. එහෙත් මේ දේව නාමයන් පසුපසින් ඇදෙන අදිසි හස්ත වලට මුවාවී එළිලන්නේ නූතන සමාජයේ චිත්තවිපර්යාස වල පෙර දැක්ම බව අප තරයේ හිත තබා ගතයුතුයි.., ඒ චිත්තවිපර්යාස වලට ගොදුරු වන දැරියන්ද ඊටම සරිලන මත වල එල්බගෙන සිටීම නිසා ඔවුන්ගේ ජීවිත ජරාජීර්ණ වන්නේ ඔවුන්ටත් හොරෙන්.
කවුරුවත් මාව රැගෙන ආවේ නෑ, මම ආවේ මගේ කැමැත්තෙන්, මම දේවදාසියක් උනේ මට ගණිකාවක් වෙන්න ඒ මඟ ඉතා පහසු නිසා මම රූමත් නිසා ගණිකා වෘත්තිය මට හොඳින්ම ගැලපෙනවා, මගේ බලාපොරොත්තුව මුදල් හම්බකරන්න පහසු මඟක් හොයන්න. මේ දේවදාසිකම මට ඒකට ලොකු උදව්වක් වෙනවා.
ඒ 22 හැවිරිදි මානවිකාගේ හඬයි.
විනිර්මුක්ත
Image courtesy : Martin Vierne
රෝස පැහැ කොල ගණනාවක කියන්නට යෙදුනු කවි.., අවට පාවෙමින් තිබුණි. ඒ පෘථිවි ගුරුත්ව බලය පරයා සඳේ ගුරුත්වය පෘථිවියේ තහවුරු වෙමින් පැවති කාලයයි, අධික බරැති දේ හැරෙන්නට අන් සියල්ලම පොළොවෙන් අඩි පහක් හයක් ඉහළින් ගුවනේ පාවෙමින් තිබුණි.., පේණුවට සම්බන්ධ කර තිබූ නමුදු පාවෙමින් පැවති ගුවන් විදුලියේ විකාශය වෙමින් තිබූ ප්‍රවෘත්ති තුලින් කියැවුනේ සඳ පෘථිවියට තව තවත් ආසන්න වුවහොත් සීමාවකින් තොරව සියල්ල අහසට ඇදීයනු ඇති බවයි..!
කල් ගතවන්නට විය.., පෑන් තුඩෙන් කොලයට ආලේප වන තීන්ත ඉර පවා බිංදු ලෙස අහසට ඇදෙන්නට විය.., ලේඛකයා සිය කවි ලියන්නට භාවිතා කලේ අධි බරැති යකඩ කඳන් වලින් තනන්නට යෙදුනු මේසයක අලවා ගත් ස්ටිකර් කොලයකි..! මේ වන විට ලොව යකඩ භාවිතය ඉතා ඉහල ගොසින් තිබීම නිසා බිල්ගේට්ස් පරදා ලක්ෂ්මි මිත්තල් ලොව අපරාජිත ධනවතා බවට පත්විය.
මයික්‍රෝසොෆ්ට් සමාගම තවදුරටත් සිය මෙහෙයුම් කටයුතු කරගන්නට නොහැකිව මයික්‍රෝ අයන් වර්ක්ස් නමින් නවමු යපස් ඉල්ලම් ගොඩලන සමාගමක් ලෙස සිය වෙස් පෙරළාගෙන තිබිණි. ලොව සියලු දේ යකඩ භාවිත කර තනන්නට විය. කෙතරම් යකඩ භාවිතය සිය ජීවන චක්‍ර තුලට ඇතුළු කරගත්තාද කිවහොත් මීට වසර 10කට පමණ පෙර සේලවලින් තැනු රෙදි, අයන්චැලෙන්ජර් නමින් යුතු ඇසට නොපෙනෙන යකඩ මුදු එකිනෙක වියා තනා ගත් හැම අතටම නැවිය හැකි සලු නිපදවන්නට විය. ආසන්න වශයෙන් ගවුමක බර කිලෝ 20 පමණ වූ අතර සරමක් අවම ලෙස කිලෝ 5කින් ගොඩදා ගත හැකි විය. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ගේ සිරුරු වල හැඩය කායවර්ධන ක්‍රීඩකයින්ගේ ආකාරයක් ගෙන තිබිණ.
කෙමෙන් කෙමෙන් කාන්තාවන් වැඩි බර දරන්නට හැකිවන ලෙස උස්ව පුෂ්ටිමත්ව වැඩෙන්නට වූ අතර පිරිමින් ගේ සිරුරු ඊට සාපේක්ෂව කෝමලත්වයෙන් අගතැන්ව වැඩෙන්නට විය. උප්පත්තියෙන් කතුනට ගර්භාශයක් ස්වභාව ධර්මයෙන් ලැබී තිබූ නමුදු පිරිමින් සමඟ ලෝකාස්වාදනය පිළිසිඳෙන දරුවා පෝෂනය කිරීම පිරිමින්ට අයිති දෙයක් බවට පත්වන්නට විය.
ගමනා ගමනය පහසු විය, ගුරුත්වය ඌණ වීම කරණ කොට අඩියක් තබා තව අඩියක් තබන විට ඒ දෙක අතර දුර අඩි 30ක් පමණ විය.., යකඩ සලු පැලඳ ඈතින් අඩි තියමින් තුටින් ගමනේ යෙදෙන කතුන් හා දරුවන් නලවමින් යකඩ අඩි ඇති අධිබර සපත්තු පළඳාගෙන සීරුවට පාරේ ගමන් ගන්නා පිරිමින් හිඟ නොවීය.
බිරිඳ සිය වචනයට යටත්ව නොසිටීම නිසාවෙන් වඩ වඩා විරහා ගී ස්ටිකර කොල වල ලියැවෙන්නට විය.., ඈ සවසට සේවයට ගොස් සිය මිතුරියන් හා අසල වන ජංගම තැබෑරුමට වැදී සකේ පානය කර යකඩ ගවුම් සුළඟේ පාකරමින් මහ හඬින් ගී ගයමින් උඩ පැන පැන එන ආකාරය ගැන ලේඛකයා තුල වූයේ පශ්චත්තාපයකි.
මෙලෙස දුරස්ථව පියවර කිහිපයකින් කිලෝමීටර ගණනක් ගමන් ගන්නට ඇති හැකියාව නිසා වාහන සමාගම් සිය නිශ්පාදන නවතා දමා වාහන තනන්නට ගන්නා උපකරණ භාවිත කර විවිධ විලාසිතාවේ යකඩ සපත්තු තනන්නට විය. ටොයෝටා, ජගුවර්, හමර් ආදී විවිධ නම් වලින් යුතු පාවහන් වෙළඳපොලට පැමිණෙන්නට වී. වාහනයක් නිපදවන්නට අවැසි යකඩ වලට සාපේක්ෂව සපත්තුවකට අවැසි යකඩ පර්මාණ ඌණ වූ බැවින්.., සමාගම් වල නිශ්පාදන ධාරිතාවය ඉහළ ගොසින් ඉතිහාසයේ නොවූ විරූ ලාභ ලබන්නට විය.
වසර ගණනාවකින් පොළවට දියබිඳ නොවැටීම නිසා විද්‍යාගාර වල ජලය කෘත්‍රීමව නිපදවන්නට විය. සෑම සියලු දෙනාවෙත එක සමානව ජලය බෙදාදීම සඳහා දෛනික සලාක ක්‍රමයකට ජලය බෙදාහරින්නට විය..,
අතිමහත් වූ ආයාසයෙන් මේසයේ ඇලවූ කොලවල කවි පබඳන්නට වීම නිසා ලේඛකයා දුර්වලව අකාලයේ මහලු වන්නට විය. දශක කීපයකට පෙර කෝමලත්වයෙන් අගතැන් වූ සිය බිරිඳ වර්තමානයේ ආරෝහ පරිනාහ දේහයෙන් යුතුය සිය සෝමාරි වූ සිරුරට හා අතීතයේ ඈ තමට පෙමින් යුතුව මධුර ලෙස ගායනා කල ලේඛකයා ලිවූ කවි ගැන පිළිකුල් මුඛයෙන් කතා කරන්නට වීම නිසා ලේඛකයා පසුවූයේ වේදනාවෙනි.
මෙයට පෙර අත්වැරදීම් වලින් සිය පා බැඳි සපත්තු ලෙහීම නිසා අහසට පාවී ගොස් තිතක් මෙන් වී අතුරුදන් වූ ම්නිසුන් ගැන ලේඛකයා අභූත ආරංචි අසා තිබූ නමුදු උන් අහසට ඇදී ගිය හේතුව ලේස ලේඛකයා සිතා ගෙන සිටියේ සඳේ අධික වූ ගුරුත්වය නිසා බවයි. බේබදු පිරිමින් මෙන් කටමැද දොඩන, ස්වභාවධර්මයට පින්සිදුවන්නට ලිංගිකව හැර අන් සියලු ආකාර වලින් පුරුෂාකාර වූ කාන්තාවන් ගැන ලේඛකයා තුල වූයේ අපුලකි.
සඳ පොළවට ළංවන්නට වූ සවසක නිවස ඉදිරියේ දශක ගණනාවකට පෙර තනන්නට යෙදුනු යකඩ වැඩ අසල ට හේත්තු වූ ලේඛකයා සිය පා බැඳි අධි බර යකඩ පාවහන් බුරුල් කරන්නට විය.., තමා හැඳ සිටි යමුදු සේලය ගලවා ඉවත් කල ලේඛකයාට පෙර මොවූ විරූ සහනයක් ලැබෙන්නට විය..,
එක වරම පාදය උස්ව පාදයේ මහපොට ඇඟිල්ලද පොළොවෙන් ඉවත් වූ පසුව කෙමෙන් කෙමෙන් සිය සිරුර වඩ වඩාත් සැහැල්ලුව ඉහල නඟින විට කර්කශ පොලවේ වූ නිවහන් කෙමෙන් කුඩාව තිත් තරමට වන්නට ගත් පසුව ලේඛකයා සිය හිස අහස දෙසට හරවන්නට විය..,
සිය දෙනෙතින් සුළං පීඩනයට ඔරොත්තු දෙනු නොහැකිව අහසට මුසුව තමාටත් පෙර ඉහල නැග අවකාශයේ විසිර යන කඳු බිඳු ගැන සිතන්නට ගත්තේය.