Stories by Ashan Maduranga on Medium
“මම Gym එකට යනවා…..”
“ඉන්න ටිකක් මම ඇදුමක් දාගෙන එන්නම් “
“එපා සුදු මම යන්නම් පයින්..”
“එපා මම එන්නම් ඔයාව දාන්න..”
එයාගේ ඒ වචන ටික අහන්න මම කොච්චර බලාගෙන හිටියද.. මගේ මහත්තයා මට හම්බුනේ දැනට අවුරුදු හයකට විතර කලින් ඒ ආදරේ කරන කාලේ ඒ කාලෙ තමයි ජිවිතේ ලස්සනම කාලේ කිව්වොත් හරියටම හරි අපි අවුරුදු ගානක් ආදරේ කරලා ජිවිතේ ලස්සනම තීරණේ ගත්තා ඒ විවාහය එදායින් පස්සේ එයා මගේ ජිවිතේ වුනා මම එයාගේ ජිවිතේ වුනා දෙන්නට දෙන්නා නැතුව බැරි වුනා එක ලස්සන ජිවිතයක්. ඔහොම කාලේ කෙමෙන් කෙමෙන් ගෙවිලා යන්න ගත්තා දවසින් දවස එයාගේ ආදරේ වැඩි වුනා මිසක් අඩු උනේ නෑ. මිනිස්සුන්ට ලස්සන කාල වගේම හරිම අවලස්සන කාලත් එනවා. මෙච්චර ලස්සන ආදර කතාවකට අවලස්සන කාලයක් එයි කියලා හීනෙකින් මාත් හිතුවේ නෑ එත් එහෙම කාලයක් ගොඩක් ඉක්මනට අපෙ ගේ උලුවස්සෙන් ඇතුලට ආවා. එක මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා මම ඒවගේ කාලයක් පහුකලා නේද කියල. දැන් ඒ ගැනමතක් කරනකොට හිනයක් වගේ එත් එක හීනයක් නෙමෙයි කියල මම හොදට දන්නවා.
“කවුරුන්ද කව්ළුව වැහුවේ මට දුන්න ආදරේ……”
ඒ සින්දුව තමයි ඒ කාලේ මගේ ජාතික ගිය වෙලා තිබ්බේ. එයා එක පාරම මට තිබ්බ ආදරේ අඩු කරන්න ගන්නවා කියලා මට දැනෙන එච්චර දවසක් ගියේ නෑ. එයා මාව මග අරිනකොට මට දරා ගන්න බැරි උනා. මම මේක කාටද කියන්නේ මම මොනාද කරන්න ඔනේ කියල මට ඒ දවස්වල හිතා ගන්න බැරුව අසරණ වුන වාර අනන්තයි. ඒ හැමදේම හිතේ තියාගෙන මේ ප්‍රශ්නේ විසදෙයි කියල මම මටම කියාගෙන දවසක් ගත කරනවා කියලා කියන්නෙම හරියට යුද්දයක් කරනවා වගේ දැනුනා. එත් මං කියලා මොනා කරන්නද ? ඔහොම දින සති ගෙවුනා හැමදේම වැඩි උනා මිසක් අඩු උනේ නෑ. එයා මාව නොසලකාහරින එක වැඩි උනා දවසින් දවස.
“ඔයාට වෙන සම්බන්දයක් තියනවද…”
“ඒ පාර මොකාටද එන්න හදන්නේ.. මාව සැක කරනවද ඔයා….”
“නෑ ඉතින් මේ ඔයාගේ වෙනස්වීම් වලට හේතුවක් තියෙන්න ඕනෙනේ එකයි මන් ඇහුවේ…”
හැමදාම උනේ මම අහපු ප්‍රශ්නෙට එයත් ප්‍රශ්නෙකින්ම උත්තර දීලා ඉන්න එක . ඉවසලා බැරිම තැන ඇහුවට එයාව අවිස්වාස කරලා ඇහුව දෙයක් නෙමෙයි කියලා එයා නොදන්නවා උනාට මගේ හිත දන්නවා. ඇත්තටම එයාව අවිස්වාස කරන්න මට බෑ මොකද මම එච්චර එයාට ලං වෙලා හිටපු නිසා වෙන්න ඇති. ඔහොම ප්‍රශ්නත් එක්ක ජිවත්වෙන එක අපායක් වගේ උනාට මට හිත හදා ගන්න උදව් උනේ “මේ හැමදෙයක්ම විසදෙයි…” කියන මගේ හිතේ තියන විශ්වාසය විතරයි. මෙහෙම දවස් ගෙවිලා යන්න උනා. හැමදාම මේ හැමදෙයක්ම මම තනියම විදදරා ගත්තේ කොහොමද කියල මට හිතාගන්න බෑ . අවරුදු එකහාමාරක් විතර මේ හැමදෙයක්ම හිතේ තියාගෙන හිටියට ඊට පස්සේ එහෙම ඉන්න එක අමාරු වුනා ඒ හින්දා තමයි මගේ යාලුවන්ට මේ හැමදෙයක්ම කියන්න හිතුවේ මම දන්නවා මේ දේවල් හැංගුව එකට බැනුම් අහන වෙනවා වුනත් මේ හැමදෙයක්ම කාට හරි කියල හිත නිදහස් කර ගන්න මට ඕනේ වුනා. මම හිතුවා වගේම සේරෝමලා ඉස්සෙල්ල කලේ මට බැනපු එක එත් මගේ හිත යම්කිසි මට්ටමකට නිදහස් උනා හැමවෙලාවෙම මන් ගැන හොයා බලන්න ගෙදර අයට අමතරව මගේ යාළුවො ටික එකතු උනා. අරයා මාව තනි කරනකොට මම යාළුවන්ට ලංවෙන ගත්තා එක මට ලොකු සහනයක් උනා.
ඇත්තටම එයා වෙන සම්බන්දයක් පටන් අරන් කියලා මට හැමවෙලාවෙම දැනෙන්න ගත්තා එක ඊටවඩා හිතට වදයක් උනා මොකද මගේ හිතම දෙපැත්තකට බෙදිලා යුද්ධයක් එක පැත්තක් කියනවා එහෙම නෑ කියලා අනිත් පැත්ත කියනවා එහෙම තමයි කියල ඒ යුද්ධෙ මැද මම තනි වෙලා. ඇත්තටම මට එයාව ඕනෙද එපාද කියලා මට එක තීරණයකට එන්න බැරිවුණා . එයාලගේ අම්මලත් මගේ පැත්තට ඉදලා එයාලත් ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා එක ඉතින් සාදාරනයි ඒ ඒගොල්ලන්ගේ පුතානේ. කොච්චර මම පොසිටිව් හිතුවත් මගේ ජිවිතේ මටම තිත්ත වෙලා තිබ්බේ. මම කරන්න ඔනේ මොනවද කියලා හිතා ගන්න බැරුව පටාචාර වගේ එහෙ මෙහෙ ගියා. නෑ නෑ ඇදුම් ඇදගෙන.. අපි අලුත් පරම්පරාවේ උනත් අපේ පරම්පරාවේ අය විශ්වාස කරන්නේ නැති ඒවා පස්සෙත් මම යන්න ගත්තා මොකද මට එයාව ඔනේ නිසා. හැමදාම මම දෙවියන්ගෙන් ඉල්ලුවේ ආයේ එයාව පරණ විදිහට මට ගෙනත් දෙන්න කියලා.
“ඔයා මෙහෙම කරන්නේ මට එපා වෙන්නද…”
“ඇයි මම එහෙම කරන්නේ…”
“නෑ ඉතින් ඔයා මගේ ලගටවත් එන්නේ නෑ නේ…”
“එහෙම එකක් නෑ..”
“ඔයා මට මෙහෙම කරලා මට එපා වෙලා යනකන්ද ඉන්නේ…”
ඊට පස්සේ වෙන්නේ ගෙදර තියන බඩුවක් කැඩෙන එක තමයි. හැමදාම ඔහොම තමයි එයා මට ගහන්න බැරි කමට එයා මොන හරි බඩුවක් පොලේ ගහනවා. ඒ වෙලාවට මම බයේ ඉන්නේ එයා තුවාල කර ගනී කියලා. ඔච්චර දෙයක් කරලා තියන කෙනෙක්ට මෙහෙම ආදරේ කරන එක හෙන විහිලුයි වගේ පෙනුනට ඒ හැමදේකටම හේතුව ඉස්සර එයාගෙන් මට ලැබුන ආදරේ. අපි කොච්චර බලාපොරොත්තු හිතේ තියාගෙනද විවාහය කියන තීරණය ගන්නේ එත් ඒක මෙහෙම අපායක් උනාම කොහොම දරාගන්නද එත් මොනා කරන්නද මේ හැමදෙයක්ම ඉවසන්න වෙනවා. මේ ඉවසීම ජිවිතේ පටන් ගත්ත දවස් වල ඉදන්ම තිබ්බනම් දැන් මම හොද තැනක ඉදි කියලා මට හිතෙනවා.
ඔහොම දවස් ගණන් ගෙවුනා එයා මොනා කිව්වත් මම එයාව අත ඇරියේ නෑ . එයාගෙන් දුරස් උනේ නෑ. ටික කාලයක් යනකොට තේරුණා එක තමයි හොදම දේ ආයේ එයාව ඉස්සර හිටිය කෙනා කර ගන්න මන් ඒ කෙනාට ආසයි ඒ තරමට. එයත් මාත් එක්ක කතා කරන්න ගත්ත ටික කාලයක් යනකොට. අපි දෙන්නාගෙන් දෙන්නට වුන වැරදි කතා කළා දෙන්න දෙන්නගේ වැරදි පිළිගත්තා. ටිකක් හිතනකොට මගේ අතිනුත් වැරදි වෙලා තියනවා කියලා මට හිතුනා. එයාට මගේ ආදරේ මගේ හිත පිරෙන්න තිබ්බට සමහර වෙලාවට එයාට එක දැනිලානෑ කියලා මට තේරුනා. එයත් තේරුම් ගත්තා එයාසමහර දේවල් තේරුම් අරන් තියෙන්නේ වැරදි විදිහට කියලා. ඔහොම දෙන්නාගේ දේවල් කතා කරන්න ගත්ත දවසේ ඉදන් හැම දෙයක්ම මම කැමති විදිහට වෙනස් වෙන්න ගත්තා. ඔන්න ඔහොම අර සිනී කන්දක් මැදින් ගිහින් සිනී තැවරුණ චොක්ලට් පෙබල්ස් එලියට ආවා වගේ ආයෙත මට මගේ පරණ හිටපු මහත්තය මට හම්බුනේ. ඉස්සර මම ඉවසන් හිටපු තත්පර වලට වෛර කලාට ඒ හැම තප්පරයකම වටිනාකම මට දැන්රෙ තේරෙනවා.
“හායි මැඩම්… කොයි පළාතේද හිතින් ගියේ…..”
“නෑ … නෑ …. කොහෙවත් නෑ …..”
“නැත්තේ මොකෝ මන් කොයි වෙලේ ඉදන්ද බලාගෙන ඉන්නේ… එක නෙමෙයි Gym යන්නම ඕනෙද…”
“ඇයි ඒ… යන්න එපානම් මන් ඉන්නම්…”
“එහෙනම් වෙන ඇදුමක් ඇදගෙන එන්න එලියට කන්න යමු ….”
“හා…ඉන්න මන් ඉක්මනට එන්නම්…”
~නිමි~
අයියේ….නැගිටලා මේ තේ එක බොන්න….
මා ගැස්සී ඇහැරුනේ ඒ සුමිහිරි කටහඬ ඇසීමෙනි… කාගෙද ඒ ලස්සන කටහඩ.. අයියෝ අදත් අමතක උනා මගේ ප්‍රිය භාර්‍යාවගේනේ… යකෝ හැමදාම ඒ කටහඩ අලුත් එකක් වගේ ඇහෙන්නේ මොකද කියලා මට තේරෙන්නේ නෑ… මන් හිතන්නේ හැමදාම අපේ ආදරේ අලුත් වෙන හින්දා වෙන්න ඇති…. මන් හිතුව එක එයා දන්නවනම් මෙතන ලොකු රන්ඩුවක් මේක වැරදියට හිතාගෙන….
“මේ… මොනාද ඔයා කල්පනා කරන්නේ….”
“නෑ…මුකුත් නෑ….”
“හා… හා… මේක බිලා නැගිටින්න….”
“හ්ම්… කියටද ඔයා නැගිට්ටේ….මට උදෙම ඇහැරවන්න තිබ්බනේ…”
“මන් ඇහැරුවේ නෑ අද නිවාඩු දවසනේ…..”
“අහ්…ඉන්න පොඩි දෙයක් තියනවා දෙන්න….”
එහෙම කියා මන් ලාච්චුවට අත දැම්මේ ඊයේ ඔෆිස් ගිහින් එනකොට එයාට දෙන්න ගත්ත පොඩි තැග්ග එලියට ගැනීමටය….
“අනේ ඇයි මට තැග්ගක්….. මොකක්ද විශේෂය….”
“ඇයි අනේ අද අගෝස්තු දහයනේ…අපි දෙන්න මුලින්ම ආදරේ කරන්න ගත්තේ…..”
“අනේ… මන් හිතුවෙ දැන් අපි බැදලා හින්දා ඔයාට එවා අමතක වෙලා ඇති කියලා……”
“ඒ දවස හින්දනේ අනේ මෙහෙම තේ එකක් හදාලා ඔයා මාව නැගිට්ටුවේ අද…..”
අනේ ඉතින් එයාගේ මුනේ තියන හිනාව.. මන් දන්නවා ශානී එ කාලේ ඉදන්ම චුටි චුටි දෙවල් වලට ගොඩක් කැමති කියලා අනික මාත් කැමතී එයත් එක්ක ඒ චුටි චුටි දෙවල් මතක් කර කර ඉන්න… බලපල්ලකෝ මේ කෙල්ල තාම අර තැග්ග දිහා බලාගෙන තනියම හිනා වෙනවා… ඒ හිනාවට මම ආස කරන තරම් කවුරුත් කැමති නැතුව ඇති….
“හා…හා…දැන් ඇති තනියම හිනා උනා….”
යකො මේ කෙල්ලට මොකෝ වෙලා තියෙන්නෙ මන් කියපු දේවත් ඇහුනේ නෑනේ…
“ශානී……”
“අහ්… කියන්න…”
“කියන්න නෙමෙයි කොහෙද ගියේ තනියම….”
“තනියම නෙමෙයි ගියෙ ඔයත් එක්ක…”
“කොහෙද දෙයියනේ ගියේ…..ඔච්චර වෙලා…”
“ඒ කාලෙට…. අපි කාටත් හොරෙන් ආදරේ කරපු කාලෙට….ඒ කාලේ මාරයී නේද….ඒ කාලෙට තාමත් මන් ආදරෙයි…..”
“ඔයා විතරක් නෙමෙයි අනේ මාත් කැමති ඒ කාලෙට….”
ඇත්තමට අපේ ආදරේ හරිම වෙනස් එකක්…එක මාරම ආදරයක්…වැඩියම උනේ අපි තරහ වෙන එක… ඉතින් අපේ ආදරේ දැනගෙන හිටපු එවන්ට තමයි වදේ අපිව යාලු කරන්න.. හැබැයි ඉතින් කොච්චර දෙන්න රන්ඩු උනත් දෙන්නගේ හිතට එරෙහිව තමයි….. දෙන්නගේ රන්ඩු උපරිම දවස් දෙකයි වගේ තමයි…. හැබැයි ඉති හැමදාම වෙන්නේ මමම ගිහින් කොහොම හරි යාලු වෙන එක තමයි….
“මොකෝ ඔය තේ එක බොන්නේ නැද්ද සීතල වෙනවනේ….”
එයාගේ කටහඩින් මන් ආයේ පියවි ලෝකයට පැමිනියේ විගසිනි…..
“මොනාද අනේ ඔයා කල්පනා කලේ… මට කියන්න බැරිද…”
“වෙන මොනාද අනේ අපේ ඒ කාලේ ගැන තමයි….අනේ මන්දා මට නම් ඔයා එක්ක හිටපු හැම දවසක්ම විශේෂ දවසක්….”
“අනේ මන්දා අනේ මගේ හිත ඔයට කොහොම කැමති උනාද මන්දා අනේ…..”
“මොකක්…. ඒ කිව්ව කතාව මොකක්ද… එච්චරටම අව්ල්ද මම….”
“මම එහෙම දෙයක් කිව්වද කියන්නකො….”
“නෑ ඉතින් ඔයා කිව්ව විදිහට ඒ වගේ තමයි ඉටින්….”
ඇත්තටම ශානී මමයි එකතු උන විදිහ අපි දෙන්නටම තාම හිතා ගන්න බෑ… ඒ ඇයි කියනවනම් මන් ඔයට ආදරෙයි කියලා පටන් ගන්න සාම්ප්‍රදායික ආදර කතාවක් නෙමෙයි අපි දෙන්නට තිබ්බේ…. අනේ මන්දා එක හරි අමුතුයි…හැමදාම එයයි මමයි කතා කලේ ඔක ගැන කොහොමද එක උනේ කියලා…හැබැයි මන් දන්න විදිහට මේ හැමදේම පටන් ගත්තේ එක දවසක් උන දෙයකින්…. ඒ අපි දෙන්නා හිතපු නැති විදිහකට ලංවෙලා කතා කරපු දවස එකනම් මට අමතක වෙන්නේ නෑ…
“අයියේ….මොකො අනේ මේ…”
“ඇයි….”
“බලන බලන වෙලාවට ඔයා කල්පනාවක…හැමදාම නොවැරදිම කරන දේවත් කරන්නේ නෑ…”
“ඒ මොකක්ද ඒ….”
“තේ එක බොන එක තමයි බලන්නකො ඔක හීතල වෙනවා…කල්පනා කරන්නේ මේ වගේ දෝදු එකක් මොකට බැඳගත්තඩ කියලා නේද….”
ඒක එයා කිව්වේ හැමදාම දාන ලස්සන හිනාව මූනේ පුරෝගන්නා ගමන්ය.
“පිස්සුද අනේ කියවන්නේ…මන් ඒ දෝදු කමට ආසයි….”
“ඉතින් කියන්නකො මොනාද කල්පනා කලේ…”
“නෑ මට මතක් උනා මතකද අපි දෙන්න ඉස්සෙල්ලාම ලංවෙලා කතා කලේ එ දවස…”
“අම්මෝ….. ඔයා මගේ අතින් ඇල්ලුවේ….. එකනම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ…. ඔයා විතරක් නෙමෙයි මාත් ඔයගේ අතින් ඇල්ලුවා….”
ඒ ටික එයා කිව්වේ මුන ලැජ්ජවෙන් පුරෝගෙන…අනේ ඒ මූනේ තියන ලස්සන…
“මටනම් හිතා ගන්න බැරි උනා ඔයාගේ අතින් ඇල්ලුවා කියලා…බයත් හිතුනා….”
ඇත්තටම එදා එයාගේ අතින් අල්ලන්න කියලා මගේ හිත කිව්ව වෙලාවේ හිත එක්ක මන් ගොඩක් රන්ඩු උනා…එත් හිත දින්නා..හැබැයි එදා මන් එයාගේ අතින් ඇල්ලුවේ නැත්තම් අදටත් අපි දෙන්නා හොදම යාලුවො… මොකද එහෙම අතින් අල්ලපු නිසා තමයි අපි දෙන්නට තේරුනේ අපිට හොරෙන් අපේ හිතේ ආදරේ තියනවා කියලා… මොකද දෙන්නගෙම මදි නොකියන්න ලොකුකම තියනවා…. ඉතින් ඔක හිතුනත් මන් ඔයාට කැමති කියලනම් මලාට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කියන්නේ නෑ කියලා මට සුවර්….ඉතින් ඔහොම පටන් ගත්ත ආදර කතාව මේ වෙනකම් කිසිම අඩු පාඩුවක් නැතුව ගලාගෙන් ආවා…. ඒ සමගම ආවේ ගිරියටින් ශානි කෑ ගහන හඬකි….
“අම්මෝ…………”
“මොකො මොකො උනේ….”
“අර බලන්න…..”
“මොකක්ද…..කෝ….”
“අර බිත්තියේ……”
“අහ් කැරපොත්තෙක්…..ඉන්න මන් අයින් කරන්නම්……”
ශනී දැන් බැදලා ලොකු ළමයෙක් වගකීම් තියන… වගකීමෙන් වැඩ කරන ළමයෙක්…එත් ඉතින්…. කැරපොත්තන්ට බය එකනම් අඩු වෙලා නෑ….වැඩි වෙලා මිසක්… කැරපොත්තෙක් දැක්කාම අර ඒකාලේ හිටපු පිස්සු චූටි කෙල්ල ඇඟට එනවා……
“හා… හා… දැන් හරි ඌ ගියා……”
“අනේ… මන් උයනකම් මෙතන ඉන්න… ඌ අයේ අවොත්….”
“හරි මන් ඉන්නම් අද විතරක් නෙමෙයි හැමදාමත්……”
“එක මන් දන්නවා…..”
එක එයා කිව්වෙ කඳුලු ඇස් දෙකේ පුරොගෙන… හැබැයි ඒ සතුටු කඳුලු………
~මතු සම්බන්දයි~
ට්‍රිං ට්‍රිං ට්‍රිං..
දුරකතන නාද උනේ මුලු කාමරයේම නිහඬ බවට තිත තබමින්.
“හෙලෝ”
ඒ ගැහැනු හඬ යන්තමට වගේ මතකයක් තිබුනද හරියටම කව්ද කියා තේරුම් ගන්න තරම් මතකයක් නොතිබුනි.
“ඔව් කියන්න…”
“මාව අඳුරන්න පුලුවන්ද…”
“කව්ද මේ…”
“ඔයාට මගේ කටහඬවත් මතක නෑ නේද.”
“ඔයා සිංදු කියන කෙනෙක්ද..”
ඒ සමගම මද සිනහවක් පාමින්…
“මම තරු…..”
කීවේ මගේ මුවද ගොලු කරමින්ය..ඒ බව හැඟවීමට අකමැති වු හෙයින් මගේ මුව විවර කලේ නැවතත් කතා කිරිමටය…
“අහ් මතක් උනාද මාව….”
ඒ වචන පෙළ දැඩි ස්භාවයක් ගත්තද… ඒ ඇරෙන්න කීමට දෙයක් මගේ හිතට අවේ නැත…
තාරු කියන්නේ මගේ හිටපු පෙම්වතිය වේ..ඇයත් සමග ගත කල කාලය හොඳ එකක් උන හින්දා වෙන්න ඇති දැනටත් ඒ නම ඇසුන විගසම මගේ මුව ගොලු වෙන්නේ… එත් මීට අවුරුදු එකහාමාරකට කලින් ඒ හැමදේටම කනකොකා හැඩුවේ හැමදේම හමාර කරගෙනය…. ඒ ගැන මතක් කරන වාරයක් පාසා මගේ මතකෙට එන්නේ එකම සිංදුවකි…
“මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්වතෙක්….”
මේ හැම මතකයක්ම ගුලි කරලා ගඟට විසි කරන්නත් මට මාස ගානක් ගත වුනත් මේ දුරකතන ඇමතුම නිසා එක මතක් වෙන්න ගියේ පොඩි කාලයකි…නිකන් හරියට මම ගුලිකරලා දාපු මතකේ අයේ ටැප් එකෙන් අපේ ගෙදර ආවා වගේ…
“හෙලෝ… ඔයා ඉන්නවද….”
ඒ හඬ ආයෙත් ඇසුනේ මා සිටි මනෝ ලෝකයෙන් මුදව ගනිමින්ය…
“ඔව් කියන්න….මන් අහගෙන ඉන්නේ…”
“ඉතින් ඔයාට කොහොමද… මට කතා කලේවත් නැනේ…”
“ඇත්තටම මන් ගාව ඔයාගේ නම්බර් එක තිබුනේ නෑ…ඉතින් කොහොමද ඔයාට බොයි එහෙම හොදින් ඉන්නවද…”
“අහ් එයා දැන් නෑ….”
එය ඇසුනු විටම මට මතක් උනේ පරන කියමනකි….
එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින්…..
“ඒ මොකො ඒ… එයා ඔයාට ගැලපෙනවා කිව්වනේ….”
“ඔයා මට හින්ට් ගහනවා නේද…”
“අනේ එහෙම නෑ….”
නෑ කිව්වට නැත්තෙමත් නෑ කෙඳුරුවේ ඇයට නොඇසෙන්න ලෙසය….
“ඉතින් කියන්නකො ඔයාගේ විස්තර…දැන් ගර්ල් කෙනෙක් එහෙම ඇතිනේ නෙද….”
“තාම නෑ කෙනෙක් හොයනව..බලමු නේද…”
ඒ වචන ටික කියන්න මම හිතට කෙතරම් එරෙහි උනාද කියලා දන්නේ මම පමනි..
“හා හා හොයන්නකෝ… මටනම් ඔයාව ගොඩක් මතක් වෙනවා…ඇත්තටම හොඳ කෙනෙක් නැතිකරගත්තා කියලා තාම දුක් වෙනවා…අයේ මට ඔයා වගේ කෙනෙක් හම්බෙන්නේ නැතිවෙයි..මම රැවටුනා…”
එක දිගට ඇය කියාගෙන ගියේ සීග්‍රගාමී දුම්රියක් ලෙසිනි.
“දැන් හැමදේම අමතක කරලා අලුතෙන් පටන් ගන්න.දැන් පරන දෙවල් මතක් කරා කියලා වැඩක් වෙන්නේ නෑනේ ගිය දේ ගියා..”
ඇයට ඒ වචන ටික කිව්වේ ඉක්මනට පරන දේවල් අමතක කරන කෙනෙක් මෙනි.
“අපිට බැරිද ආයේ එකතු වෙන්න…මේ තරු අයේ ඔයාව දාලා යන්නේ නෑ…ඇත්තමයි….”
ඒ ඇසු සැනින් මගේ කටින් පිටවුයේ වචන කීපයකි..ඒ මගේ වාචාලකම ඉස්මතු කරමින්ය.
“ඒ ගොනා විකුනලා ගොඩක් කල්…..”
නීක්…නීක්…නීක්…
දුරකතන විසන්දි විය
****නිමි****