Stories by Malith Abeykoon on Medium
(Trip to Ella)
සෑහෙන කාලෙක ඉදන් මේක ප්ලෑන් කරපු දෙයක්.මම වැඩේ අතඇරලා තිබ්බේ යන්නෙ නැති නිසා.පස්සෙ මම තනියම හරි යන්න බැලුවේ, මොකද දන්න කොල්ලො හැමඑකාම කොහෙ හරි ගිහින් ආතල් එකක් අරන් එනවා. අපි කැම්පස් යනවා විතරයි.යමන් යමන් කිව්වට කටෙන් විතරයි.කැම්පස් එකේ එවුන් එක්ක ට්‍රිප් එකක් යන්න උනේම නෑ මොකක් හරි බාල්දියක්.
කතාව මෙහෙමයි
ඔහොම ඔහොම දවස් යද්දි assignment එකේ submission එක ඉවරවෙලා එහෙම්ම ඇද්දා මාතරට කාලෙකින් කොහෙවත් ගිය නැති නිසා. ගියෙ අපේ කාර් එකේ, බැචයි තව කෙල්ලෝ දෙන්නෙකුත් එක්ක. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් මාතර ගාල්ල පැත්තට ගිහිල්ලා තිබිලා නෑ අපිත් එක්කලු මේ පළවෙනි වතාවට යන්නෙ.කොහොම හරි ඒ ගිහිල්ලා රෑට ගාලු කොටුවෙන් කාල මොනවදෝ කිසිම රහක් නැති බීමත් බීලා එනගමන් තමා මේ ට්‍රිප් එක ගැන කතාවුනේ..
ට්‍රිප් එක ගැන කියන්න කලින් අර වගෙ ටොපික් එකක් දැම්මේ ඇයි කියලා කියලා ඉන්නං
මුලින්ම යන්න ප්ලෑන් ඇල්ලෙ යන්නද කොහෙද කට්ටිය කැමතිත් උනා. පස්සේ ඇල්ල එහෙම්ම අතඇරියා හේතුවක් නැතුව. මට තමා ඕගනයිස් කරන්නත් උනේ. Booking.com එකෙන් බැලුවා ප්ලෙසස් දෙක තුනක් තැනක් සෙට් උනා. අවුල උනේ එක්කෙනෙක්ට වැටෙන ගාන වැඩි නිසා ජැෆ්නා එහෙම්ම අතඇරියා.
ඊට පස්සේ සිංහරාජෙ යන්න බැලුවා කවුරුත් කලින් ගිහිල්ලත් නැති නිසා කට්ටිය කැමතියි. එක්කෙනෙක් බර බරේ දැම්මා. (කෙල්ලෙක්) කූඩැල්ලො නිසා බෑ කිව්වා. කොහොමහරි ඒ පැත්තේ climate එක චෙක් කරද්දී කුඩු වෙන්න වහිනවා. එක නිසා එහෙත් බෑ.
Knuckles එකත් මොකක්දෝ හේතුවක් නිසා යන්න හම්බුනේ නෑ..
Next Destination මීමුරේ. එතන මරු ප්ලේස් එකක් සෙට් උනා ටිකක් අඩු ගානට outdoor activities එක්ක. Booking එකෙන් බුක් කරා. පස්සෙ අපේ එකෙක් කිව්වා ඇතුලෙ යන්න වෙනම 4x4 වාහනයක් ඕන වෙයි ඒකටත් ගානක් යයි කියලා. පස්සේ ඔක්කොම ගනං එකතු කරලා බලද්දි pp එනවා 7000+ කොහෙද. ඒක හරියන්නෙත් නැති නිසා ඒකත් අතඇරියා.
ආය කැරකිලා කොහොමහරි ඇල්ලටම ආවා. ප්ලෙස් එකක් හම්බුනා රාවනා ඇල්ලටත් පල්ලෙහා. ප්ලේස් එක ලස්සන නිසා එතන බුක් කරා. කට්ටියත් කැමතියි.
යන්නත් එතන හරිගියා..
මේ සෙට් එකත් එක්ක තමා ගියේ
මුලින් යන්න හිටියේ ගාල්ල ගිය සෙට් එකමයි. පස්සේ බැචාට එන්න උනේ නෑ ඌට වෙන වැඩක් සෙට් උනා. ඊට පස්සේ බැච් එකේ තව කොල්ලො දෙන්නෙක් සෙට් උනා. උන් දෙන්නගෙන් එක්කෙනෙක් ආවා.අන්තිමට ගියේ මායි(Malith),R A (ඩිල්ෂාන්), දුලංජි,මිනෝලි. ඔය හතරදෙනා විතරයි.
මෙතනින් එහාට ට්‍රිප් එක ගැන..
අපි බුක් කරේ දවස් තුනකට.ට්‍රිප් එක යන දවසේ උදේ සෙට් එකම කොටුවට සෙට් උනා. අපි කලින් යන්න හිතන් හිටියේ කෝච්චියේ මොකද යනකොට මරු views ටිකක් හම්බෙනවා. මමයි අනිත් එකයි මේ ඇල්ලට යන හතරවෙනි හරි පස්වෙනි වතාව. කොහොම හරි අපෙ කරුමෙද දන්නෙ නෑ ඒ දවස් වල කෝච්චි strike. ඒක නිසා intercity බස් එකක යන්න වුණා.
දුලංජි අපු හතර දෙනාටම උදේ කෑම ගෙනල්ලා තිබුණා.(කොහෙ හරි යනකොට දුලංජි එනවා කියන්නෙ කෑම වලින් කිසි අඩුවක් නෑ.) උදේ කෑම එක කොටුවේදිම කාලා බස් එකට නැග්ගා. බස් එක යන්න තව වෙලා තියනවා කිව්වා. අපිටත් වෙන වැඩක් තිබ්බෙත් නැති බස් එකේම ඉඳගෙන හිටියා. Intercity එකක් නිසා සීන් ගාන පිරුනා විතරයි බස් එක ගියා. මම කොළඹ ඉඳන් බස් එකක බදුල්ලෙ යන පළවෙනි වතාව.
කොහොමහරි හවස 12.30 1.00 වගේ වෙද්දි කුඹල්වෙල හන්දියට එන්න පුලුවන් උනා. ඒ එන මඟදි අපි ඉන්න ඉන්න හොටෙල් එකෙන් ඇහුවා අපි එනගමන් කියලත්. පස්සෙ අපි ටික හන්දියෙ බැහැලා ඇල්ල ටවුන් එක පැත්තට යන බස් එකක් එනකන් හිටියා, පොඩි පින්නකුත් තිබ්බා. කොහොමත් ඒ පැත්තට වහින නිසා ඒක ගානම් නෑ. විනාඩි 10ක් වගේ ඉන්නකොට බස් එකක් ආවා. ෆුල් ලෝඩ් ඒක.. ඕන දෙයක් වෙන්න කියලා බස් එකට නැග්ගා. දෙවිවරු හතරදෙනා වගේ බස් එකට නැග්ගට බහින තැන දන්නෙ නෑ. මට ඉස්සෙල්ලා හොටෙල් එකෙන් කෝල් කරපු වෙලාවෙ මං ඇහුවා නිසා මං කොන්දට කිව්වා 3 කණුවෙ හරියෙ පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා එතන බස්සන්න කියලා. අපෙ කරුමෙට මේ යකා එහෙම තැනක් දන්නෙ නෑ කිව්වා. ඒ බස් එක දුර ගමන් යන එකක් නිසා පොඩි හෝල්ට් දන්නෙ නැල්ලු. බස් එකෙ හිටපු එකෙක් තමා කිව්වෙ කොන්දට බහින්න ඕනෙ තැන ගැන හරියට. අපි ඉන්න තැනට ඇල්ලෙ ටවුන් එකෙ ඉඳන් පල්ලෙහට සෑහෙන්න යන්න තිබ්බා ඒ පාරත් සෑහෙන්න වංගු තියන පාරක්. අපි බස් එකේ හිටගෙන ගිය නිසා වංගු හරවද්දි කැරකිල්ල වගේ. කොහොමහරි බැස්සට පස්සේත් කැරකෙනවා වගේ දැනෙනවා.
යන්නත් අපි ඉන්න තැනට ආවා. අර තිබ්බ මහන්සිය එහෙම්ම ගියා ඒක දැක්කට පස්සෙ. අපි හිටිය ප්ලේස් එකෙ නම තමා Pepper Hills Cottage. ෆොටෝස් වල දාල තියෙනවා වගේම ලස්සන විව් එකක් තියන නිස්කලංක තැනක්. අපේ වෙලාවට මුලු කොටේජ් එකටම හිටියෙ අපි හතරදෙනා විතරයි. Pepper Hills Cottage එකේ Family cottages වෙනම තියෙනවා. ඒවා පොඩි ගෙයක් වගේ. ගොඩකට ඉන්න පුලුවන් cottage එකකුත් තියෙනවා ඒකෙ තමා අපි හිටියේ එකෙ ඔක්කොම ඇඳවල් 7ක් හරි 8ක් හරි තිබ්බා. හොඳට ඉඩ තියන හෝල් එකක් වගේ Bunker Beds තියෙන්නෙ. වෙන කවුරුත් නැති නිසා මුලු හෝල් එකම අපේ වගෙ තමා.අයියා අපිටම සෙට් උන බල්ලො දෙන්නෙකුත් ඉන්නවා අපෙ තනියට.
Cottage එකට ගිහිල්ලා ගහපු පළවෙනි ෆොටෝ එක තමා ඔය පල්ලෙහා තියෙන්නෙ.
ඕක තමා ට්‍රිප් එකෙත් පලවෙනි ෆොටෝ එක
එදා රෑ අපි ඉන්න හොටෙල් එකෙන්ම රෑ කෑම order කරා. හැබැයි බොන්න මුකුත් තිබ්බෙ නැති නිසා… (දන්නැද්ද ඉතින්) මායි අරුයි බයික් එකේ ගියා වැල්ලවාය ටවුන් එකට. පස්සේ ඒ ගෙනාපු ඒවත් සප්පායන් වෙලා 11.30 ට 12 ට විතර අපි ටික නිදාගත්තා. ඒ නිදාගත්තේ ඊට පස්සෙ දවසේ උදේම නැගිටලා යන්න බලාගෙන. ඒවා ඉතින් හීනම තමා, කොහොම හරි හතරදෙනාම 8ත් පහුවෙලාද කොහෙද.
උදේට කලා බීලා මුලින්ම යන්න හිතුවේ nine arch බලන්න ඒ යන අතරමඟදි රාවණා ඇල්ල ගාව නතර කරලා ෆොටෝ ෂූට් එකක් වගේ එකක් කරා.
පල්ලෙහා තියෙන්නෙ එතන ගහපු එකක් තමා
ඊට පස්සේ අපි එහෙම්ම ඇද්දා nine arch වලට. බයික් දෙක මඟ දාලා පොඩි දුරක් පයින් යන්න තිබ්බා. ඒ යන අතරමඟදි කූඩැල්ලො එල්ලිලා එක පිස්සුවක්. කොහොම හරි රේල් පාර දිගේ ප්ලේස් එකට ආවා.
එදා සෙනඟත් වැඩියි. එතනත් ටික වෙලාවක් ෆොටෝස් ටිකකුත් අරගෙන එතනින් පිටත් උනා. එතන ගහපු ෆොටෝස් දෙක තුනක් පල්ලෙහා ඇති.
Nine arch බලලා එනගමන් පොඩි වැස්සකටත් අහුවුණා. ඒක එච්චර ගාණක් නෑ. ඇල්ලෙ ගියපු නැති තැන් සෑහෙන්න තියනවා. ඒ ඔක්කොටම යන්න වෙලාවත් නැති නිසා අපි ළඟ කොහෙට හරි යන්න බැලුවේ. ඊට පස්සෙ තමයි Adam’s Peak ගියේ. ෆොටොස් වලින් දැකලා තිබ්බට අපි කවුරුත් ගිහිල්ලා තිබ්බෙ නෑ. එහෙ යන්න කලින් අපි ඇල්ල ටවුන් එකෙන් දවල්ට කෑවා.හවස වගෙ තමා අපි Adam’s peak ගියෙ
Nine arch එකට ගිය පාරෙම තමා adam’s peak එකට යන්න තියෙන්නෙ. තේ වත්තටය යන පාරක යන්න තිබ්බෙ. අවුලක් උනේ නෑ ඉතින් බයික් වල ගිය නිසා. බයික් දෙක මඟ දාලා ගමන පටන් ගත්තා.
හිමාලෙ වගෙ පේන්න adam’s peak එක. මඟක් යනකොට තියනවා මරු ප්ලේස් එකක්. ඒක තමා Flying Rawana Mega zipline. ඒක අලුතෙන් දාලා තියෙන්නෙ. Foreigner කෙනෙක් ද කොහෙද කරන්නෙ. එක්කෙනෙක් ට Rs 3000 යනවා. මායි ඩිල්ෂානුයි යන්නත් හදලා ආය නොයා හිටියා. මොකද ගියොත් අපිට අපි ඉන්න හොටෙල් එකට දෙන්න සල්ලි මදි වෙන නිසා.එතන zipline එකට අමතරව quad bike ride එකකුත් තියනවා.වෙන දවසක ඒ ඔක්කොටම යනවා කියලා හිතාගෙන අපි කන්ද උඩට නගින්න පටන් ගත්තා. එතෙන්න මාර ලස්සන විදිහට Ella rock එක පේනවා. තව හොටේල්ස් වගයක් පේනවා. ටිකක් හොඳට බැලුවොත් ella rock එක බලන්න යන අපි වගේ පිස්සොත් පේනවා.
එතන ගත්ත ෆොටෝස් ටික පල්ලෙහා ඇති.
උඩට ගියාම තමා විව් එක තියෙන්නෙ. අම්මෝ හිතාගන්නත් බෑ මේ ලංකාවෙද කියල මාර ලස්සන විව් එකක් තියෙන්නෙ උඩට. පොඩි තැනිතලාවක් තියනවා එතනට සෑහෙන ඈතක් පේනවා. එතන තියන ලස්සන වචන වලට කියන්න තේරෙන්නෙ නෑ. හතර වටේටම පේනවා. Foreigners ලා ගොඩක් එතන ඉඳගෙන ඉන්නවා. එච්චරටම ලස්සනයි එතන.
අපි එතනට ගියෙ ඉර බහින වෙලාවට ඒක නිසා ෆොටෝස් වලට එහෙම මරුවට lighting තිබ්බා.
Ella Rock
ඔය උඩ තියෙන්නෙ එතන ගහපු ෆොටෝස් දෙක තුනක් තමා.
ටිකක් හවස් වෙනක්ම්ම එතන ඉඳලා තමා අපි ටික එතනින් ආවේ. අතේ සල්ලි පොඩි ගානක් වැඩිපුර තිබ්බ නිසා අපි ටික කතා උනා ඇල්ල ටවුන් එකෙන් රෑ කෑම කන්න. ඇවිදලා මහන්සිත් නිසා අපි හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කන්න කියලා බැලුවෙ මොකද fresh පිට කන්න පුලුවන් නිසා. ඇල්ල ටවුන් එකට එනකොට ටිකක් රෑ වෙලා තිබ්බෙ ඇල්ල පැත්තට කොහොමත් සීතල තියනවා. රෑ වෙද්දි ඒක ටිකක් වැඩී බයික් එකෙ ආව සීතලේ ගැහි ගැහී.
අඩුවට කෑම කඩයක් සෙට් උනා අඩුම නෑ ඉතින්. අනිත් කඩවල් වල prices එක්ක් බලද්දි මේ ගාන අවුලක් නෑ. ඇල්ල ටවුන් ඕක දෙයක් ටිකක් මිලෙන් වැඩී හැම දෙයක් ම foreigners prices තියෙන්නෙ.එදා රෑට කෑවෙ pizza අවුලක් නෑ ශේප්. Large pizza දෙකක් ද කොහෙද ගත්තෙ. කාලා බීලා ඉවර වෙද්දි ටිකක් රෑ උනා.
වෙන කරන්න දේකුත් නැති නිසා අපි එහෙම්ම හොටෙල් එකට යන්න පිටත් උනා. එදා රෑ බයික් එක අරන් ආවෙ මම නෙවෙයි වෙන එක්කෙනෙක්!! 🙈
ඊට පස්සෙ දවස ඒ කියන්නෙ හොටෙල් එකෙ ඉන්න අන්තිම දවස. පොඩි දුකකුත් තියනවා යන්න හිතෙන්නෙ නෑ හොටෙල් එකෙන්. අපි බුක් කරලා කරලා දවස් තුනකටනෙ එදා තමා හිතුනෙ දවස් හතරක්වත් බුක් කරලා තිබ්බා නං හොඳයි කියලා.
ගෲප් පික් එක
කොහොමහරි එදා හොටෙල් එකෙන් ගියෙ 12 ට විතරද කොහෙද එතකන් හොටෙල් එකට වෙලා පිස්සු කෙල කෙල හිටියා. 12.30 ට විතර අපි ගෙදර එන්න පිටත් උනා. හොටෙල් එකෙ බිලත් ගෙවලා ආය එන්න ආවා.
ඔය උඩ තියෙන්නෙ ඇල්ලෙ දවස් තුනක ගත්ත ආතල් එකෙ අන්තිම ෆොටෝ එකට කලින් ෆොටෝ එක
බදුල්ලට ඇවිල්ල කොළඹ බස් එකෙ නගින්න කියලා තමා අපි බැලුවෙ. එදා ඉරිදා දවසක් බස් ටිකක් අඩුයි කියලා දැනගන්න ලැබුනා. කොහොම හරි බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බලද්දි කොළඹට තිබ්බ අන්තිම intercity එක ගිහිල්ලා ආය තියෙන්නෙ රෑ 9.30 ට ලු. වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා අපි මහනුවර හරහා කොළඹ යන බස් එකකට නැග්ගා. සෑහෙන වෙලා යන ගමනක් ඉතින් මොනවා කරන්නද බස් එකෙ යනවා කිව්වට එකෙ යනකොට නැවේ යනවා ඒ තරමටම පැද්දෙනවා සින්දු දාලා තිබ්බා බස් එකෙ අයට විතරක් නෙවෙයි පාරෙ යන මිනිස්සුන්ටත් එක්ක ඇහෙන විදිහට. කොහොම හරි 6.30 7.30 වගෙ වෙද්දි අපි නුවරට ආවා. නුවර ගුඩ්ෂෙඩ් එකෙ බස් එක ටික වෙලාවක් නතර කරලා තිබිලා පිටත් උනා. කොහොම හරි කොළඹ කොටුවෙ බහිද්දි 10.30 ට 11.00 ට වගෙ.
ඔය තියෙන්නෙ ට්‍රිප් එකෙ අන්තිම ෆොටෝ එක
මඟදි මුකුත් කන්න බැරි උන නිසා මාර බඩගින්නක් තිබ්බෙ ඒක නිසා pick me එකක් දාගෙන ළඟම තිබ්බ Burger king එකට ගියා කන්න. කාලා හතර දෙනාම බෝඩිම් බලා ගියා.
හිතුවට වැඩිය හොද ආතල් එකක් ගත්ත ට්‍රිප් එකක් මං හිතුවෙ කට්ටිය නැති නිසා අවුල් වෙයි කියලා. එහෙම වුනේ නෑ හැබැයි. ❤️
මේ වගේම ආය මම ගත්ත ආතල් එකකින් හම්බෙමු
එතකන් ජයවේවා!!