Stories by Milani B. on Medium
ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් පලේ මඟී පර්යන්තයට වී හුන් මේ අඩි හතරේ මිනිසා නොඉවසිලිමත් ය. ඔහු තම ජීවිතයේ උපහාසයට ලක් වන තවත් මොහොතක් ලඟා වන තුරු බලා හුන්නේ ය. මේ මිනිසා බලා ඉන්නේ මහා බ්‍රිතාන්‍ය තුලට ඇතුළු වීමට සූදානමිනි. ජීවිතයේ මතක සිටින කාලයක සිට සෑම දිනකම එක් වරක් හෝ තමන්ගේ අනන්‍යතාවය නිසා නිකං නිස්කාරණයේ විහිළුවට ලක් වන තමන් අනුන්ගේ රටක දී කෙලෙසක උපහාසයට ලක් වේවි දෝ සිතමින් ඔහු ගමන් බලපත්‍රය තදින් අල්ලා ගත්තේ ය.
මේ මිනිසාගේ හිත එක දාස් නවසිය බර ගණන් වල දවසකට ඇසිල්ලේ දිව ගිය බව දන්නේ දැන් මෙය කියවන ඔබත් ලියන මමත් පමණකි.
නන්දා — ඉන්නවා
පත්මසේන — ඉන්නවා
විමලදාස — මුළු පන්තියම නිහඬය. විමලදාස… ගුරුතුමිය නැවත වතාවක් නම හඬ දුන්නා ය.
“විමලදාසලගෙ අද කුඹුරු වැඩ අලුත් නෝනේ “නන්දා උත්තර දුන්නා ය.
හ්ම්ම්.. ඊලඟ
ටීචර් මඳකට නිහඬ වූවා ය.
කවුද බොලේ පුංචි මිනිසා… පන්තියම සිනා සාගරයකි.
තමන් වාඩි වී හුන් පුටුවට පස්ස පැත්ත ඇලී තිබෙනවායින් අමාරුවෙන් පුංචි මිනිසා නැඟිට්ටේ ය.
ටීචර් මම ඉන්නවා
කවුද බොල අප්පේ උඹේ නම දැම්මේ.
සුද්දා මෙරට හැර යාමට අවුරුද්දකට පෙර ඉපැදුණු පුංචි මිනිසා හට හරි හමන් නමක් උප්පැන්නයක් තිබුණේ නැත. ඒ උපතින් ම කථන අපහසුතා තිබූ මවටත් දෘශ්‍යාබාධිත පියාටත් උප්පැන්නයට වඩා වැඩි ප්‍රමුඛතාවයන් තිබූ නිසාවෙනි.
ගමට ආ සුදු මහතැන් කෙනෙකුන් නිසා මේ නාමය ලැබුණු වග අලුත් ගුරුතුමියට කියම් දෝ නොකියම් දෝ සිතමින් හුන් පුංචි මිනිසාට නැවත පියවි සිහිය ලැබුණේ අලුත් ගුරුතුමී, “පස්සේ ඔය කතාව අහමු දැන් වාඩි වෙන්න” යැයි පුංචි මිනිසා ට කියූ නිසාවෙනි.
අකාලයේ නාස්ති වෙමින් තිබූ කෝපි වත්තේ සංචාරයකට ආ වත්ත අයිතිකාර එඩ්වඩ් මහතා අහම්බයෙන් පුංචි මිනිසාව දුටුවේ අම්මාගේ පිටට තබා සාරියකින් ඔතා තිබිය දී ය. වත්තේ කංකානම් මහතාට අනුව දරුවන් වැදූ මවකට තිබුණේ පඩි රහිත මාසයක නිවාඩුවක් පමණි. ඒ නිසා ඉපදී සති එක හමාරකින් මව සමඟ පුංචි මිනිසා කෝපි වත්තට ගියේ ය.
පුංචි මිනිසා දුටු එඩ්වඩ් මහතා “Who’s that little man?” යැයි අසා තිබුණි. එය සිංහලයට පරිවර්ථනය කල කංකානම් මහතාට අනුව එඩ්වඩ් මහතා “මේකගෙ නම පුංචි මිනිහා” යැයි නම් තබා ඇත. වත්තේ එක දරුවකුගේ වත් නම සුදු එඩ්වඩ් මහතා තබා නැති වගත් කංකානම් මහතා මවට පවසා තිබුණි. එහෙයින් එදා සිට තමන් “පුංචි මිනිසා” විය. මේ කලබගෑනියෙන් මාස හතරකට පසු එඩ්වඩ් මහතා එංගලන්තයට නැව් නැඟ තිබිණි. තවමත් පුංචි මිනිසා සිතන්නේ එදා එඩ්වඩ් මහතා ඔහුව නොදැක්කා නම් කියා ය.
ඉපදී අවුරුදු තුනකට පසු පියාණන් “පුංචි මිනිසා” නම උප්පැන්නයට ද යොදා නීති ගත කලේ ය. ඊට දෙ දවසකට පසු කෝපි වත්තේ පොළඟෙකු පෑගී ඔහු මියෑදුණේ ය. මියෑදෙණ විටත් පියාගේ ලොකුම ආඩම්බරය වූයේ තම පුතණුවන්ට නම් තැබුවේ වත්තේ සුදු මහත්තයා යන්නයි.
එඩ්වඩ් මහතාගෙන් අත්පිට මුදලට නිකම්ම වාගේ කෝපි වත්ත මිලයට ගත් සුගතං මුදලාලි කෝපි වගාව සම්පූර්ණයෙන් ම ගලවා දමා කිරි පට්ටියක් ගෙනැවිත් දැම්මේ ය. පුංචි මිනිසාගේ ඉරණම වෙනස් කල කංකානම් රාල හාමි තේ වත්තකට එකදු පහදු වුණ බැව් කඩමංඩියේ දී මිනිසුන් කතා වුණු හැටි පුංචි මිනිසාට තාම මතකය.
ශරීර ප්‍රමාණයෙනුත් ඉතා කුඩා වූ පුංචි මිනිසා පහේ කැලෑසියෙන් පසු පාසැල හැර ගියේ ද නම නිසා සිදු වූ අඩම්තේට්ටම් නිසා වෙනි. පාසැල් යනවා ට වඩා කිරි පට්ටියේ වැඩ කිරීම හිතට මහා නිදහසක් විය. කිරි හරක් කවදාවත් “පුංචි මිනිසා” උඹේ නම වුණේ කොහොමදැයි ඇසුවේ නැත. සෙල්ලමට ගියත් නාන තොටට ගියත්, කඩ පිලට ගියත් මුගේ නම පුංචි මිනිහා යැයි විහිළු කරන ගම් වැසියන් අතර කිරි හරක් දාහෙන් සම්පතක් විය. අම්මාට කතා කරන්නට හැකි වුණා නම් යැයි පුංචි මිනිසාට සිතුණු වාර මෙතකැයි කිව නොහැක. පුංචි කමට හැම නිග්‍රහයක් ම විඳිමින් ජීවිතය ගැට ගසා ගැනීමට පුංචි මිනිසාට සිදු විය. පුංචි මිනිසාගේ පුංචි සිත රිදවමින් පුංචි මිනිසාගේ අම්මා දියේ ගිලුණේ ද සුගතං මුදලාලි පුංචි මිනිසාව තමන්ගේ කම්කරු නිවහනට ගෙන ආවේ ද එකම දවසකදී ය.
කිරි හරකුන් සමඟ දවස පටන් ගන්නා පුංචි මිනිසා දවස නිමා කලේ ද කිරි හරකුන් සමඟය. උදෑසන කිරි හරකුන්ගෙන් කිරි දෙවීමත්, දහවල් වන්නට කිරි හරකුන් වත්තට දැක්කීමත් නැවත ඉර අවරට වන්නට ගාල් කිරීමත් පුංචි මිනිසාගේ රාජකාරිය වූයේය. මේ සියළු වැඩ සඳහා කම්කරුවන් සිටියත් සුගතං මුදලාලි මේ පුංචි මිනිසාගේ කඩිසරකමට කැමති විය. මුලදී නම අල්ලාගෙන විහිළුවක් කරන්නට අමතක නොකලත් පසුව පුංචි මිනිසා එයට අකමැති බව තේරුම් ගත්තායින් සුගතං මුදලාලි කිසිදා විහිළු කලේ නැත. සුගතං මුදලාලි ගැවසෙන විට අනික් උදවිය ද පුංචි මිනිසාට විහිළු කිරීමට ඉදිරිපත් වූයේ නැත.
කිරි පට්ටියේ කටයුතු වලට අමතරව ලියන මහතාගේ පස්සෙන් වැටී ගණන් එකතු පහදු කරන ආකාරය, ලියුම් කියුම් කටයුතු ගැන ඉගෙන ගැනීමට ද පුංචි මිනිසා ආසා කලේ ය. තනිකඩ ලියන මහතා ද තමන්ගේ දරුවකුට මෙන් ආදරයෙන් මේ දෑ ඉගැන්නුවේ ය. හවසට පට්ටියේ හරකුන් ගණන රපොර්තු කිරීමේ සිට දොවා ගන්නා කිරි ලීටර් ගණන ලැයිස්තු ගත කිරීම දක්වා පුංචි මිනිසා උගත්තේ ය. පුංචි මිනිසාට අවුරුදු විස්සක් වෙන තැන ඔහු තවදුරටත් පුංචි මිනිසෙක් නොවූයේ ය. සුගතං මුදලාලිගේ විශ්වාසවන්තම ගෝලයා වූත් ලියන මහතාගේ නිල නොලත් දරුවා වූත් කිරි පට්ටියේ සෑම සියළු කටයුත්තක් ම නිසියාකාරයෙන් කරන්නා වූ සියළු දැනුමෙන් ද පොහොසත් වූත් පුංචි මිනිසා සැබවින් ම ලොකු මිනිසෙක් වන්නට තිබුණේ පලමු වතාවට බැංකු ගිණුමක් ආරම්භ කල දා ය. නමුත් පුංචි මිනිසාගේ නම නැවතත් ඔහුගේ හිත පෑරුවේ ය. පුංචි මිනිසාගේ නමට බැංකු ගිණුමක් ආරම්භ කරන්න යැයි ලියන මහතාට උපදෙස් දුන්නේ සුගතං මුදලාලි මහතා ය. ලියන මහතා සමඟ හැටන් බැංකුවට ගිය පුංචි මිනිසාගේ ඉල්ලීමේ ලියමන කියවූ බැංකු කරු එහි සඳහන් වූ නම පෙන්නවා කීප දෙනෙකු සමඟ සිනහා වී ඒ මදිවාට ඒ නමින් ගිණුම් ආරම්භ කිරීමට නොහැකි වග පවසා ඇත. එයින් කලක් ගත වන තුරුම ලියන මහත්තයාට වූයේ බැංකුවක කටයුතු වෙන ආකාරය ගැන පුංචි මිනිසාට කියා දීමට ය.
පුංචි මිනිසාට අවුරුදු විස්සක් වී මාස දෙකක් වන තැනදී ලංකාවේ මහා දේශපාලන පෙරළියක් කරමින් සිරිමාවෝ මැතිණිය අගමැති වූවා ය. ඇයගේ නව ජාතික වාදී තීන්දූ තීරණ සුගතං මුදලාලිගේ පැළන්තියට වහ කදුරු වූවාට පුංචි මිනිසාට එය නව අරමුණක් ගෙන දුන්නේ ය. ඔහු සුගතං මුදලාලිගේ ද ආශිර් වාදයෙන් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කලේ ය. එය තනි ව කරන්නක් නොව සුගතං මුදලාලි ඇතුළු කිරි ගවයන් සිටි කීප දෙනෙකුගේ එකතුවෙන් කල පොඩි පහේ සමිතියක් විය. මුදලාලි පළලේ නොවුනද කිරි ගවය එකෙක් දෙකෙක් සිටින්නා වූ මිනිසුන් පවා සමිතියේ කිරි එකතු කිරීමේ මධ්‍යථානයට කිරි ගෙනැවිත් දෙන අතර එයින් ලැබෙන මුදල එතෙක් කල් කිරි එකතු කල ඇක්මන් මුදලාලි දෙන මුදලට වඩා සුළු මුදලක් වැඩි විය.
“කිරි සමිතිය” දිනෙන් දින දියුණු වූ අතර කිරි වල ගුණය කල් පවත්වා ගන්නට අවැසි වූ උපදෙස් පවා පුංචි මිනිසා අන් අයට කියා දෙන්නට විය. වැඩි කල් නොගොස් නිල්වක්ක ගමම කිරි සමිතියේ සාමාජිකයන් වූ අතර, නිල්වක්ක ගම අවට මිනිසුන් ද එක කිරි ගවයෙකු හෝ ගෙදරක තබා ගැනීමට යුහුසුළු විය.
සමිතියේ මුදල් වලින් පලමුව කුඩා ණය පහසුකම් ද දීමට පුංචි මිනිසා උත්සුක වූ අතර ලියන මහතාගෙන් ලැබූ බැංකු කටයුතු උපදෙස් මාලාවද එයට උදව් විය. අන්තිමේ පුංචි මිනිසාගේ නමට සමිතියේ ඉතිරි කිරීමේ ගිනුමක් ආරම්භ වූ අතර එදා පුංචි මිනිසා ලොකු මිනිසෙක් විය.
කිරි සමිතිය පටන් ගෙන පස් අවුරුද්දක් ගිය තැන පුංචි මිනිසාගේ ලොකු වැඩ ගැන ලංකාවම දැන ගන්නට විය. ඒ අවුරුද්දේ ම දවසක ගාන්ධි ඌරුවේ තොප්පියක් ද දමාගෙන කෙනෙක් පුංචි මිනිසා සොයාගෙන ආවේ ය. ඔහු පුංචි මිනිසා සොයාගෙන ආවේ පුංචි මිනිසාට නම් තැබූ කංකානම් සමඟය.
මෙවර කංකානම්ට නියම වූයේ කිශිබායිගේ දෙමල සිංහලයටත් පුංචි මිනිසාගේ සිංහලය කිශිබායිටත් තේරුම් කිරීමයි. කිශිබායි ලංකාවට පැමිණ තිබුණේ පුංචි මිනිසාගේ කිරි සමිතිය ගැන තොරතුරු එකතු පහදු කර ගැනීමටත් එය ගුජරාතයේ ආරම්භ කිරීමටත් ය. තමන්ට තවමත් පුංචි මිනිසෙකු වූ පුංචි මිනිසා කිරි සමිතියේ පටන් ගැන්මේ සිට විස්තරය කිශිබායි හට කියා දුන්නේ ය.
එයිනුත් දහ අවුරුද්දක් ගිය තැනක පුංචි මිනිසාට එංගලන්තයෙන් ලිපියක් ලැබිණි, ඒ අති සාර් ථක ඉන්දියානු සුදු අරගලයේ” පංගු කාරයෙක් ලෙස අමූල් ව්‍යාපාරය පුංචි මිනිසාව නම් කර තිබීමත් එය ඇගයීමට එළිසබෙත් රැජින මුණ ගැසෙන ලෙසත් ය.
Mr.Punchi Minisa — Welcome to Britain
පුංචි මිනිසා වටපිට බැලුවේ කවුරුත් තමන්ගේ නමට ඔච්චම් කරාවිදැයි සැකයෙනි..කාටවත් වගේ වගක් නැත. ජීවිතයේ පළමු වතාවට පුංචි මිනිසා සාමාන්‍ය නමක් සහිත පුද්ගලයෙක් විය.
https://medium.com/media/504b02d0ce83a0286f057f3a4c7fb334/href
අවුරුදු ගාණකට පස්සේ ලිව්වා…
තිලකෙ අයියා වාහනය ස්ලෝ කරන ටිකට මම වීල් එකෙන් එළියට පැන්නේ කෝච්චිය ප්‍රමාද වෙන වග යකඩ කටින් කියන එක අහගෙන.
“ඉසංක මල්ලි, එහෙනං පරිස්සමින්, බුදු සරණයි” තිලකේ අයියා ඒ ඇසිල්ලේ පිටත් විය.
හදිසියක් තිබුණත් නැතත් ඉස්ටේසම ලඟ කුසුමා අක්කගෙන් තිහේ තම්බපු කඩල මල්ලක් ගන්න අමතක නොකරන මම අදත් කඩල මල්ල බෑග් එකේ ඔබා ගත්තෙමි, නුවරට කෝච්චිය නවය, නවය හමාර වෙද්දි යනකං බඩ ගෙඩියේ යක්කුන්ට දෙන්නට ඇත්තේ ඔය කඩල මල්ලත් ඔපීසියෙන් පුරවා ගන්නා වතුර බෝතලයත් පමණකි.
වෙනදාට නම් කෝච්චිය පරක්කුවෙන නිවේදනයට දත් මිටි කැවුනාට ඉහ මොල ගිනි ගත්තාට අද වෙනස් ම දවසක්, ගිය සතියට එපිට සතියේ පියාණන්ගේ අවසන් කටයුතු මහයියාවේදී කලායින් පසු හවසට නුවර දුවන්නට මහ කලබලයක් නැති තරමකි. ස්ටේසමට එහායින් මුහුද දෙස බලාන උණු කඩල ස්වල්පයක් නිවී හැනහිල්ලේ විඳින පලමුවතාව මෙය විය යුතුය.
තිස් පස් වසරක හමුදා සේවයෙන් පසු විශ්‍රාම දිවියෙන් කල් ගෙවූ පියාණන් එකතැන් වීමත් ආයතනයේ කොළඹ ව්‍යාපෘතියට මට කොළඹට එන්නට වූයේත් හරියටම මීට වසරකට පෙරය. අම්මා ගැන හරි මතකයක් මට නොතිබුණත් අම්මා, තමාටත් පියාණන්ටත් මහත් සේ ආදරය කල වග ආච්චම්මා කුඩා අවධියේ පුන පුනා කීවා මතකය. ආච්චම්මා සමඟත් ඇයගේ වියෝවෙන් පසු බටුවත්තේ නැන්දාත් සමඟත් කුඩා අවධිය, පාසැල් අවධිය ගත කල මට පියාණන්ගේ ඇසුර හරියාකාරව ලැබුණේ ටෙක්නිකල් කොලීජි යන්නට ආරම්භ කල අවධියේ පියාණන් එවකට හිටි රජයෙන් හදිසියේ විශ්‍රාම ගැන් වූ නිසාවෙනි.
වසර හතරක් පමණ ගෑණු පරාණයක් නොහිටි ගෙදර සියළුම කටයුතු පියාණන් නොපිරිහෙලා සිදු කල අතර මමත් පියාත් අතර සම්භන්ධය අලුත් වූයේ දෙදෙනාටම නොදැනී වග අද ද මම සිතන්නෙමි. හමුදාවෙන් ලත් විනය හා පිළිවෙල වසර තිස්පහකට පසුවද මනාව ප්‍රයෝජනයට ගත් පියාණන්ගෙන් මා ඉගෙන ගත් දෑ බොහෝමයක් විය. එය, ටෙක්නිකල් කොලීජියෙදී ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමටත් ඉක්බිති රැකියා ස්ථානයේ කටයුතු සාර්ථක කර ගැනීමට අද ද රුකුලක් වෙන බව ද මම දනිමි. උග්‍ර පොත් පරිශීලකයෙකු වූ පියාණන් සහ මම අතර පොත් ගැන වූ කතා බහ බොහෝමයකි. අවසානයට පියාණන්ගේ පොත් රාක්කයෙන් ගත් පොතක් අද ද බෑගයේ ඇත. කොළඹ-නුවර කෝච්චි ගමන රස වන්නට පොතක් උවමනාය. පහුගිය සති දෙක තුනේ වූ කලබල නිසාවෙන් ඒ පොත තවමත් එපරිද්දෙන් ම බෑගයේ පිටත සාක්කුවේ ඇත.
මුහුද දෙස බලාන උන්නාට හිත ලෝකෙ පුරා යන වග මතක් වුණු මගේ දැහැන බිඳුණේ ඈත සිට රේල් පාර අයිනෙන් හිමිහිට ඇදෙන ඇය දුටු විටයි.
මේ වෙලාවට ස්ටේසමට ඇදෙන කිසිම ගැහැණියකට වඩා ඇය වෙනස් වූවාය. ඈ පරණ නිළියක් මෙනි. අලුත් පන්නයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු දාහක් දෙනා අතර ඈ කැපී පෙනුණාය. තාත්තා සමඟ කාලයකට ඉහත බැලූ රතු රෝස කතාවේ චාපා මෙනි. එකම වෙනස නළලතේ මොට්ටුවක් තිබීම පමණකි. නිස්කලංක හිතුවිල්ලේ නොහිටියා නම් මට ද නොදැනෙන නොපෙනෙන ඇය, කාගේ කවුරුන් වන්නට ඇත්දැයි එක්වරම මට සිතුණි.
ඇය ප්ලැට්ෆෝමයට ලඟා වූයේත් නුවර කෝච්චිය මාතර සිට පැමිණියේත් එකම වෙලාවටය. සෙනඟ අතර ඇය අතුරුදන් වූ අතර මම පුරුදු කෝච්චි පෙට්ටියේ එල්ලුණෙමි. කොටුවෙන් කොහොමත් ආසනයක් ලැබෙන නිසාවෙන් මුහුදු සුලඟ වැදෙමින් විනාඩි පහක් දහයක් දොරටුවේ එල්ලී ගමන් කිරීම එක්තරා ආකාරයක ආශ්වාදයකි. එහෙමකට දවසක අවරගිරෙන් බැස යන රක්තවර්ණ ඉර දෙයියන්ගේ ප්‍රාතිහාර්යන්ද දැක ගැනීමට හැකිය.
අද කොටුවට කෝච්චිය එනතුරුත් මගේ ඔලුවේ කරක් ගැසුවේ ඇයයි. වාහන තෙල්, දුම්, දූවිලි අතරින් පවා පෙනුණු ඇයගේ අමුතු ලස්සනක් තිබුණු වග මට එකවරම සිතුණි. ඒ සිතුවිල්ල විදුලියක් ලෙස අමුතුවට ශරීරය පුරා දිව්ව වගත් දැනුණි, එය මේ ජිවිත කාලයේ පලමු වතාවට සිදු වූවකි.
දෙසැම්බරයේ සීතලත් අමතක වෙන තරමට හිත උණුසුම් වූයේ ඇගේ මතකය නිසා විය යුතුය. මා මෙලෙස සිතමින් රාත්‍රියේ කීය වෙනතුරු සිටියාදැයි අදටද මතකයක් නැත. නමුත් හැමදාම වගේ පාන්දර දෙක හමාරත් තුනත් අතර ඇහෙන බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම් රියේ හඬට මම නැවතත් ගැස්සී ඇහැරුණු වග නම් මතකය. ඇහැරී පලමු සිතුවිල්ලත් ඇය ම වීම මට ම පුදුමයක් ගෙන දුන්නේය. එදා පාන්දර උයන්නටවත් ඉස්පාසුවක් නොතිබුණායින් උදේට දවල්ට බත් පත් රහිතවම පාන්දර හතර හමාරේ කොළඹ කෝච්චියට නැඟුනෙමි.
හවස ස්ටේසමට එන විට තිලකෙ අයියා “ඉසංක මල්ලි අද නම් දවසම මේ ලෝකෙ නෙවෙයි හිටියේ” යැයි සිනහා වෙමින් කියනා විට ඒ සිනාවට එකතු වෙනවා මිස වෙන යමක් නොකෙරුවෙමි. එකම ප්‍රාර්ථනාව වූයේ අදත් ඇය දැක ගැනීමට හැකි වේවා යන්නයි. පුරුදු පරිදි අදත් කෝච්චිය ප්‍රමාද වෙන හැටියකි. එය නම් කදිම ආරංචියකි. “ඉසංක මල්ලි එහෙනං තිස් එක හවස පාටියට ඉන්නවනේ?” තිලකේ අයියලාගේ වසරාවසාන පාටිය ගැන මේ අසන්නේ සිය වෙනි වතාවට විය යුතුය.
“කියන්න බෑ අයියේ, කෝච්චියට එන්නත් තියේ නේ.”
“එහෙම කොහොමද මල්ලි, කොහොමත් එදාට ප්‍රොජෙක්ට් වැඩ නෑ, නිකම්ම වගේ තමයි. දවල් ඔපීසියේ කෑමට පස්සේ අපි සෙට් වෙනවා හැම අවුරුද්දෙම, ආයේ ඉතිං පරක්කුවක් නෑ, අපිත් කලිංම ගෙවල් වලට යනවා පොඩ්ඩක් කාලා බීලා. අවුරුදු ලබද්දි ගෑනි ලමයි ලඟ නැත්තං වගතුවක් නෑ මල්ලි. ඉසංක මල්ලිට කෝච්චිය මඟ ඇරුනොත් අපේ ගෙදර ඉමු. ඔය ඉඩ තියෙන හැටියකට බැරියැ.”
“හරි අයියේ බලමුකෝ”
“බලමු කියලා බෑ කොල්ලො, තව දවස් දෙකයි, එහෙනං පරිස්සමින්, බුදු සරණයි”
මම පිම්මේ කුසුමා අක්කගේ කඩල කරත්තයටත් එතනින් ස්ටේසමටත් දිව්වෙමි. කඩල කන්නට ඉස්පාසුවක් නැති නිසාවෙන් ඊයේ ඇය ආ දෙස බලා උන්නෙමි. නුවර කෝච්චිය ස්ටේසමට එනතුරුත් ඇය ආවේ නැත, නොසෑහෙන්න හිත රිදුනද හෙට ගැන බලාපොරොත්තුවෙන් මම කෝච්චියේ එල්ලුනෙමි.
මා පිටුපසින් තවත් කෙනෙකු එල්ලෙනවා යැයි දැණුන හෙයින් මම පිටු පස බැලුවේත් කෝච්චිය ඇද්දේත් එකටය. එක බැල්මෙන් ස්ටේසමේ යකඩ පුටුවකට හේත්තු වී උන් ඇයව මම දුටුවෙමි. මා පාර දිහා බලා උන්නාට ඇය හිඳ ඇත්තේ මට යාර හතක් එහායින් ය. මට චැක් කියවිණි. ඊයේ මෙන් ම අද ද ඈ යමක් දෝතින් ම පපුවට තබා බදා ගෙන උන්නාය, කෝච්චිය වේගවත් කල නිසා මට එය පැහැදිලි නොවුණු අතර මට පිටුපසින් සිටි කෙනා, “මල්ලි දඟලන්නේ නැතුව හිටපන්කෝ කොටුවට යනකං” යැයි කියවන්නට විය.
ඊලඟ දිනයේ කුසුමා අක්කගේ කඩල කරත්තය අසල සිටියදීම කෝච්චිය ප්ලැට්ෆෝම් එකට ආවේ ලෝක පුදුමයක් ලෙසිනි. කිහිප දෙනෙකුටම කෝච්චිය වැරදුණු අතර මමත් එයට නැඟුණේ අන්තිම විනාඩියටය. එදාත් මට ඇයව මුණ නොගැසුණු අතර හිතේ රික්තයක් ඉතිරි විය. එලෙස වසරේ අවසාන දිනය එලඹිණි, පුරුදු පරිදිම රාත්‍රී තැපැල් දුම්‍රියේ හඬට ඇහැරුණු මම ඇඳේ වාඩි වී කල්පනා කලේ අද කෙසේවත් ඇයව දැක ගැනීමට නොහැකි වන වගයි. වසරාවසාන සාදය කෙසේ අවසන් වේවි දැයි නිච්චියක් නැත.
නොසිතූ පරිදි එය අනර්ඝ දිනයක් විය. සියළු දෙනා හටම ව්‍යාපෘතිය භාර ඉහළම නිලධාරියා සමඟ වදනක් දෙඩීමට හෝ හැකි වූ අතර, ඔහු අතින් මුදල් ත්‍යාග ලබා ගැනීමටද සියළු දෙනා වාසනාවන්ත විය. දිවා ආහාරය අවසානයේ කාර්මික නිලධාරීන් සහ සේවක මඩුල්ල තිලකෙගේ සාදයට පිටත් වූ අතර එය තරමක් ඈතින් වූ පරණ ගොඩනැඟිල්ලක සංවිධානය කර තිබුණි.
වැඩි කාලයක් යන්නට මත්තෙන් බෝතලය දෙක හිස් වන්නටද තිලකේ අයියා ඇතුළු පිරිසක් අතිශය දොඩමළු වන්නටද විය, එකම රස ගුලාවක් වුණු මේ හමුව වැඩ බිමේ දී මුණ ගැසුණු බොහෝ දෙනාගේ මෙතෙක් කල් දැක ගන්නට නොයෙදුණු රසවත් පැතිකඩක් දැන ගන්නට ඉඩ සැලසුව වගක් මට දැනුණි. පියාණන්ගේ අවසන් කාලයේ මිතුරන් හමුවීමට ඉස්පාසුවක් නොතිබුණු හෙයින් මෙය කලකට පසු මට දැණුනු සතුටුම මොහොත විය. වැඩ බිමට ආ මුල් දවසක ග්‍රයින්ඩරයකට ඇඟිලි තුනක් කැපී ගිය සෝමරත්නත් පැමිණ සිටීම සැමටම සතුටක් විය, නමුත් තිලකේ අයියාට එය මාව විහිළුවකට ගැනීමට අවස්ථාවක් දෙන්නක් විය. ඒ, කැපුණු ඇඟිලි තුන සමඟ ලේ පෙරමින් ආ සෝමරත්නට කලියෙන් මා සිහි නැතිවී වැටුණු නිසාවෙනි. මට කුඩා කල සිට ලේ දකින්නට නොහැකිය. කාලය ගතව ගොස් රෑ බෝ වී ඇති වග මට හැඟුනේ ද ඔරලෝසුව දෙස ඇස් යොමු වුණේ ද එක විටකය. රාත්‍රී නවය පසු වී ඇති වග ඔරලෝසුව පවසයි. තිලකේ අයියා එක්වරම අඩේ මල්ලි නවයත් වෙලා නේද, යමං ඔහොම්ම අපේ ගෙදර කීවේ ය.
රෑ හමුවෙන් පසු ත්‍රී රෝද රථය පැදවීමට නොහැකි වග කලින් ම දැන සිටි තිලකේ අයියා එදා වැඩ බිමට ආවේ 120ක නැඟීය, මේ රෑ බස් නොතිබුණු හෙයින් මම ඔහුද වත්තම් කරගෙන ත්‍රී රෝද රථයකටම නැඟීමි. තිලකේ අයියා පැටලෙමින් කියවූ මාර්ග ලකුණු ඔස්සේ මමත් ත්‍රී රෝදකරුත් අවසානයේ තිලකේ අයියාගේ කොහුවල නිවසට එනවිට දහය පසුවීය. ත්‍රී රෝද රථයේ ශබ්දයට ජනේලයෙන් ඔළුව දැමූ තිලකේ අයියාගේ බිරිය කලබලෙන් පිටතට ආවේත් තිලකේ අයියා නැවැත් වූ ත්‍රී රෝද රථයෙන් බැස වමනය කරන්නට ගත්තේ ද එක විටය. බිරිය තිලකේ අයියාගේ පිට අත ගාමින් ඔහුට සහය විය, මෙතෙක් වේලා අතේ ඔතාගෙන තිබූ කඩදාසි බෑගයක් තිලකේ අයියා බිරියට දුනි, අද අපට බෝනස් දුන්නා නෝනේ, ඔන්න මං නෝනෙ ආස කොහොලාන බේකර්ස් කේක් එකක් ගෙනාව. මේ දෙස බලා හිඳි මම පියවි ලොවට ආවේ ත්‍රී රෝද රථයේ රියදුරු “මහත්තයාව කොහෙන්ද දාන්න ඕනි” කියා මගෙන් ඇසූ විටයි.
“ආ මේ මල්ලිත් මෙතෙන්ට, මල්ලි ඕකගේ සල්ලි පියවලා දාන්න, අනේ තැන්කූ වීල් මල්ලි මගේ විකාර පාරවල් අහගෙන මෙහෙටම ගෙනත් දැම්මට. ඊලඟ අවුරුද්ද ජය වෙන්න ඕනි එහෙනං” කියූ තිලකේ අයියා සැලියුට් එකක් දැමීය.
එකවරම ආ හිතුවක්කාර සිතුවිල්ලකට මම “නෑ තිලකේ අයියේ රෑ අලුත් ට්‍රේන් එකක් දාල, මං මෙහෙම්ම කොටුවට යනවා” කිව්වෙමි.
නිතර තිලකේ අයියාගේ කටින් පිට නොවෙන තරමේ වචනයකුත් සමඟ “එහෙනං මොකටද බං මෙහෙ ආවේ, ඉක්මනට ට්‍රේන් එකට යමං. නැත්තං මෙහෙ ඕනි තරං ඉඩ තියේ ඕං, නැද්ද නෝනේ” කියමින් බිරියට වත්තම් වූයේ ය. තිලකේ අයියාගේ බිරිය අසරණ බැල්මක් ඔවුන්ගේ නිවස දෙස හෙලූ අතර ඔවුන් දෙදෙනාටවත් ජනේලයෙන් ඔළුව දමාගෙන ම දෙස බලා හුන් පොඩි එවුන්ටවත් ඉඩ නැති මේ නිවසේ කොහෙත්ම මට ඉඩක් නැති වග තේරුම් ගතිමි.
“නෑ තිලකේ අයියා, කිසි ප්‍රශ්නයක් නෑ” මම ත්‍රී රෝද රථයට නැඟුනෙමි.
“මල්ලි මාව කොටුවේ ස්ටේෂන් එකට දාන්න” කියමින් මම රියැදුරු මහතාට තට්ටුවක් දැමුවෙමි.
කොහුවල සිට කොටුවට යන තුරුම මට නින්ද යන්නට ඇති, රියැදුරු “මහත්තයා අපි කොටුවට ආවා” කියන තුරු සිදු වූ කිසි දෙයක් අද ද මට මතක නැත. මුදල් ගත් ත්‍රී රෝද රථ රියැදුරු “මහත්තයාට නං වැදුණේ තැපෑලෙන් නේද?” කියමින් ඉගිල්ලුණි.
“පස්වෙනි වේදිකාවේ ඇති ගාල්ල බලා යන අවසාන දුම් රිය පස්වරු 10.35ට කොළඹ කොටුවෙන් පිටත් වේ”, කොහුවල සිට ත්‍රී රෝද රථයෙන් එනතුරු සිතුවිලි රහිතව උන්නු මාගෙ නෑඹුල් සිතට ආ අදහසකට අනිච්චානුගව මෙන් අවනතව මම කෝච්චියේ එල්ලුණෙ මි.
ඉනික්බිති වෙනදාට කෝච්චියට ගොඩවන ස්ටේසමෙන් දණිපණි ගා බැස ගතිමි. මා සමඟ කෝච්චියෙන් බැස්සේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි, ඔවුන්ද එක්වරම අතුරුදන් වූ හැඩකි. පඩිපෙලින් එබී බැලූ විට තිබුණේ බැනරයකින් සුරුවමට ඔතා දම්වැලකින් පඩිපෙල් කණුවට බැඳ තැබා තිබුණු කුසුමා අක්කාගේ කඩල කරත්තය පමණි, එය පාමුල කෝච්චි ශබ්දයට නින්ද කැඩුණු බල්ලෙකු වැතිර හුන්නේ ය. ටිකට් කවුළුවත් පොඩි ඔපිසීයත් අඟුළු දමා වසා තිබිණි, කොටුවේම සිටියා නම් හොඳයි සිතමින් මම ප්ලැට්ෆෝමයට ආවෙමි. එයද වොට් හතලිහක බල්බයකින් පමණක් ආලෝකමත් වී තිබුණු නිසා මහා මූසල ගතියක් හාත්පස තිබුණි. මහා අන්ධකාරය නිසා මුහුදේ ඉමක් කොනක් පෙනෙන්නේ නැත, ඉඳ හිට නඟින රැල්ලක සුදු පැහැය පමණක් දකිමි. මට ඇයව මතකයට නැඟුණි. අලුත් අවුරුද්දකට පැයකටත් අඩු කාලයක් පමණක් තිබියදී ඈ කොහේ ඉන්නවා ඇත් ද? මා මෙන් ම තනිව ජීවිතය විඳමින් ඉන්නවා ද? නැතහොත් විඳවමින් ඉන්නවා ද?
ඉස්ටේසමට ආසන්නයේ පැල්පත් නිවාස දෙසින් සිහින් ගීත රාවයක් ඇසෙන්නට විය.
“ඔය දෑත මාගේ දෑතේ — සතපා ගෙවූ අතීතේ
දෙදෙනා නොවේද දන්නේ — සිත දැන් තමයි සිතන්නේ”
නිදිමත ගතියක් තිබුණාට දොළහ වෙනතුරු ප්ලැට්ෆෝම් පුටුවක ඇල වන්නට නොසිතුවෙමි. තාත්තා දුන් පොත කියවනවා දැයි සිතා පොත එළියට ගන්නා විටම කුසුමා අක්කාගේ කඩල කරත්තය පාමුල හුන් බල්ලා බුරන්නට විය. නොනවතින බිරීම් ශබ්දයට පඩිපෙල දෙසට එබුණු මා දුටුවේ ඇය සෙමින් පඩිපෙල නඟින ලෙසකි. ඇය මා දෙස බැලුවේත් මම අහස දෙස බැලුවේත් එක විටක විය යුතුය. “මේ මොන තරමේ වාසනාවක් ද?”
“අද කෝච්චිය පරක්කු වුණා ද ? දෙමල ඌරුවට ඇය විමසුවාය.
“මිස් මගෙන් ද ඇහුවේ” ඇයගේ ප්‍රශ්නයෙන් පුදුම වූ මම ඇසුවෙමි.
“ඉස්ටේසමේ වෙන කවුරුත් නෑ නේද ? “ ප්‍රශ්නයට ප්‍රශ්නයකින් උත්තරය…
මට සිනා නඟුණි. “ඔව් මට පරක්කු වුණා, ඒත් ඔයා මෙතන මොකද ?”
“මෙතන තමයි මම ඉන්නේ.” ඇය සිනාසෙමින් බිම බලා ගත්තාය. “වෙනදට 10.45 ගිය ගමන් ම මෙතනට එනවා, ඒත් අද බැරි වුණා.”
“මෙතන ඉන්නේ ? පරිස්සම් නෑ නේද ?” මුවින් පිට වුණු ප්‍රශ්නය, ඈ අභිසුරු ලියක් ද ? මගෙ හිතේ ඇතිවුණු ප්‍රශ්නය.
නැවතත් ඇය සිනාසෙමින් බිම බලා ගත්තා ය.
ඇයව අපහසුතාවයට පත් වේවි යැයි සිතුණු නිසාවෙන් “මිස් වෙනද විදිහටම ඉන්න, මං මේ හරියෙන් ඉන්නම්, බය වෙන්න වෙන්න එපා” මම කිව්වෙමි.
“මම මහත්තයාට බය නෑ” කියමින් ඈ ඉස්ටේසමේ අනික් කෙලවරට ඇදී නොපෙනී ගියා ය. ඇය කාන්තා විවේකාගාරයට යන්නට ඇතැයි මට සිතුණි.
“මම මහත්තයාට බය නෑ” ? එතකොට එයා මාව දන්නවද ? ඒ කොහොමද ? මෙතෙක් වේලා තිබුණු හිතේ නිදහස කීතු කීතු වී ගිය හැටියකි. ඇය නැවතත් ඒවිද ?
අලුත් අවුරුද්දට තව විනාඩි පහකි.
ඇය අඳුරෙන් මතු විය.
තෙත කොණ්ඩය, නැවුම් ඇඳුම්, තිලකය.
“අවුරුද්ද ලබනවා නේද ? ඔහොම්ම දකුණු පැත්තේ අහස බලන්න. ගෝල් ෆේස් එකේ ඉඳන් මල්වෙඩි දානවා ලස්සනයි.”
“හා” මට දකුණු අහසක් බැලීමට අවැසි නැත. මුළු අහසම ඇයගේ මුහුණේය.
ඇය සැබවින් ම ඉතාම ශෝබනය.
ඇය කිව්වා සේ ම මෙතෙක් වෙලා ඇසුණු ගීත රාවය ද පරයන අන්දමට රතිඤ්ඤා, අහස් කූරු හඬ, මල්වෙඩි හඬ ඇසෙන්නට විය.
“දොළහයි, සුබ අලුත් අවුරුද්දක් !” ඇය මල් වෙඩි පිරුණු අහස දෙස බලමින් කීවා ය.
සුබ අලුත් අවුරුද්දක්… මට ඇයට හාදුවක් දෙන්නට උවමනා විය, එහෙත් එය නොහිඹිනා ක්‍රියාවකි. ඔළුව කම්මල සේ ය.
“ඔය බදාගෙන ඉන්නේ මොකද්ද ?” මට කතාවක් පටන් ගන්නට ඕනෑ විය.
ඈ සෙමින් මෙතෙක් වේලා බදා හුන් පොදිය මට පෙන්වූවා ය. මීට දශක දෙකකට පමණ පෙර ප්‍රසිද්ධව තිබූ “සෝමසිරි” බෝනික්කෙක්.
“හහ් හහ්… මොකෝ තාම බෝනික්කො නලවන්නේ” මම සිනාසුනෙමි.
“මේ මගෙ පුතා”, ඇය කීවා ය.
“හොඳයි හොඳයි. අපේ ගෙදරත් තියේ ඕකක්.. වෙලාවක ගෙනත් දෙන්නම්, ඔයාට එතකොට නිවුන්නො ඉන්නවා”. මම නැවතත් මහ හඬින් සිනාසුනෙමි.
බෝනික්කා දෙස තිබූ ඇගේ දෙඇස් ගැස්සෙනු දුටුවෙමි.
“එපා”
“හරි එහෙනං, ඒ බෝනික්කා මං පොඩි කාලෙ ඉඳන් ගෙදර තිබ්බේ ඒකයි දෙන්නං කිව්වේ, කාටවත් ඕනි නෑ දැන්.”
අප දෙදනා ප්ලැට්ෆෝමය මත දුම් රිය පාරට කකුල් දමා වාඩි වී බොහෝ වේලා කතා කරමින් උන්නෙමු. පැරණි දේ ගැන ඇගේ දැනුම පුදුමාකාරය.
“මහත්තයා පොත් කියවනවද ? “ ඇය මගෙ අතේ තිබුණු පොත දෙස බලමින් ඇසුවාය.
“ආහ් ඔව්, මේක අපේ තාත්තගේ. කියවන්න ගත්තා විතරයි, එක පිටුවක් වත් කියවන්න බැරි වුණා…”
“රූෂ්ඩිගේ Midnight’s Children නේද ?”
ඇගේ ඒ ප්‍රශ්නයෙන් මා ඇය දෙස හොඳින් බැලුවෙමි.
“කොහොමද දන්නේ ? පොත් කියවනවද ?”
“ඉස්සර කියෙව්වා” කියමින් පොත මවෙතින් ගත් ඈ පිටු පෙරළන්නට වූවා ය.
එක්වර ම ඇය පිටු පෙරළීම නැවතුවා ය.
“මොකෝ කට්ටියට පොත් පෙරලපුවා මතක් වුණාද ?”
එ දෙස විනාඩි තුනක් පමණ බලා සිටි ඈ මට වත්තම් වී හුන් තැනින් නැඟිට්ටා ය.
ඇගේ මුහුණ මහා දුකින් පිරී ගියෙත් ඇගේ බෝනික්කාවද තුරුළු කරගෙන කාන්තා විවේකාගාරයට ඇය දිව්වේත් එක මොහොතකය. ඒ මුහුණ දෙස බලා නොසිටියා නම් දුකින් පිරෙන මුහුණ අත්හැරෙන්නට තිබුණි.
විහිළුව දුර දිග ගිය සෙයකි. මම කාන්තා විවේකාගාරය දෙසට ගොස් ඇයට කතා කලෙමි. ඇය දොර වසාගෙන ය. නමවත් නොදැන සිටි නිසා, සමාවෙන්න කියනවා හැරෙන්නට වෙන යමක් කියා ගත නොහැකි වුණි.
ටික වේලාවකට පසු ඈ,
“මහත්තයා මට පැනඩෝල් කාඩ් එකක් ගෙනත් දෙනවද” ඇසුවාය.
එවෙලේ ඇය වෙනුවෙන් ඉර හඳ පවා ගෙනැවිත් දීමට සුදානම් ව සිටි මා, ඉන්න මං ඉක්මනට ගෙනත් දෙන්නම් කිව්වෙමි. පඩිපෙලින් පැන අසල තිබූ ඖෂධ හල සොයා ගියෙමි. මා එන විට එතෙක් වේලා දැල් වී තිබූ බල්බයද ඩිම් වී තිබුණු අතර දුරකථනයේ ටෝච් එළියෙන් ඈ සිටි විවේකාගාරයට අසලට ගියෙමි. දොර හැර දමා තිබුණු මුත් කිසිම හැලහොල්මනක් නැත.
විවේකාගාරය තුළට නොගොස් පැය කාලක් පමණ ඇයට කතා කලද කිසිම ප්‍රතිචාරයක් නොවුණු හෙයින් මා සමාව ඉල්ලමින් ම විවේකාගාරයට ඇතුළු වුණෙමි.
ලේ විලක් මැද ඇය වැටී උන්නාය. එක් වරම මට කෑ ගැසුණු මුත් ශබ්දයක් පිට නොවුණි. උපන් දා සිට ලේ දැකීමට බිය වූ මා විවේකාගාරයෙන් එළියට පැන්නෙමි. එළියට පැන ගත් වහාම මා දුටුවේ අසල කණුවක ගැට ගසා තිබූ ඇගේ අත තිබූ බෝනික්කාය. එය කීතු කීතු වී ලේ වැක්කෙරෙමින් තිබූ අතර බෝනික්කා හිස ඔසවා මා දෙස බලා දෑත් දිගු කලේ ය.
පසුදින පාන්දර දුම් රිය සේවක මහතෙකු කතා කරන තුරුම මම සිහිසුන් ව සිටියෙමි.
සිහි එළඹි වහා කාන්තා විවේකාගාරය දෙසට ගිය මුත් එය පිටින් අඟුළු ලා තිබුණි.
මා එදෙසට යනු දුටු දුම් රිය සේවක මහතා,
“ඉන්න සර් මං පිරිමි විවේකාගාරය ඇරලා දෙන්නම්, රෑට මෙව්වා අඟුළු දාලා යන්නේ, නැත්තං එක එකා මේකෙ ලඟිනවා. මහත්තයාට නං ඊයෙ වැඩිවෙලා නේ. මං කිව්වේ මේ හිඟන්නො එහෙම” කීවේ ය.
“එහෙමද, හැබැයි ඊයේ ගෑණු කට්ටියගේ එක ඇරලනේ තිබ්බේ.”
“හෑහ්, මහත්තයා ඒකට ගියා ද ?”
“නෑ නෑ, මං දැක්කා රෑ ලේඩි කෙනෙක් ඕකට යනවා” මම බොරුවක් සමඟ ඇත්තක් කීවෙමි, ඇත්තටම ඈ මිය ගොස් සිටී නම් මම ප්‍රධාන සාක්ෂිකරු වනු ඇත.
“මං හිතන්නේ මහත්තයා විතරයි එයාව දැකලා මෙහෙම ඉන්නේ. අපිත් දහයයි ගානේ කෝච්චිය ගිය ගමන් වහලා කරලා යනවා දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝගයකට. අතේ බෝනික්කෙකුත් හිටියා නේද ?”
“ඔව්… මොකද්ද ප්‍රශ්නේ ඒ මනුස්සයා එක්ක”
“ඔය අර අසූ එකේ කලබල කාලෙදි මෙතන නෝනා කෙනෙකුයි පුතයි මැරුණු සිද්ධියනේ. ඒ නෝනා තමා තාම කට්ටියට පෙන්නේ රෑට, හැමදාම නෙවෙයි. නිවුන්නු වෙච්චි පොඩි දෙන්නට උණ නිසා ඒ නෝනගේ හමුදාවේ සර් ගිහින් තියේ එක පුතෙක් අරං ලඟ ෆාමසියකට, අනික් පුතා නෝනා එක්ක මෙතන විවේකාගාරෙ ඉද්දි තමයි මරලා දාල ගිහින් තිබුණේ. ළමයා මේ කණුවක ගැට ගහලලු උන්නේ. නෝනා දෙමල. ඔය නෝනා වැඩ කරපු පුස්තකාලෙ ගිනි තිබ්බ වෙලේ හමුදාවේ මහත්තයා තමයි කට්ටියගෙම පණ බේරගෙන ඇවිත් තිබුණෙ ගමට යන්න.”
මට නැවතත් ක්ලාන්ත ගතියක් දැණුනු නිසා “වතුර නැද්ද “ යැයි ඔහුගෙන් ඇසුවෙමි.
“ඉන්න මහත්තයා, අන්තිමටම ඔය නෝනව දැක්කේ අපෙ ඉස්ටේසමට අලුතෙන් ආව සර් කෙනෙක්, එයා නං පපුවෙ අමාරුව හැදිලා එක්ක ගියෙ. මහත්තයා ඔයින් ගියා ඇති. ඒ නෝනගෙ මහත්තයා සෑහෙන කාලයක් යනකං මෙතනට ඇවිත් දාන මාන දීල තියේ, දැන් අවුරුද්දක දෙකක ඉඳලා ආවේ නෑ, ඊට පස්සේ තමයි ඔය කරදරේ ආවේ. ”
“ඔය නෝනාව පේන දාට හවසට එහා පැත්තේ කණුවේ බැඳපු බෝනික්කෙක් පේනවා සමහරුන්ට. ඊයෙත් මහත්තයෙක් හොම්බ දිග කැමරාවකින් ලයිට් කණුවේ ෆොටෝ ගහනවා දැකලා තමයි අපිත් ඉස්ටේසම කලින් ම වහලා ගියේ අන්තිම කෝච්චියත් එන්න කලින්, අපිත් හිතුවා ඒ කැමරා මහත්තයාට බෝනික්කව පේන්වා ඇති කියලා අපිට නොපෙනුනාට”
“මහත්තයාට කොහෙටද යන්න ඕනි ?”
“නුවරට”
“ආහ් දැන් කෝච්චියක් ඒවි කොටුවට, 5.55 බදුල්ලෙ එකේ මහත්තයට නුවරට යන්න පුලුවන් එතනින්, මහත්තයාගෙ වෙන්න ඕනි බෑග් එකයි පොතකුයි ප්ලැට්ෆෝම් එකෙ තිබුණා, ගත්තනං හරි සෙනඟ පිරෙන්න කලින්”
වතුර වීදුරුව එක හුස්මට අවසන් කල මා මාගේ බෑගයද කරට දමා ගෙන ඊයේ අප වාඩි වූ තැන වැටී තිබුණු පොත අහුලා ගතිමි. එහි තිබී වැටුණු ෆොටෝවකි.
උඩුයටිකුරුව බිම තිබූ ෆොටෝව අහුලා ගත් මම එහි ලියා තිබූ දෙමල අකුරු අමුණා කියවා ගතිමි
“තීපන් ෆොටෝ — යාපනය”
අනික් පස හැර වූ විට එය කලු සුදු ෆොටෝවක් වූ අතර තාත්තා මනාල ඇඳුමින් සැරසී ඇය හා උන්නේ ය.
ප.ලි : නස්ලිගේ ට්වීට් කරපු ෆොටෝවකට කතාවක් ලියන්න ඕනි වෙලා තිබ්බට හරි හෙමින් ලිව්වේ. අන්තිමේ අද ඉවර කලා…. මං හිතන්නේ නස්ලි තරම් කවුරුත් කොළඹ ජීවිතේ ලස්සනට දකින්නෙ නැතුව ඇති…
Nazly Ahmed
පොත ඇතුලේ ෆොටෝ එක ආවේ AyshMarQ ගේ ට්වීට් එකකින්
Ayshmarq on Twitter: "A portrait of an unknown boy - found, tucked into a book which I bought from a second-hand book store in Maradana, a few years ago. Wherever you are, here's hoping that you'd see this. :)🤞🏼#SriLanka pic.twitter.com/eo7InrgTCd / Twitter"
A portrait of an unknown boy - found, tucked into a book which I bought from a second-hand book store in Maradana, a few years ago. Wherever you are, here's hoping that you'd see this. :)🤞🏼#SriLanka pic.twitter.com/eo7InrgTCd
හදිස්සියේ දැණුනු මද සීතල නිසාවෙන් දෙනෙත් නො ඇරම මම ඔහුව සෙව්වෙමි. පෙරදින රාත්‍රියේ මා තුරුලට වන් ව සිටි ඔහුව සෙව්වෙමි. අත පොවන මානයේ ඔහුව නොදැනුණු නිසාවෙන් මම ඇස් අරිමි. ඔහු නැත. නාන කාමරය දෙසින් වත් හඬක් ඇසේ දැයි දැන ගනු රිසියෙන් මම කන් අයා මිනිත්තුවක් පමණ සිටියෙමි. නැත. සියළු දේ නිසල ය, නිහඬ ය.
වසර ගණනාවක ආදර අන්දරයකින් පසු මා පිය ආශිර්වාදයෙන් විවාහප්‍රාප්ත වන්නට ද වාසනාවන්ත වුණු අප මේ ගෙවන්නේ විවාහ මංගලෝත්සයෙන් සත් වන දිනය ය. ම පියාණන්ගේ අතිජාත මිත්‍රයෙකු වූ ඩග්ලස් අංකල්ගේ තේ වත්තේ බංගලාව අප වෙනුවෙන් විවෘත වූයේ ත්‍යාගයක් ලෙසය.
“මං වෙඩින් වලට යන මනුස්සයෙක් නෙවෙයි කියලා අප්පච්චි දන්නවා, ඒ නිසා මං එන්නේ නැති එක ගැන ලොකුවට හිතන්න එපා දුවා. හැබැයි අනිවාර්යෙන් ඔයාලා මංදාරම් නුවර පැත්තේ එන්න, මගේ තේ වත්තේ බංග්ලෝ එකේ ඉන්න බැරියැ දෙන්නට. අප්පු ඉන්නවා ආවතේව වලට, සුමනා ඉන්නවා ඕනි දෙයක් කටට රහට හදලා දෙන්න” ඩග්ලස් අංකල් මතක ඇති කාලයක සිට මට කතා කරන්නේ දුවා ලෙසය. එම ආමන්ත්‍රණයට සීමා රහිතව මමද ආසා කෙරුවෙමි.
“දුවා එන දවස විතරක් මට කියන්න. මට ඔය හාදයාව බලන්නත් ලොකු ආසාවක් තියේ”
විශ්ව විද්‍යාල ජීවිතයේ මා ලද හොඳම ත්‍යාගය වූ ඔහුත් මමත් අතිනත ගත්තේ පවුල් වල මහත් වූ ආශිර්වාද මධ්‍යයේ බව දැනු දු මම ආසාවෙන් සිහි කරන්නෙමි. ජීවිතේ සියළු දෑ හරියාකාරව සිදුවන වගක් මට දැනෙන්නට පටන් ගත්තේ ඔහු සමඟ ආදර අන්දරය පටන් ගත් කාලයේ සිටය. දෙවනි පන්තියේ පලමු පෙල උපාධියක් මට ද ඔහුට දෙවනි පෙල උපාධියක් ද හිමි වූ අතර මම රැකියාවකට අත් පොත් තබන්නේ ඔහු රැකියාවට ගොස් මාස දෙකක් ගිය තැනය. ඉන්පසු එළඹියේ අපගේ මහා ප්‍රාර්ථනා ගොන්න සපුරා ගන්නට යෙදුණු විවාහ මංගලෝත්සවයයි. එයද මා කුඩා කල ප්‍රාර්ථනා කල අයුරෙන් ම සිදු වූ අතර අප සියළු නෑ දෑ හිතවතුන් මිතුරන් ඉතාම සංතෝසයෙන් අපගේ දිනය භුක්ති විඳි ආකාරය සතුටු සිතින් සිහි කරමි.
මන්දාරම් නුවර හීතල තවදුරටත් පොරෝන වලින් පමණක් වැළකිය නොහැකි වූ නිසාවෙන් මම නැවතත් ඔහුව සොයන්නට යෙදුනෙමි. නැත. කිසිම හෝඩුවාවක් නැත. අකැමැත්තෙන් වුව ද ඇඳෙන් බැස පොරෝනම ඇඟ වටා ඔතා ගතිමි. ඔහු සොයා යා යුතුය. පෙර දා ඔහු ආසාවෙන් නරඹමින් සිටි බංගලාවේ මිදුල කෙලවරට පෙනෙන කුඹුරු යාය දෙසටවත් ගියා දෝ යැයි සැකයක් මට තිබුණි. ඔහු කීවේ ඒ කුඹුරු යාය මැද තිබෙන ගරා වැටුණු ගොඩනැඟිල්ල පොඩි ඉස්කෝලයක් වගය. ජීවිතේ පළමු වරට මන්දාරම් නුවරට පැමිණි ඔහු ඒ වග දන්නේ කොහොම දැයි මම විහිළු කලෙමි. නමුදු ඒ මොහොතේ සිට වෙනස් කෙනෙකු මම ඔහුගෙන් දුටුවෙමි. ඊටත් වඩා ඔහු මඳක් කල්පනාබරිත වූ වගක් ද මා දැණුනි.
මගේ සිතුවිල්ල නිවැරදිය, ඔහු මිදුල කෙලවරට වී කුඹුරු යාය දෙස බලා හිඳී. පසු පසින් ගොස් ඔහුගේ බඳ වටා ම දෙ අත් පැටල වූ මා “මොකෝ මේ”යැයි ඇසුවෙමි.
මෙතෙක් වේලා සිටි දැහැන බිඳුනා සේ එක්වරම ගැස්සුණු ඔහු පියවි සිහියට ආ වගක් මට දැනුණි.
“මිහිරි දැන් ද ඇහැරියේ, මම මේ අප්පු කෝපි එකක් ගේන කං ඇවිදින්න ආවා”.
ඇල් වූ කෝපි කෝප්පයක් සුදු පැහැ උද්‍යාන මේසය මත තිබෙන අයුරු මම ඇස් කොනෙන් ඔහුට පෙන්වූයෙමි.
“අපොයි දෙවියනේ, මිනිහා කෝපි එක තියල මටත් නොකියා ගිහින් ද ?” ව්‍යාකූල වූ ඔහු මගෙන් අසයි.
“ඉන්න මං බලන්නම්, මටත් කෝපි එකක් ඕනි. සීතලයි, ඔයාටත් ඕනි ද කෝපි එකක් හරි තේ එකක් හරි ?” මම ඇසුවෙමි. “කෝපි හොඳයි” ඔහු පිළිවදන් දුන්නේ ය.
අපේ කාමරය දෙසට ඇදුණු මා නැවතත් ඔහු දෙස බැලුවේ ඔහුත් මා දෙස බලා හිඳී යැයි පුංචි බලාපොරොත්තුවකිනි. නැත, නැවතත් ඔහු පහල කුඹුරු යායේ ගරා වැටුණු ගොඩනැඟිල්ල දෙස බලා සිටී. මුව දොවාගෙන බංගලාවේ මුළුතැන් ගෙය දෙසට යමින් “සුමනා, අප්පු” යැයි ඔවුන්ට කතා කලෙමි.
චීත්තයේ තෙත අත පිහමින් දිව ආ සුමනා
“අනේ අපේ නෝනා ඇහැරියා ද ? අප්පු නම් කඩේට ගියා”.
“ආහ් ඒකට කමක් නෑ, අපිට කෝපි කෝප්ප දෙකක් ගත හැකිද ?”
“අප්පු පුංචි මහත්තයාට නම් කෝපි ගෙනිච්චා, පුංචි නෝනා ඇහැරෙන වෙලාවක් දන්නේ නැති නිසා සෑදුවේ නෑ”.
“ආ කමක් නෑ, මහත්තයගේ කෝපි එක නිවිලා, ඒකයි.”
“ඔව් ඔව් අප්පු කිව්ව කෝපි එක ලඟින් තියල කතා කලත් අර පහළ කුඹුරු දිහා බලං හිටියා මිසක් වචනයක් කිව්වේ නෑ කියලා. ආපු දා අපි කරන පොඩි දේටත් ස්තූති කල අපූරු මහත්තයට මක්කාවක් වෙලාද කියලා අප්පු හිත හිත හිටියේ”
“ ආහ් මහත්තයා මේ පැත්තට ගොඩක් ආසා වෙලා, ඒකයි සුමනා ඒ. ගණං ගන්න එපා.” එලෙස සුමනාගේ සිත හදන්නට උත්තරයක් දුන්නත් මගේ සිතත් මද පමණට කලබල වී ඇති වග දනිමි.
කෝපි කෝප්ප දෙක ලැබෙන තුරු සුමනා සමඟ ආ ගිය තොරතුරු කතා කරන්නට ගත්තේ මේ ව්‍යාකූල ගතිය මඟ හරවා ගන්නට ය. සුමනා ඩග්ලස් අංකල්ගේ බංගලාවේ උදව්වට එකතු වී ඇත්තේ මීට වසර දහයකට පෙර බවත් එය අප්පුගේ හතලිස් වසරක සේවයට සාපේක්ෂව නොගිණිය හැකි තරමේ කුඩා සේවයක් ලෙස ඇය සළකන බව මට දැනුණි.
කෝපි කෝප්ප දෙක සුමනා අතින් බලෙන් මෙන් ගෙන මම නැවතත් ඔහු සිටින දිශාවට ඇදුණේ සුමනා “අනේ අපේ නෝනාගෙන් වැඩ ගන්නව කියලා ඩග්ලස් මහත්තයා බනීවි” යැයි ඇය කියවද්දී ය.
මට අවැසි වූයේ ඔහු සමඟ මදක් තනි වන්නට ය. ගතින් එකම තැන වුවත් සිතින් සැතපුම් දාහක් ඈත සිටින ඔහුව නැවත ගෙන්වා ගන්නට ය.
තවමත් දුම් දමන කෝපි කෝප්ප ද රැගෙන මා නැවතත් ඔහු වෙත ගියෙමි. ඔහු තවමත් කල්පනාබරිතව පහල වෙල් යාය දෙස බලා ගත් වනම සිටී.
“කෝපි එක ගන්න” මම ඔහුගේ දැහැන බිඳිමින් කිව්වෙමි.
“අද මොකද අපි කරන්නේ” ඔහුට කල්පනා කිරීමට ඉඩක් නොතබමින් මම ඇසුවෙමි.
“මට නම් ලොකු ප්ලෑන් එකක් නෑ මිහිරි, මගෙ හිතට පොඩ්ඩක් අවුල් අර පහල වෙල් යාය දිහා බලද්දි, එතන හරියටම ඉස්කෝලයක් තිබ්බද කියලා අප්පුගෙන් අහන්න ඕනි”
“මට තේරුණා ඔයා අවුලෙන් කියලා, කොහොමත් ඔයා මෙහෙ කලින් ඇවිත් තිබුණේ නෑ නෙ, සමහර විට බලාපු ෆිල්ම් එකක තිබ්බද දන්නෙ නෑ ඔය වගේ තැනක්. අප්පු කඩේට ගිහින්, අපි ආවම අහමු. අනික සමහර විට ඩග්ලස් අන්කල් දවල් මෙහෙ එන්න ඉඩ තියෙනවා කියලා සුමනා කිව්වා”.
“ආහ් ඒක හොඳයිනේ, මම ඩග්ලස් අන්කල්ව හම්බවෙලත් නැ.
“ඒක තමයි, හැබැයි ඔහොම අවුලෙන් හිටියොත් ඩග්ලස් අංකල්ට දුක හිතෙයි දුවා බැන්දේ සයිකො කාරයෙක් කියලා, නරකද සුදු මහත්තයා පොඩ්ඩක් රැවුල එහෙම ට්‍රිම් කරලා මූණ කාරිය හෝදගෙන ආවොත්”.
කළුවන් සමක් තිබුණු ඔහුට සුදු මහත්තයා අකැමැතිම ආමන්ත්‍රණයක් වන අතර පොඩිවට අවුස්සා ගැනීමට කදිම නමකි. සිතූ ලෙසම තරහ මූණක් මවා ගත් ඔහු කෝපි උගුරක් දෙකක් ඉක්මනින් හලා ගෙන මගේ නාසයත් මිරිකා කාමරය දෙසට ඇදුණේය. කොහොමත් කෝපි කෝප්පයක් අහවර කරන්නට අඩ පැයක්වත් ගත කරන මා උද්‍යාන පුටුවකට වී කෝපි කෝප්පය තොල ගාන්නට වීමි.
“මිහිරී….”
මහ හඬින් ඔහු කෑගැසුවේය, කෝපි කෝප්පයද පෙරලා ගෙන මම කාමරය දෙසට දිව්වෙමි. නාන කාමරයේ දොරත් හැරගෙන ඔහු කණ්ණාඩිය දෙස බලා හිඳී.
මම “මොකද වුණේ? යැයි ඇසුවේත් ඔහු හැරුණේත් එක මොහොතේය.
මම ආසම කල ඔහුගේ රැවුලේ අඩක් නොමැත.
“අලුතෙන් ගත්ත ට්‍රිමර් එකේ මැල්ෆන්ශන් එකක්”හැඬුම් බර හඬකින් ඔහු කීවේ ය.
මට සිනහව නතර කර ගත නොහී ඔහුට වත්තම් වුණෙමි.
“දැන් ඉතිං මුළු රැවුලම කපලා දාන්න”.
කිසි දිනෙක රැවුල රහිතව ඔහුව දැක නොතිබූ හෙයින් මටද මෙය අලුත් දෙයක් වනු ඇත.
“ඉන්න හිත හැදෙන්නත් එක්ක දවල්ට ඉස්සො කරියක් හදන්න කියලා එන්නම් සුමනට”.
මේ ලෝකයේ ඔහු ආසම කෑමක් වේ නම් ඒ ඉස්සන් මාලුවයි. ඊට අමතරව ජෑම් පාන් දුන්නොත් ඕනෑම වැඩක් ඔහුට කියා කරවා ගත හැකි තරමට පෙරේතය. තාමත් අඩු නොවූ හැඬුම් ස්වරයෙන් “හා එහෙනං” කිව්වේ පොඩි එකෙකු මෙනි.
ඔහුට නාන කාමරයේ ඉඩ දී මම නැවතත් කුස්සිය දෙසට ගියේ අලුත් ඉල්ලීම සුමනාට දැනුම් දීමටය.
“අපේ නෝනෙ, මොකද වුණේ” සුමනාටද කලබලය ඇසී ඇත.
“අනේ නෑ සුමනා මේ මහත්තය රැවුල වැඩියෙන් කපාගෙන, මුළු රැවුලම කපන්න වෙයි.”
“අනේ, අපූරු රැවුලක් නොවැ මහත්තයට තිබ්බේ”.
“ඒකනෙ, දැන් දුක හිතිලා ඉන්නේ, සුමනට බැරිද තරහ නැතුව දවාලට ඉස්සො මාලුවක් උයලා දෙන්න. මහත්තය ආසයි, ඒකයි.”
“අපෝ ඕක මොකද්ද අපේ නෝනෙ. ඉන්න මං රසට හදලා දෙන්නම් දුක නැති වෙන්නම” මමත් සුමනාත් එකවර සිනා වුණෙමු.
සිනාවේ අගට වන්නට වාහනයක ශබ්දයක් පෝටිකෝව දෙසින් ඇසෙන්නට විය.
“අපේ ඩග්ලස් මහත්තයගේ වාහනේ” සුමනා චීත්තයේ අත පිසිමින් කීවා ය.
“ෂා ! නියමයි, ඉන්න සුමනා මාත් එනවා ඉස්සරහට යන්න”.
ඩග්ලස් අන්කල්ගේ ජීප් රථය බංගලාව ඉදිරියේ නවතා තිබූ අතර අප්පු එයින් එකින් එක බඩු මලු බාමින් සිටියේ ය. රියදුරු අසුනේ සිටි ඩග්ලස් අංකල් මා දුටු වහාම ජීප් රථයෙන් පැන්නේ පුදුම සතුටකිනි.
“දුවා… තව ලස්සන වෙලා මගේ පුතේ, ලෝකෙ ලස්සනම මනමාලි දුවා කියලා අප්පච්චි කෝල් කරලා කියපු එක ගැන මම පුදුම වෙන්නේ නෑ” කියමින් ඔහු මා බදා ගත්තේය.
“අංකල් මාව ගොඩ දවසකින් දැක්ක නිසා වෙන්න ඕනි ඒ, මම ලැජ්ජාවෙන් කීවෙමි”.
“කෝ අපේ කොලු පැටියා” ඩග්ලස් අංකල් බංගලාව දෙස බලමින් ඇසුවේය.
“ඔන්න රැවුල ට්‍රිම් කරන්න ගිහින් වැරදිලා දැන් මුළු රැවුලම කපනවා, තව ටිකකින් එයි අංකල්, අංකල්ව හම්බ වෙන්න හරි ආසාවෙන් උන්නේ”.
“අපොයි, මටත් ඔය ට්‍රිම් කරන වැඩේ කර ගන්න බෑ, අප්පු තමා වැඩ කා….
කතාව එකවරම නැවතුණේත් මම ඩග්ලස් අංකල්ගේ නැවතුණු කතාවට හේතුව විමසන්නට ඔහුගේ මුහුණ දෙස බැලුවේත් අප්පු අතේ තිබූ එළවලු මල්ල අතහැරුණෙත් එකම වෙලාවටය. ඩග්ලස් අංකලුත් අප්පුත් හොල්මනක් දුටුවා සේ ප්‍රධාන දොර දෙස බලා සිටින නිසා, මමත් හැරුණෙමි. සම්පූර්ණයෙන් මුඩු කල රැව්ලෙන් යුක්තව ඔහු කමිස අත හදමින් ප්‍රධාන දොර දෙස සිට පැමිණේ.
“ධර්මලිංගම් මහත්තයා…. “අප්පු පුදුම වූ ස්වරයකින් ඇමතුවේ ය.
ඇමතුමක් කීවාට එය ඔහුටත් හොරෙන් ඔහුගෙන් නිකුත් වූ ඇමතීමකි.
ඇමතීමේ ශබ්දයට අප දෙස බැලූ ඔහු “කවුද අප්පු ධර්මලිංගම් කියන්නේ ?” යැයි අප්පුගෙන් විමසුවේ ය.
එකෙනිහිම ඩග්ලස් අංකල් මා අතහැර පපුව අල්ලා ගත්තේ ය. ඔහු එක්වරම ඩග්ලස් අංකල්ව අල්ලා ගත් අතර අප්පු දිව විත් ඔහුට සහය විය. සුමනා කුස්සියට දිව ගිය අතර ඒ වතුර වීදුරුවක් ගේන්න යැයි ඔහු කෑ ගැසූ නිසා වෙනි. වතුර ඉස පලක් නැති විට ඩග්ලස් අංකල්ව මන්දාරම් නුවර දිසා රෝහලට ද එතනින් නුවර මහ රෝහලට ද රැගෙන ගියේ ඔහුය. ම පියාණන්ද මන්දාරම් නුවරට ආවේ ය, ඩග්ලස් අංකල්ට ය කියා දරු මල්ලන් නෑදෑයන් මම දැනුවත් ව නොසිටි අතර අප්පච්චි කිව්වේ එකම නංගී එංගලන්තයේ ලිවර්පූල් හි වෙසෙන වග ය. නමුත් අපි කිසිවෙක් නොදත් කාරණය වූයේ ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට මාර්ගයකි. අවසානයේ අප්පු අත තිබූ පරණ දුරකථන ලේඛනයක එංගලන්තයේ අංකයක් තිබිනෛ. ඒ නොම්බරය ඔස්සේ ඩග්ලස් අංක්ලගේ නැඟණිය සම්බන්ධ කර ගත්තේද ඔහුය. අවසානයේ ඩග්ලස් අංකල් අපව හැර ගියේත් ඔහුගේ දෑතෙ ය, ඒ සහයට උන් අප්පු විවේකයක් ගන්නා තුරු ඔහු ඩග්ලස් අංකල් ලඟින් උන් නිසාවෙනි.
ලිවර්පූල් හි සිටි නැඟණියගේ ද ඉල්ලීම මත අවසන් කටයුතු කල අතර අප්පච්චී මරණ ගෙදර කටයුතු භාර ව සිටියේ ය, ඔහු ඒ සැම දෙයටම අප්පච්චීට උදව් කලේ ය. අවසානයේ හත් දවසේ දානය ශ්‍රී රාජගිරි විහාරයට පූජා කොට අවසානයේ එහි වානේ බැම්මට හේත්තු වී සිටි මටත්, ඔහුටත් , අප්පච්චීටත්, අප්පුටත් කතා කිරීමට බොහෝ දේවල් තිබිණි.
“කවුද අප්පු ධර්මලිංගම් කියන්නේ” ඔහු අප්පුගෙන් නැවතත් ඇසුවේ ය.
අප්පු මොකුත් නොකියා ම අප්පච්චී දෙස බැලුවේ ඔහුගෙන් උදව්වක් ආයාචනා කරන දෑස් වලිනි.
“මේකයි පුතේ කතාව”.
“ඔය ඩග්ලස් ගේ බංගලාවට පහලින් වෙල් යායේ ඒ කාලේ පොඩි ඉස්කෝලයක් තිබ්බා, ඕකෙ හිටියා ලස්සන ටීචර් කෙනෙක්, ඩග්ලස් ගේ පලවෙනි සහ එකම ආදරේ. ටීචර් හිටියේ මන්දාරම් නුවර සමාධි ප්‍රතිමාව හරියේ ලස්සන ගෙදරක, අම්ම එක්ක. ඩග්ලස්ගේ හොඳම යාළුවා මම වුණාට මෙහෙ හැමදේටම උන්නේ ධර්මලිංගම්. ධර්මලිංගම් ඇසිස්ටන්ට් සුපිරින්ටන්ට්. දෙන්නම උන්නේ බංගලාවේ, අප්පු දන්නවා අපි කොල්ලා කාලේ කොහොම විනෝදෙන් හිටිය ද කියලා.
මම කොළඹින් නයිට් මේල් ඇවිත් මහ පාන්දර නානු ඔයෙන් බහිද්දි ඔය ජීප් එකෙන්ම දෙන්නා එනවා මාව ගන්න, ඊට පස්සේ දවස් දෙකක් විතර හරිම විනෝදෙන් මන්දාරම් නුවර පුරා අපි කරක් ගහනවා. දූගේ අම්ම හම්බ වෙනකං මම ඔය විදිහට සති දෙකකට වතාවක් මෙහෙ. උඩවෙල ප්‍රාථමිකේ ගාව අපි තුන් දෙනා අර ටීචර් යන එන වෙලාවට ටැග් ගැහුණේ අවුරුදු දහ අටේ කොල්ලො වගේ.
අන්තිමේ වදෙන් පොරෙන් අපි ඩග්ලස්ගේ හිතේ තිබ්බ දේ ටීචර්ට කිව්වා. හැබැයි අවාසනාවට ටීචර්ගේ හිත තිබ්බේ ධර්මලිංගම්ට. ඒක අපි දැන ගත්තේ ටීචර්ගේ අම්මගෙන්, අපි ඩග්ලස් ගැන කියන්න ගෙදර ගිය වෙලේ. යාළුවා නිසා ධර්මලිංගම් ට ටීචර්ව දුන්නට ඩග්ලස්ගේ හිතෙන් ටීචර්ව මැකුණේ නෑ, මම ඒක දැනන් හිටියා. දෙන්නට පොඩි පුතෙක් හම්බුණා අසූ දෙකේ ජූනි ජූලි වගේ, හොඳ සංතෝසෙන් එයාල හිටියේ, ඩග්ලස් එයාලව පුළුවන් තරම් මඟ හැරියා, ඒත් මඟ හරින්න බැරි හැම වතාවෙම කිසි වෙනසක් නැතුව එදා තිබ්බ යාළුකමෙන් ධර්මලිංගම් ව පිළිගන්න ඩග්ලස් පහු බැස්සේ නෑ.
කොහොම හරි අපේ කතාවේ අවාසනාවන්තම හරියට ආවා. ඒ අසූ තුනේ. සිංහල දෙමල කලබල මෙහෙටත් ආව. ලැයිම් වල මිනිස්සු බලාගන්න එක ඩග්ලස් හරියටම කලා, ඩග්ලස් නොහිටින්න ගොඩක් කරදර මන්දාරම් නුවරට වෙන්න තිබ්බ. ඒත් එක හවසක ධර්මලිංගම් ව ඉස්කෝල මිදුලෙම මරලා දාල තිබ්බා, ඒ හවස පංතියක් ඉවර වෙලා ටීචර්ව ගෙදර එක්ක යන්න ආ වෙලාවේ, අපි හිතන්නේ ධර්මලිංගම් ව මරනවා ටීචර් දැක්කා, සතියක් දෙකක් යනකං ටීචර්ට සිහියක් තිබ්බේ නෑ. ඩග්ලසුයි මමයි තමයි ඔක්කොම කටයුතු කලේ. ඒත් ටීචර්ගේ ලඟටවත් යන්න ඩග්ලස්ට හම්බ වුණේ නෑ . කොහොම හරි ටීචර්ට හරියාකාරව සිහිය ඇවිත් දවස් දෙකක් ගිය තැන ටීචරුයි අම්මයි අවුරුදු දෙකක් වෙච්ච දරුවයි මන්දාරම් නුවරින් අතුරුදහන් වුණා. තාමත් කවුරුත් දන්නේ නෑ එයාලට මොකද වුණේ කියලා, ඔහොම අතුරුදහන් වෙන දේවල් හොයන්න තරම් ඒ කාලේ පොලීසියට ඉස්පාසුවක් තිබ්බෙත් නෑ, මට දුවත් හම්බ වුණේ ඔය කාලෙම නිසා ලොකුවට ඩග්ලස් එක්ක මොකුත් කරන්නත් බැරි වුණා.”
අප්පච්චී කතාව ඉවර කලා.
මෙච්චර වෙලා කතාව අහගෙන හිටි අප්පු කතා කලා,
“හෙට්ටිආරච්චි මහත්තය නොදන්න කොටස මං එකතු කරන්නම්. දැන්වත් මට මගෙ හිත හදා ගන්න ඕනි නිසා, අවුරුදු විසි තිස් ගාණක් ඕක හිතේ හිර කරං හිටියේ බොහොම අමාරුවෙන්.”
“එදා ධර්මලිංගම් මහත්තයව මැරුවේ වෙන කවුරුත් නෙවෙයි, ඩග්ලස් මහත්තයා. එයා දැනන් උන්නා මේක ජූලි කලබල අස්සේ කවුරුත් මේ මරණේ සැක නොකරන වග. මම කකුල් දෙකේ එල්ලිලා වැන්දා ඒ අපරාදේ කරන්න එපා කියලා, අවුරුද්දක් දෙකක් තිස්සේ ටීචර් නෝනෙව නොලැබුණු තරහ විතරයි මම එදා දැක්කේ මහත්තයෝ, එදා ඩග්ලස් මහත්තයා නෙවෙයි මුරුගයෙක් හිටියේ මහත්තයෝ මුරුගයෙක්. ඩග්ලස් මහත්තයා දැනන් උන්නා එදා ඒ වෙලාවට ධර්මලිංගම් මහත්තයා ටීචර් නෝනෙව ගන්න එන වග, මඟදි කරදරේ කරන්න උන්නට එදා ධර්මලිංගම් මහත්තයා විනාඩි දහයක් කලින් ගෙදරින් පිටත් වෙලා තිබ්බා, මං කිව්ව මුරුගයා කෙලින් ම ඉස්කෝලෙට ගියේ. යනකොට පොඩි මහත්තයයි ධර්මලිංගම් මහත්තයි ඔංචිල්ලාවක් පදිනවා.
“කවදාවත් නැතුව පොඩි මහත්තයත් ඇවිත් යං ඩග්ලස් මහත්තයෝ” කිව්වට මුරුගයාට කිසි දෙයක් ඇහුණේ නෑ. පන්තියේ ළමයි ටික ගේට්ටුවෙන් එළියට ගිය ගමන් ධර්මලිංගම් මහත්තයාව කැති ගාන්න ගත්තා මුරුගයා, මට පුළුවන් වුණේ එක අතකින් පොඩි මහත්තයාගේ ඇස් වහගෙන අනික් අතින් පොඩි මහත්තයාව ඇදන් දුවන්න විතරයි. හැබැයි ටීචර් නෝනා ඔක්කොම සිද්ධිය දැක්කා”
“එදා අලුත් මහත්තයා රැවුල කපලා ආවෙ හරියටම අපේ ධර්ම්ලිංගම් මහත්තයා වගේ මයි, ඒ විදිහටම කමිස අත නවලා. මං හිතන්නේ ඉස්සර කතාව ඩග්ලස් මහත්තයට එක පාර මතක් වෙන්න ඇති.”
“අප්පච්චි”, මෙච්චර වෙලා කතා නොමැතිව මහා කල්පනාවෙන් උන් ඔහු ම පියාණන් ඇමතුවේ ය.
“අප්පච්චි ඒ ටීචර්ගේ නම ස්වර්ණතිලකා ද ?”
“ඔව් පුතා. කොහොමද පුතා දන්නේ ?”
“මම ඒ ධර්මලිංගම්ගෙයි ස්වර්ණතිලකාගෙයි පුතා අප්පච්චි”
“ආරුෂ්..” මම ඔහුගේ අත අල්වා ගතිමි.
ප.ලි
හැමදාම වගේ මට කතාවක් ලියන්න හේතු වෙන දෙයක් තිබ්බා, ඒ තමා මේක. අපේ කැම්පස් එකේ අයියා කෙනෙක් හැබෑවටම මන්දාරම් නුවර ඉන්නවා, දවසක් එයා දාපු ෆොටෝ එකකට කැම්පස් එකේ අක්ක කෙනෙක් දාපු කමෙන්ට් එකක් නිසා මේ කතාව ලියන්න හිතුවේ.
ඒකෙ තිබ්බේ “අචල, ඔතනින් පල්ලෙහා වෙල්යායේ ඉස්කෝලයක් තියේ නේද ?”
පින්තූරය Pinterest වලිනි
කෝපි කෝප්පය…
මේක නැවතුම ද ?
නෑ…. මම එහෙම කියන්නේ නෑ.
නැත්නම් කොහොමද කියන්නේ ?
බෑ…. මට ඒක හරියටම කියන්න බෑ.
හරි උත්තරයක් දෙන්න.
මං හරිද දන්නේ නෑ නේ.
එහෙනං උත්තරයක් දෙන්න.
මේක උත්තරයක් නැති ප්‍රශ්නයක්.
කෝපි කෝප්පයක් ඕනිද ?
එපා, ඒත් ස්තූතියි !
වතුර උණු වෙනවා.
ප්‍රශ්නයක් නෑ.
උත්තරයකුත් නැත්නම් එතන ප්‍රශ්නයක් තියෙන්න බෑ නේද ?
වාඩි වෙන්න.
බෑ. හැමතැනම ඇවිදින්න ඕනි.
ඇවිදින්න පුරුදු කලේ මම.
පුරුදු කලාට ඇවිද්දේ මම.
ඒක රවුම්.
පෙනුමට කොටුවක්.
නෑ මේ පැත්තෙන් බලන්න. රවුම්.
නෑ. කොටුවක් මනුස්සයෝ.
ඔච්චර සීනී දා ගන්න එපා.
කෝපි එකක් ඕනි ද ?
එපා කිව්වනේ. ඒත් ස්තූතියි.
වෙනද සුවඳටත් දුවගෙන එන කෙනා…
හැමදාම හැම දෙයක් ම එක වගේ තියෙන්නේ නෑ…
දැන් එහෙම කිව්වට එදා පොරොන්දු වුණේ.
“පොරොන්දු”, වචනයක් විතරයි, අගයක් නෑ.
පොරොන්දු වල අගය දන්න මිනිස්සු ඉන්නවා
ඉන්නවා, එක්කෝ කැලෑ වැදිලා නැත්තං අංගොඩ. කෝපි පොඩ්ඩක් බොමු එහෙනං…
ඔයාටත් එක්ක තමයි හැදුවේ… ☺️
Google දෙයියාගෙන් බලෙන් ගත් ෆොටොවක්
දෙනෝ දාහක් සෙනඟ මං දිහා බලාන ඉන්න වග මට නොතේරුණා නෙවෙයි, ඒත් හැබැයි ඒ හැම දෙනාම අපැහැදිලි රූප. මේ අරයා ය මෙයා ය කියලා කියන්නවත් බැරි තරමට ඈත ඉන්නවා වගේ. හැබැයි ඒ තරම්ම දුරකින් නෙවෙයි වෙන්නත් පුළුවන්. මට ඔය ගැන එච්චර වද වෙන්න බෑ. මහන්සියි . ලොකු වැඩක් තියෙනවා . මම හුස්මක් ගත්තා. කාලෙකට පස්සේ නිසා වෙන්න ඕනි පපුවේ සද්දෙ මට ම ඇහෙනවා. මට ඉස්සරහින් රතු බැනියම, මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්න පුළුවන් නොඉවසිල්ලක් ඇරෙන්න මිනිහගේ ලොකු වෙනසක් නෑ, පිටි පස්සේ කවුරු ඉන්නවද කියලා ලොකු අදහසක් මට නෑ, මට ඒ ගැනත් කියන්න පුළුවන් වුණා නම් කියලා හිතෙනවා. කවදා හරි, කොහේදි හරි හම්බවුණු කෙනෙක් වෙන්නත් පුළුවන්.
ජීවිතේ තවත් මොහොතක්….
තත්පරයක් ඉන්න,
රතු බැනියමේ අංකේ දා හතර නේද ?
ලෝකෙ කොච්චර ඉලක්කම් තිබුණත් දා හතර තරම් දැනෙන තවත් ඉලක්කමක් නෑ.
මෙච්චර වෙලා ඇහුණ පපුවේ සද්දේ නැවතුණා….
රතු බැනියමේ කලු පාටින් ලියාපු අංක දා හතර අස්සෙන් මට පරණ මතක වැක්කෙරෙනවා දැනෙනවා…
මට ඉස්සෙල්ලම ඇයව මුණ ගැහුණේ වරාපිටිය පොදු ක්‍රීඩාංගණයෙදි. එදා දිස්ත්‍රික් තරඟ. කට්ට අව්වේ , දුවන සපත්තු දෙකයි වතුර බෝතලෙයි අරං ටැප් එක දිහාවට යාලුවෙක් එක්ක යන ඇයව මගෙ ඇස් ඉස්සෙල්ලම දැක්කේ එතනදි. අහේතුකව ඈ දිහා ම බලා උන්නු මම පියවි සිහියට ආවේ හොඳම යාළුවා වෙච්චි සුගත් අයිස් පලමක් මගේ දික් කලායින්. අයිස් පලමෙන් ඇස් ඉවතට අරං ආයෙම ඇයව හෙව්වත් සෙනඟ අතරේ ඇය අතුරුදහන් වෙලා. මගෙ ඇස් වලට ඒ මූණ මතක තිබුණේ නෑ, ඒත් මගෙ මොළෙ ඇගේ ටී ෂර්ට් නොම්බරේ දා හතර වග මතක තියා ගෙන තිබුණා.
400x4 රිලේ තරඟේ අපි හොඳට කලා. පදක්කම ගන්න කුඩා වේදිකාවට නැග්ගත් මගෙ හිත හෙව්වේ අංක දා හතර, මොලේ දෙන සංඥාව හරි බරපතලයි ඇස් වලට.
“හොයපාං, තව හොඳට බලපාං”
අන්තිමේ කොනට වෙන්න තියෙන ජෑම් ගහක් යට දා හතර දැක්කා, අයිස් පලමක් කනවා.
පදක්කමත් එක්ක එළියට පැන්න ගමන් සුගත් ව ඇදගෙන ජෑම් ගහ යටට ගියේ දා හතරේ මූණ හරියටම මොළේ තැම්පත් කර ගන්න. මගෙ වෙලාවට දා හතර නෑ ජෑම් ගහ යට. ආයෙම මොළෙන් දැඩි සංඥා.
“හොයපාං, තව හොඳට බලපාං”
දා හතර පිට්ටනිය මැද. පදක්කමක් ගන්නවා. මේ පාර ඇස් ඈ දිහාවටම තියාගෙන හිටියා.
“තිසේරා, උඹ අන්තිම ලැප් එක හොඳට කලා පුතා, නැත්තං අපිට ගෝල්ඩ් එක ගන්න ලැබෙන්නෙ නෑ. උඹ මොනාද කාලා ආවේ අද කඟවේණා වගේ දුවන්න”
උර පතු දෙකෙන් අල්ලන ගමන් සිවිල් පිට ඇවිදින් උන්නු ප්‍රින්සිපල් සර් ඇහුවා. වෙනදා වගේම අම්ම කඩවලට දාන්නත් එක්ක හදාපු ඉඳි ආප්පයි කොච්චි සම්බෝලෙයි බඩට දාං ආවෙ කියන්න යැ. මං හිනා වුණා.
“ඊලඟට තමා පුතයො වැඩේ, පළාත් තරඟ ලේසි වෙන්නෙ නෑ. ඊලඟ සඳුදා ඉඳන් හවස පැයක් දෙකක් ඉඳපං සුගත්ල එක්ක. කන බොන වියදං මං දෙන්නම් “.
ප්‍රින්සිපල් සර් බීල ද මං තනියම හිතුවා. සමහර විට සංතෝසෙ වැඩි වෙලා මං හිතන්නේ. අච්චර අමාරුකං තියන ඉස්කෝලේ කොහොමින් හරි ගෙනියන එකා වෙච්චි, අද දිස්ත්‍රික් තරඟ වල තුන් වැනියට වැඩිම පදක්කම් ඒ ගමේ පොඩි ඉස්කෝලේ ගෙනියනවා. පැය ගනන් දණ ගස්සලා තියද්දි දෑත බදලා ගහලා දුවන්න හිතුණත් ඉස්කෝලෙ පොඩි එව්වො ටික බලා ගන්නේ තාත්තෙක් වගේ නේද කියල හිතුණු වාර අනන්තයි. අවුරුද්දේ පෙල පොත් ටික තැපැල් නයින්ටියේ බැඳගෙන දිප්පිටි කන්ද අද්දනවා දැනුත් මතක් වෙනවා.
“හරි සර්” කියලා කෙටියෙන් කිව්වේ දා හතර මඟ ඇරෙයි කියන බයට.
ආයෙමත් දා හතර නෑ. පොඩි වේදිකාව උඩ වෙන කට්ටියක්.
බඩගින්න හිතේ හෝදිසියට වඩා වැඩියි වගේ. සුගත්ව ඇදගෙන ඒ පාර ටැප් එක ලඟ ට ගියේ ආයෙම ගෙදර යනකං අයිස් පලමක්වත් නෑ කියලා හොඳාකාරවම දන්න නිසා. ටැප් එක හරියේ සෙනඟ තවත් වැඩි වෙලා, මූණෙ වතුර ටිකක් උලා ගෙන බස් වලට දුවන්න ලෑස්ති වෙන ගෑනු ළමයි, පිරිමි ළමයි.
ටැප් එක ලඟ මූණට වතුර දා ගන්න දා හතර. මම නැවතුණා. ජීවිතේ දැක්ක ලස්සනම දේ වෙන්න ඕනි. කොණ්ඩ කරල් දෙක යාළුවා අල්ලගෙන. මට හිනා ගියා.
ඇස් හොඳට ඒ මූණ ඇති වෙනකං බලා ගත්තා. අදාල සංඥා අඩුවක් නැතුව මොළේට දුන්නා. “ස්තූතියි” මොළය විසින් ඇස් වලට පණිවිඩයක් එව්වා.
පස්සේ කාලෙක මගේ ආදරවන්තිය වෙලා දා හතර මගෙ මුළු ලෝකෙම වෙනස් කලා නේද කියලා මතක් වුණා. ඒ වෙනකොට ඈ දා හතර නෙවෙයි, ගයනි.
“මනුස්සයෝ, යාළුවෝ එක්ක රස්තියාදු වෙන්නෙ නැතුව රස්සාවක් හොයා ගන්න”
වරාපිටිය බස් ස්ටෑන්ඩ් එකේ දි මට බැන්නා නොබැන්නා ලීලාවෙන් ඈ කිව්වා. මෙච්චර වෙලා හංගගෙන හිටිය ලියුම මම ඈට පෙන්නුවා. ගජබා රෙජිමේන්තුවේ ලාංඡනේ හෙඩිමේ ගහලා තිබුණු ලියුම.
ඒක කියවලා ගයනි ඇස් වල කඳුළු පුරෝගෙන මගේ දිහා බලා හිටියා, දෙන්නටම නිනව්වක් තිබුණේ නෑ ඒ කොයි තරම් වෙලාවක් ද කියලා, නෙවුස්මියර් බස් එක ස්ටාර්ට් කරලා ආව කළු දුම් වලාව නොහිටින්න අපි පැය ගාණක් එහෙම ඉන්න ඇති, කතාවක් නැතුව.
ඊට දවසකට පස්සේ අම්මා ඔතලා දුන්නු බත් දෙකත් අරගෙන පැටියා මාමා, ඒ කියන්නේ මැස්මොරේ හැදිලා ලිඳට වැටිලා අප්පුච්චා මියෑදුණ දා ඉඳන් මට අප්පුච්චා වුණු අම්මාගේ මල්ලි එක්ක මම සාලිය පුර පිටත් වුණා. සාලිය පුර කඳවුරේ කාමර අංක දා හතර මගෙ අලුත් නවාතැන වුණා.
මාස අටක පුහුණුවක් ඊට පස්සේ ක්‍රියාන්විත රාජකාරියට. එහෙමයි ඔක්කොම ලෑස්ති කරලා තිබ්බේ.
සාලියපුරට ඇවිත් මාස දෙකක් ගිය තැනදි අපට පළවෙනි නිවාඩුව ලැබුණේ. ලෝකේ කොහොවත් නෑ ගෙදර තරං කියලා හිතුණේ පළවෙනි නිවාඩුවට ගෙදර ඇවිත් පළවෙනි වතුර පනිට්ටුව ඇඟ දා ගනිද්දි. අම්මගේ අතින් කන බත් ඇටේක වුණත් තියෙන ආදරේ මහ මෙරක් වගේ. පැටියා මාමා තාමත් අම්මව බලා ගන්නවා. ඒක ගැන මට තිබුණේ ලොකු සතුටක්. චීත්ත කෑල්ල ඉහේ ඉඳ පොරවගෙන රෑ තිස්සේ නින්දෙන් කෙඳිරි ගගා නිදා ගන්න අම්ම ගැන මට තිබුණේ අනියත බයක්.
දා හතර, මගෙ ගයනිව හම්බවුණු දා ත් අද වගේ මතකයි. තාමත් මතක් වෙන්නේ කලිං කතා කරගත්ත විදිහට වරාපිටිය බස් ස්ටෑන්ඩ් එකේ දි මං ගයනිව හම්බවෙන්න ගිහින් ඈත තියා අත වැනුවත් ගයනි ගණන් නොගෙන හිටිය විදිහ. පස්සේ තමා තේරුණේ නෝට් එකට කොණ්ඩේ කපලා, හිටියගෙන් භාගයක් වෙලා හිටි මාව අම්මට ඇරෙන්න වෙන කාටවත් අඳුරගන්න බැරි වග.
ඊළඟ නිවාඩුව ලැබෙන්න තව කල් තියෙන නිසා මං ඇති වෙනකං ගයනි එක්ක කතා කර කර හිටියා, කතා කලා කිව්වට අපි කලේ මූණ දිහා බලන් හිටිය එක, මහා ආදරයක් හිතේ හංගගෙන මූණ දිහා බලා ගෙන ඉන්න එක අපේ කතාවේ හොඳම කොටහ කියලා මට අදටත් හිතෙනවා.
ඊලඟ නිවාඩුවට එනකං අම්මට පරිස්සමින් ඉන්න කිව්වට ඒක වුණේ නෑ. නිවාඩුවට කලින් මම ආවා, අම්මගේ අවසන් කටයුතු වලට. හදිසියේ හැදුණු පපුවේ කැක්කුමට ගා ගත්ත සිද්ධාර්තේ විතරක් ඇඳ ලඟ බිම ඈගේ තනියට අන්තිමට තිබිලා තියෙනවා. ඒක මගේ ජීවිතේ ලොකුම පරාජය වුණා, අදටත් ඒ වරදකාරි හැඟීමෙන් මට මිදෙන්න බෑ. ගෙදරින් වුණු පොඩි පොඩි බලපෑම් හිංදා ගයනි ආවේ අන්තිම දාට විතරයි, සුගත්, පැටියා මාමා නොහිටින්න ඒ කිසිම කටයුත්තක් හරියාකාරව කර ගන්න වෙන්නේ නෑ.
අටවෙනි මාසේ අග විසිර යාමේ උත්සවයට එන්න මගෙ කියලා කිසිම කෙනෙක් උන්නේ නෑ. ගයනිට ගෙදරින් එන්න දුන්නේ නෑ, පැටියා මාමටත් දුර ගමන් තහනං කරලා තිබ්බේ. සුගත් දියතලාවේ එයාර්ෆෝස් කෑම්ප් එකේ පුහුණුව. ඊට අමතරව කියන්න තරං කෙනෙක් මගෙ ලෝකෙ හිටියෙත් නෑ. ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර්ව මතක් වුණත් ඒ මනුස්සයට කරදර කරන්න ඕනි නෑ කියලයි හිතුණේ. අන්තිමේ පුහුණුව භාර සර් තමයි මගෙ බැජ් එක පැලඳුවේ, මං අනික් උදවිය දිහා බැලුවේ නෑ, කොච්චර හිත හයිය කරගෙන හිටියත් මට ඇඬෙන්න ඉඩ තිබුණා.
පුහුණුවෙන් පස්සේ කෙලින්ම යාපනයට, ගජබා රෙජිමේන්තුවේ දා හතරවෙනි බලකායට. යාපනය කොටුවට. සුගත්ගෙ නමට මම යවන ලියුම් ගයනි එයාගෙ යාලුවෙක් ලවා ගෙන්න ගන්නවා, මට එවන ලියුම් ඒ යාලුවාම තැපෑලට දානවා. ලියුම් ගණුදෙණුව එච්චරම ලේසි වුණේ නෑ. හැබැයි ඒවගෙ දහසකුත් බලාපොරොත්තු පොදි ගැහිලා තිබුණා.
මම යාපනයට ගිහින් මාස දෙකක් ගිය තැන ටෙරාල අපිව වට කලා. මං අදටත් ආවර්ජනය කරන්න අකමැති මතකය. දවස් දා හතරක් කැලේ නොදන්න තැනක කොටු වෙලා හිටිය මං බිමට වැටුනු වැහි වතුර ටික ලෙව කාලා මැරෙන්නෙ නැතුව හිටියා. දා හතර වෙනි දවසේ මම ටෙරාලට කොටු වුණා. එකපාර මැරුව නම් එකක් කියලා හිතෙන තරමට වද ඒ මොහොතේ ඉඳන් විංඳා. හැරෙන්න කරන්නවත් බැරි කටු කම්බි වලින් හදාපු වධකාගාර වල පැය විසි හතරම හිටන් ඉඳලා, ඇඟේ කිසිම මාංසයක් වැඩ නොකරන ගාණට තිබුණේ. දවසක් බැරිම තැන කටු කම්බි ටික ඈත් කරලා පනින්න හිතුණේ මොකද කියලවත් මම දන්නේ නෑ, අන්තිමට වුණේ අත බරු ගිය එක විතරයි, ඇඟේ තිබුණු ලේ ටික නාස්ති වුණ එක විතරයි. තුවාලේ වේදනාවට කෑගහන හැම වෙලේ ම මොකෙක් හරි එකෙක් ඇවිත් තවත් පාගලා තුවාල පාරලා යනවා.
කොහේදෝ තිබුණු වාසනාවක් නිසා මමත් ඒ කොටි තිප්පොලේ හිටිය අනික් සහෝදරයො හතර දෙනාවත් අපේ බලකායෙන් ම ඇවිත් බේර ගත්තා. එතකං හරියටම මාස දා හතරක් අපි මේ තැන වධ වින්ඳා. ඒ වෙද්දි ඇඳි වතවත් අපට තිබුණේ නෑ, වැඩියෙන් ම අමාරු වුණේ මට, බරු ගිය අතට හරියාකාර බෙහෙතක් වැටුණේ නැති නිසා පණු පොකුරු වැටෙන ගාණට තිබුණේ.
අන්තිමේ පලාලි වලින් කොළඹ ගෙනත් අත කැපුවා, මං හිටියේ දා හතර වාට්ටුවේ. ආයෙමත් වතාවක් සුගත්ගෙ නමට ගයනිට මම ලියුමක් ලියා ගත්තා. හිතේ තිබුණු ඔක්කොම ඒකෙ ලිව්වා කියලයි මට හිතුණේ. ලියුමට උත්තර ආවා, තවත් ලියුමක් නෙවෙයි, සුගත් කොළඹ දුවගෙන ආවා. මං වෙනුවෙන් පාංසකූලේ දුන්නු වග සුගත් කිව්වේ තුන් හතර වතාවක් මාව බදා ගත්තයින් පස්සේ. කොටුවේ සටනින් පස්සේ මම නැති වුණා කියල හිතපු ගයනි වෙන කෙනෙකුගෙ දරුවෙක් කුසේ දරාගෙන ඉන්න වග ත් සුගත් කිව්වා. මට මහ හයියෙන් ඇඬුණා. අපේ දරුවා පිරිමි ළමයෙක් වුනොත් අපූර්ව කියල දාමූ, ගයනිගෙ ලියුමක තිබුණා මතක් වුණා. ඒ නම එයා කියවපු පරිවර්තන පොතක තිබුණු නමක් කියලා කිව්වේ.
කොළඹින් රාගම රණ විරු සෙවණට මාව ගෙනිච්චා. සාමාන්‍ය කටයුතු කරන්න පුලුවන් වුණු තැනදි මාව එහෙ කටයුතු වලට තියා ගත්තා, වේදනාවෙන් ඉන්න මගේ ම සහෝදරයින්ට අත්වැලක් වෙන්න ලැබුණු එක පිනක් එක අතකට. රණවිරු සෙවණේ සර් කෙනෙක්ම “දවසක් ආයෙත් අපි දුවමුද තිසේරා” කියලා ඇහුවා, මට පුදුමත් හිතුණා. “තිසේරගේ ෆයිල් එකක් මට ලැබුණා. හරි මිනිහෙක් නෙ අපට ඉන්නේ. හෙට ඉඳන් ප්‍රැක්ටිස් කරමු.” බස්නායක සර් ඔක්කොම තීරණය කලා..
ඒත් දිප්පිටිය ගමේ ඉස්කෝලෙ පිට්ටනියෙ දුවපු තිසේරා හිටියේ නෑ. පැය ගණන් එකම ඉරියව්වෙන් හිටි නිසා දුර්වල වුණු කෙණ්ඩා ආයෙ ම ඉස්සර වගේ දුර දිවිල්ලට හයියක් වෙන්න තරමට තිබ්බේ නෑ. බස්නායක සර්ටත් දුක හිතිලා හිටියේ, වචනෙන් නොකිව්වට ඒ වග මං දැනන් හිටියා. පස්සේ සර් ම තීන්දු කරලා මට දුර පනින්න පුළුවන් ද බලන්න කිව්වා. පළවෙනි වතාව ලේසි වුණේ නෑ, ඒත් හිතේ කොනක තිබුණා කොහොම හරි මේ දේ කරන්න ඕනි කියලා, මොකද පිට්ටනියෙදි විතරයි පරණ මතක මාව කුසීත නොකරන්නේ.
උදේ වරුවට පැවරිලා තියෙන කටයුතු ඉවර කරලා පිට්ටනියේ රෑට රෑ වෙනකං ඉන්න එක පුරුද්දකට ආවා, ඒ හැම හැන්දෑවක් ම අම්මගෙ හරි ගයනිගෙ හරි මතක වෙනුවෙන් මම වෙන් කලා….
ඒ පුරුද්ද මාව දුර පැනීමේ හපනෙක් කරලා තිබුණා.
“ඩබ්ලිව් බී තිසේරා, නොම්බර හැට හතර , ගජබා රෙජිමේන්තුව, T47 කාණ්ඩය”.
මචං උඹ ඊළඟට පිටිපස්සේ හිටි කෙනා මට තට්ටුවක් දාල කිව්වා.
මෙච්චර වෙලා වැක්කෙරුණ මතක ගංඟාවට තිත.
ආයෙමත් පපුව සද්දෙන් ගැහෙනවා, හැබැයි මෙච්චර වෙලා තිබුණු හිතේ මහන්සිය නෑ. වැක්කෙරුනු මතක එක්ක ලොකු ගැම්මක් ආවා.
මම සීමාවට ගියා…..
පපුව පිරෙන්නම හුස්මක් ගත්තා…
සැරසෙන්… වේන්… තඩ්…
දිව්වා… දිප්පිටිය ගමේ ඉස්කෝලෙ තිසේරා දිව්වා…
අන්තිම ලී පටියට කකුල තිබ්බා….
ඔක්කොම මතක හෑල්ලු වෙන්න කියලා හිතා ගෙන පැන්නා…
කාත් කවුරුවත් නැති…
මතක වල බරක් නැති
තිසේරා පාවෙනවා….
පිච් එකේ වැලි දෙබෑ කරගෙන තිසේරා වැටුණා….
ඔක්කොම ඔලුවේ අත තියා ගෙන…
තිසේරා නැඟිට්ටේ නෑ… හැබැයි පුළුවන් එකම අතෙන් වැලි මිටක් තදින් අල්ල ගත්තා.
“ඩබ්ලිව් බී තිසේරා, නොම්බර හැට හතර , ගජබා රෙජිමේන්තුව, T47 කාණ්ඩය , මීටර් හයයි දශම දෙකයි නවය, පැරා ඔලිම්පික් තරඟ සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සම්පූර්ණ කර ඇත”
පින්තූරේ AyshMarQ ගේ Instagram ගිණුමෙන් ඉල්ල ගත්තේ. කතා කරන පින්තූර බලන්න ඕනි නම් ඒ පැත්තේ රවුමක් දාල එන්න.
ප. ලි:
කාලෙකින් ඊයෙ වැස්සා. පාන්දර ඉඳලා වැස්සා, හවස් ජාමෙ වෙනකොටත් අහස විඩෙන් විඩේ ඇඬුවා. කෝච්චි හරියට දුවන කං කියලා කොළඹ ඉන්න මට මොනවා හරි ලියන්න ඕනි කියලා හිතෙන තරමට සීතල දවසක් . කෝපි කෝප්ප තුනක් හතරක් එක්ක Love Aaj Kal ෆිල්ම් එකේ Mehrama කියන සිංදුවයි Malang ෆිල්ම් එකේ Chal Ghar Chalen කියන සිංදුවයි on repeat දාල අහන ගමන් ලියපු තිසේරගෙ කතාව.
දහසක් බුදුන් බුදු වෙන මහා පාන්දර සේපාලිකා මල් විසිරුණු දෙවැට දිගේ බෙල්ල ගැට අක්කලැහෙ ගෙවල් දිහාවට පොඩිනා කෑලි දෙකේ බැටරියත් අරගෙන හිමින් ඇදුණේ නිලමේ ගෙදර කිරි අම්මලගේ දානේට යන කිරි අම්මලා හත් දෙනාට එක්කහු වෙන්න කියලා බෙල්ලේ ගැට අක්කා මීට දෙතුන් දොහකට කලින් ගෙදට්ටම ඇවිත් කියාපු නිසා. හතේ කණුවේ මැගිලින්, එයාගෙ ලොකු දුවට දරුවා හම්බෙන්න ලඟ නිසා තිස්සමහාරාමේ බෑණලගේ ගෙදර ගියේ පහුගිය බුරාස්පතින්දා. නැත්තං පොඩිනා වෙනුවට මැගිලින් තමා කිරි අම්මලා හත් දෙනාට එකතු වෙන්නේ. බෙල්ලේ ගැට අක්කගේ කිරි අම්මාවරු කල්ලියෙන් කාට හරි එන්න විදිහක් නැත්තං පොඩිනා ඒ අඩුව පුරවනවා. පොඩිනා කාලෙකින් සුදු සාරිය ඇන්ද නිසාද මංදා වෙනදට වඩා වෙලාවක් දෙවැට පහුකරන්න ගත වුණා. එළිය අඩු වුණු නිසා දෙපාරක් විතර බැටරිය අල්ලට ගහගත්තු පොඩිනා පය ඉක්මන් කලා. දෙවැටින් එහා පැත්තේ කෝච්චි පාර, තමන්ගේ එකම වස්තුව වුණු පොඩි එකාව දෙවැටින් මෙහාට එවන්නේ නැත්තේ මේ කෝච්චි පාර නිසා, දැනටමත් තමන් දන්න කියන දෙතුන් දෙනෙක් ම යකඩ යකාට බිලි වෙච්චි. හැබැයි කෝච්චි පාරටත් වඩා පොඩිනගේ හිත මොහොතකට නතර කරපු තැනක් කෝච්චි පාරට එහා පැත්තෙන් තියෙනවා, ඒ මොරටු මහත්තයාගේ සොල්දර ගෙදර. කෝච්චි පාර, සොල්දර ගෙදර, මොරටු මහත්තයා, පොඩිනා එක කතාවක ලොකු කොටස් කාරයෝ.
පොඩිනා මහරච්චිමුල්ලට දීග තල ආවේ ජේවිපී කලබල කාලේ. සිරිදාස කිව්වේ කලබල නිසා මඟුල සුළුවට කරමු කියලා. පස්සේ තමයි පොඩිනට තේරුණේ ඒ සිරිදාසගේ බොරු වලින් තව එකක් කියලා, විය පැහැදම් ගැන අමුතු ලෝභ කමක් තිබුණු සිරිදාස ඇට් හෝම් එකක්වත් නැතුව මහරච්චිමුල්ලට පොඩිනව ගෙනාවා. ජීවිතේ ලොකු බලාපොරොත්තු නොතිබිණු පොඩිනට ඒක මහ දෙයක් වුණේ නෑ. අනික් මොන වියදමක් වුණත් සිය දහස් වාරයක් හිතලා කරන සිරිදාස ලොක්කි මැණිකගේ කසිප්පු තිප්පොලේදි නම් අනේපිඬු සිටාණෝ වෙන වග පොඩිනට කිව්වේ සිරිදාසගෙ එක කුස උපන් අක්කා, කාන්ති.
“අපි හදා ගන්න බැලුවා නංගියේ ඒත් සිරිදාසයා අයාලෙමයි ගියේ” කියලා විඩෙන් විඩේ පොඩිනගෙන් සමාව ඉල්ලන්න තරං කාන්ති පොඩිනා ගැන දුක් වුණා. කාන්ති ඇත්තටම දුක් වුණේ නෑන කෙනෙක් හැටියට නෙවෙයි, එක කුස උපන් සහෝදරියක් වගේ. මත්වතුර ටිකක් බීඩියක් කටේ තියන්නේ නෑ කියලා එක්ක ආව පොඩිනව පළවෙනි රෑ ම තනි කරලා ගමේ එක පළලේ ඈයොත් එක්ක එළිවෙනකං රා බීපු සිරිදාස සතියක් යන්න කලිං පොඩිනත් එක්ක රණ්ඩුවත් පටං ගත්තා.
කර කාර ඇවිදින් සති තුනක් විතරම කන්‍යාවක් ම වෙලා හිටි පොඩිනා අන්තිමේ ගැහැණියක් වුණේ කට ගොන්නක් බී ගෙන ආපු සිරිදාසවත් පොඩිනවත් කාන්තිලහ ඉස්තෝප්පු කාමරේ අඟුලු දැම්මයින්, ඒකත් පොඩිනගේ උවමනාවට සිද්ධ දෙයක් මිස සිරිදාසගේ හිතේ කොනකවත් තිබුණු දෙයක් නෙවෙයි කියලා පොඩිනට තේරුණේ උදැහැනැක්කේ රා බීපු ඌරා වගේ දෙලහෙන්න ගත්ත සිරිදාස නිසා. පරළ වුණු සිරිදාස කිව්වෙ ම ළමයෙක් හිට්ටොත් කන්න දෙන්නේ මොනවද කියන එක. ඒත් සිරිදාසට පරම්පරාවෙන් උරුම වෙලා තිබුණු දේවල් එක්ක ඒක අමාරු වැඩක් නොවෙන වග පොඩිනා දැනන් හිටියා. මේ කියන දවසින් සතියක් යනකං සිරිදාස නෙවෙයි ගෙදර පස් පෑගුවේ. කාන්ති නොහිටින්න පොඩිනා එදා ම අම්මල ලඟට ගිහින්. කාන්ති පොඩිනගේ හිත හැදුවා, ඒත් තමන්ගේ ජීවිතේ අමාරුම කාලේ පටන් ගත්තා විතරයි කියලා පොඩිනා දැනන් හිටියා. දීගේ අතෑරුණු කාන්ති පොඩිනගෙ හයියට ටිකක් හරි ඉඳිවි කියලා පොඩි බලාපොරොත්තුවක් පොඩිනගෙ හිතේ තිබුණා.
සිරිදාස එක්ක ගත වුණු අවුරුදු ගානවත් පොඩිනා ගණන් කලේ නෑ. හරිම ඒකාකාරී ජිවීතයක් අස්සේ හිර වුණු පොඩිනා පොඩි එකෙක් ගැන නොහිතුවා ම නෙවේ. ඒත් ඒ කිසිම දෙයක් ගැන වගේ වගක් නැතුව සිරිදාස ඒ කාලේ වගේ ම කාණ්ඩෙත් එක්ක ලොක්කි මැණිකෙගෙ තිප්පොලේ කසිප්පු බීගෙන හිටියා, වත්ත පිටියෙන් එන ආදායම නොතිබෙන්න, ඒ ආදායම හරියාකාරව බෙදලා දෙන කාන්ති නොහිටින්න පොඩිනා හාමතේ මැරිලා. අම්මලගේ සනුහරෙන් ලැබෙන්න ඇතැයි කියලා තාමත් අම්මට පින් දෙන පොඩිනාගේ හිතේ හයිය ගැන නං කාන්තිත් ඕනි වෙලාවක අලගු තියා වි.
පොඩින ගෙ විතරක් නෙවෙයි ගමේ කාගෙ කාගෙත් ජීවිත වෙනස් වුණේ මොරටු මුදලාලි ගමට ආවයින්. පාලුවට ගිහින් තිබුණු සොල්දර ගෙදර මොරටු මුදලාලිගෙ පරවේණියක් කියලා පොඩිනා දැන ගත්තෙත් මොරටු මුදලාලි ගමට ඇවිත් දවස් දෙක යද්දි සොල්දර ගෙදර ලකේට හරි ගස්සල ගත්තැයින්. මොරටු මුදලාලිගෙ අම්මා, අප්පොච්චා විතරක් නෙවෙයි එක කුස උපන් අයියත් මොරටු මුදලාලිට නැති වෙලා තියෙන්නේ මොරටු මුදලාලිගෙ මංගල්ලේ සිද්ධ වෙච්චි දා වෙච්චි අබග්ගේ නිසා. කාන්ති තාමත් ඒ ගැන දෙලහෙන්නේ තමන්ගේ කෙනෙක්ට වෙච්චි කරදරයක් වගේ. මොරටුවට බින්න බැස්ස නිසා ම මොරටු මුදලාලි කියලා නම වැටුනට මංගල්ලෙට කලියෙන් ගමේ ඈයො කිව්වේ කිව්වේ සිරිමෙවන් බණ්ඩාර මහත්තයා කියලා. මොරටුවේ ලී මුදලාලි කෙනෙක්ගෙ දුවෙක්ට බහ දීපු සිරිමෙවන් බණ්ඩාර මොරටු මුදලාලි වුණේ මාමණ්ඩිගේ ඇවෑමෙන්.
සෑහෙන කාලෙකට ගමට නොආපු මොරටු මහත්තයා එක පාරටම ගමට ආව එක, ආපහු සොල්දර ගෙදරම නැවතුණු එක ගමේ ගොඩක් උන්දැලට ප්‍රශ්නයක් වුණා, කොටින්ම කාන්ති පොඩිනගේ ගෙදර එන හැම වතාවෙම මොනා හරි ඕප දූපයක් තිබුනා කියන්න. ගමේ මිනිස්සුන්ගේ කතා, කාන්තිගෙ වරුණා අහගෙන ඉඳලා පොඩිනටත් හිතේ ලොකු ආසාවක් තිබුණා මේ මොරටු මහත්තය කවුද කියලා බලා ගන්න. පොඩිනට අන්තිමේ ඒකට මඟ පෑදුණේ අහම්බෙන්. ඒ ලොක්කි මැණිකගේ කසිප්පු තිප්පොලේදි සිරිදාසට මොරටු මහත්තයා මුණ ගැහිලා ගෙදර වැඩට කීපදෙනෙක් හොයල දෙන්න කියපු නිසා. වෙරි මරගාතේ ගෙදරට ආපු සිරිදාස පොඩිනට කිව්වේ “මොරොට්ටගෙ ගෙදර වැඩපොල කරගන්න ගෑණු හොයනවා, බොට යන්න ඇහැකිනේ කාන්ති එක්ක ආයේ ගෙදරට වෙලා බත් ගිල ගිල ඉන්න එකේ”. නිකමා වගේ බත් ගිලින්නේ කවුද කියලා කියන්න කටට ආවත් පොඩිනා නෙවෙයි වචනයක් කීවෙ, ඒ වෙරි මරගාතේ ඉන්න සිරිදාසගෙන් කාපු ගුටි වල රස තාම මතක නිසා. ඊටත් වඩා මොරටු මුදලාලි කවුද, සොල්දර ගෙදර කොහොමද කියලා බලා ගන්න තිබ්බ උවමනාව නිසා. අනික කාන්ති යන ඕනි තැනක බය නැතුව යන්න ඇහැකි.
නමෝ විත්තියෙන් පහු වෙනිදම කාන්ති එක්ක පොඩිනා සොල්දර ගෙදරට ගියේ ලඟ තිබුණු හොඳම චීත්ත පොඩිය සුරුවමට ඇඳගෙන. ඒ මොරටු මහත්තයා දකින්න ද නැත්තං සොල්දර ගෙදර තිබ්බ මහා රාජ ඌෂ්නෙ නිසාද කියලා අදටත් පොඩිනා දන්නේ නෑ. මොරටු මහත්තයා දකින්න කියලා ගියාට මොකෝ නිකමටවත් උන්දැව දෑහට දකින්න වුණේ නෑ. මොරටුවෙන්ම ආව තේගිරිස් වැඩට ආව ඈයින්ව ආං බාං කලා මිසක්ක එක විනාඩියකට මොරටු මහත්තයා පෙනුමට ආවෙ නෑ.
ඔයාකාරයෙන් දවස් හතක් ගිය තැන තේගිරිස් උන්නැහැ ඕනිම වැඩපොලකට කාන්තිව හරි පොඩිනව හරි යොදා ගන්න තරමට විශ්වාසෙ දියුණු වුණා. ඒත් කාන්තිවත් පොඩිනවත් නෙවෙයි මොරටු මහත්තයව දැක්කේ. වෙලාවෙන් වෙලාවට යන කෝච්චිය ඇර වෙන හාවක් හූවක් ගේ ඇතුලේ නෑ.අට වෙනි දවස වෙද්දි ආරංචිය ආවා. මොරටු මහත්තයා ආයෙම මොරටුවට ගිහින්, තේගිරිස් කිව්වේ නෝනා පොඩ්ඩගේ තුන් මාසෙ දානෙ කටයුතු වලට මොරටුවට ගියා කියලා. ආයෙමත් කාන්ති දෙලහෙන්න ගත්තා අනේ දෙයියනේ මේ මොන අබග්ගයක්ද කියලා. දරු මල්ලොත් නොහිටිය මොරටු මහත්තයා අන්තිමේ තනි වුණා නේද කියලා ගමේ ගොඩේ කතා පැතිරුණා. සිරිදාස නං හැමවෙලේම කිව්වේ “මොරොට්ට වඳ ඇති අපේ ගෑණි පොඩිනා වගේ” කියලා.
දවස් දහයක් ගත වුණේ පොඩිනගෙ හිතේ “මොරටු මහත්තයා” කියලා රූපයක් මවන ගමන්, ගමේ ගොඩේ කතා, තේගිරිස්ගේ වර්ණනා එක්ක ඒ රූපේ මවා ගන්න පොඩිනගෙ හිතට පුලුවන් වුණා, හැබැයි ඒක පොඩිනට ම පුදුමයක් වුණා, ඒ කවදාවත් නැතුව එක රූපයක් හැබැහින් බලා ගන්න මෙච්චර බලාපොරොත්තු ඇයි කියලා. සමහර විට මොරටු මහත්තයගේ ජීවිතේ වෙච්චි අහිමි වීම් පොඩිනගෙ හිතේ යම් විදිහක ආකර්ෂණයක් ඇති කරන්න ඇති.
අන්තිමේ එක හැන්දෑවක රතු පාට මොරිස් මයිනරේ සොල්දර ගෙදරට ආවා. තේගිරිස්ගේ ඉල්ලීම මත රෑට ව්‍යංජං කීපයක් එක්ක බතක් ලෑස්ති කරන්න කුස්සි කෑල්ලේ ඔට්ටු අල්ලපු කාන්තියි පොඩිනයි මොරිස් මයිනරේ සද්දෙට හොඳට කන් දුන්න. ඒත් එක්කම තේගිරිස් කුස්සියට එබුණේ හොඳවයින් ඉඟුරු දාපු කහට එකක් මොරටු මහත්තයගේ කාමරේට ගේන්න කියලා කාන්තිට කියන්න. කාන්තිත් දන්න සූත්තර ඔක්කොම දාල ඉඟුරු දාපු තේ එක හැදුවේ නිකමට හරි රස නැති වුණොත් ආය රාජකාරි කරන්න මෙහෙ එන්න ඕනි නෑ කියලා මොරටු මහත්තයා කියාවි කියන බයට.
හැබැයි පොඩිනා තවමත් තමන්ගේ හිතුවිල්ලේ. උදේම කාමර ඔක්කොම ආයෙම ඇතිරිලි දාල අස් කරන්න දුන්නු වෙලේ මොරටු මහත්තයගෙ කාමරේ විතරක් කෝච්චි පාරට පේන්න කවුළුවක් හදා ගත්තේ ඇයි කියලා, පොඩිනා තවමත් කල්පනා කරනවා. ඒ ජනේලෙ නිකං කියවලා හදවලා වගේ. ඉර මුදුන් වෙන්න පැයක් වගේ තියෙද්දි හැමදාම යන කෝච්චිය අද ගියේ පොඩින ඒ කෝච්චිය දිහා මොරටු මහත්තයාගේ කාමරේ ජනේලෙන් බලාන ඉද්දි.
අන්තිමේ පඩි පෙල දිගේ බැහැගෙන එන මොරටු මහත්තයව පොඩිනා දැක්ක. පොඩිනගේ හිතේ තිබුණු පෙනුමට වෙනස් වුණත් පොඩිනා හිතපු විදිහේ හිනාවක් මොරටු මහත්තයට තිබුණා, ඒ ඇස් ඇතුලෙන් පේන දුක වහගෙන ඇස් වලින්ම හිනා වෙන එක. පොඩිනට මේක විශේෂ දවසක් වුණත් වැඩට ආව තවත් උන්දැ කෙනෙක් කියලා මිසක් මොරටු මහත්තයට ලොකු විශේෂයක් පොඩිනගෙ දැනුණේ නෑ. හැබැයි මොරටු මහත්තයටත් පොඩිනව විශේෂයෙන් දැනුණු දවසක් ඉක්මනට ම ආවා, ඒ මොරටු මහත්තයා ගෙදරින් පිටත් වුණු වෙලාවක කාමරේ අස් කරන්න කියලා ගිය පොඩිනා කෝච්චිය එනකං කවුළුවෙන් බලා ඉද්දි. අමතක වුණු ලියුම් කරදහියක් ගන්න ආයෙම එන්න වුණු මොරටු මහත්තයා දැක්කේ තමන්ගේ ඇඳ ඇතිරිල්ල දෝතින් ම බදා ගෙන ජනේලෙන් කෝච්චි පාර දිහා බලා උන්නු පොඩිනව. ජනේලෙන් ආව ඉර එලියත් එක්ක අමුතු ලස්සනක් මොරටු මහත්තයට දැනුණා. සද්ද නොකර ඒ දිහාම බලා උන්නු මොරටු මහත්තයට හිනා ගියේ ඒත් එක්කම ගිය කෝච්චියට අත වනාපු පොඩිනව දැකලා, පොඩි එකෙක්ගෙ සතුට ඒ හැම ඉරියව්වකම තිබ්බා. “කෝච්චියේ කවුරුත් ඔහේව දකින්නේ නෑ “ මොරටු මහත්තයගෙ කතාවට කලබලෙන් හැරුණු පොඩිනා කාමරෙන් දිව්වේ සමාව ඉල්ලන්නවත් වචන එන්නෙ නැතුව උගුරෙ හිර වෙච්චි නිසා. ඒත් ඒ හැමදේකම ලස්සනක් මොරටු මහත්තයා දැක්කා. මොරටුවෙන් හිර ගත්ත නෝන පොඩ්ඩ ඇර වෙන කා ගැනවත් ලොකු ආසාවක් නොතිබ්බ මොරටු මහත්තයට පොඩිනව හිතෙන් අත් ඇර ගන්න බැරි වුණා. නෝනගෙ අසනීපෙ නිසා ආම්බාන් කරගන්න වුණු සිතුවිලි ඔක්කොම එක පාර වාන් දාන වගකුත් මොරටු මහත්තයට දැනුණා.
වැඩිමනත් කල් යන්න කලියෙන් මොරටු මහත්තයගෙ “සියළු අවශ්‍යතා” ඉෂ්ට සිද්ධ කරන්න පොඩිනට රැයක් දවාලක් නැතුව සොල්දර ගෙදර ඉන්න වුණා. තේගිරිස් උන්නැහෙයි කාන්තියි ඇරෙන්න මේ අලුත් ආදර කතාව ගමේ ඈයො දැනන් හිටියේ නෑ. පොඩිනා රෑට රෑ වෙලා ගෙදර ආවත් සිරිදාසට නෙවෙයි වගේ වගක් තිබුණේ. ඇරත් කාන්ති පොඩිනත් එක්කම හිටි නිසා ලොකු දෙයක් සිරිදාසට තේරුණේ නෑ.
මොරටු මහත්තයත් පොඩිනත් අතර තිබ්බ සම්බන්ධේ නිකං ශාරීරික සම්බන්ධතාවයක් කියලම කියන්න බෑ. මොකද දෙන්නගේ ලොකුම ආසාව වුණේ කෝච්චි පාර දිහා බලාන කතා කර කර ඉන්න එක. කෝච්චි පාර දිගේ ඇවිදගෙන යන කෙනෙකුට නං කොහොමවත්ම මේ දෙන්නා නොපෙනුනාට කෝච්චියේ යන කෙනෙකුට මෙයාලව දකින්න පුළුවන් වෙන තරමේ පොඩි ඉඩක් තිබුණා. ඒක එහෙම වෙන්න ඉඩ බොහොම අඩු වග මොරටු මහත්තයා කලින් ම පොඩිනට කියලා තිබුණේ, ඒ නිසාම පොඩින නෙවෙයි කෝච්චි පාර පයිසෙකට මායිම් කලේ. ඇරත් දවසටම කෝච්චි තුනක් විතරක් යන පාරක් වෙච්චි. පොඩිනගේ ජීවිතේ වෙච්ච හැල හැප්පීම්, කරදර, බලාපොරොත්තු සුන් වීම් කවදාවත් නැතුව මොරටු මහත්තයගේ ඉස්සරහ වචන වලට හැරුණා. මොරටු මහත්තයාගේ හිතේ තිබුණු දුක සාංකාව පොඩිනත් එක්ක විතරක් බෙදා ගත්තා. කඹ වාගෙ රත්තරං මාල හයක් හතක් දාගෙන ඝනවට වැඩුණු උඩු රැවුලක් කරකවලා රෞද්‍ර වේශයෙන් කතා කරන මොරටු මහත්තයාගේ ලාමක හිත පොඩිනට අලුත් මොරටු මහත්තයෙක්ව පෙන්නල දුන්නා. ඒ හරියටම හැබැහින් මොරටු මහත්තයා දකින්න කලියෙන් පොඩිනා හිතේ මවා ගත්ත කෙනා වගේ.
එදා උදෙත් වෙනදා වගේ ම මොරටු මහත්තයගෙ පපුව අස්සේ හිර වෙලා හයයි හදයේ කෝච්චිය එනකං බලා උන්නු පොඩිනට කවදාවත් නැතුව මොරටු මහත්තයගේ සුරුට්ටුවේ ගඳ අපුලට දැනුණා. මැදින් මහේ අග නිසා පාන්දරට තිබුණෙත් ලොකු ඌෂ්ණයක්. සුරුට්ටුවේ අපුල එන්න එන්නම වැඩි වෙලා ඔක්කාරෙට එන වග පොඩිනට තේරුණා. කටත් අතින් වහගෙන පහලට දුවගෙන ආව පොඩින පස්සෙන් මොරටු මහත්තයත් දුවං ආවා. කලබලේ ඇහිලා ලිඳ ගාව අඟුරු කෑල්ලක් හප හපා හිටිය තේගිරිසුයි කුස්සි කෑල්ලට අල්ලලා හදලා තිබුණු කාමරේ නිදං හිටිය කාන්තියි එකපාර දුවං ආව. මේ කිසි දෙයක් ගැන තේරුමක් අනික් තුන් දෙනාටම නොතේරුණාට කාන්තිට පලවෙනි බැල්මෙන්ම මේ කාරණය තේරුණා. පොඩිනට දරුවෙක්!!! තාත්ත මොරටු මහත්තයා කියන එක අවුරුදු දහයක් තිස්සේ පොඩිනගෙ දුකට සැපට හිටි කාන්තිට රහසක් වුණේ නෑ.
පොඩිනා අමාරුවෙන් ඔලුව උස්සල බලද්දි මොරටු මහත්තය ඇරෙන්න අනික් දෙන්නම ඇස් වල කඳුලු තියාගෙන පොඩිනා දිහා බලාගෙන ඉන්නවා. කට පොඩියක් හෝදගත්ත පොඩිනා හිමින් සැරේ මොරටු මහත්තයගේ කාමරේට ගියා. ජනේලෙට අත තියාගෙන කෝච්චි පාර දිහා බලාගෙන මොරටු මහත්තයා කල්පනාවක. කමිසෙත් නැති පිට දිගේ දාඩිය හැලෙන්නේ වතුර බාල්දියක් නාල වගේ. පොඩින ගත්තු හුස්මවල බර කමටද මංදා මොරටු මහත්තයා ආයෙම හැරිලා බැලුවා. ඒ ඇස් වල කඳුළු, පොඩිනට ඒක දැකල ඇඬුම් ආව සොරොව්ව ඇරිය දාක වගේ. ඇඬුම මැද්දෙම මොරටු මහත්තයා පොඩිනව ලඟට අරං ඉම්බා, ඒත් එක්කම විනාඩි පහක් පමා වෙච්චි හයයි දහය කෝච්චියත් හූ හඬ තලාගෙන ගෙන ගියා. මොරටු මහත්තයාගේ තුරුළේ ඉඳන් කෝච්චිය දිහා බලාන උන්නු පොඩිනා දක්කේ කවදාවත් නැතුව කෙනෙක් කෝච්චියේ ඉඳන් සොල්දර ගෙදර ජනේලෙ දිහා බලාන පුදුමෙන් උන්නු හැටි. පොඩි මොහොතකට පොඩිනට හිතුනා මේ වෙච්චි මුළු කතාවම ඒ බලා හිටි කෙනාට කියන්න පුළුවන්නම් කියලා, කියලා හිත නිදහස් කරගෙන ආයෙම ඊයෙ දවසට යන්න පුලුවන්නම් කියලා. ඒත් එක්කම කෝච්චියේ හිටි කෙනා හීන් හිනාවක් පොඩිනට දැම්මේ හිතේ තිබුණු දේ දැන ගත්ත වගේ. පොඩිනට ජීවිතේ කවදාවත් නොදැනුණු අමුතු සැහැල්ලුවක් දැනුණා.
සති තුනක් ගිය තැන සිරිදාසට පොඩිනගෙ මේ වෙනස තේරෙන්න ගත්තා. කාන්ති බයේ උන්නු දවස ආවා. මහ පාන්දර කටගොන්නක් බී ගෙන කාන්ති ලහ නාලාගිරි ඇතා වගේ ආව සිරිදාස කෙලින්ම කාන්තිගේ බෙල්ලෙන් ම අල්ල ගත්තා. “කියාපිය අර බඩේ ඉන්න එකාගේ තාත්ත කවුද” තව තවත් බෙල්ල හිර කරන්න ගත්ත සිරිදාස කාන්තිගෙන් අහනවා, කාන්ති කොච්චර දහිරිය ගත්තත් දඬු කඳේ ගැහුවා වගේ.” මං අර වේසාවිටත් මැරෙන්න ගහලා ආවේ, තෝත් කිව්වේ නැත්තං තොටත් ඒකමයි වෙන්නේ” සිරිදාස කෑගහනවා.
කාන්තිගේ පොඩි ඈයො යටිගිරියෙන් අඳෝනා දෙනවා. පොඩි එකාගේ සද්දෙට කාන්තිට පියවි සිහිය ආවා,” මං මලොත් මේ පොඩි එවුන්ට යන කල මොකද්ද කියන සිතුවිල්ලත් එක්ක “මොරටු මහත්තයා” කියන වචන දෙක කාන්ත්ගෙන් පිට වුණා. “ආ ඒකද බොල තාත්තා, ලොකු අතුනේ අල්ලලා තියෙන්නෙ”, තාමත් සිරිදාස කාන්තිගෙ බෙල්ල අතෑරල නෑ. “දැන්වත් මාව අතෑරපං මිනිහෝ” කාන්ති හිතට දහිරිය තවත් ගත්තා. හිටපං මං උඹව පස්සේ අල්ල ගන්නං, එක කුස උපන් මට වඩා අර වේසාවි ලොකු වුණා, සිරිදාස කාන්තිගේ බෙල්ල අතෑරලා කෝච්චි පාර පැත්තට දිව්වා.
එතනින් එහාට කතාව කාන්තිවත්, නොසෑහෙන්න ගුටි කාල දවසක් සිහි නැතුව හිටි පොඩිනවත් දන්නේ නෑ. මුළු ගමෙන්ම කතාව හරියට දැන හිටි සිරිදාසයි, මොරටු මහත්තයයි දෙන්නම විනාඩි විස්සක් පරක්කු වෙලා ආව හයයි දහයේ කෝච්චියට බිලි වෙච්චි. ඊට අමතරව කතාව හරියටම දැනන් උන්නු තේගිරිස් සොල්දර ගෙදරින් යන්න කලියෙන් පොඩිනගෙ ගෙදරට ඇවිත් කාසි කොළ කීපයක් මිට මොලවලා අතුරුදහන් වෙච්චි. ගමේ කතාව පැතිරුණේ මොරටු මහත්තයයි සිරිදාසයි බීල කරට අත දාගෙන එද්දි පරක්කු වෙලා ආව කෝච්චියේ හැප්පුනා කියලා. ඒකට ඇහින් දුටු සාක්කියක් වුණේ ගමේ පොල් කඩන නිමලේ. තුන් දෙනාම රෑ ලොක්කි මැණිකෙලහ කසිප්පු බිව්ව වග ලොක්කි මැණිකෙම සාක්කියට කිව්වා. හැබැයි තේගිරිස් අතුරුදහන් වෙන්න කලින් නිමලෙටත් ලොක්කි මැණිකෙටත් කාසි කොළ මිටි කරපු බවක් මේ වෙනතුරු කවුරුත් දැනන් හිටියෙ නෑ. අනතුරේ ආරංචියට පොඩිනා දෙවැට දිගේ දුවගෙන එනකොට වැටිලා සිහි නැති වුණු වගත් කාන්ති බෙල්ලේ වැල දා ගන්න ගිය වගත් ගම පුරා ලැව්ගින්න වගේ පැතිරුණා. මහඉස්පිරිතාලෙන් කියලා තිබුණේ වැටෙද්දි හාස්කමකින් වගේ පොඩිනා දරු ගැබ වහං කරං ඉඳපු වග.
මාස නවයක් ගිය තැන පොඩිනා අහිංසක පොඩි පුතෙකුගේ අම්මා වුණා. ගමේ හැමෝම කිව්වේ අකාලේ මියෑදිච්ච තාත්තගේ කපාපු පළුව කියලා, දරුවා දකින්න සිරිදාස හිටියනං කොයි තරම් සතුටු වෙයි ද කියලා. ඒත් දරුවා දිහා බලා ඉන්න ඉන්න පොඩිනත් හිතුවේ පොඩි එකා තාත්තගේ කපාපු පළුව නේද කියලා, මොරටු මහත්තයාගේ දුක හංගාපු ඇස් පොඩි එකාටත් එහෙමම පිහිටලා. ගමේ නම්බුකාර විදිහට වසන්න ඉඩ හදලා දීපු තේගිරිස්ව උදේ හවා මතක් කරන්නත් පොඩිනා අමතක කලේ නෑ. තාමත් හිතා ගන්න බැරි ලොක්කි මැණිකෙවයි නිමලෙවයි කටේ කෙල බිඳක් නොහෙලන තරමට බය කරන්න තේගිරිස් කියාපු කතාව මොකද්ද කියලා. අනික පොඩිනව දකින හැම වෙලේම ලොක්කි මැණිකෙයි නිමලෙයි පෙන්නුවේ අමුතු බය පක්ෂපාතීත්වයක්.
මේ ඔක්කොම මතක වලට පොඩි විරාමයක් හුස්මකින් දීපු පොඩිනා ඈතින් එන කිරි අම්මල පෙරහැරට එකතු වෙන්න අඩිය ඉක්මන් කලේ පොඩි එකා තාමත් කාන්තිගෙ තුරුලේ සනීපෙට නිදි ඇති නේද කියන සතුටු හැඟීමත් එක්ක.
:::ප.ලි:::
“ට්විටර් එකේ @_Banz කියන්නේ මං කැමතිම ට්විටර් ඈයො කීප දෙනාගෙන් කෙනෙක්. අවුරුද්දකට විතර කලියෙන් @_Banz දාපු ට්වීට් එකක් නිසා මේ කතාව මට ලියන්න හිතුනේ. ට්වීට් එක වුණේ පොඩි පද පෙලක් ඩිකොඩ් කරන්න කියලා. ඒ පද පෙල මෙහෙමයි.
“හැමදාම හවසට
පහ කඩන හිමි
වරම් දුන් නැති සඳ,
කිරි දානයට
වැඩියාය ඇය
තුන කඩා…
එක රැකි පිනට!”
මං හැමදාම හිතනවා වගේ ම අපේ ලාංකේය ට්විටර් අවකාශයේ ඉන්න බොහෝමයක් ඈයො දක්ෂයි, නිර්මාණශීලියි. ඒ නිසා ඔය පද පෙල ලස්සනට ඩිකෝඩ් කරපු අය හිටියා. මං ට්වීට් එක දැක්කේ අහම්බෙන්, මාත් ට්වීට් එකක් දාන්න හිතුවත් මං දුර ගමනක් යන ගමන් හිටියේ. ට්වීට් එක දැම්මනං එකක්, මොකද ඒ ගමන ගිහින් එනකං මගේ හිතේ පොඩිනගේ කතාව ඔළුවෙ කැරකි කැරකි තිබුණේ. ලැබුණු නිවාඩුවේ ඒක අකුරු කරන්නම් කියලා හිතුවා අන්තිමේ. උඩ මං කියලා තියෙන්නේ ඒ මහරච්චිමුල්ලේ පොඩිනගෙ කතාව.”
මහ නගර සභා නගරාධිපති සමඟ තිබූ විධායක අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීම අවසන් ව තම නිල කාමරයට පැමිණි මොහාන් වතුර වීදුරුවෙන් අඩක් පානය කලා පමණි, ඔහුගේ පෞද්ගලික ලේකම් වරිය වූ වාසනා කාමරය තුලට ඇතුළු වූවා ය. සිතුවාටත් වඩා දෙ පැයක් පමණ දිග් ගැසුණු රැස්වීම නිසා තමන් එදිනට කිරීමට නියමිතව තිබූ වැඩ රාශියක් මේ වන විට අවුල් ජාලයක් ව පැවතුණු හෙයින් හිත එකලාසයක් කර ගැනීමට මද වේලාවක් අවැසි වුවත් වාසනාට කිසිවක් නොකියන්නට මොහාන් වග බලා ගත්තේය. නැතිනම් මෙතෙක් වෙලා නිකං නිස්කාරණයේ ගෙවුණු පැය කීපය ගැන මොහාන්ට තිබුණේ නොමනාපයකි, ඊටත් වඩා නගරාධිපති පැමිණියේ නියමිත වේලාවට වඩා මිනිත්තු හතලිස් පහක් පමණ ප්‍රමාදවය. මොහාන්ගේ අත්සන තැබීමට ඇති ලිපි ගොනු කීපයක් මේසය මත සැකෙවින් තැබූ වාසනා “සර් අද හිතුවට වඩා වෙලා ගියා නේද? මං ඔක්කොම වැඩ ටික අලුත් ටයිම් ටේබල් එකකට දැම්මා. මං ඒක ඊමේල් කරන්නං”. අද දවසට මේ ෆයිල්ස් ටික සයින් කරලා දුන්නොත් ඇති.” යැයි කීවා ය. රැස්වීම තුල සිදු වූ සියලු දෑ නිසා මදක් තෙහෙට්ටු බවකින් සිටි මොහාන් හට මෙය ඉතාම අනර්ඝ පණිවුඩයක් විය. ස්තූති පූර්වක සිනහවකින් ඇයට සංග්‍රහ කල මොහාන් “ස්තූතියි වාසනා, මං මේ ටික සයින් කරන්නං, නිමල්ට කියන්න හතරට ඇවිත් මේ ටික ගෙනියන්න කියලා” යැයි පැවසුවේය. කාමරය තුළ නැවතත් තනි වුණු මොහාන් තම ඊ මේල් පණිවුඩ පිරික්සීමට ආරම්භ කලේ ය. මිනිත්තු තිහක් පමණ එකෙන් එක ඊ මේල් පණිවිඩ වලට ප්‍රති උත්තර බැඳීම හෝ අදාල පාර්ශව වෙත හරවා යැවීම් සිදු කල මොහාන් නැවතත් වතුර වීදුරුව අතට ගත්තේය. ඉන් පසු ඔහු වෙත ලබා දුන් ලිපි ලේඛන නිරීක්ෂණය කරමින් තම අත්සන තබන්නට වූවේ ය. ලිපි ලේඛන අතර තිබූ එක ලිපියක් ඔහුගේ අවධානයට ලක් විය. ඒ හෙටින් තව මාසයකට පසු එලඹෙන සඳුදා වික්ටෝරියා නිවාසයට ලබා දෙන දානයට අවශ්‍ය කටයුතු සම්පාදනය උදෙසා තමන් ලබා ගන්නා වාර්ෂික නිවාඩුව දැනුම් දීමට අමාත්‍යංශයට යවන්නා වූ ලිපියයි. ලිපිය අතට ගත් මොහාන් හට එ දෙස බලා ගත් වන ම සිට මෙයින් තිස් වසරකට පෙර දවසක “කම්මලේ චුට්ටේ” වූ තමන්ට අහිමි වූ තම දිවියේ මහා ශක්තිය පිළිබඳ ව ස්මරණය විය.
“ඕයි කම්මලේ චුට්ටේ, කෝ උඹේ අක්කා?”
මෙය එ දවස ගැටවරයෙකු ව සිටි මොහාන්ට කිසි දා පිළිතුරු දීමට නොහැකි වූ පැනයක් විය. ඒ මොහාන් තම අක්කා පිළිබඳ වෙන කිසිවෙකුත් නොදන්නා යමක් දැන සිට සිටි නිසාවෙනි. නමුත් මේ පැනය අසනා සැවොම සිතුවේ කම්මලේ පවුලට අවමන් කරමින් හරක් සෝමදාස සමඟ අමාවක පෝ දාක ගමෙන් පිට වූ මොහාන්ගේ සහෝදරිය සේපාලි පිළිබඳ මොහාන් තුල තිබූ දැඩි පිළිකුල නිසා ඔහු නිරුත්තර වන බවකි. නමුත් මොහාන් පමණක් දැන සිටින අතීතයක් සේපාලිටත් හරක් සෝමදාසටත් සේපාලි පණ මෙන් සුරැකි, මේ හැමදේට ම මුල් වූ “කම්මලේ බයිසිකලය”ටත් තිබිණි.
හරි හමන් අවුරුද්දක් දවසක් දැන් මතක් කර ගත නොහැකි හැන්දෑවක පියා විසින් කම්මලට බයිසිකලය කර තබාගෙන ගේනවා චුට්ටේ ට තවමත් මතකය. දෙපොලකින් පමණ ඉරී අණ්ඩ දමා තිබුණු සරම් කොටය ද කැස පොට ගසා ගෙන තාත්තා එන මඟට චුට්ටේ දිව ගිය හැටි අක්කා එ දවස රස කරමින් කියන්නීය. සිහිනෙකින් වත් අල්ලන්නට නොහැකිව තිබූ බයිසිකලයක් දුටු විට චුට්ටේ එසේ දිව යාම මහ පුදුමයක් නොවීය. බයිසිකලයක් කීවා ට එය ඉදිරි පස රෝදය වක ගැසී ස්පෝක් ගැලවී තිබුණු බයිසිකල් කබලකි. ලුමාලා මාර්ක් එකද පොතු ගැලවී තිබිණි. ඒ සෑමදේම පරයා කම්මලට ගෙනා පළවෙනි බයිසිකලය ගැන චුට්ටේ ට තිබුණේ එසේ මෙසේ සන්තෝසයක් නොවේ ය. ගමට ම කියා බයිසිකලයක් තිබුණේ නිලමේ ගෙදරටත් හීන් බණ්ඩා සීයලහත් පමණි. ගොයිගම වූ ඔවුන්ගේ බයිසිකලය අත පත ගෑම තියා ගෙවල ඉදිරිපස දොරින් වත් ඇතුළු වීමට නොහැකි වූ කාලයක ඒ බයිසිකල් දිහා දුරින් බලා සිටීම චුට්ටේගේ ප්‍රියතම කටයුත්තක් විය. ඒ අහු අස්සේ බයිසිකලයක් කම්මලට ගෙන ඒම චුට්ටේගේ හිත සතුටින් මුසපත් කරන්නක් විය.
මුලින් චුට්ටේ සිටියේ තාත්තා බයිසිකලය සාදා අහවර වී නැවත ගෙන යාවි කියන හිතුවිල්ලේ ය. බයිසිකලය සාදා ඉවර කරන තුරු ම තාත්තා අසලට වී බයිසිකලය අත පත ගෑම චුට්ටේගේ ඒකායන ප්‍රාර්ථනය වීය. චුට්ටේ පාසැල අහවර වී වෙනදාටත් වඩා වේගයෙන් ගෙදර දිව විත් කටට දෙකට තම්බා ඇති දෙයක් ගිල දමා කම්මලට දුවන්නේ බයිසිකලය බැලීමටයි. කම්මලටම වී සිටිනවාය කියා අම්මා මැසිවිලි නැඟූව ද චුට්ටේ නෙවෙයි ඒ කිසි දෙයක් කනකට ගත්තේ; තාත්තා බයිසිකලය සාදනවා බලා සිටින චුට්ටේ ට පාසැලේ කොල්ලන්ගේ අඩම්තේට්ටම් අමතකය, කෙල්ලන් ඔහුගේ බාච්චු කලිසමට හිනා වෙනවා අමතකය, කලිසම බාච්චුවට මහන්නේ තව අවුරුදු කීපයක් අඳින්නට වග මේ කෙල්ලන්ට නොතේරිම චුට්ටේ ට පුදුමයකි. ඉස්කෝලේ ඇඳ අහවර වූ පසු ඇඳුම් විසි කරන්නට තරම් වත් කමක් නොතිබූ චුට්ටේ ගේ ලෝකයේ බොහෝ විට කලිසම් කමිස වල ඉරණම බොහෝ දිගු විය. ඉස්කෝලෙට, මඟුලට, මරණයට, ගෙදරට, කඩයට අඳින්නටත් අන්තිමේ චුට්ටේට අඳින්නට කොහොමත් බැරි වුණු පසු අම්මා වලං ඇල්ලීමටත් ගත් පසු ආණ්ඩුවෙන් දෙන නිල ඇඳුම් රෙද්දක අවසානය සිදු වේ.
අන්තිමේ සති දෙක හමාරක් පමණ ගත වූ පසු තාත්තා බයිසිකලය සාදා නිම කරන ලදී. තාත්තාගේ වැඩ ගැන වැඩිමනත් ප්‍රශ්න නාහන අම්මා එදා රෑ තම්බාපු දෙල් සමඟ පොල් මැටි මඩක්කු වලට බෙදන ගමන් ඇසුවේ, “අපේ එක්කෙනා හදාපු බයිසිකලේ ගෙනියන්න අද හෙට කවුරුවත් එනවද?, නැත්තං බයිසිකලේ කම්මලේ නොතියා රෑට රෑටවත් ගෙදර දිහාවේ තිබ්බොත් නරකවැයි?, ගමේ එකාලට ඕකත් ඇති අරං යනවනං”. අම්මා දිහාවේ සිනා මුහුණක් පෑ තාත්තා “නෑ, ඕක අපේ, මං ටවුමේ නානාගෙන් ගෙනාවේ හදා ගන්න බැරුව පැත්තකට දාල තියෙද්දි, පහුගිය දවසක හදාපු දෑකැති ටික නානගෙ කඩේට දාන්න ගියා ම දැක්කේ”. අම්මාත් සේපාලි අක්කාත් චුට්ටේ දිහා බැලුවේත් තාත්තා චුට්ටේගේ ඔළුව අත ගෑවේත් එක ම වෙලාවේ කතා කරගත්තාක් මෙනි. “මගෙ දෙයියෝ! සෑහෙන ගානක් වෙන්න ඇති නේ ඔය බයිසිකලේට, අනික නානා නිකං දේවියැ ඕක” අම්මාට හීල්ලුණි. “නෑ, ඕක හදන්න බෑ කියලා ලුමාලා කොම්පැණියෙන් කියාපු එකක් ලු. නානාගෙ කොළඹ මස්සිනාගෙ ලු. එහෙ ට්‍රෑම් ද මොකද්ද එහෙක හැප්පුණු පාර සෑහෙන කාලයක් එහෙ තිබිලා වෙන යකඩ බඩු වගයක් එක්ක වැරදිලා මෙහෙ ගෙනාපු එකක් ලු. හැබැයි මේ පාර දෑකැති දහයකට කාසි හම්බෙන්නේ නෑ, බයිසිකලේට හිලව් කර ගන්නවා කිව්වා”, තාත්තා ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය කලේ ය. “ඔහේගෙ කැමැත්තක්” අවසන අම්මා ඇගේ අනුමැතිය ද දුන්නාය. දැන් කම්මලේ චුට්ටේ එසේ මෙසේ එකෙක් නොවේ ය. බයිසිකලයක් හිමි නිවසක බාල පුත්තරයා ය.
ඉහටත් උඩින් ආසාවත් බයිසිකලයකුත් තිබුණාට මොකෝ ඕක ගමේ පාරවල් වල පැදගෙන යන්න තරම් හිතේ හයියක් චුට්ටේගේ පියාටවත් චුට්ටේටවත් නොතිබිණි, ඒ නිසා ම ටික දොහක් යනතුරු හදාපු බයිසිකලය කම්මලේ බිත්තියට ම හේත්තු කර තිබුණි. දවල් වරුවට චුට්ටේ පැඩල් එක කරකවමින් රෝද වලට තෙල් සාත්තු කළ ද තව ම බයිසිකලයට නැග්ගේ නැත. හැන්දෑ කොරේ ඉඳලා ම හංදියේ කඩ මංඩියට යන තාත්තාට “තාත්තේ බයිසිකලේ” කියා චුට්ටේ මතක් කළ ද තාත්තා “අපෝ මේ පොඩි දුරට මොකටද බයිසිකල්” කියමින් පළමු බයිසිකල් ගමන සති දෙක තුනක් මඟ හැරියේය. අම්මා ද වචනයක්වත් ඒ ගැන නොඇසුවේ ඇයට ද කිසියම් චකිතයක් හිතේ කොනක තිබුණු නිසාවෙන් යැයි චුට්ටේ ට එකල් හි නොතේරුණි. කොහොමෙන් කොහොම හරි දවසක කම්මලේ බයිසිකලය සිය මංගල ගමන ඇරඹුවේ ය. ඒ තාත්තාවත් චුට්ටේවත් එක්ක නොව අක්කා සමඟය. අක්කා නොවන්නට කම්මලේ බයිසිකලය කිසි දා ගමේ පාරක් නොදකිනු ඇත.
මයිනහම අදිමින් අඟුරු ලිපේ යකඩයක් රත් කරගනිමින් හිටි තාත්තා එක්වරම පපුව අල්ලාගෙන “චුට්ටේ” යැයි කියමින් බිම ඇද වැටෙනවා චුට්ටේ ට අද වගේ මතකය. බයිසිකලයේ පැඩලය කරකමින් සිටි චුට්ටේ නැඟිට්ටා පමණි, එතනින් එහාට අඩියක්වත් තියාගැනීමට පණක් චුට්ටේට නොතිබිණි. කරන්නේ කුමක්දැයි හිතා ගත නොහී “අම්මේ, තාත්තා” යැයි පමණක් කියා ගැනීමට අවසානයේ චුට්ටේ ට හැකි විය. අම්මාත් අක්කාත් කම්මලට දිව එනවාත් අම්මා විලාප දෙනවාත් චුට්ටේටත් මතකය. ඉන්පසු මතක අක්කා පැමිණ “චුට්ටේ, බයිසිකලෙන් ගිහින් කරෝලිස් මාමලාගේ කරත්තේ අරං එන්න” කියනවා පමණි. පසුව අම්මා කීවේ, චුට්ටේ මහසෝනාට බය වුණාක් මෙන් අක්කාගේ මුහුණ දිහා බලා හිටියා මිස අඩියක් එසවූයේ නැති වගයි, කෙසේ හෝ අක්කා චුට්ටේගේ කම්මුලට පහරක් දී ගෙනම බයිසිකලයට නැඟ ඇත. තප්පරයකට අම්මා දෙසත් බිම ඇද වැටී සිටි පියාත් දෙස බලා ඈ බයිසිකලයට නැඟී පිටත් වී ඇත. ගෙවල් වල ගැහැණු කම්මුල් වල අත් තබාගෙන අක්කා බයිසිකලය පදිනවා බලා සිට ඇත, වක්කඩවල් බඳිමින් වල් උදුරමින් කුඹුරේ කසිලි බිසිලි වැඩ කරමින් සිටි ගොයියෝ මොකාගේ එකී බයිසිකලයෙන් යනවාදැයි ඉර අත්ලෙන් වසා ගනිමින් බලා ඇත, හංදියේ කඩමංඩිය පසු කරමින් අක්කා බයිසිකලය පදින විට දාං අදිමින් සිටි කොල්ලෝ රැල හූ කියා ඇත, කොටින් ම බඩු විකුණන මේසයෙන් මෙහාට අඩිය නොතියන මුදලාලි පවා කඩෙන් එළියට පැන අක්කා බයිසිකලය පදිනවා බලා සිට ඇත. පසුව අල්ලපු ගම මානයේ පැලක් අටවාගෙන සිටි කරෝලිස් ඔහුගේ කරත්තයද රැගෙන අක්කා පසු පසින් කලබලේ එන විට පමණක් කම්මලේ කාට හෝ කරදරයක් බව සියල්ලෝ ම වටහාගෙන ඇත. අක්කා නොවන්නට එදා තාත්තා කම්මලේ ම මියැදෙන්න ට ඉඩ තිබිණි.
දිසා රෝහලේ සති දෙකක ප්‍රතිකාර වලින් පසු තාත්තා ගමට ආවේ ද කරෝලිස්ගේ කරත්තයෙනි. එයිනුත් තව අවුරුදු දෙකක් යනතුරු තාත්තාට හරි හමන් විදිහට මල මූත්‍රා පවා කරගැනීමට නොහැකි විය. පසුව ඔහු එක්තැන් විය. පිලේ තබා තිබූ ඇඳ ඔහුගේ ලෝකය විය. ඒ කාලය පුරාවට ම අක්කා “කම්මලේ ගෙදර” ගෘහ මූලිකයා වූයේ කාගේවත් කීමකට නොවේ ය. පිලේ තබා තිබුණු බූරු ඇඳ මත වාඩි වී සිටින තාත්තා, හරි හරියට වැඩ කරන අක්කා දෙස බලා සිටියේ අමුතුම ආදරයකිනි. චුට්ටේට ද අක්කා කෙරෙහි අමුතු භය පක්ෂපාතී කමක් තිබුණි, අක්කා එදා බයිසිකලය ගමේ පාරට දානවා ද සමඟ චුට්ටේගේ හිතේ ඇති වුණු අමුතු සතුට, නිදහස් හැඟීම මෙයට හේතු වන්නට ඇත.
අක්කා කොහොමටත් හරි හමන් ඉස්කෝලේ ගමනක් නොකළාය. චුට්ටේ ඉගෙනීමට හපන් වගත් චුට්ටේගේ ඉස්කෝලේ ගමනට බාධා නොකරන ලෙසත් ඉස්කෝලේ ලොකු මහත්තයා කීවාට පසු අම්මාත් තාත්තාත් උභතෝටික ප්‍රශ්නයකට මුහුණ දුන් හ. ඔවුන් සිතා සිටියේ අකුරක් දෙකක් ලියා ගන්නත් ලියුං කරදහියක් කියවා ගැනීමටත් හැකිවන තරමට උගත් පසු චුට්ටේ කම්මලේ වැඩට යොදවා ගැනීමටය. ඒ, දෙන්නෙකුට අකුරු කරවීමට ඔවුන්ට කාසි පනම් නොතිබුණු නිසාවෙනි. එවිට අක්කා කළේ ඇගේ ඉස්කෝලේ ගමන නැවතීමයි. මුලින් සතියකට වතාවක් දෙකක් ඉස්කෝලේ නොගිය ඈ පසුව සතියකට එක වතාවක් පමණක් ඉස්කෝලේ යන්නට පටන් ගත්තාය. තාත්තාගේ අසනීපයෙන් පසු එයත් නැවතිනි.
අක්කා දැන් අම්මාට අවැසි “තාත්තාගේ හයිය” දෙන්නට උත්සහ කරන්නීය. හන්දියේ කඩ පිළට ගොස් අවශ්‍ය කලමණා ගෙන ඒම, කිරි හරකාව බලා කියා ගැනීම, උදේට කිරි දොවා කරෝලිස්ගේ ගෙදරට භාර දීම, වත්ත පිටිය බලා කියා ගැනීම, තාත්තා අඳේට බලා කියා ගත් කුඹුරු කෑල්ලේ වැඩ කිරීම පමණක් නොව තාත්තා ගෙදර ගෙනවිත් සති එකහමාරකට පසුව ඈ කම්මලට ද ගියා ය. පළමුව ඇය කලේ තාත්තා සාදා මුවහත් කර තිබූ පිහියා ටිකත් රැගෙන බයිසිකලයෙන් රොටුව නැන්දාගේ ගෙදර යෑමයි. නැන්දා රොටුවේ පොළේ පලා විකුණන්නීය. එකල රොටුව පොළ ප්‍රසිද්ධය. සතියකට වතාවක් පවත්වන පොළට සෙනඟ සූ ගාලා ය. නැන්දා සමඟ රොටුවේ පොලට ගිය අක්කා එදා ගෙදර ආවේ සියළුම පිහියා පොලේ දී විකුණාය. තාත්තාට ද පුදුමය. තාත්තා පිහියා ටික නානාට දී ගන්නා කාසි වලට වඩා ඈ උපයා තිබුණා ය. නමුත් තාත්තා බිය වූවේ නානා උරණ වේවි කියා ය. අක්කාට ඒකටත් උත්තරයක් තිබිණි, ඊලඟ දවසේ චුට්ටේවත් කුදලාගෙන කම්මලට ගිය ඈ තාත්තා සාදා අවසන් මුත් මුවහත් නොකර තිබූ පිහියා රැගෙන මුවහත් කිරීමට ගත්තාය. පෑ භාගයක් යන්නටත් මත්තෙන් චුට්ටේගේ උරපතු රිදෙන්නට ගත්තාට චුට්ටේවත් අක්කාවත් වැඩේ අත් හැරියේ නැත. අක්කා මුවහත් කරන පිහියා තාත්තාට පෙන්නා ගුණ අගුණ ඇසීම චුට්ටේට පැවරුණු ප්‍රධාන වගකීම විය. කොහොමින් ඔහොම හරි එදා දවස අවසාන වෙන විට යන්තමින් පිහියා පහක් මුවහත් කර ගන්නට අක්කාටත් චුට්ටේටත් හැකි විය. එදා ම හවස අක්කා බයිසිකලයේ නැඟී නානාගේ කඩයට ගොස් පිහි විකුණුවාය. ගෙදර පැමිණි ඈ තාත්තාත්, තාත්තාගේ බූරු ඇඳ ලඟ වාඩි වී ලාම්පුවෙන් පොත් කියවන චුට්ටේ දෙසත් බලා “නානට වෙනසක් තේරුණේ නෑ” කිව්වාය. කාසි ටික අම්මාගේ අතට දුන් ඈ අම්මාත් සමඟම හිමින් සැරේ කුස්සි කෑල්ලට රිංගුවේ රෑ බතට අම්මාට උදව් කිරීමටය.
පළමු බයිසිකල් ගමනෙන් පසු අක්කා “කම්මලේ බයිසිකලයේ” නිල නොවන අයිති කාරයා විය. අක්කා බයිසිකලය ගමේ පාරේ පැදගෙන ගිය පළමු දා මෙන් නොව පසුව කිසිවෙකුත් ඒ පිළිබඳව වැඩි තැකීමක් නොකලහ. ඉඳලා ම කඩ කැඩිච්ච ගැහැණියෙකු අක්කා යන එන අතරතුර අනං මනං කීවාට අක්කා නොවේ ය කනකට ගත්තේ. අම්මා ඒ පිළිබඳව ඇසූ රෑක අක්කා “අපිට කන්න දෙන්නේ ඒ උන්දැලා යැ” කියමින් කතාවට විරාමයක් තැබුවා ය. අක්කාගේ බයිසිකල් ගමන ගැන නිලමේ ගෙදරින් වැඩි මනාපයක් නොතිබුණි. පොඩි නිලමේ හන්දියේ කඩේ ගාව ටැග් ගැහෙන උන්දැලා සමඟ “ඔක්කොමත් හරි කම්මලේ ගෑණුත් බයිසිකල් පදින්න ගත්ත එක තමා වැඩේ” කියා ඔහුගේ නොමනාපය පල කළ ද එතැන සිටි වැඩි දෙනා “ඕකුන්ට ඉතින් වෙන සරණක් නෑනේ පොඩි නිලමේ, ඒකි යකඩ ගිල්ලා වගේ වැඩ කරලා කන්න ටික හොයද්දි මහ එකීට වුණත් හිතේ නිදහසින් අර මනුස්සයා ගොඩ ගන්න වැඩ ටික කරගත්ත හැකි නේ” යන මතයේ සිටිය හ. එහෙයින් පොඩි නිලමේ ඔහුගේ නොමනාපය වැඩිමනත් පෙන්නුවේ නැත.
ඔය අල්ල පනල්ලේ චුට්ටේ පහ ශ්‍රේණි විභාගය සමත් විය, ගමේ ඉස්කෝලෙන් ම සමත් වූයේ චුට්ටේ පමණි. චුට්ටේගේ මවටත් පියාටත් මේ අරුමය නොතේරුණු අතර මොකක් හෝ හොඳ දෙයක් චුට්ටේගේ ජීවිතයේ සිදු වූ වග නම් ඔවුන්ට දැණුනි. ලොකු ඉස්කෝලේ මහතැන් ඔහුගේ ඇඹේණිය වූ ලොකු ගුරුතුමී සමඟ ම චුට්ටේලහ පැමිණ රොටුව මධ්‍ය විද්‍යාලයට චුට්ටේව යොමු කර ඇති වග පැවසූ හැටි චුට්ටේ ට අද මෙන් මතකය. ලොකු ඉස්කෝලේ මහතැන් චුට්ටේවත් රැගෙන ඊලඟ වාරයේ මුල් දවසේ රොටුව මධ්‍ය විද්‍යාලයට ගොස් භාර දුන්නේ ය. තාත්තාට එදාත් බූරු ඇඳට වී චුට්ටේ යන මඟ බලා සිටීමට පමණක් සිදු වූවා මිසක වෙනත් කිසිවක් කිරීමට ඒ හැටි වාරුවක් නොතිබිණි. එදා පටන් සෑම දිනයක ම උදේ රොටුවට යෑම සිදු කලේ අක්කාට සින්න වූ බයිසිකලයෙනි. අක්කා චුට්ටේගේ පොත් ටික බයිසිකලයේ පිටිපස ලගේජයේ කොහු ලණුවෙන් බඳින අතර චුට්ටේව බයිසිකල් පොල්ලේ වාඩි කරවා ගනියි. ඉන්පසු අම්මා අතට දෙන කිරි බෝතල් දෙක බයිසිකල් හැඬලයේ රඳවා ගනී. ඉන්පසු හිමින් සැරේ කරෝලිස්ගේ ගෙදරටත් එතනින් රොටුව ඉස්කෝලයටත් බයිසිකලය පාගන්නීය.
චුට්ටේගේ රොටුව ගමන ඇරඹී මාස හතරක් ගිය තැන දවසක අක්කා මල්වර විය, ඒ උදෑසන රොටුවට යන අතර වාරයේ ය. අක්කා චුට්ටේව ඉස්කෝලය ලඟින් බස්සවා නැවතත් බයිසිකලයට නඟින විට ඒ භයංකාර පැල්ලම අක්කාගේ පාට ගිය සායේ ලොකුවට තියෙනවා චුට්ටේ දුටුවේය. මල්වර වීමක් නොදන්නා චුට්ටේ සිතුවේ බයිසිකලය නිසා අක්කාට තුවාලයක් වී ඇති බවකි. එදා තාත්තා අසනීප වූ විට හිතට නැඟුණු භය ම චුට්ටේට දැණුනි. නමුත් අක්කා කිසිවක් නො වූවා සේ “අද හවස මං එන්නේ නෑ උඹව එක්ක යන්න, ගමට එන බස් එක දෙකාමාරට තියේ, ඒකේ ඇවිත් හන්දියෙන් බැහැලා ගෙදර එන්න. ඩ්‍රැයිවර් උන්නැහැට කියන්න කම්මලේ ළමයෙක් කියලා, උඹගෙන් කාසි ගන්නේ නෑ එතකොට, බස් එකේ දුනු හදන්න අපේ කම්මලට ඩ්‍රැයිවර් උන්නැහැ එනවා බස් මුදලාලිත් එක්ක”. කිව්වත් වගේ ම අක්කා හවස රොටුවට පැමිණියේ නැත. දෙක හමාරේ බසයට නැඟ තමන් කම්මලේ ළමයෙක් වග ඇහෙන නෑහෙන හඬින් ඩ්‍රැයිවර් උන්නැහැටද පවසා ඔහු ලඟම තිබුණු ආසනයේ කොනක වාඩි වී හන්දියෙන් බැස ගෙදර යන තුරුම චුට්ටේට දැනුණේ පපුවේ ගල් බෝර දමනවා වගේ ය. ගෙදර යන විට අක්කා සේපාලි පෙනෙන්නට නොසිටි අතර තාත්තා බූරු ඇඳට වී චුට්ටේ එන මඟ බලා සිටියේ ය. කම්මලේ බයිසිකලය පසෙක නවතා තිබිණි “චුට්ටේ, අද ඔය පොත් ටික මේ කොට බිච්චිය උඩින් තියලා අම්මා බත් එක දුන්න ම මෙතන ඉඳන් කන්න, ගේ අස්සේ රිංගන්න එපා, අද රෑටත් මෙතන ම බිම පැදුරක් දාගෙන නිදා ගමු, මං ඉන්නවනේ ලඟ” යැයි තාත්තා පැවසුවේය.
ඊලඟ දවසේ උදේ පාන්දරම චුට්ටේ නැඟිට්ටේ සුමනාවතී රෙදි නැන්දාගේ කටහඬට ය. කොහොමත් රෙදි නැන්දාගේ කටහඬ මිණි ගෙඩිය වගේ ය. ටික වෙලාවකින් කවුරුන් හෝ නානවා චුට්ටේ ට ඇසිණි. පසුව ඔළුවේ රෙද්දක් වසා ගත් එකෙකු අම්මාත් සුමනාවතී නැන්දාත් සමඟ ගෙතුලට පැමිණියේ ය. තාත්තා බූරු ඇඳේ සිටත් චුට්ටේ කොට බිත්තියේ හේත්තු වීත් මේ අරුමය බලා සිටියෝ ය. පසුව සුමනාවතී නැන්දා රෙදි පොට්ටනියකුත් කුල්ලකුත් රැගෙන එළි බැස ගියා ය. ඉන්පසු අක්කා පැමිණ තාත්තාට වැඳ නැවතත් ගෙවැදුනා ය. ඊයේ උදේ වරුවෙන් පසුව දැක්කාට පසු අක්කා නොදැකපු හෙයින් ද මංදා අක්කාගේ මුහුණේ අමුතු එළියක් තිබෙණ වග චුට්ටේ සිතුවේ ය. ඊටත් පෑ කාලකට පසු අක්කා කිරි බාල්දියත් බංකුවත් රැගෙන කිරි හරකා සිටි මඩුව දිහාට ගියා ය. එලෙස ඔක්කොම කලබල අවසානයේ චුට්ටේ ට පුරුදු, දන්නා කියන දවසක් එළඹිණි. වෙනදා වගේ ම අක්කා චුට්ටේවත් රැගෙන රොටුවට ආවා ය. චුට්ටේ ගේ හිතේ තිබුණු ප්‍රශ්නය අක්කාට තේරුණා සේ “අද මං හවස එනවා, මෙතන ම ඉන්න” යැයි කීවාය. තවත් අවුරුද්දක් දෙකක් යනතුරු ම කම්මලේ ගෙදර ඈයින්ගේ ජීවිත වල මහ වෙනසක් සිදු නොවිණි.
දිනෙන් දින චුට්ටේ රොටුව පාසලේ දීප්තිමත් ලෙස සිය පාසල් කටයුතු කර ගත් අතර ගුරු මහත්වරුන් නෝනා වරුන්ගේ නොමඳ ආදරයට බඳුන් විය. චුට්ටේ ට තිබුණේ අක්කාගේ අප්‍රතිහත ධෛර්‍ය පමණි. අම්මා තාත්තාව ගොඩ ගැනීමේ මහා මෙහෙයුමේ යෙදී සිටි බැවින් ඇගෙන් ඊට වඩා පිටුවහලක් ලබා ගත නොහැකි විය. සේපාලි අක්කා චුට්ටේ ට මවත් පියත් විය. අක්කා නොවන්නට චුට්ටේ පාසල් ගමන නවතා සෑහෙන කල් වන්නට තිබුණි. අක්කාගේ මහා කැපකිරීම් දකින චුට්ටේ ට එලෙස කිසි දෙයක් අත්හැර දමන්නට නොසිතිණි. කවදාක හෝ අක්කාටත් මවටත් පියාටත් සැපවත් ජීවිතයක් දීම උදෙසා චුට්ටේ ඉගෙනීම් කටයුතු හැකි ලෙස උපරිමයෙන් කිරීමට ඉටා ගත්තේ ය. චුට්ටේ ගේ පුංචි හිතට මේ සියළුම දෑ තේරුම් යන්නට ගමේ පාසලේ ලොකු මහතැන් ද හේතුවක් විය. හෙතෙම හැකි සෑම විටෙක චුට්ටේ ට ඔවදන් දුන්නේ ය.
මෙලෙස ගලා ගිය කම්මලේ ජීවිත වෙනස් වූයේ එක් ඇසල පෝ දාක ය.
ගමේ දේවාලයේ පෙරහැර යෙදුණු ඒ ඇසල පෝය දා චුට්ටේත් අම්මාත් අක්කාත් ඇලිසා නැන්දලහ ගියේ දිය කපා නැවතත් දේවාලයට එන පෙරහැර නැරඹීමට ය. ඇලිසා නැන්දලාගේ නිවස ආසන්නයට එන විට කොහොමත් නැට්ටුවෝ හොඳට නටති, ගිනි බෝල කරකවති, බෙර කාරයෝ ඉතාම හොඳින් බෙරය වයති, කොටින් ම දේවාලයේ කරඬුව රැගත් නිලමේ වලව්වේ අලියාත් අලංකාරයට ඇවිදති. නැත්තං ඇලිසා නැන්දාගෙන් ලැබෙන තේ කහට එකට සාධාරණයක් නොකළා වාගේ ය. මා ඔය තොටේ සිට මයිල තුනක් පමණ එනතුරු වතුරවත් නැතිව එන පෙරහැරේ උදවියට කිතුල් හකුරු කෑල්ලක් එක්ක ලැබෙනා මේ තේ එක අමුර්තයකි. පෙරහැර ඒ ආසන්නයට ඒමට පෑ තුන හතරකට පෙර ඇලිසා නැන්දාගේ ගෙදරට යන අම්මාත් අක්කාත් ඇලිසා නැන්දාට උදව් පදව් කරන අතර චුට්ටේ ගමේ අනික් පොඩි එව්වෝ සමඟ අනෙකුත් කසිලි බිසිලි වැඩ කරයි. තාත්තා අසනීප වෙන්නට පෙර අවුරුදු වල නම් චුට්ටේ තාත්තා සමඟ තොටේ යන්නේ ය.
මේ ඇසල පෝය දා පෙරහැර ඇලිසා නැන්දලාගේ නිවස ආසන්නයට එන්නට පෙර සියළු දෑ පෙර වතාවල ලෙසම සිදු විය. නමුත් පෙරහැරේ පැමිණි හරක් සෝමදාස අක්කාව දුටු මොහොතේ සිට සියළු දේ වෙනස් විය. තොටේ ගොස් කොහොමින් කොහොම හෝ ගිනි වතුර ටිකක් කටේ ගාගෙන සිටි හරක් සෝමදාස පිරිසට තේ කහට ටික අල්ලමින් සිටි අක්කාගේ අතින් අල්ලා ඇත. එය ඇලිසා නැන්දා දැක ඇත. විශේෂ හේතුවක් නැතුවත් පරල වෙන ඇලිසා නැන්දාට මේ සිද්ධිය හොඳටෝ ම සෑහිනි. කට ගොන්නක් බීගෙන සිටි හරක් සෝමදාසට හොඳවයින් බැණ වැදුණු ඇලිසා නැන්දා අක්කාට ද තරවටු කළා ය. ඒ බීගත්තු එවුන් අස්සේ මඟුල් නටනවා කියාය. වෙනදා මෙන් නොව අක්කා ද චුට්ටේ ද රැගෙන අම්මා ඉක්මනින් නැවතත් ගෙදර බලා පිටත් විය. ඒකෙන් මේකෙන් චුට්ටේ ට වෙනදා ට හම්බෙන මුරුතැන් බත් ටික නැති විය. වෙනදාට නම් මුරුතැන් බත් ටික ඇලිසා නැන්දාගේ ගෙදරට ලැබෙන අතර චුට්ටේ ලා ගෙදර එන්නේ එයින් කටක් දෙකකට වග කියා අවසන් වූ විටය. චුට්ටේ දේවාල බත් කෑමට ඉතා කැමතිය.
ගෙදර ගොස් තාත්තාටද සිදු වූ දෑ සැල කල අම්මා “හරක් මරන සෝමදාස එක්කම මේ පැටලිල්ල වුණා නේ දෙයියනේ” කීවා ය. අක්කා කවදාවත් නැති ලෙස නිහඬ වී සිටියා ය. චුට්ටේ ලා එදා කලින් නිදා ගත් හ, නමුත් වැඩි වෙලාවකට නොවේ ය. චුට්ටේ ගැස්සී ඇහැරුණේ අඩවල් කර තිබූ දොරට කවුරුන් හෝ තඩි බාන සද්දයට ය. ඒ හරක් සෝමදාසය, හවසටත් වඩා බීගෙන සිටි සෝමදාස අත කෙසෙල් කොලයක එතූ පාර්සලයක් විය. එවිටම තාත්තා, “සෝමදාස පුතේ මොකෝ මේ” ඇසුවේ ය. නෑ මාමේ මං මේ සේපාලි නංගිට දේවාල බත් ටිකක් ගෙනාවා යැයි කීවේ ය. “පංකාදුයි නේ, දැන් ඕක මගේ අතට දීලා සෝමදාස පුතා යන්න පරිස්සමට” තාත්තා කීවේ ය. “නෑ මාමේ මට සේපාලි නංගිට කතා කරන්න ඕනි, ඒකිගෙන් සමාව ගන්න ඕනි” දොරට තඩි බාමින් සෝමදාස පැවසු වේය. “අනේ මයෙ පුතේ දැන් පලයං, හෙට උදේ ඔව්වා බලමුකෝ” තාත්තා තවමත් පින්සෙන්ඩු වෙයි. අඳුරට හුරු වුණු දෑස් වලින් අම්මා නිදා සිටි පැදුර දිහා බැලූ චුට්ටේ දුටුවේ බිරාන්ත වූ අම්මාත් වෙනස් ම බැල්මකින් දොර දෙස බලා සිටින අක්කාත් ය. කෙසේ හෝ මද වේලාවකින් සෝමදාසගේ දොරට තඩි බෑම නැවතුණු අතර ඒ වෙනුවට ගොරවන ශබ්දයක් දොර දෙසින් ඇසෙන්නට විය. හරක් සෝමදාසට නින්ද ගොසිනි, චුට්ටේලාගේ දොරට හේත්තු වී සෝමදාස හොඳ නින්දේ ය. අම්මා ද අක්කා ද නැවතත් නින්දට යා ගත නොහී එළියේ ශබ්ද වලට ඇහුම්කන් දෙමින් රැය පහන් කළ හ. චුට්ටේ ට එළිවෙන ජාමයේ නින්ද ගිය අතර අම්මා ඇගේ ට්‍රන්ක පෙට්ටිය දොරට හේත්තු කළා ය.
කොහොමටත් පාන්දරට ඇහැරෙන චුට්ටේ කුස්සි කෑල්ලට ගියේ අම්මා ද අක්කා ද කුස්සි කෑල්ලේ මුනු මුනු ගානා සද්දයට ය. “කෙල්ලේ ඕං මල්ලි ඇහැරලා, දැන් පිට පැත්තෙන් ගිහින් තාත්තට තේ එක දීලා එන්න” යැයි අම්මා පැවසුවා ය. අක්කාත් සමඟ ඉස්සරහ නිදා සිටි පියාණන් දෙසට ගිය චුට්ටේ දුටුවේ ඇඳේ වාඩි වී සිටි තාත්තා හරක් සෝමදාස දෙස බලා සිටින අන්දමය. මුරුතැන් බත් සෑම තැන ම විසිරී තිබුණු අතර පොඩිවට පිළුණු ගඳක් ද එදෙසින් වහනය විය. බත් ගොඩේ ම නිදා සිටින හරක් සෝමදාසගේ කමිසය කොට බිත්තිය උඩය. කොණ්ඩය අවුල් ය. පොකැට් බෙල්ට් පටියේ හීන් පිහියක් ය. ගමේ මිනිසුන් කියනා හැටියට ඔය පිහියෙන් හරකාගේ බෙල්ලේ බල නහරය කපන විට හරකාටවත් දැනෙන්නේ නැත. කම්මලේ දී තාත්තා සෑදීමට බෑ කියූ විට අවිස්සාවේල්ල ටවුමටම ගොස් ගෙනා පිහියකි ඔය. තාත්තාට තේ එක දුන් අක්කා කිසි බයක් හැකක් නැතිව ම සෝමදාස නිදා ඉන්නා දිහාට ඇදුනා ය. ඉන්පසු හෙමින් සැරේ වටේ තිබූ මුරුතැන් බත් ටික අහුලන්නට විය. ඉන්පසු සෝමදාසට කමිසය පෙරෙව්වා ය. චුට්ටේ තාත්තා දිහා බැලුවත් ඔහු හිස් බැල්මෙන් ඉස්සරහ බලා සිටියේ ය. එයිනුත් පෑ භාගයකට පමණ පසු සෝමදාසට ඇහැරුණේ ය. වචනයක්වත් නොකියූ ඔහු ඉක්මන් ගමනින් ගොස් කඩුල්ල පැන්නේ ය. සරම කැහැපොට ගසා ගත්තේ ද කම්මලේ ගෙදර මායිම පැන්නාට පසුවය. හරක් හොරා වුවද ඔහු ද ගොයිගමය. කම්මලේ ගෙදර නිදා ගැනීමට සිදුවීම ඔහුට අවමානයක් වන්න ට ඇත.
කෙසේ හෝ ටික දිනක් යන විට අක්කාගේ පොඩි පොඩි වෙනස් කම් චුට්ටේ ට දැනිණි. වෙනදාට රොටුවට යනතුරු ම එනතුරු ම කියවන අක්කා දැන් චුට්ටේ අසනා දෙයකට මිස පිළිතුරු නොදෙන්නී ය. බයිසිකලයෙන් රොටුවේ නැන්දාගේ ගෙදර යාම වැඩි විය. ඊලඟ අමාවක පෝය ළංවත් ම වෙනස තවත් වැඩි විය. තාත්තා මත්තේ ම නැහෙන අම්මාට මේ ගැන වගක් නැති බව චුට්ටේ ට පසක් විය. හරියටම අමාවක පෝ දාට දවසක් කලියෙන් අක්කා මහ රෑ නැඟිට අවේලාවේ එළියට යනවා නින්දේ නොනින්දේ සිටි චුට්ටේ දුටුවේ ය. තාත්තාට බෙහෙත් අහගෙන ඒමට දවල් වරුවේ පස්සර ගිය අම්මාට තෙහෙට්ටුවටම හොඳටෝම නින්ද ගොස් ඇති වග චුට්ටේ ට මතක් විය. නැතිනම් පොඩි සද්දයටත් ඇය ඇහැරෙන්නී ය.
අක්කා පෑල දොරින් හිමින් පිටවෙන ආකාරය බලා සිටි චුට්ටේ ඈ නොපෙනී ගිය පසු පැදුරේ වාඩි විය, ඉන්පසු හෙමින් සැරේ නැඟිට අක්කා ගිය මඟට ඇවිදගෙන ගියේ ය. චුට්ටේ යන විට අක්කා පොට්ටනියක් කම්මලේ බයිසිකලයේ බඳින්නී ය. ඉන්පසු පොට්ටනිය බැඳි බයිසිකලය තල්ලු කරගෙන ඈ කළුවරේ ම යන්නට වූවා ය. අක්කා පසු පසින් යෑමට චුට්ටේ ට හේතු උවමනා නොවීය, මෙතෙක් දිනක් කළුවරට තිබුණා වූ බය චුට්ටේ ට දැන් මතකවත් නැත. අක්කා කඩුල්ල පැන්නා පමණි, මිනිස් රුවක් කළුවරේ ම අක්කා ලඟට ආවේ ය. ඒ හරක් සෝමදාස ලෙස හඳුනා ගැනීමට චුට්ටේට අපහසු නොවිණි. නිලමේ වලව්වට අයිති පොල් ඉඩමට එනතුරුම අක්කාවත් හරක් සෝමදාසවත් කතා කලේ නැත. ඔවුන් පිටුපසින් ආ චුට්ටේ හුස්ම ගත්තේ ද ඉතාම බියෙනි. රැහැයි සද්දයත් ඉඳහිට හමනා හුළං පාරත් ඇරෙන්නට හැමදේම නිස්කලංකය.
පොල් ඉඩම ආසන්නයේ දී අක්කාගේ බයිසිකලය නැවතූ හරක් සෝමදාස “ඈ බොල තෝ අඬනවද?” යැයි අක්කාගෙන් ඇසුවේ ය. “නෑ, මේ රොඩ්ඩක්ද කොහෙද ගියා හුළං පාරත් එක්ක” අක්කා පිළිතුරු දුන්නා ය. පොල් ඉඩම කෙලවරට යන විට එක් වරම හරක් සෝමදාස කෑගැසුවේ “ඈ බොන්ඩියේ තෝ දැන් දෙපාරක් ඔය බයිසිකල් මඟුල මගෙ කකුල උඩින් දැක්කුවා” කියමිනි, ඉන්පසු අක්කාගේ කොණ්ඩයෙන් අල්ලා ඇයව සෙලවීමට පටන් ගත්තා පමණි සෝමදාස සිය කකුල අල්ලාගෙන පොල් මුලක වාඩි වී වෙව්ලනට ගත්තේ ය. “යකෝ මගෙ කකුල මොකෙද්ද පරයෙක් කෑවා” යැයි හරක් සෝමදාස මරහඬ දෙන්නට වූයේ ය. බයිසිකලය බිම දැමූ අක්කා කොණ්ඩය බැඳ ගෙන සෝමදාසගේ කකුල අඳුරේ ම පිරික්සන්නට විය. එකෙනෙහිම අක්කා ද සිය අත අල්ලාගෙන බිමට වැටිණි. ඊට පොල් ගස් පහක් පිටුපසින් සිටි චුට්ටේ දුටුවේ තවමත් පෙණය පුප්පාගෙන සිටි දාර නයෙකු හෙමින් සැරේ ඇදෙන සෙයකි. කටින් සෙම දැමූ සෝමදාස එකවරම නිසල විය. මෙතෙක් වේලා සැඟවී සිටි චුට්ටේ අක්කා වෙත දිව ගොස් කටින් සෙම දමමින් සිටි අක්කාව වත්තං කර ගත්තේ ය. චුට්ටේ දෙස බැලූ අක්කා, “චුට්ටේ මට සමාවෙයන්” කීවා ය. අක්කා සමාව ඉල්ලුවේ කුමකටද යැයි වත් නොතේරුණු චුට්ටේ කඳුළු පිරි දෙනෙතින් “මොකද වුණේ “ යැයි ඇසුවේ ය. “අපිව එහා පැත්තේ පරණ පොල් ලෙලි වලට දාන්න . ඒක මේ දවස්වල වහනවනේ , මිනී දෙකම යට යන්න ලොකු ගලක් බඳින්න. මම සෝමදාසයට කරන්න හිටියේ ඒක” අක්කා උපදෙස් දුන්නා ය. “අක්කාට මුකුත් වෙන්නෙ නෑ. අක්ක නෙවෙයිනේ මැරුවේ සෝමදාසයව, අපි කියමු නයෙක් ගැහුවා කියලා” චුට්ටේ විමසුවා ය.
“නෑ චුට්ටේ, මමයි අර පොට්ටනියේ දාගෙන නයා ගෙනාවේ. සෝමදාසයා මට ගිය පෝයට දවස් දෙකකට පස්සේ බලහත්කාරකමක් කලා, ඕකගෙන් පලිගන්න මං ආවේ. හැබැයි මේ යන අතර මඟදි එහෙම වෙයි කියලා හිතුවේ නෑ, පොට්ටනියේ ගැටේ ලෙහෙන්න ඇති” අක්කා මෙතෙක් කලක් චුට්ටේ නොදැන සිටි ඒ කාරණාව කීවා ය. “රොටුවේ නැන්දා විතරයි දන්නේ. මං කියලා තිබ්බේ මේකෙන් පස්සේ මං රොටුවට එනවා කියලා. චුට්ටේ දැන් ලොකුයි නේ, අම්මවයි තාත්තවයි බලා ගන්න පුළුවන් චුට්ටෙට. චුට්ටේ හොඳට ඉගෙන ගෙන ලොකු මහතැන් කෙනෙක් වෙන්න ඕනි. මට දුකයි චුට්ටේ ලොකු වෙනවා බලන්න බැරි වෙන එකට. බයිසිකලෙත් දාන්න පොල් ලෙලි වලටම, එතකොට ගමේ එව්වො හිතයි මං හරක් සෝමදාස එක්ක පැනලා ගියා කියලා”.
අක්කා සිතූ සේම ගමේ එව්වො සිතුවේ අක්කා හරක් සෝමදාස සමඟ කම්මලේ බයිසිකලයෙන් ගමෙන් පැන ගිය වගකි, ඔවුන් ට අනුව අක්කා තුන් මස් ගැබිණියකි, හරක් සෝමදාස ඒ දරුවාගේ පියා ය. ඇලිසාගේ ගෙදරදී දෙන්නා එකට ඉන්නවා ඇලිසාගේ අතටම අසුවී ඇත. කම්මලේ ගෙදර සේපාලි ගොයිගම මිනිහෙක් වූ සෝමදාසව රවටා ගෙන ඇත. හරක් මැරුවාට සෝමදාසගේ කිසිඳු වරදක් නැත, ඒකටත් එක්ක සේපාලි නැට්ටිච්චියෙකි, බයිසිකල් පැදපු ගෑණියෙක් වූ ඇය ගැන වෙන මොන කතා ද, ගමේ එවුන්ගේ කතාවල අක්කා නරක ගෑණී විය. නමුත් චුට්ටේ ඒවා නිවැරදි කරන්නට ගියේ නැත. අම්මා දවසින් දවස වැහැරිණි. තාත්තාගේ කතා බහ අඩු වී මාසයක් ගිය තැන ඔහු එකතැන් වූ දා සිට මෙතෙක් කල් ලෝකය දුටු ඇඳේ දී නින්දෙන් ම අවසන් ගමන් ගොස් සිටියේ ය.
රොටුව විද්‍යාලයෙන් පේරාදෙණිය සරසවියට තේරුණු පළමු සිසුවා ලෙස චුට්ටේ ගමෙන් පිට විය, ඒ අම්මා රොටුවේ නැන්දාට භාර දෙමිනි. අම්මා ද රොටුවේ දී මිය ගියේ හදිසි හර්‍දයාබාධයකිනි. ඒ සිදුවීමත් සමඟ තමනුත් තම උපන් ගමත් අතර තිබූ එකම සබඳතාවය ද චුට්ටේ අතින් ගිලිහිණි. නමුත් ඉඩම් අමාත්‍යාංශට පළමු පත්වීම ලැබුණු දා ගමේ ඉස්කෝලේ ලොකු මහතැන් හමු වී ආශිර්වාද ගැනීමට හෙතෙම අමතක නොකලේ ය. අක්කා හා ඉස්කෝලේ ලොකු මහතැන් නොසිටින්නට අද මේ පුටුවේ මොහාන් ලෙස චුට්ටේ ට වාඩි වෙන්නට තබා හිතන්නටවත් නොහැකි වන්නට තිබිණි.
චුට්ටේ ලෙස ජීවිත ආවර්ජනයක යෙදී සිටි මොහාන් එක්වර ම පියවි ලෝකයට ආවේ කා.කා.ස නිමල් පැමිණ “සර්, වාසනා මිස් කිව්වා සර් අත්සන් කරපු ෆයිල් ටික හතරට දෙනවා කියලා, ඒක ගෙනියන්න ආවෙ” කියන විටය.
මේ තියෙන්නේ මට මේ කතාව ලියන්න හිතුණු පින්තූරේ, AyshMarQ ගේ තෙවැනි ඇහැට අහුවෙච්ච අපූරු පින්තූරයක් තමයි මේ. ඇගේ Instagram ගිණුමේ (@ayshmarq) පල කළ පින්තූරයකි.
2017 අවුරුද්දත් ගෙවී ගෙන යනවා, නත්තලුත් ඇවිත් ගියා (ප.ලි: ඔහොම පටන් ගත්තට 2018 අවුරුද්ද ලබලා ඉස්සෙල්ල ම ලියන්නෙත් මේක), ඒ අස්සේ පොඩි එව්වො අලුත් අවුරුද්දේ ඉස්කෝලෙ යන්න තකහනියක් ලෑස්ති වෙනවා. ඔපීසිය අලුත් තැනකට ගෙනිහිල්ල නිසා ඉස්සර විනාඩි පහලවේ ගමනට දැන් අඩුම තරමේ පැයක් වත් යනවා. දවසක් දෙකක් කට්ට කාලා අන්තිමේ පොඩි පහේ අස්වැසිල්ලක් හම්බ වුණා, ඒ බස් ගමන ලේසි වෙන පාරක් ඔපීසියේ ම යාළුවෙක් කියා දුන්න නිසා. ඒකට පින්සිද්ධ වෙන්න දැන් බස් එකේ ඉඳගෙන යනවා එනවා. ඔය ගමන ඉතින් ට්‍රැෆික් අස්සේ එනකොට මං කරන්නේ එක්කෝ ජංගම දුකේ පොතක් පත්තරයක් බලන එක, කිරිස්තිනා නෝනා ගැන එහෙම තියෙන ඕප දූප ටිකක් හොයන එක. හැබැයි වැඩිමනත් කරන්නේ දකින මිනිස්සු ගැන කතා මවන්න උත්සහ කරන එක. ෂර්ලොක් මහත්තයා වගේ මං බලනවා මට ඒ මනුස්සයාගේ විදිහ බලලා මොනා හරි අනුමාන කරන්න පුළුවන් ද බලන එක. මේ දවස් ටිකට කතා ගොඩක් ඔළුවේ තියා ගෙන හිටියත් ඕක ගෙදර ඇවිත් තව කාට හරි කියවන්න පුළුවන් වෙන විදිහට ලියන එක කරන්න බැරි වැඩක් නෙවෙයි, මං කරන්න කම්මැලි ම වැඩක්. හැබැයි අද උදේ දැක්ක පින්තූරයක් නිසා සුරනිමලගෙ කතාව ලියලා මිසක් නවතින්නේ නෑ කියලා මට ම පොරොන්දු වුණා.
රැහැයියන්ගේ කීස් කීස් සද්දේ මැදින් එන, මල පොතේ අකුරක් නොදන්න මිනිහෙක් වුණු තමන්ගේ ලෙයින් උපන් කොළුවා හරි අපූරුවට පාඩම් පොත් කියවන සද්දේ අහගෙන කුස්සි කෑල්ලේ තමන්ගේ ඇඹේනිය වෙච්චි කාන්ති දවසේ වැඩ අහවර කරන දිහා බලාන කර ගැට පිරිච්ච තමන්ගේ අත් දෙක පොල් තෙල් පානට අල්ලන ගමන් සුරනිමලට තනියම හිනාවක් ගියා, හිනාවක් කිව්වට ඒක පොඩි පහේ ආඩම්බරයකුත් එක්කාසු වෙච්චි හිනාවක්, පහු ගිය අවුරුදු දා හතරක් පහළොවක් කර ගැට එන කං ඉස්පාසුවක් නැතුව වැඩ කලාට ලැබෙන්න තියෙන ප්‍රතිලාභ ඉහටත් උඩින් තමන්ට ලැබෙන කාලෙ වෙච්චි. තමන් හීනෙකින්වත් නොහිතපු නොපතපු තැනකට තමන්ගේ ජීවිතේ ආපු හැටි සුරනිමලට පෙනුණේ නිකං මීට දෙ මාසෙකට කලියෙන් හන්දියේ පෙන්නපු චිත්තර පටිය වගේ. මීට අවුරුදු දහ පහළොවකට කලියෙන් දවසක එක ඇහිල්ලක වෙනසකින් තමන් මේ විඳින සතුට නැතිවෙන්න තිබුණා නේද කියලා හිතෙද්දි පොඩි පහේ හීතලක් කොන්ද මැද්දෑවෙන් ගියා වගේ දැනුණා.
1977 පාර්ලිමේන්තු මැතිවරණේ ජේ ආර් මහත්තයා දිනද්දි සුරනිමල යන්තං අවුරුදු දහ අට පහු කරපු කොළු ගැටයෙක්. සුරනිමල දන්න කාලෙක ඉඳන් හිටිය රත්නායක වලව්වේ උදවිය හොඳ ශ්‍රී ලංකා කාරයෝ. කොටින් ම කියතොත් ඇන් ඇම් මහත්තයා රුවන්වැල්ලේ ඡන්ද වැඩ වලට එද්දි කෑවේ බීවේ රත්නායක වලව්වෙන්, රැස්වීම් තිබ්බෙත් රත්නායක වලව්වේ මහ මිදුලේ. කවදාවත් දෑහැට දැකලා නොතිබුණු මී දෙණිය වලව්වේ මොලමුරේ කුමාරිහාමිට වඩා ඇන් ඇම් මහත්තයා කොච්චර කරුණාවන්ත ද කියලා සුරනිමල තනියම කී වතාවක් හිතෙන් හිතන්න ඇද්ද. ඒකට ප්‍රධානම හේතුව රත්නායක වලව්වේ මිනිස්සු සළකන්නේ නැති තරමට ම ඇන් ඇම් මහත්තයා තමන්ට කරුණාවන්ත වෙන නිසා. මූණ කට හෝද ගන්න වතුර ටික ලං කලත් “ස්තූතියි” වචනේ කියලා හිනා වෙලා පිටට තට්ටුවකුත් දාන්න අමතක නොකරන, වලව්වේ තියෙන රැස්වීම් වලදි මහ සද්දෙට සිංහයෙක් වගෙ කතා කරන, ඔක්කෝම වැඩ අහවර වෙලා යන්න කලින් වලව්වේ වැඩ කරන හැමෝටම ස්තූති කරලා යන මේ අපූරු මිනිහා රත්නායක වලව්වේ උදවිය ලඟින්වත් තියන්න බැරි තරං රත්තරං මනුස්සයෙක් නේද කියලා සුරනිමල කල්පනා කලා. සුරනිමල හිතුවෙම ඇන් ඇම් මහත්තයා උඩින්ම දිනාවි කියලා. හැබැයි සුරනිමල විතරක් නෙවෙයි, රත්නායක වලව්වේ ඔක්කොමත් නොහිතපු විදිහට ඇන් ඇම් මහත්තෙලා පැරදුනා, ආයෙම ගොඩ ඒමක් නැති වෙන්නම. එදා රත්නායක මහත්තයා හැසිරුණේ වෙඩි කාපු ඌරා වගේ, “මේකෙ උන්ට තව කන්න දෙකක් තුනක් ඉවසන්න බැරි වුණා ඇන් ඇම් ලා කරපු වැඩ වල ප්‍රතිපල බුක්ති විඳින්න” ඔන්න ඔය වාක්‍යය මන්තරයක් වගේ කියව කියව අඩි හප්ප හප්ප හිටි රත්නායක මහත්තයා ඉන්න දිහාවකට කතා කරතොත් මිසක් සුරනිමල එදා ගියේ නෑ.
යූ ඇන් පී ද ශ්‍රී ලංකා ද කියලා වගක් සුරනිමලට තිබුණේ නෑ, සුරනිමලට තේරුණු එකම දේ ඇන් ඇම් මහත්තයා පැරදිලා කියලා විතරයි. රත්නායක වලව්ව උඩින් කුරුල්ලෙක්වත් පියාඹන්නේ නෑ කිව්වට එදා රෑ වලව්වේ වහලෙට බොරළු විහික් කරන්නත් වලව්වේ උදවියට හූ කියන්නත් තරං ගමේ පෙලක් එව්වො බය නැති වුණු දවසක්. කලබගෑනිය අස්සේ නිදා ගෙන හිටි තැන ම විනාඩියක් විතර වෙන්නේ මොනවද කියලා තේරුම්ගන්න සුරනිමල වලි කද්දි රත්නායක නිළමේ මහත්තයා ලයිසන් තුවක්කුවත් අරං එළියට බහින වගත් මැණිකේ කෑහන සද්දෙත් සුරනිමලට ඇහුණා. පැදුරු කෑල්ලෙන් දණි පණි ගාගෙන නැඟිටලා ඒ දිහාවට දිව්ව සුරනිමල දැක්කේ පපුව අල්ලගෙන බිම වැටිලා ඉන්න රත්නායක නිළමේ මහත්තයා, කවදාවත් අඬනවා දැකලා නැති මැණිකේ, නිළමේ මහත්තයාව බදා ගෙන මර හඬින් කෑගහන හැටියි. සුරනිමලත් එක්ක ම හරියට කතා වුණා වගේ රන්මැණිකා නැන්දා ඒ කියන්නේ වලව්වේ කුස්සි අම්මා, කාන්තිව ඇද ගෙන මිදුලට දුවගෙන ආවා. කුස්සි අම්මා කිව්වට රන්මැණිකා පාරම්පරික කෙම් ක්‍රම එහෙම දන්න කෙනෙක්, ගමේ එකාලට වෙන පොඩි පහේ ඇබැද්දි වලට දෙන්න පොඩි බෙහෙත් හේත් රන්මැණිකා දන්නවා. විස වෙදකම තමා ඔයින් වඩාත් ම ප්‍රයෝජනවත්. කහත් එක්ක බෙහෙත් ගලේ උරච්චි කරලා දෙන කල්කේ ගමේ එව්වෝ ඉසේ කෙස් ගාණට බේරලා දීලා ඇති. කාන්ති කියන්නේ වලව්වේ වැඩ වලදි රන්මැණිකට උදව් පදව් කරන්න ඉන්න එකී, සුරනිමල වගේ ම අක් මුල් හොයා ගන්න බැරි අතීතයක් තියෙන එකියක්. හැබැයි ගමේ එව්වොන්ගේ කතා වල හැටියට කාන්ති කියන්නේ රත්නායක නිලමෙට දාව ගමේ හිටි කුල හීන ගෑණියෙක් වදා පු තවත් දරුවෙක්. කොහොමින් කොහොම හරි එදා තමයි රත්නායක නිලමේ තනියම ඇවිදගෙන ගිය දවස, මොකද එදා රෑ පපුවේ අමාරුවත් එක්ක ආපු අංශභාගේ නිසා එක තැන් වුණු රත්නායක නිලමේ කාමරේට කොටු වුණා, මල මූත්‍ර පිටවෙන හැටියක් ගැනවත් හාංකවිසියක තේරුමක් නැතුව රට උළු වහලේ දිහා බලාන ඉන්න රත්නායක නිලමේ දිහා බලලා සුරනිමලට හිතුණු දේවල් බොහොමයි. අවුරුදු විසි තිස් ගාණකට කලියෙන් වලව්වට දීග ආවත් නිලමේගේ ලෙයින් වලව්වට උරුමකං කියන්න පුළුවන් පොඩි එකෙක් වදන්න මැණිකෙට බැරි වුණා, ඒ හිංදම සුරනිමල, රන්මැණිකා, කාන්ති හැර වෙන පරාණ පුළුටක් මැණිකෙගේ හයියට හිටියේ නෑ.
එදා ඉඳන් වලව්වේ, ගමේ විතරක් නෙවෙයි රටෙත් ලොකු ලොකු පෙරළි සිද්ධ වුණා. ගමේ “මහ ගෙදර” වෙච්චි රත්නායක වලව්ව තවත් එක ගෙදරක් වෙච්චි, වලව්වට අයිති වෙලා තිබුණු කුඹුරු අක්කර හතලිහ ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා, ඒ වෙන මොකුත් නිසා නෙවෙයි, රත්නායක නිලමෙට බෙහෙත් අහන්න රට වටේ වෙද්දු හොයන්න ගිහින්, රත්නායක නිලමේ ගොඩ ගන්න මැණිකේ නොගිය තැනක් ගැන සුරනිමල දැනං හිටියේ නෑ. රන්මැණිකත් දන්න සූත්තර දාලා නිලමේව ගොඩ ගන්න උත්සහ කලත් ඔය හැමදේම ගඟට කපාපු ඉනි වගේ වුණා. අන්තිමේ වලව්වට අයිති වෙලා තිබුණු වත්ත වලව්ව මායිමට ම ඒමත් කුඹුරු වපසරිය ලාස් දහයකටත් අඩු වුණේ කලින් හිතා ගෙන හිටි දෙයක් වගේ. ගමට අළුතෙන් ආපු ගාළු මුදලාලිට උගස් කරලා තිබුණු කුඹුරු කොටහත් සින්න වුණු ආරංචිය අරං සුරනිමලත් එක්කම ආපු මැණිකේ රන්මැණිකෙටත් කාන්තිටත් කතා කලා. පඬු පාටට හැරිලා තිබුණු ලකයක් නැති සාරි පොටෙන් නලලේ තිබුණු දාඩිය පිහි දාගන්න ගමන් මැණිකේ කතා කලා.
“උඹලා ඔක්කොටම වැටහෙනවනේ වලව්වට වෙලා තියෙන වින්නැහිය, උඹලට පිං බත් දෙන්න තරං වත් කමක් අපට නෑ. මේ මට උඹලගේ හයිය ඕනි ම වෙලාව වුණත් මට කියන්න තියෙන්නේ උඹලා තම තමංට උරුම ජීවිතයක් හොයා ගෙන යන්න කාලේ හරි කියලා, මං මේ නිලමෙගේ අන්තිම හුස්ම වටෙන කං නිලමේව බලාගෙන ඉන්නවා, හදිස්සියකට එහා වත්තේ අදිරියෙන්ව ගෙන්න ගන්න පුළුවන්.”
මේ කතාව අහං හිටි රන් මැණිකා මහ සද්දෙන් අඬපු හැටියි අඬන ගමන් ම රන් මැණිකා කියපු මේ වචන ටිකයි සුරනිමලගේ මතකේ අදටත් තියෙනවා, විශේෂයෙන් ම ඒ මොහොත සුරනිමලගේ මුළු ජීවිතේ ම වෙනස් කල නිසා.
“අනේ මැණිකේ, මං මේ නහින දෙහින කාලේ ජීවිතේ ගැට ගහ ගන්න ගෑණි වෙච්චි, මට උරුම මේ වලව්වේ කුස්සි කෑල්ල මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. මගේ පණ කෙන්ද හයිය තියෙන කං මට මේ වලව්වේ වැටිලා ඉන්න දෙන්න මැණිකේ. මට මේ ගහක කොළේක වැවෙන දෙයක් කාල ඉන්න පුළුවන්. මේ මගේ ඇස් දෙක වගේ ඉන්න කාන්ති කෙලීවයි සුරනිමල කොලුවවයි එකලාසයක් කරලා උන්ට අළුත් ජීවිතයක් පටන් ගන්න කියන්න මගේ මැණිකේ.”
තුන් හිතකවත් නොතිබුණු දෙයක් සුරනිමලගේ ජීවිතේට සිද්ධ වුණේ ඔය විදිහට. ඒ මෙච්චර කල් තමන්ගේ සහෝදරියක් ය කියන තත්වයේ හිටි මනුස්සයාව එක පාරටම තමන්ගේ ඇඹේණි වෙච්චි එක. වැඩි ලස්සනත් නැතත් ලාවට බොල්ලෑ දත් පෙන්නලා හිනා වෙද්දි කාන්ති ලස්සනයි නේද කියලා ඒ වෙලාවෙම සුරනිමලට හිතුණා. එදා ම රෑ, මෙච්චර කල් තනියම නිදා ගෙන හිටි පැදුරු කෙටිය කාන්ති එක්ක බෙදා ගත්ත එකත් , ජීවිතේ මෙතෙක් අත් නොවිඳපු මිහිරියාවක් කාන්ති එක්කම විඳපු එකත් එක හීනයක් වගේ දැනුණත් පාන්දර ජාමේ දි තමන්ගේ ගාවට වෙලා මොකුත් නොදන්න අත දරුවෙක් තරං සනීපෙට නිදා ගෙන ඉන්න මේ මනුස්සයා තමන්ගේ වගකීමක් නේද කියලා සුරනිමලට තදින් ම දැණුනා. “මමත් ගෑණියෙක් ඉන්න මිනිහෙක්”, අද වගේම ආඩම්බර හිනාවක් ඒ පාන්දර ජාමේ තමන්ගේ මූණේ ඇඳෙන්න ඇති කියලා සුරනිමල දන්නවා.
පහුවදා උදේ සුරනිමල නැඟිට්ටේ කලින් දා මැණිකේ කියපු කතාව හිතේ දරාන, අද හෙටම වලව්වේ හෙවණින් තමන්ටත් කාන්තිටත් යන්න වෙන වග සුරනිමලගේ ඔළුවේ හොල්මන් කලා. ඒත් එක්කම යන්නේ කොහෙද කියන ප්‍රශ්නේ තවදුරටත් සුරනිමලගේ හිත මහා දුරකට ගෙනිච්චා, මේකා ගෑණියෙක් හිටියට තාම අවුරුදු විස්සක් නොවෙච්චි හිච්චි එකා වෙච්චි. දවස් දෙකක් යනකං කිසිම උත්තරයක් හම්බුණේ නැති ප්‍රශ්නේ තුන් වැනි දවසේ උදේ ගාලු මහත්තයාගේ කඩේ දි විසඳුණා. උදේ කහට කෝප්පෙන් පස්සේ කඩේ දිහා යනකොටත් කඩේ මිනිස්සු ලොකු කතාවක. පොළොන්නරුවේ අලුත් ගොවි ජනපදේට මිනිස්සු මේ ගමෙනුත් ගෙනියනව ලු, පොළොන්නරුව වන්දනා ගමං වලට කදිම වුණාට මෙලෝ යකෙකුට ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙවේ ලු, සතා සී පාව එක්ක භව බෝග කිසි දෙයක් ඉතිරි වෙන්නේ නෑ ලු, ඔය කියන පළාතේ හොයා ගන්න බැරි ලෙඩ ලු, කැලෑ උණ හැම තැනම ලු. ඔක්කොම ‘ලු’ කතා අහගෙන කඩේ ඇතුලට කොහොම හරි සුරනිමල ඇතුළු වුණා. ආණ්ඩුවේ මහතැන් කෙනෙක් පොඩි කරදහියක් ඉස්කෝතු ටින් තියෙන තට්ටුව යටින් අලවනවා. මළ පොතක අකුරක් නොදන්න සුරනිමල ඒ දිහා බලන් හිටියේ කවුරු හරි ඕක කියවන කං. හරියටම සුරනිමලගේ හිත කියෙව්වා වගේ ගාලු මහත්තයා කරදහියේ තියෙන දේ කියෙව්වා. ඒකෙ තිබුණේ ඒ වෙලාවේ ගමේ අනික් එකාලා කිසි එකෙක් උනන්දු වුණු කාරණයක් නෙවෙයි, පොළොන්නරුව යාය හය ගොවි ජනපදයට මිනිස්සු එක්කාසු කරන දැන්වීම ගැන උනන්දුවක් තිබුණු ගමේ එව්වොත් කඩේ ඉස්සරහ අහපු ලු කතා නිසා පස්ස ගහලා හිටියේ. හැබැයි එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොයා හිටි සුරනිමලට මේක මහ අනර්ඝ මොහොතක් වුණා. සෙනඟ අතරින් ආණ්ඩුවේ මහතැන්ට ලං වුණු සුරනිමල “මහත්තයෝ, ඕකට අපටත් එකතු වෙන්න පුළුවන් ද” කියලා ඇහුවා.
ඊලඟට ආවේ සුරනිමල ජීවිතේ විඳපු නරකම අත්දැකීම විඳින මොහොත, සුරනිමලගේ ප්‍රශ්නේ අහගෙන හිටි සියාතු,
“මේං බොල මේ ශ්‍රී ලංකා කාරයටත් අන්තිමට අපේ ලොක්ක ඕනි වෙලා, මුන් ඇන් ඇම් කාරයාගේ බත් බැලයෝ මහත්තයෝ, දෙන්න එපා මුන්ට එක බිං අඟලක්”
සියාතු ගේ ගෝරනාඩුව අහපු ගමේ අනික් එව්වොත් සුරනිමලට හිනා වෙන්න ගත්තා.
“මේ හාදයා දන්න ගොවි කම”
“වලව්වේ පිංබතා”
“මූත් මැරිලා අර රත්නායක නිලමෙගේ හොර ගෑණිගේ ලමයා කාන්තිවත් මරා ගන්න යන්නේ”
“ලැජ්ජා නැති ශ්‍රී ලංකා කාරයෝ, මුන්ට ඔහොම වෙලා මදි”
මේ හැම දේම අහපු සුරනිමල භයටම වෙව්ලන්න ගත්තා. ඒත් එක්කම ආණ්ඩුවේ මහතැන් ගමේ එව්වොන්ට කියපු කතාවක් සුරනිමලගේ ලපටි හිත හැදුවා.
“මේ වගේ ගොවි ජනපද ව්‍යාපාර තියෙන්නේ යූ ඇන් පී, ශ්‍රී ලංකා කියලා බෙදිලා දියුණු කරන්න නෙවෙයි, අතේ පයේ හයිය තියෙන ඕනැම එකෙකුට ගොඩින් අක්කර තුනයි මඩින් දෙකයි දෙනවා. පවුල පිටින් ගොහින් තමන්ගේ කටයුතු කර ගන්න තියෙන්නේ. එහෙ ඉන්නවා වගා මහත්තුරු, හැබයි ගොයියෝ ලැබෙන ඉඩං මායිං කරලා විතරයි තියෙන්නේ, හැබැයි කුඹුරු වල නියර මායිං ලෑස්ති කරලා තියෙන්නේ. වැඩේට කැමති එව්වො ගෙවල් වල ගොහින් මේ ගැන කතා කොරලා හෙට මට නං ගං විස්තර දීපල්ලා. මං හෙටත් මෙතනට මේ වෙලාවටම එනවා’
කඩේ ඉඳල ආපහු රත්නායක වලව්ව දිහාට කොහොම ගියාද කියලා සුරනිමලට මතක තිබුණේ නෑ, දැන් වුණත් මතක වලව්වේ කුස්සි කෑල්ලේ රන් මැණිකත් එක්ක හාතාවාරිය අත්තක් සුද්ද කර කර හිටි කාන්තිට පොළොන්නරුවේ යාය හය ගැන විස්තර කරපු හැටි විතරයි. කතාව අහගෙන හිටි රන් මැණිකා “ඔය කෙලීව මරා ගන්නද යන්නේ” කියලා ඇහුවත් කවදාවත් නැතුව ඔප වැටුණු කාන්තිගේ ඇස් දෙක සුරනිමල ඊලඟ දවසේ ආණ්ඩුවේ මහතැන්ට කියන්න ඕනි මොනවද කියලා කිව්වා.
ඊළඟ දවසේ උදේ වෙනකං කිසි ඉස්පාසුවක් නොතිබුණේ සුරනිමලට විතරක් නෙවෙයි, කාන්තිත් නොසෑහෙන බලාපොරොත්තුවකින් හිටියේ, සමහර විට කාටවත් අත නොපා තමන්ගෙම අලුත් ජීවිතයක් අලුත් ම තැනක පටන් ගන්න පුළුවන් නිසා වෙන්න ඇති. කලින් දා කිසි එකෙක් ලොකු උනන්දුවක් නොපෙන්නුවට මෙන්න බොලේ ගාලු මහත්තයාගේ කඩේ ගාව මහ පෝළිම. ගමේ හිටියට ගමේ එක බිම් අඟලකට හරි හමන් අයිතිවාසිකමක් නොතිබුණු ඈයො ඔක්කොමලාම වගේ අලුත් බලාපොරොත්තුත් එක්ක ආණ්ඩුවේ නියෝජිතයව මුණ ගහෙන්න ඇවිත් තිබුණා.
කොහොමින් කොහොම හරි ජීවිතේ උරුම වෙච්චි පළවෙනි බිම් කඩ හොයාන ඉල් මාසේ දවසක මහ පාන්දර ම සුරනිමල කාන්තිවත් එක්කාසු කරගෙන පොළොන්නරුවේ ගියා. යන්න කලියෙන් මැණිකේටත් ලොකු කල්පනාවක් දැන් නැතත් නිළමේ මහත්තයාටත් වැඳපු සුරනිමල රන්මැණිකේ නැන්දා අතේ මිට මොලවපු කැලෑ උණට රන්මැණිකගේ අතින් ම හදාපු සින්කෝනා කල්කෙ සුරුවමට අර ගත්තා. පොළොන්නරු යන හැමෝටම කැලෑ උණ බෙහෙත් පෙත්තක් දීලා තිබුණත් රන්මැණිකා මේ කල්කේ ගැන ලොකු විස්වාසයක් තියාගෙන හිටියේ, මීට අවුරුදු තිහ හතලිහකට කලින් කැලෑ උණ තදින් ම පැතිරිලා තිබුණු කාලේ, ඒ කියන්නේ රන්මැණිකා රන් තැඹිලි ගෙඩිය වගේ හිටි කාලේ ගමට ආපු වෙදෙක් කියා දුන්නු කල්කේ තමා ඔය. අදටත් සුරනිමල දන්න කියන හැමදෙනාටම කියන්නේ ඔය කල්කේ නොතිබෙන්න සුරනිමලයි කාන්තියි විතරක් නෙවෙයි යාය හය බකමූණ ගමේ කිසි කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ කියල.
යාය හය බකමූණ ගමට ලංගම බස් එකෙන් ආපු සුරනිමල එක පාරටම කාන්තිගේ මූණ දිහා බැලුවා. තාමත් ඒ ඇස් එදා දිලිසුණා වගේ ම තමයි. කාෂ්ටක අව්වත් එක්ක ගුරු පාර දිගේ ඩී ආර් ඕ බංගලාවට අනික් ඈයොත් එක්ක සුරනිමලත් ඇදුණා. එතනදි තමන්ට අයිති ගොඩ ඉඩමත් මඩ ඉඩමත් පෙන්නන්න ආණ්ඩුවේ නියොජිතයෙක් සුරනිමලටත් ලැබුණා. ඒ මිනිහා සුරනිමලගේ ඉඩමට ඇවිත් “උඹටනං මලේ මහ ගල අහු වුණේ” කිව්වට සුරනිමල නෙවෙයි පරල වුණේ. මේ වෙච්ච හැමදේම එක්ක මේ කඩ ඉමත් ජය ගන්න පුළුවන් කියලා සුරනිමලගේ හිතට දැනුණා.
අනික් මිනිස්සු වගේ දහ ගුණයක් මහන්සි වෙන්න සිද්ධ වුණත් සුරනිමලවත් කාන්තිවත් නෙවෙයි දුක් වුණේ. එක අතකින් සුරනිමල රන්මැණිකා නැන්දට පිං දුන්නා මේ වගේ යකඩ ගෑණියෙක් තමන්ගේ ඇඹේණිය කරලා දුන්නට. මහ දවල් නයි පොළොංගු ගේ ඇතුලෙන් වහලෙන් මතු වෙන මේ පොළොවේ තමන්ට හැපෙන්න උදව් කරන මේ ගෑණි ගැන සුරනිමලට ඇති වුණේ එසේ මෙසේ ආදරයක් නෙවෙයි. පළවෙනි කන්න දෙකේ තුනේ අනික් ඈයෝ වී බුසල් දහය පහලොව ගෙට ගද්දි තමන්ට පුළුවන් වුණු වී ගෝනි දෙක තුන ගෙදර ගේද්දි කාන්ති නෙවෙයි ආඩ පාළි කිව්වේ. යායට හිටි වෙල් විදානේ වුණත් හරිම සන්තෝස වුණා මේ දෙන්නාගේ මහන්සිය ගැන. කුඹුරු කෙරිල්ල ගැන මහ දෙයක් නොදැන හිටි සුරනිමලට තාත්තා කෙනෙක් වගේ පිහිට වුණේ මේ වෙල් විදානේ. එකින් එක කන්නේ සුරනිමල තමන්ගේ දෑතේ මහන්සියෙන් ජීවිතේ ගොඩ ගද්දි ඒක ඇහේ කටු අනින්නා වගේ වුණු පිරිසකුත් නොහිටියාම නෙවෙයි. ගොඩක් වෙලාවට අල්ලපු වත්තේ හිටි ගුණදාස මේ අතර මුලින් ම හිටියා. කහගොල්ලෙන් බකමූණ ගමට ඇවිත් හිටි ගුණදාස හැමදේම ගැන කනිපින්දං කියනවා මිසක් ලොකුවට මහන්සි වුණු මනුස්සයෙක් නෙවෙයි. අර කලින් කියපු මහ ගලෙන් පොඩි කොටහක් ගුණදාසගේ වත්ත පැත්තටත් තිබුණා. ගුණදාසට ලැබුණු මඩ ඉඩම යාය හය බකමූණ ගමේ තිබුණු හොඳම කොටහ වුණාට ගුණදාස කිව්වෙම අර ගොඩ ඉඩමේ තිබුණු පරහ ගැන. ගලෙන් ලොකුම කොටහ තිබුණු සුරනිමල ඒ ඉඩමේ ප්‍රාතිහාර්‍ය පෙන්නද්දි ගුණදාසට ඉවසන්න ටිකක් අමාරු වුණා. ඒකට හරියන්න ගුණදාසගේ ඇඹේණිත් හිටියා. ටික දොහක් යද්දි වත්ත මායිමේ ඉනි ඇවිදින්නත්, භව බෝග අතුරුදන් වෙන්නත් ගත්තා. ඒ මදිවට සුරනිමලගේ කුඹුරු කෑල්ලේ හවසට බඳින වක්කඩ උදේ යද්දි කඩලා දාලා නැත්තං හවසට අරින වක්කඩට උදේට වහලා. කරල් පීදෙන කාලේට කරල් කපලා, හරක් දක්කලා. මේ හැමදේම මැදහත් හිතින් ඉවසන්න සුරනිමල ටිකින් ටික පුරුදු වුණා. ගුණදාස නාහෙට නාහන එකා වෙච්චි.
යාය හය බකමූණ ගමෙන් වී බුසල් ගණන් මතු වෙද්දි සුරනිමලලා නොදන්න බොහෝ මිනිස්සු ගමට ආව ගියා, රට තෙල් බෙහෙත් ගැන ආණ්ඩුවේ මහත්තුරු එක්ක ආපු කලිසං ඇඳපු ඈයො සුරනිමලලාව දැනුවත් කොරා. කඩේ වෑර්ලැස් එකෙත් එව්වා ගැනම විස්තර කලේ. අල්ලක් වවා මල්ලක් ගන්න එකම ක්‍රමේ මේ තෙල් බෙහෙත් කියලයි ආපු උදවිය කිව්වේ. කූඩිත්තො, කීඩෑවෝ, මැස්සෝ එකී මෙකී ඔක්කොම ගොයමට වින කටින පොඩි ලොකු සත්තු නැත්තටම නැති වෙනවා කිව්වම යායේ ගොඩක් දෙනා ඒ බෙහෙත් වලට ඇදුණා. ගුණදාස වගේ ඈයෝ හරිම කැමැත්තෙන් මේ ක්‍රමේට පුරුදු වුණේ ඉස්සර වගේ වැඩි මහන්සියක් ගන්න ඕනි නැති නිසා. හැබැයි වෙල් විදානේගේ ලොකු කැමත්තක් තිබුණේ නෑ මේ විපර්යාසෙට. සුරනිමලත් තනියම හිතුවේ පොඩි සත්තු ඔය කියන විදිහට මැරෙනවා නං එව්වට තමං වගේ පොඩි මිනිස්සු මරන්නත් පුළුවන්නේ කියලා. හැබෑවටම ඒ කන්නේ අස්වැන්න දෙගුණ වුණා, කැලෑ උණ ආයෙමත් ඔළුව උස්සන කාලේ වුණත් මිනිස්සුන්ගේ සතුට දෙගුණ වෙලා තිබුණේ අස්වැන්න නිසා. ගුණදාස වගේ මිනිස්සු කඩපිලේ කිව්වෙම රට තෙල් බෙහෙත් වල වරුණේ.
රට තෙල් වලට ඉල්ලුම වැඩි වෙද්දි ඒවයේ ගානත් ඒ හැටියෙන් ම වැඩි වුණා. ගුණදාස නං හන්දියේ මුදලාලිගෙන් ණයට ඔක්කොම තෙල් බෙහෙත් ගත්තා ඊලඟ කන්නේ කරන්න. මොකද ගුණදාසට අනුව අස්වැන්න දෙගුණ වෙලා හම්බෙද්දි ණය වල පොළියත් එක්කම එක පාර ගෙවන්න පුළුවන්. කලින් කන්නේ වෙල් විදානෙයි සුරනිමලයි රට තෙල් බෙහෙත් පාවිච්චි නොකරයින් වුණේ මෙච්චර කල් කෙම් ක්‍රම වලින් ආං බාං කරන් හිටිය මැස්සො කීඩෑවො බුරුතු පිටින් වෙල් විදානේගෙයි සුරනිමලගෙයි කුඹුරු වලට ආපු එක. ඒ නිසා මේ කන්නේ රට තෙල් වඩියක් වෑයං කරන්න දෙන්න ම කතා වෙලා හිටියේ. ඔය කාලේ වෙද්දි කාන්ති හිටියේ ලොකු එකා ලැබෙන්න බඩින්. දරු පටියාගේ මූණ බලන්න ඇඟිලි ගැන ගැන හිටි සුරනිමලත් කාන්තිත් මේ කන්නේ කුඹුරු සරු කරගන්න කොහොමත් ලොකු බලාපොරොත්තුවෙන් හිටියේ.
මේ ඔක්කොම වෙද්දි යාය හය බකමූණ ගමට පෙරේත බැල්මක් වැටුණා වගේ කැලෑ උණ වසංගතයක් වගේ ආවා. මෙච්චර කල් මහ බලාපොරොත්තු වලින් වැඩ කරගෙන හිටි උදවිය එකා දෙන්නා ලෙඩ ඇඳට වැටුණා. කුණු ඉන්ස්පැට්ටර් මහත්තුරු පුටු පුටු ගගා මෝටර් බයිසිකල් වලින් ගම පුරා කරක් ගහන්න ගත්ත කාලේ. එක පාරටම වෙච්චි මේ සංතෑසිය නිසා කුණු ඉන්ස්පැට්ටර් මහත්තුරුන්ටත් කරන කියන දේ අමාරු වුණු කාලේ. කොහොමින් කොහොම හරි ඩිස්පැන්සරියේ කැළෑ උණ බෙහෙත් අඩු වුණා, කොටින්ම ඩිස්පැන්සරියට අළුතෙන් ආපු දොස්තර මහත්තයත් කැලෑ උණේට අහු වුණා. ඩිස්පන්සරියේ බෙහෙත් නෑ කියපු දා ඉඳලා බකමූණ ගමට දවසකට දෙකකට හරි පිහිටට හිටියේ සුරනිමල. රන්මැණිකා මිට මොලවාපු කල්ක වලින් ගුලි දෙකක් සුරනිමල බඩින් ඉන්න කාන්තිට තියාගෙන ඉතිරි ටික ගමේ එකාලට දුන්නේ කිසිම ලෝභ කමක් නැතුව.
ඉස්සෙල්ලම ගුණදාසටයි පවුලේ උදවියටයි කැලෑ උණෙන් අමාරුයි කියලා පයිණ්ඩේ ගෙනාවේ සුගතං, ගුණදාසගේ අති ජාත මිත්‍රයා, එකට රා කට්ටක් ගහන මිනිහා , යායෙ අනික් එව්වොන්ගේ වක්කඩවල් හොරෙන් කඩන්න ගුණදාසේ තනියට යන මිනිහා, හොරෙන් කරල් කපන එකා, හරක් හොරකමේ යන මිනිහා. වෙනදාට සුරනිමලව මුලිච්චි වුණාම ශ්‍රී ලංකා කාරයා, වෙල් විදානෙගේ බත් බැලයා වගේ අනං මනං සුරනිමලට කියපු එකා, අද “සුරනිමල මලයෝ” කියාගෙන දුවගෙන එද්දි සුරනිමල හිටියේ ඇල පාරේ උදැල්ල හෝදන ගමන්. ඒ ගමන්ම දණි පණි ගාලා ගුණදාසගේ ගෙදර යන්න ලෑස්ති වුණත් වදන්න ඔන්න මෙන්න තියෙන බඩත් උස්සගෙන ආපු කාන්ති අතේ තිබුණු තද දුඹුරු පාටට හුරු කැලෑ උණ කල්ක දෙක සුරනිමලගේ අතේ තිබ්බා. සුරනිමල ගුණදාසගේ ගෙදර යද්දිත් ගුණදාසගේ අවුරුදු පහක් වෙච්චි පොඩි එකා මියෑදිලා. උණ මරගාතේ ගුණදාසගේ ඇඹේණි වැලපෙනවා. ගුණදාස ඇඳෙන් නැඟිට ගන්න බැරුව ඇස් දෙකේ කඳුලු පෙරා ගෙන බලාන ඉන්නවා. මුළු ගෙදරම මහ මුස්පේන්තු ගඳයි, පොඩි එකා අන්තිම වතාවට දාපු කොළ පාට වමනේ ටික පැදුර අයිනේ. කැලෑ උණ කල්ක දෙක ගුණදාසටත් ගුණදාසගේ ඇඹේනිටයි දෙහි ඇබිත්තක් එක්ක කටේ තියලා බිම පැදුරේ දරදඬු වෙලා හිටි පොඩි එකාගේ ඇරිලා තිබුණු ඇස් දෙක පියෙව්වා. සුරවිමලට මොන හතුරුකං කරලා තිබුණත් මේ වෙලාවේ ගුණදාසට හිටියේ සුරනිමල විතරයි, වෙල් විදානෙටයි කුණු ඉන්ස්පැට්ටර් මහත්තයටයි පයිණ්ඩේ කියන්න යවන්න සුගතංව හොයද්දිත් ඒකා ගොහින්. පස්සේ ආරංචි වුණේ, කැලෑ උණ ඌටත් බෝ වෙයි කියන බයට පස්ස නොබලා ගෙදර දුවල කියලා. කෙරෙන්න ඕනි වැඩ ඔක්කොම වැඩ ටික කරලා හවස් කොරේ සුරනිමල තමන්ගේ ගෙදරට ගියේ වේදනාවකින්, කැලෑ උණ තමන්ගේ ගෙට එහා පැත්තේ තියෙන මේ වෙලේ තමන්ගේ අතේ ආරස්සාවට මෙච්චරකල් තිබුණු කල්කෙත් නැති වෙච්චි. කෝකටත් වත්තේ කොනේ ළිඳෙන් වතුර දෙකක් හලා ගෙන ම සුරනිමල ගේ ඇතුලට ගියා.
ගෙට ඇතුල් වෙද්දිම දැක්ක දෙයින් සුරනිමලට කෑගැස්සුනා, කාන්ති කුස්සි කෑල්ලේ බිම වැටිලා, නලල ලෙයින් නෑවිලා, ඒ මදිවට ඇඳන් හිටි චීත්ත කෑල්ල ලෙයින් පෙඟිලා. කෑගහගෙන ම කාන්තිව කරට ගත්තු සුරනිමල ඩිස්පැන්සරිය දිහාවට දිව්වා, අදටත් මිනිස්සු කතා වෙනවා සුරනිමල දුවපු විදිහ. උණෙන් වැහැරිලා හිටියත් ඩිස්පැන්සරියේ දොස්තර මහත්තයා එහෙම්මම කාන්තිව වදන වාට්ටුවට ගත්තා. පෑ තුනක් විතර වුණු තැන දොස්තර මහත්තයා එලියට ආවේ පොඩි හිනාවකුත් එක්ක. ඇවිත්,
“පොඩි එකා ගලේ ගහලවත් මරන්න බෑ සුරනිමල, දෙන්නම අමාරු තත්වෙන් මිදුණා, තව විනාඩි දෙකක් ප්‍රමාද වුණානං අම්මත් දරුවත් සුරනිමලට නැති වෙනවා. මං හිතන්නේ සුරනිමල එතනට යන්න විනාඩි දෙක තුනකට කලියෙන් තමා කාන්ති වැටිලා තියෙන්නේ. පෙර පිනකට තමයි හැමදේම වුණේ, දැන් දෙන්නව ටික කාලයක් යනකං පරිස්සං කරන්නයි තියෙන්නේ. කැලෑ උණ එහෙම කාන්තිට හැදුණොත් මේ වෙලාවේ බේරන්න අමාරුයි.”
ලඟින් හිටි වෙල් විදානේ කිව්වේ,
“පෙර පිං කියන්නේ දොස්තර මහත්තයෝ මේ මනුස්සයා ඔය සිද්ධිය වෙන වෙලෙත් අල්ලපු ගෙදර මිනිස්සු කැලෑ උණෙන් බේර ගන්න ගමන් ඉන්න ඇත්තේ’
කිරි කැටියව අතට අරං සුරනිමල කාන්ති දිහා බැලුවා, මෙච්චර හරියක් වෙලත් කාන්තිගේ ඇස් වල අර දීප්තිය එහෙම්මමයි. එදා සිද්ධියෙන් පස්සේ ටික දොහක් කාන්ති පොඩි එකත් එක්කම ඩිස්පැන්සරියේ තිබුණු වාට්ටු දෙකින් එකක හිටියා.
ඊට මාස තුනකට විතර පස්සේ කැලෑ උණ වසංගතේ යාය හය බකමූණ ගමෙන් තොලොංජි වෙලා ගියා, හැබැයි මුළු ගමම පාළු කර ගෙන. මරණයක් නොවුණු ගෙදරක් නොතිබුණු තරං. වගා පාළු වෙලා, මිනිස්සු අසරණ වෙලා හිටියේ. උණ හැදුණු බොහෝමයක් ඈයන්ට ලොකුවට ගොයිතැන් බත් කරන්න හයියක් තිබුණේ නෑ. ඒ අස්සේ ණයට කුඹුරු කරපු ඈයො ලොකු කරදරේක හිටියේ, අස්සැන්න පාළු වෙලා නිසා ණය වැඩි උණා මිසක්කා හිතට නිදහසක් තිබුණේ නෑ. රට තෙල් බෙහෙත් වලට අපිව මරන්නත් පුළුවන් නේද කියලා සුරවිමලට හිතුණු එක ඔප්පු වුණා, ඒ ණය කන්දරාව දරාගන්න බැරුව ගුණදාස මැහි තෙල් බීලා දිවි නහගත්ත වෙලේ.
යායෙ ජීවිතේට පදං නොවුණු ගුණදාසගේ ඇඹේණි, ගුණදාසගේ තුං මාසේ දානෙන් පස්සේ කහගොල්ලටම ගියා. වෙල් විදානෙගේ රෙකමදාරුවෙන් ගුණදාසගේ ගොඩ ඉඩමෙත් මඩ ඉඩමෙත් සින්න නොවී ඉතිරි වුණු කොටහ සුරනිමල බද්දට අරං ගොවිතැන් කලා.
ඔය ඔක්කොම සිද්ධි වෙලා අවුරුදු පහලොවකට පස්සේ අද සුරනිමල යායේ හොඳම ගොවියා සම්මානේ ඩී ආර් ඕ මහත්තයාගේ අතින් ගත්තා. හවස් කොරේ කාන්තිත් එක්කම කුඹුරට ගිය සුරනිමලට තවත් සතුටු හිතුනේ වගා මහත්තයා එක්ක කතා කරගෙන පටං ගත්තු පාරම්පරික වී වර්ග වගාවේ පළවෙනි අස්වැන්න ගන්න කාලේ හරි කියලා වැටහුණු වෙලේ. කුස්සි කෑල්ලේ වැඩ අහවර කරලා තමන් දිහාවට හැරුණු කාන්ති දිහා සුරනිමල ආයෙමත් බැලුවා, කාලයත් එක්ක අත පය පොඩ්ඩක් වැහැරිලා තිබුණත් එදා වගේම ඒ ඇස් වල දීප්තිය එහෙමමයි.
මේ තියෙන්නේ මට මේ කතාව ලියන්න හිතුණු පින්තූරේ, AyshMarQ ගේ තෙවැනි ඇහැට අහුවෙච්ච අපූරු පින්තූරයක් තමයි මේ.
“දෙවැනි වේදිකාවේ තිබෙන පොඩි මැණිකේ දුම් රිය පෙරවරු 5.55ට මහනුවර සහ බදුල්ල බලා පිටත් වේ” කොටුවේ ස්ටේසමේ යකඩ කටින් කියද්දිත් තාම මං හිටියේ ස්ටේසමේ ටිකට් ගන්න තැන. පොල්ගහවෙලින් බැස්සත් පොඩි මැණිකෙට ගොඩ වුණොත් ඉක්මනටම ගෙදරට යා ගන්න පුළුවනි. දනි පනි ගාලා ටිකට් එකත් අරං කෝච්චියට ගොඩ වෙද්දි සීට් ගානට සෙනඟ පිරිලා. හැබැයි එක තැනක පොඩි ඉඩක් හොයා ගන්න පුළුවන් වුණා. කෝච්චිය ලඟට පොඩි පහේ කරත්ත වලින් ගේන නෙස්කැෆේ එකකුත් අරං මගෙ කන් කූරු දෙකත් ගහගෙන මං හරි බරි ගැහුණා. තව මිනිත්තු පහක් හයක් යද්දි කෝච්චිය තමන්ගේ ගමන පටන් ගත්තා, “රියදුරු දෑතට දෙවි පිහිටයි”!.
හැමදාම වගේ කොටුවේ ඉඳං කෝච්චිය පටන් ගත්ත ගමන් මට නින්දක් ගියා, සාමාන්‍යයෙන් රාගම හරියට යනකම් ඔය කුකුල් නින්ද මට එනවා. නින්ද ගිහින් නැඟිට්ට වෙලේ ඉඳන් තියෙන්නේ ගමනේ මං ආස ම කොටස. ඒ හිත අයාලේ එහෙ මෙහෙ යවන වෙලාව. මිනිස්සු දිහා බලාන එයාල ව කියවන්න උත්සහ කරන වෙලාව, එයාල කරන කියන දේවල් අනුමාන කරන වෙලාව එහෙමත් නැත්තං මගේම ජීවිතේ ගැන කිරල මනින වෙලාව.
ඔහොම තව ටිකක් යනකොට ගම්පහින් ලොකු පවුලක් ම කෝච්චි පෙට්ටියට ගොඩ වුණා. එකම කලබගෑනියයි! ගෑණු උදවිය ඉඳගන්න තැන් හොයනවා, පොඩි වුන් ආසාවේ ජනේල අයින්වලට රිංගන්න හදනවා, හයි හත්තිය තියෙන පිරිමි එයාලගේ තඩි බෑග් මළු දාන්න තැන් හොයනවා, ලඟින් බහින්නේ කවුද කියලා අහනවා එතනින් වාඩි වෙන්න. ඕක දිහා බලාන හිටිය මට තනියම හිනා ගියා, වෙන මුකුත් නිසා නෙවෙයි, ඔය විදිහට ම අපිත් බදුලු ගිය කාලයක් තිබුණු නිසා. ඉස්සර දෙසැම්බර් නිවාඩු කාලෙ කියන්නේ අපි බණ්ඩාරවෙල ලොකු අම්මලෑ දිහා යන කාලේ. එහෙ ලොකු අම්මයි, මහප්පයි, ලොකු අයියයි, ජොජ්ජයියයි, ලොක්කියි, චූටි අක්කයි හැමෝම බලාගෙන ඉන්නෙත් අපි නිවාඩුවට එහෙ එනකං. හරිම සුන්දර මතක ගොඩක් තියෙනවා ඔය බදුලු ගමනත් එක්ක. මගෙ ඉස්කෝල යාළුවන්ට තාමත් මතකද දන්නේ නෑ, මගෙ “ප්‍රංශ කෙල්ල”, ඒ තමයි එයා ගැන මං එක දෙක කරලා කියපු විස්තරේ අහලා යාළුවෝ දාපු නම. එමිලි කියලා ගෑණු ලමයෙක්, ගමන ඉවර වෙලා එමිලියි එයාගේ අම්මයි ඇල්ලෙන් බැහැලා යද්දි අපි හොඳ යාළුවෝ වෙලා හිටියේ. එමිලි මගේ අතේ බැඳලා තිබුණු Friendship Band එකට ආසා වුණු නිසා මං ඒක දුන්නම එයා එයාගේ Perfume එක මට දුන්න. නොසෑහෙන කාලයක් Bubble Wrap එකකින් එහෙම ඔතලා මගෙ අල්මාරියේ මං දාගෙන හිටියා ඕක, යාළුවෝ නම් කිව්වේ එහෙ ටොයිලට් වලට දාන එකක් වෙන්න ඇති කියලා. මොකද “eau de toilette vaporisateur” කියලා ගහලා තිබුණු නිසා. මගෙ යාළුවන්ගේ අනික් මතය වුණේ මේ ප්‍රංශේ සර්කස් කාරියෙක් වෙන්න ඇති කියලා. නැත්තං ලංකාවට ඇවිත් කෝච්චියේ යාවි ද කියලා පැහැදිලි සැකයක් අපිට තිබුණා. මං මේ කියන කාලේ Backpack Travellers කියන ඒවා අපි දැනන් හිටියේ නෑ. තාමත් මතකයි අමාරුවෙන් ඉංගිරිසි ගැට ගහ ගෙන එමිලිගේ විස්තර මං අහපු හැටියි, එයත් අමාරුවෙන් ඉංගිරිසි ගැට ගහ ගෙන ඒවාට උත්තර දුන්නු හැටියි. මං හිතන්නේ තාමත් මා ගාව තියෙනවා එයාගේ Postal Address එකයි අර දුන්නු Perfume එකයි.
පොල්ගහවෙල ඉඳන් බණ්ඩාරවෙලට යන මේ ගමනට සෑහෙන වෙලා ගන්නවා. පොඩි එව්වො වෙච්චි අපිට ඕක තවත් දැනුණා. මට තාමත් මතකයි අපේ දාංගලේ නවත්ත ගන්න සුදු මාමා පොඩි වැඩක් අපිට භාර දෙනවා. ඒ එක්කො තියෙන බිං ගෙවල් ගනින්න, නැත්තං දුම් රිය නැවතුම්පොලවල් ගාණ කීයද කියලා හරියටම කියන්න. වැඩේ හරියට කෙරෙන්න ඕනි නිසා ශාන්ත දාන්ත තීන්ත කුඩු වගේ අපි එතකොට. අතේ ඇඟිලියි, කකුලේ ඇඟිලියි, මදි පාඩුවට අනිකගේ ඇඟිලියි ඔක්කොම ගැන ගැන ගිය ගමන හරිම සුන්දරයි. පේරාදෙණිය හංදියෙන් පස්සේ ගොඩක් වෙලාවට සීට් හම්බෙනවා, කොහොම හරි ජනේලෙ පැත්තේ සීට් එකක් අල්ලගන්න අපි ඔක්කොම දඟලන්නේ පණු කැවිල්ල හැදුණු පොඩි එව්වො වගේ. ඒ කාලේ දැන් වගේ හිතෙන හිතෙන වෙලාවට ෆොටෝ ගැහිල්ලකුත් තිබුණේ නෑ. තිස් හයේ ෆූජි රීල් එකකින් මුළු ට්‍රිප් එකම කවර් කරන්න වෙනවා. ඒ නිසා මතක ගොඩක් තියෙන්නේ හිතේ, මේ වගේ වෙලාවට එකින් එක අදිද්දි බොඳ වෙන්න ඔන්න මෙන්න තියෙන ඒ මතක ආයෙමත් අළුත් වෙනවා. එක අතකට අපිව පුංචි කාලේ ඔය වගේ සැහැල්ලුවට හදපු එක ගැන අම්මලට අනේක වාරයක් ස්තූති කරන්න ඕනි.
කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චියේ ගමන විඳපු හැමෝම දන්න තැනක් තමයි ඔහිය ස්ටේසම, පැටිය කාලේ ඉඳන් ම බදුළු ගමනේ මං ආසම තැන තමයි ඔහිය. එතැන දි මට දැනෙන හැඟීම හරිම අමුතුයි. පරණ, කියා ගන්න බැරි මොකද්දෝ පුදුමාකාර පුරුදු මතකයක් තියෙනවා. කෝච්චිය ඔහිය දාලා හැල්මේ දුවද්දි මට කෑගහලා අඬන්න පුළුවන් විදිහේ දුකක් එනවා, හැබැයි කවදාවත් ඇත්තටම අඬලා නෑ, මොකට ගෙදර අයව බය කරනව ද? :)
ඔහියේ ඉඳලා ඉදල්ගස් හින්න පැත්තට යනකොට කෝච්චි පාරෙන් පොඩ්ඩක් එහාට වෙන්න තියෙනවා පොඩි සොහොනක්, මං ඉස්සෙල්ලම ඔය ගැන කියෙව්වේ බත් එක ඔතලා තිබුණු පත්තර කෑල්ලක. නමක් නැති සොහොන් කොතක් කියලා තමයි කියවෙන්නේ, ගලින් කෙටුව කුරුසියකුයි දෙමල අක්ෂර වගේකුයි තියෙන නිසා ගොඩක් අය විශ්වාස කරන්නේ මේ ඉන්දියාවෙන් ලංකාවට ආව දෙමල මනුස්සයෙක්ගේ සොහොන කියල.
1863 ලබද්දි මුහුද මැද හිටි ලෝක්නාථ් ඊට දෙදොහකට පස්සේ කොළඹ වරායෙන් ලංකාවට ගොඩ බැස්සේ තමන් එක්ක ඉන්දියාවෙදි එකට වැඩ කරපු තවත් ඉංගිරිසි දුම් රිය ඉංජිනේරුවරු දෙන්නෙක් එක්කයි, තවමත් වැඩ සම්පූර්ණයෙන්ම ඉවර නොවුණු ඉන්දීය ප්‍රධාන දුම් රිය මාර්ගයේ වැඩ වලින් තාවකාලිකව ඉවත් වෙලා වහාම ලංකාවට වාර්ථා කරන්න කියලා ලෝක්නාථ් ට දැන්නුවෙ ෆෙවිල්. ලත් තැනම ලොප් වෙලා තිබුණු ලංකාවේ දුම් රිය මාර්ග කටයුතු ආරම්භ කරන්න ෆෙවිල්ට නීත්‍යානුකූල බල තල ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබිලා තිබුණා. ඒ හරියටම 1862 නොවැම්බර් මාසේ මුල. කොළනි ලේකම් විසින් මෝල්ස්වත් ඉංජිනේරුවා පත් කරලා තිබුණා දුම් රිය මාර්ග කටයුතු සහ කොන්ත්‍රාත් ලේඛන අධීක්ෂණයට, හැබැයි ෆෙවිල් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ප්‍රධාන සහය ඉංජිනේරුවා විදිහට ලෝක්නාථ් ව ලබා දෙන්න කියලා, ඉන්දීය දුම් රිය මාර්ග සංවර්ධන කටයුතු කරද්දී ලෝක්නාථ්ගේ විශිෂ්ට හැකියාවන් ගැන ෆෙවිල් නොසෑහෙන්න පැහැදිලා හිටියේ.
එක අතකට මේ වෙද්දි ඉන්දියාවේ තමන්ගේ කටයුතු ගැන පොඩි දෙගිඩියාවකින් හිටි ලෝක්නාථ් ට මේ අලුත් ආරාධනාව දේව ආශිර්වාදයක් වුණා. සුද්දා කරන හැම වැඩේම හොඳයි නොකියපු ලෝක්නාථ් තමන් අසීරුවෙන් ඉගෙන ගත්ත දේ තමන් උපන් රටට නැවත දෙන්න හිතුවත් ගොඩක් දේශප්‍රේමී ඉන්දියානුවන් ලෝක්නාථ් ව සැලකුවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ බත් බැලයෙක් හැටියට.
කොහොමින් කොහොමහරි ලංකාවට ආපු ලෝක්නාථ් ට පැවරිලා තිබුණු පළවෙනි කාරිය වුණේ මාර්තු මාසෙ ෆෙවිල් ලංකාවට එන්න කලියෙන් පොඩි පහේ සක්‍යතා වාර්තාවක් හදන්න. ෆෙවිල් මේ කටයුත්ත මෝල්ස්වර්ත්ට දැනුම් දීලා තිබුණේ නෑ. දැනටමත් නීතිමය කටයුතු අහවර වෙලා ලංකාවේ දුම් රිය මාර්ගයක් හදන්න කියන බැරෑරුම් වගකීම ෆෙවිල්ට තිබුණට ඒකට අවශ්‍ය විශ්වාසෙත් ෆෙවිල්ට තිබුණට ෆෙවිල්ට ඕනි වුණා කලින් වතාවේ මේ කටයුත්ත ලත් තැනම ලොප් වුණු ඇත්ත කාරණේ හොයා ගන්න. කාටත් වඩා මේ වැඩේට දක්ෂයා ලෝක්නාථ් කියලා ෆෙවිල් දැනං හිටියා, ඒකට අවශ්‍ය තාක්ෂණික දැනුම වගේ ම අවශ්‍ය විනයක් බුද්ධියක් ලෝක්නාථ් ට තියෙන වග ෆෙවිල් පහුගිය අවුරුදු දෙකට හොඳට තේරුම් අරගෙන හිටියේ.
කොහොමින් කොහොම හරි එකදාස් අටසිය හැට තුන අවුරුද්දේ මාරුතු මාසෙ මුල් සතියේ ෆෙවිල් කොළඹ වරායෙන් ගොඩ බහින කොට ලෝක්නාථ් තමන්ට පැවරුණ වැඩේ හරියටම කරලා තිබුණේ. ඒ ගැම්මටම ෆෙවිල් තමන්ගේ කටයුතු පටන් ගත්තා. 1864 වෙද්දි සැලසුමේ හැටියටම කොළඹ ඉඳන් අඹේපුස්සට කෝච්චි පාර හදන්න ෆෙවිල් ඇතුළු කණ්ඩායමට පුළුවන් වුණා. වැඩ කටයුතු මේ තරම් ඉක්මනට ඉවර වෙන්න එක හේතුවක් වුණේ කලින් වැඩ භාර වෙලා හිටි “ලංකා දුම් රිය කොම්පැනිය” එයාලගේ වැඩ නවතන්න කලිං සෑහෙන ප්‍රමානෙකට බිම් සැකසුම් කටයුතු කරලා තිබුණු නිසා. හැබැයි කෝච්චි පාරේ කටයුතු අඹේපුස්සට ලං වෙද්දි ෆෙවිල් අධික මහන්සිය නිසා ම අසනීප වෙලා හිටියේ. මෝල්ස්වර්ත් තමන්ගේ කටයුතු හරියාකාරව නොකරපු නිසා ෆෙවිල්ට වැඩ දෙක වුණ අවස්ථා නොතිබුණා ම නෙවෙයි, හැබැයි ෆෙවිල් වැටෙන හැම වෙලේම ලෝක්නාථ් ලඟ තිබුණා හොඳ උත්තර. මෝල්ස්වර්ත්ගේ අත්තනෝමතික පාලනයත් ෆෙවිල්ගේ හදිසි අසනීප තත්වයත් නිසා දුම් රිය මාර්ගේ වැඩ වලට ආපු ලංකාවේ ඈයො ටික පොඩ්ඩක් තක්කු මුක්කු වෙලා හිටියේ. එක පාරකුත් බැරි වුණු වැඩේ ගැන එයාලගේ තිබුණේ සුළු පටු සැකයක් නෙවෙයි. ලෝක්නාථ් ඒ හැමවෙලේම තමන් ඉන්දියාවෙදි ලබාපු අත්දැකීම් එහෙම මේ ඈයොත් එක්ක බෙදා හදාගෙන පුළුවන් හැටියට අවසන් අදියරේ කටයුතු කරගෙන ගියා. මේ වෙද්දි මේ කටයුත්තට ලංකාවෙන් දායක වෙලා හිටි බොහෝ දෙනාගේ හිත මේ කට්ට කළු ඉන්දියානුවට ඇදිලා තිබුණේ, බොහෝමයක් ඉන්ග්‍රීසි ඉංජිනේරුවන්ගෙත් වැඩි මනාපයක් ලෝක්නාථ්ට හිමි වෙද්දි මෝල්ස්වර්ත්ට ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා. කොහොමින් කොහොම හරි කෝච්චි පාරේ වැඩ කටයුතු අහවර වෙලා තිබුණත් පළවෙනි කෝච්චි ගමන තවත් පෝය හතරක් විතර පරක්කු වුණා. අන්තිමේ එක්දාස් අටසිය හැට පහේ ඔක්තෝබර් දෙවැනිදා හා හා පුරා කියලා කෝච්චියක් කොළඹ ඉඳන් අඹේපුස්සට ගමන් ඇරඹුවා.
එදා පළවෙනි දුම් රිය ගමන අඹේපුස්සෙන් ඉවර වෙලා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා පළවෙනියට මුණ ගැහුනේ මෝල්ස්වර්ත්ව. මෝල්ස්වර්ත් ව නොසෑහෙන්න අගය කලේ ප්‍රධාන වශයෙන්ම මෝල්ස්වර්ත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට වග කියන නිළධාරියා වෙච්චි නිසා. අසනීපෙන් හිටි ෆෙවිල් ව මුණගැහුණේ ඊට පස්සේ. මේ හැමදෙයක්ම මෝල්ස්වර්ත්ව තවත් නරක පැත්තට යොමු කලා, මොකද මෝල්ස්වර්ත් දැනන් හිටියා ෆෙවිල් ලෝක්නාථ් එකතුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මේ හීනෙ කොහොම හරි හැබෑ කරනව කියලා, හැබැයි ඒකේ නම ලැබෙන්නේ තමාට කියලා.
ආයෙමත් ෆෙවිල් දුම් රිය මාර්ගයේ කටයුතු වලට දායක වෙන්න ගත්තත් අඹේපුස්සෙන් පස්සෙ මා ඔයේ එහා මෙහා කොණ යා කරන හැටියක් ෆෙවිල්ට එක පාරටම හිතා ගන්න බැරුව හිටියේ. මෝල්ස්වර්ත් මේ වෙද්දිත් හිටියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ වර්ණනාවලින් මුසපත් වෙලා. එතනදිත් ෆෙවිල්ගේ උදව්වට හිටියේ ලෝක්නාථ්. අන්තිමේ ෆෙවිල් ලෝක්නාථ් එකතුව මෝල්ස්වර්ත් සහයත් අඩු වැඩියෙන් ලැබෙද්දි එකදාස් අටසිය හැට හතේ බක් මාසේ වෙද්දි කොළඹ නුවර දුම් රිය මාර්ගයකින් යා කලා.
හැබැයි මේ වෙද්දි ෆෙවිල්ට තිබුණේ හිතේ ධෛර්‍යය විතරයි. දුම් රිය මාර්ගේ කටයුතුත් එක්කම ෆෙවිල් නොසෑහෙන්න දුර්වල වෙලා හිටියේ. ෆෙවිල් විතරක් නෙවෙයි දුම් රිය මාර්ගේ කටයුත්තට බ්‍රිතාන්‍යයෙන් ආපු ගොඩක් නිළධාරින් දුර්වල වෙලා නැත්තං නො එන ගමන් ගිහින් හිටියේ. මේ කටයුත්තට එකතු වුණු, බලෙන් එකතු කල ගොඩක් ලාංකිකයොත් බොහෝමයක් අමාරු අඩියේ හිටියේ. සමහර වෙලාවට ෆෙවිල් කිව්වේ ලෝක්නාථ් නොහිටින්න මේ කටයුත්ත මෙච්චර සාර්ථක නොවෙන්න තිබුණා කියලා, හැබැයි ෆෙවිල් වුණත් මෝල්ස්වර්ත්ට ඇහෙන්න මේ දේවල් කිව්වේ නෑ.
මෝල්ස්වර්ත් ලෝක්නාථ් අතර තිබුණේ සීතල යුද්ධයක්, ලෝක්නාථ්ගේ ඉවසීම නොතිබෙන්න මේ හැමදේම සතුටු විදිහට අහවර වෙන්න තිබුණු ඉඩ හරි අඩු වග ෆෙවිල් දැනන් හිටියා. ඒත් මෝල්ස්වර්ත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් පත් කල විශේෂ මනුස්සයෙක් නිසා කොච්චර වුණත් හිතේත් පොඩි පහේ දෙගිඩියාවක් තිබුණා ලොකු තීරණයක් ගන්න මේ සීතල යුද්ධෙට. අවසානේ කොළඹ නුවර දුම් රිය මාර්ගේ කටයුතු ඉවර වෙලා එකදාස් අටසිය හැට හතරේ අගෝස්තු මාසේ සාමාන්‍ය ජනයාට විවෘත කරන්නත් කලියෙන් ෆෙවිල් ආණ්ඩුකාරයාගේ නියෝගයකින් ආපහු එංගලන්තයට යැව්වා. ඒ විශේෂ වරප්‍රසාද රාශියකුත් එක්ක. ලංකාවෙන් පිටත් වෙන්න කලින් ෆෙවිල් එක දෙයක් කලා, ඒ ඔහුගේ අනු දැනුම යටතේ නිර්මාණය වෙච්චි දුම් රිය මාර්ගයට වඩා එක අඟලකින් හරි මාර්ගය දියුණු කරනව නම් ලෝක්නාථ් ඒ කටයුතු වලට සුදුසුම කෙනා කියලා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට දැනුම් දීම. ඉන්දීය දුම් රිය මාර්ගයේ කටයුතු කලාට වඩා සෑහෙන සතුටකින් ලංකාවේ හිටි ෆෙවිල් ලංකාවට තමන්ගේ මව් රටට වගේ ම ආදරේ කලා.
නුවර ඉඳලා නානු ඔයට දුම් රිය මාර්ගය දියුණු කරන්න අවශ්‍ය බව වගා කරුවන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ලිඛිතව දැනුම් දුන්නේ කොළඹ-නුවර දුම් රියේ පහසුව හොඳින්ම ඔවුන්ට දැනුන නිසා. ෆෙවිල්ගේ ඉල්ලීම මතක තිබුණු ආණ්ඩුකාරවරයා ලෝක්නාථ් ට කටයුත්ත භාර කලා, හැබැයි ආයෙම වතාවක් මෝල්ස්වර්ත් ප්‍රධාන ඉංජිනේරුවරයා කරමින්. කොළඹ නුවර දුම් රිය මාර්ගයකින් යා කරන එකට ලොකු කාලයක් ගත නොවුණට නුවරින් පස්සේ තමයි ලොකුම අභියෝගය තිබුණේ. මෝල්ස්වර්ත් ලෝක්නාථ් අවුල නැත්තං සීතල යුද්ධේ අළු යට ගිනි වගේ තියෙද්දිම දුම් රිය මාර්ගේ කටයුතු හිමින් සැරේ සිද්ධ වුණා. කොච්චර හෙමින් ද කියතොත් අවුරුදු විස්සකට පොඩ්ඩක් අඩුවෙන්. අවුරුදු විසි පහක තරුණයෙකු ව ලංකාවට ගොඩ බැස්ස ලෝක්නාථ් දැන් පරිණත මනුස්සයෙක්. තමන්ගේ රස්සාව අතින් විතරක් නෙවෙයි, සාමාන්‍ය ජීවිතය ගැනත් ලොකු අවබෝධයක් තියෙන මිනිහෙක්. සිල් පර කොටන් අස්සටම හිර වෙලා හිටි ලෝක්නාථ් එතනින් එහාට ජීවිතයක් ගැන හිතුවේ නෑ. කොටින් ම ඉන්දියාවෙන් එද්දි එහෙත් එක්ක තිබිච්ච හැම සම්බන්ධයක් ම නවත්තලා ආපු නිසා නිකමටවත් මව් රටට ගිහින් එන්න උවමනාවක්වත් ජිවිතේ කාත් එක්ක හරි බෙදා ගන්නවත් ලෝක් නාථ්ට උවමනාවක් තිබුණේ නෑ.
මෝල්ස්වර්ත් ලෝක් නාථ්ට වඩා අවුරුද්දක් විතරයි වැඩිමහල්. එංගලන්තේ තමන්ගේ ඈයො බලන්න කීප විටක් නැව් නැග්ගත් මෝල්ස්වර්ත්ටත් ලංකාව ගෙදර වගේ තමයි. ඔහොම නැව් නැඟපු එක වතාවක ආයෙමත් මෝල්ස්ත්වර්ත් ලංකාවට ආවේ ප්‍රියම්භිකාවකුත් එක්ක. ඇය නමින් එලිසබෙත්. ලංකාවේ ජීවිතේට එක පාරටම හුරුවෙන්න එලිසබෙත්ට පුළුවන් කමක් නොතිබුණත් ලංකාවේ ලස්සන ගැන එංගලන්තේ මිනිස්සු කතා වෙන හැම දෙයක් ම ඇත්ත කියලා ඉක්මනට ම තේරුම්ගන්න ඇයට පුළුවන් වුණා. මොල්ස්වර්ත් වුණත් එලිසබෙත් ගේ ආගමනයෙන් පස්සෙ ටිකක් සෞම්‍ය මනුස්සයෙක් වෙලා හිටියේ, සමහරට විට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ලැබුණු අසීමිත සහයෝගය නිසා වෙන්න ඇති. හැබැයි.. එක මොහොතකටවත් ලෝක් නාථ් කෙරෙහි තිබුණු අකමැත්ත අඩු වුණේ නෑ. කෝච්චි පාර දික් වෙන්න වෙන්න දෙන්න අතර තිබුණු සීතල යුද්ධේ ඇවුළුනා මිසක් අඩු වුණේ නෑ. හැබැයි මේ කට්ට කළු හැබැයි හරිම සුරුවම් ඉන්දියානුවා ගැන එලිසබෙත් ට තිබුණේ ගොඩක් හොඳ පැහැදීමක්. එලිසබෙත් ගේ මේ පැහැදීම ගැන මෝල්ස්වර්ත් ට තිබුණේ හොඳ පැහැදීමක් නෙවෙයි. ඔය කාරණේ නිසා ම පොඩි පොඩි අඬ දබර නොවුණා ම නෙවෙයි. ඒ නිසා එලිසබෙත් බොහෝමයක් වෙලාවට ලෝක් නාථ් එක්ක වැඩි පයුරු පාසානමක් තියා ගත්තේ නෑ. එලිසබෙත් විතරක් නෙවෙයි, එලිසබෙත්ටයි මෝල්ස්වර්ත්ටයි දාව ඉපදුණු පුංචි රෝස මලක් වගේ ලස්සන මේරිගෙත් ආසම පිටස්තරයා වුණේ ලෝක් නාථ්. එක දාස් අටසිය අසූ පහ වෙද්දි හිමින් සැරේ කෝච්චි පාර නානු ඔයට දික් වෙද්දි මේරි තවදුරටත් පුංචි පැටික්කියක් වුණේ නෑ. අවුරුදු දා හතක් වුණු ලස්සන ගැහැණු දරුවෙක්. ලංකාවේ හිටි බොහෝමයක් ඉංග්‍රීසි නිලධාරින්ගේ එහෙමත් නැත්තං මෝල්ස්වර්ත් වගේ බොහෝ කාලයක් ලංකාවේ හිටි නිලධාරින්ගේ පුත්‍ර රත්නයන් බොහෝමයක් මේරි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියේ. තාමත් පොඩි එකෙක් වගේ හිටි දඟකාර මේරි ට ඔය ගැන ලොකු අවධානයක් නොතිබුණත් එලිසබෙත් නොසෑහෙන්න උවමනාවෙන් හිටියේ මේරි ව සුදුසු කෙනෙකුගේ වගකීම කරන්න.
නානු ඔයෙන් පස්සෙ බණ්ඩාරවෙලට කෝච්චි පාර දික් කරන්න කටයුතු වල නිරත වෙලා හිටි මෝල්ස්වර්ත් ට ඔය ගැන වැඩි උවමනාවක් තිබුණේ නෑ. ඇරත් මේ වෙද්දි ලංකාවෙන් හොයා ගන්න පුළුවන් ශ්‍රම බලකාය ගැන මෝල්ස්වර්ත්ට තිබුණේ ලොකු බයක්, ඒ වගේම කේන්තියක්. ඉංග්‍රීසින්ට එරෙහිව ජාතික ව්‍යාපාර ගැන ආරංචි මේ ඈත ගම් වලටත් දැනෙද්දි එන්න එන්න ම කොච්චි පාරේ කටයුතු වලට හොයා ගන්න පුළුවන් මිනිස්සු ගාණ අඩු වුණා. කෝච්චි පාරේ කටයුතු වලට විතරක් නෙවෙයි, කෝපි වතු වල වගේම ජේම්ස් ටේලර් ගේ අලුත් තේ වතු වල වැඩ වලට ඕනි කරන මිනිස්සු අලුතෙන් හොයා ගන්න එක කළුනික හොයන තරමට අමාරු වෙද්දි ඉංග්‍රීසි ආණ්ඩුව තීරණයක් ගත්තා ඉන්දියාවෙන් මිනිස්සු ගෙන්වන්න. විශේෂයෙන් ම දකුණු ඉන්දියාවේ තියෙන ප්‍රශ්න කීපයක් විසඳ ගන්නත් මේක හොඳ අවස්ථාවක් කියලා ඉංග්‍රීසි ආණ්ඩුවට තේරිලා තිබුණේ. කොහොමින් කොහොම හරි ඉන්දියාවෙන් බුරුතු පිටින් අවශ්‍ය ශ්‍රම බලකාය ලැබෙද්දි දුම් රිය මාර්ගේ කටයුතු සෑහෙන්න වේගවත් වුණා. ඉන්දියානුවෙක් වුණත් දැනටමත් ලංකාවේ මනුස්සයෙක් වගේ වෙච්චි ලෝක් නාථ් ට හිතුනේ මේ ලොකු ප්‍රශ්නයක මුලක් කියලයි, හැබැයි තමන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පැවරුනු වගකීම සාර්ථකව කර ගන්න ලංකාවේ මිනිස්සුන්ගේ සහයෝගය නොලැබෙන කොට ලෝක් නාථ් ට වුණත් ඉන්දියාවෙන් ආපු මේ මිනිස්සු මත ම බලාපොරොත්තු තියා ගන්න සිද්ධ වුණා.
ඉන්දියාවෙදි කුල බේද නිසා තැලිලා පොඩි වෙලා හිටි මේ මිනිස්සු අතර නාහෙට නාහන මිනිස්සු නොහිටියම නෙවෙයි. අළුත් රටක අළුත් විදිහට ජීවිතේ පටන් ගන්න ඕනි තරම් අවස්ථාව තිබුණත් සමහර ඈයො තෝර ගත්තේ පරණ විදිහමයි. ඔය නිසා ම ලෝක් නාථ් හිටියේ සෑහෙන විමසිල්ලෙන්. වේලු කියන මේ හීන්දෑරි කොලුවත් ඔය වගේ. අම්මා අප්පා නැතුව ලංකාවට ඇවිල්ල හිටි අවුරුදු විසි පහක් විතර වෙච්ච මේ කොලුවා හැම වෙලේම උත්සහ කලේ ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව මොන මොනවා හරි කරන්න, එතකොට පිරිස ඉස්සරහ වීරයෙක් වෙන්න පුළුවන් කියන අදහස වේලුගේ හිතේ තිබුණා. මොනා වුණත් මහ දවල් මංකොල්ලයක් වගේ ඇස් පනා පිට මේ වෙන ශ්‍රම මංකොල්ලය ගැන ගොඩක් අයට ලොකු පැහැදීමක් තිබුණේ නෑ. ඉන්දියාවෙන් එන්න කලියෙන් මේ අයට වෙච්ච එක පොරොන්දුවක්වත් හරියට ඉටු නොවෙද්දි වේලුව වීරයෙක් වගේ පෙනුණ එකේ වරදක් නෑ. ආපු ඔක්කෝමල ගැන මෙහෙම විමසිල්ලක් නොතිබුණත් ලෝක් නාථ් ට හිතවත් වැඩ කම්කරුවො වේලුගේ මේ වැඩ ගැන ලෝක් නාථ් එක්ක කියලා තිබුණු නිසා ලෝක් නාථ් වේලු ගැන ඇහැ ගහගෙන හිටියේ. ලෝක් නාථ් එක්කත් වේලුට ප්‍රශ්න තිබුණා, හැබැයි කනින් කොනින් ලෝක් නාථ්ගේ කතාව අහල තිබුණු වේලු ලෝක් නාථ් ඉස්සරහ වැඩිමනත් ප්‍රශ්න දා ගන්න කැමති වුණේ නෑ. හැබැයි ඩිංග බැරි වෙන්න මිනිස්සුන්ව තලා පෙලා දාන මෝල්ස්වර්ත් ගැන වේලුට තිබුණේ බිංදුවක්වත් අඩු නොවෙන තරහක්. කෝච්චි පාරෙ වැඩ භාර වෙලා ඉන්න ලොකුම මිනිහා නිසා මිසක මේ වෙද්දි මෝල්ස්වර්ත් එක්ක ඔයිට වඩා ප්‍රශ්න වේලු ට තියෙන්න තිබුණා. දවසින් දවස මෝල්ස්වර්ත්ගේ දරදඬු ගතිය වැඩි වුනෙත් වේලු වටේ මිනිස්සු එක්කාසු වුනෙත් හරියට කලින් කතා වෙලා වගේ. ලෝක් නාථ් බොහෝ වෙලාවට මේ විරසකය අඩු කරන්න උත්සහ කලත් කාලාන්තරයක් තිස්සේ තිබුණු මෝල්ස්වර්ත්-ලෝක් නාථ් සීතල යුද්ධේ මේ උත්සහයන් ව්‍යාර්ථ කලා.
මෝල්ස්වර්ත්- ලෝක් නාථ් කඹ ඇදිල්ල, වේලු ගේ කඩාකප්පල්කාරී වැඩ එක්ක කොහොම හරි ඔහියටත් කෝච්චි පාර දික් වුණා. ඔහියේ ලස්සන අහපු ගොඩ දෙනා මේ තැන බලන්න ආවා. ඔය අතර එලිසබෙත් එක්ක ආපු මේරි ත් හිටියා. ඒ තමයි වේලු ඉස් ඉස්සෙල්ලම මේරි ව දැක්කේ. ඉන්දියාවෙදියි ලංකාවෙදියි ඇති තරං ඉංග්‍රීසි ගෑණු දැකලා තිබුණට මෙහෙම ලස්සන ගෑණු ලමයෙක් වේලු දැක්කමයි. මේ ලස්සන වේලු දැක්කෙ වෙන විදිහකට, මෝල්ස්වර්ත් ට රිදවන්න පුළුවන් හොඳම ක්‍රමේ හැටියට. වේලුට කනින් කොනින් ආරංචි වුණු විදිහට මෝල්ස්වර්ත් තමන්ගේ පණටත් වඩා මේරිට ආදරේ කලා. ඔහියෙදි මේරිව දැකපු දා ඉඳලා වේලුගේ ඔළුවේ තිබුණේ එකම අරමුණයි, ඒ මේරිගේ මාර්ගෙන් මෝල්ස්වර්ත් ට රිදවන එක. වැඩේ හිතපු තරං ලේසි නොවුණේ මේරි කොයිම වෙලාවකවත් තනියම ගමන් බිමන් නොයන නිසා.
වේලු ගැන ඇහැ ගහගෙන හිටපු ලෝක් නාථ්ට වේලුගෙ වෙනසක් පෙනුනත් මේ අළුත් වෙනස හිතා ගන්න බැරුව හිටියේ. කොහොම වුණත් ලෝක් නාථ් දැනන් හිටියා කුණාටුවට කලින් මුහුද නිශ්චලයි කියලා, ඒ නිසා ලෝක් නාථ්ගේ හිතවත් ම ගෝලයා වේලුගේ ගමන් බිමන් ගැන හොයන්න යොදවලා හිටියේ.
මේ කිසිම දෙයක් ගැන නොදැන හිටි මේරි තමන්ගේ පුරුදු විනෝද කාමී ජීවිතේ ගෙවමින් හිටියේ. එදා හැන්දෑවේ ජෝර්ජ්, ඒ කියන්නේ මෝල්ස්වර්ත්ගේ විශ්වාසවන්තම ඉංග්‍රීසි නිලධාරියත් එක්ක තරඟෙට අස්සයො පදින්න යන්න වුණත් මේරි පැකිලුනේ නැත්තේ ඒ නිසා, අනික ජෝර්ජ් ගැන මේරිගේ හිතේ අලුතෙන් ඇතිවෙච්ච අමුතු හැඟීම නිසා කිසි බයක් මේ ගැන මේරිට තිබුණේ නෑ. තාම වචන වලින් නොකිව්වට ජෝර්ජ් මේ වෙද්දි මේරිට ආදරේ කරමින් හිටියේ. ඒ ආදරේ වචන වලට පරිවර්තනය කරන්න හොඳම දවස එදා හැන්දෑව කියලා ජෝර්ජ් දැනන් හිටියා.
එදා හැන්දෑව වෙනදාට වැඩිය සීතල හැන්දෑවක් වුණා, අස්සයො පදින්න තිබුණු ආසාව මිසක මේරිටත් එලියට බහින්න නොහිතුණු ඝන මීදුමකින් හැමතැනම වැහිලා තිබුණු හැන්දෑවක්. එලිසබෙත් ඒ කියන්නේ මෝල්ස්වර්ත්ගේ බිරිඳ වුණත් ලංකාවෙදි දැක්ක ලොකුම මීදුම මේක තමා, මීදුමේ හදිසි කරදරේ නිසා කෝච්චි පාරේ කටයුතු කලින් අවසන් කල මෝල්ස්වර්ත් මේ වෙද්දිත් ඔවුන්ගේ නිවස්නෙට ඇවිත් තිබුණේ. මීදුම නිසා අනතුරක් වුණොත් වෙන පාඩුව දවස් භාගයක් කෝච්චි පාරේ කටයුතු පරක්කු වෙනවට වඩා මහා කරදරයක් වග ලෝක් නාථ් දන්වලා තිබුණා.
කලින් වැඩ අහවර වුණු සන්තෝසෙන් තමන්ගේ ලයින් කාමර වලට යමින් හිටිය වේලුට අස්ස කුර හඬක් ඇහුණේ අහම්බෙන්. මේ මීදුමේ අස්සයෝ පදින්නේ මොන මෝඩයද කියලා බලන්න පස් කණ්ඩිය උඩට නැඟපු වේලුට තමන්ගේ ඇස් අදහගන්න බැරි වුණා. ඒ මේරියි මෝල්ස්වර්ත්ගේ දකුණු අත වෙච්ච ජෝර්ජ් කියන ඉංග්‍රීසි නිලධාරියයි මීදුමේ කිසිම වගක් නැතිව හිනා වෙවී අස්සයෝ දක්කන නිසා. මෝල්ස්වර්ත්ගේ හයිය හිතට අරං හිටි ජෝර්ජ් බොහෝමයක් ඉන්දීය කම්කරුවන්ගේ පරම සතුරා වුණා. ජෝර්ජ්ගෙන් කස පාර නොකාපු කම්කරුවෙක් නැතිව ඇති.
මේ හැන්දෑව තමන් බලා හිටපු හැන්දෑව කියලා වේලුට තේරුණා. අනික් කම්කරුවන්ව මඟ හැරපු වේලු මේරි පස්සෙන් ඇදුනා, ඒ අතේ තිබුණු උදළු කෙටිය ටිකක් තදින් අල්ලගන්න ගමන්. වේලුගේ මේ ගමන ගැන මිනිත්තු දෙකක් යන්නත් කලින් ලෝක් නාථ් ට ආරංචි වුණා. ලෝක් නාථ් වේලු ගිය පාරේ ගියා මිසක වේලු මේ යන්නේ කොහෙද මොකටද කියලා ලෝක් නාථ් දැනන් හිටියේ නෑ, දැනන් හිටිය එකම දේ මේ මීදුම අස්සේ මේ මනුස්සයා යන්නේ හොඳ වැඩකට නොවෙන වග විතරයි. ලෝක් නාථ් අතේ කවදාවත් පාවිච්චි නොකරන්න හිතපු බට දෙකේ තුවක්කුව තිබුණා. කෝච්චි පාරට බිම් සකස් කලත් තාමත් පීලි අතුරලා තිබුණේ නැති පාරෙන් පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න තිබුනු පිට්ටනියට තමන්ගේ අස්සයො දක්කපු මේරි ජෝර්ජ් යුවල කල්පනා කලේ මීදුම මැද්දෙන් තමන් දිහාවට ඇදෙන රූපෙ මොකද්ද කියලා. ටික වෙලාවක් බලා ඉද්දි ජෝර්ජ්ට තේරුණා මේ එන්නේ වේලු කියලා, හැබැයි වේලු වගේ මිනිහෙක් මේ වගේ වෙලාවක මේ වගේ තැනක ඉන්නේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයක් තිබුණා ජෝර්ජ්ගේ හිතේ කොනක. කෝකටත් තමන්ගේ පිස්තෝලේ අතට ගන්න බැලුවත් තමන් මේ ගමන් එද්දි පිස්තෝලෙ අරං ආපු නැති වග ජෝර්ජ්ට මතක් වුණේ ඉන පටියේ තිබුණ පිස්තෝල රඳවනේ හිස් කියලා අතට දැනුණහම. ඒ එක්කම දැනුණු අහේතුක බය නොදැනුවත්වම ජෝර්ජ්ට එයාගේ අස්සයාව ආපහු හරව ගන්න එක පමා කලා. මේරි බලන් හිටියේ තමන් ජීවිතේටවත් දැකලා නැති මිනිහෙක් මෙච්චර තරහින් තමන්ගේ දිහාවට එන්නේ ඇයි කියලා. මීදුම අස්සෙන් තමන් ගාවට එන මේ මිනිහා ගැන තප්පරේකට බයක් ආව නිසා ජෝර්ජ් ගේ පිහිට බලාපොරොත්තුවෙන් හැරුණත් ජෝර්ජ් මේ වෙද්දිත් තමන් ව අතහැරලා දුවන්න බලාපොරොත්තුවෙන් ඉන්න වග මේරිට ඒ තප්පරේම තේරුණා. තමන්ට හිතා ගන්නත් බැරි වේගෙන් ලංවුණ මේ කළු මිනිහා තමන්ව අස්සයාගේ පිටින් ඇදලා ගත්තෙත් ජෝර්ජ් අස්සයා පිටින් තමන්ව දාලා යන්න හදන්නෙත් වෙඩි හඬවල් දෙකක් ඇහුනෙත් එකම වෙලාවට කියල විතරක් මතක තිබුණු මේරි ආයෙ ඇස් ඇරියේ නෑ.
ඝණ මීදුමේ ම තමන්ගේ ඉලක්කය වැරදුණා කියලා ලෝක් නාථ් දැන ගත්තේ ලේ විලක් මැද වැටිලා හිටිය මේරිත් වේලුත් දැක්කම. වාව ගන්න බැරි වේදනාවක් එක්ක වෙච්ච දේ හිතා ගන්නත් බැරි වුණාට මෙච්චර කල් පාවිච්චි නොකර තිබුණු බට දෙකේ තුවක්කුවේ උණ්ඩ දෙකක් එක පාර පිට වෙලා තුවක්කුව ගැන තමන්ගේ විස්වාසේ කැඩුවා විතරක් කියලා තේරුණා.
මොලකැටි රෝස මලක් කාලේ ඉඳන් තමන් ගේ නොවුණත් තමන්ගේ වගේ ආදරෙන් බලා ගත්තු මේරිට තමන් අතින් ම මෙහෙම කරදරයක් වෙයි කියලා නොහිතපු ලෝක් නාථ්ට ඒ මොහොතෙම තමන්ගේ ජීවිතය ගැන තිබුණු විස්වාසේ නැති වුණා. ඒ ආවේගයෙන් ම එතනම තිබුණු වේලු ගේ අතේ තද වෙලා තිබුණු උදළු කෙටිය අරන් මහ පාන්දර වෙනකං ලොකු බුහුරක් හදලා ලොකු ආදරයකින් ප්‍රාණය නිරුද්ධ මේරිවත් ඒ ලඟින්ම වේලුවත් ආදාහනය කරපු ලෝක් නාථ් ඒ උඩින් ගල් ඇතුරුවේ අඩු ගානේ මේරිගේ දේහයට වනේ වන සතෙකුගෙන්වත් හානියක් වෙයි කියන බයට. පහුවදාට ඉර එලිය වැටෙන පලමු ඇහිල්ල වෙද්දි ලෝක් නාථ් පොඩි කුරුස පොඩියක් ගල් කෑලි හතරකින් හදලා ඒකේ තමන්ට මතක තිබුණු දෙමල අක්ෂර වලින් “සමාවෙන්න” කියන වචන ටික කොටලා අහවර වෙලා තිබුණේ. තමන්ගේ ජීවිතේ පරම සතුරා වෙච්චි මෝල්ස්වර්ත් තමන්ට කිසි සමාවක් නොදෙන වග දැන හිටියට ඊටත් වඩා තමන්ගේ හෘද සාක්ෂිය තව කිසිම දේකට ඉඩ නොදෙන වග තේරුණු ලෝක් නාථ් අවසාන වතාවටත් මේරිත් මේරි ලඟින්ම හිටි වේලුටත් සමු දීලා කෝච්චි පාර දිගේම ඔහිය පැත්තට ඇදුණා… ඒ තමයි ලෝක් නාථ් ව නැගෙන හිරු දැකපු අන්තිම වතාව.
අමුතු අමුතු කවි
ඔබ නමින් ලියවුනු
නැවත නැවත කියවා
හිත දුක් නොවනු පිණිස
මකා දැමුවෙමි
සදහටම
මං දැං ආදරෙයි
ඔබට නොව
මගෙ හිතට
ඔබ නිසා පෑරුනු රිදුනු…
ප.ලි: එක දාස් නවසිය බර ගණන් වල ලියපු එකකි…