Stories by Niroshi Dombagahage on Medium
මේ ළඟදි සමීපතම හිතවතෙක් මාත් එක්ක කියපු කතාවකට මගේ හිත බොහොම ඇදිලා ගියා. එක කාලෙක එකමත් එක රටක හිටියා ගොඩක් අසරණ යාචකයෙක්. මේ මනුස්සයට ලොකු ප්‍රශ්නයක් තිබුන හැමදාමත් හිඟන්නෙක් වෙලා දුක් විඳින එක ගැන. ඔහුට දැන ගන්න ඕනි වුනා මේ ජීවිතේ කවදාවත් ඔහුට සතුටින් ජීවත් වෙන්න පුළුවන් සුවපහසු ජීවිතයක් ලැබෙන්නේ නැතිද කියලා.
ඔහු මේ ප්‍රශ්නයට පිළිතුරු සොයාගෙන ආගමික ශාස්තෘවරයෙක් ළඟට යන්න හිතුවා. මේ ගමන බොහොම දුෂ්කර, අපමණ බාධක පිරුණු එකක්. එහෙම වුනත් තමන්ගෙ දිළිඳුකම හා අසරණභාවයෙන් ගැලවෙන්න පුළුවන් ද කියලා දැන ගන්න ඔහු ඒ ගමන යන්න තීරණය කළා.
දිවා රෑ වෙහෙසෙමින් ආගමික ශාස්තෘවරයා හමුවීමට යන ගමන අතරතුර එක් දිනක රාත්‍රියේ ඔහු ධාරානිපාත වර්ෂාවකට හසු වුණා. ඔහු පාළු වීදියෙ කොනක තියෙන නිවහනකට ගොඩ වෙන්නෙ මේ වැස්සෙන් බේරෙන්න. නිවැසියන් ඔහුට හොඳින් සංග්‍රහ කරනවා. මේ නිවසේ මවටත් පියාටත් බොහොම සුන්දර තරුණ දියණියක් සිටිනවා. යාචකයාගෙන් ආ ගිය තොරතුරු විමසන නිවසේ කාන්තාව තමාගේ සුන්දර දියණිය ගොළු දැරියක් බවත් එනිසා තමන් විඳින සිත් තැවුල ගැනත් යාචකයාට හෙළි කරනවා. දැරිය ගොළු වීමට හේතුව ඒ ආගමික ශාස්තෘවරයාගෙන් විමසා දැන ගෙන එන බවට යාචකයා ඔවුන්ට පොරොන්දු වෙනවා.
ඉතින් මේ දුෂ්කර ගමන යන අතරතුර දී ඔහුට අනතුරුව කන්දක් තරණය කිරීමට සිදු වෙනවා.. එය තනිව කල නොහැක්කක් බව වැටහෙන විට ඔහුට ගමන අත් හරින්නට සිතෙනවා. මේ මොහොතේ ඔහුට මැජික්කරුවෙක් මුණ ගැහෙනවා. තමා ළඟ තිබෙන සිතූ පැතූ මැජික් යෂ්ටියෙන් කන්ද තරණය සඳහා යාචකයාට පිහිට වෙන මැජික්කරුවා මේ ජීවිතය බොහොම වෙහෙසකර බවත් තමන්ගේ එකම පැතුම දිනක ස්වර්ගයට යාම බවත් පවසනවා. .මේ මැජික්කරුවා යාචකයාගෙන් ඉල්ලනවා තමන්ට ස්වර්ගයට යන්න පුළුවන් කොහොමද කියලා ආගමික ශාස්තෘවරයාගෙන් අහගෙන එන්න කියලා. යාචකයා පොරොන්දු වෙනවා ඔහුගේ ප්‍රශ්නයට විසඳුමක් ආගමික ශාස්තෘවරයාගෙන් රැගෙන එන බවට.
තමන්ගේ ගමනාන්තය වෙත යන දුෂ්කර ගමනේ දී යාචකයාට සිදු වෙනවා ගැඹුරු ගංගාවකින් එතෙර වන්නටත්.. මෙතනදි ඉදිරියට එන කැස්බෑවෙක් යාචකයාව තමන්ගේ පිටේ තියාගෙන පිහිනලා ගඟෙන් එතෙර කරවනවා. තමන් අවුරුදු පන්සියයක් පමණ කැස්බෑවෙක් ලෙස ජීවත් වූ බවත්, මේ ජීවිතය ඉතා දුෂ්කර එකක් නිසා කවදා හෝ මකරෙක් වීම තමාගේ එකම ආශාව බවත් මේ කැස්බෑවා පවසනවා. අසරණ මනුස්සයා කැස්බෑවටත් පොරොන්දු වෙනවා ආගමික ශාස්තෘවරයා වෙතින් විසඳුමක් අරගෙන එන්න.
මේ විදිහට බොහොම දුෂ්කර ගමනකින් අනතුරුව තමයි යාචකයා ආගමික ශාස්තෘවරයා වැඩ වාසය කරන ස්ථානය වෙත ළඟා වෙන්නෙ. ආගමික ශාස්තෘවරයා මුණගැසීමට අවසර ලබා ගන්න යන මොහොතේදී ඔහු දැන ගන්නවා ආගමික ශාස්තෘවරයා බැහැ දැකීමට අවස්ථාව ලැබෙන කෙනෙකුට උන් වහන්සේගෙන් විමසා සිටිය හැක්කේ ප්‍රශ්න තුනක් පමණක් වන බව..!
තමා අකමැති හිඟන ජීවිතය ගැන ප්‍රශ්නය වගේම තමාගේ ගමන අතරතුරදී උදව් කළ තවත් තිදෙනකුගේ ප්‍රශ්න දැන් ඔහු ඉදිරියේ තියෙනවා. කවරෙකුගේ ප්‍රශ්නය මගහරින්නට දැයි කල්පනා කරන විට ඔහුට සිතෙනවා අන් තිදෙනාටම තිබෙන ප්‍රශ්න තමාගේ ගැටලුවට වඩා බරපතළ ඒවා බව. ඉතින් ඔහු තීරණය කරනවා තමන්ගේ ප්‍රශ්නය හැර අනිත් තිදෙනාගේ ප්‍රශ්න තුන ආගමික ශාස්තෘවරයා වෙත ඉදිරිපත් කරන්න.
ඔහු පළවෙනියටම අහන්නේ අර කැස්බෑවාගේ ප්‍රශ්නය. ආගමික ශාස්තෘවරයා පවසනවා කැස්බෑවාට මකරෙක් වෙන්න අවශ්‍ය නම් අවුරුදු පන්සියයක් උගේ පිටේ තියෙන කටුව ගලවල ඉවතට දාන්න කියලා. මැජික් කරුවාට ස්වර්ගයට යාමට අවශ්‍ය නම් ඔහු බොහොම ප්‍රිය කරන මැජික් යෂ්ටිය විසි කරන්නැයි උපදෙස් ලැබෙනවා. ගොළු දැරිය කවදාක හරි කවුරුන් හෝ සමග ප්‍රේමයෙන් බැඳුනොත් ඇයට කතා කිරීමට හැකියාව ලැබෙන බවත් ආගමික ශාස්තෘවරයා පවසනවා.
තමන්ගේ අසරණකම පිළිබඳ ගැටලුව තමා ළඟම තබාගත් යාචකයා අන් තිදෙනාගේම ගැටලුවලට විසඳුම් ආගමික ශාස්තෘවරයා වෙතින් ලබාගෙන ආපසු යන්න පිටත් වෙනවා. ඔහු කැස්බෑවා වෙත ගිහිල්ලා තමන්ගේ කට්ට ඉවත් කළොත් ඔහුට මකරෙක් විය හැකි බව පවසනවා. කැස්බෑවා අවුරුදු පන්සියයක් පිට මත දරාගෙන හිටිය තමන්ට ආරක්ෂාව සැපයූ කටුව ඉවත් කරන්න තීරණය කරනවා. කටුව ඉවත් කල ක්ෂණයකින් ඌ මකරෙක් බවට පත්වෙනවා. අත හැර දැමූ එම කටුව තුළ මුතු පොදියක් තිබෙනවා. කැස්බෑවා එම මුතු සම්භාරය යාචකයාට තෑගි කරනවා.
ශාස්තෘවරයාගේ උපදෙස් පරිදි තමාගේ ප්‍රියතම වස්තුව වන මැජික් යෂ්ටිය අත හැර ස්වර්ගයට යන්න තීරණය කරන මැජික් කරුවා සිතූ පැතූ සම්පත් දෙන එම යෂ්ටිය යාචකයාට ලබා දෙනවා.
මුතු සම්භාරයක් සහ සිතූ පැතූ සම්පත් දෙන යෂ්ටියත් රැගත් මිනිසා ගොළු දැරියගේ නිවසට ළඟා වෙනවා. ගොළු දැරිය ඔහු දුටු පමණින් "මං මග බලාගෙන හිටියා ඔයා නැවත එන තෙක්" යයි පවසන්නේ කවුරුත් මවිතයට පත් කරමින්. එලෙස තම අනාගත සහකරුවා කෙරෙහි විශ්වාසය තබන ඇය සීමාවන් බිඳ ප්‍රේමය ප්‍රකාශ කරමින් ගොළු බවින් මිදෙනවා.
මේ ජීවිතේ එහෙම තමයි.. ගොඩක් වෙලාවට අපිට අනිත් අයගෙ ප්‍රශ්න ගැටලුවලට වඩා අපේ අපහසුතා මහා විශාලව පේනවා සහ දැනෙනවා.... අපට අවශ්‍ය වුනාම කෙනෙක් අපි ළඟ ඉන්න ඔ්නි කියලා හිතන අපිට අැත්තටම අනෙක් අයට අපිව අවශ්‍යම වෙලාවල්වලදි ඔවුන් ළඟින් ඉන්න පුළුවන් වුනාද කියන එක හිතලා බලන්න මං ඔබට බාර කරනවා.. එ්ත් මේ කතාවෙදි වගේම අපි කාටත් සමහර වෙලාවකදි අපේ ගැටලු පැත්තකින් තියලා අපි කැමතිම දේ හා අපේ සතුට අන් අය වෙනුවෙන් කැප කරන්න වෙන මොහොතක් උදා වෙනවා.
ඒත් ඒක ලෙසි නෑ... අමාරුවෙන් වුනත් සමහරවිට එවැනි විටක කොන්දේසි විරහිතව අපේ සතුට අන් අයගේ සතුට වෙනුවෙන් කැප කරන්න අපට පුළුවන් නම් සමහරවිට අපි කැප කරන දෙය නැවත අපිට ම ලැබෙන්නත් ඉඩ තියෙනවා.. එහෙමත් නැතිනම් ඒ සතුට වෙනත් ආකාරයකින් හරි අපේ ජීවිතවලට ළඟා වෙනව කියන මේ කතාව විශ්වාස කරන්න මම හරිම කැමතියි.. .. මොකද ජීවිතේ අත නොහැර තවත් ඉදිරියට අරන් යන්න ඒ විශ්වාසය මට උදව් කරන නිසා... මට විතරක් නෙවෙයි ඔබ කාට වුනත් කවදාවත් බලාපොරොත්තු අත නොහැර ජීවිතේ ඉදිරියට අරන් යන්න ඒ විශ්වාසය උදව්වක් වෙයි කියලා මට හිතෙනවා...!!!
- නිරෝෂි දොඹගහගේ -
#niroshidombagahage
#mediaketisatahan #ALMedia
කාලයේ රුදු සීතලෙන්
ගල් ගැසෙන හැඟුමන් දස දහස් මැද
මනස නොවැඩෙන පුංචි දැරියක් මගේ හිත තුළ ඉන්නවා...
එකම මං පෙත එකට ගිය මුත්
ජීවිතය සම ලෙස බෙදාගෙන
දෙෙවයෝගයෙ සුළි කුණාටුව
විසුණු කල පසු සිතු පැතුම් හැම...
ගෙවී ගිය බව බොහෝ කාලය
තත්පරෙන් නම් දස දහස් බව
නොපිලිගන්නා අැගේ හදවත
එකම තැන මග බලනවා...
කොයි තරම් තරවටු නැගූවද
බුම්මගෙන අැය ඉන්නවා...
දෑත අල්ලන් ඉදිරියට යමු
කියා අැය මෙහි රැගෙන අාවද
මඟක් දුර විත් සාංකාවෙන්
අත ගසා යළි දුවනවා...
අතීතෙට වේගයෙන් දිව ගොස්
කාලයක අාදරේ තැවැරුනු..
මතකයන් සිත පැළඳගෙන අැය
ඉකි ගසා යළි හඬනවා...
ඔබ එතැයි මග බලනවා....
මනස වැඩෙන නොවැඩෙන
පුංචි දැරියක් මගේ සිත තුළ ඉන්නවා...!!!
- නිරෝෂි දොඹගහගේ -
දෝණි දැන් ආසම "ලස්සන වසිලිස්සා" රුසියන් සුරංඟනා කතා පොතට... ඒ පොතේ එන කතන්දරයක් අහගන්න ඕනි කියලා හිතුනොත් ඉතින් බේරිල්ලක් නම් ඇත්තෙම නෑ... මේ පොතේ එන "නුවණැති රාජාලියා" 🦅 කියන කතාව කියලා දුන්නා...
දියණියන් තිදෙනෙකු සිටින පියෙකුගේ බාලම දියණිය මර්යූෂ්කා... අක්කලා තාත්තගෙන් මිල අධික තෑගි ඉල්ලුවත් ඇය ඉල්ලන්නේ නුවණැති රාජාලියෙකුගේ පිහාටුවක් පමණයි...!!! පියා අමාරුවෙන් ඇයට එය ගෙනත් දෙනවා... මේ පිහාටුවෙන් ඇය තමාගේ කුමාරයා සොයා ගන්නවා... නපුරු අක්කලා ඇගේ කුමාරයාව පන්නා දමනවා... මර්යූෂ්කා යකඩ සපත්තු කුට්ටම් තුනක්, යකඩ හැරමිටි තුනක් ගෙවෙනකන්... යකඩ හිස් වැසුම් තුනක් කැඩෙනකල්ම කුමරු 🤴 සොයාගෙන දුෂ්කර ගමනක් යනවා .. ඇය කුමාරයා සොයා ගන්නවා එහෙත් ඔහු දැන් සිටින්නේ නපුරු රැජිනකගේ මායා බලයට හසු වෙලා... රාත්‍රී කාලයේදී කාටවත් අවදි කරවන්න බැරි මායා නින්දක තමයි රාජාලියා ඉන්නේ...!!
කුමරු සොයා ආ ගමනේදි තමාට ලැබුණු වටිනා වස්තුන් කිහිපයකින් එකින් එක රැජිනට දෙමින් මර්යූෂ්කා කුමරු ළඟට යාමට වෙලාව ඉල්ලනවා... නපුරු රැජින ඇයට අවස්ථාව දෙන්නෙ රාත්‍රී කාලයේදී පමණයි... අවස්ථා දෙකක්ම රාජාලියා ළඟට වී කොයිතරම් හැඬුවත් ඌව අවදි කරවා ගැනීමට නොහැකිව ගිලිහී යනවා... අවසන් දවසේ බොහෝ හෙම්බත්ව මර්යූෂ්කා හඬන කඳුළු බින්දුවක් රාජාලියාගේ ඇහැට වැටෙනවා…. ඌ අවදි වෙනවා… අතීතය මතකයට නැගෙනවා… කොහොම හරි නපුරු රැජිනගෙන් මර්යූෂ්කා තමන්ගේ කුමාරයාව බේර ගන්නවා…. Happy ending 💐 (සුරංගනා කතාවක්නෙ ඉතින්)
සුරංගනා කතාව ඉවර වුනාම තමයි දෝණි කතාව පටන් ගන්නේ…. මේ කතාව ගැන පුංචි කෙල්ල මගෙන් ප්‍රශ්න දෙකක් අහනවා…..
1.ඒ කතන්දරේ අමාරුවෙන් රාජාලි කුමාරයාව 🦅 හොයාගෙන යන්නෙ මර්යූෂ්කා නම් කතාවෙ නම “නුවණැති රාජාලියා" වෙන්නේ කොහොමද?
2.මර්යූෂ්කා කොයිතරම් ඇඬුවත්… ඇගේ කඳුළු ඇහැට වැටුණත් අර තුන් වෙනි දවසෙත් රාජාලි කුමාරයා අවදි නොවුන නම්… රැජිනගෙ මායා බලයටම අහුවෙලා හිටියා නම් ඊට පස්සේ මර්යූෂ්කාට මොකද වෙන්නේ..?
බෝ රුක අසල මග බැලු නෙත් අමතකද..
නුඹ ඇස් මතින් හුණු වුණ සිත මතකයි ද...
කෙදිනකවත් තනි නොකරන වග කීව..
ඒ පිලිණයත් උඩු හුළඟට ගියාවද..
තුම්මුල්ලෙන් හැරෙද්දි සිහි වෙනවාද...
පාලු නිසල බංකුව මත දුහුවිලිද...
මඳක් නැවතිලා බලන්න සිත් දේද..
ඊට වඩා ඒ පෙම වටිනවා නේද...
කන්නට ගන්න විට බත්පත සමව අනා...
හිරවෙන විටදි හිස සිඹ අත ගානවද....
මම තව කෑවෙ නෑ යයි කොඳුරනවාද...
ඔබෙ සුරතින්ම ඒ බත් කට කවනවද...
කුරුලු කොබෙයි පෙම් රස ගී ගයනවද...
සීතල රැයට ඇය උණුහුම සදනවද....
රෑ මැද තිගැස්සී ඇහැරෙන් නැහැ නේද..
මැණික නැතත් 🌒 සඳ පායනවා නේද...
නව නිවසක තැනූ සැනසුම පවතීවා...
ඉතිරූ කිරේ මහිමෙන් සිත දැඩි වේවා...
මා ගැන මතක සිනහව මත වියැකේවා..
ඉඳහිට හමන සුළඟක දුක නොදැනේවා...
සිත තද කරන් උඩු හුළඟට පියාඹන...
හිමි සඳ දැඩි කරන් පිය බඳ බදාගෙන.....
සැඩ දිය ගිලී යන දෙනෙතක් පෙනෙන්නට...
බිම බලනට ඔට්ටු නැහැ මොහොතක්වත් ඔන්න...
ඉරණම් ගමන ❤️
ඊයෙ 2020 අවුරුද්දේ මැයි මාසේ 25 වැනිදා… ඔයාට කෙටි පණිවිඩයක් තියලා ඒ වැව ළඟට මම ගියේ ඉරණම් ගමනක්… ආදරයක් වෙනුවෙන් මනුස්සයෙක් කොයිතරම් දුක් විඳින්න ඕනද.. බැඳීමක් ඇතුලෙ සිද්ධ වෙන.. රණ්ඩු.. සිත් රිදීම්වලට කෙනෙක් කොයිතරම් දඬුවම් විඳින්න ඕන ද කියලා හැඟීමක් මට නැහැ.. මගේ ජීවිතේ මං කාටවත් එහෙම දඬුවම් කරල නෑ… ඒත් මම හොඳින්ම දන්න එක කාරණයක් තියෙනවා ආදරේ ගැඹුර අනුව තමයි.. ඒ ආදරේ බිඳිලා ගියාම අපිට දැනෙන වේදනාවේ ප්‍රමාණය තීරණය වෙන්නේ…ආදරේ කියන දේ අර්ථකථනය කරන්න ඔයාටවත් මටවත්.. අපි දෙන්නටම අයිතියක් තියෙනවද කියන්න මම දන්නෙ නැහැ… ඒත් අපි ආදරේ කරන කෙනාට අසීමිත දුක් කන්දරාවක් දීලා.. දඬුවම් දීලා.. රැයක් දවාලක් නැතුව විඳවන්න සලස්වන එක ආදරේ නෙවෙයි කියන එක නම් මං හොඳටම දන්නවා… අනෙකාගේ තත්ත්වෙ අමතක කරල.. අනෙකාගේ අසරණකම අමතක කරලා.. හැංගිලා තමන්ගේ දේවල් විතරක් රැක ගන්න දිවා රෑ දෙකේ සැලසුම් කරන මිනිහෙක් ආදරවන්තයෙක් වෙන්නේ නෑ…ඒ වගේ මිනිස්සුන්ට ගැලපෙන්නෙ ආත්මාර්ථකාමියො කියන නම…. ගැහැණියක් ආදරේ කරන්නේ හදවතේ ගැඹුරුම තැනින්… දැන් අහන්න එපා ඒ ගැඹුරුම තැන මං හැර තව කී දෙනෙක් ඉන්නවද කියලා… ඒ ප්‍රශ්නෙ අහන්න ඕන නම්.. මගෙ ඉස්සරහට එන්න…මගෙ ඇස් දෙක දිහා බලාගෙන ඒ ප්‍රශ්නෙ අහන්න… .ලියන්න පටන් ගනිද්දිම කිව්වා වගේ විස්වාස කරනවා ඊයෙ මං වැව ළඟට ගියෙ ඉරණම් ගමනක් කියලා.. ඔයාට මං ගොඩක් අවස්ථාවන් දුන්නා… ඊයෙ මං ඔයාට දුන්නෙ අන්තිම අවස්ථාව.. ඔයා නොඑන බව මගෙ බුද්ධිය දැනගෙන හිටියා.. ඒත් ❤️ හදවත ඊයෙත් ඔයාව විස්වාස කළා….ඊයෙ ඔයා ආව නම් මේ කතන්දරේ ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. හැමදේම හදාගෙන අලුත් අවබෝධයක් එක්ක අපට අපේ ගමන යන්න තිබ්බා… ඔයා ආව නම් අපි හමුවුන මුල්ම දවස තරම්ම ඊයෙ දවස සුන්දර වෙන්න තිබ්බා.. සමහරවිට ඊටත් වඩා… ඉතින් තවත් ඔයා මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමියා … වෙනස් කෙනෙක් කියලා හිතන්න මට තවත් කරුණු නෑ… දැන් මම දන්නවා ඔයා මාව රැවැට්ටුව බව … සහසුද්දෙන්ම මම ඒ බව දන්නවා… වෛර කරන්න.. දඩුවම් කරන්න මට බෑ.. ඒ බයක් නෙවෙයි.. මට දැන් ඔයා ගැන දැනෙන්නෙ ලොකු කලකිරීමක්.. මොන තරම් වංචාවක් ඔයා මට කලාද කියල හැඟීමක්.. ඉතින් දැන් මේ කතාව ඉවරයි.. ඒත් ඒ කතාව තවම ඉවරෙටම ඉවර නැති බව මං දන්නවා… මං ඔයා එක්ක තිබුණ බැඳීම ඇත්තක් නම්.. මේ කතාව මෙහෙම ඉවර වෙන්න බැහැ.. ඒ නිසා අපි බලාගෙන ඉමු… කවුරු නැතත් ස්වභාවධර්මය මට සාධාරණයක් කරයි.. එතෙක් අපි බලාගෙන ඉමු….
එයාට තිබුණේ මගෙ තාත්තගෙ කටහඬමයි.. මං කවදාවත් එයාට ඒ බව කියල නෑ... ඒ කටහඬින් එයා මගෙ මැණික කියද්දි මට දැනුනෙම තාත්තා ආපහු ඇවිත් කියලමයි.. තාත්තා චූටි දුව කියනකොට දැනුන ආදරේම වෙනසක් නැතිව මට එයා ළඟ දැනුණා…. එයා කිව්වා තත්පරයක්වත් මේ ලෝකේ මාව තනි කරන්නේ නැහැ කියලා.. හීන දකින්න බය වෙන්න එපා…. හීන කවදහරි සැබෑ වෙනවමයි මැණික කියල මට කියලා දුන්නේ එයා…. ඉතින් මං දවසක බිඳිලා යයිද කියල කිසිම දෙගිඩියාවක් නැතිව ගොඩක් හීන දැක්කා… මම එයා ළඟ කිසිම බයක් නැතිව මමම වුණා… දරාගන්න බැරි තරම් එයාට ආදරේ කළා… දවසක මේ ආදරේ බිඳුනොත් මාව
කුඩුපට්ටම් වෙයි නේද කියල බයක් සැකයක් නැතිව එයාට බැඳුණා…
අපි මාරවිල ගිහින් එද්දි මාව පපුවට තුරුල් කරගෙන මාව දාල ගියොත් මරනවා කියල එයා කියද්දි ඒ මූණ දිහා බලාගෙන මං හිනාවුණා…අනික් පැත්තට එයාටත් එහෙම කියන්න ඕන.. දවසක එයත් මාව දාල ගියොත් කියල මට නිකමටවත් හිතුනේ නෑ… ඒ වෙනුවට මං කළේ මේ තරම් ආදරයක් දාල මං කොහෙ යන්නද රත්තරන් කියල හිතුව එක විතරයි… …
කවුරු නිසාවත් දාල යන්නෙ නෑ මැණික කියල ඔලුවට අත තියල පොරොන්දු වුණා එයා මට.. මැණික ඔයා මගෙ ජීවිතේ කිව්වා… එයා ලෙඩ වෙනවට තමයි මම අකමැතිම.. මට එයාව බලන්නවත් බැරිවෙයි කියල බය හිතුනම මං ඒක එයාට කිව්වා.. එතකොට ඔයාව බලන්න දෙනකල්ම මං බෙහෙත් නොබී ඉන්නවනෙ මැණික කියල එයා මං කැමතිම විදිහට ලස්සනට හිනා වුණා…
එයා මට දුන්න පොරොන්දු ගොඩක් මේ වෙනකොට ගොඩක් වෙනස් වෙලා.. කවදාවත් එහෙම කරන්නේ නෑ මැණික කිව් ගොඩක් දේවල් වෙනස් වෙලා… බීපු කිරි බින්දුවක් ගානෙ කොන්දේසි විරහිතව ආදරේ කරනවා කිව් ඒ හිත ගොඩක් වෙනස් වෙලා.. ඒත් මගෙ හිත තවමත් ඒ විදිහමයි.. එයා වෙනුවෙන් මඟ බලන එක නවත්වන්න මට බැරිවෙලා…. එයා කියන විදිහට ඒ මගෙ ආත්මාර්ථකාමී කම වෙන්න ඇති.. අදටත් එයා වෙනුවෙන් මං ගොඩක් මග බලන්නෙ මෝඩකම නිසා වෙන්න ඇති… මගෙ ආදරේ බාල එකක් වෙන්න ඇති…හිත රිදුනම රණ්ඩු කළාට.. වෛර කරන්න.. දඬුවම් කරන්න ඇත්තටම මම දන්නේ නැහැ…
මැණික මේ ජීවිත කාලෙ මට ආදරේ ගැන විශ්වාසෙ නැති කරන්න එපා කියල.. එයා කළ ඉල්ලීම රකිනවා මගෙ ජීවිතේ නැති වුණත් කියල එක මොහොතක මං හිතාගත්තා.…අදටත් මට ඒ සිතුවිල්ලෙන් පිටට යන්න බෑ..
ඒත් ඒ වෙලාවෙත් මට අමතක වුණා එයාට කියන්න.. රත්තරන් මාව අත්හරින්න එපා.. එහෙම වුණොත් මේ ජීවිත කාලෙ විතරක් නෙවෙයි සංසාරෙදිවත් මට ආදරේ ගැන විශ්වාසෙ නැති වෙයි ඒ නිසා එහෙම කරන්න එපා කියලා.. සමහරවිට ඒ වෙලාවේ එයාට මං එහෙම කිව්ව නම් අද එයා මට මෙහෙම කරන එකක් නෑ කියලා මට නිකමට හිතෙනවා… හැමදාමත් වගේ වරද මගේ.. මට තිබුණා එදා එයාගෙන් එහෙම ඉල්ලන්න….
මං හොඳින් ඉන්නවා..
ටිකක් විතර පාලුයි තමයි… ඒත් මං හොඳින් ඉන්නවා… බඩගින්නක් නොදැනුනත් සමහර වෙලාවට කන්න ගන්නවා.. එතකොට මට මතක් වෙනවා ඔයා තවම කෑව කියලා කිව්වේ නෑ කියලා…
ඔයාට ගොඩක් වැඩ.. තවම කාල නැතුව ඇති පස්සේ කනවා කියලා කෑම එක පැත්තකින් තියෙනවා… ආයෙ කන්න ඕනේ කියලා උවමනාවක් දැනෙන්නෙ නෑ.
සින්දුවක් අහන්ඩ ඕනි කියල වෙලාවකට හිතෙනවා.. ඔයයි මමයි ආස කරපු සින්දු තනියම අහන්නේ මට පිස්සු හැදිලද… ඒ වැඩෙත් අතෑරලා දානවා… හැබැයි මං හොඳින් ඉන්නවා..
පාලුව පොඩ්ඩක් වැඩි උනහම ෆිල්ම් එකක් බලන්න ඕනි කියලා හිතෙනවා… කොයි වෙලාවක බැලුවත් ගොඩක් වැඩ තියෙන ඔයා… ෆිල්ම් එකක හැම සීන් එකක් අස්සටම සින්දුවක් අස්සටම රිංගලා ඉන්නේ කොහොමද කියලා මට හිතෙනවා.. ❤️🤭 ඔයාව වැඩිපුර මතක් වෙන හින්ද මං ඒ වැඩෙත් අත ඇරලා දානවා…හැබැයි මම හොඳින් ඉන්නවා…
කරන්නම දෙයක් නැති උනහම ඇඳට වෙලා ඔහේ ඇස් පියාගෙන ඉන්නවා… ඇස් දෙක පියාගෙන හිටියත් ඇස් දෙක ඇරගෙන හිටියත් රැයක් දවාලක් කියලා වෙනසක් එතකොට නෑ… මම දවසකට එහෙම ඉන්න වෙලාව ගණන් කරලා බැලුවොත් මට කරන්න වැඩක් ඇත්තෙම නැද්ද කියලා ඔයාට තරහ යයි කියල බය හිතෙනවා.. ඔයාට තරහ යනවට තමයි මං බයම… ඒ නිසා ඔන්න ඔහේ මං ඒ වැඩෙත් අත්හරිනවා…
ඊයේ අද හෙට අනිද්දා මේ විදිහට දවස් කීයක්.. මාස ගානක්…අවුරුදු ගානක් නෙවෙයි ජිවිත කාලෙම ගෙවුනත් ඇත්තටම මං හොඳින් ඉන්නවා… මොකද දන්නවද ඔයා මට හොදින් ඉන්න කියලා කිව්ව හින්දා….. ඉතින් ඔයාට වැඩ නැති වෙලාවක මගේ ලෝකෙට පොඩ්ඩක් එබිලා බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වේවි ඔයා ළඟ නැති උනත් මං ගොඩක් හොඳින් ඉන්න බව…. ආයෙ ආයෙත් එකම දේ කියනවට එක දේ අහනවාට ඔයා කැමති නැහැනෙ… ඒත් අනේ…. තව එක එකම එක පාරක් කියන්නම් … ඇත්තටම මං හොඳින් ඉන්නවා…❤️👀
❤️ හද තියෙන තැන…
දෝණි පපුවට අත තියලා අහනවා අම්මේ ඔයාගෙ හදවත තියෙන්නේ කොහෙද කියලා... මං කිව්වා ඔන්න ඔය හරියෙ තමයි තිබ්බෙ... ඒත් දැන්නම් තියෙනවද දන්නෙත් නෑ කියලා...
පොඩි කෙල්ල පුදුම වුණා.. ඒ පාර ඇස් දෙක ලොකු කරන් අහනවා.. ඉතින් අම්මා හදවත නැතිනම් අපි මැරෙනවනෙ කියලා....
දැන් ඒක වෙනස් වෙලා පුතේ... ❤️ හදවත නැතිනම් තමයි ජීවත් වෙන්න ලේසි.. ඒක තිබ්බොත් මැරි මැරී ඉපදෙන්නයි වෙන්නෙ කියන්න හිතුනත්...
පුංචි එකාගෙ හිතට බරක් දැනෙයි කියලා නිහඬ වුණා...
සමහර දේවල් අපි තේරුම් ගන්න ඕන ඒ දේවල්වලට මුහුණ දීලම තමයි….