Stories by Nuwanthi Samarakoon on Medium
ප්ලැටොනික ප්‍රේමයක්
දම් පාට හයසින්ත්
මල් පිපෙන වසන්තයකත්,
දුඹුරු මේපල් පත්‍ර හැලෙන
උණුහුම් ගිම්හානයකත්,
උතුරේ හිම වැසි වසින
ශීතලම සෘතුවකත්,
අහිමි හිමි බව අමතකම කර මම
එක සේම ප්‍රේමය තවරමි..
ඉතින් මම පාව යමි..
සුවඳ සුළඟ සිප ගනිමි..
නුඹව දැක සිනාසෙමි..
විශිෂ්ට සිම්පෝසියමේ
ප්ලේටෝ අකුරු කළ
අධ්‍යාත්මික රික්තයක ගිලෙමි..
සුදුම සුදු ග්‍රීසියේ
ඉස්තරම් මිදි වයින් බිඳක්
සැහැල්ලුවෙන් තොල ගාමි..
පස් පෙති දමස්ක් රෝස මලක්
කන්‍යා මරියා තුමියට
ආදරෙන් පුද දෙමි..
ඉතින් මම හැමදාම
නැවත නැවතත්
නුඹව දැක සිනාසෙමි..
නුවන්ති සමරකෝන්
බාගෙට බැඳපු ගෙයි ගඩොල් බිත්ති
කට ඇරන් කොයි වෙලාවෙත්
මටමයි තිබ්බේ දෙස් දෙවොල්
"සල්ලි කීයක් හරි හොයාගන්"..
"ගෑණියෙ මෙහෙ දියන් ඔය
රත්තරන් කඩුක්කන්"
මිනිහත් රහමෙර බීවෙම
මාව ටික ටික දිය කරන්..
හැලි වළං කක්කුසි හෝදලා
එන්නට හම්බුකොරන්
බැරිම තැන වළාකුළු අස්සෙන්
මම ගියා ජෝර්දාන්...
මං එද්දි කෙල්ලට දහතුනයි
දැන් නං පහළොවක් වත් ඇති
ඒකි ගැන හිතලයි මාසේ ගාණේ
යැව්වෙ මම හැටදහක්...
මාස හයහතක් තිස්සේ
ලැබුණේ නෑ කිසි තොරතුරක්
යැව්ව එක ලියුමකටවත්
කෙලී එව්වෙ නෑ පිළිතුරක්...
පපුව ඩිග් ඩිග් ගානවා
දරු පැටව් මතක් වෙනවා
කොච්චර ගැහුව බැන්නත්
මිනිහත් මතක් වෙනවා...
බලන් ඉන්නට බැරිම තැන මං
තිබ්බ තුට්ටු දෙක එක්කාසු කරන්
ගෙදරටයි ආවේ හිත බයෙන්
කෙලින්ම එයාපෝට්ටෙකේ ඉඳන්...
මිනිහත් නෑ පුතත් නෑ
මිදුලෙ හිටි බල්ලත් නෑ
ඉස්සර පරණ පුරුද්දට
කකුල් දෙක ඇදුණෙ කුස්සියට...
කෙල්ල උයලා පිහල තියලා
වළං කැටියක් හෝදනව දැක්කම
දෙයියෝ මයේ බඩ පපුව දෑවා
"කෙල්ල බඩින්" හිත කෑගෑවා..
වචනයක් වත් පිට උන්නෑ කටින්
බදාන ඇඬුවා කෙලිත් එක්කලා මමත්
එකම දෙයයි කීවෙ මයෙ රත්තරං
"ඇයි උඹ රට ගියේ අම්මේ..
තාත්තගෙද අයියගෙද දන්නෑ
බඩට දැන් මාස හයාමාරක්.."
නුවන්ති මධුභාෂිණී සමරකෝන්..
එක කතාවක්..
මට දවසක් බස් එකකදි හමුවුණා කාන්තාවක්.. ඇය පරිසමාප්ත අර්ථයෙන්ම දිරිය කාන්තාවක්.. ඈ බොහොම මිත්‍රශීලීව නුවර දක්වාම යන ගමනේදි මගෙත් එක්ක කතා බහ කළා... ඇගෙ කතාව මට කිව්වා... අවවාද ගොඩක් මට දුන්නා... අහම්බෙන් හමුවුණා වුවත් ඈ මගේ හිතේ විශේෂ තැනක ලැගුම් ගත්තා.. මේ ඈගෙ කතාව...
"ඈ ආදරේ කරලයි විවාහ වුණේ.. ඇයත් සැමියාත් දෙදෙනාම පොලිස් සේවයේ නියුතු වුණේ.. යුධ සමයේ කොටි ප්‍රහාරයකට ගොදුරු වූ ඇගේ සැමියා මියයද්දි ඇගේ කුසට යන්තම් මාස දෙකක් පිරුණා විතරයි.. ඒ හැඟීම ඒ වෙලේ ඈට කොහොම දැනෙන්න ඇතිද ඒ දරු පැටියට තමන්ගෙ නොදුටු තාත්තා ගැන කොහොම දැන් දැනෙනව ඇතිද කියන හැඟීම මට විස්තර කරන්න හරි අමාරුයි..
ඊට මාස 8කට පස්සේ ඈ හුරුබුහුටි පුතෙකුට මෙලෝ එළිය දෙනවා.. එවෙලේ ඇගේ ඇස් වල කඳුළු පිරුණා.. ඒත් ඒ කඳුළු එළියට පනින්නට නොදී නවතගන්න ඈ කරපු අරගලය මගෙ හිතට දැනුණා.. පොලිස් සේවයෙන් ඉවත් වන ඇය කුඩා පුතු හදාගෙන වඩාගෙන තනියම ජීවිතේ පටන් ගත්තා.. ඈ බොහොම ආඩම්බරෙන් කිව්වේ ඈ කවදාවත් වැරදි මාර්ගයක ගියේ නැහැ කියල.. ඉතින් ඈ ආදර්ශමත් කියල මට හිතුණා. ඇය ලස්සන නිවහනක් තනනවා.. ඇය අසරණ නෑ.. ඇය හුඟක් ශක්තිමත් ගැහැණියක්.. ඇය ඇගේ පුතා ගැන මට කිව්වා.. හුඟක් දේවල්. ඔහු බොහොම ගුණ යහපත් පිරිමි දරුවෙක් කියල.. එහෙම අම්මා කෙනෙක් එච්චරටම වර්ණනා කරලා තමන්ගේ පුතා ගැන කියනවා ඒ මං ඇහුවමයි.. ඇය මෙහෙම කිව්වා මට..
"ජීවිතේ සමහර දේවල් අපිට අහිමි වෙනකොට තවත් හුඟක් වටින දේවල් ලැබෙනවා.. මගේ පුතාත් එහෙම කෙනෙක්.."
ඒක ඇත්ත.. අහිමි වන දේවල් ගැන පසු තැවෙමින් ජීවත් වෙන එක තමයි මිනිහෙක් තමන්ගෙ ජීවිතේට කරන ලොකුම වැරැද්ද...
ඇය තරුණ විය ගෙවෙමින් පවතින අවධියක ඉන්නේ.. ඇගෙ වයසට ඈ හුඟාක් ශක්තිමත් ගැහැණියක් වෙලා.. ඇය මට හුඟාක් දේවල් කිව්වා.. හරියට හිතට කා වැදෙන දේවල්.. ජීවිතය ගැන.. සමාජය ගැන.. මිනිසුන් විශ්වාස කරන නොකරන ආකාරය ගැන...
ඔබ අවට ඔබ සමීපයේ සිටින බොහෝමයක් දෙනා ඔබෙන් ප්‍රයෝජනයක් ගන්නකම් ඔබත් සමඟ සුහදව ඉඳීවි. නමුත් ඔබ ළග ඔබට කරදරයක් වූ විට අවංකව සිටින මිනිස්සුන්ට විශ්වාස කරන්න.. ඔබේ ජීවිතය ගැන තීරණ ගත යුත්තේ ඔබ.. ශක්තිමත් වෙන්න හදවතින්.. හැඟීම් වලට වහල් නොවී ඔබේ අරමුණට යන්න..
"ඔබ ඔබව විශ්වාස කරන්න.. ඔබ ගැන පමණක්.. ඒ විශ්වාසය තුළ ඔබ ළඟ ඇති අධිෂ්ඨානය සහ කැපවීම ඔබව ඔබේ අරමුණ කරා රැගෙන යාවි.."
අවුරුදු 4කට පමණ පෙරයි ඈ මට මුණගැහුනේ.. ඉන් පසු කවදාවත් මට ඈව මුණ ගැහුණෙ නෑ..
සමහරවිට ඈ මගේ ජීවිතයට හයියක් වෙන්න ආව Miracle එකක් වෙන්නත් ඇති.. ඒ මගේ මනස්ගාත..
ඉතින් ඔබ හදවතින් ශක්තිමත් වෙන්න..
ඔබට අවංක වෙන්න...
ඔබ ජයග්‍රහණය කරනවා අනිවාර්‍යෙන්ම..
නුවන්ති මධුභාෂිණී සමරකෝන්
පුනරාවතරණය
ප්‍රාණය නිරුද්ධ විණි..
හතර වටින් අඳෝනා, විලාප දීම්,
ඇසෙන්නට විය...
"ඔහු" ද මා වෙනුවෙන් කඳුළු සලන්නට ඇති..
එසේ විශ්වාස කොට මම
කෙමෙන් ඉහළට පාවී ගියෙමි..
සුදු ආලෝක පුංජයක් පෙනුනේද නැත..
ගිනි දළු පෙනුනේද නැත..
අඩුම තරමේ සෙනෙහසැති ආරාධනයක්වත්
ලැබුණේ නැති බැවින්
දෑවුරුද්දක් අවකාශයේ පාවෙවී සිටියෙමි..
ඒ සිටින අතර
ආත්මයක් ලැබ හෝ
භූත පෙරේතාදී අමනුෂ්‍යයෙකුවත් නොවීමි..
පෙර භවයේ මතක තිබු තන්හි
මම ඔහේ සැරිසැරුවෙමි..
අරුමයක් වූයේ, මා මියගිය පසු
මට පෙම් කළ මා ද පෙම් කළ
"ඔහු"වත් මා සිහිපත් නොකිරීම ය..
හිස් බලාපොරොත්තු ගොන්නක්
හිස වටා රැඟූ රැඟුමක අවසානයේ,
එක්තරා පින්බර දිනෙක
එක් ආදරණීය අයැදුමක්
මට ඇසී නෑසී ගියේ ය..
මම එය විපරම් කළෙමි..
දණින් වැටී බෝ රදුන් වහන්සේ නමදින
යුවතියක දුටිමි එවිට..
ඒ අයැදුම ඇගේ බැව් දැනී
මම සෙමෙන් ඈ වෙත පාවී ගියෙමි..
සාංසාරික බන්ධනයක මම ඇලුණෙමි..
ඇගේ ගැබ මට යහනක් විය..
එකෙණෙහිම කවුරුන් හෝ
ඇගේ සමීපතමයෙක් ඈ කැඳවාගෙන යාමට
ඈ අසළට ආ බව වැටහී
මම මඳක් විමසිලිමත් වූයෙමි..
ගන්ධබ්බ මගේ අදිසි හදවත
මඳකට ගැස්සිණි..
ඒ "ඔහු"....
නුවන්ති මධුභාෂිණී සමරකෝන්
හීන හීනම වෙලා යන්න ඔබ ඉඩ දෙනවද…?
සමහර වෙලාවට, අවකාශෙන් මට එක එක සද්ද ඇහෙන්න ගන්නව.. මනෝ විකාරද මන්දා.. ඔය විදියට කොහෙන්දෝ ඈත අවකාශෙකින් පැන නගින ගැඹුරු හඬක්, හිත නොසන්සුන් කරවනව.. මගෙ යටි හිත එක පාරටම, සැරිසරමින් හිටි මනෝ මන්දිරයෙ ජනේලයක් ඇරල ඒ හඬ ආපු දිහාව විපරම් කරනව..
ගැඹුරු හඬ මගෙ යටි හිතට කතා කරනව..
"ඔබ ඔය මොකද කරන්නෙ...?"
මගෙ යටි හිත පිළිතුරු දෙනව..
"මං හීන මවමින් මනෝ ලෝකෙක සැරි සරනව.."
ගැඹුරු හඬ තව ටිකක් කටහඬ ගාම්භීර කරල මෙහෙම අහනව..
"ඇයි...? ක්‍රියාත්මක නොවෙන හීන මිනිස් හිත රවට්ටනව.. හීනයක් කියන්නෙ රැවටීමක්.. මිනිස්සුන්ට හීන තියනව තමයි.. මිනිස්සුන්ට හීනයක් නැතුව හුස්ම ගන්ඩත් බෑ.. ඒත්.. හීන කියන්නෙ යථාර්තය නෙමෙයි.. හීන සාක්ෂාත් කරගන්ඩ අපි දඟලන්නෙ නැති තාක් කල් හීන අපේ හිත රවට්ටනව.."
යටි හිතේ සද්දෙ ටිකක් බාල වෙනව..
"ඒ උනාට හීනයක් නොදැක කොහොමද අනාගතේ ගැන බලාපොරොත්තු ඇති කරගන්නෙ..? ඒ වෙනුවෙන් වැඩකරන්නෙ...? කොහොමද... මට කියන්න.."
ගැඹුරු හඬ බොහොම සන්සුන්ව මෙහෙම කියනව..
"වර්තමානෙ ජීවත් වෙන්න.. වර්තමානෙ සිහිබුද්ධියෙන් වැඩ කරන්න.. එතකොට හීන මව මව ඉන්න ඕන නැහැනෙ.. අපි හීන වලට පණ දෙන්න ඕන.. අනාගතේ ගැන පැහැදිලි දැක්මක් ඇති කරගන්න ඕන.."
"වර්තමානේ කරදර හැල හැප්පිලි අභියෝග මැද්දෙන් බාධක මැද්දෙන් ජයග්‍රාහීව, නිහතමානීව, සුන්දර සිනා සහ වේදනාබර කඳුලු අතරින් ජීවිතේ ගෙවෙද්දි, ඔබේ ඉරණමේ ඔබේ අනාගතය ඔබ ගත කළ වර්තමානයේ ප්‍රතිඵලයක් විදියට සාර්ථක අයුරින් ලියැවී තියේවි.."
"පණ දෙන්න බැරි නම් හීන නොදැක ඉන්න.."
"නිකං බොරුවට ඔය ඔලු ගෙඩියට දුක් දෙන්නෙ මොකටද.."
නිශ්ශබ්දතාවයක් ඇතිවෙනව..
ඇති වුණ නිශ්ශබ්දතාවය නිසා ගැඹුරු හඬ ආව දිහාටම ආයෙත් යන්න ඇති කියල මගෙ යටි හිත තේරුම් ගන්නව..
මගෙ උඩු හිතට එක වරම යටි හිත පැත්තෙන් දොර ජනෙල් වහන අගුලු දාන සද්ද බද්ද ඇහෙනව..
උඩු හිත විපරම් කරනව..
මගේ යටි හිත බැරෑරුම් ස්වරූපයෙන්, අර ඉස්සල්ල සැරි සරමින් හිටි මනෝ මන්දිරයෙ දොරගුල් දාලා වහලා ඇවිත් පොතක් කියවනව උඩුහිතට පේනව..
හීන හීනම වෙන්න නොදී අනාගතේ සාර්ථකත්වය උදෙසා වර්තමානය සිහිබුද්ධියෙන් ගත කරන්න සැලැස්මක් කල්පනා කරන්න පටන් ගන්න ඕන..
නුවන්ති මධුභාෂිණී සමරකෝන්.
මග වැරදිච්ච පුතුට
කපුටන්නෙ කැරැව් නද
කන් බීරි කරන සඳ
අඟුරු කළු දුම් කැරැළි
නාහෙ හිර කරනවද?
සුදු පාට කමිසයට
එදුම් රොටු වැදිලාද?
පියවි ලොව අමතකව
ආකහෙට නැගෙන සඳ
බොඳව යන හීනයක
පුතේ උඹ ගිලුණාද?
පිහාටුත් නැතුවාම
ඉගිලිලා යනවාද?
කාකි ඇඳුමට බයේ
උඹල පැන දිවූ සඳ
සිහිය පත නැතුවාම
පය පැකිළි වැටුණාද?
ඇපේ දෙන්නට කෙනෙක්
පුතේ ආවේ නැද්ද?
බත් තම්බ තම්බා
මව් හුස්ම අදින සඳ
කූඩුවෙදි අඳුරේදි
ඈ මතක් උන්නැද්ද?
දිවිය ඇති තාක් කල්
කූඩුවේ හිටියැකිද?
වැල් ඇඳේ පැත්‍තකින්
පිය තුමා නිදන සඳ
හෙලපු හුස්මක බරක්
පුතේ දැනුනේ නැද්ද?
පයේ ලූ විලංගුව
හද රිදුම් දෙනවාද?
එවරදට මගෙ පුතා
වගෙ උඹත් තව පුතුන්
ඇඟේ ඇට කටු කූඩු
තලා පොඩි කර ගද්දි
කාකි කමිසේ පදක්කං
පුස් කකා කළු වුණිද..?
හීන මග ගිය පුතා
අද සුසුම් හෙලනවලු
මග කීව පරෙයියෝ
තාම ඉගිලෙනවාලු
පුතේ උඹ කොහේදැයි
උන් දන්නේම නැද්ද..?
ලඹෝදර වාමනයො
සුදුවතින් හිනැහෙද්දි
පරෙයියෝ නිදහසේ
අහස උඩ ඉගිලෙද්දි
පුත උඹට උඹේ කට
අරින්නට බැරිවුණිද..?
පපු කැවුතු ඉරාගෙන
පස් කකා අඬද්දි
මයෙ පුතත් බිලි ගත්ත
පරෙයියෝ සරද්දි
මං වගෙම උඹෙ මවුත්
විඳවන්න ඇති නේද..?
රත්‍තරං මගෙ පුතේ
මං කියන දේ අසාපන්
මිනීමරු අඟුල්මලුත්
රහත් වූ බැව් සිතාපන්
නුඹේ අත අම්මගේ
ඉස මුදුනෙ තියාපන්
බිව්ව කිරි කඳුළු ගැනලා
කළ වැරදි මකාපන්..
උඹ තාම අම්මගේ
"පොඩියෙකා" ම බව හිතාපන්..
නුවන්ති මධුභාෂිණී සමරකෝන්
මං නිරුත්තරයි..
නිමිත්ත : ගම්පොල නගරයේ කාලෙකට කලින් දුටු යාචක කාන්තාවක්
වසර ගාණකින් නොනෑ බව අඟවමින්, ඔලුව කසමින්, දුර්වර්ණ වෙච්චි ගවුමක් ඇඳන් ඈ දුම්රිය නැවතුම්පල ඉදිරිපිට ඉඳගෙන යන එන මිනිස්සුන්ගෙන් "මේ කොහෙද....?" යි අසනවා..
සැරට වැටෙන අව් රැල්ල වත්, හුස්ම හිරවෙන දූවිල්ලවත් ඈට කිසි ගාණක් නෑ.. ඈව දකින හැම මොහොතකම මට හරියට දුක හිතෙනවා..
"හ්ම්ම්..........පව්.."
ඈ ඉන්නෙ කොහෙද කියලවත් ඈට තේරුමක් නෑ.. ඉතින් ඈ "මං මේ කොහෙද ඉන්නේ.." කියල අපෙන් අහනව..
ඔහොම මහමගට වැටෙන්න කලින් ඈ සුවපහසු දිවියක් ගත කරන්න ඇති.. වලව්වක කුමාරිහාමි කෙනෙක් වෙන්නත් බැරි නෑ.. ඈ දුටු විට මට එහෙම හිතෙනවා..
"ඒත් ඇයි ඈට එහෙම වෙන්න ඇත්තේ...?"
සමහර විට ඈගෙ ජීවිතේට ආපු දුක් කරදර කම්කටොලු ඈව පිස්සු වට්ටන්න ඇති.. මගෙ හිත මට එහෙම කියනව හීන් සැරේ..
"නෑ නෑ වෙන්න බෑ.. ඈ ආදරෙ කළ කෙනා ඈව අතෑරල දාලා යන්න ඇති.. ඈට ලෝකෙම අහිමි වෙන්න ඇති.."
ඕනවටත් වඩා හිතන මගෙ විකාර යටි හිත එහෙම කිය කිය පෙරලි කරනවා..
"ඉතිං මං මොනව කරන්නද...?"
එහෙම හිතල මං මගේ ගමන යන්න යනවා.. ඒත් ආයෙත් හිත ඈ ගැන ප්‍රශ්න කරනව්ස..
"කෑවද දන්නෙත් නෑ.. අද දවසට වතුර උගුරක් වත් බිව්වද දන්නෙත් නෑ.."
ආයිමත් මට දුක හිතෙනවා..
"ඈට සුවපහසු ජීවිතයක් අත් පත් කරල දෙන්න පුළුවන් උනා නම්..."
මගෙ හිතට අලුත් බලාපොරොත්තුවක් එනව..
"ඔයා කොහොමද ඒක කරන්නෙ..?"
හිත ආයෙමත් මගෙන් අහනව..
ඒක එච්චර ප්‍රායෝගික නෑ..
මං නිරුත්තරයි..
මං ආයෙත් මගේ ගමන යන්න යනව...
ඈ තවමත් දුම්රියපොල ඉදිරිපිට ඉඳගෙන ඈව පහු කරගෙන යන එන අයගෙන් "මේ කොහෙද....?" යි අහනවා..
නුවන්ති මධුභාෂිණී සමරකෝන්
ඒ දෑස් දැක මට ඇති වූයේ දුටු වනම වැළඳ ගැන්මට සිතෙන රාගික හැඟීමක් නොවිණැයි මට සිතිණි. මම ඒ හිස් බවින් පිරි කාමරයේ තිබුණු එකම ඇඳේ ඉඳගෙන සිටියෙමි. සිවිලිමේ විදුලි පංකාව කතාවක් නොමැතිව කැරකෙයි. කිසිදු හැලහොල්මනක් නැත. ඈත් නිහඬ ය. මමත් නිහඬ ය. ඈ විඩාවෙනි. ඈ සුසුම් හෙලන රිද්මයෙන් මම එය හඳුනාගතිමි. මට වේදනාවක් ඇති වේ.
"මහන්සියි නේද.. හ්ම්ම්ම්…"
මම ඇසූයෙමි. ඈ මට ඔරවාගෙන බලා සිටියා ය.
"ආව වැඩේ කරගන්නැතුව මෙතන උඩ බලන් ඉන්න නං ආවෙ යනේකයි ඇත්තෙ.. මගෙ මහන්සිය ගැන වද වෙන්ඩෝනෙ නෑ.."
ඈ මදක් රළු ලෙස ඉවත බලාගත් වනම මා ඇමතුවාය. පසුව ඈ සළු පිළි මුදන්නට විය.
"මට මොකුත් ඕනෙ නෑ.. මේ සල්ලි තියාගන්න..
මං යනව…"
ඇගේ ගතමනාව ඇඳ මතින් තැබූ මම, කාමරයෙන් පිටවන්නට සූදානම් වූයෙමි.
"මහත්තයා…."
මම හිස නොහරවාම ඇයි දැයි ඇසුවෙමි.
"මේ සල්ලි…..?"
ඈ උගුර යටින් මෙන් වචන ගැට ගැසුවාය.
"තියාගන්න…"
මම එතැනින් පිටවීමි.
ඒ මොහොතේ ඇගේ මුහුණ කොහොම වන්නට ඇතිදැයි මම සිතමි. කුමක්දෝ සිතළුවක් මගේ සිතේත් ඇගේ මුහුණේත් ඇති බව මට හැඟෙයි. මම කල්පනා කරමි. බෝඩිමට පැමිණෙන අතරමඟදී, බසයෙන් බැසගැනීමට මම මහත් පරිශ්‍රමයක් දැරුවෙමි. බසයේ වේගය අධික ය. බැසගැනීමට සීනුව නාද කළද බසයේ වේගය අඩු කරනවා විනා නවත්වන්නේ නැත. කෙසේ හෝ මම බැස ගතිමි. සමහර ජීවිත කතා ද එසේම ය. වේගයෙන් ගමන් කරන උන් හදිසියකට ගමනෙහි වේගය අඩාල කරනවා විනා තවකෙක් වෙනුවෙන් නැවතෙන්නට නවත්වන්නට සූදානම් නැත. මම එවන් චරිතයක් නොවෙමි. නමුත් මම බොළඳ චරිතයක් ද නොවෙමි. මම එසේ සිතමින් බෝඩිමට පැමිණියෙමි.
ගණිකා වෘත්තිය නීතිගත වූවද, මට සිතෙන්නේ එය ස්ත්‍රීත්වයට නොහොබිනා ක්‍රියාවක් කියාම ය. ස්ත්‍රීත්වය වනාහි කවදත් උතුම්ම ය. වැඩිවියට පත් වූ පසු, දරුවෙක් දරන්නට මසකට වරක් ගොඩනැගෙන ගැබ, එසේ නොවුණ කල, කෑලි කැඩී දෝරේ ගලයි. ඒ ගලන ලෙය ද උතුම් ය. එය කිල්ලක් යයි හැඳින්වීමට හැක්කේ කාටද….? මම පුරුෂයෙක් මි. මම ද, අප්‍රමාණ දුක් විඳි උතුම් ස්ත්‍රියකගේ යෝනියකින් මෙලොවට උත්පාද වූයෙක් මි. එවැන්නෙකුට ස්ත්‍රීත්වය පහළ මට්ටමකට දැමීම කළ නොහැක්කක්ම ය.
ඇගේ දෑස මට සිහිවෙයි. නිරන්තරයෙන් මම ඈව අහේතුකවම සිහිපත් කරමි. මම මා ගැන සිතමි. මට නිශ්චිත වෘත්තියක් නැත. මම ඇවිදිමි. මම සොයමි. මම ලියමි. මම කියවමි. මම උපේක්ෂා සහගතව හිනැහෙමි. එසේ යමක් සොයා ඇවිදගිය එක්තරා ගමනකදී මට ඇගේ දෑස මුණ ගැසිණි.
ඈ ගින්නට බිය නැත. ඈ හැමදාම ඇවිලෙයි. එසේ ඇවිලෙමින් ඈ ගිනි නිවා දමමින් මහ පොළොවේ පය ගසා සිටියි. එම ශක්තිය මම ඇගේ දෑස් පුරා ඇති විඩාව තුලින් දකිමි. එම දෑස තුල ඇගේ හෘදයසාක්ෂියද සැඟව ඇත. ඔව්, එය ඇත්තේ "සැඟව" ය. ස්ත්‍රීත්වය වනාහි මානුෂීය ගුණාංග වලින් සපිරි උත්තරීතර දෙයකි. ඈ තුල ද, ඒ ගුණාංග නොඅඩුව පිහිටා ඇත. මම කල්පනා කරමි. මාතෘකාවක් ඔස්සේ නොයමින් අහේතුකව මම ඇගේ දෑස් තුල ගිලෙමින් යමක් සොයන්නෙමි.
යමෙක් ඇගෙන් ප්‍රේමයක් ලද්දේ වී නම් එකී ප්‍රේමය කෘතිම විය යුතුද ස්වාභාවික විය යුතුද යන්න මම සිතමි. එය ස්වාභාවික විය හැක.. කෘතීම ද විය හැක. එය ධන ලාභය සඳහා ද විය හැක. බොහෝ විට සිදු වන්නෙ එයයි. ප්‍රේමය මූලික කොටගත් පවුල් සංකල්පය මට සිහිනයක් ම ය. මම තනිව සිටින්නෙක් මි. අවැසි විටෙක හුදු ලිංගික තෘප්තියක් ලබා ගැනීමට නොව, ඈගෙ ව්ඩාබර දෑස දෙස එක්වරක් බලන්නට ඈව සොයාගෙන යන්නට මට සිතේ. මම, සිතුණොත් යමක් කර මිස නොනවතින අයෙක් මි.
බසය අතරමඟ නැවතිණි. කාර්මික දෝෂයක් විය යුතු ය. ඉඳගෙන සිටගෙන සිටින මගීහු කසු කුසු ගාති. ඇය ඉඳීවි ද යාවි ද යන සැකයෙහි පිහිටා මම බසය නැවත පණගන්වන තුරු මාගේ පරණ කැසියෝ ඔරලෝසුවේ සෙමින් කරකැවෙන තප්පර කටුව ඉලක්කම් පසු කරන අයුරු බලා සිටියෙමි. රියදුරු මහතා විසින් නැවත බසය පණගන්වන ලදි.
ඇය ඇගේ නියපොතු වල ලා පැහැ ආලේපනයක් තවරමින් සිටියා ය.
"ඔයාගෙ නම මොකද්ද……?"
මම ඇගේ මුහුණට එබී ඇසුවෙමි. ඈ මඳක් පසුපසට වූවා ය.
"මට තේරෙන්නෙ නෑ මහත්තයා මේ විදියට එන්නෙ ඇයි කියල….."
ඈ නොරිස්සුම් ස්වරයෙන් හිස සලමින් පැවසුවාය. ඇගේ දෙතොළඟ ගැල්වූ ආලේපන බිඳක් පිට ගොසිනි. මම එය ඇඟිල්ලෙන් පිස දැමුවෙමි. ඉනික්බිතිව මම සිනාසීමි. එය මාගේ සුපුරුදු හැඟීම් විරහිත උපේක්ෂා සහගත සිනාව ම ය.
"මට ඕන හන්දා.. ඔය ඇස් දෙකේ තියෙන මහන්සියට හේතු කාරණා වෙච්චි දේවල් මට හොයන්න ඕන හන්දා… මට ලියන්න ඕන හන්දා.."
මම ඇගේ දෑසේ මුහුණෙ ඇති වූ හැඟීම්, කියැවීමට උත්සහ දැරූවෙමි. ඈ ඇගේ දෑස් බිමට හරවාගත්තා ය...
"මහත්තයා මං නිල්මිණී.. මේ නොවැම්බර් මාසෙට අවුරුදු විසි නමයක් වෙනව.. මං මේ රස්සාව කැමැත්තෙන් කරනව නෙවෙයි මහ…"
"ඇති…!!!!"
මම කීවෙමි. ඈ බිය වී මගේ මුහුණ දෙස බලාගත්වනම සිටියා ය. ඇගේ දෑසේ පවතින ඒ විඩාබර භාවය සිවිලිමේ එකම වේගයකින් කැරකෙන විදුලි පංකාවට කුමන නෑකමක් දක්වන්නේදැයි මම කල්පනා කරමි. ඒ ප්‍රස්තුත දෙකම ඒකාකාරී ය. ඇගේ අත මුදල් තබා මම එතැනින් පිට වීමි.
බෝඩිමේ මුල්ලකට වන්නට ගොඩ ගසා තිබුණු මගේ පැරැණි ලට්ට ලොට්ට, මඳකට එළියට ඇද බලන්නට මම සිතුවෙමි. විපතක් වන්ට යන්නේ යයි දැනී මකුළුවන් දෙතුන් දෙනෙක් එහෙ මෙහෙ පලා යනු මම දුටිමි. මම අතීතය දෙස උපේක්ෂාවෙන් බලමි. අනාගතය දෙස අපේක්ෂාවෙන් බලමි. කොපමණ දේ නැති වුවත් ඉච්ඡා භංගත්වයට පත් පුද්ගලයෙක් වන්නට මම අකමැත්තෙමි. මම මකුළුවන් මරන්නට ද අකමැත්තෙමි. එයින් අදහස් වන්නේ මම කාමරය පිළිවෙලකට තබා ගන්නට කම්මැලි බව නම් නොවේ. මුලින්ම මකුළුවන් පළවා හරින මම පසුව මකුළු දැල් කඩා දමමි. ඒත් නැවත මකුළුවන් කොහේ හෝ දැල් බඳින බව මම දනිමි.
කුඩා කල සතුටු මතක මා සතුව නැත. විසිරී විනාස වී ගිය පවුලක බාලයා මම වීමි. අම්මා දියවැඩියා රෝගයෙන් මිය ගිය පසු තාත්තාට ද, ජීවත් වීමේ වගක් නොතිබිණි.. හිස හැරුණු අතේ ඇවිද ගිය ඔහු අවසන, ගමේ සභා ශාලා පිට්ටනියේ කොණක වැටී සිටිනු මම දුටුවෙමි. ඔහු ජීවතුන් අතර නොසිටියේ ය. අක්කාට වසර හතකින් පමණ බාල වූ මා එවකට අවුරුදු අටක නවයක පොඩි එකෙක් විය. හදිසියේ අක්කා, මැම්බර් මාමාගේ ලොකු පුතා වූ සේනක සමග ගමෙන් අතුරුදන් විය. ඈ ඇයට මල්ලී කෙනෙකු සිටි බව අමතක කළා විය යුතුය.
ගුරුවරියක වූද අවිවාහක වූද මාගෙ එකම නැන්දණිය මා රැක බලාගත්තා ය. කෙසේ හෝ ඇගේ කටේ බලයෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වූ මම උසස් පෙළට මාධ්‍ය අධ්‍යනය හැදෑරූ ආනුභාවයෙන්, පුවත්පතක ආධුනික මාධ්‍යවේදියෙකු ලෙස සොච්චම් පඩියකට රැකියාවකට බැඳුනෙමි. එය මට ලැබුණු දායාදයක් යැයි මම සිතුවෙමි. රැකියාව ලැබී ගෙවුණු තෙවැනි මාසය අවසානයේ මගේ නැන්දණිය හදිසි හෘදයාබාධයකින් මෙලොව හැර ගිය පුවත මට දැනගන්නට ලැබිණි. අවමඟුල් අවස්ථාවේදී අඬන්නට ද කුමක් කරන්නට ද කියා දෙගිඩියාවෙන් පසු වූ මම, හදිසියේ ඇතිවූ කම්පනයක් හේතුකොට ගෙන මිනිය වළලන වෙලාවේ මහ හයියෙන් කෑ ගසා හැඬූයෙමි. ඒ ගැහැණිය ද මගේ මව් හා සම ය. එදින රෑම මම ගම හැර දමා පිටව ආවෙමි. නෑයින් මා සොයන්නට ඇත. නමුත් කිසිවෙකුටත් නොදන්වා මම පිටව ආවෙමි.
හරි හැටි හඳුනාගත නොහැකි මානසික වියවුලකින් මම පීඩා විඳිමි. ඈ හෘදයාංගම ය. මම ආත්මාර්ථය තුල ගිලී නහන්නෙක් නොවෙමි. ඈටත් හෙට දවසක් තිබිය යුතු ය. මම නිල්මිණිය සිහිපත් කරමි. කිසිදා නොසිතූ වෙනස්ම හැඟීමකට හදවත නතුව ඇති බව මට දැනෙයි. මට සැනසීම අවැසි ය. සැනසීම නොමැතිව දිවි ගෙවිය නොහැකි බවක් මට හැඟෙයි. මට එය සොයා යුහුසුළුව දුවන්නට වුවමණා වී ඇත.
කුමක්දෝ හේතුවකට නිල්මිණියගේ විඩාබර දෑස් තුලින් මට අක්කාව සිහිවෙයි. මගේ අක්කා ලස්සන ය. ඇගේ දෑස කාන්තිමත්‍ ය. සේනකයාගේ බසට රැවටී අන්ධ නොවී අන්ධ වුණු ඈ ඔහු සමඟ පලා යන්නට ඇත. නිල්මිණියගේ දෑතින් අල්ලන්නට හෝ මට සිත නොදෙන්නේ අක්කා සිහිපත් වීමේ කාරණාව නිසා විය යුතු ය. නිල්මිණිය මට වඩා බාල ය. මට දැන් අවුරුදු තිහකි. වරක් ඇයට විසිනමයක් යයි පැවසූවා මට මතක ය. එසේ නම්, ඇය මට වඩා අවුරුද්දකින් බාල විය යුතු ය. ඈව සිහිවෙන හැම මොහොතකම මට ඈව හමුවන්නට සිතේ. ඒ හැඟීම කුමක්දැයි වටහාගත නොහැකි ය. ඈට අක්කාව පෙන්විය යුතු යැයි මම සිතුවෙමි. මා සතුව තිබූ අක්කාගේ එකම ඡායාරූපය ද රැගෙන මම ඒ විඩාබර දෑස හමුවට ගියෙමි.
ඈ හඬ හඬා සිටියා ය. වම් අතේ තැළුම් පහරකි. දෙතොල පුපුරා පිටව ආ ලේ බිඳුවක් ඝන වී ඇත. දෙතොල ඉදිමී දෑස රත් පැහැ ගැන්වී ඇත.
"නිල්මිණී……."
මම පළමුවරට හිත බර කරගත් හැඟීමක් ඇතිව ඈ ඇමතුවෙමි.
"මොකද වුණේ… කවුද ආවේ.. ඇයි මේ… තුවාලත් වෙලා…"
මම ඈට ළංව ඉඳගෙන ඇගේ උරහිසට අත තැබුවෙමි. ඈ ගැස්සුණා ය. මඳකට පසුපසට වූවා ය. ඈ මා දකින්නට ඇත්තේ ද ඈ ඩැහැගන්නට ආ කොටියෙකු ලෙස ය.
"මට බය වෙන්න එපා.. අද වෙනකම් මං වචනෙකින් වත් ඔයාට රිද්දලා නෑ.. වෙච්චි දේ කියන්න…"
මම ඈගේ අත අල්ලාගෙන ඈට විශ්වාසවන්ත හැඟීමක් දැනෙනතුරු බලා සිටියෙමි.
"සේනක ආවා මහත්තයා.. මට ගැහුවා.. වැඩිපුර එක්දාස් පන්සීයක් දුන්නෙ නෑ කියලා.. මට ගහලා අතේ තියෙන සල්ලි ටික සේරම අරගෙන ගියා මහත්තයා…"
"සේ..න..ක…." මම මටම කියාගතිමි.
"කවුද සේනක කියන්නෙ…….?"
මම කුහුලෙන් යුතුව ඇගෙන් ඇසුවෙමි.
"ඒ පව්කාරයා නිසා තමයි අද මං මෙතන ඉන්නෙ මහත්තයා…."
කඳුලු මෝවිටටම පිරුණු දෑස් වලින් ඒ කඳුළු එළියට පනින්නට නොදී ඇඬුම් නවතාගෙන ඈ කරන මානසික අරගලය දුටු මම මහත් අපහසුතාවයට පත් වීමි. කමිස සාක්කුවේ තිබූ අක්කාගේ පින්තූරය එළියට ගත් මම, එය ඈගේ මුහුණට ලංකර සංසන්දනය කළෙමි. මට දැනුණු හැඟීම ඉතාමත් ඇත්ත ය. ඒ ඇස් එක වාගේ ම ය. පවසන්නේ ද එකම දෙයකි. අක්කාගේ පින්තූරය පපුවට තද කරගත් මම දෑස් පියාගතිමි. නිල්මිණියට පහර දුන් සේනකයාත්, අක්කා රැගෙන ගිය සේනකයාත් එකෙක් නොවන්නට පුළුවන.. වන්නටත් පුළුවන.. මට දැන් සොයන්නට යමක් ඇත.
"මොකක් හරි ප්‍රශ්නයක් උන ඕනම වෙලාවක මට කතා කරන්න. මේ මගෙ නම්බරේ. ටවුමෙ ස්ටේෂන් එක පාරෙ තුන් වෙනි පටු මගේ පළවෙනි ගෙදර. මං බෝඩ් වෙලයි ඉන්නෙ.."
මම එතැනින් පිටවීමි. බත් කටක් කන්නට උත්සාහ කරන සෑමවිටකම මට අම්මාව සිහිවෙයි. පපුව සහ උගුර අතර මැද සිරකරන කිසියම් දෙයකින් සියොළඟම වෙලා ගන්නා වේදනාවකින් මා දැවී යයි. මම නාඬමි. සියලු දේ අනිත්‍ය ය. මම සිහි කරමි. නුමුත් මම වනාහි පෝයකට වුව පන්සලට යන්නට සිතැත්තෙක් නොවෙමි.
මට අම්මාව සිහිවෙයි. අක්කාව දැනෙයි. නමුත් නිල්මිණිය, සෑම හැඟීමකින්ම ඔබ්බට ගිය ආධ්‍යාත්මික රික්තයක මා නවතාලයි. එහි කිසිවක් නැත. නමුත් නැත්තේ ද නැත. එය ප්‍රේමය නොවේ. හිතට විඩාවක් දැනෙන සෑම මොහොතකම මට ඈව සිහි වෙයි. මම එය තුල අසීමාන්තිකව ගිලෙමි. මට සිහින නොපෙනෙයි. මම සිහින නොදකිමි. දුටුව ද පසුවදා උදෑසන වන විට මට දුටු සිහින මතක නැත. කොහොමටත් සිහින කියන්නෙ යටි සිත ය. යථාර්තය තුළ ජීවිතයේ සාක්ෂාත් කර ගත නොහැකි වූ බොහෝ දේවල් සිහිනවලදී හෝ සාක්ෂාත් වෙයි. මෙකී කරුණු අනුව පෙර කී අධ්‍යාත්මික රික්තයේ හිස් බව මගාරින්නට මට උදව් වන්නේ සිහින පමණකි. දිනක් මම ඇගේ දෑස සිප ගන්නවා සිහිනෙන් දුටිමි.
"නිල්මිණි.."
මා අවදි විණි.
හදිසියේ දොරට තට්ටු කරන හඬක් ඇසී මම දිව ගියෙමි. බෝඩිමේ අයිතිකාරිය විය යුතු ය. මට එක මාසයක කුලිය පමා වී ඇත. ඒ, මා ලියූ ලිපියකට ලැබිය යුතු මුදලක් ලැබෙන්නට නියමිතව ඇති හෙයිනි. නිදහසට කරුණු කියන්නට කට හදාගෙන මම දොර ඇරියෙමි. මගේ දෑස විවර විය. මම තුෂ්ණිම්භූත වූයෙමි. සැබැවින්ම ඇගේ පැමිණීම මම බලාපොරොත්තු නොවූයෙමි.
"මම ඇතුළට එන්නද මහත්තයා…..?"
ඇය ආරාධනාවකින් තොරවම පැමිණ මා සතුව තිබූ එකම පුටුවේ වාඩිගත්තා ය. ඇය අවුල් වී ගිය කෙහෙරැල් සකසමින් එක මිටකට කර කොණ්ඩය ගැටගසා ගත්තා ය. කුඩා රෝස පැහැ ලේන්සුවකින් දාඩිය පිසිමින් වට පිට බැලූ ඇයගේ වෙනදා නොදුටු සුන්දරත්වයක් මම දුටිමි. සෞම්‍ය විලවුන් සුවඳක් හමා එයි. එය ඈගේ විය යුතුය. මම සුවඳ විලවුන් වල කාරවන සුවඳට ප්‍රතිරෝධී අයෙක් මි. නමුත් මේ හමා එන විලවුන් සුවඳ ඉතාමත් සෞම්‍ය ය. පහසුවෙන් විඳ දරා ගත හැක.
ඇත්තෙන්ම ගැහැණිය සුන්දර ය. රෝමාන්තික කවියෙකුට, ගැහැණිය, ආදරය සහ පරිසරය තරම් වටිනා වස්තූ බීජ තවත් නැත. මොහොතකට රෝමාන්තිකයෙක් වන්නෙමැයි සිතට ආ සිතිවිල්ල මැඩගෙන මා එකත්පස්ව ඈගේ ඉරියව් නිරීක්ෂණය කළෙමි. ජනේලයෙන් එන සුළඟ මැඩගන්නට ඇය ඇසිපිය සලයි. ඇගේ කෙහෙරැළි පා කරමින් ඔහේ නටන සුළඟ මට නවතන්නට සිත් නොදෙයි. නමුත් මම ජනේලය වැසුයෙමි. මාරුතය මම මොහොතකට නැවතූවෙමි.
" ඇයි ජනේලෙ වැහුවෙ.. රස්නෙයිනේ.."
මම විදුලි පංකාව ක්‍රියාත්මක කළෙමි.
මගේ කුඩා බෝඩිම් කාමරයට මගේ කාර්‍යාලයේ මිතුරන් හැර කිසි දිනෙක කාන්තාවක් පැමිණ නැත. හදිසි ආගන්තුකයාගේ ආගමනයෙන් උද්දාමයට පත් මම ඇගෙන් ඇසුවෙමි.
"තිබහයි….."
ඈ කීවා ය. සත්තකින් ම මා ද සිටියේ දරා ගත නොහැකි තිබහකිනි. මම ඇයට වතුර වීදුරුවක් දුනිමි. ඇය එක හුස්මට එය බීගෙන ගියා ය. ඇගේ අතින් ගත් වතුර වීදුරුව මම පසෙක තැබුවෙමි.
මම ඇගේ දෑස තුල කිසියම් සැනසිල්ලක් දුටිමි. ඇය කතාවකට මුල පිරුවාය. සියල්ලටම පෙර, ලෝකයක විඩා නිවාලන්නට මෙන් මහත්වූ දිගු සුසුමක් පිට කර ඈ මට ඉඩක් නොතබාම කතාව ආරම්භ කළා ය.
"මං දන්නෑ අපේ ශ්‍යාමලී අක්කව මහත්තයා අඳුරන්නෙ කොහොමද කියල.. ඒත් මහත්තයාට බොහොම කිට්ටු කෙනෙක් වෙන්ඩෝන කියල මට හිතුණා එදා මහත්තයා හිටි හැටි දැකලා. මහත්තයා අර පාහරයා සේනක, මාව මෙතෙන්ට ගෙනල්ලා දාන්න කලින් මුලින්ම ගෙනල්ලා තියෙන්නේ ශ්‍යාමලී අක්කව. සේනක, ශ්‍යාමලී අක්කව බඳින්න පොරොන්දු වෙලයි ටවුමට එක්කන් ඇවිත් තියෙන්නෙ. මම ආපු අලුත ශ්‍යාමලී අක්කා එක්ක එක කුලී කාමරේකයි හිටියෙ. ඒත් දවසක් එයා මට ලියුමක් ලියල තියල ගිහින් තිබුණා. අදටත් මං දන්නෑ ඉන්න තැනක්. ෆෝන් නම්බරේ තිබුණත් සේනකට බයේ මට කතා කරන්නත් බැරි වුණා. අක්කා අන්තිම දවසෙ රෑ මාව බදාගෙන ඇඬුවෙ එයාගෙ පොඩි මල්ලිව තනි කරල ආවටයි එයා මේ පව් ගෙවන්නෙ කියල. එයා ලියුමෙ අන්තිමට ලියල තිබුණා එයාට ඒ වෙද්දි…."
මම ඇයගේ කට තදින් වැසුවෙමි. මම ඈව තදින් වැළඳගතිමි. මම හැඬූයෙමි. මම මහ හඬින් කෑගසා හැඬුවෙමි. ඈ මාව සැනසුවා ය. දැනෙන හැඟීම කියාගත නොහැක. පපුවේ එක පැත්තක අමුතු දැවිල්ලක් අල්ලයි. එය හදවත පුරාම ඇති වූ සහෝදර කැක්කුමකි. අක්කා කොහේ හෝ ජීවත් වෙනවා ඇත. මම සියළු හැඟීම් දිය වී යන්නට හැඬුවෙමි.
විදුලි කේතලයට වතුර දමා රත් කොට තේ එකක් සාදා ඈ මට දුන්නාය. ඈ ඇයටද තේ එකක් සාදාගත්තා ය.
" බොන්න මහත්තයා…., එදා මහත්තයා ශ්‍යාමලී අක්කගෙ ෆොටෝ එක එළියට ගනිද්දි මගෙ පපුව පැලෙන්න ආවා. මට එයාගෙම නංගි කෙනෙක්ට වගෙයි සැළකුවෙ ශ්‍යාමලී අක්කා. දැන් අවුරුදු හයක් හතක් වෙනව අක්කා ගිහින්. මට හරි ආදරෙන් හිටියෙ. හැමතිස්සෙම කිව්වෙ නංගි අපි මේ නරාවලෙන් ගොඩ එන්න ඕනෙය කියල.. මට හිතුණා මහත්තයව හම්බවෙන්න ඕනෑමයි කියල.. ඒකයි මං ආවෙ.. මහත්තයා ශ්‍යාමලී අක්කගෙ කවුද ඇත්තට….?"
මම කඳුළු පිසදාගතිමි. ඇගේ දෑස දෙස බලාගෙන මම ඒ දෑස වින්දෙමි. මම මගේ ජීවිත කතාව ඇයට කීවෙමි. මම හැඬූයෙමි. ඈ ඇගේ කඳුළුත් පිස මගේ කඳුලුත් පිස දැම්මා ය.
" අක්කා.. මට හිටි එකම අක්කා…"
"එයා ගියා.. මාව දාලා.. අන්තිමේ මට මං විතරයි ඉතුරු වුණේ.. අද කොහෙ ඉන්නවද අඩුම ගාණේ අක්කා ජීවතුන් අතරද කියල වත් මං දන්නෑ නිල්මිණී…."
ඈ අතින් කට වසාගත්තාය. අක්කා ඈ අත තබා ගිය ඒ ලියුම ඈ මා අතට පත් කළාය. මම එය රැගෙන සිප ගතිමි.. කුමක්දෝ නුහුරු සුවඳක් මට දැනිණි..
ලොව ඇති දරුණුතම වේදනාව මරණීය වේදනාවයි. ඒ වේදනාවට බිය නැති කිසිවෙකුත් ලොවෙහි නැත. අපි මරණයට බියැති පුහුදුන් මිනිස්සු වන්නෙමු. නමුත් මරණීය වේදනාවට වඩා කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව මිය යන තෙක් ජීවත්වීමට මිනිසුන් බිය යැයි මම සිතමි.
මම ද එසේ ම ය. මිනිසුන් සෑම තප්පරයකම ජීවත්වන්නේ බලාපොරොත්තුවක් සමඟ ය වේදනාව, මරණය සියල්ල පුද්ගලානුබද්ධය. මට ද දැන් හඹා යා හැකි බලාපොරොත්තුවක් ඇත.
" අක්කා…."
ඇගේ ලියුමේ පිටුපස කෙළවරේ ඈව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලියා තිබිණි. යටින් ශ්‍යාමලී කියා ඇගේ බෝල අකුරින් ලියා තිබිණි. අවුරුදු හතකට පසුවද එකම දුරකථන අංකය තිබේදැයි සැකයක් මතු වුවත් බලාපොරොත්තුව නිසාම මම එයට ඇමතුමක් ගතිමි. දෙතුන් වරක් විසන්ධි වී සම්බන්ධ නොවුණු ඇමතුම සිව්වෙනි වර සම්බන්ධ විය. එතුළින් ආත්මය පුරා රැඳී තිබූ සාංසාරික ගැහැණු කටහඬක් ගලා ආයේය..
"කවුද කතා කරන්නේ…."
හැඬුම් වළකාගෙන මම ඇය ඇමතුවෙමි.
"අක්කේ…"
මට හැඬුම් ආයේ ය. ඉවසාගත නොහැකිව කඳුලක් ඇස් කෙවෙනි තුලින් බිමට වැටිණි.
"මං.. මල්ලි.. ධනංජය….."
අක්කා හඬා වැටුණා ය. මම ද හැඬූයෙමි. මා ළඟ සිටි නිල්මිණිය ද හඬනු මට ඇසිණි.
"ඔයා කොච්චර සංවේදී මිනිහෙක්ද මහත්තයා.."
"මට මහත්තයා කියන්න එපා. මං ධනංජය.."
ඈ සිනාසුණා ය.
"සංවේදී ගෑණියෙක්ගේ උතුරලා යන ගෑණුකම, ආදරේ ඉස්සරහ පිරිමි හුඟක් සංවේදියි නිල්මිණී.. ඒ ගෑණුකමට වටිනාකමක් දෙන්න දන්නැති පිරිමි හන්දයි ඔයයි අක්කයි අද මේ දුක් විඳින්නෙ.."
මම ඈගේ අත අල්ලාගත්මි.
" හුඟක් පිං නංගි……"
ඇගේ දෑස කාන්තිමත් වනු මම දුටිමි. නිල්මිණිය, මට මාගේම අයෙක් ලෙස දැනෙන්නට පටන් ගත්තේ ය.
"කාලෙකින් කෙනෙක් නංගි කියල කතා කරේ…."
ඈ සිනාසුණා ය.
නිල්මිණියගේ ආශාව වූයේ නැවත ඇගේ ගම කරා යාම ය. ඈ ඇඟලුම් කර්මාන්තශාලාවක රැකියාවක් සොයා නගරයට පැමිණියායින් පසු දෑවුරුද්දක් ඇගේ මව නොදුටු බව මට පැවසූවා ය. ඈගේ ඉල්ලීම පරිදි මව් දැකුම පිණිස ගමට යාමට මම ඈට අවශ්‍ය දේ පිළියෙල කර දුනිමි. ඈට ආරක්ෂාව අවශ්‍ය ය. මට එසේ සිතිණි. රාත්‍රී බසයේ නොයවා, ඈව මම පාන්දර බසයට ගෙන ගොස් හැරලූයෙමි. ඇය බෝඩිමේ අයිතිකාරියට පවසා ඇත්තේ ඈ නැවත නොපැමිණෙන බව ය. මට සියුම් සතුටක් දැනුණි.
අක්කාව සොයාගෙන ගොස් ඈට සියලු දේ පැවසිය යුතු ය. මම දිනපතා ම ඈට දුරකථන ඇමතුමක් දුනිමි.
"මල්ලි තනියම හිටිය ඇති……"
ඈ දහස් වර කීවා ය.
"අක්කට කරදරේ…"
ආශාවෙන් නමුත් මම එසේ කීවෙමි.
"මට මොන කරදරේද..? මට ඉන්නෙ ඔයා විතරනෙ…"
මම ඇය බලන්නට යන්නට සූදානම් වූයෙමි. අක්කා තම සැමියා සමඟ ජීවත්ව සිටි ප්‍රදේශය ගමක් නොවූවත් එය ඉතා සුන්දර නිස්කලංක ප්‍රදේශයක් විය. අක්කා දැන් සැනසිල්ලේ ජීවත් වෙනවා විය යුතු ය. මම අනුමාන කළෙමි. මම චාමෙට සෑදූ කුඩා නිවසක දොරකොඩ සිටගෙන සිටියෙමි.
කඩුල්ල ඈත්කොට අවුරුදු හතරක පමණ හුරුබුහුටි කොලු පැංචෙකු වඩා ගත් අක්කා එළවළු මල්ලක් ද රැගෙන ගෙය දෙසට පැමිණියා ය..
"මල්ලී…….."
මා දෙසට දිව ආ ඈ, දරුවා බිම තමා මා තදින් වැළඳගත්තා ය. මට අම්මාගෙ සුවඳ දැනිණි.. කාලෙකට පසු මම සැනසුම් සුසුමක් හෙළුවෙමි.
නිල්මිණිය සතියට දෙවරක් පමණ මා අමතයි. ඉතිරි කරගත් මුදලින් මහන මැෂිමක් ගත් බවත් දැන් දැන් ඈට යහමින් ඇනවුම් ලැබෙන බවත් ඈ සතුටෙන් කියයි. ඒ සතුට මටද දැනෙයි. මුල් දිනවල මිනිසුන් අනං මනං කීවාට දැන් ඔවුන් එහෙම නැතැයි ඈ මට සිනා සිසී කියයි. ඒ සිනහව සැහැල්ලු ය. අහිංසක ය. මා අමතන ඈ නොවරදවාම ඈ අක්කා සමඟත් දරුවා සමඟත් බොහෝ වේලා කතා කරයි. මම සතුටෙන් එදෙස බලා සිටිමි. ඒ සතුටත් රැගෙන මම නැවත ඇවිදිමි. ලියමි. තෘප්තියක් ලබමි. ඒ දෑස නිතර ඇස ගැටුණෝතින් හොඳ යයි සමහර වෙලාවට මම සිතමි. මම මටම සිනාසෙමි. තනිවම සිනාසෙනවා කවුරුන් හෝ දුටුවා දැයි වටපිට බලා මම නැවතත් සිනාසෙමි. ඒ ඇයත් සතුටත් සමග ය. අක්කා නිල්මිණියට දිනෙක මෙහි එන්නැයි ආරාධානා කළා ය.
"පව් අහිංසකී.. දැන් සැනසිල්ලෙ ජීවත් වෙනවලු.. බාහිර උපාධියකුත් කරනව කියල කිව්වෙ…."
අක්කා හිතේ දහසක් දේ පුරවාගෙන සිනාසෙන දෑසින් යුතුව කියයි. අක්කාගේ දෑසින් දරු පෙම දෝරේ ගලයි. මා කෙරෙහි ඈගේ ඇති ආදරයද එසේම බව මම දනිමි.
මම ඒ ස්ත්‍රීත්වයේ අපරිමාණ වූ ස්නේහවන්ත හැඟීම තුල ගිලෙමි.. මට මා සංවේදී බව දැනෙයි.
මම නිල්මිණියගේ සහ අක්කාගේ දෑස් වලින් "අම්මා" ව දකිමි. කතාව නිමා වන්නේ නැත. සෑම කතාවක් ම මතුසම්බන්ධ ය. මන්ද යත්, සෑම නිමාවකම අලුත් ආරම්භයක් ඇති බැවිනි.
මතුසම්බන්ධයි.
නුවන්ති මධුභාෂිණී සමරකෝන්