Stories by Kavishka Shamindi on Medium
නින්ද නොයන
මතකයන් අවුස්සන රාත්‍රිය
නින්ද කෙටි කරයි
රාත්‍රිය දිගු කරයි
හඬන්නට ඉඩක් නැති
හිනාවට ඉඩක් නැති
පාලු රාත්‍රියක
තනිව හිඳින විට
කවුරුන් හෝ සමඟ
හිත තනිව දොඩමළු වන්නට
උත්සාහ ගනී..
ඒ කුමක් ද.......?
යටි සිත ද ?
මනස ද ?
නොපෙනෙන බලවේගයක් ද ?
මසිත තුළ දැවෙන
මසිත දවාලන
ඒ මතයක්
විටෙක සොඳුරු ය...
වරෙක අඳුරු ය...
කෙසේ නමුදු,
මා ඒවා සමඟ ජීවත් වන්නේ ය,
තවම,..............
තනිවම,...........
කවිෂ්කා ශාමින්දි
කවි සිතළු ✍️
එකවරම කාමරයේ ජනේලය කඩන්නට දරන ප්‍රයත්නයක් සේ හඬක් නැඟුනි. අඩ නින්දේ පසු වූ මට එය ඇසුනේ හීනයක පසුබිම් සංගීතයක් මෙනි. 🎶
එක වරම අම්මාගේ හඬ හඳුනා ගත් මා එය හීනයක් නොවන වග දැනගත්තෙමි..
"අන්න ළමයි ඇවිල්ල පන්තියට,
නැඟිටපන්……… , තාම නිදි ද? පන්තියක් දා ගත්ත කියා අමතක ද? .." 🤯
අහෝ සිදුවූයේ විලි ලැජ්ජා සහගත වැඩකි. 😬🤦
උදෑසන වරුවේ පන්තියක් කිරීමට මම පෙර දිනයේ සූදානම් කලද, නින්ද මාගේ අවදිය ආක්‍රමණය කර තිබූ බවක් මට වැටහුනේ නැත..🙄
අනේ මන්දා කුමක් වූවාද කියා.. 🤔
කෙසේ වෙතත් අම්මා මගේ කාඩ් එක ක්ෂණයකින් කුඩු කල බව නම් හොඳහැටි පසක් විය..⚡😥
“ළමයි පන්තියට ඇවිල්ලත් ඉවරයි, ටීච තාම නිදි"😴….
මගේ සවනත පුරා ඒ වචන ලැජ්ජාවෙන් රැව් පිලිරැව් දුන්නේය..😖
(මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචිතය)😣
#කවි_සිතළු
කවිෂ්කා ශාමින්දි
නිවසක පිරිමි වැඩිහියෙක් යනු,
එම නිවසෙහි මහා වෘක්ෂය යි..
දැන හෝ නොදැන නිවැසියන්ගේ ආරක්ෂාව ඔහු විසින් සපයනු ලබයි. ජීවිතය නිදහසේ ගලාගෙන යන්නට එවිට කිසිත් බයක් හට ගන්නේ නැති තරම් ය.
පියෙකුගේ අහිමිය තුළ, සොයුරෙකුගේ අහිමිය තුළ, ඒ නිවස අනාරක්ෂිත වේ, මිනිසුන්ගේ බැල්ම වෙනස්‍ ය. කතාබහ වෙනස් ය. ඔවුනොවුන්ගේ හැසිරීම් රටා, සූක්ෂම අයුරින් දැකීමට අප පෙරට වඩා මනා ඉවකින් පොහොසත් විය යුතුය.
පිරිමි පාර්ශවයක අහිමිය තුළ, එහි වෙසෙන කාන්තාව මා නම් දකිනුයේ අනාරක්ෂිත බිල්ලක් ලෙසය. හුදෙක් ලද අත්දැකීම් පමණක්ම නොව, ජීවිතාවබෝධය තුළ නඟන සටනෙක ලද විශ්ලේෂණාත්මක අරුත් ය.
ඇය සෙහෙනස අහිමි දියණියකි, සොයුරියකි,ලදකි, බිරිඳකි, මැහැල්ලකි.. කෙසේ වුවද, පිරිමියෙකුගේ අහිමිය තුළ වාසි ලබාගන්නේද පිරිමියෙකි..එය නුඹට මට තර්කයට තුඩු නොදෙන කාරණයකි..
#කවි_සිතළු ✍️(2021/06/05)
කවිෂ්කා ශාමින්දි
නික්ම ගිය නුඹ යලිත්
නොඑන බව දන්නවා……… 😶😞
නොඉම්බට නුඹෙ දෑත - දුන්නු දඬුවම බරයි
දියණියට අද නුඹේ , තාත්තේ
නොදනිනා තවම නුඹ - පිරිමැද්ද වගට මම
නුඹේ ඔය රළු දෑත - එදා මහ රෑ තනිව
හීතලට හුරු බවක් - දැනුන මුත් හදවතට
හිතුවෙ නැහැ යන්ට යන - බව එදා හැරදා ම
හිත් තාම අඬනවා - ඔලුව බර වැඩි නිසා
දුකට මගෙ හිතට තිත - තබන්නට බැහැ කියා
හැමදාම රෑ පුරා - ඉකි ගසා හඬනවා
අම්මටත් නිදි නැතිව - ඉන්නවා හිත හිතා
බලන්නට නුඹෙ සොහොන - ඉක්මනට එන තුරා
පරිස්සම් වී ඉන්ට - අපිට නුඹ වටිනවා
කවිය මම ලියනවා - හඬන හිත අහුලලා
නික්ම ගිය නුඹ යලිත් - නොඑන බව දන්නවා
#කවි_සිතළු
කවිෂ්කා ශාමින්දි
👴 ආහ් කොහෙද මෙහ් යන්නෙ?
👧 යාළුවෙක්ගෙ ගෙදර යනව අංකල්…
👴හුඟක් දුරයි ද?
👧නෑහ් නෑහ් මෙ ළඟ…
👴පරිස්සමින් ඉක්මනට ගිහින් එන්න, අර එංගලන්තෙන් ආපු වයිරස් එකත් දැන් මෙහේ තියෙනෝලු
👧අහ් හරි අංකල්... අංකල්ට නිවාඩු නැද්ද?…
👴නිවාඩුයි , මං මේ ඉස්කෝලේ පැත්තෙ ආවා
👧 හරි අංකල්..එහෙනම් අංකලුත් පරිස්සමින් ඉන්න…
ඉස්කෝලේ ගිහින් අහවරත් උනාට, තාම අපි ගැන හොයල බලනවා… දැක්ක තැන තාමත් ඒ පරණ හිනාවෙන් සලකනවා…ඒ ෆෝන් එකෙන් කෝල් කියක් නම් අපි අරන් ඇති ද? අපේ පරිස්සම තාමත් ඒ විදිහටම හිතන මනුස්සයෙක්…කවදාවත් ඒ චරිතය හිතින් මැකී නොයාවි..
ඒ තමා අපේ සිකුරුටි අංකල් ❤️
#කවි_සිතළු
කවිෂ්කා ශාමින්දි
ජීවිතය යනු ,
නුඹට, මට එක ලෙසට නොලැබුනු හරි අපූර්ව නිමැවුමකි .. ගලපගෙන ගලා යන විට, හරි පුදුම සුන්දරත්වයක්, මතකයන් ගොන්නට එක්කාසු කරන නුඹව, පරිපූර්ණ කිරීමට වරෙක මා අපොහොසත් වෙමි ..
ආදරය, කඳුල, දුක, සතුට, අභියෝග, ආරවුල්, ගැටුම්, නින්දා, ප්‍රශංසා නුඹ මා වෙත ලබා දෙන දායාදයන් ය .. ඒවා දරා ගැනීමටත්, නොනැවතී ඉදිරියට යාමටත් නුඹ අවස්ථා සපයනු ලබයි .. රහසේම මා වෙත ශක්තිය ලබා දෙයි .. එය, මගේ ජීවිතය මැනීමට දරන ප්‍රයත්නයක් සේ වරෙක මට හැඟේ …
මා හොඳින් දන්නා කරුණක් වේ නම්,
ඒ, නුඹ බොහෝ පැටැලිලි සහගත යන වගය .. සිතූ දේ නොම වෙන, නොසිතූ දෑ සිදුවන, ජීවිතය තුළ යා යුතු ගමන කටුකය .. දුෂ්කරය ..
ඒ සියලු දෑ තනිව විඳගෙන, නොනැවතී යා යුතු ගමනකි ,
ජීවිතය ……
#කවි_සිතළු
කවිෂ්කා ශාමින්දි
දෙවසරක් සපිරුණද
පාස්කු ප්‍රහරයට
තවමත් කදුලු බිඳු ඇත
නෙතු අග වැටෙන
හදවත් නැවතුන අය
දෙව් තුරුලෙ හිද
ආසිරි ගෙනෙයි
ආබාධිත පිරිස වෙත
පතනෙමි නිදුක් සුව
ඔබ හැම දෙනට අප
නොපතමි මෙවන් භීෂණ
යළි මෙ පින් බිම ……..
#කවි_සිතළු
කවිෂ්කා ශාමින්දි
ප්‍රේමය,
මා නුඹ හැඳිනගත්තේ මීට බොහෝ කලකට පෙරය. මා බොහෝ සේ නුඹට ඇල්මක් දක්වන්නේ ය. මා උපන් දා සිට දෙමාපිය, හිත මිත්‍රාදීන්ගෙන් නුඹව නොඅඩුව ලැබුණි. ඇතැමුන් හදවතින්ම ප්‍රේම වැඩීය. තවත් සමහරෙක් යටි හිත සඟවා ව්‍යාජ උඩු හිතක ප්‍රේමයක් මවා පා ඇත.
මේ සියල්ල විශ්ලේෂණය කර ගැනීමට බොහෝ කාලයක් ගත විය. ඒ වන විට, ජීවිතය තුළ බොහෝ ගට්ටනයන් ඇති වී හමාරය.
ප්‍රේමය හමු වීමත්, වරෙක එය අහිමි වීමත් දුකකි. එය දරා ගැනීමට සිදුවීම ඊටත් වඩා අපහසුය.
ජීවිතයේ අපහසු කාර්යයක් වන්නේ ප්‍රේමය රැක ගැනීම නොව, එය හඳුනාගැනීමය. මිනිස් වෙස් ගත් අමුතු ජීවීන් අප අතර බොහෝ ය. එබැවින් කෙදිනකවත් බාහිර ස්වරූපය මත හෝ ඔවුනොවුන්ගේ වචන හරඹය මත ප්‍රේමය මැනිය නොහැක.
අවසන පවසමි, නුඹ අවැසි මොහොතේ නොමැති විට, හදවත් මූකලානක තනිවන වග නුඹ දන්නෙහිද?
ප්‍රේමය ••••••••
#කවි_සිතළු
කවිෂ්කා ශාමින්දි
•°•°මං මළොත් ඇයට පෙර°•°• 😪
ජීවිතය අස්ථිරයි
යන්‍ට වෙයි නොසිතු ලෙස
මං මළොත් ඇයට පෙර - වරෙන් බන් මළ ගෙදර
මල් වඩම් මට එපා
මල් මාල මට එපා
විසිතුරු කිසිත් හැඩට - දමන්නට නම් එපා
ඇහෙනවද ඇගේ හඬ
විස්සෝප නඟනවා
කියයි හඬ නඟා තව - ඇගෙ දෝණි නැහැ කියා
තාත්තත් ගෙදර නැහැ
දැන් ඉතින් මමත් නැහැ
දන්නෙ නැහැ අම්මාව - කෙසේ සනසනු කියා
මල්ලි, උඹ පොඩි වැඩියි
නොතේරෙයි තතු බොහෝ
දැන් ඉතිං උඹ තමයි - මේ ගෙදර මහ එකා
ඉන්නකම් හිටියෙ නැති
උන් එපා මළගමට
ඇවිල්ලා සනසපන් - අඬන මගෙ අම්මාව
•°•°•° “හිත” °•°•°•
මහ අමුතු නවාතැන්පලකි, වරෙක ආගන්තුකයින්ට පවා ලැගුම් ගන්නට ඉඩ සලස්වන..
ඇතැම් විට ඒ තාවකාලික ගිමන්හල් ජීවිතයට සදාකාලික වේදනා උරුම කර, පසෙකට වී බලා හිඳීවි..
විඳින්නට උරුම ජීවිත, අප විසින් මවා ගත් ඇතැම් ලෝකවල සිරවී, විඳවන්නට ඉඩ සලස්වා ගනී..
ගැටවරකාලයේ සෙල්ලක්කාරකමට ගන්නා ඇතැම් තීරණ නිසා, ඔවුන්ගේ සැදෑ සමය ගත වන්නේ කන්ස්සල්ල යෙනි. ඇතැම් තීරණ ගත යුත්තේ හදවතින් විමසා ය. තවත් සමහරක් දෑ බුද්ධියෙන් විමසිය යුතුය.
කෙසේ වුවද,
තීරණ ගැනීම ප්‍රථම තම හිත එක්තැන් කොට ගෙන සිටිය යුතුමය. නිරවුල් මනස බොහෝ ගැටළු විසදා ගැනීමට උපකාරී වන්නේ එබැවිනි..
•••කවිෂ්කා ශාමින්දි ✍️