Stories by Prasad Weerasinghe on Medium
ඉස්සර අපේ ගමේ ඉස්කෝලෙ නිවාඩු දෙන දවසෙ පොඩියට කොන්සට් එකක් තිබුනා. අප්‍රේල්/ අගෝස්තු නිවාඩු වලට ලාවටත්, දෙසැම්බර් නිවාඩුවට ටිකක් ලකේටත්. මොන මට්ටමෙන් තිබ්බත් ඕකෙ අනිවාර්ය අංගයක් තමා “ආජුතපර නැටිල්ල”. දිග ගවුම් ටිකකුයි , පංකොල තොප්පි ටිකකුයි කැසට් එකකුයි ඒකට බැට්‍රියකුයි, සින්දුව තියෙන පීස් එකයි විතරයි අවශ්‍ය උපකරණ වලට තිබ්බෙ. මිශ්‍ර පාසලක් උනාට ගෑණු-පිරිමි ළමයි එකට නටන එක අනාන්තරීය පාපකර්මයක් මට්ට්මෙන් සැළකුණ හින්ද කොල්ලො “ආජුතපර නටන්ඩ” ගත්තෙ නෑ. කොන්සට් එකේ අවසානෙ උච්ඡතම අවස්ථාවට තමා ඔය අංගෙ එන්නෙ. මොක උනත් මේ සින්දුවෙන් ආපු “කික් එක” නිවාඩු කාලෙ පුරාම නොනැසී තිබුනා.
“ විදු නැණයෙන් අබිසෙස් ලබමින්නේ – සඳ මතුපිට පියවර එසවෙන්නේ
අප පමණ ද එකතැන කැරකෙන්නේ – අප පසුකර ලෝකය දිවයන්නේ”
කියල එදා බොහොම සතුටෙන් ගයපු/නටපු/අප්පුඩි-විසිල් ගහපු අපේ පරම්පරාව අද වැඩිහිටියො. තාම ඒ වචන ඇහෙනකොට අප්පුඩි ගහල නටන්න හිතෙන වැඩිහිටියො.
“ආජු තපර ලාහිලා
බීජු තපර ලාහිලා
ආජු තපර – බීජු තපර
බිස්කු-බිස්කු ලාහිලා”
එච්චරයි!