Stories by ආලකමන්දාව on Medium
ආයතනයේ. පැරණි  සේවකයින්ට ගරු කිරීම.
එබැවින් ආයතනික කළමනාකරුවන් තම සේවකයින් ආයතනය තුළ රඳවාගැනීම සඳහා  වඩාත් උපායමාර්ගික ක්රමවේදයන් අනුගමනය කළ යුතු අතර  හැම විටම.ආයතනයේ පැරණි සේවකයින් හට.ලැබිය යුතු ගරුත්වය හා.අගය කිරීම්.ඔවුන් වෙත පිරිනැමිය යුතුයි. ලංකාවේ ප්රමුඛ පෙලේ ඇඟලුම් ආයතනයක ආරම්භයේ ඒ සඳහා දායක වුණු.සේවිකාවක් වර්තමානයේදීත් එම ආයතනයේ උපදේශකවරියක ලෙස සේවය කරන අතර ඇයට එම ආයතනයේ කළමනාකාර අධ්යක්ෂවරයා පවා ගරු බුහුමන් දක්වයි. ආයතනයේ ඇතිවන සෑම ගැටලුවකදීම ඇයගේ.උපදෙස් ඔවුන් අපේක්ෂා කරයි. ඇයට ලැබිය යුතු  නිසි ගෞරවය අදටත් ඇයට ලබා ලබා දීමට ඔවුන් නොපැකිලේ. ඇය සතුව ඇති දැනුම පළපුරුද්ද අත්දැකීම් අදටත් එම ආයතනය භාවිතා කරයි. ආයතනය සතු. වටිනා.වත්කමක් ලෙස. ඔවුන් ඇයව ආරක්ෂා කරයි. විද්යානුකූලව බලන කල ඔවුන් මේ ආරක්ෂා කරන්නේ ආයතනය සතු වටිනා දැනුම් සම්භාරයකි. එම දැනුම පරිගණකගත කිරීමට පොත්පත් වලට පරිවර්තනය කිරීමට ගබඩා කර තබාගැනීමට නොහැකි.පුද්ගල බද්ධ වූ දැනුමක් බව.ඔවුන් වටහාගෙන තිබේ. කළමනාකරණයේදී Tacit Knowledge යනුවෙන් හඳුන්වන්නේ.මෙම දැනුම් සම්භාරයයි. මෙවන් පුද්ගලයකු නිර්මාණය කිරීමට ආයතනය අවුරුදු ගණනාවක් මහත් වූ පරිශ්රමයක් දරයි. ලෝකයේ ප්රමුඛ පෙලේ ආයතනයන් බොහොමයක්  තම පැරණි සේවකයින්ට සැලකීම ඔවුනට ගරුත්වයෙන් සැලකීම ඔවුන්ගේ දැනුම භාවිතා කිරීම ඔවුන්ගේ දියුණුවේ රහස් ලෙස දකිති.කෙසේ වෙතත් මේ සංකල්පයන් අදටත්.ලංකාවේ බහුතරයක් ආයතන වටහා නොගැනීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? ඔවුන් සතුව ඇති දැනුම අවබෝධ කර නොගන්නා කළමනාකරුවන් ඔවුන්ව අවතක්සේරුවට ලක් කරති. ඔවුනට තම ආයතනය හැර වෙනත් පිහිටක් නොමැති බව විශ්වාස කරති. ඔවුන්ගේ දැනුමට වඩා ඉහළ දැනුමක් ඇති පුහුණු සේවකයින් රැකියා වෙළඳපොළ තුළ සිටිනබව අදහති.. ඔවුන් නව දැනුම සොයා නොයන තම ආයතනය තුළ පල්වෙමින් සිටින පිරිසක් බව  සිතති. ඔවුන්ගේ. උසස්වීම් පඩි වැඩිවීම් පාරිතෝෂික දිරි දීමනා ප්රසාද දීමනා පිළිබඳ උනන්දුවක් නොදක්වති. අවසානයේ ඔවුන් කළකිරී ආයතනයෙන් ඉවත් වී ගිය කල ඒ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වේතන ඉහල තනතුරු හා ඉහළ කාර්ය මණ්ඩල සහිත නව සේවකයින් බඳවා ගනිති. මෙවන් වැරදි  පූර්වාදර්ශයක් නිසා අනෙකුත්. පැරැණි සාමාජිකයින්ද තම රැකියාවන් කෙරෙහි   කලකිරීම්.ඇති කර ගනිති.
පිටතින්  නව සේවකයින් බඳවා ගැනීම තුලින් ආයතනයට අලුතින් දැනුම  කුසලතාවන් හා නව තාක්ෂණය  එක්වන බව නොරහසකි.
සාම්ප්රදායික.ක්රමවේදයන්ගෙන්.ඔබ්බට ගොසින් නවීන තාක්ෂණය යාවත්කාලීන දැනුම හා කළමනාකරණ මෙවලම් සඳහා අනුගතවීමට නව  බඳවා ගැනීම් ඉමහත් රුකුලක් වේ.  ප්රශ්නය ඇත්තේ.නව බඳවා ගැනීම් තුළ නොවේ.
අලුතෙන් බඳවා ගන්නා සේවකයින් සතු දැනුම කුසලතා මට්ටම් හා  පැරණි සේවකයින්ගේ  දැනුම කුසලතා මට්ටම්  වලට සමානුපාතික ලෙස ඔවුන්ගේ වේතනයන් තනතුරු  හා කාර්යමණ්ඩලය සකස් වී තිබේ ද  යන්නයි.
බොහෝ විට අලුතින් සේවකයින් බඳවා  ගැනීමේදී රැකියා වෙළඳපොළේ වැටුප් මට්ටම් සලකා  බලන මුත්  දැනට සේවය කරන.සේවක මහතුන් ගේ වැටුප් මට්ටම් දැනුම හැකියාවන් හා ඔවුන් එම තනතුරු සඳහා වැඩිදියුණු කළ හැකිද යන්න සලකා.සලකා  බැලීමට කළමණාකාරීත්වයේ පෙළඹීම ඉතා අඩුය.
සහකාර කළමනාකරුවෙකු ලෙස සේවය  කළ සමහර අවස්ථාවන් වලදී  මා සිදු කල කාර්යභාරයන් වෙනුවෙන් ඉතා ඉහළ වැටුපක් සහිතව ජ්යෙෂ්ඨ කළමනාකරුවකු.හා.කළමනාකරුවෙකු ලෙස.දෙදෙනෙකු  අලුතෙන් බඳවාගත් අවස්ථා රැකියා ජීවිතයේ මා අත්විඳ තිබේ.
උක්ත කාරණා  හාස්යයට ලක් කරමින් මුහුණත් පොතේ හුවමාරු වුණු කූඹියෙකු හා සම්බන්ධ එක්තරා ලිපියක් එකල වඩාත්.මගේ සිත් ගත්තේය. එම ලිපියේ ප්රධාන චරිතය හොබවන  පැරණි සේවකයෙකු  වන කූඹියා ආයතනයේ වගකීම් රැසක් හොබවන ආකාරයත් කලමනාකාරිත්වය.  විසින්. ඔහු අධීක්ෂණය කිරීමට. වැඩ අධ්යක්ෂකවරයෙක්.කළමනාකරුවෙක්. අධ්යක්ෂවරයෙක්.ඔහුට ලේකම්වරියක්.ආදී.නිලධාරි මණ්ඩලයක් පත්කරන ආකාරයත් අවසානයේ  ඒ සියල්ලන්ගේම වැඩ කටයුතු ඔහු වෙත පැවරෙන නිසා ඔහුගේ කාර්යක්ෂමතාවය අඩු වී අවසානයේ කුඹියාව ආයතනය නෙරපන ආකාරයත් හාස්යට ලක්කර තිබේ.
කෙසේ නමුත්  ශ්‍රි ලංකාවේ  සමහර ආයතන නව බඳවා ගැනීමකදී  ආයතනයේ දැනට සේවය කරන.සේවකයින් හට.ඒ සඳහා ඉල්ලුම් කිරීමට පළමුව  අවස්ථාවන් සලසා දෙයි. පිටතින් බඳවා  ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් හෝ වෙනත් බඳවා ගැනීමේ ක්රමවේදයකට යොමු වන්නේ ඒ තනතුර සඳහා.සුදුසු පුද්ගලයකු ආයතනයේ දැනට සේවය නොකරන අවස්ථාවකදී පමණි. එම ආයතනයන්හි හැකි හැම අවස්ථාවකදීම පැරණි සේවකයින් හට.සංවර්ධනය වීම සඳහා අපරිමිත අවස්ථාවන් සලසා දෙයි. .
දීර්ඝ කාලයක් ආයතනය තුළ සේවය කරන සේවකයින්ගේ හදවත් තුළ ස්වභාවයෙන්ම  තම  ආයතනය පිළිබඳ.අභිමානයක් ආඩම්බරයක් හා ගෞරවයක්  පැවතීම නොරහසකි.  ආයතනයට අලුතින් ඇතුල්වන සේවකයින් තුළ එම අභිමානය ආඩම්බර සහ ගෞරවය ගොඩනැගීම සඳහා යම් කාලයක් ගතවේ. බොහෝ අවස්ථාවල එම අභිමානය ගොඩනැගීමටත් පෙර එම නව.සේවකයින්  ආයතනයෙන්  ඉවත් වූ අවස්ථා මා අනන්තවත් දැක තිබේ. ආයතනයේ ක්රියාදාමයන්ට හා සංස්කෘතීන්ට අනුගත  වීමට ඇති  නොහැකියාව ආදී කරුණු  ඒ සඳහා බලපාන්නට ඇත. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් ආයතනයක බහුතර වගකීම් සම්භාරයක් හසුරුවන්නේ ආයතනයේ පැරණි සේවකයින් ද?නැතිනම්.නව සේවකයින් ද?යන්න අවබෝධ කර ගත හැක.  එබැවින් ආයතනයක පැරණි සේවකයින් යනු ආයතනය සතු වටිනා සම්පත් වන අතර ඒවා රැකගැනීම ආයතනයේ වගකීමක් වන බව අප වටහා ගත යුතුය. ආයතනයය තුළ දිගු කාලයක් සේවය කළ සේවකයින් ඔබ විසින් අවතක්සේරුවට ලක් නොකළ යුතුයි. දිගු කාලයක් සේවය කිරීම නිසා ඔවුන් තුළ විවිධ අංශ අංශයන්හි නිපුනතාවයන් ගැබ්වී ඇත. එබැවින් ඔබ ආයතනයේ පැරණි සේවකයින් තවමත් සේවය කිරීම පිළිබඳ ආඩම්බර විය යුතුය. එය.ඔබ ආයතනයේ සාර්ථකත්වයේ එක් මිණුම් දණ්ඩක් ලෙස.සැලකිය යුතුය.
ලංකාවේ ප්රථම වතුර පොම්පය නිමැවූ ජිනසේන ආයතනයේ වෙබ් අඩවියේ අදටත් ඔවුන්ගේ පළමුවන සේවකයා වන එඩ්වඩ් බාස්ගේ ඡායාරූපයක් අන්තර්ගතව ඇත. ඉන් පැහැදිලි වන්නේ ආයතනයන් තමන්ගේ පැරණි සේවකයන් කෙතරම් අගය  කරන්නේද යන්නයි.
වැඩ පැවරීම
ආයතනික ව්යුහය තුළ පහළ කළමනාකරණ මට්ටම්වල සිට  ඉහළ කළමනාකරණ මට්ටම් වෙත යාමේදී ඔවුන් වෙත විශාල වගකීම් හා කාර්ය  භාරයන් පැවරෙන බව අප හොඳින් දන්නා  කාරණයකි.පහළ කළමනාකරණ මට්ටම් සිට.ඉහළ කළමනාකරණ මට්ටම්  වෙත ළඟා වීමේදී තනතුරු  ප්රමාණය  ක්රමානුකූලව.අඩුවන බව අප දනිමු. ඉහළ කළමනාකාරීත්වය වෙත පැවරෙන සියලු වගකීම්  හා කාර්යභාරයන් තනිවම ඉටු කිරීමට ඔවුනට නොහැකි බව අප ප්රායෝගිකව දන්නා කාරණයකි. වැඩ පැවරීම යන සංකල්පය භාවිතා වන්නේ  ඊට විසඳුමක් වශයෙනි.
මීට අමතරව.ආයතන.කළමනාකරණ ව්යුහය තුළ ඉහළ කළමණාකාරීත්වය පහළ කළමණාකාරිත්වය හා අතරමැද.කළමනාකරණ මට්ටම්.වල තිබිය යුතු නිපුනතාවයන් පහත සටහනේ  පෙන්වා ඇත.
සෑම මට්ටමක කළමනාකරුවන් තුළ මානව කුසලතා  ඒකාකාරීව තිබිය යුතු අතර එමගින් මිනිසුන් අතර හොඳ  සබඳතාවයන් ගොඩනගාගැනීමට හැකි වේ. නමුත් ඉහළ කළමනාකරුවන් තුළ. සංකල්පීය හැකියාවන් වැඩි වශයෙන් පැවතිය යුතු අතර තාක්ෂණික හැකියාවන් එතරම් බහුල වශයෙන් පැවතිය යුතු වන්නේ නැත. නමුත් පහළ කළමනාකරුවන් තුළ  තාක්ෂණික හැකියාවන් වැඩි වශයෙන් පැවතිය යුතු අතර  සංකල්පීය හැකියාවන් එතරම් බහුල වශයෙන් පැවතිය යුතු වන්නේ නැත.
වැඩ පැවරීම යන සංකල්පයේදී  අප ඉහත කාරණා  කෙරෙහි වැඩි වශයෙන්  අවදානයක් යොමුකල යුතුව ඇත. නැතිනම් අප හට පැවරෙන වගකීම් හා කාර්යභාරයන් නිවැරදි ලෙස කළමනාකරණය කරගත නොහැකි වනු ඇත.
උදාහරණයක් ලෙස  ඉහළ කළමනාකරණ මට්ටමේ සිටින නිලධාරියෙකු හැම විටම තාක්ෂණික කුසලතාවයන් හා සම්බන්ධ කටයුතු පහළ කළමනාකරණ මට්ටම් වෙත පැවරිය යුතුය. නමුත් ඔහු හැම විටම සංකල්පීය කුසලතාවන් හා සම්බන්ධ.කටයුතු කෙරෙහි තමාගේ අවධානය හා  ප්රමුඛතාවය.ලබා දිය යුතුය.  ඒවා තම  යටත් සේවකයින් වෙත පැවරීමේදී.වඩාත් සැලකිලිමත් විය යුතුයි.
ඉහළ කළමනාකාරීත්වයේ සිටින නිලධාරියෙකු තමන් වෙත පැමිණෙන ලිපි ලේඛනයන්හි අඩුලුහුඩුකම් ව්යාකරණ  දෝෂ පරීක්ෂා කරන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහුට ආයතනය දීර්ඝ කාලීන සැලසුම් සඳහා ගත්   කළ යුතු වටිනා කාලය අනවශ්ය කාර්යයන් වෙනුවෙන් වැය කරන බවයි.
ඔහු විසින් කළ යුතු වන්නේ වන්නේ එම කාර්යයන්හි පූර්ණ වගකීම අදාළ නිලධාරියා වෙත පවරා තම කාලය දීර්ඝ කාලීන සැලසුම් සඳහා වැය කිරීමයි.
බහුතරයක් කළමනාකරුවන් තමා යටතේ ඇති වගකීම් හා කාර්යයන් තමන් යටතේ සේවය සේවකයින් වෙත පැවරීමට අකමැත්තක් දක්වති. ඔවුන්ගේ වගකීම් දැරීම හා කාර්යයන් කෙරෙහි විශ්වාසයක් නොමැති වීම, තමාට පැවරී ඇති වගකීම් අඩු වීම තුලින්  තමාගේ. පැවැත්මට බාධාවක්  ඇතිවේයැයි  සිතීම. තමාගේ රැකියාවට  ඔවුන්ගෙන් තර්ජනයක් එල්ල වේවී ඇති බිය ආදී කරුණු මීට බලපායි. ඔවුන් වෙත වගකීම් නොපවරන තාක්කල් ඔවුන් ඒ වගකීම් දැරීමට සුදුස්සෝ නොවෙති.
සරුංගලයක් නූල අත්හරින තාක් කල් නිදහසේ පාවී  නොයන්නාක් මෙන්,කළමනාකරුවන් වගකීම් නැමැති නූල අත්හරින තාක් කල් ඔවුන්ගේ යටත් සේවක සේවකයින්  වගකීමට අනුගත නොවෙති.
අප කළමනාකරුවන් ලෙස ඔවුනට වගකීම් දැරීමේ නිදහස.ලබා දිය යුතුයි. අප ඔවුන්ට මග පෙන්විය යුතුයි ඔවුන්ව පුහුණු කළ යුතුයි  නිවැරදි විය යුතු තැන් පෙන්වා දිය යුතුයි. අපගේ අත්දැකීම් විශේෂඥ දැනුම.ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් ඔවුන් වෙත ලබා දිය යුතුයි. නමුත් වුවමනාවට වඩා.ඔවුන්ගේ වැඩ කටයුතු කෙරෙහි.ඇඟිලි ගැසීමට.නොයා යුතුයි ඔවුන්ට ඔවුන්ගේ වැඩ කිරීමේ නිදහස.ලබා දිය යුතුයි. ක්රමානුකූලව ඔවුන් වගකීම් දැරීමට සුදුසු පුද්ගලයින් ලෙස.දියුණු කළ යුතුයි. මගේ රැකියාව ජීවිතේ මට හමු වී ඇති ඇතැම් ඉහළ කළමනාකාරීත්වයට අයත්  නිලධාරීන් තමා යටතේ සේවය කරන සේවකයින්ගේ එදිනෙදා වැඩකටයුතු වලට පවා ඇඟිලි ගසන අයුරු මා දැක තිබේ. වඩාත් අභාග්යසම්පන්න   කාරනාව වන්නේ ඉහළ කළමනාකාරිත්වයට අයත් තමන්ට පැවරී ඇති  රාජකාරී අතපසුපසු කරමින් ඔවුන් තමන්ගේ  යටතේ සේවය කරන.සේවකයින්ගේ ප්රශ්න විසඳීමට යාමයි. පැහැදිලිවම ඔවුන් අතිශයින් කාර්යබහුල වී ඇත්තේ තමන්ට අයිති නැති රාජකාරි සඳහා තම කාලය මිඩංගු කිරීම නිසාය.
එවන් නිලධාරීන්ගෙන් සමහර  අතිශයින්ම.වැදගත් අනුමත කිරීම් ලබාගැනීම සඳහා මම සති දෙකක්  තුනක් බලා සිටි අවස්ථා එමටය.
ඒ අතර ඇතැම් කළමනාකරුවන් වැඩ පැවරීමේදී  තමන්ගේ යටතේ සිටින සේවකයින්ගේ වගකීම්  හා භූමිකාවන් පිළිබඳ කිසිදු තැකීමක් නොකර කිසිදු පදනමකින් තොරව වැඩ පැවරීම සිදුකරයි. ඇතැම් ආයතනික රැස්වීම් වලදී  ප්රශ්නයක් පැන නැගුණු විට ඒ ප්රශ්නයට පිළිතුරක් ලබාදීමට පළමුව  පෙලඹෙන පුද්ගලයා වෙත එම ප්රශ්නය විසඳීමට යොමු කරන ඇතැම්  හාස්යජනක කළමනාකරුවන් මා දැක තිබේ. සමහර අවස්ථාවන්  වලදී එම ප්රශ්නය කිසිදු ආකාරයකින් ඔහුගේ භූමිකාවට අදාල නොවන  අතර ඔහුගේ  මෙම හාස්යජනක හැසිරීම නිසා ආයතනික රැස්වීම්වලදී  ගල් බිල්ලන් සේ කතා නොකර සිටීමට ඔවුන් පමණක් නොව මාද  පෙළඹී තිබේ. ඇතැම් අවස්ථාවන්වල එවැනි කළමනාකරුවන්ට තමන් යටතේ සේවය කරන සේවක සේවිකාවන්ගේ මූලික රාජකාරීන් පවා මතකයේ නොතිබීම ඉතා අභාග්යසම්පන්න  තත්වයකි.
වැඩ පැවරීමේ එක් එක් සේවකයින් සතු වැඩ ධාරිතාවයන් පිළිබඳ අවබෝධයකින් කටයුතු කිරීමද  ඉතා වැදගත් වේ. වැඩ ධාරිතාවෙන් අඩු සාමාජික මහතුන් වැඩිදියුණු කිරීම වෙනුවට සියලු වගකීම්  ධාරිතාවයෙන් වැඩි සාමාජිකයින්  හට පැවරීම තුලින් ඔවුන් විඩාපත් වේ. රැකියා පිළිබඳ කලකිරීම ඇති කර ගනිති.
එකම වගකීම කිහිප දෙනෙකුට පැවරීම හෝ  අපැහැදිලි ලෙස වැඩ පැවරීම් මගින් සේවකයින් අතර මත ගැටුම් නිර්මාණයවේ. ඇතැම් අවස්ථාවල සමහර කළමනාකරුවන් හිතාමතාම එවන් ක්රියාවන්වලට පෙළඹෙනුයේ  එමගින් තමා භාරදුන්  රාජකාරී   නිවැරදිව ඉටු වේ යැයි  ඔවුන් විශ්වාස කරන නිසාය. ඔවුන්  ඒ තුලින් තමා බාරදුන් රාජකාරි ඉටු කිරීමේදී වැඩි විශ්වාසනීයත්වයක්  සේවකයින්  තුලින් බලාපොරොත්තු.  වෙති. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එම රාජකාරි කිසිදු සේවක මහතෙකුගේ අවධානයට යොමු නොවී සාර්ථකව ඉටු නොවී තිබීමයි. එබැවින් කළමණාකරුවකු ලෙස අප වැඩ පැවරීමේදී ඉතා පැහැදිලිව එක් සේවක මහතකු  හෝ කණ්ඩායමක් ඉලක්ක කර ඊට අදාළ සීමා හා කොන්දේසි සහිතව වැඩ පැවරීම සිදුකළ යුතුයි.
ඒවා අධීක්ෂණය කිරීම සඳහා කාර්ය සාධන දර්ශක සැකසිය යුතුයි. කාලයෙන් කාලයට ඒවායේ ප්රගතිය විශ්ලේෂණය කළ යුතුයි.
තම දෙපාර්තමේන්තු වෙත අලුතින් එකතු වන වගකීම් හා රාජකාරීන් ඇත්ත වශයෙන්ම අදාළ ඒවා  දැයි විශ්ලේෂණය කර ඒවා තම සාමාජිකයන් වෙත පැවරීම ආයතන ප්රධානියා සතු වගකීමකි.අන් දෙපාර්තමේන්තු මගින් යොමු යොමුවන කවර හෝ රාජකාරියක් තම දෙපාර්තමේන්තුවේ රාජකාරියක් ලෙස සලකා කටයුතු කිරීම මගින්  දෙපාර්තමේන්තුවේ  වැඩ ධාරිතාව ඉක්මවා ගොසින් සේවකයින්  අපහසුතාවයට පත්වීමට ඉඩ තිබේ.
වැඩ පැවරීමට අදාළ සාක්ෂි හා වාර්තා  හැම විටම යාවත්කාලීනව. පවත්වා ගත යුතුය. වැඩ පැවරීමේදී හැම විටම  තම කණ්ඩායමේ සාමාජික මහතුන්ගේ ප්රතිපෝෂණයන් ලබා ගැනීම  හා ඊට අදාල සන්නිවේදනයන් සියළුම සාමාජිකයින් වෙත නිවැරදිව ලබා ලබා දීම කළමනාකරුවන් සතු වගකීම් වේ. ඇතැම් කළමනාකරුවන් සාමාජික  මහතුන්ගෙන්  පැමිණෙන විරෝධතාවයන්  වලක්වාගැනීම උදෙසා  වැඩ පැවරීමේදී එක් එක්  පුද්ගලයින් සමඟ තනි තනිව සාකච්ඡා කර සන්නිවේදන කටයුතු සිදු කරයි.
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ දී අන් අයගේ මතයට සවන් දීම ඔවුන්ගේ මත ඉවසීම කළමණාකරුවකු ලෙස අප පුරුදු පුහුණු කළ යුතුය. එවැනි ගුණාංගයන්ගෙන් ඈත්වී තම මතයට අන් අය  එකඟ කරවා ගැනීමට යාම තුලින් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව  දුර්වල කර දමයි. නායකයා පිළිබඳ කණ්ඩායම තුළ ඇති විශ්වාසය  දුර්වල වේ.
ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත්ම නරක පූර්වාදර්ශයකි.සාමාජික මහතුන් අතර ඇති කණ්ඩායම් හැඟීම් මේ තුළින් බිඳ දමන අතර අනවශ්ය මත ගැටුම් නිර්මාණය වේ.
මේ ආකාරයෙන් ආයතනයක් තුළ නිවැරදි වැඩ පැවරීමේ  ක්රමවේදයක් පැවතිය යුතු අතර කාලානුරූපව එක් එක් සේවකයින්ගේ වැඩ විශ්ලේෂණය කර ඒවා සමබර ලෙස බෙදි යාමේ ක්රමවේදයක් සැකසිය යුතුයි.
සේවකයින් අතර සමානාත්මතාව.
මිනිසුන් වශයෙන් අප හැම විටම  පවුලේදී.  ,වෘත්තියේදී සමාජයේදී සමානාත්මතාව අපේක්ෂා කරමු.  ආගමික, සමාජීය,මූල්යමය හෝ වෙනත් හේතුන් මත එක් එක් පුද්ගලයින් වෙත විශේෂත්වයන් දැක්වීම මිනිසුන් වශයෙන් අප කිසිවකු අනුමත  නොකරන්නෙමු. රැකියා ජීවිතයේදීද සියළු දෙනාට සමානව සැලකීම සෑම සේවකයෙක්ම  අපේක්ෂා කරයි.
ලංකාවේ ප්රධාන පෙලේ බහු ජාතික  ඇඟලුම් කර්මාන්ත ශාලාවක අලුතෙන් පත් වූ කළමනාකාර අධ්යක්ෂකවරයෙක් ඔහුගේ පළමු දිවා ආහාරය සඳහා ආපන ශාලාවට ගමන් කරන විට ආපන ශාලාව කොට බිත්තියකින් වෙන්කර තිබෙනු දක්නට ලැබීය.ඒ පිළිබඳව විමසීමේදී ආයතනයේ සේවක මහතුන් සඳහා එක් කොටසක්ද අනෙක් පස.කාර්ය මණ්ඩලය සඳහාද  වෙන් කර ඇති බව  දැන ගන්නට ලැබීය.
ඔහු මේ පිළිබඳව කොතරම් සංවේදී වූයේද යත් එම කොට බිත්තිය ඉවත් කර  ආයතනයේ සේවක මහතුන් හා කාර්යමණ්ඩලය  එක්ව ආහාර ගන්නා තෙක් ඔහු තම දිවා ආහාරය නොගත්තේය. සමානාත්මතාව  ඔහු කෙතරම් අගය කලේද යන්න ඔබට  මේ සිදුවීමෙන්  වටහාගත හැකිවනු ඇත.
එක්තරා කාලයක ලංකාවේ  බහු ජාතික ටයර් නිෂ්පාදන සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයා සොයා ගැනීමට අවශ්ය නම්  එම  ආයතනයේ  නිල ඇඳුම හා සෙරෙප්පු දෙකක් පැළැඳි පුද්ගලයා හමුවිය යුතු යැයි  කටකතාවක් ගෙතී තිබුනි. එය කටකතාවක් නොව සත්‍ය සිද්ධියක් බව මා හට ඉඳුරාම ප්රකාශ කළ හැක්කේ.එම ආයතනයේ.අවුරුදු  ගනනක්. මා සේවය කළ බැවිනි..
අළු පැහැති ඕවරෝල් වර්ගයේ  ඇඳුමකින් සැරසී සේවකයින් අතර සැරිසරන්නා වූ මේ ආදර්ශමත් පුද්ගලයා.අපට අරුමයක් නොවීය. යන්ත්‍ර ස්ථාපනයේදී  ඔහු අප හා උරෙනුර ගැටී  වැඩ කළේය.
ඔහුගේ මේ පරමාදර්ශී ගතිගුණ තුළින් බිහිවූ ආයතන සංස්කෘතිය තුළ අදටත් ප්‍රදාන විධායක නිලධාරීතුමා හා සේවක මහතුන් එකම මේසයේ අසුන් ගෙන ආහාර ගන්නා ආකාරය ඔබට සුලබ දසුනක් වනු නොඅනුමානය. එවන්ම වූ තවත් ලෝක ප්‍රකට ආයතනයක සේවක මහතුන් හා කාර්ය මණ්ඩල භේදයකින් තොරව  සියළු දෙනාට එකම රක්ෂණ ප්රතිලාභ ලබා දෙන බව ඔබට විශ්වාස කළ හැකිද?. ඒ එම ආයතනය මිනිස් ජීවිතයක වටිනාකම කිසිදු සාධකයක් මත බෙදා වෙන් කළ නොහැකි බැව් විශ්වාස කරන බැවිනි.
ඉහත උදාහරණයයන් තුළින් පෙනී යන්නේ යන්නේ බහුතරයක් ආයතනවල  කළමනාකාරීත්වය සියලු සාමාජිකයින් කෙරෙහි සමානාත්මතාවයක් දැක්වීමට පෙලඹී සිටින ආකාරයයි.
කෙසේ වෙතත්  ඇතැම් ආයතනයන්හි කළමනාකාරීත්වය යම් යම් අරමුණු උදෙසා සමහර පුද්ගලයින් වෙත  විශේෂ ඇඟලුම්කම් දැක්වීමට පෙළඹී සිටී.  ඥාති සබඳතා මත මිතුදම් මත හෝ වෙනත් පුද්ගලික සබඳතා මත විශේෂ ඇඟලුම්කම් දැක්වීම ආයතනික සංස්කෘතිය තුළ පිළිගත හැකි ලක්ෂණයක් නොවේ.
සේවාකාලය තුළ එකට එක්ව.දුම් පානය කරන අධ්යක්ෂකවරු හා ඔවුන්ගේ  යටත් සේවකයින් එක්ව පසුකාලීනව යම් යම් කිසි දූෂිත හා අක්රමිකතා වලට යොමු ආකාරය මගේ රැකියා ජීවිතේ මා දැක තිබේ. ඒ අතරම තමන් ඉගෙනගත් පාසලේ.තමන්ගේ ප්‍රදේශයේ හා තමන් එකට ආශ්‍රය කරන යටත් සේවකයින් වෙත  උසස්වීම් ලබාදීම සඳහා කළමනාකරුවන් අධික වෙහෙසක් ගත් අවස්ථා එමටය. මෙම තත්වයන්ගෙන්  එපිටට ගොසින් ගොසින් කළමනාකරුවන් සමඟ අනියම්  සබඳතා ඇති කරගත් පුද්ගල  පුද්ගලයින් ආයතනයේ ඉහළ අධිකාරයන් වෙත උසස් කළ නිලධාරීන් අනන්තවත් අප රැකියා ජීවිත ජීවිතවල දක්නට ලැබේ. මෙවැනි වැරදි පූර්වාදර්ශයන් අනුගමනය කරමින් සමහර කළමනාකරුවන්  තමන්ගේ යටතේ සිටින සේවකයින් වෙත උසස්වීම් මුල් කර ගනිමින් අනියම් සබඳතා සඳහා බලපෑම් කළ අවස්ථා පවා  වාර්තා වී තිබේ.
ආයතනයන් තුල  සිදුවන අක්රමිකතා ක්රමවේදයන්හි දුර්වලතා  ක්රියාවලියන්හි  දුර්වලතා හා නිවැරදි විය යුතු ස්ථාන  නොබියව පෙන්වා දෙන  පුද්ගලයින් කෙරෙහි අසමාන ලෙස සැලකීම  ඔවුන්ව වෘත්තීය බලපෑමට ලක් කිරීම හා තනතුරුවලින් පහත හෙලීම ආදී වැරදි ආදර්ශ මෙත යොමුවෙන කළමනාකරුවන් ද වෙති.  අප කළ යුත්තේ  එවැනි පුද්ගලයින් අගය කිරීම හා ඔවුන්ගේ යෝජනා ධනාත්මක ලෙස ආයතනය තුළ පිළිගැනීමට  ලක්කිරීම් නොවේද?
කණ්ඩායමක් ලෙස  සාකච්ඡා කර ගත යුතු තීරණ කළමණාකරුවන්ගේ පක්ෂග්‍රාහී පුද්ගලයින්ගේ ප්රතිපෝෂණ මත යැපෙමින් ගැනීම නිසා ආයතනයේ  විවිධාකාර ගැටලු මතුවේ.
ආයතනය තුළ  නිල නොවන ආකාරයට තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා ඇතැම් කළමනාකරුවන් සමහර සාමාජික මහත්වරුන් භාවිතා කරන ආකාරයක් මගේ රැකියා ජීවිතයේ මා දැක තිබේ. එම තොරතුරු වාර්තා කිරීම වෙනුවෙන් ඔවුන්ට කළමනාකාරීත්වය වෙතින් විශේෂ වරප්‍රසාද පවා ලබාදෙනු ලැබේ. ඇතැම් අවස්ථාවල එම වරප්‍රසාදයන් අවභාවිතා කරමින් කලමනාකාරිත්වය  නොමග යැවූ අවස්ථාද අප දැක තිබේ. එබැවින් මෙවැනි අසම්මත ක්රමවේදයන් කළමනාකරණයේදී කිසිවිටෙකත් අනුමත කරනු නොලැබේ. පුද්ගලයින් අතර සමානාත්මතාව බිඳී යන අනෙක් අවස්ථාවන් වන්නේ උසස්වීම් ලබාදීම,පඩි වැඩිවීම්,පාරිතෝෂික ගෙවීම් හා කාර්යසාධන ඇගයීම් වලදීය. ඒ සඳහා  සම්මත ක්‍රියා පටිපාටියක් ආයතනය මගින් ස්ථාපනය කර නැතිනම් හැම විටම පුද්ගලයින්ගේ කාර්ය සාධන මට්ටම් වලට අනුකූල ලෙස ඔවුනට ලැබිය යුතු වරප්රසාදයන් නොලැබී යන අතර එමගින්  සේවකයින් අතර සමානාත්මතාව බිඳී යයි.
සාමාජික මහතුන්ගේ කාර්යසාධන මිනුම් දඬු සැකසීමේදී ඒවා හැම විටම මිනුම්ගත කළ හැකි ඒවා විය යුතුයි. ඒවා ආයාසයකින් තොරව මැනීම  සඳහා  ක්රමවේදයන් සැකසිය යුතුයි. මක්නිසාද යත් කාර්යසාධනයන් මැනීම අපගේ නිශ්පාදනයන්ට අගය එකතු කරන ක්රියාවලියක් නොවන බැවිනි.  අපගේ මූලික අරමුණ විය යුත්තේ ආයතනයේ ක්රියාවලියට දායක වීම මිස පුද්ගලයින්ගේ කාර්යසාධනයන් මැනීම නොවේ.
උදාහරණයක් ලෙස ඔබ ගබඩා භාරකරුවෙකු නම් ඔබ සතුව ඇති  තොග ගණනය කිරීම සඳහා සම්මත MRP වාර්තාවන් භාවිතා කළ යුතුය. සම්මතයෙන් පරිබාහිර වාර්තාවන් නිරවද්යතාවයෙන් අඩු බවත් වැරදි අර්ථකථනයන් සපයන බවත් ඔබ වටහාගත යුතුයි. එම වාර්තාවන්  විශේෂයෙන් සැකසීම සඳහා අතිරේක කාලයක් මිඩංගු කළ යුතු බවත් අප තේරුම් ගත යුතුයි.
ස්වයං කාර්ය සාධන ඇගයීම් හා. අධීක්ෂකයන් සමඟ සිදු කරනු ලබන කාර්ය සාධන ඇගයීම් හැම විටම  මානව සම්පත් කළමනාකරුවන් විසින් අධීක්ෂණය කළ යුතුය. කාර්ය සාධන ඇගයීම් වලදී හැම විටම ගුණාත්මක දත්තයන් වෙනුවට ප්රමාණාත්මක දත්ත භාවිතා කළ යුතුයි. කාර්ය සාධන ඇගයීම් හැම විටම සාක්ෂි මත පදනම්ව සිදුකළ යුතුයි. අධීක්ෂකවරුන්ගේ. සංජානනයන්ට,ආකල්පයන්ට,අධිකාරිය  මත,හැඟීම් දැනිීම් මත,විශ්වාසයන් මත පදනම්ව පුද්ගලයින්ගේ කාර්ය සාධන ඇගයීම් සිදු නොකළ යුතුයි. එවැනි අවස්ථාවන් වලදී අධ්යක්ෂකවරුන් හා  සාමාජික මහතුන් අතර සමබරතාව ඇති කිරීම සඳහා  මානව සම්පත් කළමනාකරුවන් මැදිහත් විය යුතුයි.
සමානාත්මතාවය යන්න ආයතනයේ ස්ථිර සාමාජිකයින් අතර පමණක්  තිබිය යුතු සංකල්පයක් නොවන අතර. එය අනෙකුත් සාමාජික මහතුන් අතරද ඒකාකාර ලෙස පැවතිය යුතුයි.  ස්ථිර සේවක මහතකු ආයතනයෙන් ඉවත්ව යන අවස්ථාවන්වල ඔවුන් වෙනුවෙන්  සමු ගැනීමේ උත්සව සංවිධානය කිරීම  බොහොමයක් ආයතනවල සාමාන්‍ය  සිරිතයි. කෙසේ වෙතත් ආයතනයෙන් ඉවත්ව යන කොන්ත්රාත් සාමාජික  මහතුන් කළ සේවය වෙනුවෙන් අවම වශයෙන් ඔවුන් වෙත ආයතනයේ ස්තූතිය  පුද කිරීමක් හෝ නොකරන අවස්ථා මා අනන්තවත් දැක තිබේ. අවම වශයෙන්.ඔවුන්ගේ ඉවත් වීම වෙනුවෙන් ප්රමාණවත් කාලසීමාවක් හෝ ලබානොදී කිසිදු ආකාරයක ඇගයීමක් හෝ නොකර ඔවුන්ව ආයතනයෙන් ඉවත් කිරීම  මානුෂීය වශයෙන් ගත්කළ .කෙතරම් අසංවේදී කාරණයක් දැයි ඔබට  වටහා ගත හැක. අවම වශයෙන් ඔවුන්ගේ සේවය වෙනුවෙන් සුළු අගය කිරීමක් හෝ සිදු කිරීම ආයතනයේ හෝ ආයතන ප්‍රධානියාගේ වගකීමක් නොවේද?
ඉහත කරුණු සලකා බැලීමේදී ආයතනයක සමානාත්මතාව යනු සාර්ථක කළමනාකාරිත්වය ලක්ෂණයක් බව ඔබට වැටහෙනු ඇත.  කණ්ඩායමක් තුළ වැඩ කිරීමේදී සියලු සේවකයින් කෙරෙහි සමානාත්මතාව පැතිරීම තුලින්.එම කළමනාකරුවා පිළිබඳ කණ්ඩායමේ විශ්වාසය.විශ්වාසය වැඩිදියුණු වන අතර ඔහු කෙරෙහි කණ්ඩායමේ ගෞරවය හා පිළිගැනීම  වැඩි දියුණු වේ.   ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය උක්ත අරමුණු උදෙසා නිසි දායකත්වයක් දැක්විය යුතුයි. උසස්වීම් ලබාදීම,පඩි වැඩිවීම්,පාරිතෝෂික ගෙවීම් හා කාර්යසාධන ඇගයීම් වලදී ඒවා සඳහා නිසි ක්රමවේදයක් සැකසිය යුතුයි. මානව සම්පත් අංශය හැම විටම සේවක මහතුන්ගේ  උසස්වීම් ලබාදීම,පඩි වැඩිවීම්,පාරිතෝෂික ගෙවීම් හා කාර්යසාධන ඇගයීම් වලදී කළමණාකරුවන්ගේ දායකත්වය අධීක්ෂණය කළ යුතුයි. කළමනාකරුවන්ගේ.  ,ආකල්පයන්ට,අධිකාරිය  මත,හැඟීම් දැනිීම් මත,විශ්වාසයන් මත පදනම්ව පුද්ගලයින්ගේ කාර්ය සාධන ඇගයීම් සිදු කිරීමේදී. මානව සම්පත් කළමනාකරණය අංශය හැම විටම ඊට මැදිහත්ව  සමබරතාව ඇති කළ යුතුයි.
ප්‍රශ්න විසඳන මැජික්කරුවා
මෙම ලිපිය ඇරඹීමට ප්‍රථම මා සේවය කළ එක්තරා ආයතනයක කළමනාකරුවකුගේ ප්‍රකාශයක් ඔබ වෙත සිහිපත් කිරීමට කැමැත්තෙමි.
“මා සෑම දිනකම අවදි වන්නේ  ඒ කොපමණ ප්‍රශ්න ගණනක් මා හට විසඳීමට ලැබේද යන්න .අපේක්ෂාවෙනි.”
බැලූ බැල්මට මෙම කියමනෙහි යම්කිසි ධනාත්මක.ආකල්පයක් ගැබ් උවත් මා ඔබට විස්තර කරන්නට යන්නේ  ඔබ   අපේක්ෂා කරනවාට වඩා  වෙනත් සංකල්පයක් සම්බන්ධවයි.
නඩත්තු කළමණාකරණය හා සම්බන්ධ රැකියාවක යෙදී සිටින කාලයේදී යන්ත්‍රයක් බිඳවැටුණු විට කාර්මිකයෙකු පළමුවෙන්ම සිදු කරනු ලබන්නේ එම යන්ත්රයේ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවස්ථානුකූල තාවකාලික පිළියමක් යෙදීමයි. එය අපි හඳුන්වනු ලබන්නේ Remedial Action යනුවෙනි. ඉන් අනතුරුව කාර්මිකයා විසින්  එම දෝෂය සඳහා හේතුවූ කාරණා සොයා බලනු ලැබේ. දෝෂයේ මූලය සොයා ගැනීමෙන් අනතුරුව ඔහු විසින් එම දෝෂය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ස්ථිර පිළියම්  යොදනු ලැබේ.  එය අපි හඳුන්වනු ලබන්නේ Preventive Action යනුවෙනි.
කාර්මිකයෙකු ලෙස අපට තාවකාලික විසඳුම් යොදමින් නඩත්තු කාර්යයන් කළ හැක. නැතිනම් ස්ථිර විසඳුම් යොදමින්  නඩත්තු වැළැක්වීමේ කාර්යයන් කලහැක. තාවකාලික විසඳුම් යොදමින් නඩත්තු කාර්යයන් කරන තාක් කල්  කාර්මිකයෙකු ලෙස අපට සැමදා සිදුකිරීමට එමට වූ රාජකාරි තිබේ. සැමදා  බිඳ වැටුණු යන්ත්‍ර නඩත්තු කිරීමට සිදුවේ. එසේ කරන තාක් කල් අප ආයතනයට අත්‍යවශය හා  නැතිවම බැරි පුද්ගලයෙකු වේ. නමුත් දක්ෂ කාර්මිකයෙකු තාවකාලික විසඳුම් යොදමින් නඩත්තු කටයුතු කිරීමට නොපෙළඹේ. ඔහු ස්ථිර විසඳුම් යොදමින් බිඳ වැටීම් වළක්වයි. නඩත්තු කාර්මික විසින් කළ යුතු විශාල කාර්ය සම්භාරයක්  ඔහු ක්‍රමක්‍රමයෙන් තම පාලනයට ගනී. එමගින්.නඩත්තු කාර්මිකයෙකුගේ තවදුරටත් අත්යවශ්ය වන්නේ  වැළැක්වීමේ නඩත්තු සඳහා පමණි.
උක්ත උදාහරණය අනුව යමින්  කළමණාකරුවකු ලෙස  අපට දෙආකාරයකට ප්‍රශ්න  කළමනාකරණය කළ හැක.
1) ප්‍රශ්නවලට තාවකාලික විසඳුම් යොදමින්, ප්රශ්න විසඳන්නකු ලෙස ආයතනය තුළ හා කළමනාකාරිත්වය තුල ප්රචලිත වෙමින්  ඉහළ පිළිගැනීමකට ලක් වූවකු ලෙස ක්‍රියා  කළ හැක.
2) නැතිනම් ප්‍රශ්නවලට ස්ථිර හා තිරසාර විසඳුම් යොදමින්  ඒවා නැවත ඇතිවීම  වැලැක්වීමට ක්‍රියා කළ හැක. නමුත් ඔබට ප්‍රශ්න විසඳන්නකු ලෙස ආයතනය තුළ හා කළමනාකාරිත්වය තුළ ඇතිකරගත් කීර්තිය හා පිළිගැනීම නොලැබී යන නමුත්  ආයතනික වශයෙන්  තිරසාර අරමුණු කරා යෑමේදී  එය ඉතා පිටිවහලක් වේ.
ඉදින් අප සෑම උදෑසනකම බලාපොරොත්තු විය යුත්තේ  කොපමණ ප්‍රශ්න ගණනක් අපට ලැබේද යන්න නොව කොපමණ තිරසාර විසඳුම් ගණනක් අපට දිය හැකි වේද යන්න නොවේද.
මගේ රැකියා  ජීවිතයේ   මා හට මුනගැසුනු  බහුතරයක් කළමනාකරුවන් ප්රශ්නවලට තාවකාලික විසඳුම් යොදමින් ප්‍ර්ශ්නය තාවකාලිකව යටපත් කිරීමට උත්සාහ කරන අයුරු මා බොහෝ විට දැක තිබේ. සමහර ආයතනික රැස්වීම් රැස්වීම්වලදී ප්‍රශ්නයක් පැන නැගුන විට කුමණ හෝ විසඳුමක් ලබා දී ප්‍ර්ශ්නය පැනනැගුණු පුද්ගලයා සතුටු කිරීමට  ක්‍රියා කිරීම තුළින්  තමාට ඇති ගෞරවය සහ පිළිගැනීම  පවත්වාගැනීම. ඔවුන්ගේ අරමුනයි.
ඇත්ත වශයෙන්ම  ඉහත ආකාරයෙන්  ක්‍රියා කරනු ලබන කළමනාකරුවෙකු ආයතනය තුළ.ඉහළ  පිළිගැනීමකට ලක්වීම නොරහසකි. ඒ ආකාරයට දෙනු ලබන විසඳුම.තාවකාලික ද?  ස්ථිර ද යන්න ඔහුට වැදගත් නොවේ ඔහුට වැදගත් වන්නේ ඉන්  ප්‍ර්ශ්නය නැගුණු පුද්ගලයා කුමණ ආකාරයකින් හෝ සතුටු කිරීම පමණකි. නමුත් එම ප්‍රශ්නය සඳහා අප දිය යුතු තිරසාර විසඳුම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ එකක් වෙන්නට ඉඩ  තිබේ. එය ප්රශ්නය නැගුණු පුද්ගලයාට වේදනාකාරී විසඳුමක් වන්නටද ඉඩ තිබේ. නමුත් අප කළ යුත්තේ  ඉතාම නිවැරදි දේ මිස පුද්ගලයින් සතුටු කිරීම සඳහා කළ යුතු දේවල් නොවන බව අප වටහා ගත යුතුය. වඩා වැදගත් වන්නේ  කොපමණ ප්‍රශ්න ගණනක් සඳහා විසඳුම් සැපයුවේ ද යන්න නොව කොපමණ ප්‍රශ්න ගනනකට ස්ථිරසාර විසඳුම් සැපයුවේද? යන්න බව අප තේරුම් ගත යුතුය. ප්‍රශ්න විසඳීම් සම්බන්ධ .කළමණාකරුවන්ගේ ප්‍රවේශයන් අධ්යයනය  කිරීමේදී පහත සඳහන් හැසිරීම් ඔවුන් තුළින් විද්යාමාන වනු  මම නිරීක්ෂණය කර තිබේ.
1)     ස්ථිරසාර විසඳුම් වෙනුවට තාවකාලික විසඳුම් යොදමින්. ප්‍රශ්න තාවකාලිකව යටපත් කිරීම. අවස්ථානුකූලව  ප්‍රශ්නවලින් ගැලවී යාම උදෙසා ලබා දෙන තාවකාලික විසඳුම් හා ඒ හා සම්බන්ධ ගැටළු.
2)     ප්‍රශ්න විසඳීමේදී.ඊට අදාළ පුද්ගලයින් හෝ කණ්ඩායම් සහභාගී කර නොගෙන. ඔවුන්ගේ ප්‍රතිපෝෂණයන් ලබා නොගෙන කළමණාකරුවන්ගේ තනි තීරණ මත. පදනම්ව විසඳුම් සැපයීම නිසා ඇතිවන ගැටලු.
3)     ප්‍රශ්නය සඳහා දියයුතු ස්ථිරසාර විසඳුම් වෙනුවට මිනිසුන් සතුටු කිරීම සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීම.(මිනිසුන් සතුටු කිරීමේ විසඳුම් හැමවිටම ආයතනයේ අභිවෘද්ධිය සඳහා හේතුවන කාරණා නොවේ. මක් නිසාද යත් ඇතැම් තීරණ මිනිසුන්ගේ සිත් රිදවන නමුත් ඒවා සමස්ත ආයතනයේ අභිවෘද්ධිය කෙරෙහි බලපාන තීරණ වනු ඇත.එම නිසා කළමනාකරුවන් ඍජු තීරණ ගැනීම සඳහා  පෙලඹිය යුතුයි.)
4)     පුද්ගලයාගේ තරාතිරම හා තනතුර මත පදනම්ව ප්‍රශ්නයේ ප්‍රමුඛතාවය  තීරණය කිරීම. ඇතැම් අවස්ථාවන්වලදී ආයතනයේ ප්‍රතිපත්ති පවා පුද්ගලයා මත පදනම්ව වෙනස්වනු. අපට දැකගත හැකි වනු ඇත.මේ තුළින් ආයතනය හා පුද්ගලයින් අතර සමානාත්මතාව යන කාරණය පිළිබඳ ඇති විශ්වාසය පළුදු වේ.
5)     ප්‍රශ්න විසඳීමේදී ඊට අදාළ පුද්ගලයා වෙනුවට අවස්ථානුකූලව ඊට අදාළ නොවන පුද්ගලයෙකු  ඒ සඳහා යොමු කිරීම නිසා ඇතිවන ගැටලු.(ඇතැම්  අවස්ථාවන්වලදී ආයතනික ව්‍යහය උල්ලංඝනය කරමින් ඊට අදාළ නොවන පුද්ගලයින් ඒ සඳහා යොමු කරනු ලැබේ).
6)      ආයතනික ප්රතිපත්ති හා මූලික සංකල්පයන් උල්ලංඝනය කරමින් ප්‍රශ්න සඳහා විසඳුම් යෝජනා කිරීම නිසා ඇතිවන ගැටලු..
7)     ප්‍රශ්න වැඩිවීම මත තමාගේ වැඩ වපසරිය හා පැවැත්ම රඳවා ගැනීම පිළිබද කළමනාකරුවන් තුළ පවතින ආකල්ප.(ස්ථිර විසඳුම්  ලබානොදී  ප්‍රශ්න ගොඩ ගසා ගැනීම තුලින් කළමනාකරුවන්ගේ ස්ථාවරය රඳවා ගැනීමට දරන උත්සාහය .ගැටලු බහුල වීම තුලින් තමාගේ ස්ථාවරය  ගිලිහේ යැයි අනුමාණ කරන කළමනාකරුවන් හා ප්‍රශ්න රඳවා තබා ගැනීම හා යටගැසීම තුලින්  පසුකාලීනව ඇතිවන ගැටලු).
8)     කණ්ඩායමේ ප්‍රතිපෝෂණයන් ලබා නොගෙන ළඟාකරගත නොහැකි ඉලක්ක සහ අරමුණු  ඉහළ කළමනාකාරීත්වය සඳහා යොමුකිරීම හා ඒවා ළඟා කර ගත නොහැකි වීම නිසා පසුකාලීනව ඇතිවන ගැටලු..
9)     තම දෙපාර්තමේන්තුව සතු සම්පත්, හැකියාවන් පිළිබඳ අවබෝධයකින් තොරව තම සේවාදායකයින් වෙත ළඟාකරගත නොහැකි ඉලක්ක සඳහා පොරොන්දු ලබා දීම හා ඒවා ළඟා කර ගත නොහැකි වීම නිසා පසුකාලීනව ඇතිවන ගැටලු..
10)  පූර්ව සැලසුම්කරණයකින් තොරව අවස්ථානුකූලව ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට පෙලඹෙන අවස්ථාවන් හා ඒ හා සම්බන්ධ ගැටළු.(උදා : සාකච්ඡාවක් සඳහා පළමුව ඉදිරිපත් වන්නාට ප්‍රශ්ණය විසඳීමේ වගකීම භාර දෙන කළමනාකරුවන්.)
11)  තමන්ගේ මමත්වය මත පදනම්ව විසඳුම්  ලබාදෙන කළමනාකරුවන් හා ඉන් ඇතිවන අනිටු  ප්‍රතිඵල..
12)  කණ්ඩායමක් ලෙස විසඳිය යුතු ප්‍රශ්න තනි තනි පුද්ගලයින් අරමුණු කරගෙන විසඳීමට උත්සාහ කරන කළමනාකරුවන්. (මෙම ක්‍රමවේදය බොහෝවිට යොදාගනු ලබන්නේ කණ්ඩායමක් ලෙස කළමනාකරුවන්ට පැමිණෙන තර්ජනයන් වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් ලෙසයි)
13)  ප්‍රශ්න හා විසඳුම් කෙරෙහි සංවේදී නොවන කළමනාකරුවන් හා අතිශයින්ම  කාර්යබහුල වන කළමනාකරුවන් නිසා යටහත් සේවකයින්ට තීරණ ගැනීමේ ඇති වන බලපෑම්.
14)  සැම විටම තමා වෙත පැන නැගෙන ගැටළු තව කෙනෙක් කෙරෙහි පවරා ඉන් ගැලවීමට උත්සාහ කරන කළමනාකරුවන්  හා වගකීම් භාරගැනීමට බියවන කළමනාකරුවන් නිසා ආයතනයට ඇතිවන බලපෑම.( තීරණ ගැනීමේ අවදානම. ගැනීමට  කිසි විටෙකත් උත්සාහ නොකරන කළමනාකරුවන්.)
15)  ගැටලු හා. ප්‍රශ්න කෙරෙහි නිසි ලෙස සවන් නොදී  නිවැරදිව වටහා නොගෙන විසඳුම් සෙවීමට පෙළඹෙන කළමනාකරුවන් නිසා ඇතිවන ගැටලු.(ප්‍රශ්ණය හොඳින් විශ්ලේෂණය නොකර සේවකයින්ගේ මට්ටම කරා ගොසින් ප්‍රශ්නය අවබෝධ නොකර  විසඳුම් සෙවීමට උත්සාහ කිරීම නිසා ඇතිවන ගැටලු)
16)  ඉහළ කළමනාකාරීත්වය හෝ තම සේවාදායකයින් වෙත පළමුව සේවා පොරොන්දු ලබා දී  දෙවනුව ඒ සඳහා තම කණ්ඩායමේ එකඟත්වය  කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලබාගන්නා කළමනාකරුවන් හා ඒ නිසා යටහත් සේවකයින් මුහුණදෙන අපහසුතාවන්.
17)  නම්‍යශීලී නොවී තම මතයේ කටයුතු කරන කිසි විටෙකත් තමා ගොඩ නගාගත් රාමුවෙන් පිටතට පැමිණීමට උත්සාහ නොකරන කළමනාකරුවන්ගේ තීරණ. .
18)  පෙර උපකල්පනයන් හා තම සංජානනයන්. මත රඳා පවතිමින් ප්‍රශ්න නිවැරදි ලෙස අවබෝධ කර. නොගෙන. තීරණ ගන්නා කළමනාකරුවන්.
19)  ප්‍රශ්න විසඳීමට උත්සාහ කිරීමට වඩා විසඳන ප්‍රශ්න උලුප්පා පෙන්වීමට උත්සාහ කළ කළමනාකරුවන්.(පවර්පොයින්ට් හා වෙනත් මාධ්ය භාවිතයෙන් කරනු ලබන ඉදිරිපත්කිරීම්  සඳහා වැඩි කාලයක් ගත කරන, තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා ප්රමුඛතාවය ලබාදෙන නමුත් ප්‍රශ්න විසඳීම සඳහා අඩු ප්රමුඛත්වයක් ලබා දෙන කළමනාකරුවන්)
20)  නිල නොවන තොරතුරු මත පදනම්ව ප්‍රශ්න විසඳීම සඳහා  උත්සාහ කරන කළමනාකරුවන්.
21)  ප්‍රශ්නය විසඳීම වෙනුවට එම ප්‍රශ්නය තවත් ප්‍රශ්නයකින් කෙළවර කිරීමට හෝ ප්‍රශ්න ගණනාවකින් කෙළවර කිරීම සඳහා දායකවන කළමනාකරුවන්.
22)  තම කළමනාකරණ මට්ටම ඉක්මවා ගොසින් හෝ තමා සතු විශේෂඥ දැනුම අභිබවා ගොසින්  තමාගේ වපසරියෙන් පිට ප්‍රශ්න විසදීම සඳහා  උනන්දුවන  කළමනාකරුවන්.( උදා: තාක්ෂණික මට්ටමේ ගැටළු සඳහා ඉහළ කළමනාකාරිත්වය මැදිහත් වීම්. ඉහළ කළමනාකාරීත්වය තීරණ සඳහා පහළ කළමනාකරණ මට්ටම්වල ඍජු මැදිහත්වීම්)
23)  ඉහළ කළමණාකාරීත්වය පහළ  කළමනාකරණ මට්ටම්වලට  ක්‍රියාවලීන් පිළිබඳ නොදැනුවත්භාවය සහ.පහළ  කළමනාකාරීත්ව මට්ටම්වල සේවක මහතුන් ඉහල කළමනාකරණය මට්ටම්වල තීරණ පිළිබඳ නොදැනුවත් භාවය නිසා ඇතිවන ගැටලු..
24)  ගැටළුවල ප්රමුඛතාවයය අවබෝධ නොකර ඉතා ඉක්මණින් විසඳිය යුතු ගැටලු සඳහා ප්රමාද වී පිළිතුරු ලබා දෙන හා වැඩි ප්රමුඛතාවක් අවශය නොවන ගැටළු සඳහා ප්රමුඛතාවයක් ලබා දෙන අවස්ථාවන්.
25)   පුද්ගලික මට්ටමේ සාකච්ඡා, කුඩා කණ්ඩායම් අතර සාකච්ඡා හා විවෘත මට්ටමේ සාකච්ඡා අතර වෙනස හඳුනා නොගන්නා කළමනාකරුවන් හා ඒ නිසා  ආයතනයක සේවකයින්ට  වන බලපෑම.
26)  ගැටළු විසඳීම සඳහා නිසි කළමනාකරණ  වැඩ පිළිවෙලක් සැකසීමට අපොහොසත්වන කළමනාකරුවන් නිසා ඇතිවන ගැටලු.
27)  මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් සඳහා සංවේදී නොවන ඔවුන්ගේ ප්‍රශ්න අවබෝධ කර ගැනීමට   අපොහොසත්වන  කළමනාකරුවන් නිසා ඇතිවන ගැටලු.
28)  තම කණ්ඩායම් සාමාජිකයන් කෙරෙහි හා ඔවුන්ගේ වගකීම් කෙරෙහි.විශ්වාසය රඳවා නොගන්නා කළමනාකරුවන් හා. විශ්වාසය පළුදු වීම සම්බන්ධ ගැටලු.
29)  ආයතනයේ හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිවලට පරස්පර විරෝධී තීරන හා පුද්ගලයින් මත පදනම්ව  ප්‍රතිපත්තිවලින් බැහැර ලබා දෙන තීරණ.
30)  එක් එක් පුද්ගලයාට අදාල වැඩ වපසරියන්, විෂය පථයන්  නිවැරදිව නිර්වචනය කරනු නොතිබීම හා  වැඩ නිවැරදිව නොපැවරීම නිසා  ඇතිවන ගැටලු.
31)  වැරදුණු තීරණ පිළිගැනීම නිවැරදි කිරීම් හා නැවත සිදුනොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඒ අතරම නිවැරදි වීම සඳහා යටත් සේවකයින්ට අවස්ථාව ලබා දීම ඔවුන්ව ආරක්ෂා කිරීම හා ඔවුන්ව නිවැරදි තීරණ සඳහා බලගැන්වීම කළමනාකරුවන් සතු වගකීම් වේ. .
ඉහත සඳහන් කාරණා සළකා බැලීමේදී  කළමනාකරුවන් ලෙස ගැටලු නිරාකරණය කිරීම උදෙසා  අප විසින් පහත සඳහන්. ප්රතිපත්ති මනා ලෙස අවබෝධ කරගත යුතුව හා අනුගමනය කළ යුතුව ඇත.
1)     කණ්ඩායමක් ලෙස තීරණ ගැනීම, ඉලක්ක සැකසීම. හා ඒ සඳහා විශේෂඥ දැනුම  භාවිතා කිරීම.
2)     ගන්නා තීරණ වල  පාරදෘශ්යභාවය,සමානාත්මතාවය හා ප්රතිපත්තිමය ගැලපීම. පවත්වාගැනීම හා කළමනාකරුවෙකු ලෙස ඒ සඳහා වගකීම් භාර ගැනීම.
3)     තාවකාලික විසඳුම් වෙනුවට ස්ථිරසාර ඍජු විසඳුම් කරා ළඟා වීම හා ඒ සඳහා ක්‍රමවේදයන් සැකසීම.
4)     තීරණ ගැනීමේදී  නිරවද්යතාවය,වේගවත් බව හා ප්‍රමුඛතාවය පිළිබඳ සැලකිලිමත් වීම..
5)     තීරණ ගැනීමේදී ප්‍රශ්ණ හොඳින් අවබෝධ කරගෙන දත්ත මත පදනම්ව නම්‍යශීලී හා විවෘත මනසකින් යුක්තව සංවේදීව කටයුතු කිරීම. පෙර උපකල්පනයන්,තම සංජානනයන් හා  නිල නොවන තොරතුරු හා මමත්වය මත. පදනම් නොවෙමින් කටයුතු කිරීම.
6)     තීරණ ගැනීම හා ප්‍රශ්න විසඳීම සඳහා යටත් සේවකයන් බලගැන්වීම සහ ඔවුන්ගේ විෂය පථයන්  නිවැරදිව නිර්වචනය  කිරිම  හා ඔවුනට ඒ සඳහා වගකීම් පැවරීම. මීට අමතරව. ඔවුන් කෙරෙහි විශ්වාසය රඳවා තබාගැනීමද වැරදුණු තීරණ වලදී ඔවුන්ව ආරක්ෂා කිරීමද අපේක්ෂා කෙරේ.
කළමනාකරුවෙකු ලෙස ආයතනය ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඉහත කාරණා නොවේද?
ඉදින් තවදුරටත් ඔබට ප්‍රශ්න විසඳන මැජික් කාරයකු.වීමට අවශ්යද? නැතිනම් වෘත්තීය  කළමනාකරුවෙකු ලෙස උපාය මාර්ගික ක්‍රම අනුගමනය කරමින් ප්‍රශ්න ඇතිවීම  වළක්වා ගැනීමට.අවශ්‍යද? තීරණය ඔබ සතුයි.
ආයතනය කෙරෙහි සේවකයින්ගේ ආකර්ෂණය රඳවා ගැනීම.
දක්ෂ කලමනාකරුවකු ලෙස අප අවබෝදකරගත යුතු විශේෂ කරුණක් වන්නේ,වර්තමානයේ අප සිටින්නේ වහල් යුගයේ,වැඩවසම් යුගයේ හෝ සම්ප්‍රදායික මානව සම්පත් කලමනාකරන ක්‍රමවේදයන් තුල නොවන වගයි. තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදන ක්‍රමවේදයන්හි වේගවත් දියුනුව තුලින් ලෝකය අතිශයින්ම පටු  වී ඇති අතර මිනිසුන් හා ලෝකය අතර පවතින්නාවූ සබදතා අතිශයින්ම සරල වී ඇත.එබැවින් සම්ප්‍රදායික මානව සම්පත් කලමනාකරන ක්‍රමවේදයන් තවදුරටත් මේ සමාජ ක්‍රමය තුල වලංගු නොවන බව අප විසින් අවබෝද කරගත යුතුව ඇත. වර්තමාන තරුණ පරපුර ලෝකයේ හා සමාජයේ සිදුවන වෙනස්කම් දෙස මනා අවබෝදයෙන් යුතුව බලා සිටින ඒවා හැම විටම ධනාත්මක ලෙස දකින පුද්ගලයෝ වෙති. වෙනස්වීම් සඳහා ඔවුන් කිසි විටෙකත් බිය නොවෙති. වර්තමාන රැකියාවට සමුදී නව රැකියාවක් සොයායාමට ඔවුන් කිසි විටෙකත් නොපැකිළෙති. තොරතුරු තාක්ෂණයේ ඇති වූ විප්ලවයන් තුලින් නව රැකියා සොයා යාමට ඔවුනට ඇති අවස්ථා එමටය. ආයතනය තුළ යහපත් මිනිසුන් රඳවාගැනීම වර්තමානයේ ඇති අභියෝගයන් අතරින් එකක් වන්නේ මෙවන් පසුබිමක් තුලය. එබැවින් ආයතනයක   සේවකයින් ඉවත්වීමේදී ඔවුන් පිළිබඳ පසු විපරම් කිරීම හා ප්රතිපෝෂණයන් ලබා ගැනීම අත්යවශ්ය කාරණාවකි. එමගින් සේවකයින්.ඉවත් වීම සඳහා බලපාන සාධක හඳුනා ගැනීම  හා ඒවා නිවැරදි  කර ගැනීමට ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ අදහසක් ලබා ගත හැක.
මිනිසුන් යනු  කිසිදා තෘප්තිමත් නොවන ජීවීන් කොට්ඨාසයකි. මිනිසුන් තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය වන සාධකයන්.වටහා ගැනීම ඊටත් වඩා අමාරු කාර්යයකි.කළමනාකරුවෙකු ලෙස අප  මිනිසුන් තෘප්තිමත් කිරීම සඳහා.අවශ්‍ය දෑ පැහැදිලිව හඳුනා ගත යුතුය.
මගේ රැකියා ජීවිතයේදී බහුතරයක් කළමනාකරුවන් වේතනය යන්න මිනිසුන් රැකියාව තුළ රඳවා ගැනීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස.විශ්වාස කරති. වේතනයට අමතරව  වෙනත් බොහෝ සාධක රැකියාව තුළ රඳවා ගැනීම සඳහා බලපාන බව ඔවුන් වටහා නොගැනීමය ඉතාමත් අවාසනාවන්ත කාරණයකි. මගේ යටතේ සේවය කළ එක් සේවකයෙකු තම රැකියාවෙන්  සමුගැනීමට තීරණය කරනු ලැබුවේ ඔහුට තවදුරටත් වර්තමාන රැකියාව තුළ අලුතින් ඉගෙන ගැනීමට යමක් නැතිවීම නිසා යැයි කිවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත. දැනුම පීරමින් දැනුම සොයා යන නව අත්දැකීම් ලබා ගැනීම සඳහා පෙළඹෙන පුද්ගලයින් ද අප අතර සිටින බව කළමනාකරුවෙකු ලෙස අප වටහා ගත යුතුය.
අභියෝග පසුපස හඹා යන  පුද්ගලයින්   අභියෝග නොමැති වැඩ පරිසරයක් තුළ කෙසේ නම් රඳවා තබා ගන්නද.එවන් පුද්ගලයෙකු අභිප්රේරණය කිරීම උදෙසා වේතනය යන සාධකය මත පමණක් ක්‍රියාකිරීම වැදගත් නොවන බව අප තේරුම් ගත යුතුයි.
ආයතනය තුළ පවතින යටිතල පහසුකම්, ශුභසාධන ක්‍රියාකාරකම් ආදියටද ඔවුන් වටිනාකමක් එක් කරති. අතට ලැබෙන වැටුපට වඩා. වක්‍රාකාරව ආයතනයකින් ලැබෙන වරප්‍රසාද කෙරෙහි මිනිසුන් අවධානය යොමු කරති.
රැකියාවේ පවතින සුරක්ෂිතභාවය ඔවුන් අතිශයින්  අගය කරති. අස්ථාවර ආයතන තුළ සේවය අහිමි වීමේ ප්රවණතාවය පිලිබඳව ඔවුහු විශේෂ අවධානය යොමු කරති.
ඒ  අතරම. රැකියාව තුළින් ලබන තත්ත්වය සහ පිළිගැනීම අපේක්ෂාවෙන් සේවයේ යෙදෙන  සේවක මහතුන් ද අප අතර වෙති.  රැකියාවක් කිරීමේ  මූල්‍යමය අවශ්යතාවයක් නැති වුවත් සමාජයෙන් ලැබෙන පිළිගැනීම උදෙසා ඔවුන් සේවයෙහි යෙදෙති.එවන්  අපේක්ෂාවන් ඇති සේවක මහතුන් එම පිළිගැනීම  ආයතනයෙන් නොලැබෙන කල්හි රැකියාවෙන් ඉවත්ව යති.
වෘත්තීය සංවර්ධනය තුළින්  උසස්වීම් කරා යෑමේ පරමාර්ථය සේවකයින් වශයෙන්  අප සියලු දෙනාගේම පොදු අපේක්ෂාවකි. එම පරමාර්ථයන් සපුරා ගැනීම උදෙසා ආයතනය තුළ ක්‍රමවේදයන් සැකසී තිබිය යුතුයි. එසේ නොවුණහොත් සේවක මහතුන්ගේ එකතැන පල්වෙමින් සංවර්ධනයකින් තොරව  ඔවුන් සතු සැඟවුණු දක්ෂතා වියැකී යනු ඇත. ඔවුනට ඉදිරියට යෑමේ හැකියාව නොමැතිවීම හා ඒ තුළින් ඇතිවන කලකිරීම වෙනත් ආයතනයක්  කරා යොමුවීමට.පොළඹවනු ඇත. උක්ත කරුණු පාදක කර ගනිමින් ලෝකයේ ප්‍රමුඛපෙළේ  ආයතනවල පුරප්පාඩුවක් ඇතිවූ කල්හි පළමු ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ආයතනයේ දැනට සේවය කරන  සුදුසුකම්ලත්. සේවක මහතුන් වෙතයි. ඔවුන් පිටතින් බඳවා ගැනීම සඳහා  පෙළඹෙනු ලබන්නේ   අභ්‍යන්තර වශයෙන් එම පුරප්පාඩු සපුරා ගැනීමට නොහැකි අවස්ථාවලදී පමණි.
වෘත්තීය සංවර්ධනය තුළින් උසස්වීම් කරා යෑමේදී .ඒ සඳහා අවශ්ය වන ආකල්ප දැනුම සහ කුසලතා සංවර්ධනය කිරීමට ආයතනය මගින් දක්වන දායකත්වය සේවකයින් අගය කරනු ලබන අතර එය ඔවුන්ගේ සංවර්ධනය උදෙසා  විශාල බලපෑමක් ඇති කරනු ඇත.ඒ තුලින් ආයතනයේ මානව සම්පත සඳහා වැඩි වටිනාකමක් එක් කරනු ඇත.
ආයතනය තුළ සබඳතා වල ශක්තිමත් භාවය රැකියා රැකියාව තුළ රඳවා තබා.ගැනීමට බලපාන තවත් ප්‍රධාන සාධකයකි.චිකාගෝ  වෙස්ටන් ඉලෙක්ට්රික් සමාගමේ හෝත්රෝන් කම්හලේ   පර්යේෂණයන්හි නිගමනයන්ට අනුව කම්කරුවන්ගේ ඵලදායිතාව රඳා පවතින සාධක අතරට සේවාස්ථානය පවතින සමාජ සාධකයන් හා සේවාස්ථානයේ කණ්ඩායම් ගොඩ නැගීම හා  කණ්ඩායම්වල බලපෑම් ඇතුළත් වේ. එබැවින් ආයතනයේ කළමනාකරුවන්,යටත් සේවකයින්,සම මට්ටමේ නිලධාරීන් හා ඉහළ කළමනාකාරීත්වය අතර පවතින සම්බන්ධතාවයන් ආයතනය තුළ සේවකයින් රඳවා තබා ගැනීමට බලපාන ප්‍රධාන සාධකයන් බව අපට පැහැදිලිවේ. ලංකාවේ ඇතැම් ආයතනවල වෘත්තීය සමිති වලින් ඔබ්බට ගොසින් ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය හා පහලම සේවකයින් මුහුණට මුහුණ මුහුණලා ගැටෙමින් සේවකයින් සහ ආයතනයේ ප්‍රශ්න විසඳා ගන්නා ක්‍රමවේදයන් තිබෙන බව ඔබ නොදන්නවා විය හැක. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා හා සේවක මහතුන් එකම ශාලාවෙ පැදුරු  ඇතිරූ බිම මත අසුන් ගනිමින්  ඔවුන්ගේ ප්‍රශ්න  සාමකාමීව විසඳා ගන්නා අයුරු අතිශය විස්මයජනක බව.ඔබට පැහැදිලි කළ යුතුය.එබැවින්.ආයතනය තුළ පවතින සංස්කෘතිය,ආයතනයේ වටිනාකම් වල පවතින ආකර්ෂණීය ස්වභාවය සේවකයින් රඳා පැවතීම උදෙසා බලපාන තවත් එක්  සාධකයක් බව ඔබට වැටහෙනු ඇත.
උක්ත කාරණා සියල්ලටම වඩා වැඩ කිරීම සඳහා ඇති නිදහස සේවකයින් වශයෙන් ඉහල අගය කිරීමකට ලක් කරනු ඇත. සැමවිටම කෙවිටක් අතින් ගෙන තමා යටත් සේවකයින් පසුපස පන්නමින් ඔවුන්ව ඉලක්ක කරා යොමුකරන කළමනාකරුවන්ට වඩා නිදහසේ  වැඩ කිරීමට හැකි වැඩ පරිසරයක් නිර්මාණය කිරීම කළමනාකරුවන් සතු  යුතුකමකි. මා සේවය කළ එක් ආයතනයක උපරිම නිෂ්පාදන ධාරිතාවය බොහෝ විට පෙන්නුම් කරනු ලැබුවේ සතිඅන්ත දිනවලයි.  මක් නිසාද යත් සති අන්ත දිනවල.කළමනාකරුවන් සහ සුපරීක්ෂකවරුන්ගේ සේවා දායකත්වය අවම වූ බැවින් හා. ඒ නිසා ඔවුන්ගේ වැඩ කිරීමේ නිදහස ඉහළ ගිය බැවිනි. වැඩ කරන ආකාරය පිළිබඳ අපි ඔවුන්ට උපදෙස් දීම අවශ්ය නොවේ. මක් නිසාද යත්  ඔවුන් ඒ පිළිබඳ ප්රවීණයන් වන ැවිනි.කළමනාකරුවන් ලෙස අප ඔවුනට ලබා දිය යුත්තේ වැඩ කිරීමට සුදුසු පරිසරයක් මේ මිස වැඩ කරන ආකාරය  පිළිබඳ උපදෙස් නොවේ. කළමනාකරුවන් ලෙස අප ලබා ඇති අත්දැකීම්  දැනුම ඔවුන් හා බෙදා හදා ගැනීම ඔවුන්ගේ කාර්ය පහසුවෙන් කරගැනීමට උපකාර වනු ඇත. වැඩ සරල කර ගැනීම සඳහා උපකාරී වන ක්‍රමවේදයන් යන්ත්‍ර සූත්‍ර හා වැඩ පරිසරය අප සකසා දිය යුතුය. එම නිසා සේවකයන්ගේ වැඩ කිරීමේ නිදහස  කළමනාකරුවන් ලෙස අප ඉතා අගය කළ යුතුය.ඒ සඳහා හැම විටම අපි අවස්ථාව සලසා දිය යුතුයි. එසේ නොවුණහොත්,කරදරකාරී කළමනාකරුවන් අතහැර දමා ඔබගේ දක්ෂ සේවකයින් ආයතනයෙන් ඉවත්වන දිනය වැඩි ඈතක නොවේ.
රැකියාව තුළින් ලබන ස්වයං තෘප්තිය තරම් වටිනා දෙයක්  මෙලොව තිබේදැයි සැක සහිතය.චර්යා විද්යා යුගයේ ඉදිරිපත්වූ මානව සම්පත් ආකෘතියේ. ප්‍රධාන නිගමන පහත පරිදි වේ.
මිනිසුන් කිසි විටෙක වැඩ  කිරීමට අකැමැත්තෝ නොවෙති. ඔවුනට නිවැරදි අරමුණු ඉලක්ක ස්ථාපනය කර දී ඇත්නම් ඔවුන් ඒවා.ළඟාකර ගැනීමට ක්‍රියා කරනු ඇත.එබැවින් වැඩ යනු සේවකයින්ගේ තෘප්තිමත්භාවය ඇති කරන ප්‍රධාන මූලාශ්රයක් වනු ඇත.
කළමනාකරුවන් වශයෙන් අප අපගේ කළමනාකරණ ක්රමවේදයන් පිළිබඳ  ස්වයං විවරණයක විවරණයක යෙදුණොත් රැකියාවන්වල වලින් ඔවුන් ලබන ස්වයං තෘප්තිය කෙරෙහි කළමනාකරුවන් කෙතරම් බලපෑම් කරනවාද යන්න වටහා ගත හැක. ඔවුන්ට ඔවුන්ගේ රැකියාවන් එපා කරවීමට කළමණාකරුවන්ගේ  ක්‍රියාපටිපාටියන් කෙතරම් බලපාන්නේ දැයි මදක් කල්පනා කර බලන්න. ඔවුන්ව දිරිමත් කර ඔවුන් සතු සැඟවුණු කුසලතාවයන් ආයතනයේ ඵලදායිතාවය කෙරෙහි යෙදවීම වෙනුවට ඔවුන්ගේ  දුර්වලතා පමණක්  ඉස්මතු කරවමින් ඔවුන් තවත් තවත් අධෛර්යමත් කරන කළමනාකරුවන්  කෙතෙක් නම් අපට මුණගැසී ඇත්ද?
සෑම පුද්ගලයෙකුම සුවිශේෂී පුද්ගලයෙකු වන අතර ඔවුනටම අනන්ය වූ දක්ෂතාවයන්.ඔවුන් සතුව පවතී. අප කළ යුත්තේ ඔවුන් සතුය සැඟවුණු දක්ෂතා එළිදැක්වීම සහ.පවතින දක්ෂතා වැඩිදියුණු කිරීම නොවේද? ගුරුවරුන් කුඩා. දරුවෙකුගේ දක්ෂතාවයන්  හඳුනාගෙන එම ක්ශේත්‍රයන් ඔස්සේ ඉදිරියට යාම සඳහා ඔහුට උදව් කරන්නාක් මෙන් කළමනාකරුවන් ලෙස අප ද අපගේ යටත් සේවකයින්ගේ හැකියාවන් හඳුනාගෙන ඔහුට ගැළපෙන වෘත්තීයමය වගකීම ඔවුන් වෙත පැවරිය යුතුයි. ඒ අතරම සේවකයින්ගේත් තෘප්තිමත් භාවය මැන බැලීම සඳහා ක්රමවේදයන් ආයතන මගින් සැකසිය යුතුයි.
මා සේවය කළ එක් ආයතනයක හැම සතියකටම වරක් සේවකයින්ගේ තෘප්තිමත් භාවය මැන බැලීම සඳහා  සමීක්ෂණයක් පැවැත්වේ. අප කළ යුත්තේ  සතියකට වරක් ලැබෙන විද්යුත් තැපෑලට අපගේ තෘප්තිමත් භාවය පිළිබඳ ප්රතිපෝෂණයන් සඳහන් කර යැවීම පමණි. යම් හෙයකින් අපි තෘප්තිමත් නොවන බව සඳහන් වුවහොත් එය අදාල සුපරීක්ෂක මහතා වෙත එම පණිවුඩය  යොමු වනු ඇත.  ඔහු විසින් එය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය  ක්‍රියාමාර්ග ගත යුතුය. සුපරීක්ෂක මහතා විසින් ඒ සඳහා  ක්‍රියාමාර්ගයක් නොගතහොත්  එය අදාළ මානව සම්පත් කළමනාකරු වෙත යොමු වනු ඇත.
ඒ අතරම  මා පෙර  සඳහන් කළ පරිදි  ආයතනයෙන් ඉවත්වන සේවකයින්ගේ ප්‍රතිපෝෂණයන් ලබා ගැනීම තුලින් ආයතන තුළ මානව සම්පත හා සම්බන්ධ වර්තමාන  ගැටලු අවබෝධ කර ගත හැක.
මානසික හා ශාරීරික නිරෝගීභාවය  ආයතනයක ඵලදායිතාව කෙරෙහි සෘජුවම බලපාන සාධකයකි. සේවකයින්ගේ මානසික සහ ශාරීරික නිරෝගිතාවය පවත්වාගෙනයාම සඳහා ආයතනය තුළ විවිධාකාර  වැඩසටහන් ක්‍රියාත්මක වේ. එවන් වැඩසටහන් තුලින් ආයතන තුළ ඇතිවන කාර්මික රෝගයන්, ආතතිය වැනි මානසික ගැටළු  අවබෝධ කරගෙන ඒවා වැළැක්වීම සඳහා  ක්‍රියාමාර්ග ගත හැක. එවන් වැඩසටහන් තුළින් ලබාගන්නා ප්‍රතිපෝෂණයන් හොඳ වැඩ පරිසරයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පදනම සකසනු ඇත.
කුමන ක්රමවේදයන් සැකසුවත්, අපගේ අවසන් පරමාර්ථය විය යුත්තේ ආයතනය සතු වටිනාම සම්පතක් වන මානව සම්පත ආයතනය තුළ සතුටින්  රඳවා තබා ගැනීම බව කළමනාකරුවන් ලෙස අප වටහා ගත යුතුය.
මානව සම්පත් කලමනාකරණයේ විකාශනය
මිනිසුන් වූ කලි අතිශය සංකීර්ණ වූත් විවිධාකාර සිතුම් පැතුම් සංස්කෘතීන්ගෙන්. හා ආකල්පයන්ගෙන් හෙබි ජීවී විශේෂයකි. එකිනෙකට වෙනස් වූ ජාන සංයුතියන්ගෙන් හෙබි විවිධාකාරී මිනිසුන් කලමනාකරණය කිරීම.කෙතරම් සංකීර්ණ කාරණයක් දැයි ඔබට අමුතුවෙන් කිව යුතු නැත. විවිධාකාර විචල්යයන් මත දෝලනය වන මිනිසුන්ගේ සිතුම් පැතුම් සමීකරණයක් මත හෝ න්‍යායන් මත සටහන් කිරීම කෙතරම් ප්‍රායෝගික නොවන කාරණයක් දැයි ඔබට වැටහෙනු ඇත. එබැවින් මානව සම්පත් කළමනාකරණය යන විෂය අතිශයින්ම සංකීර්ණවූත්, පුද්ගලානුබද්ධවූත්, විෂයානුබද්ධ වූත්, ගුණාත්මක ලක්ෂණ පෙන්වන විෂයක් ලෙස සැළකේ. එවන් වූ විෂයක් හැදෑරීමේදී,අතීතයෙන් උගත් පාඩම් අප හට ඉතා වැදගත් වනු ඇත. මානව සම්පත් කළමනාකරණයේ විකාශනය ඔබ වෙත ගෙන එනු ලබන්නේ එවන් වූ අභිමතාර්ථයන් උදෙසාය.
වහලුන් කළමනාකරණය
සෑම පුරාණ ශිෂ්ටාචාරයකම පාහේ වහලුන් මිනිස් බලයේ වැදගත් මූලාශ්‍රයක් විය. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් වූයේ ධනවත් පාලකයන්, ඉඩම් හිමියන්, ගෝත්‍රික ප්‍රධානීන්සහ ව්‍යාපාරිකයන්ය. වහලුන්ගේ ස්වාමිවරු ඔවුන්ගෙන් අධික බර පැටවීම, ඔරු පැදීම නැව් සහ බෝට්ටු, ගොඩනැගිලි සහ බලකොටු ඉදි කිරීම, ඇළවල් හෑරීම, ගව පාලනය සහ පස වගා කිරීම වැනි විවිධ වෙහෙසකර වැඩ ලබා ගත්හ. ඔවුන්ගේ වැඩ සඳහා වේතනය හෝ වන්දි ප්‍රධාන වශයෙන් ආහාර, නවාතැන් සහ ඇඳුම් වලින් සමන්විත විය. වහලුන් යකඩ අත්වලින් වැඩ කලහ. ඔවුන් ස්වාමිවරුන්ගේ දැඩි අධීක්‍ෂණයට හා සම්පූර්ණ පාලනයට යටත් වූ අතර, නියෝගවලට අනුකූල නොවීම ශාරීරික වධ හිංසා, අත් පා විකෘති කිරීම සහ බරපතල වැරදි සඳහා මරණ දණ්ඩනයට පවා යටත් විය.
සර්ෆ්වරුන් කළමනාකරණය
පූර්ව සහ මධ්‍යතන යුගයේ වැඩවසම් සමාජවල සර්ෆ්ඩම් බහුලව පැවතුනි. ඉඩම් හිමියන් ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික මෙහෙයුම් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල නිරත විය. ඉඩම් හිමියන් ඔවුන්ගේ වාසස්ථාන සඳහා ඉඩම් කැබැල්ලක්, ඔවුන්ගේම වගාවන් සඳහා ඉඩමක්, තම ස්වාමිවරුන් සමඟ බැඳී සිටීමට හැකි වන පරිදි සොච්චම් මුදලක් ඔවුන්ට ලබා දෙන ලදී. මෙම පහසුකම් වෙනුවට, දාසයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් තම ස්වාමිවරුන්ට සේවය කිරීමට අවශ්‍ය විය. පස් කැපීම, ගව පාලනය, ගෘහ සේවය සහ ඒ හා සමාන වෙනත් කටයුතු දාසයන් වෙත පැවරී තිබුනි.
දාසයන් හට තම ස්වාමිවරුන් වෙත වාසස්ථාන, ඉඩම් කැබලි සහ පොලී භාරදීමෙන් පසු එයින් නිදහස් විය හැකිය. ඒවා ගෙවීමෙන් පසු ඔවුනට වෙනත් ඉඩම් හිමියෙකුට මාරු විය හැකිය. වහල් ක්‍රමයට වඩා ඉඩම් හිමියන් සහ දාසයන් අතර පුද්ගලික සබඳතාවයේ යම් ඉහල මිනුමක් පැවතුනි. ඉඩම් හිමියන් බොහෝ විට ඔවුන්ගේ සැබෑ දුක්ගැනවිලි විසඳීමට උත්සාහ කළ අතර එම අයට යම් උපකාරයක් ලබා දුන්හ.
වැඩවසම් ස්වාමිවරුන් ද ඉඳහිට තම දාසයන්ට යම් යම් ආර්ථික පෙළඹවීම් ලබා දුන්හ. සර්ෆ්වරුන්ගේ කළමනාකරණය අධිකාරීවාදයේ මූලධර්මය මත පදනම් වුවද, ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මානව සැලකීම බොහෝ විට දක්නට ලැබුණි.
වැඩවසම් ක්‍රමය අහෝසි කිරීමත් සමඟ, සර්ෆ්ඩම්ද අවසන් විය. කෙසේ වෙතත්, මේ හා සම්බන්ද අතීතයේ නටබුන් අද පවා සොයාගත හැකිය.
ගිවිසුම්ගත ශ්‍රම කළමණාකරණය.
ගිවිසුම්ගත ශ්‍රම කළමණාකරණය ආරම්භවූයේ ප්‍රධාන වශයෙන් වෙළඳවාදය, කාර්මික විප්ලවය හා මුහුදු හා ගොඩබිම් මාර්ග සොයා ගැනීම නිසාය. භාණ්ඩවල ඉල්ලුම වැඩි වැඩි වීමත් සමඟ වෙළඳාම වේගයෙන් දියුණු වූ අතර ව්‍යාපාරිකයෝ එයින් වාසි ලබාගත්හ. හැකිතරම් ධනය රැස්කිරීම උදෙසා වෙළඳපළ පුළුල් කිරීම,ඉල්ලුමට සරිලන සැපයුම හා භාණ්ඩවල තත්වය පවත්වා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය. ඒ සඳහා ආධුනික,කුලී කම්කරු,පුහුණු ශ්‍රමය,දක්ෂ ශිල්පීන් හා වෙළෙන්දන් නිෂ්පාදනයට සම්බන්ධ කරගැනීම සඳහා ගිවිසුම්ගත ශ්‍රම කලමනාකරණය බිහිවිය.
කාර්මික විප්ලවය යුගය
මානව සම්පත් කළමනාකරණයෙහි ක්‍රමානුකූල සංවර්ධනය ආරම්භ වූයේ 1850 බටහිර යුරෝපයේ සහ ඇමෙරිකාවේ ඇතිවූ කාර්මික විප්ලවයෙනි. යන්ත්‍ර නිෂ්පාදන,යාන්ත්‍රික ශක්තිය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස විශාල ශ්‍රම බලකායක් එක්ව වැඩ කරන කර්මාන්තශාලා සංකල්පය බිහිවීම මෙම අවධියේ දී සිදුවිය. පැරැණි ගෘහ පද්ධතිය වටා ගෙතුණු ගෘහ කර්මාන්තශාලා සංකල්ප වෙනුවට විශාල කම්කරුවන් ප්රමාණයක් එක්ව වැඩ කරන මධ්යගත කර්මාන්ත ශාලා බිහි විය. කම්කරුවන් තමන් උපන් ස්ථානයෙන් රැකියා ස්ථානයන් කරා සංක්රමණය වීම හා කර්මාන්ත ශාලා හිමියන් සමඟ වක්‍ර සබඳතා ඇතිවීම මෙම යුගයේ දී සිදුවිය. කාර්මික විප්ලවයේදී කර්මාන්තශාලා පද්ධතියේ මිනිසුන් කලමනාකරණය කිරීම සඳහා ප්‍රධාන ක්රමවේදයන් තුනක් වූ අතර එය ස්වාමී සේවක සම්බන්ධතාවය මත පදනම් විය.
1. කම්කරුවන් බඳවා ගැනීම.
2. කම්කරුවන් පුහුණුකිරීම්.
3. කම්කරුවන් පාලනය කිරීම.
වෘත්තීය සමිති ව්‍යාපාර යුගය
කර්මාන්ත ශාලා පද්ධතිය බිහි වීමෙන් පසු කම්කරුවන් ඔවුන්ගේ හිමිකම් වෙනුවෙන් සංවිධානය වීමට පටන් ගත්හ. වෘත්තීය සමිති ලෙස හැඳින්වූ කම්කරු සංගම් බිහිවීමේ මූලික අරමුණ වූයේ
1) සාමාජිකයින්ගේ රැකියාව කෙරෙහි උනන්දුව ආරක්ෂා කිරීම් හා පවත්වාගෙන යාම.
2) ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කිරීම.
3) ළමා ශ්‍රමිකයින් සේවයේ යෙදවීම වැළැක්වීම.
4) දිගු කාලයක් සේවයේ යෙදවීම වැළැක්වීම.
5) දුප්පත්කම නිසා පැන නැගුණු ගැටලු විසඳීම.
6) සේවා කොන්දේසි හා සම්බන්ධ ගැටළු.
පසුකාලීනව ආර්ථික ගැටලු,වැටුප්,සේවක ප්රතිලාභ,සේවා වැනි රැකියාවේ වෙනත් අංශද වෘත්තීය සමිතිවල ගැටලු බවට පත් විය. වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම්,පා ගමන් ආදී ක්‍රමවේදයන් බිහිවිය. වෘත්තීය සමිතිවල මෙම ක්රියාකාරකම් නිසා සේවක දුක්ගැනවිලි හැසිරවීමට ක්රමවේදයන් සැකසීමට කළමනාකරුවන්ට සහ අයිතිකරුවන්ට සිදු විය. කළමනාකරුවන් සහ කම්කරුවන් අතර මත ගැටුම් නිරාකරණය සඳහා බේරුම්කරණය,ගැටුම් නිරාකරණය ආදී නීති ක්රමවේදයන් බිහිවිය.
මීට අමතරව විනය ක්රියාමාර්ග,සේවක වරප්‍රසාද,නිවාඩු දින සහ නිවාඩු කාලයන්, රැකියා නිර්වචනයන්,රැකියා අයිතිවාසිකම්,තාර්කික සහ ආරක්ෂාකාරී වැටුප් ව්‍යුහයන් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය සමිති වල ක්රියාකාරිත්වය. දායක විය.
සමාජ වගකීම් යුගය
විසි වන ශත වර්ෂයේදී.කර්මාන්ත ශාලා හිමිකරුවන් වඩාත් මානවවාදී ක්රමවේදයන් කම්කරුවන් වෙනුවෙන් අනුගමනය කිරීමට පෙළඹුණි. කම්කරුවන් සඳහා පිතෘවාදී ප්රවේශයක් ඔවුන් අනුගමනය කළහ. ශ්රමය දරුවෙකු මෙන්ද හිමිකරු පියකු මෙන්ද සැලකීමට එම දර්ශනය තුළින් ඉඩ සැලසුණි.. පියෙකු තම දරුවෙකු බලා ගන්නාක් මෙන් තම සේවකයින්ට සැලකීම තුලින් පීතෘ මූලික ප්රවේශයකට ඔවුන් අනුගත වූහ.
ඒ තුලින් කර්මාන්ත ශාලා හිමිකරුවන් තම සේවකයින් වෙත සහන සහ පහසුකම් රැසක් ලබා දුන්හ.
1) වැඩ කරන පැය ගණන අඩු කිරීම.
2) සේවාස්ථානයේ පහසුකම් වැඩිදියුණු කිරීම.
3) කර්මාන්තශාලා ආදර්ශ ගම්මාන බිහි කිරීම ආදිය ඉන් කිහිපයක් වේ.
ඉහත ප්රවේශයන් කම්කරු කළමනාකරණයේ හා සමාජ සුබසාධන අංශවල ප්රගමනයට හේතු විය. වෘත්තීය සමිති ව්යාපාරයය තුළින් මතු වූ ගැටලු හා ඒ තුලින් කාර්යසාධනය සාධනය කෙරෙහි ඇතිකළ බලපෑම් අවම කිරීම සඳහා සේවකයින් තම පාලනයට නතුකරගැනීමේ දර්ශනයක් ලෙස මෙය භාවිතා කරන ලදී.
විද්යාත්මක කළමනාකරණ යුගය
විසිවන ශත වර්ෂයේ ආරම්භයේදී විලියම් ටේලර් මිනිසුන්ගේ කාලය සහ චලන අධ්යනයන් තුලින් ඵලදායිතාව වැඩි කිරීමේ විද්යාත්මක ක්රමවේදයන් පිළිබඳ අත්හදා බැලීම්වල නිරත විය. මෙම අත්හදාබැලීම් පදනම්ව ඔහු විසින් රචිත "මානව සම්පත් කළමනාකරණයේ පරිණාමය" යන ග්‍රන්ථය තුළ පහත සඳහන් සංකල්ප අන්තර්ගත විය.
1) මහපට ඇඟිල්ලේ රීතිය විද්යාත්මක ක්රමවේදයන් තුලින් ප්රතිස්ථාපනය කිරීම.
2) ගැටුමට වඩා සමගියේ වැදගත්කම.
3) පුද්ගලවාදය වෙනුවට සහයෝගීතාවය.
4) පුද්ගලබද්ධ සංවර්ධනය.( එක් එක් පුද්ගලයකු අරමුණු කරගත් සංවර්ධනය.)
5) වැඩ සරල කිරීම.
6) සම්මතකරණය.
7) අවකල වැටුප් ක්රමවේදයන්.(differential piece wage system)
8) ක්රියාවන් මත පදනම් නායකත්වයන්.(functional foremanship)
මානව සබඳතා යුගය
1920 වකවානුවේ කළමනාකරණ පර්යේෂකයන් වැඩකරන මිනිසුන්ගේ හැසිරීම් කෙරෙහි බලපාන සාධකයන් පිළිබඳව මනෝවිද්යාත්මක විශ්ලේෂන ප්රවේශයකට එලඹුනහ. හියුගෝ මුන්ස්ටර්බර්ග් විසින් රචිත "මනෝ විද්යාව සහ කර්මාන්තශාලා කාර්යක්ෂමතාව-Psychology and Industrial Efficiency’" නැමැති ග්‍රන්ථයේ මනෝවිද්යාත්මක ක්රමවේදයන් මානව සම්පත් කළමනාකරණය සඳහා යෙදවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
1) පුද්ගලයින් හා සම්බන්ද මිනුම් හා පරීක්ෂාවන්..
2) සම්මුඛ පරීක්ෂණ.
3) ආකල්ප පිළිබඳ මිනුම්
4) ඉගෙනීම් යනාදිය ඊට ඇතුළත් විය.
මෙම යුගය කාර්මික මනෝවිද්යා යුගය ලෙස හැඳින්වුණි.
1924 වර්ෂයේ ඇමරිකාවේ හාවඩ් ව්‍යාපාර අධ්යයන ආයතනයේ මහාචාර්යවරු පිරිසක් චිකාගෝ වෙස්ටන් ඉලෙක්ට්රික් සමාගමේ හෝත්රෝන් කම්හලේ 1924 සිට 1932 වර්ෂය දක්වා සේවකයින් සහ ඔවුන්ගේ මානුශීය පැති පිළිබඳ අධ්යනයක නිරත වූහ. ඔවුන්ගේ පර්යේෂණයන්හි නිගමනයන්ට අනුව කම්කරුවන්ගේ ඵලදායිතා රඳා පවතින්නේ පහත සඳහන් සාධක මත බව අවබෝධ කරනු ලැබිනි.
1) සේවාස්ථානය පවතින සමාජ සාධකයන්.
2) සේවාස්ථානයේ කණ්ඩායම් ගොඩ නැගීම හා කණ්ඩායම්වල බලපෑම්.
3) නායකත්වයේ ස්වභාවය සහ අධීක්ෂණය.
4) සන්නිවේදනය.
ඒ අනුව සේවක සේවකයින්ගේ ඵලදායිතාව රඳවා ගැනීම උදෙසා වැඩ කරන ස්ථානයේ භෞතික තත්වයන් වැඩි දියුණු කිරීමට අමතරව සබඳතා වැඩි දියුණු කළ යුතු බව අවබෝධ කරගන්නා ලදී.
මානව සම්පත් කළමනාකරණයේ නව නැම්මක් පිහිටුවමින් පහත සංකල්පයන් මෙම විෂයට අලුතින් ඇතුළත් විය.
1) සමාජ ක්රමවේදයන්හි සංකල්පය
2) පුද්ගලයින් කෙරෙහි කණ්ඩායම් බලපෑම්
3) පුද්ගලයින්ගේ තාර්කික නොවන හැසිරීම්
4) පුද්ගලයින් කෙරෙහි අවිධිමත් සංවිධානයන්හි බලපෑම
චර්යා විද්යා යුගය
සතුටින් වැඩ කරන කම්කරුවන් ඵලදායි කම්කරුවන් යන සංකල්පය අභියෝගයට ලක් කරමින්,මානව චර්යා පිළිබඳ විද්යාඥයන් ඉලක්ක සහ ඵලදායිතාව අරමුණු කරගත් මානව හැසිරීම් පිළිබඳ අධ්යයනයන්ට පෙළඹුනහ. මෙම ක්රමවේදයන්හි, ක්‍රියාවේ ස්වභාවය, කළමනාකරුවන්ගේ කාර්යභාරය,ආයතනයේ ස්වභාවය,තනි පුද්ගලයින්ගේ ආයතන තුළ හැසිරීම හා වැඩ පරිසරයේ සිටින පුද්ගලයින් පිළිබඳ අවබෝධ කර ගැනීමට උත්සාහ කෙරේ. කෙසේ වෙතත් මානව සබඳතා ආකෘතිය වෙනුවට මානව සම්පත් ආකෘතිය යන සංකල්පය මෙහිදී ඉදිරිපත් වී ඇත. මෙම සංකල්පයන්හි ප්‍රධාන නිගමන පහත පරිදි වේ.
1) මිනිසුන් කිසි විටෙක වැඩ කිරීමට අකැමැත්තෝ නොවෙති. ඔවුනට නිවැරදි අරමුණු ඉලක්ක ස්ථාපනය කර දී ඇත්නම් ඔවුන් ඒවා.ළඟාකර ගැනීමට ක්‍රියා කරනු ඇත.එබැවින් වැඩ යනු සේවකයින්ගේ තෘප්තිමත්භාවය ඇති කරන ප්‍රධාන මූලාශ්රයක් වනු ඇත.
2) බොහෝ මිනිසුන්ට ස්වයං පාලනයක් හා ස්වයං දැක්මක් සහිතව තම රැකියාවන් සිදු කළ හැකි අතර වැඩි නිර්මාණශීලීත්වයක් ඒ තුළින් ජනනය කරගත හැකි වේ. ඒ තුලින් ඔවුන්ගේ භාවිතයන්ට නොගත්, ඔවුන් තුල ගැබ් වූ ශක්තීන් භාවිතයට ගත හැකි වේ.
3) කළමනාකරුවෙකුගේ මූලික කාර්යභාරය විය යුත්තේ සංවිධාන හෝ ආයතන තුළ භාවිතයට නොගත් මානව හැකියාවන් හා ශක්තීන් භාවිතා කිරීමයි.
4) කළමනාකරුවෙකු විසින් තම සේවකයින්ගේ වැඩ ධාරිතාවයට ගැලපෙන සෞඛ්ය සම්පන්න,ආරක්ෂිත, සුවපහසු සේවා පරිසරයක් නිර්මාණය කළ යුතුයි.
5) කළමනාකරුවන් විසින් තම යටත් සේවකයින් හට ස්වයං තීරණ ගැනීමේ නිදහස උපරිමයෙන් ලබාදිය යුතු අතර ඔවුන්හට සියලු වැදගත් කාරණා සඳහා සම්පූර්ණයෙන්ම තම දායකත්වය ලබා දීමට දිරිගැන්විය යුතුයි.
6) මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි වැඩි දියුණු කිරීම සඳහා යටත් සේවකයන්ගේ දායකත්වය වැඩි කිරීම, ඔවුන්ගේ ස්වයං පාලනය වැඩි කිරීම,ස්වයං තීරණ ගැනීමේ හැකියාව දියුණු කිරීම සිදුකල හැක.
7) යටත් සේවකයින් තමන් සතුව පවතින ශක්තීන් උපරිම ලෙස භාවිතා කළ පසු අතුරු ප්‍රතිඵලයක් ලෙස වැඩවල තෘප්තිය ඔවුනට ලැබෙනු ඇත.
චර්යාත්මක විද්යා යුගය පහත සංකල්පයන් සංවර්ධනය සඳහා වර්තමානයේ පවා. අඩිතාලමක් වනු ඇත.
1) ද්වි මාර්ගික සන්නිවේදනය.
2) සේවකයින් තීරණ ගැනීමේ හැකියාවන් සඳහා දායක කර ගැනීම.
3) ඒකාබද්ධ ඉලක්ක සැකසීම.
4) කණ්ඩායම් ගතිකත්වය. (කණ්ඩායමක් ලෙස ගැබ්වූ ශක්තීන්)
5) කළමනාකරණ සංවර්ධනය.
6) ආයතනික වෙනස්වීම් සඳහා කළමනාකරණයේ භාවිතයන්
පද්ධති සහ හදිසි. ප්‍රවේශ කළමණාකරණ යුගය
මෙම යුගයේදී දත්ත හා දත්ත විශ්ලේෂණය මත පදනම්ව මානව සම්පත් කළමනාකරණය හා සම්බන්ධ තීරණ ගැනිම සිදු කරනු ලබයි. දත්ත මත පදනම්ව අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන විචල්‍යයන් අතර සම්බන්ධතාවයන් ගොඩනගාගෙන තීරණ ගැනීම මෙහි පදනමයි. .
මානව සම්පත් කළමනාකරණ යුගය
කර්මාන්තශාලා ආරම්භ වීමත් සමඟ විශාල කම්කරුවන් පිරිසක් එක්ව වැඩ කිරීමට පටන් ගත්හ. කම්කරුවන් බඳවා ගැනීමට,ඔවුන්ව පුහුණු කිරීමට,ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ කටයුතු කිරීම උදෙසා කාර්මික සම්බන්දතා දෙපාර්තමේන්තුව ආරම්භ විය.
ආයතනයන් ක්‍රමයෙන් දියුණුවට පත් වෙද්දී කාර්මික සම්බන්දතා දෙපාර්තමේන්තුවේ විෂය පථයද ක්‍රමක්‍රමයෙන් පුළුල් හා හා සංකීර්ණ විය ඒ සඳහා අධීක්ෂණ නිලධාරීන් හා කළමනාකරණ නිලධාරීන් ඇතුළත් පුළුල් දෙපාර්තමේන්තුවක් බිහිවිය.එය පිරිස් දෙපාර්තමේන්තුව ලෙස නම් කරන ලදී..
වෙළඳපොළ තරඟකාරිත්වය ක්‍රමක්‍රමයෙන් වැඩිවත්ම පුහුණු ශ්‍රමය සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගිය අතර මානව හැකියාවන් සහ දැනුම ආයතනයන් සතු සම්පතක් ලෙස සැලකීමට පටන් ගන්නා ලදී. මානව සම්පත කාර්යක්ෂමතාවයේ ප්‍රධාන මූලාශ්රයක් ලෙස සැලකීමට ආයතනයන් පෙළඹුණි. ඒ අනුව යමින් පිරිස් දෙපාර්තමේන්තුව මානව සම්පත් දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීම් සඳහා ආයතනයන් පෙළඹුණි. වර්ෂ .1990 ක්ෂේත්‍රයේ විශාලතම වෘත්තීය සංගමය වන පිරිස් පරිපාලනය සඳහා වූ ඇමරිකානු සංගමය පවා, එහි නම මානව සම්පත් කළමනාකරණ සංගමය ලෙස වෙනස් කළේය
වසර පන්දහසක් කල් පැවතෙන්නට හැකි පරිදි ,කේන්ද්‍රයක් භාවිතා නොකොට,පියසටහන් වලින් පමනක් රත්ණාමාලී මහා සෑයේ පලමු පේසාවලල්ලේ පරිධිය ලකුනු කරන්නට හැකි, රහතන් වහන්සේලාගේ ඉන්ජිනේරු දැනුමට සම කල හැකි දැනුමක් ලොව මෙතෙක් බිහි වී තිබේද?
කල්පයක් වැටෙන වැස්සේ වැහි බිදු ගණන ගණනය කරන්නට තරම් හැකියාවක් තිබුනු සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දැනුමට සම කල හැකි තාක්ෂණක් හෝ දැනුමක් ඔබට මෙතෙක් බටහිර විද්‍යාව තුල හමුවීද?
ත්‍රිසහස්සී මහාසහස්සී ලෝක ධාතුව ඉක්මවා,ආලෝක හා ශබ්ද තරංග ඔස්සේ යහපත් දෑ සන්නිවේදනය කිරීමට බුදුවරුන් සතුවූ හැකියාවට මාර්ක් සකම්බර්ග්ගේ මුහුනත් පොතට හෝ ගුගල් ආයතනට හෝ චන්ද්‍රිකා තාක්ෂණයට හැකි වීද?
වර්තමාන කොස්මලොජි,ඇස්ට්‍රනොමි හා බටහිර තාක්ෂණය භාවිතා කරමින් විශ්වය අර්ථකථනය කරන්නට,විස්තර කරන්නට උත්සාහ කරන්නන්ගේ ගැටලුවලට,අවුරුදු දෙදහස් පන්සිය හැටකට කලින් බුදුරජාණන්වහන්සේ ලෝකධාතුවින්හාපණ සූත්‍රය මගින් විසදුම් ලබා දී ඇති බව ඔබ දැන සිටියාද?
ඇසට පෙනෙන,කනට ඇසෙන ශ්‍රව්‍ය දෘශ්‍ය පරාසයන් හා උපකරන ඉක්මවා යන්නා වූත්,ඉන්ද්‍රිය ගෝචර සීමා ඉක්මවා යන්නාවූත්,මනසින් දැකිය යුතු ප්‍රේත,දිව්‍ය හා බ්‍රහ්ම ලෝකයන් ඇති බව,බටහිර විද්‍යාව තුලින් මෙතෙක් සනාථ කරගෙන තිබේද?
සියයට පහක් තරම් වූ මනසේ උපයෝගීතාවයන් හා හැකියාවන් සියයට සියයක් තරම් අගයකට ගෙනෙන්නට තරම් හැකි වූ පුද්ගලයක් වර්තමානයේ ඔබට මුණ ගැසී තිබේද?අඩුම තරමේ එවන් පරිගණකයක් බටහිර තාක්ෂණය තුල බිහිවී තිබේද?
අධ්‍යාපන මනෝවිද්‍යාව ගැන පර්යේෂණ කරන විශේෂඥයින්,අවුරුදු දෙදහස් පන්සියය හැටකට පෙර බුදුන්වහන්සේ ශ්‍රද්ධා,රුචි,අනුස්සව,ආකාර පරිවිතක්ක,දිට්ටිනිජ්ජානක්කන්ති ආදී වශයෙන් අධ්‍යාපන ක්‍රමවේදයන් විස්තර කර ඇති බව නොදැන සිටියේද?
මිනිසා වදුරාගෙන් පරිණාමය වී ඇති බවට විද්‍යාත්මකව ඔප්පු කරන්නට වෙර දරන පුරාවිද්‍යාව පිලිබද විශේෂඥයින්ගේ තර්ක බුදුරජාණන්වහන්සේ වසර දෙදහස් පන්සියය හැටකට කලින් තිරිසන්,මනුෂ්‍ය හා දිව්‍ය ලෝක ඇසුරෙන් ප්‍රතිකේෂ්ප කර ඇති බව ඔබ දැන සිටියාද? මිනිසා කර්මය ඇසුරින් ප්‍රතිසන්ධිය ලබන ආකාරය විස්තර කරන්නට ඒ ඉතිහාසය පිලිබද විශේෂඥයින්ට මෙතෙක් හැකිවීද?
දිනෙන් දින යාවත්කාලීන වන්නා වූත්,අස්ථීර වූත් බටහිර විද්‍යාව හමුවේ, ස්ථිර වූත්,නොවෙනස් වන්නාවූත්, දම්සක් පැවතුම් සූත්‍රයේ පටන් මහා පරිනිබ්බාන සූත්‍රය දක්වා එකිනෙකට ගැලපෙන්නාවූත් පරම සත්‍යයක් බුදුරජාණන්වහන්සේ වදාල බව අප දැන සිටියාද?
සාර්ථක ව්‍යාපාරයක්,සාර්ථක පවුල් ජීවිතයත්,සාර්ථක ලමා දිවියක් ගෙවන ආකාරය බුදුරජාණන්වහන්සේට වඩා විශිෂ්ඨ ලෙස කවරනම් ධනාත්මක චින්තකයකු අපට විස්තර කර ඇත්ද?
බුදුරජාණන්වහන්සේ සතු අන් සිත් දැකීමේ නුවණ හා ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවන් ඉක්මවා ගිය, මනෝවිද්‍යාවිශේෂඥයකු,
ඉන්ද්‍රජාලිකයකු මේ මිහිමත පහල වී සිටියාද?
දෙව් ලොවේ පහලවූ දිව්‍ය නෙලුම් මල් වලින් ඖෂධ තනා රෝග සුවකිරීමට රහතන් වහන්සේලාට තිබූ හැකියාවට සම කල හැකි තාක්ෂණයක් මෙතෙක් නූතන විද්‍යාව තුල බිහිවී තිබිනිද?
ඉදින් කුමක්ද අප මේ අරමුණක් නොදැන වැලදගන්නාවූ අස්ථිර වූත්,වෙනස්වන්නාවූත්,යාවත්කාලීනවූත් නූතන විද්‍යාව.
අප මේ ගත කරන දින කිහිපය අති තීරණාත්මක කාලපරිච්ඡේදය බව බහුතරයක් මිනිසුනට නොතේරෙන්නේ මන්ද යන්න බරපතල ගැටලුවකි.
කිසිදිනක දේශපාලන වේදිකාවන් පසුපස නොගිය "මහමෙව්නාව ලොකු ස්වාමීන් වහන්සේ" පවා මෙතරම් සංවේදී වීමෙන් අප ඉදිරියේ මහා අනතුරක් ඇතිබව නොවැටහීම පුදුමයකි.
උන් වහන්සේලා මෙතෙක් කාලයක් මහමෙව්නා අසපු ආරම්භ කලේත්,පවත්වාගෙන ගියේත්,මහාවංශය සුත්‍ර පිටක ත්‍රිපිටක ආදී දහස් ගනන් පොත් වහන්සේලා සරල බසට පරිවර්තනය කලේත්,තරුණ තරුණියන් බුදු දහමට නැඹුරු කලේත්,තරුණ ස්වාමීන් වහන්සේලා ශාසනයට දායාද කලේත්,මහා චෛත්‍යයන් සාසනයට උරුම කලේත්,සේරුවාවිල රන්කොත් වෙහෙර මිහින්තලය ආදී වූ මහා පින්කම් සිදු කලේත් රාජ්‍ය අනුග්‍රහයෙන් නොවන බව ඔබ හොදින්ම දන්නා කාරණයකි.
උන් වහන්සේලාට අපට මෙන් රැකගැනීමට අඹු දරුවන්,යාන වාහන,ඉඩ කඩම් නොමැති මුත් උන් වහන්සේලා වද වන්නේ අප රට ජාතිය රැක ගැනීමට නොවේද?
මක්නිසාද යත් ලොව බුද්ධ ශාසනය පිහිටන අවසන් රාජ්‍යය මේ උතුම් ශ්‍රී ලංකාවම නිසාමය.
ඔබ නොදැන සිටියාට,අතීතයේ එක්තරා කාලයන්හි අපගේ ස්වාමීන් වහන්සේලා බුදු සසුන රැකගැනීමට මේ උතුම් රාජ්‍යයට නිරිදකු සොයා දෙස් විදෙස් රටවල සැරිසැරූහ.එක්තරා කාලයන්හි අපගේ රජ දරුවන්ට දානයක් දීමට උපසම්පදා භික්ෂූවක් සොයාගැනීමට පවා මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවන තරමට ශාසනය පිරිහී තිබිනි.
බුදුරජාණන්වහන්සේගේ පා පහසින් තුන් වරකින් පිදුම් ලද,පිරිණිවන් යහනේදී උන් වහන්සේගේ ප්‍රාර්ථනාවන්ට ලක්වූ,උන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා බහුතරයක් වැඩ හිදිනා ධාතු කරඩුවක් වන් වූ,පිරිසිදු නිර්මල බුදු දහම අදටත් සුරැකිව වැඩ හිදිනා,වසර පන්දහසක් කල් බුදුදහම සුරැකෙන මේ පින් බිම සුරැකීම බෞද්ධයන් ලෙස අපගේ වගකීමක් නොවේද?
ඔබගේ පුද්ගලික මතවාදයන්ගෙන් මදක් බැහැර වී,ලාබ අපේක්ෂා වලින් මිදී,නියම සිංහල බෞද්ධයක් ලෙසින් අප රට ජාතිය ආගම රැකගැනීමට මුල්තැන දීම ඔබ සතු යුතුකමක් වනු ඇත.
තිරණය ඔබ සතුයි.
කිසිවෙකුගෙන් බාධාවක් නොමැත.
මම තාක්ෂණයේ සිද්ධාන්ත උගෙන ගත්තෙමි.
එය ප්‍රායෝගිකව යෙදීමට උගත්තෙමි.
එය භාවිතා කරමින් නිමැවූ නිපැයුම් වලින් අන් අය ව්ශ්මයට පත් කළෙමි.
එහි විශිෂ්ටත්වය අත්විඳිමින් එයින් කල හැකි දේ ගැන අමන්දානන්දයට පත් වීමි.
එය අන් අයට වටහා දෙන්නටත් ඔවුනට එය ප්‍රායෝගිකව අත්විදින්නට උපකාර කලෙමි.
තාක්ෂණට එහා ගිය දැනුමක් මේ ලොව තුල නොමැති බව අදහමින් ඉන් අන්ධ වීමි.
එයට අභියෝග කල හැකි දැනුමක් මේ ලොව තුල ඇත්දැයි විමසන්නට වීමි.
අස්ථිර වූ ධර්මතාවන්ගෙන් හෙබි තාක්ෂණය වෙනුවට ස්ථිර ධර්මතාවන්ගෙන් හෙබි පරිපූර්ණ දහමක් මට මුණ ගැසිනි.
තාක්ෂණයේ අනියතබව වටහා ගත්තෙමි.
මම තවදුරටත් තාක්ෂණයේ ශ්‍රාවකයෙක් නොවෙමි.
මම දැන් බුද්ධ ශ්‍රාවකයෙක්මි.
නඩත්තුව නඩත්තු අංශයේ වගකීමකි,අපගේ නොවේ!!
ඕනෑම ආයතනයක් ඇරඹීමේදී ඔවුනට ලාභමය හෝ ලාභමය නොවන ඉලක්ක පවතින බව ඔබ දන්නා කාරණයකි.එම ඉලක්කයන් කරා සැලසුම්කිරීමේදී,එකිනෙකට සමාන ක්‍රියාවලි එක් කොට දෙපාර්තමේන්තුවලට බෙදීම හා ඒවාට උප ඉලක්කයන් ලබාදීම ඕනෑම ආයතනයක් අනුගමනය කරන පිලිවෙලයි.
ආයතනයේ පරිපාලනයේ පහසුව උදෙසා සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය පසුකාලීනව ආයතනයේ ඉලක්ක කරා ලගාවීමට බාධා වන තරමටම දුර දිග යන්නේ "සයිලෝ' සංස්කෘතීන් කරලියට පැමිනීමත් සමගමය.මුලදී සහයෝගයෙන් එකම ඉලක්කයක් කරා ගමන් කරන ආයතනයේ දෙපාර්තමේන්තු හා සේවකයින් කල් ගතවෙත්ම හුදකලාව තම දෙපාර්තමේන්තු වල ඉලක්කයන් තුලට පමණක් කොටු වෙමින් තමන්ට අයිති රාජකාරි,ඉලක්ක පිලිබදව පමණක් සිතමින් ආයතනයේ පොදු ඉලක්කයන් නොසලකා හරිමින් කටයුතු කිරීමට පෙලඹෙති.එසේත් නැතිනම් තමන්ගේ වත්තේ වැට මායිම් හොදින් ගසාගෙන අන් අයට ඇතුලුවීමට හා බලපෑම් කිරීමට නොහැකිවන ලෙස හැසිරෙන්නට පටන් ගනී.
ආයතනයක් ඇරඹීමේදී සේවකයින් එකාවන්ව එක් ඉලක්කයක් කරා ගමන් කරන අයුරුත්,කල්ගත්වීමේදී එම සේවකයින්ම දෙපාර්තමේන්තුවලට බෙදී අරගල කරනු මගේ රැකියා ජීවිතයේදී මා නොයෙක් අවස්ථාවල දැක තිබේ.නඩත්තු කලමණාකරනයේදිද මෙම ගැටුම් අරුමයක් නොවේ. නිශ්පාදන-නඩත්තු අංශ,තත්ව කලමනාකරණ-නඩත්තු අංශ ආයතනයක් තුල එකම මේසය මත තම තමන්ගේ තනි තනි ඉලක්ක සපුරාගැනීමට අරගල කිරීම සාමාන්‍ය සිද්ධියකි.
ලෝකයේ ප්‍රබල නිශ්පාදන ආයතන මෙම සයිලෝ බිදදැමීමට විවිධ ශිල්පක්‍රම උපයෝගීකරගනු ලැබේ.
1)විවිධ දෙපාර්තමේන්තුවල දැක්ම,මෙහෙවර,ඉලක්ක,ක්‍රමවේද අනෙක් දෙපාර්තමේන්තුවලට ගැලපෙන පරිදි සැකසීම
2)තනි තනි කාර්යඵල දර්ශකයන් (KPI) වෙනුවට එකිනෙක හා සම්බන්ධ වූ කාර්යඵල දර්ශකයන් සැකසීම.(Intergrated KPI)
3) සහයෝගයෙන් ප්‍රශ්න විසදාගැනීමේ සංස්කෘතීන් නිර්මාණය කිරීම, එවන් ක්‍රමවේදයන් කිහිපයකි.
ටොයෝටා කර්මාන්තශාලාවේ මුල් අවදියේදී නිශ්පාදන බිමේ යම් කිසි ගැටලුවක් ඇතිවූකල එහි සවිකල සීනුවක් නාද කිරීම මගින් කර්මාන්තශාලාවේ ඊට අදාල සියලුම කලමණාකරුවන් එම ස්ථානයට කැදවනු ලැබේ.ඔවුන් සහයෝගයෙන් එකට එක්වී සාකච්ඡා කර එය නිවැරදිකිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සකසනු ලැබේ.අද වනවිට මෙම ආදර්ශයන් ශ්‍රි ලංකාවේ ඇතැම් කර්මාන්තශාලා තුල වැඩිදියුනු කොට "ඇම්ඩන් බෝඩ් ක්‍රමවේදය"ලෙස යොදා ගනු ලැබේ.සයිලෝ බිදදැමීම හා සහයෝගයෙන් වැඩකිරීම යන සංකල්පයන් සදහා මේවා අපට කදිම ආදර්ශයක් සපයයි.
කෙසේ වෙතත් මා මෙම පරිච්ඡේදය තුලින් සයිලෝ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදහස් නොකරන අතර නඩත්තු කලමනාකරණය සයිලෝ සංකල්පයන්ගෙන් බැහැරව,සහයෝගයෙන් ආයතනයක් තුල ක්‍රියාත්මක කලහැකි ක්‍රමවේදයක් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.
“Organizational Behaivour” යන විෂයට අනුකූලව මිනිසුන් තනිතනිව හැසිරෙන ආකාරයත්, කන්ඩායමක් ලෙස හැසිරෙන ආකාරයත් ආයතනයක් තුල හැසිරෙන ආකාරයත් එකිනෙකට පරිබාහිර බව විස්තර කරනු ලැබේ.සරල උදාහරණයක් ගතහොත් පුද්ගලයකු වෙලදපොළට ගොස් තමන්ගේ පරිභෝජනය සදහා යමක් මිලදී ගන්නා අවස්ථාවකුත් එම පුද්ගලයා ආයතනයේ මිලදී ගැනුම් අංශයෙන් භාන්ඩයක් ඇනවුම් කරන අවස්ථාවකුත් සලකා බලන්න.මුල් අවස්ථාවේදී ඔහු තමන්ට අවශ්‍ය සියලුම පිරිවිතරයන් හා වටිනාකම් මිලදී ගැනීමේදී සලකා බලයි.නමුත් දෙවෙනි අවස්ථාවේදි ඔහු එය ආයතනයේ මිලදී ගැනීම් අංශය සතු වගකීමක් ලෙස සලකන අතර මිලදී ගැනීම් අංශය එම් පිරිවිතරයන් හා වටිනාකම් තමාගෙන් ලබාගතයුතු බව විශ්වාස කරයි.
මේ ආකාරයෙන්ම තමන් සතු වාහනයේ ලිහිසි ද්‍රව්‍යය,සිසිලනකාරක දිනපතා පරීක්ෂාකරන පුද්ගලයකු ආයතනයක සේවයට පැමිණි මොහොතේ පටන් එම හැසිරීමෙන් බැහැරව තමන් ක්‍රියාකරවන යන්ත්‍රයේ ලිහිසි ද්‍රව්‍යය,සිසිලනකාරක පරීක්ෂාකිරීම් සදහා ආයතනික නඩත්තු ශිල්පියකු සොයයි.මෙවන් හැසිරීම් ආයතනයක ඵලදායිතාවය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන අතර නඩත්තු කලමනාකරණයේදී මෙවන් හැසිරීම් වලක්වාගෙන ඵලදායිතාවය වර්ධනය කිරීම උදෙසා විශේෂිතවූ නඩත්තු ක්‍රමවේදයක් භාවිතා කෙරෙයි.
"Autonomous Maintenance" නැතිනම් "ස්වායත්ත නඩත්තු ක්‍රමවේදය" ලෙස හදුන්වන මෙම ක්‍රමවේදයට පාදක වන්නේ "හොදම නඩත්තු ශිල්පියා යන්ත්‍ර ක්‍රියාකරුවාය" යන සංකල්පය හා යන්ත්‍ර ක්‍රියාකරුවන් තමන්ගේ රැකියාව ආශ්‍රිතව ඇතිකරගන්නා ධනාත්මක මනෝමූලික බැදීම්‍ ය.
යහපත් ආකල්ප සහිත සංස්කෘතීන් තුල හැදුනු වැඩුනු සේවකයින් තම සේවා ස්ථානයට මනෝමූලික බැදීම් ඇතිකරගන්නා බවට මා ලැබූ එක් අත්දැකීමකි අප ජපානයේ මිනබෙයා කර්මාන්තශාලාව මිලදී ගත් අවස්ථාව.එම යන්ත්‍ර මිලදීගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ජපන් යන්ත්‍ර ක්‍රියාකරුවකු තමන් සේවයකල යන්ත්‍රය ලග හඩාවැටෙමින් සිටිනු දක්නට ලැබිණි."මේ යන්ත්‍රය පිහිටෙන් මා මුදල් ඉපයූවා,අඹුදරුවන් පෝෂණය කරා,නිවාස යානවාහන මිලදී ගත්තා,මෙය මගෙන් වෙන්ව යාම මට දැරිය නොහැකි වේදනාවක්.නමුත් කුමන රටක හෝ මේ යන්ත්‍රය හොදින් පවතීවා යන්න මගේ පැතුමයි"
මෙම සිදුවීම මගේ කනවැකුනු මොහොතේ මට සිහිපත් වූ තවත් සිද්ධියක් වූයේ අපගේ පියා සතු යමහා වර්ගයයේ යතුරු පැදිය අලෙවිකිරීමට සූදානම් වූ මොහොතේ වෙන්වී යාමේ වේදනාවෙන් ඔහු කදුලු සලමින් ඇඩූ අයුරුයි.
එබැවින් යන්ත්‍රයක හදගැස්මට හොදින්ම සංවේදී වන පුද්ගලයා හා යන්ත්‍රයක් සමග මනෝමූලික බැදීම ඇතිකරගන්නා පලමු පුද්ගලයා යන්ත්‍ර ක්‍රියාකරුවාය යන්න අපට අමුතුවෙන් සාක්ෂි ගෙනහැර දැක්විය යුතු නොවේ.යන්ත්‍රයේ සිදුවන ශබ්දයේ,ස්පන්දනයේ,ගද සුවදේ හා නිශ්පාදන ක්‍රියාවලියේ සිදුවන සියුම් වෙනස්කම්වලට ප්‍රථමයෙන් සංවේදී වන පුද්ගලයා යන්ත්‍ර ක්‍රියාකරුවාය.
එබැවින් ස්වායත්ත නඩත්තු ක්‍රමවේදයේදී යන්ත්‍රයක මූලික පරීක්ෂාකිරීම් හා සුලු නඩත්තුකිරීම යන්ත්‍රයේ ක්‍රියාකරුවා විසින්ම සිදුකිරීමට නිර්දේශ කරනු ලැබේ.ඔබ පදවන යතුරු පැදියේ,මෝටර් රථයේ තෙල්,සිසිලකාරක ඔබ විසින් ධාවනයට පෙර පරීක්ෂාකරන්නේ යම් සේද යන්ත්‍ර ක්‍රියාකරුවා විසින් තමන්ගේ යන්ත්‍රය පරීක්ෂාකිරීම් සිදුකිරීමට මෙම ක්‍රමවේදයේ යෝජනා කරනු ලැබේ.
මෙයට අමතරව නඩත්තු අංශවලින් සිදුකරනු ලබන වැලැක්වීමේ,බිදවැටීමේ හෝ වෙනත් නඩත්තු කටයුතුවලදී සහායකයකු ලෙස ක්‍රියාකිරීමට යන්ත්‍ර ක්‍රියාකරුවාට අවස්ථාවක් ලබාදෙනු ලැබේ.ඉන් බලාපොරොත්තුවන්නේ යන්ත්‍ර ක්‍රියාකරුවා සතු යන්ත්‍රය පිලිබදව පවතින අවබෝධය ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු කිරීමයි.මෙහි දිගු කාලීන අරමුණ වන්නේ යන්ත්‍ර ක්‍රියාකරුවාද නඩත්තු ශිල්පියාද ඔබමය යන සංකල්පයයි.
කෙසේවෙතත් “නඩත්තු අංශයන් ආයතනයෙන් ඉවත් කිරීම” යන වැරදී අර්ථකථනය මෙහි සෘජු හෝ වක්‍රාකාර අරමුණක් නොවන අතර මෙමගින් ඔවුන් දිනපතා මුහුණදෙන ගැටලු නිරාකරණ කටයුතුවලින් "Daily Trouble shooting activities or Firefighting activities" වලින් ඉවත්කර නිවැරදිකිරීම් හා වැඩිදියුණුකිරීමේ නඩත්තු කටයුතුවලට යොමු කිරීමත් ඒ තුලින් දිගු කාලීන සාර්ථකත්වයන් ලගාකරගැනීමත් අරමුණු කරනු ලැබේ.
ස්වායත්ත නඩත්තු ක්‍රමවේදයේ ප්‍රධානම මෙවලම වන්නේ යන්ත්‍ර ක්‍රියාකරුවාගේ පරීක්ෂාකිරීමේ සටහනයි "Operator health check list".එක් යන්ත්‍රයකට මසකට එකක් වශයෙන් නිකුත් කෙරෙන මෙම ලේඛනය යන්ත්‍රයේ ඉදිරිපසින් ලියකියවිලි රදවනයක් මත යන්ත්‍ර ක්‍රියාකරුවාට පෙනෙන පරිදි ස්ථාපණය කරනු ලැබේ.එම ලේඛනයේ වම් පසින් අදාල යන්ත්‍රයේ දිනපතා කලයුතු පරීක්ෂාකිරීම්,ස්නේහනයන් හා ඒවායේ මට්ටම් ඉහල දැමීම්(Top up) සදහන්ව ඇති අතර දකුණු පස හරස් අතට අදාල දිනයන් සටහන් කර ඇත.
යන්ත්‍ර ක්‍රියාකරුවා සිදුකල යුත්තේ දිනපතා පරීක්ෂාකිරීම සිදුකිරීමෙන් අනතුරුව දෝෂයන් නොමැතිනම් අදාල දිනයට ඉදිරියෙන් ✔(නිවැරදි) ලකුණ යෙදීමයි.යම් දෝශයන් හදුනාගෙන තිබුණිනම් x (කතිර ලකුණ) යෙදීමයි.යන්ත්‍ර ක්‍රියාකරුවාගේ පරීක්ෂාකිරීමෙන් අනතුරුව එම දෝෂයන් නඩත්තු ශිල්පියාගේ පරීක්ෂාවන්හි අවධානයට හා නිවැරදිකිරීම්වලට ලක්වනු ලැබේ. මෙම ලේඛනයට සතිපතා කල යුතු,සති දෙකකට,සති තුනකට වරක් කලයුතු නඩත්තු කටයුතු එක් කිරීම හෝ නඩත්තු ශිල්පියා හා යන්ත්‍ර ක්‍රියාකරුවාගේ වගකීම් වෙනවෙනම ගෙනහැර දැක්වීම මගින් වැඩිදියුණු කල හැක.
කෙසේ වෙතත් මෙහි ඉතාම වැදගත් රාජකාරිය වන්නේ යන්ත්‍ර ක්‍රියාකරුවාගේ පරීක්ෂාකිරීමේ සටහනට ඇතුලත් විය යුතු කාර්යයන් අදුනාගැනීමයි.මෙය සිදුකිරීමේදී නඩත්තු කලමණාකරුවා පලපුරුදු නඩත්තු ශිල්පීන්ගේ,නිශ්පාදන අංශ සාමාජිකයින්ගේ,යන්ත්‍ර නිශ්පාදකයින්ගේ හා පසුගිය බිදවැටීම් වාර්තාවන්හි ප්‍රතිපෝශණයන් හා නිර්දේශයයන් ලබාගතයුතුය.සාමාන්‍යයෙන් උසස් යන්ත්‍ර නිශ්පාදකයකු යන්ත්‍රයේ අත් පොත් (Manual,Catlog) මගින් යන්ත්‍රයකට නිර්දේශ කරනු ලබන සියලු නඩත්තු කිරීම් ඉදිරිපත් කරනු ලබයි. නමුත් ආයතනයක් තුල ඔවුන් විසින්ම නිශ්පාදනය කරන යන්ත්‍රවල මෙම ප්‍රවණතාවය ඉතා අඩු අගයක් ගනී. කෙසේ වෙතත් යන්ත්‍ර ක්‍රියාකරුවාගේ පරීක්ෂාකිරීමේ සටහනක් සැකසීමේදී පරිහරණය කරන පුද්ගලයාට සරලව එය තේරුම් ගත හැකිවන පරිදි, අවශ්‍ය සියලු තොරතුරු ඊට ඇතුලත්කල යුතුය.උදාහරණයක් වශයෙන් ඔබ ස්නේහණ මට්ටම ඉහල නැංවිය යුතුයැයි සදහන් කර තිබුනත් යෙදිය යුතු ස්නේහණ වර්ගය සදහන් කර නැතිනම් යන්ත්‍ර ක්‍රියාකරුවා වෙනත් ස්නේහණ වර්ගයක් එයට යෙදීමට පෙලඹෙනු ඇත.අප ආයතනයේ එක් යන්ත්‍රයක ස්ථාපනය කර තිබුනු පැස්කල් පොම්පයකට යෙදිය යුතු ද්‍රාවපීඩක තෙල් වර්ගයක් වෙනුවට ගියර් පෙට්ටිවලට යොදන තෙල් වර්ගයක් යෙදීම නිසා ඇතිවූ ගැටලුව පරීක්ෂාකිරීමේදී මට දැකගතහැකිවූයේ යෙදියයුතු තෙල් වර්ගය යන්ත්‍ර ක්‍රියාකරුවාගේ පරීක්ෂාකිරීමේ සටහනේ සදහන්ව නොමැති බවයි.
මේ ආකාරයට,පරිපූර්ණ නඩත්තු කලමණාකරුවකු වශයෙන් ඔබගේ ආයතනය තුල දිගුකාලීන ස්ථාවර නඩත්තු සැලසුමක් සදහා මූලික පදනම විය යුත්තේ ස්වායත්ත නඩත්තු ක්‍රමවේදය තුලින් ඔබ ආයතනයේ නඩත්තු සංස්කෘතීන් වැඩිදියුණු කිරීමයි.ඔබට හැකි ප්‍රමාණයෙන් උක්ත සංකල්පය ඔබේ ආයතනයේ භාවිතා කර දිගු කාලීන් සාර්ථකත්වයන් ලගාකරගන්න.