Stories by Sanik Thuransha on Medium
Before Algorithms, Reels and Influencers
There Was a Different Internet.
Today, I received a notification from X (formerly Twitter) saying that my account, @stranshad is officially 15 years old. ට සිරි වෙන මතක ගොඩක් ආවේ ඉතින්
It made me think about how my journey with social media actually began.
I still remember creating my very first Hotmail account. Back then having an email address itself felt like a big achievement. Then came Hi5! Remember those days? Customising profiles adding colourful backgrounds, checking who visited our profiles and adding unknown සුද්දියෝ
ඒ කාලේ තිබුණේ වෙනමම ආතල් එකක්!
Somewhere around early 2008, I joined Twitter which was an exciting new microblogging platform. Around the same period I also created a random Facebook profile.
Twitter was something special back then. The Sri Lankan community was relatively small and you could recognise familiar usernames ( Prasad Perera , Troy Perera , Logan Amila Gamage , Kasun Gunasekara ) You could connect with people you had never met, exchange ideas, share random thoughts and have genuine conversations.
It wasn’t about chasing likes views followers or going viral. It was simply about being online and being part of something new.
Then came one of my biggest internet mistakes.
I remember clicking on a phishing link and eventually losing access to both my original Twitter and Facebook accounts. ඒ කාලේ phishing කියන්නේ මොකක්ද කියලවත් හරියට තේරුණේ නැහැ ඉතින්
But I wasn’t ready to leave the digital world behind.
So I started creating my social media profiles all over again, this time using one consistent identity across platforms: “stranshad” ( ඇස්ටි රන්ශාඩ් )
Facebook, Twitter, Instagram and pretty much everywhere else. That became my digital identity and I have carried that same handle for years.
And speaking of the good old internet does anyone remember Foursquare? ( Shazrina Abdue / Kasun Ratnayake 😉)
I was actually the Mayor of Foursquare for almost 90% of the bus halts between Seeduwa and the World Trade Center
ඔව් ඔව්, බස් හෝල්ට් එකක් ගානේ check-in දාලා Mayorship එක ගන්න එක තමයි ඒ දවස්වල ලොකුම වැඩේ!
Looking back what I miss most isn’t necessarily the platforms themselves. It’s the atmosphere they created.
People were connected differently. Conversations felt more natural. Discovering someone new was exciting. Online friendships developed without algorithms deciding what we should see.
We shared random thoughts photos music, experiences and little moments of everyday life. And the best part meetups ❤️ ❤️
Today social media has evolved into something massive. We have AI, Reels, influencers, sophisticated algorithms, short form videos and endless content. Everything is faster more polished and more commercialised.
But sometimes I wonder whether somewhere along the way we lost a little of that original magic.
අද හැමදේම තියෙනවා. හැබැයි ඒ ඉස්සර තිබුණු feeling එක මට කොහේවත් හොයාගන්න නැහැ.
I genuinely miss those old internet days. The days of Hi5, early Facebook, classic Twitter, MSN conversations, Foursquare check ins and discovering the internet one website at a time.
A simple notification today reminded me that @stranshad is 15 years old.
Fifteen years of digital memories, changing platforms, lost accounts, new beginnings, online friendships, random check ins and countless conversations.
From my first Hotmail account to Hi5, from early Twitter to X today, one thing has remained the same my little corner of the internet.
Same handle. Different platforms. Different generations of the internet. Countless memories.
To everyone who was part of those early social media days, remember one thing…
අපි ඇත්තටම වෙනස්ම කාලෙක internet එක experience කරපු generation එකක්. ඒක සුපිරි
And if you were one of those people competing with me for Foursquare mayorships, අපිට පොඩි කතාවක් තියෙනවා
#DigitalMemories #SocialMediaJourney #15YearsOnX #OldInternet #Hi5 #Foursquare #stranshad @highlight
ඉතින් මේක ලියන්නේ හිතන්නේ මකාදාපු ඇනිවසරි දවසක අවසානය්
මම ආදරය ගැන කාලයත් එක්ක ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. බොහෝ දේවල් මගේම අත්දැකීම් වලින්. සමහර දේවල් මගේ පවුලේ මිනිස්සු අය දිහා බලලා. තවත් දේවල් මගේ යාළුවන්ගේ ජීවිත වලින්. ඒ වගේම මට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සුන්ගෙන්.
ඒ හැමදේම එක්ක බලද්දි මට දැන් හිතෙනවා, ජීවිතයට හරි කෙනා හමුවුණාම ආදරය විතරක් නෙවෙයි, ජීවත් වෙන්න අලුත් හේතුවක් තියනවා කියන එක.
හැමෝගෙම ජීවිත කාලයත් එක්ක මහන්සි ඒ වගේම වැඩ, වගකීම්, මුදල්, පවුල, අනාගතය, අපේම හීන මේ එකී නොකී හැමදේම එක්ක දවස ගෙවද්දි අපේම ජීවිත අපිටම එපා වෙන්න වගේම හරි පාලුවක් දැනෙනවා. ඒ වගේ වෙලාවක ගෙදර ගිහින් නිදහසේ කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් නම්, දවසේ සිදුවුණු දේවල් ගැන පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන් නම්, පුංචි දෙයක් ගැන හිනාවෙන්න පුළුවන් නම්, අද කොහොමද ? කියලා අහන්න කෙනෙක් ඉන්නවා නම්, ඒක අමුතු සැනසීමක්.
“සමහරවිට අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න විසඳන කෙනෙක් නෙවෙයි. ප්‍රශ්න එක්ක අපි ළඟ ඉන්න කෙනෙක්”
හරි සම්බන්ධතාවයක් කියන්නේ හැමදේම පට්ට perfect වෙන එක නෙවෙයි. ඒක මට හොඳටම තේරුණේ සමාජය දිහා බලද්දි. අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙන පවුල් මම දැකලා තියෙනවා. එයාලටත් ප්‍රශ්න තියෙනවා. සමහර දවස්වල එකිනෙකා එක්ක එකඟ නොවීම් තියෙනවා. සමහර දවස්වල නෝ කතා නෝ සිනා. ඒත් ඔවුන් එකිනෙකාට තියෙන පුංචි සැලකිල්ල දැක්කාම ආදරය බැදීම කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. උදේට තේ එකක් හදලා දෙන එක, ගෙදර එනකම් බලාගෙන ඉන්න එක, කෑවද කියලා අහන එක, අමාරු දවසක ළඟින් ඉන්න එක… ආදරය ගොඩක් වෙලාවට තියෙන්නේ මේ පුංචි දේවල් ඇතුළේ. (ඔස්තාර්ලා කියයි ඕවා ටොක්සික් කියලා)
යාළුවන් අතරේ මම ආදරය විවිධ විදිහට දැකලා තියෙනවා. සමහරු එකිනෙකාට ගොඩක් ආදරෙයි, ඒත් තමන්ගේ ජීවිතයත් හොඳින් ගොඩනගාගෙන යනවා. ඔවුන්ට තමන්ගේ හීන තියෙනවා, තමන්ගේ ලෝක තියෙනවා. ඒත් ඒ ලෝක දෙක එකිනෙකාට බරක් නොවී එකතු වෙලා තියෙනවා. මට හිතෙන්නේ ඒක තමයි ලස්සන සම්බන්ධතාවයක්.
ඔයා මගේ ජීවිතය වෙන්න ඕනේ නැහැ; මගේ ජීවිතය එක්ක එකට යන්න පුළුවන් කෙනෙක් වෙන්න.
හරි කෙනෙක් හමුවුණාම ඔයාගේ හීන අඩු වෙන්නේ නැහැ. ඇත්තටම ඒ හීන තවත් ලොකු වෙනවා. “මට මේක කරන්න පුළුවන්” කියලා විශ්වාසයක් එනවා. මොකද ඔයාගේ සාර්ථකත්වය ගැන ඔයා එක්කම සතුටු වෙන කෙනෙක් ඉන්නවා. ඔයාට අලුත් දෙයක් පටන්ගන්න බයක් තියෙනකොට “අපි try එකක් දීලා බලමූ” කියලා කියන කෙනෙක් ඉන්නවා. සමහරවිට අපිට ජීවිතයේ අවශ්‍ය වෙන්නේ ඒ වගේ කෙනෙක්. අපිව උස්සන් යන කෙනෙක් නෙවෙයි. අපි එක්ක මේ ගමන යන කෙනෙක්.
ආදරයේ ලස්සනම දෙයක් මට නම් friendship එක. ඔයාට ආදරය කරන කෙනා ඔයාගේ partner විතරක් නෙවෙයි, ඔයාගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් නම් ඒ සම්බන්ධතාවයට වෙනම ලස්සනක් තියේවී. එකට serious දේවල් ගැන කතා කරන්නත් පුළුවන්, කිසිම තේරුමක් නැති දේකට පැය ගණනක් හිනාවෙන්නත් පුළුවන්. එකට නිහඬව ඉන්නත් පුළුවන්. ඒ වෙලාවට ආදරය ලොකු වචනයක් වගේ දැනෙන්නේ නැහැ. ඒක හරිම ස්වභාවික දෙයක් වගේ දැනෙනවා.
හරි සම්බන්ධතාවයකදී අපිට අපේම space එකත් තියෙනවා. මට හිතෙන්නේ ඒක ගොඩක් වැදගත්. කෙනෙක්ට තමන්ගේ යාළුවෝ එක්ක ඉන්න පුළුවන්. තමන්ගේ විනෝදාංශක් කරන්න පුළුවන්. තනියම coffee එකක් බොන්න යන්න පුළුවන්. තමන්ගේ හීන පස්සේ යන්න පුළුවන්. ඒ හැමදේම කරලා ආපහු එකිනෙකා ළඟට එන්න පුළුවන් (මන් වටේ ගිහින් එන්න කියන එක නෙමේ කියන්නේ). ඒක ආදරය අඩුයි කියන එකක් නෙවෙයි. ඒක විශ්වාසය වැඩියි කියන එකක. මොකද ආදරය කියන්නේ කෙනෙක්ව අල්ලාගෙන තියාගන්න එක නෙවෙයි. කෙනෙක් නිදහසේ ඉන්න දීලාත්, ඔහු හෝ ඇය නැවත තමන් ළඟට එන බව විශ්වාස කරන එක. (හරි කෙනා නොවුනොත් වටේ ගිහින් ඇවිත් මම ඔයාට තාමත් ආදරෙයි කියයි ඒක ආදරේ නෙමේ ඒක වේ# කම)
ජීවිතයේ දේවල් සමහරවිට ලොකු events නෙවෙයි. Weekend එකක දෙන්නා එකට උදේට කන එක. හදිසියේ කොහෙ හරි යන එක. වැස්ස දිහා බලගෙන coffee එකක් බොන එක. වැඩ ඉවර වෙලා “අද ගොඩක් මහන්සියි නේද?” කියලා කෙනෙක් අහන එක. මේවා ලෝකයට ලොකු දේවල් නොවෙන්න පුළුවන්. ඒත් ජීවිතය ජීවත් වෙන අපිට ඒවා මතක තියාගන්න පුළුවන් ලස්සන දවස් වෙනවා.
හරි කෙනා හමුවුණාම ජීවිතයේ අමාරු දේවල් නැති වෙන්නේ නැහැ. ඒත් ඒ අමාරු දේවල් අතරේ හිනාවෙන්න තවත් හේතුවක් ලැබෙනවා. අනාගතය ගැන බයක් ආවම ඒක ගැන කතා කරන්න කෙනෙක් ඉන්නවා. අසාර්ථක වුණාම නැවත නැගිටින්න මතක් කරන කෙනෙක් ඉන්නවා. සාර්ථක වුණාම සතුට බෙදාගන්න කෙනෙක් ඉන්නවා. ජීවිතය පහසු වෙන්නේ ප්‍රශ්න අඩු නිසා නෙවෙයි. ප්‍රශ්න අතරේත් අපි තනි නැති නිසා.
මට හිතෙන්නේ අපි වයසින් වැඩෙද්දි ආදරය ගැන අපේ expectations ටිකක් වෙනස් වෙනවා. ඉස්සර අපි හොයන්නේ සුරංගනා ලෝක. දැන් සමහරවිට අපි හොයන්නේ peace. ඉස්සර අපිට සමහර විට ඕනේ හැම වෙලාවෙම attention. දැන් අපිට ඕනේ understanding. ඉස්සර “ඔයා මට කොච්චර ආදරෙයිද?” කියලා අහනවා. දැන් “ඔයා ළඟ මට මම වෙන්න පුළුවන්ද?” කියන ප්‍රශ්නය වැදගත් වෙනවා. මොකද කාලයත් එක්ක තේරෙනවා, ආදරයේ ලස්සනම feeling එක excitement විතරක් නෙවෙයි, සැනසීමත් කියලා.
මම දැන් විශ්වාස කරනවා, හරි සම්බන්ධතාවයක් කියන්නේ අපේ ජීවිතය පුරවන දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතයට තවත් පාට එකතු කරන දෙයක්. අපිට අපේම ලෝකයක් තියෙන්න ඕනේ. ඒ ලෝකයට තවත් කෙනෙක් ඇවිත්, “අපිට එකට ලස්සන දෙයක් හදන්න පුළුවන්” කියන එක තමයි ලස්සන. එතන අයිතිකරගැනීමේ හැගීම් වලට වඩා විශ්වාසයක් තියෙනවා. බයට වලට වඩා බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ ආදරයක් ලැබුණාම ජීවිතය ගැන ආයෙත් උද්‍යෝගී වෙන්න හිතෙනවා.
අවසානයේ මට හිතෙන්නේ අපි හැමෝම හොයන්නේ perfect relationship එකක් නෙවෙයි. අපිට හරි දැනෙන relationship එකක්. උදේ නැගිටිද්දි හිනාවෙන්න හේතුවක්. දවස මහන්සි වුණාම ගෙදර යන්න හේතුවක්. හොඳ ආරංචියක් ලැබුණාම පළවෙනියට කියන්න කෙනෙක්. නරක දවසක නිහඬව ළඟින් ඉන්න කෙනෙක්. අපේ හීනවලට අත්පුඩියක් ගහන කෙනෙක්. අපේ අසාර්ථකත්වයේදීත් අපිව අතහරින්නේ නැති කෙනෙක්. එහෙම කෙනෙක් හමුවුණාම ආදරය කියන්නේ තවත් එක relationship එකක් නෙවෙයි. ඒක ජීවිතය තවත් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන අවස්ථාවක්.
හරි ආදරය ජීවිතය වෙනුවෙන් අපිව ජීවත් කරන්නේ නැහැ.
ඒක ජීවිතය ජීවත් වෙන්න තවත් හේතු හොයාගන්න අපිව උනන්දු කරනවා.
ඒක තමයි මට හිතෙන්නේ හරි කෙනෙක් එක්ක ලැබෙන ලස්සනම තෑග්ග.
ආදරය. සැනසීම. සතුට.
ඒ තුනම එකට තිබුණාම…
ජීවිතයට තව ටිකක් ජීවත් වෙන්න හිතෙනවා.
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.
පහුගිය දවස්වල මම Generation ගැන ලිපි, professorලාගේ අදහස් මෙන්ම research discussions කිහිපයක් කියෙව්වා. ඉතින් Gen Z, Millennials, Gen X, Boomers වගේ generation labels අද කාලයේ අපේ සමාජයේ සාමාන්‍ය වචන වෙලා. Social media වල, marketing presentations වල, business discussions වල, corporate meetings වල, news articles වල, university discussions වල මේ generation labels හැමතැනම භාවිතා වෙනවා. “Gen Z behavior”, “Gen Z banking”, “Gen Z marketing”, “Gen Z lifestyle”, “Gen Z fashion” වගේ වචන අද business ලෝකයේ සාමාන්‍ය දෙයක් වෙලා. ඒත් මේ හැම දෙයක්ම කියවද්දී මගේ ඔලුවේ ප්‍රශ්න පිරුනා හරි හරියට. අපි ඇත්තටම හාත්පසින්ම වෙනස් මිනිස්සුද මේ කියන Generation වල? නැත්නම් අපි විසින්ම මේ Generation Gap ඒක ඇත්තක් වගේ විශ්වාස කරන්න පටන් අරගෙනද?
මේ ගැන මම වැඩිපුර හිතන්න පටන් ගත්තේ Professor Bobby Duffy ගේ The Generation Myth” කියන පොත සහ Generation labels ගැන තිබුණ research discussions කියවද්දී. Bobby Duffy කියන්නේ Professor කෙනෙක් (නැත්නම් බලන් ඒ කවුද ඒ කියලා). එයා කියන ප්‍රධාන දෙයක් තමයි Generation differences කියන දේ ගොඩක් වෙලාවට ඇත්තට වඩා ලොකු කරලා හිතනවා කියන එක. ඒ වගේම Sociology Professor Philip N. Cohen සහ තවත් social scientists ලා Generation labels ගැන ප්‍රශ්න කරලා තිබුණා. ඔවුන් කියන ප්‍රධාන අදහසක් තමයි සමහර වෙලාවට generation labels scientific explanation එකකට වඩා stereotype create කරන දෙයක් වෙන්න පුළුවන් කියන එක.
මම කියවපු තවත් article එකක් තමයි “It’s Time to Stop Talking About Generations” article එක. ඒක කියවද්දී මට තේරුණ දෙයක් තමයි අපි Generation differences ගැන ගොඩක් කතා කරනවා, හැබැයි Technology differences ගැන අඩුවෙන් කතා කරනවා කියන එක. මොකද අද Gen Z කියලා අපි හඳුන්වන generation එක ඉපදිලා තියෙන්නේ technology එකත් එක්ක. Internet තියෙනවා. Smartphone තියෙනවා. Social Media තියෙනවා. අද Artificial Intelligence (AI) පවා තියෙනවා. Phone එකක් අතේ තිබුණාම තත්පර කිහිපයක් ඇතුළත ලෝකයේ ඕනම දැනුමක් හොයාගන්න පුළුවන්. Online courses බලන්න වගේම කරන්න පුළුවන්. AI tools එක්ක කතා කරන්න පුළුවන්. ලෝකයේ හොඳම universities වල lectures බලන්න පුළුවන්.
හැබැයි අපේ දෙමාපියන්ගේ generation එක ගැන හිතලා බලන්න. Internet තිබුණේ නෑ. AI තිබුණේ නෑ. Google තිබුණේ නෑ. Social media තිබුණේ නෑ. දැනුම හොයාගන්න library යන්න ඕන. පොත් කියවන්න ඕන. පත්තර බලන්න ඕන. ගුරුවරුන්ගෙන් අහන්න ඕන. තොරතුරු හොයාගන්න දවස් ගණන් ගියා. ඒ generation එක වැරදියි කියලා කියන්න බෑ. ඒ generation එක දැනුමෙන් අඩුයි කියන්න බෑ. ඔවුන් ජීවත් වුණ පරිසරය ලෝකය වෙනස්.
ඊට පස්සේ Millennials generation එක ආවා ඒ කියන්නේ අපි. Internet එන්න පටන් ගත්තා. Computers සාමාන්‍ය වුණා. Google develop වුණා. Social media එන්න පටන් ගත්තා. Information access එක වැඩි වුණා. හැබැයි ඒ generation එක AI generation එකක් නෙවෙයි. ඔවුන් technology transition එකක් ඇතුළේ grow වුණ generation එකක්.
දැන් ඉපදෙන අලුත් generation එක technology එක්කම grow වෙනවා. AI tools එක්ක grow වෙනවා. Unlimited information එක්ක grow වෙනවා. Machine learning, automation, digital systems, social media, online education එක්ක grow වෙනවා. එතකොට naturally communication වෙනස් වෙනවා. Learning speed වෙනස් වෙනවා. Information consume කරන විදිය වෙනස් වෙනවා.
හැබැයි මෙතන මට එන ප්‍රශ්නය තමයි
මේක Generation difference එකක්ද? නැත්නම් Technology difference එකක්ද? Information access difference එකක්ද?
පෞද්ගලිකව ගැඹුරින් හිතද්දී මට පේන්නේ ලොකුම වෙනස Technology access එක. Information access එක. Knowledge access එක. Opportunity access එක.
අවුරුදු 50කට කලින් ඉපදුණ කෙනෙක්ටත් ආදරේ ඕන වුණා. අදත් එහෙමයි. කලින් මිනිස්සු success හෙව්වා. අදත් success හොයනවා. කලින් මිනිස්සු family ගැන හිතුවා. අදත් family ගැන හිතනවා. කලින් මිනිස්සු dreams තිබුණා. අදත් dreams තියෙනවා. කලින් මිනිස්සු future එක ගැන හිතුවා. අදත් එහෙමයි.
Technology වෙනස් වෙනවා. හැබැයි මනුසත් කම මෙච්චර ඉක්මනට වෙනස් වෙන්නේ නෑ.
Marketing ලෝකය මේ දේ හොඳට දන්නවා. Businesses වලට market segmentation ඕන. Companies මිනිස්සු categories වලට බෙදනවා. Age. Income. Lifestyle. Location. Education. Technology use. Generation. ඒක business strategy එකක්. ඒක marketing science එකක්. මිනිස්සු categories වලට divide කළාම companies වලට campaigns build කරන්න ලේසි වෙනවා.
“Gen Z banking.”
“Gen Z products.”
“Gen Z marketing.”
“Gen Z strategy.”
මේවා business language. Targeting methods. Positioning techniques.
හැබැයි සමහර වෙලාවට marketing labels reality එකට වඩා ලොකු වෙනවා. Social media මේක තවත් වැඩි කරනවා. “Gen Z lazy.” “Millennials sensitive.” “Older generation technology දන්නේ නෑ.” “Young generation attention span අඩුයි.” මේ වගේ stereotypes ටික ටික fact එකක් වගේ පේන්න පටන් ගන්නවා.
හැබැයි ඇත්ත ජීවිතේ එහෙම නෑ. සමහර වයසක අය AI tools use කරනවා. සමහර තරුණ අය social media use කරන්න කැමති නෑ. සමහර Gen Z අය traditional values වලට කැමතියි. සමහර older generation අය technology experts ලා.
මිනිස්සු software versions නෙවෙයි. ඉතින් ඔවුන්ව “Version 1", “Version 2", “Version 3" කියලා categorize කරන්න බෑ. මිනිස්සු shape වෙන්නේ family වලින්. Education වලින්. Environment වලින්. Experiences වලින්. Opportunities වලින්. Technology access වලින්.
අද Gen Z generation එකට technology knowledge වැඩි. ඒක ඇත්ත. AI access වැඩි. Data access වැඩි. Information speed වැඩි. හැබැයි ඒක completely different human species එකක් වෙන්න හේතුවක් නෙවෙයි.
Banking use කරන්නේ හැම generation එකම. Coffee බොන්නේ හැම generation එකම. කෑම කන්නේ හැම generation එකම. Travel කරන්නේ හැම generation එකම. හීන තියනවා. හැම generation එකටම.
Human needs ලොකු වශයෙන් වෙනස් වෙලා නෑ. වෙනස් වෙලා තියෙන්නේ technology. Tools. Learning methods. Information access.
Professor Bobby Duffy ගේ “The Generation Myth” කියවන්න. Sociology researchers ලා Generation labels ගැන කරපු discussions බලන්න. “It’s Time to Stop Talking About Generations” article එක කියවන්න. ඊට පස්සේ. හිතන්න. (අර මගේ පරණ ලිපියක කිව්වා වගේ හිතන්න හැම දෙයක් ගැනම ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක)
සමහර වෙලාවට Generation Gap කියලා අපි දකින්නේ Age Gap එක නෙවෙයි. Information Gap එක. Technology Gap එක. Knowledge Gap එක. Opportunity Gap එක.
Technology වෙනස් වෙනවා. AI වෙනස් වෙනවා. Information වෙනස් වෙනවා. හැබැයි මනුස්සකම ලොකු වශයෙන් වෙනස් වෙන්නේ නෑ.
සමහර වෙලාවට අපි හිතනවට වඩා මිනිස්සු එකිනෙකාට ගොඩක් සමානයි. ( හැම කාලෙකම ඉන්නව හොද නරක ට්‍රැක් පැනපු හිතන පතන විදිහ වෙනස් අමුතු ජීවීන් වගේ ඉන්න, තව කෙනෙක්ට ගරු කරන නොකරන ඉතින් මෙයාල මෙහෙමයි එයාලා මෙහෙමයි කියලා නෑ )
අපි මිනිස්සුනේ ….. එච්චරයි සරලයි
ලොකුම Generation Gap එක වයස නෙවෙයි. Access Gap එක.
ස්තූතියි
ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකයේ සාර්ථක වීමට හොඳ අදහස් පමණක් තිබීම ප්‍රමාණවත් නොවේ ඉතින් ඕනෑම ව්‍යාපාරයක්, ව්‍යාපෘතියක්, අධ්‍යාපනික කාර්යයක් හෝ දෛනික තීරණයක් වුවද නිවැරදි සැලසුමක් සහ පැහැදිලි අවබෝධයක් අවශ්‍ය වේ. එවැනි අවස්ථාවලදී ලොව පුරා භාවිතා වන ඉතා සරල නමුත් බලවත් ක්‍රමවේදයක් ලෙස “5W Concept” හඳුන්වයි. Who, What, When, Where, Why යන ප්‍රශ්න පහ මත පදනම් වූ මෙම සංකල්පය මඟින් ඕනෑම අදහසක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට සහ වඩාත් නිවැරදිතීරණ ගැනීමට හැකියාව ලැබේ.
ඉතින් මෙම ලිපිය තුළ 5W සංකල්පයේ සම්පූර්ණ අර්ථය, එය භාවිතා කරන ආකාරය, ව්‍යාපාර හා marketing ක්ෂේත්‍රයේ එහිවැදගත්කම, සහ දෛනික ජීවිතයට එය ලබාදෙන වටිනාකම පිළිබඳ සරල සහ පැහැදිලි ආකාරයෙන් විස්තර කර ඇත. විශේෂයෙන්ම අලුත් පරපුර, අධ්‍යාපනය ලබන සිසුන්, වෘත්තීය ජීවිතයට පිවිසෙන සියලු දෙනා සඳහා මෙම ලිපිය ප්‍රායෝගික මාර්ගෝපදේශයක් වනු ඇතයි මම සිත​මි. 5W යනු ප්‍රශ්න පහක් පමණක් නොව, නිවැරදිව සිතීමට සහ සාර්ථකව ක්‍රියා කිරීමට උපකාරී වන චින්තන ක්‍රමවේදයකි. (හරියට ආර්ය අශ්ඨාංගික මාර්ගය වගේ)
මගේ වෘත්තීය ජීවිතයේදී එක එක පුද්ගලයන් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම අලුතින් ක්ෂේත්‍රයට පැමිණෙන internsලා සහ traineesලා එක්ක වැඩ කරන විට මට එක දෙයක් බොහෝ පැහැදිලිව අවබෝධ වුණා. ඔවුන්ට හැකියාව තිබුණා,උනන්දුව තිබුණා, නව අදහස් තිබුණා. නමුත් බොහෝ අවස්ථාවලදී ඔවුන්ට තමන් කරන්නේ කුමක්ද, ඇයි එය කරන්නේ, කා සඳහාද,කවදාද සහ කොහෙද යන්න පිළිබඳ නිවැරදි පැහැදිලි අවබෝධයක් තිබුනේ ​නෑ. එය ඔවුන්ගේ වැඩවල ගුණාත්මකභාවයට සහ තීරණගැනීමේ හැකියාවට සෘජුව බලපාන බව මට දැකගන්න පුළුවන් උනා.
ඒ අවස්ථාවලදී මම ඔවුන්ගෙන් සරල ප්‍රශ්න කිහිපයක් අහනවා. “මේක කාටද?”, “ඇයි මේක කරන්නේ?”, “මේක කොහෙද භාවිතාවෙන්නේ?” වැනි ප්‍රශ්න. එවිට ඔවුන්ගේ අදහස් වඩාත් පැහැදිලි වෙනවා. ඒ ඒ වෙලාවල් වල මට තේරුණේ 5W සංකල්පය යනු පාඩම් පොතකට පමණක් සීමා වූ දෙයක් නොව, ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකටම අවශ්‍ය වන චින්තන ක්‍රමයක් බවයි.
හැමෝම හෙන ඉක්මනින් වැඩ කරනවා, ඉක්මනින් තීරණ ගන්නවා, නමුත් ගැඹුරින් සිතන්නේ අඩුවෙන්. ඒ නිසාම මෙම ලිපිය ලිවීමෙන් මට අවශ්‍ය වූයේ සරලව සිතීමට, පැහැදිලිව සැලසුම් කිරීමට සහ නිවැරදිව ක්‍රියා කිරීමට උපකාරී වන මාර්ගෝපදේශයක් ලබාදීමයි. මම විශ්වාස කරනවා 5W සංකල්පය බොහෝ දෙනාගේ ජීවිතය සහ වෘත්තීය ගමන වඩාත් සංවිධානාත්මක හා සාර්ථක කරනු ඇති බව.
WHO -“කවුද?”
“Who” “කවුද” යන ප්‍රශ්නය ඕනෑම සැලසුමක හෝ අදහසක ආරම්භක පදනම ලෙස සැලකිය හැකිය. අපි කරන ඕනෑම කාර්යයක් අවසානයේ සම්බන්ධ වන්නේ මිනිසුන් සමඟය. එබැවින් “කවුද?” යන ප්‍රශ්නය නිවැරදිව හඳුනා ගැනීම සාර්ථකත්වයේ මූලික පියවරකි. ව්‍යාපාරයකදී, මාර්කෙටින් සැලසුමකදී, ව්‍යාපෘතියකදී හෝ සරල දෛනික කාර්යයකදී වුවද, ඔබේ ඉලක්කගත පුද්ගලයා කවුද යන්න පැහැදිලි නොවන්නේ නම් ඔබගේ උත්සාහය නිවැරදි දිශාවකට ගමන් නොකරනු ඇත.
ව්‍යාපාරික ලෝකයේ “Who” යන්න වැඩිපුරම සම්බන්ධ වන්නේ target audience හෙවත් ඉලක්කගත පාරිභෝගිකයා සමඟය. ඔබ විකුණන නිෂ්පාදනය කාටද? ඔබේ සේවාව අවශ්‍ය වන්නේ කාටද? ඔවුන්ගේ වයස, ආදායම, රුචි අරුචිකම්, ජීවන රටාව, අවශ්‍යතා සහගැටලු මොනවාද? මෙම සියල්ල අවබෝධ කරගැනීම ඉතා වැදගත් වේ. බොහෝ ව්‍යාපාර අසාර්ථක වන්නේ තම නිෂ්පාදනය හොඳ නැතිනිසා නොව, වැරදි පුද්ගලයින්ට එය ඉදිරිපත් කරන නිසාය.
උදාහරණයක් ලෙස, ඔබ තරුණ පරපුර ඉලක්ක කරගෙන fashion brand එකක් ආරම්භ කරනවා නම්, ඔබේ marketing language එක, visuals, social media presence සහ promotions සියල්ලම ඔවුන්ගේ lifestyle එකට ගැලපෙන ආකාරයට සැලසුම් කළ යුතුය. එහෙත් ඔබ ඒ දේම middle-aged corporate audience එකකට භාවිතා කළහොත්, එය සාර්ථක නොවීමට ඉඩ ඇත. එබැවින් “Who” යන්න තේරුම් ගැනීම යනු නිවැරදි මිනිසුන් සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ගොඩනැගීමයි.
මෙය ව්‍යාපාරයට පමණක් නොව, නායකත්වයට සහ කණ්ඩායම් කළමනාකරණයටද වැදගත් වේ. ඔබ සමඟ වැඩ කරන කණ්ඩායම කවුද? ඔවුන්ගේ හැකියාවන් සහ දුර්වලතා මොනවාද? ඔවුන්ට අවශ්‍ය motivation එක කුමක්ද? හොඳ නායකයෙකු තම කණ්ඩායමේ මිනිසුන් හඳුනාගෙන, ඔවුන්ට සුදුසු වගකීම් ලබාදීමට දැන සිටිය යුතුය.
අධ්‍යාපනික ක්ෂේත්‍රයේදීත් “Who” ඉතා වැදගත් වේ. ගුරුවරයෙක් තම සිසුන්ගේ අවශ්‍යතා හඳුනා නොගෙන උගන්වන්නේ නම්, ඉගෙනීමේ ගුණාත්මකභාවය අඩුවේ. මාර්කර්ටි​න්, මාධ්‍ය, HR, Customer Service සහ Event Management ( මගේ රැකියාව ) වැනි ක්ෂේත්‍ර සියල්ලම “Who” මත විශාල ලෙස පදනම් වී ඇත.
මේ digital era එකේ data analytics, customer insights සහ audience behavior analysis වැනි දේවල් ඉතා වැදගත් වී තිබේ. ඒ සියල්ලේ මූලික අරමුණ වන්නේ “Who” යන්න ගැඹුරින් අවබෝධ කර ගැනීමයි. ඔබ කා සමඟ කතා කරනවාද යන්න දැනගත් විට ඔබටනිවැරදි message එක නිවැරදි ආකාරයෙන් ලබාදිය හැකිය.
එබැවින් “Who” යනු නිකම්ම ප්‍රශ්නයක් නොව, සාර්ථක සන්නිවේදනයේ, ව්‍යාපාරික තීරණවල සහ සම්බන්ධතා ගොඩනැගීමේ හෘදයාංගම පදනමකි.
WHAT- “මොකක්ද?”
“What” “මොකක්ද?” යන්න 5W සංකල්පයේ මූලිකම ප්‍රශ්නවලින් තවත් එක​ක්. ඔබ කරන්නේ කුමක්ද, ඔබ ලබාදෙන්නේ කුමක්ද, ඔබේ අරමුණ කුමක්ද යන්න මෙහිදී පැහැදිලි කළ යුතුය. බොහෝ දෙනා වැඩ ආරම්භ කරනවා, projects කරනවා, business launch කරනවා,නමුත් ඔවුන්ගේ core purpose එක පැහැදිලි නැහැ. ඒ නිසාම බොහෝ උත්සාහයන් මැදදී නතර වෙනවා.
ව්‍යාපාරයකදී “What” යනු ඔබේ product එක හෝ service එකයි. නමුත් එය ඒ තරම් සරල දෙයක් පමණක් නොවේ. ඔබ විසඳන problem එක කුමක්ද? ඔබ අනික් අය සමග වෙනස් වන්නේ කොහොමද? ඔබේ value proposition එක කුමක්ද? මේ සියල්ල “What” යටතට පැමිණේ.
උදාහරණයක් ලෙස coffee shop එකක් ගැන සිතමු ( මේක ලියන්නේද coffee shop එකක ඉදගෙන ). ඉතින් coffee විකුණනවා කියන එක පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබේ coffee shop එක unique වන්නේ atmosphere එකෙන්ද? customer experience එකෙන්ද? premium quality එකෙන්ද? affordable pricing එකෙන්ද? මෙය නිවැරදිව තේරුම් නොගන්නේ නම්, ඔබේ brand identity එක දුර්වලවේ.
අද consumer market එක ඉතා competitive. මිනිසුන්ට options බොහොමයක් තිබෙනවා. ඒ නිසා “What” පැහැදිලි නැති brands market එකෙන් අතුරුදහන් වෙනවා. හොඳ brand එකක් තමන්ගේ message එක ඉතා සරලව සහ පැහැදිලිව communicate කරනවා.
මාර්කෙටින් ක්ෂේත්‍රයේදී “What” ඉතා වැදගත්. ඔබ promote කරන්නේ product එකක්ද? service එකක්ද? experience එකක්ද? emotion එකක්ද? අද ලෝකයේ සාර්ථක brands බොහොමයක් product එකට වඩා feeling එකක් විකුණනවා. Apple technology පමණක් විකුණන්නේ නැහැ. Innovation lifestyle එකක් විකුණනවා. Nike shoes පමණක් නොව motivation සහ confidence විකුණනවා.
“What” යන්න පුද්ගලික ජීවිතයටත් අදාල වේ. ඔබේ career goal එක කුමක්ද? ඔබේ life purpose එක කුමක්ද? ඔබට අවශ්‍ය success definition එක කුමක්ද? මේවා දැනගන්නා තෙක් මිනිසුන් බොහෝවිට direction එකක් නැතිව ජීවිතය ගත කරනවා.
ව්‍යාපෘති කළමනාකරණයේදීත් “What” ඉතා වැදගත් වේ. Project deliverables මොනවාද? Expected outcome එක කුමක්ද? Success measurement එක කුමක්ද? මේ දේවල් පැහැදිලි නැති project බොහොමයක් confusion එකකින් ඉවරවෙන​වා.
ඉතින් “What” යනු නිකම්ම “මොකක්ද?” කියන ප්‍රශ්නයක් නොව, identity, value සහ purpose පිළිබඳ ගැඹුරු විමසීමකි. ඔබ කරන්නේ කුමක්ද යන්න පැහැදිලි වූ විට පමණක්, ඔබේ ගමන නිවැරදිව සැලසුම් කළ හැකි වේ.
WHEN- “කවදාද?”
“When” “කවදාද?” යන ප්‍රශ්නය බොහෝ දෙනා අවතක්සේරු කරන නමුත් සාර්ථකත්වයට විශාල බලපෑමක් ඇති කරන කොටස​කි. හොඳ අදහසක් තිබුණත්, හොඳ නිෂ්පාදනයක් තිබුණත්, නිවැරදි කාලය තෝරා නොගතහොත් එය අසාර්ථක විය හැකිය. ඒ නිසාම“When” යනු කාලය පිළිබඳ පමණක් නොව, timing, planning, execution සහ readiness පිළිබඳ ගැඹුරු අවබෝධයකි.
ව්‍යාපාරික ලෝකයේ timing කියන්නේ ඉතාම වැදගත් දෙයක්. සමහර brands ඉතා ඉක්මනින් market එකට පැමිණ අසාර්ථක වෙනවා. තවත් සමහර brands ප්‍රමාදව market එකට ඇවිත් competitorsලා​ගේ market share එක අවුල් කරලාදාන​වා. එබැවින් “කවදාද?”යන්න නිවැරදිව තීරණය කිරීම strategic decision එකකි.
උදාහරණයක් ලෙස seasonal marketing campaigns ගැන සිතන්න. Christmas season, New Year season, Avurudu season, Valentine’s Day වැනි අවස්ථාවලදී brands තම promotions launch කරනවා. ඒකට හේතුව consumer buying behavior එක එමකාලවල වෙනස් වන නිසාය. නිවැරදි කාලයේදී නිවැරදි message එක ලබාදීමෙන් sales සහ engagement විශාල ලෙස වැඩි කළ හැකිය.
පුද්ගලික ජීවිතයේදීත් “When” ඉතා වැදගත්. සමහර මිනිසුන් තම dreams postpone කරනවා “තව ටික කාලෙකින්” කියලා. නමුත් success එක ලැබෙන්නේ action ගන්න නිවැරදි කාලය තේරුම් ගන්නා අයටයි. ඉගෙනීම ආරම්භ කිරීමට, career change එකක් කිරීමට, business එකක් පටන් ගැනීමට හෝ relationship එකක් build කිරීමට timing වැදගත් වේ.
ව්‍යාපෘති කළමනාකරණයේදී deadlines සහ milestones කියන්නේ project success එකේ backbone එකයි. කාලය කළමනාකරණය නොමැති projects බොහෝවිට budget overrun, stress සහ failure වලින් අවසන් වෙනවා. ඒ නිසා effective planning, scheduling සහ prioritization ඉතා වැදගත් වේ.
මේ digital world එකේ වේග​ය ඉතා වැඩියි. Trends වේගයෙන් වෙනස් වෙනවා. Social media content එකක් viral වෙන්නත්, irrelevant වෙන්නත් ගතවෙන්නේ පැය කිහිපයක් පමණි. එවැනි පරිසරයක timing awareness එක professional skill එකක් බවටපත්වී ඇත.
“When” යනු patience සහ urgency අතර balance එක තේරුම් ගැනීමද වේ. සමහර අවස්ථාවල ඉක්මන් action අවශ්‍ය වන අතර,තවත් අවස්ථාවල සාර්ථකත්වය සඳහා නිවැරදි කාලය බලා සිටීම වැදගත් වේ.
එබැවින් “When” යනු නිකම්ම දිනයක් හෝ වේලාවක් නොවේ. එය strategy, discipline, preparedness සහ opportunity recognition යන සියල්ල එකට බැඳී ඇති සංකල්පයකි. නිවැරදි දේ නිවැරදි කාලයේදී කිරීම සාර්ථකත්වයේ රහසක් ලෙස සැලකිය හැකිය.
WHERE -“කොහෙද?”
“Where” “කොහෙද?” යන්න 5W සංකල්පයේ තවත් ඉතා වැදගත් කෑල්ල​ක්. බොහෝ දෙනා හොඳ idea එකක් තිබුණත්, එය කොහෙද සහ කෙසේ positioning කරන්නේ කියන දේ නිවැරදිව තේරුම් නොගන්නා නිසා අසාර්ථක වෙනවා. “Where” යනු physical location එකකට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. එය market positioning, audience reach, platform selection සහ brand visibility යන අංශ සියල්ලම ආවරණය කරයි.
ව්‍යාපාරයකදී location එක ඉතාම වැදගත් වේ. Restaurant එකක්, retail store එකක්, salon එකක් හෝ coffee shop එකක්පවත්වාගෙන යනවා නම්, එය පිහිටුවන ස්ථානය business success එකට සෘජුව බලපානවා. Busy urban area එකක තිබෙන shop එකකට වැඩි foot traffic එකක් ලැබෙනවා. එහෙත් rent සහ competition ද වැඩියි. ඒ නිසා “Where” යනු strategic thinking අවශ්‍යdecision එකකි.
මේ digital transformation නිසා “Where” යන්න online platforms වලටද විශාල ලෙස සම්බන්ධ වී ඇත. ඔබේ audience එක Instagram එකේද? Facebook එකේද? LinkedIn එකේද? TikTok එකේද? මේවා තේරුම් නොගෙන කරන digital marketing campaigns බොහෝවිට ineffective වෙනවා.
උදාහරණයක් ලෙස corporate audience එකක් target කරන brand එකක් LinkedIn platform එක භාවිතා කළහොත් better professional reach එකක් ලැබෙනවා. එහෙත් youth audience එකක් target කරන fashion brand එකකට TikTok සහ Instagram වඩාත් effective platforms වේ.
“Where” යනු distribution channels වලටද අදාල වේ. ඔබේ product එක supermarkets වලද, online stores වලද, premium outlets වලද available වන්නේ? Customer convenience එක සහ accessibility එක business growth එකට විශාල බලපෑමක් ඇතිකරනවා.
මාර්ටි​න් ක්ෂේත්‍රයේ positioning කියන concept එක “Where” සමඟ ගැඹුරින් සම්බන්ධයි. ඔබේ brand එක market එකේ කොහෙදstand කරන්නේ? Luxury brand එකක්ද? Affordable brand එකක්ද? Premium experience එකක්ද? මේ positioning එකconsumer perception එක තීරණය කරනවා.
පුද්ගලික ජීවිතයේදීත් “Where” වැදගත්. ඔබ වැඩ කරන environment එක, ඔබ ඇසුරු කරන people circle එක, ඔබ ගතකරන places සහ digital spaces ඔබේ mindset එකට සහ growth එකට බලපානවා. Positive environment එකක් success එකට fuelඑකක් වගේ.
අධ්‍යාපනයේදීත් “Where” වැදගත් වේ. Online learning platforms, universities, training centers සහ practical exposure ලබාදෙන environments තෝරාගැනීම learning quality එකට බලපානවා.
Event Management සහ Branding වැනි ක්ෂේත්‍රවලදී location selection සහ visibility critical factors වේ. Event branding placements, stage positioning, audience flow management සහ visual exposure සියල්ල “Where” මත පදනම් වේ.
Hybrid world එකේ physical සහ digital presence දෙකම equally important. Strong online presence එකක් නැති business එකක් අද competitive market එකේ survive වීමට අපහසුය. ඒ නිසා “Where” යනු geographical location එකකට වඩා broader strategic concept එකකි.
එබැවින් “Where” යනු “කොහෙද?” කියන සරල ප්‍රශ්නයකට වඩා වැඩි අර්ථයක් ඇති සංකල්පයකි. නිවැරදි ස්ථානය, නිවැරදි platform එක සහ නිවැරදි positioning එක තෝරාගැනීම මඟින් success opportunities විශාල ලෙස වැඩි කළ හැකිය.
WHY-“ඇයි?”
5W සංකල්පයේ ගැඹුරුම සහ බලවත්ම ප්‍රශ්නය “Why” ඇයි ඇයි ඇයි ඇයි….. යන්නයි. බොහෝ දෙනා “මොකක්ද?” සහ “කොහොමද?”යන ප්‍රශ්නවලට අවධානය යොමු කරනවා. නමුත් සාර්ථක පුද්ගලයින් සහ brands තමන්ගේ “ඇයි?” යන්න ඉතා පැහැදිලිව දන්නවා.
“Why” යනු ඔබේ purpose එකයි. ඔබ කරන දේ පිටුපස ඇති සැබෑ හේතුවයි. ඔබ business එකක් කරන්නේ money earning සඳහාප මණක්ද? නැත්නම් problem solving, innovation, customer impact හෝ passion එකක් නිසාද? මේ difference එක long-term success එක තීරණය කරනවා.
අද ලෝකයේ consumersලා products පමණක් buy කරන්නේ නැහැ. ඔවුන් stories, values සහ emotions connect කරනවා. Strong “Why” එකක් ඇති brands consumersලා සමඟ emotional connection එකක් build කරනවා.
උදාහරණයක් ලෙස Nike brand එක shoes පමණක් විකුණන්නේ නැහැ. ඔවුන් motivation, courage සහ self-belief promote කරනවා ( මගේ අලුත් සපත් දෙක නිසා ඒ ගැනම කියන්නේ ). Apple technology devices විකුණනවාට අමතරව creativity සහ innovation lifestyle එකක් represent කරනවා. මේ brands වල success එකට හේතුව strong purpose driven identity එකයි.
පුද්ගලික ජීවිතයේදීත් “Why” ඉතා වැදගත්. ඔබ උදේ අවදි වෙන්නේ ඇයි? ඔබ hard work කරන්නේ ඇයි? ඔබේ සිහින පසුපස හබා යන්නේ ඇයි? Strong reason එකක් නැති මිනිසුන් challenges එන විට ඉක්මනින් give up කරනවා. නමුත් clear purpose එකක් ඇති අය setbacks වලින් පසු නැවත නැගී සිටිනවා.
Leadership වලදීත් “Why” powerful tool එකක්. හොඳ leader කෙනෙක් තම team එක inspire කරන්නේ salary එකෙන් පමණක්නොවේ. ඔවුන් meaningful vision එකක් share කරනවා. Employeesලා තමන් කරන work එකේ purpose එක දැනගත් විට motivation සහ loyalty වැඩි වෙනවා.
මාර්කටින් වලදී “Why” storytelling වල හෘදයාංගම කොටසයි. Consumersලා facts මත පමණක් decisions ගන්නේ නැහැ. Emotional connection එකක් තිබෙන brands වලට stronger customer loyalty එකක් ලැබෙනවා.
Social media era එකේ authenticity කියන concept එක ඉතා වැදගත්. Fake branding සහ superficial messaging consumersලා ඉක්මනින් identify කරනවා. Genuine “Why” එකක් ඇති brands trust build කරනවා.
“Why” යනු resilience එකටද සම්බන්ධයි. ඔබේ reason එක strong නම්, obstacles temporary challenges විතරක් වෙනවා. Entrepreneurලා, athletesලා, artistsලා සහ successful professionals බොහෝ දෙනා තම purpose එක නිසාම difficult phases overcome කරනවා.
Internsලා සහ young professionalsලා එක්ක වැඩ කරන විට මට බොහෝවිට පෙනුණේ ඔවුන් ගොඩාක් දේවල් කරනවා, deadlines meet කරනවා, ඒත් bigger purpose එක ගැන හිතන්නේ හරි අඩුවෙන් කියලා. නමුත් once they understand “why this matters”, ඔවුන්ගේ attitude සහ performance වෙනස් වෙනවා.
“Why” යනු direction එක ලබාදෙන compass එකක් වගේ.
“Without purpose, work becomes routine. With purpose, work becomes meaningful.”
මේ වෙගයෙන් වෙනස් වෙන ලෝකයේ skills පමණක් ප්‍රමාණවත් නැහැ. Purpose-driven mindset එකක් අවශ්‍යයි. Strong “Why” එකක් ඇති පුද්ගලයින් තමංගේ careers, businesses සහ relationships තුළ ගැඹුර​ක් ලබාගන්නවා.
ඉතින් “Why” යනු සාර්ථකත්වයේ emotional engine එකයි. එය motivation, resilience, connection සහ long-term vision එක ගොඩනඟන බලවේගය​යි. ඔබ කරන දේ පිටුපස ඇති “ඇයි?” යන්න ඔබට පැහැදිලි නම්, ඔබේ ගමනට තේරුමක් සහ direction එකක්ලැබේ.
5W සංකල්පයේ සැඟවුණු බලය
මාර්කටින් යනු නිකම්ම භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රවර්ධනය කිරීමක් නොවේ. එය මිනිසුන්ගේ සිත, අවශ්‍යතා, හැඟීම් සහතීරණ ගැනීමේ රටාව අවබෝධ කරගැනීමේ විද්‍යාවක් සහ කලාවක් දෙකම එකට එකතු වූ ක්ෂේත්‍රයකි. බොහෝ දෙනා මාර්කටින් කියන්නේ advertisements, social media posts, billboards හෝ promotions පමණක් කියලා සිතනවා. එහෙත් සැබෑ මාර්කටින් යනුනිවැරදි පණිවිඩය, නිවැරදි පුද්ගලයාට, නිවැරදි කාලයේදී, නිවැරදි ස්ථානයේදී සහ නිවැරදි හේතුවක් සමඟ ලබාදීමයි. මේ සියල්ලේපදනම 5W සංකල්පය තුළම තිබේ.
“Who” යන්න මාර්කෙටින් වල හෘදයාංගම කොටසයි. ඔබේ target audience එක හඳුනා නොගෙන කරන marketing campaign එකක්අඳුරු කාමරයකට කෑගැසීමක් වැනිය. Consumersලාගේ age group, lifestyle, behavior patterns, income level සහ interests තේරුම් ගැනීම modern marketing වල මූලිකම අංගයකි. අද data driven marketing කියන්නේ මේ audience understanding එකගැඹුරින් analyze කිරීමයි.
උදාහරණයක් ලෙස youth focused brand එකක් social media trends, influencers සහ visual storytelling භාවිතා කරයි. Corporate audience එකක් target කරන brand එකක් professionalism, trust සහ credibility emphasize කරයි. එබැවින්successful marketing strategy එකක් “Who” යන්නෙන් ආරම්භ වේ.
“What” යනු brand message එකයි. ඔබේ product එක මොකක්ද? එය solve කරන problem එක මොකක්​ද? ඔබේ brand promise එක මොකක්​ද? Strong brand identity එකක් build වෙන්නේ clear value proposition එකක් මතය. අද consumersලාට ගොඩාක් options තිබෙන නිසා, brands differentiate වීමට unique positioning අවශ්‍ය වේ.
හොඳ marketing campaign එකක් product features පමණක් highlight කරන්නේ නැහැ. එය customer benefit එක explain කරනවා. උදාහරණයක් එකක් ලෙස skincare brand එකක් cream එකේ ingredients ගැන පමණක් කතා නොකර confidence, self-care සහ healthy lifestyle එකක් promote කරනවා. Emotional relevance එක marketing success එකට විශාල බලපෑමක් ඇතිකරයි.
“When” යනු marketing timing එකයි. මේ digital marketing world එකේ timing is everything කියන එක ඇත්තක්. Trending moments, festive seasons, public events සහ cultural behaviors marketing strategies වලට විශාල ලෙස බලපානවා.
උදාහරණයක් ලෙස අවුරුදු කාලේදි family centered campaigns වැඩිපුර effective වෙනවා. School reopening season එකේstationery සහ educational brands වැඩි promotions කරනවා. Social media trends වලදී පැය කීපයක ප්‍රමාද​ය පවා සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
Marketing campaigns වල scheduling, posting frequency සහ consumer activity analysis නිවැරදිව කළ යුතුය. AI tools සහanalytics platforms භාවිතා කරමින් brands audience active times analyze කරනවා. ඒ නිසා timing awareness modern marketing skill එකක් බවට පත්වී ඇත.
“Where” යනු platform එකේ strategy එකයි. Traditional marketing වලදි TV, radio සහ newspapers dominant platforms වුණා. නමුත් මේ digital era එකේ brands multiple channels භාවිතා කරනවා. Facebook, X, Instagram, TikTok, LinkedIn, YouTube, websites, email marketing සහ physical activations සියල්ල ඒකාබද්ධ අලෙවිකරණ පරිසර පද්ධතිය කොටස් බවට පත්වී ඇත.
Correct platform selection එක campaign effectiveness එකට සෘජුව බලපානවා. Luxury brands minimalist visual branding සහ premium platforms භාවිතා කරන අතර, youth brands short-form video content ( රීල්ස් ) සහ influencer marketing භාවිතාකරනවා.
Event marketing සහ branding වලදීත් “Where” ඉතා අත්‍යවශ්‍ය සාදකයක්. Branding visibility, stage placement, audience interaction zones සහ experience design consumer perception එක influence කරනවා. Physical branding සහ digital branding අතර balance එක modern marketing වලදී ඉතා වැදගත්.
“Why” යනු marketing වල ආත්මය​යි. Consumersලා අද products විතරක් buy කරන්නේ නැහැ. ඔවුන් values, stories සහemotions buy කරනවා. Strong purpose-driven brands deeper customer loyalty එකක් build කරනවා.
අද sustainability, inclusivity, mental health awareness සහ social impact වැනි themes marketing campaigns වලට එකතු වෙනවා. ඒකට හේතුව modern consumersලා authentic brands වලට වැඩි විශ්වාසයක් දක්වන නිස​යි.
උදාහරණයක් ලෙස eco friendly brands තම products promote කරනවාට අමතරව environmental responsibility ගැන දැනුවත් කිරීම් කරනවා. ඒ නිසා customersලාට transaction එකකට වඩා meaningful connection එකක් දැනෙනවා.
5W concept එක marketing වලට පමණක් නොව communication, leadership, education, journalism, project management සහdaily decision-making වලටද භාවිතා කළ හැකිය. මාධ්යවේදීන් news story එකක් develop කරන විට 5W භාවිතා කරනවා. ගුරුවරුන් lessons plan කරන විට studentsලාගේ needs analyze කරනවා. නායකයන් teams manage කරන විට people motivation සහ purpose understand කරනවා.
Corporate world එකේ presentations, reports, campaigns සහ strategic planning වලදී 5W framework එක decision-making simplify කරන powerful method එකක්. එය ව්යාකූලත්වය​න් අඩු කර clarity වැඩි කරනවා.
තොරතුරු පිරී ඉතිරී තිබෙන society එකක clear thinking ability එක priceless skill එකක් බවට පත්වී ඇත. 5W concept එකමිනිසුන්ට deeper thinking habit එක develop කරන්න උපකාරීවෙන​වා. Random actions වෙනුවට purposeful actions create කරනවා.
සරලව මේ 5W framework එක powerful tool එකක්.
විශේෂයෙන්ම marketing සහ branding sectors වල වැඩ කරන අයට 5W understanding එක essential foundation එකක්. Successful campaigns create වෙන්නේ creativity එකෙන් පමණක් නොවේ. Consumer psychology, timing, placement සහpurpose combine වූ strategic thinking මතය.
ඉතින් අවසානයේ, 5W යනු textbook theory එකක් පමණක් නොවේ. එය real-world thinking framework එකකි. එය මිනිසුන්ටsmarter decisions ගන්න, better communication build කරන්න සහ meaningful results create කරන්න උපකාරී වේ.
වේගයෙන් වෙනස් වන ලෝකයේ දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. පැහැදිලි අවබෝධය, උපායමාර්ගික චින්තනය සහ අරමුණු සහිත ක්‍රියාවන් අවශ්‍යයි. 5W concept එක මේ සියල්ල එකට එකතු කරන කරන practical methodology එකකි.
එසේනම් “Who, What, When, Where, Why” යනු ප්‍රශ්න පහක් පමණක් නොව, සාර්ථකත්වයට මඟ පෙන්වන චින්තන පද්ධතියකි. නිවැරදිව භාවිතා කළහොත් එය ව්‍යාපාරයකට, career එකකට, communication වලට සහ ජීවිතයට පවා නව දිශාවක් ලබාදිය හැකිබලවත් framework එකක් වේ.
මෙම ලිපිය අවසන් කරමින්, අද මම වෘත්තීයමය වශයෙන් සහ පුද්ගලයෙකු ලෙස ගොඩනැගීමට විශාල දායකත්වයක් ලබාදුන් අශානි සහ ශානක දෙදෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි.
මාර්කටින් ක්ෂේත්‍රය පිළිබඳ ඔවුන් දෙදෙනා ලබා දුන් දැනුම, මඟපෙන්වීම, විශ්වාසය සහ අත්දැකීම් මගේ වෘත්තීය ගමනට විශාලශක්තියක් විය. නිර්මාණාත්මකව සිතීමට, වගකීමෙන් වැඩ කිරීමට සහ නිරන්තරයෙන් ඉගෙන ගනිමින් ඉදිරියට යාමට ඔවුන් දෙදෙනා මටලබාදුන් ආදර්ශය සහ සහයෝගය සදාකාලිකවම මගේ ජීවිතයේ වටිනා කොටසක් වනු ඇත.
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.
කාලෙකට පස්සේ එක දිගට ලියන්න හිතුවා මොකද මට මාව අහිමි වෙනවා වගේ දැනුණ දවස් කීපයක් නිසා. ජිවිතෙ ඉස්සරහට අදෙනවා වැඩ රාජකාරී වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා ඉතින් දැනුනා මගේ හිත මට අමතක වෙලා වගේ.
මම ඇත්තටම ජීවත් වෙනවද? නැතනම් එකම චක්‍රයක ඔහේ යන්වද ?
මට ඒ ප්‍රශ්නෙට අමුතු විදිහට පිළිතුරක් ලැබුනා. ලොකු දේවල් වලින් නෙමෙයි. ඒක ලැබුණේ කඩදාසියක් සහ පැන්සලක් හරහා.
මම කඩදාසියක් තියාගෙන කිසිම අදහසක් නැතුව අඳින්න පටන් ගත්තා. මුලින් ඒක තේරුමක් නෑ වගේ. නමුත් ටික ටික මට තේරුණාමම මේ ඉරිකෑලි අඳිනවා නෙමේ. පහුගිය දවස් ටිකේ හිතේ ඔලුවේ හිරවෙලා තිබුන දේවල් පිටට ගන්නවා කියලා.
ඉතින් මේ ලිපිය ලියන්න හිතුවේ ඔයාට එකම ජීවිතය වෙනස් විදිහට ජීවත් වෙන්න දකින්න. නිර්මාණාත්මක චින්තනයක් ගොඩනගන්න. ඔයානිර්මාණශීලී වෙන්න කලින් හිතෙන්න ඉඩ දෙන්න ඕන, කුතුහලයෙන් බලන්න ඉඩ දෙන්න ඕන, වැරදි වෙන්න ඉඩ දෙන්න ඕන.
නිර්මාණාත්මක බව කියන්නේ ප්‍රතිපලයක් නෙමෙයි. ඒක ක්‍රියාවලියක් මම මේ ලියන්නේ ඒ ක්‍රියාවලියට පොඩි උදව්වක් දෙන්​න
නිර්මාණාත්මක චින්තනය තේරුම් ගැනීම : දක්ෂතාවයෙන් එහා ගිය සිතේ හැඩය
බොහෝ දෙනා හිතන්නේ නිර්මාණාත්මක බව කියන්නේ කෙනෙකුට උපතින් ලැබෙන විශේෂ දක්ෂතාවයක් කියලා. කෙනෙකුට හොඳට චිත්‍රඅඳින්න පුළුවන් නම්, හොඳට ලියන්න පුළුවන් නම් හෝ අලුත් අදහස් හිතන්න පුළුවන් නම්, ඔහු “නිර්මාණාත්මක” කෙනෙක් කියලා ලේබල් කරනවා. ඒත් මට මේ ගැන හිතෙන්නේ වෙනස් විදිහට.
මගේ අත්දැකීම් වලින් මට තේරුණේ, නිර්මාණාත්මක බව කියන්නේ දක්ෂතාවය​ට වඩා සිතේ හැඩයක් කියලා. ඒ කියන්නේ ලෝකය බලන ආකාරය.
මම මුලින්ම චිත්‍ර අඳින්න පටන් ගත්ත වෙලාවේ, මගේ චිත්‍ර හොඳ ඒ​වා නෙමෙයි. ඒවා අසම්පූර්ණ​යි, අසමාන​යි ​හා සමහර වෙලාවට හරිම කැතැ​යි. ඒත් මම ඔහේ ඇද ඇද ඉදිරියට ගියා ඉතින් මට තේරු​නා මගේ අත ඉබෙම පුරුදු වෙනවා වගේම, හිතන විදිහ හා දකින විදිහේ වෙනස්ක් තියෙනවා කියා
නිර්මාණාත්මක චින්තනය කියන්නේ අලුත් දේවල් හදාගන්න එක නෙමෙයි. දේවල් වෙනස් විදිහට එකතු කරගන්න එක.
ඔයාට පුළුවන් සරල දෙයක් අලුත් විදිහට බලන්න. කෝපි කෝප්පයක් එකක් කියන්නේ බීමක් විතරක් නෙමෙයි. ඒක විවේකයක්. කෙනෙකුගේ නිහතමානී මොහොතක්.
මේ හැමදේම රදාපවතින්නේ ඔයාගේ හිත මත.
ඔයා හිතන විදිහ වෙනස් කළොත්, ඔයා දකින ලෝකය වෙනස් වෙනවා.
ඒ නිසා, නිර්මාණාත්මක වෙන්න ඔයාට විශේෂ දක්ෂතාවයක් ඕන නෑ. ඔයාට අවශ්‍ය වෙන්නේ විවෘත මනස​ක් එකක් කුතුහලයක් හා වෙනස් විදිහට බලන්න කැමැත්තක් විතරයි.
කුතුහලයෙන් ආරම්භ කරන්න : නව අත්දැකීම් වලින් හිත පෝෂණය කිරීම
මම හිතනවා කුතුහලයෙන් ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ තමා මගේ ලෝකයම වෙනස් වු​නේ.
කලින් මම දේවල් බලලා පස්සේ යන මනුස්සයෙක්. මට දකින්න ලැබුණ දේවල් එතරම් ගැඹුරු වුනේ ​නෑ. පාරේ යන මිනිස්සු, වැසි දවස්,ගහ​ක්, ඉර බැහැලා යන මොහොතක් මේ හැමදේම මට “සාමාන්‍ය” වගේ.
මම මටම “ඇයි?” කියන ප්‍රශ්නය යොමුක​රා
ඇයි මේ මනුස්සයා එහෙම බලන්නේ?
ඇයි මේ වැස්ස මට මෙහෙම දැනෙන්නේ?
ඇයි මේ මොහොත ලස්සනයි කියලා හිතෙන්නේ?
මේ “ඇයි” කියන ප්‍රශ්නය මගේ සිතුවිලි වෙනස් කළා.
මම පාරේ යනකොට, මිනිස්සුන්ගේ මුහුණු බලලා ඔවුන්ගේ කතා හිතන්න පටන් ගත්තා. කෙනෙක් නිහතමානීව යනවා නම්, ඔහුගේ හිතේතියෙන දේ මොනවද කියලා හිතනවා. කෙනෙක් හිනාවෙනවා නම්, ඒ හිනාවේ පිටුපස තියෙන කතාව මොනවද කියලා හිතනවා.
මේ විදිහට බලන්න පටන් ගත්තම, මට ඡායාරූපයක් ගන්නකොට ප්‍රධාන කොටසක් හොයන්න වෙන්නේ නෑ. ලෝකයම සබ්ජෙක්ට් එකක් වෙලා.
මම අලුත් දේවල් කියවන්න පටන් ගත්තා. මට හුරු නැති දේවල් ගැන උනන්දු වුණා. වෙනස් මිනිස්සුන් සමඟ කතා කළා. ඔවුන්ගේ අදහස් අහන්න පටන් ගත්තා.
මේ හැමදේම මගේ හිතට ආහාර වුණා. ඒවා එකතු වෙලා අලුත් අදහස් හැදුනා.
කුතුහලය කියන්නේ සරල දෙයක් වගේ පෙනුනත්, ඒක නිර්මාණාත්මක බවට තියෙන ලොකුම ආරම්භය.
ඔබ ලෝකය ගැන උනන්දු වෙන්න පටන් ගත්තොත්, ලෝකය ඔබට අලුත් දේවල් පෙන්වන්න පටන් ගන්නවා.
දේවල් බලලා පස්සේ යන්න එපා. ඒවා අහන්න. ඒවා ගැන හිතන්න. ඒවා වෙනස් විදිහට බලන්න. ඔයාගේ කුතුහලය තමයි ඔයාගේනිර්මාණාත්මක හැකියාවට දොර අරින යතු​ර.
සම්පූර්ණත්වයෙන් මිදී​ම
මගේ නිර්මාණාත්මක ගමනේ මට හමුවුන ලොකුම බාදා​ව. “සම්පූර්ණ වෙන්න ඕන” කියන සිතුවිල්ල.
මම චිත්‍ර අඳින්න පටන් ගත්ත කාලේ, මම හැම රේඛාවක්ම නිවැරදි වෙන්න ඕන කියලා හිතුවා. ඇස් දෙක සමාන වෙන්න ඕන, මුහුණේ හැඩය නිවැරදි වෙන්න ඕන, කිසිම වැරැද්දක් නොතිබිය යුතුයි කියලා.
ඒත් ඒ සිතුවිල්ල මට නිදහසක් දුන්නෙ නැහැ. ඒක මට බය දුන්නා. මම අඳින්න කලින්ම හිතනවා “මේක කැත​යි ​ද?” “මේක කරන්න බැරිවෙ​යි?” කියලා.
ඉතින් මම කඩදාසියක් අරගෙන කිසිම අරමුණක් නැතුව රේඛා අඳින්න පටන් ගත්තා. ඒවා කෙලින් නෙමෙයි. ඒවා පරිපූර්ණ නෑ හැබැයි ඒවා හරි නිදහස්.
අපි පාලනය කරන්න උත්සාහ කරනකොට සිතුවිලි හිරවෙනවා කියලා. නමුත් මනස නිදහස්ව කරනකොට, ඒවා ස්වභාවිකව ගලා යනවා.
මම ඡායාරූප ගන්නකොටත් එහෙමයි. කලින් මම perfect frame එකක් හොයනවා. light එක angle එක, හැමදේම නිවැරදි වෙන්නඕන. නමුත් දැන් මම ඒ මොහොත අල්‍ලාග​න්නවා.
ඇත්තටම මනසට දෙන නිදහස තමයි නිර්මාණාත්මක සිතුවිලි වලට ජීවය දෙන්නේ.
දරුවන් ක්‍රීඩා කරනකොට ඔවුන්ට බයක් නැහැ. ඔවුන් වැරදි වෙන්න බය නෑ. ඒ නිසා ඔවුන්ට අලුත් දේවල් හොයාගන්න පුළුවන්. ( මොකද මනස නිදහස් )
අපි වයසට යනකොට, අපි ඒ නිදහස අහිමි කරගන්නවා. අපි හැමදේම සංකීර්ණ කරගන්නවා. පොඩි වෙලාවක් හරි කමක් නෑ මනසට නිදහසෙ සෙල්ලම් කරන්න දෙන්න. ඉබෙම ඔයාට හිතෙන දේවල් වෙනස් වෙයි.
සිත නිහතමානී කරගන්න : නිර්මාණාත්මක සිතුවිලි සඳහා ඉඩක් සෑදීම
අපේ සිත ගැන මම හිතනකොට, මට ඒක එක පිරුණු කාමරයක් වගේ දැනෙනවා. ඒකේ පැරණි මතක, දුක් ක​තා, කාර්ය බර, බය සහනොසන්සුන් සිතුවිලි ගොඩක් තියෙනවා. මේ හැමදේම එකට එකතු වෙලා, අලුත් අදහස් එන්න ඉඩක් දෙන්නේ ​නෑ.
මට මේක තේරුණේ මම නිර්මාණයක් කරන්න හිතුවත්, මට හිතෙන්නෙ නැති දවස්වල. මම කඩදාසියක් ඉස්සරහ ඉඳගෙන, පැන්සල අල්ලගෙන මොකක්ද කරන්න පටන් ගන්න ගියේ කියලා අමතක වෙන වෙලාවල් තිබුණා. ඒ වෙලාවේ මට තේරුණා, ගැටලුව අතේ නෙමෙයි වගේම මතකයේ නෙමෙ​යි, හිතේ කියලා. මොකද හිතේ දාහක් දේවල් එහෙ මෙහෙ දුහද්දී නිර්මාණයක් කරන්න අමතක වෙනවා.
මම සිත නිහතමානී කරන්න උත්සාහ කළා. මම ලියන්න පටන් ගත්තා. මට හිතෙන හැමදේම, අරුතක් නැති වචන වුණත්, අසම්පූර්ණ වාක්‍ය වුණත්, මම ලිව්වා. ඒක ලස්සන වෙන්න ඕන නෑ. කෙනෙකුට පෙන්වන්න ඕන නෑ.
ඒ ලිවීම මගේ හිත හිස් කළා.
මම මගේ සිතෙන් අනවශ්‍ය දේවල් ඉවත් කරද්දී, මට අලුත් අදහස් එන්න පටන් ගත්තා. සමහර වෙලාවට මම ඉඳගෙන, වටේ තියෙනදේවල් බලනවා. හුස්ම ගන්නවා. හඬවල් අහනවා. ඒ මොහොතේ ඉන්නවා.
ඒක සරල දෙයක් වගේ. නමුත් ඒක හරි ම​රූ.
අපි බොහෝ වෙලාවට මේ මොහොතේ ඉන්නේ නෑ. අපි අතීතයේ හෝ අනගතයේ ජිවත්වෙන්නේ ඒ නිසා අපිට දේවල් පේන්නේ නෑ.
හිත නිහතමානීව ඉන්නකොට, අපිට කුඩා දේවල් දකින්න ලැබෙනවා. ඒ කුඩා දේවල් තමයි නිර්මාණාත්මක අදහස් වල බීජ​ය.
නිර්මාණාත්මක සිතුවිලි කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමේ එකට ඉඩ දෙන්න ඕනේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඒවාට ඉඩ දෙන්න ඕන.
සිත පිරිලා තියෙනකොට, අලුත් දෙයක් ඇතුළට එන්න ඉඩක් නැහැ. ඒ නිසා, ටිකක් නවතින්න. ටිකක් සන්සුන් වෙන්න වෙන්න. ඔයාට අලුත් අදහස් ඉබේම එයි.
සීමා පිළිගන්න : සීමා තුළ උපදින නිර්මාණාත්මක සිතුවිලි
ඔබ දන්නවද සීමා තියෙන වෙලාවට හිත වැඩියෙන් වැඩ කරනවා.
මට කවුරු හරි කිව්වොත් “මට ලොගෝ එකක් ඕනේ” කියලා, මම සමහරක් වෙලාවට නෙමේ ගොඩාක් වෙලවට අවුල් සහගත වෙනවා මොකද අපෙ හිත දුවනවා එක එක දේවල් එක්ක ඉතින් එතකොට එක කරන්න පොඩ්ඩක් අමරුයි. හැබැයි මට රාමුවක් එක්ක කිව්වොත් මේ වගේ බ්‍රැන්ඩ් එකකට ලොගො එක ඕනේ එක ලබන සතියේ ඕනේ අන්න එතකොට හිත අවදානය යොමු කරනවා වගේම ඒ සීමාව අතුලෙ නිර්මානත්මක දෙයක් හිතේ ගොඩ නගනවා.
සීමා කියන්නේ බාධාවක් නෙමෙයි. ඒක මාර්ගයක්.
මම ඡායාරූප ගන්නකොටත් එහෙමයි. සමහර වෙලාවට light එක හොඳ නැහැ place එක perfect නැ​හැ. ඒත් ඒ සීමා අතරින් මට වෙනස් විදිහට හිතන්න පුළු​වන් වෙලා තියෙනවා.
සීමා අපිට බල කරනවා නිර්මානාත්මක වෙන්න. අපිට තියෙන දේවල් ටිකෙන්, අලුත් විදිහට හිතන්න. ඒ නිසා, ඔයාට හැමදේම පරිපූර්ණ වෙන්න ඕන නෑ. ඔයාට තියෙන සීමා වලින් භය වෙන්න එපා. ඒවා තමයි ඔයාගේ නිර්මාණාත්මක හැකියාව ඉස්මතු කරන තැන.
දිනපතා පුරුද්දක් ගොඩනගන්න : නිර්මාණාත්මක හැකියාව වර්ධනය කරන ගමන
මට හිතුනා නිර්මාණාත්මක වෙන්න ආශ්වාදයක් එනකල් ඉන්න ඕන. හිතෙන දවසක විතරක් අඳින්න, ලියන්න හෝ ඡායාරූප ගන්න ඕනේ කිය​ලා. ඒත් එහෙම කරද්දී, තේරුණා ඒක හොඳ නැති බව.
මම හිතෙන දවස් බලාගෙන හිටියා. ඒ දවස් එනකොට නිර්මාණ කරනවා. නමුත් හිතෙන්නෙ නැති දවස් වල මම නවත්වනවා. ඒ නිසාමගේ ගමන නවතිලා වගේ දැනුණා.
ඉතින් මම වෙනස් කරලා බලන්න තීරණය කළා. මම දිනපතා කුඩා දෙයක් කරනවා කියලා.
ඒක ලොකු දෙයක් වෙන්න ඕන නෑ. සමහර දවස්වල, මම කඩදාසියක කුඩා රේඛා කිහිපයක් විතරක් අඳිනවා. සමහර දවස්වල, මම එක ඡායාරූපයක් විතරක් ගන්නවා. සමහර දවස්වල, මම වචන කිහිපයක් ලියනවා. එක්කෝ බස් එකේ යද්දි එද්දි හිතෙන් අමුතු දේවල් හිතනවා
නිර්මාණාත්මක හැකියාව කියන්නේ මාංශ පේශියක් වගේ. ඒක භාවිතා කරන තරමට, ඒක ශක්තිමත් වෙනවා.
ඒ නිසා, දෛනික චර්යාවක් හදාගන්න. කුඩා වෙලාවක් හරි, නිර්මානත්මක දේකට වෙන්කරන්න.
ඔබ තුළ ඇති නිර්මාණාත්මක බව පිළිගන්න : ඇතුළතින් ඉපදෙන හැකියාව හඳුනාගැනීම
අවසානයේ මට කියන්න තියෙන්නේ, මම මේ ගමන පුරාවට ඉගෙනගත්ත ලොකුම දේ තමයි නිර්මාණාත්මක බව කියන්නේ අපිට පිටතින් ලබාගන්න දෙයක් නෙමෙයි, ඒක අපි තුළම තියෙන දෙයක් කියලා. බොහෝ වෙලාවට අපි අපිවම සංසන්දනය කරනවා. “අරකෙනා වගේ මට බැහැ”, “මට එහෙම හිතෙන්නේ නෑ”, “මම නිර්මානත්මක නෑ” කියලා අපි අපිටම කියනවා. ඒ හැම සිතුවිල්ලක්ම අපිම හදාගත්ත බාධාවන්. මම මුලින්ම පැන්සලක් අරගෙන අඳින්න පටන් ගත්ත දවස මතක් කරනකොට මම ඒ වෙලාවේ නිර්මානත්මක කෙනෙක් නෙමෙයි. නමුත් මම නවත්වන්නෙ නැතුව මට හිතෙන විදිහට නිර්මාන කරන්න ඉඩ දුන්නා. ඒ ඉඩ දීම තමයි මට මේ හැකියාව හඳුනාගන්න උදව් වුණේ.
ඔයාටත් ඒකම කරන්න පුළුවන්. ඔයාට අලුත් දෙයක් හදන්න ඕන නෑ, ලොකු දෙයක් කරන්න ඕන නෑ. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාට හිතෙන දේවල් පිළිගන්න එක. සමහර වෙලාවට ඒවා හරි සරලයි කිසි තේරුමක් නෑ වගේ දැනෙයි නමුත් ඒවා තමයි ඔයාගේ ඇතුළතින් එන සිතුවිලි. ඒක නොසලකා හරින්න එපා.
ඔයා තුළ නිර්මාණාත්මක බව තියෙනවා කියලා පිළිගන්න. ඒක සුපිරි වෙන්න ඕන නෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒක වර්ධනය වෙනවා.
ඔයාට හිතෙන දේවලට ඉඩ දෙන්න. නිර්මාන කරන්න. ගවේශනය කරන්න. එතකොට ඔයාට පේන ලෝකය වෙනස් වෙයි… හොඳම දේ, ඔයාට ඔයාවම අලුත් විදිහට හමුවෙයි.
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.
මන් පාන්දර ජාමේ office වැඩක් කර කර ඉද්දී හිතුනා ලීයන්න කියලා මොනා හරී, ඉතින් කාලෙකින් ඔලුවෙ අතුලේ කැරකුන වචන පේ ලී දිගට දිගට ලිව්වෙත් නැති නිසා හිතුවා ලියන මගේ දිගම article එක. “ඉතින් මේක මේ ලියන්න පටන්ගද්දී වෙලාව පාන්දර එකයි.”
දැන් එමු මාතෘකාවට — මෙය මා ජිවිතයේ එක් කරගත් අත්දැකීම් මගින් ලියන ලිපියකි.
මුල්ම කාලේ “මහන්සිවෙලා වැඩ කරොත් හරි” කියලා හිතපු කාලයක් තිබ්බා මම හිතනවා හැමෝ​ම සමහරක් විට එහෙම හිතන්න ඇ​ති. ඉතින්, 2009 කියන්නේ මගේ ජීවිතයේ අලුත් පටන්ගැන්මක්. ඒ කාලේ මට කිසිම විශේෂ experience එකක් තිබ්බේ නෑ, මම ලෝකය ගැන විශේෂයෙන් රැකියා ජිවිතය ගැන ගොඩක් සරලව හිතපු කෙනෙක්. “ මහන්සි වෙලා වැඩ කරාම, හොදට හිටියම” හොඳට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හෙන ගැබුරෙන් හිතාගෙන හිටියේ.
මුල් දවස් වල මට හම්බවුණ responsibilities. Quality check කරන එක, documents handle කරන එක, customers එක්ක basic level එකේ කතා කරන එක වගේ දේවල්. ඒවා ලොකු දේවල් වගේ පේන්නේ නැහැ. නමුත් මට ඒවා ලොකු දේවල් වුනා. මට දෙයක් දුන්නාම ඒක හොඳට කරන්න ඕනේ කියලා හිතුණා. කවුරුත් “මෙයාට වැඩ කරන්න බෑ” කියලා කියන්න බැරිවෙන්න ෆුල් ට්‍රයි එක දුන්නා.
ටික කාලයක් ගියාම, මට පේන්න පටන් ගත්තේ වෙනස් දෙයක්. මම වගේම තවත් ගොඩක් අය මහන්සිවෙලා වැඩ කරනවා. ඔවුනුත් අවංකව. ඔවුනුත් කැපවීමෙන් තමන්ට තියන දෙන වැඩ ටික හොදට කරනවා. “එහෙම නම් හැමෝම same place එකට යන්නේ නැත්තේ ඇයි?”
කවුද ඉස්සරහට යන්නේ? කවුද visible වෙන්නේ? කාටද influence තියෙන්නේ? ඒවා බලද්දී තේරුනේ මහන්සිවෙලා වැඩ කරන එක විතරක් මදි කියලා.
එතනින් පස්සේ තේරුන දෙයනම්, වැඩ කරන විදිහට වඩා හිතන විදිහ වැදගත්. සමහර වෙලාවට මම දවස පුරාම busy. ඒත් කිසි output එකක් නැහැ. ඉතින් කොච්චර busy ද කියන එක නෙමේ ඔයා කරන දේ කොච්චර meaningful ද කියන එක මාරම වැදගත් කියලා තෙරුම් ගත්තා. හැබයි අදටත් මම ඒක ඉගන ගන්නවා.
අද කියන්න පුළුවන් මුල් කාලේ ඒ හිතපු “මහන්සිවෙලා වැඩ කරොත් හරි” කියන idea එක වැරදි නෙමෙයි; නමුත් ඒ ක incomplete. මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. ඒක තමා foundation එක. නමුත් ඒකට උඩින් තව දේවල් තියෙනවා. දැනුවත්භාවය, චින්තනය, සන්නිවේදනය, ඉවසීම, හැසිරීම.
👉 කරන වැඩට value එකක් add කරන්න.
👉 Busy වෙන්න එපා, useful වෙන්න.
අද වෙද්දි මම සුපිරී කියලා කියන්නේ නෑ මම තවත් ඉගන ගන්නවා පුරුදු වෙනවා සුපිරි වෙන්න.
Career Path එක සරල මාර්ගයක් නෙමෙයි
ඒ කාලේ හෙන මෝඩයි, ඉතින් ඒ කාලේ මට career එක කියන්නේ සරල මාර්ගයක් වගේ තමා පෙනුනේ. මම හිතුවේ එක step එකෙන් තවත් step එකට යන හරි සරලයි කියලා. අද job එක හොඳට කරාම, හෙට promotion එකක් ලැබෙයි. එතනින් තව ඉස්සරහට යන්න පුළුවන්. ඒක straight line එකක් වගේ. ලස්සන, clean, predictable path එකක් වගේ තමා හිතාගෙන හිටියේ. හැබැයි..
කාලයත් එක්ක තේරුනා මේ පා​ර එච්චර simple නෑ කියලා.
මගේ ගමනේදී තිබ්බේ කෙලින් පාරක් නෙමේ එක හෙන අමුතු ඇද වුනු හෙල් කදු පිරුන එකක්. සමහර වෙලාවට ඉස්සරහට යනවා. සමහර වෙලාවට එකම තැන නතර වෙනවා. සමහර වෙලාවට වෙනම පැත්තකට යන්න වෙනවා.
මතකයි, සමහර කාල තියෙනවා මම full effort එකක් දාලා බොක්කෙන්ම වැඩ කරලා result එකක් expect කරපු. නමුත් අන්තිමේදි recognition නොලැබුනු. මට හමු විය යුතු දේවල් වෙන කෙනෙක්ට ගියා වගේ පෙනුනා. ඒ වෙලාවට හිතට එන්නේ “මේක හු## සමාජය ක්” කියලා.
ඔය වගේ අවස්තා කීපයක්ම මගේ Corporate World ගමන් මගේ තිබුණා. කාලයක් ගියාම, experience එකත් එක්ක ගොඩනැගුනම තේරුම ගත්තා.
👉 මේක ඉස්කෝලයක් නෙමෙයි
👉 මේක exam එකක් වගේ marks දෙන system එකක් නෙමෙයි
Corporate World එකේ ප්‍රතිඵල සුටුස් ගලා එන්නේ නෑ. සමහර වෙලාවට හෙනම පරක්කු යි. සමහර වෙලාවට පෙන්නෙත් නැහැ. හැබැයි අනාගතේ කොහේ හරි දවසක වෙන තැනකින් හරි හම්බවෙනවා. ඉතින් ඉවසීම කියන්නේ හෙනම වටින දෙයක්.
ඔයා plan කරන විදිහට හැමදේම වෙන්නේ නෑ. සමහර වෙලාවට හාත්පසින්ම නොහිතපු එකක් තමා ලැබෙන්නේ. මගේ journey එකේම තිබුණා තනතුරු වෙනස් වෙච්ච අවස්ථා. අංශයන් වෙනස් වෙච්ච අවස්ථා. මුලදී අපහසුයි. අලුත් පරිසරයක්. අලුත් මිනිස්සු. අලුත් බලාපොරොත්තු. හිතුන පළවෙනිම දේ ඔය හැම අවස්තාවකදිම “ගේමක් ගහන්න පුළුවන් වෙයිද?”
👉 වර්ධනය හැම වෙලේම තියෙන්නෙ සුවපහසු කලාපය එළියේ.
ඔයා සුව පහසුවේන් ඉන්න තැන safe. නමුත් වර්ධනය හරි හෙමින්. අලුත් තැන අමාරුයි. ඒත් වර්ධනය වේගවත්.
career එකේ slow phases
👉 slow phase කියන්නේ stop phase එකක් නෙමෙයි ඒක preparation phase එකක්
“මිනිස්සු” - ඉස්සරහට තල්ලු කරන්නෙත් කකුලෙන් අදින්නෙත්
මගේ journey එකේ මට අමාරුම මෙන්ම තේරුම් ගන්න තාමත් බැරි උන කොටසක් තියනවා ඒ තමා “මිනිස්සු”. අපි හිතනවා හැමෝම එක වගේ කියලා, හැමෝටම හොඳ හිතක් තියනවා කියලා, හැමෝම තමන්ගේ වැඩ කරගෙන, අනිත් අයටත් උදව් කරගෙන, එකට ඉස්සරහට යන්න හිතනවා ඇති කියලා.
“ට්‍රැක්..”
මුල් කාලේ මට හම්බවුණු සමහර අය. මට උදව් කළා. දේවල් කියලා දුන්නා. guide කළා. Confuse උන්ගා බුන්ගා වෙච්ච වෙලාවල මට උදව් කළා. ඒ වගේම, මට හම්බුනා වෙනම ජීවින් කොටසක්. 👇
මුලින්ම බැලුවම පට්ට ෆ්‍රෙන්ඩ්ලී. හිනාවෙනවා. කතා කරනවා. උදව් කරනවා. නමුත් ටික කාලයක් ගියාම, ක්‍රියාවන් වෙනස්. කෙලින්ම සෘණාත්මක වෙන්නේ නැහැ. හැබැයි හරි සූක්ශම විදිහට, හෙමින් හෙමින් අනෙකාගේ ප්‍රගතිය අඩාල වෙන දේවල් කරනවා.
උන් කෙලින් ගහන්නේ නෑ උන් ප්ලේ කරන්නෙ ගරිල්ලා ගේම් එකක්. කිසි තේරුමක් නැති පිරිසක් වගේම උන් දන්නේත් නෑ ඇයි එහෙම තව එකෙක්ට කරන්නේ කියලා. ඉතින් මම මේක fully master කරලා නෑ. අදටත් මම සමහර වෙලාවට කරේ තියන් වැරදි මිනිස්සුන්​ව විශ්වාස කරනවා.
👉 හැමෝටම එකම විශ්වාසය දෙන්න එපා
👉 හැමෝටම එකම හැන්දෙන් බෙදන්න එපා
👉 කා එක්ක ඉන්නවද කියන එක, ඔයාගේ වර්ධනයට බලපානවා
මිනිස්සු තමා ඔයාගේ biggest opportunity එකත්, biggest risk එකත්
Reputation Is Your Biggest Asset - ඔයාගේ නම තමා වටිනාම දේ
මුල් කාලේදී මට හිතුනේ knowledge, skills, hard work මේවා තමයි වැදගත් කියලා. ඒවා වැදගත්. ඒවා නැතුව ඉස්සරහට යන්න බැහැ. ඒත් ඒවාට වඩා silent, powerful and long-lasting දෙයක් තියෙනවා. ඒක තමයි “කීර්ති නාම​ය”.
කොහොම වැඩ කරත් සමාජයට මතක හිටින්නේ
කතා කරන විදිහ | හැසිරෙන විදිහ | ප්‍රතිචාර දක්වන විදිහ | පොරොන්දු සම්පූර්ණ කරන විදිහ | ඒ වගේම ආකල්ප සමාජය ගොඩක් මතකයේ තියාගන්නවා
ඉතින් කරන දේවල්, හැසිරෙන විදිහ, තීරණ හා ආකල්ප මේවා එකතු වෙලා තමයි ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ.
මිනිස්සු එක එක විදිහට දකිනවා. ස්ථාවර ද? විශ්වසනීය ද? විශ්වාසවන්තයි ද?. ඉතින් ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නේ ඔයාගේ හැසිරීමෙන වගේම ආකල්ප වලින්.
ඉතින් තනතුරු වෙනස් වෙනවා, රැකියා ස්ථාන වෙනස් වෙනවා, කරණ ක්‍රියාකාරකම් වෙනස් වෙනවා හැබැයි ඔබේ නමයි රැස් කරගත් කීර්තියය ඔයා එක්ක හැම තැනටම යනවා,
නම තමයි බ්‍රැන්ඩ් එක
හැමදේම පාලනය කරන්න බැහැ
මේ ගමනේදී හිතාගන්නවත් බැරි විදිහට මාව වෙනස් කරපු සිදුවීම් ගොඩාක් තියෙනවා. මුල් කාලේදී හිතුවේ “මම හොඳට වැඩ කරනවා නම්, හොඳ result එකක් ලැබෙයි” කියලා. ඒක හරි ලස්සන මොටිවේශනල් සිතුවිල්ලක්. නමුත් ඒක සම්පූර්ණ සත්‍යය නෙමෙයි.
සමහර අවස්තාවල. full effort එකක් දාලා, අවංක විදිහට බොක්කෙන්ම වැඩ කරපු. එතකොට හිතුවා “සුපිරියට recognize වෙයි” කියලා. ඒත් අන්තිමේ කිසි සද්දයක් බද්දයක් නෑ කිසි අගය කිරීමක් නෑ. කවුරුත් දැකලත් නෑ. එහෙම උනාම ඔලුව මොන්ගල් වෙලා එක එක ඒවා හිතන්න ගන්නවා “ඇයි” කියලා.
පස්සේ හෙමින් තේරුම් ගත්තා
👉 මේ ලෝකය මට ඕන විදිහට යන්නේ නෑ
👉 හැමදේම මට පාලනය කරන්න බැහැ
හැබැයි මට
උත්සහය, හැසිරීම, ප්‍රතිචාර දැක්වීම, අවදානය යොමු කිරීම කියන දේවල් පාලනය කරන්න පුළුවන්.
👉 පාලනයේ නැති දේවල් ගැන ඕනවට වඩා හිතන්න එපා
👉 පාලනයේ තියන දේවල් වර්ධනය කරගන්න
You Must Keep Evolving - නතර වුණොත් නවතින්නේ ඔයාගේ ගමන
මගේ කතාවේ සමහරක් පාඩම් තියනවා ජිවිතේට හිතාගන්න බැරි විදිහට බලපෑම් කරපු. ඉතින් මුලදි තේරුම් ගන්නවා වැඩේ අල්ලගන්න ඕනේ, පද්දති හරියට තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ එතන කට්ටිය එක්ක සෙට් උනානම් හැමදාටම නිදහසේ ගෙදර වගේ ඉන්න පුලුවන් කියලා. හැබැයි කාලයක් ගියාම තේරුනා මේ සුවපහසු තැන එක දිගට ඉන්න එක අවුල් කියන එක ඒක හරි භයානකයි.
මොකද Comfort zone එක ඇතුළේ ඉන්නකොට, දැනෙන්නේ හැමදේම ශේප් එකේ යනවා. වැරදි අඩුයි. ලොකූ පීඩනයක් නැහෑ . ඔනේ මොනාද කියලා දන්නවා. ඉතින් ඒක හොදයිනේ…
නැහෑ ඒකෙන් වෙන්නේ ඔයා කියන පුද්ගලයාගෙව් වර්ධනය අඩාල වෙන එක.
ඉතින් තෝරාගන්න වෙනවා
👉 stay safe ද
👉 move forward ද
Move forward කියන්නේ හැම වෙලේම සුවපහසුව නෙමෙයි. අලුත් වගකීම් අලුත් තනතුරක් අලුත් පරිසරයක් අලුත් ඔනෑ එපාකම්.
මුලදී ඒක හෙන අවුල් අපරාදේ කියලා හිතෙනවා ඒත් ටික දවසකින් ඒ අපහසුතා එක්ක යද්දී අපේ වර්ධනයක් වෙනවා කියලා අපිටම දැනෙනවා.
ඒකෙන් මේකෙන. වෙන්නේ
අලුත් කුසලතා ඉගන ගන්නවා, හිතන විදිහ වර්ධනය වෙනවා, මිනිසුන් හසුරවන විදි වෙනස් වෙනවා, අලුත් වැරදි වලින් අලුත් දේවල් ඉගන ගන්නවා.
👉 evolving කියන්නේ තවත් එක ගමනාන්තයක් නෙමේ
ඉතින්
👉 නතර වුණොත් නවතින්නේ ඔයාගේ වර්ධනය එක
👉 එහෙට මෙහෙට ගමන් කලොත් විවෘත වෙන්නේ ඔයාගේ අනාගතය.
ඉතින් මේ Corporate World එකේ උන සිදුවීම් පාඩම් නිසා මම හිතනවා මම මාව ගොඩනගාගෙන තියෙනවා කියලා
මම තවත් ඉගෙනගන්නවා.
මම තවත් වැරදි කරනවා.
මම අදත් දියුණු වෙන්න උත්සහා කරනවා.
මේ ගමන ඉවර වෙලා නෑ.
මෙහෙම දෙයක් කියන්නම්. ඔයාට අදහසක් තියෙනවා නම්, නැත්නම් කවදාහරි තමන්ගේ දෙයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒක පටන් ගන්න. හොඳම වෙලාවක් එනකම් ඉන්න එපා. මොකද ඒ හොදම වෙලාව කියන එක බොහෝ වෙලාවට කිසිදා එන්නේ නැහැ.
හොදම දේ කියන්නේ. අදටත් මම හිතනවා, සැලසුම් කරනවා ඊට පස්සේ හෙට ඉදන් පටන් ගන්නවා කියලා පස්සට දානවා. ඉතින් මට හිතෙනවා මේ Corporate World එක අපිව හුඟාක් තදින් අල්ලාගෙන ඉන්නවා වගේ. මැලියම් එකකින් බැඳලා තියෙනවා වගේ. හැමදාම එකම දේ, අපි බයයි මේකෙන් එලියට යන්න.
ඔහේ නිදිමතේ හැමදාම වගේ පේලි චේද ගැලපෙන්නේ නැතිව ලියලා ඇති එහෙම තැන් පෙන්වා දෙන්ඩෝ..
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.
මේකට එහේ ජීවත් වෙන මනු සත්තු උස්සන් ඒවි රෙදි උබ දන්න රෙද්ද කියා කෙසේ වුවත් ලියමි මෙසේ.
එහෙත් මෙහෙත් මුන් කියන්නේ අලි ඇත්තු තඩි සත්තු ගම්වලට බාධා කරනවා ගෙවල් දොරවල් කුඩු පට්ටම් කරනවා, වගාවන් විනාශ කරනවා කියලා. නමුත් කියන උන් අඩන උන් මොහොතක් නතරවෙලා අවංකව සිතා බැලිය යුතුයි, අලි නෙමේ ආවේ ජිවත් වෙන්න මනු සතාගේ ගෙදරට ඉඩමට ඇත්තටම මනු සතා තමයි ආක්‍රමණය කලේ අලි ඇතුන්ගේ පෙදෙස්.
හෙන අතීතයේ සිට අලි ඇතින් වනසත්තූ නිදහසේ වනාන්තරවල නිදහසේ ජීවත් විය. එම වනාන්තර ඔවුන්ගේ නිවාස, ආහාර ප්‍රභවය මෙන්ම ආරක්ෂිත ස්ථාන විය. නමුදු අපි හෙමින් සීරුව හරි අපූරුවට වනාන්තර කපා, නිවාස මාර්ග හා ගොවිපොළවල් ඉදි කළහ. ඉතින් මගේ උගත් මිතුර අපි ඔවුන්ගේ ඉඩම් අත්පත්කර ගත්තෙමු. අපි ඔවුන්ව එළවා දැමුවෙමු.
අද අලි ගම්වලටපැමිණෙන්නේ. ආක්‍රමණය කරන්න නොව – ඔවුන්ගේ ආහාර සහ පැවැත්ම සෙවීමටය.
ඊයේ පෙරේදා ඉතා කණගාටුදායක හා කුරිරු සිදුවීමක් සිදු විය. අහිංසක අලියෙකු පනපිටින් ගිණිතියා මරා දමන ලදී. මෙය අහම්බයක් නොවේ. මෙය ආත්මාරක්ෂාව නොවේ. මෙය කෲරත්වයයි මෙය සරලම සක්කිලි කමකි. සතෙකු නොමේ මොකෙකුවත් මැරීමට ගින්න භාවිතා කිරීම වඩාත් වේදනාකාරී හා හෘදයාංගම ක්‍රියාවකි. ඒ අලියා මිය යෑමට පෙර විදි දුක උන්ටත් හිමි වේවී උන් විදින්නේ දුක් ඒ නිසාවෙනි. මම දන්නේ නෑ මෙම ක්‍රියාව මුළු ජාතියම කම්පනයට පත් කරාද නොකරාද නමුත් මට එය දරාගත නොහැකි විය.
සරලව ඒ සිදුවීම මනුෂ්‍යත්වයට කොතරම් දුරට වැටිය හැකිද යන්න පෙන්නුම් කළේය.
ඔව්, අලි ඇතුන් වගාවන්ට හානි පමුණුවනවා ඇති. ඔව්, මිනිසුන්ට බියක් දැනිය හැකිය. නමුත් ප්‍රචණ්ඩත්වය පිළිතුර නොවේ. අලි ඇතුන් වෛරයෙන් පහර දෙන්නේ නැත. ඔවුන් හානියක් සැලසුම් නොකරයි. ඔවුන් ප්‍රතික්‍රියා කරන්නේ ඔවුන්ගේ නිවාස අහිමි වී ඇති නිසා සහ ඔවුන්ගේ මාර්ග අවහිර වී ඇති බැවිනි. අපි ගින්නෙන්, ආයුධවලින් සහ කෝපයෙන් ප්‍රතිචාර දක්වන විට, අපට ඉතා වැදගත් දෙයක් අහිමි වේ ඒ අපගේ මනුෂ්‍යත්වයයි.
අලි ඇතුන් ශ්‍රී ලංකාවේ උරුමයේ කොටසකි ඔවුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත ඉතින් අපවිසින් මානුශීය. සාමකාමී විසඳුම් සොයා ගත යුතුය.
අද අපි අහිංසක සතුන්ගේ ජීවිත විනාශ කළහොත්, හෙට අපට අපේම අනාගතය විනාශ විය හැකිය.
මොකක්ද මේ Google Pay ?
පහුගිය සති කීපය පුරාවටම මම වගේම ඔබත් දකින්න ඇති ලංකාවේ බැන්කූ කතා කරන්න පටන් අරන් තියන්වා Google Pay ගැන ඉතින් මේ නිසා ගොඩක් අය confused වෙලා. සමහරු හිතන්නේ Google Pay අලුත් ඇප් එකක් කියලා. සමහරු හිතන්නේ ඔනෑම දුරකථනයක් ඒකට support කරනවා කියලා. සමහරු iPhone ඇතුලෙත් ඒක හොයනවා. ඉතින් මේ පොඩි ලිපිය සරලව ඒ ගැන කතාකරාවි.
Google Pay කියන්නේ මොකක්ද?
“Google Pay කියන්නේ කාඩ්පතක් නෙවෙයි බැංකුවක් නෙවෙයි. එය ඩිජිටල් ගෙවීම් ක්‍රමයක්.”
Google Pay
👉 ඔබගේ බැංකු කාඩ්පත ඔබගේ Android දුරකථනයට එක් කරන්න
👉 කඩවල ඇති ගෙවීමේ යන්ත්‍රවල (POS) ඔබගේ දුරකථනය ලං කිරීමෙන් ගෙවන්න
👉 ඔබගේ කාඩ්පත රැගෙන නොගොස් ගෙවන්න
සරලව කිවහොත්, ඔබගේ දුරකථනය ඔබගේ මුදල් පසුම්බිය බවට පත්වේ.
Google Pay ගැන හැමෝම හඬ නඟනවා ඉතින් ඇත්තටම ශ්‍රී ලංකාවේ Google Pay මුලින්ම දියත් කළේ කවුද?
බොහෝ බැංකු දැන් අන්තර්ගතයන් පළ කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ Google Pay හි පළමු නිල දියත් කිරීම වීසා සමඟ එක්ව Commercial Bank of Ceylon විසින් සිදු කරන ලදී.
ඊට පසු, අනෙකුත් බැංකු ද ආරම්භ කළේ
පරීක්ෂා කිරීම්, සකස් කිරීම් හා අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම් සමගය එනිසා සමාජය හැගෙන්න විය සියල්ලෝම එකට මෙය දියත් කල බවට නමුත් ඒක ට කියනවා “phased rollout” එකක් කියා.
ඔබගේ කාඩ්පත Google Pay වෙත එක් කරන්නේ කෙසේද (සරල පියවර)
1. මුලින්ම ඔබට NFC ඇති Android දුරකථනයක් අවශ්‍යයි
2. Play Store වෙතින් Google Wallet ස්ථාපනය කරන්න
3. Google Wallet විවෘත කරන්න
4. කාඩ්පත එක් කරන්න select කරන්න
5. ඔබගේ කාඩ්පත් විස්තර ඇතුළත් කරන්න
6. ඔබගේ බැංකුවෙන් OTP සමඟ සත්‍යාපනය කරන්න
දැන් ඔබට ගෙවීමට ඔබගේ දුරකථනය මගින් කළ හැකිය.
මා මිතුර Google Pay Android දුරකථනවල පමණයි ක්‍රියා කරන්නේ ඉතින් කරුණාකර…
👉 Apple දුරකථනවල Google Pay නොමැත
👉 iPhones වල Google Pay නොව Apple Pay භාවිතා කරයි
ඔබගේ iPhone තුළ Google Pay සොයන්න එපා සහ කලබල වෙන්න, එය දුරකථනයේ ගැටළුවක් නොවේ. එය different system එකක්. පැහැදිලි ඇතැයි සිතමි.
සමහර විට කාඩ්පත් එකතු කළ නොහැක කියා කියන නිසා මේ ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා ඉතින්;
👉 එය ලංකාවේ බැන්කු වල ගැටලුවක් පමණක් නොවේ එය ලොව පුරා සිදු වේ, ඒ වගේම සමහර බැංකු කාඩ්පත් කාණ්ඩ වශයෙන් සක්‍රීය කරයි.
So don’t panic, Just wait or check with your bank.
🚨 මෙම ලිපිය යමක් ඉගැන්වීමට පමණි 🚨
මෙය දැන්වීමක් නොවේ. මෙය කිසිදු බැංකුවක් ගැන නොවේ.
මම මෙය ලිව්වේ සෑම තැනකම ව්‍යාකූලත්වයක් දුටු නිසා ය.
ඉතින් ඕනෑම කෙනෙකුට Google Pay යනු කුමක්ද සහ එය කුමක්ද යන්න තේරුම් ගත හැකි වන අයුරින් මාගේ දැනුමෙන් සරලව මෙසේ ලියා පලකරමි.
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.
බොහෝ දුරට දැන් brand managers, marketers, business ownersලා creative post, article, campaign ideas ඒක හැදුන හැටි share කරනවා. ඒක brand visibility එකට වගේම ඒ පලකරන පුද්ගලයාට වටිනාකමක් එකතු වෙනවා. නමුත්;
ඇත්තටම ඒ ideas ඒ සමාජ ජාල අඩවි වල බෙදා ගත් කෙනාගෙමද ?
බොහෝ වෙලාවට ඒ හැම idea එකක්ම එයාලගේ නෙමේ, බොහෝ වෙලාවට strategist කෙනෙක් එහෙම නැත්නම් agency එකකින් ආපු අදහසක්. ඉතින් ඇත්තටම ඒ හැම අදහසක් සිතුවිල්ලක් පිටුපස ඉන්නේ creative designers, copywriters, strategists. ඔයාලා දකින්නේ final product එකක් පමනයි, ඒත් ඒ කියන idea එක පටන් ගත්ත තැනවත් developed කරපු විදිහවත් creative එක උන විදිහවත් කතාවෙන්නේ නෑ.
ඉහත කියපු බොහෝ අවස්තාවල අවාසනාවකට post එකක් article එකක් දාන පුද්ගලයා ඒක සමාජ ගත කරන්නේ ඔහු හෝ ඇයගේ සිතුවිලි අදහස් වලින් එලියට ආව campaign එකක් වගේ.
Strong Brand manager කෙනෙක් වෙන්නේ campaign share කරන එකෙන්ම නෙමේ ඒ campaign එක තමන්ගේ personal stories වල පලකරද්දි creative artist ට strategist හා ඒකේ මුලයන්ට හරි recognition එක ලබා දිය යුතුයි.
මේ මට දැනෙන හැටි ; මොකද මමත් මේ ක්ෂේත්‍රයේ අවුරුදු 15කට වැඩි කාලයක් Brand එක්ක වැඩ කරලා තියෙනවා creative ideas, strategies දීලා තියනවා වගේම startups consult කරලා තියනවා.
වෙලාවක් තිබ්බොත් මම මීට පෙර ලියපු අගදි හමු නොවන අගය කියවලා බලන්න 👉 https://sanikthuransha.medium.com/%E0%B6%85%E0%B6%9C%E0%B6%AF%E0%B7%92-%E0%B7%84%E0%B6%B8%E0%B7%94-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%99%E0%B6%B1-%E0%B6%85%E0%B6%9C%E0%B6%BA-fe8684cb11
හරි කෙනාට ගෞරවය දෙන්න. Real creator ව appreciate කරන්න.
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.
ඩිජිටල් ලෝකයේ බොහෝ දෙනා හිතන්නේ influencers ලාට විතරයි brand එකක් හදන්න හෝ කඩන්න බලය තියෙන්නේ කියලා. ඉතින් Brand promotions ගැන හිතනකොට, අපිට මැවිලා පේන්නේ Instagram හෝ TikTok එකේ ලක්ෂ ගණන් followers ලා ඉන්න අය products පෙන්නලා likes හා comments ලබන හැටි. ඔව්, influencers ලට ඔවුන්ගේ භූමිකාවක් තියෙනවා
නමුත් ඒක මුළු කතාවම නෙමෙයි.
අපි බොහෝ වෙලාවට අමතක කරන බලයක් තියෙනවා, ඒක එන්නේ influencersලාගෙන් හෝ ලොකු ලොකු නම් ඇති අයගෙන් නෙමෙයි. ඒක එන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඔබ වගේ, මම වගේ අයගෙන්. ලක්ෂ ගණන් followersලා නැති, නමුත් තමන්ගේම බලවත් හඬක් තියෙන අයගෙන්. මේ අය කතා කරනකොට හොඳ හෝ නරක අපි හිතනවට වඩා ලොකු impact එකක් කරනවා.
Followersලා ගැන විතරක් නෙමෙයි
Brands අද ගොඩක් focus කරන්නේ likes, views, shares, followers ගැන. නමුත් numbers වලින් හැමවිටම ඇත්ත මුළුමනින්ම පේන්නේ නැහැ. Likes 10,000ක් තියෙන post එකක් සුපිරි, නමුත් brand එකට වෙනසක් කරන්නේ නැති වෙන්නත් පුළුවන්. එහෙත් එක හැඟීම් එක්ක post එකක් share කළොත්, ඒක මිනිස්සුන්ව අද්ද ගන්නවා.
උදාහරණයක් ගමු. කවුරුහරි කුඩා cafe එකකට ගිහින් ලස්සන අත්දැකීමක් ලැබුවා යැයි හිතමු. කෑම රසයි, staff එක friendly, තැන cozy. ඒ තැන ගැන එයා Facebook එකේ post එකක් දානවා. Likes 40ක් විතර එනවා. ඒත් එයාගේ යාළුවෝ 10 දෙනෙක් ඒ post එක නිසා ඒ cafe එකට යනවා. ඒක තමයි real impact එක.
ඒ වගේම ඒ cafe එකේ වැඩ කරන සේවකයෙක් ඔවුන්ට එම cafe එකේ අයිතිකරු සලකන විදිහ ගැන සමාජ ජාල වල දානවා. හිතන්න ඒක හොද උනොත් හොදයි හැබැයි ඒක නරක උනොත්. ට සිරි වෙනවා නේද ?
Customerලා විතරක් නෙමෙයි, Employees ලත් වැදගත්
මේ බලය තියෙන්නේ customers ලට විතරක් නෙමෙයි. Employees ඉන්න අයත්, ගිය අයත් වගේම යන්න ඉන්න අයත්; brand එක සමාජය ඉස්සරහට පෙන්නන ආකාරයට ලොකු වෙනසක් කරනවා. සේවකයෙක් තමන්ගේ experience එක ගැන කතා කරනකොට, ඒක “insider” information වගේ නිසා මිනිස්සු වඩාත් විශ්වාස කරනවා.
Employee කෙනෙක් company එක තමන්ට හොඳින් treat කරන බව, supportive environment එකක් තියෙන බව, හෝ company එකේ ඉන්න ආඩම්බර බව ගැන story එකක් share කළොත්, ඒක ඒ company එක ගැන කිසිම advertising එකක් නැතිව මාරම positive impact එකක් කරනවා.
නමුත් අනිත් පැත්තත් තියෙනවා. Employee කෙනෙක් poor treatment, bad leadership, හෝ unfair practices ගැන negative experience එකක් share කළොත්, ඒක company එකට ඉක්මනින් හානි කරනවා වගේම මිනිස්සු company එකේ values හා ethics ගැන ප්‍රශ්න කරන්න පටන්ගන්නවා.
ඒ නිසා company තමන්ගේ සේවකයන් ගැන සිතිය යුතුයි. මොකද ඔවුන්ගේ වචන paid marketing වලට වඩා බලයක් ගෙනියනවා.
මන් හිතනවා companies හොදින් Richard Branson කියා ඇති දේවල් වලට අවදානයක් යොමු කලයුතුයි.
සාමාන්‍ය හඬේ බලය
අපි බොහෝ වෙලාවට අමතක කරනවා හැමෝටම හඬක් තියෙනවා කියලා. Followers 100ක් විතර ඉන්න ඔබේ අදහස් යෝජනාත් එකතු වෙනවා.
මොකද ඔබේ followersලා ඔබව දන්න හදුනන විශ්වාස කරන අය. ඔවුන් fancy influencer post එකකට වඩා ඔබේ recommendation එක විශ්වාස කරනවා.
ඉතින් simple comment එකක් හෝ personal story එකක් product එකක් හෝ brand එක trust කරන්න තීරණයකට බලපානවා. තවත් අය join වුණොත්, ripple effect එකක් හදනවා. එකක් දහයක් වෙනවා. දහයක් සියයක් වෙනවා. Brand growth එක හදාගන්නේ trust හා word of mouth (Advocacy) එකෙන්.
Social Media — තියුනු ආයුධයක්
Brand එක grow කරන බලයම ඒක break කරන්නත් පුළුවන්. Social media එකේ share වෙන bad experience එකක් මිනිත්තු ගානකින් viral යන්න පුළුවන්. මිනිස්සු real stories වලට; විශේෂයෙන් injustice, unfairness, හෝ failure ගැන කතා අහන්න බලන්න හොයන්න ආසයි. ( ඔබත් එවැනි දේ දැක්කොත් හොදින්න් බලනව නේද ? )
ඒ නිසා brands කවදාවත් සාමන්‍ය කෙනෙක්ගේ හඬ ගනන් නොගෙන සිටිය යුතු නැහැ. Customer කෙනෙක් හෝ ex employee කෙනෙක් ගේ complaint එක “just another post” එකක් නෙමෙයි. ඒක respond කරන්න, improve කරන්න, brand image එක protect කරන්න chance එකක්. තව එකක් Comments delete කරනවා හෝ feedback hide කරනවා වෙනුවට, smart විදිහට බලලා හොදින් ඇහුන්කන් දීලා respond කරලා action එකක් ගන්න ඕනේ.
ඇයි Real Stories; Ads වලට වඩා වැදගත් වෙන්නේ
ඇත්තම කිව්වොත් බොහෝ දෙනෙක් ads විශ්වාස කරන්නේ නෑ, අපි හැමෝම scroll කරන්වා නැත්නම් skip කරනවා. නමුත් අපි හැමෝම මාරම විදිහට attention එකක් දෙන්නේ stories වලට real, human stories, අපි දන්න හෝ connected බව දැනෙන වෙන අයගෙන්.
කවුරුහරි brand එකක් තමන්ට උදව් කරපූ හැටි ගැන story එකක් share කළොත්, ඒක අපිට දැනෙනවා වගේම අපි අවදානය දෙනව. ඒක ඇත්ත බව හොදට හැගෙනවා. මිනිස්සු විශ්වාස කරන නිසා share කරනවාට අමතරව එලියෙදි ඒ ගැන කතා කරනවා.
ඒ නිසා brands එක සුපිරී කියලා focus කරවනවාට වඩා honest හා relatable බවට focus කරන්න ඕනේ. Real stories වලට කතා කරන්න දෙන්න. Customers හා employeesලට ඔවුන්ගේ ඇත්ත share කරන්න දෙන්න. ඒක තමයි magic එක.
Brands සඳහා පොඩි Tips
පොඩ්ඩයි තමා නමුත් powerful tips කිහිපයක් ( මන් මේ ලියන්නේ අවුර්රුදු 15ක අත්දැකීම් එකතුවෙන් )
හැමෝටම ඇහුන්කන් දෙන්න — Influencers විතරක් නෙමෙයි. හැම comment, post, message එකක්ම වටිනවා.
Real මිනිස්සු එක්ක engage වෙන්න — Thank you කියනවා විතරක් නෙමෙයි. ප්‍රශ්නයක් අහන්න අගය කිරීමක් පෙන්නන්න
Employees හා customers අගය කරන්න — ඔවුන්ට දැක්කා මෙන්ම අපිට ඇහුනා කියන එක දැනෙන්න දෙන්න.
Sharing encourage කරන්න — Happy customers ලට stories share කරන්න කියන්න. ඔවුන්ට තෑගි හෝ අගය කිරීමක් ලබා දෙන්න.
විවේචන හරි පරිස්සමින් handle කරන්න — Delete හෝ ignore කරන්න එපා. කරුණාවන්ත වෙන්න ඒ වගේම solution එකක් එක්ක respond කරන්න.
සැබෑ මනුස්සයෙක් වෙන්න — මිනිස්සු විශ්වාස කරන්නේ මිනිස්සුන්ව මුලින්ම ඔබේ සේවකයන් ගේ විශේශ ක්‍රියා වගේම growth එක පෙන්නන්න.
අවසාන වශයෙන් අවන්ක සාමන්‍ය post අනාගතය වෙනස් කරයි.
අවංක සහ හෘදයාංගම post එකක් රුපියල් මිලියනයකට වඩා වටිනා දැන්වීමකට දායක වේ. Customer විශේෂ බව හැඟීමක් ඇති කිරීම හෝ සේවකයෙකුට සවන් දෙන බව හා ඔවුන්ව අගය කරන්වා දැන්වීම මාරම බලවත් ඒ ගැන හොදින් හිතන්න.
Brands fame හෝ popularity පස්සේ යන්න ඕනේ නැහැ. දවසින් දවස විශ්වාසය් ගොඩනගන්න ඕනේ.
ඔබ මේක කියවනවා නම්, “මම එක එක්කෙනෙක් විතරයි, මම මොනවා කරන්නද?” කියලා හිතනවා නම්, මතක තියාගන්න
ඔබට ලොකූ වෙනසක් කරන්න followersලා 10,000 followers ඕනේ නැහැ powerful දෙයක් share කරන්න. ඔබට ඕනේ ඔබේ හඬ එක, ඔබේ story එක අමුතුම විදිහට උඩට ගනීවී.
social media එකේ real power එක ඔබේ අතේ. ස්තූතියි ආදරෙයි ජය වේවා …
කියවීමට ස්තූතියි ඉතින් ඉදිරි ලිපි අතපසු නොකිරීමට subscribe👈 කරන්න.