Stories by she404 on Medium
ගලපා ඇත්තේ මගේ අත්දැකීම් පමණි. කිසිදු ජාතියකට අපහාස කිරීම අරමුණු නොවේ.
නම් ගම් මනඃකල්පිතයි.
කාර්යාලයේ බොහෝ අයවළුන්ට දවස තවමත් තරුණ වුවද එළිවන පාන්දර ඇරඹු දවස නිම කිරීමට අපි තීරණය කළෙමු. පැරැණ්නන් තවමත් වැඩය. අලුත් කණ්ඩායමේ අපි තිදෙනා පමණක් කාර්යාලයෙන් සපයාගත් වාහනයක නැගී හෝටලය බලා පිටත්වීමු. සැන්දෑ වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් වූ පළල් තාරපාර පිරෙන්නට මෝටර් රථ හා මෝටර් බයිසිකල්ය. කාපට් දැමූ අලුත නිසාදෝ පාරේ මාර්ග ඉරි නොමැත. මොනම ආකාරයෙන්වත් පාරේ ඇති මංතීරු ගණන සිතාගත නොහේ. වාහන සියල්ල තෙරපී නොතෙරපී එක ගොඩේ ගමන් කරයි. මෝටර් බයිසිකල් කරුවන්ගෙන් එකකු දෙදෙනකු හැර අන් සියල්ලෝ ආරක්ෂක හිස් ආවරණ පැළඳ නොසිටියහ. අතරින් පතර වැඩිහිටි මිනිසුන් තුන්දෙනා එකට ගමන් කරනා මෝටර් බයිසිකල්ද ඇත. පාර දෙපස තැනින් තැන දිග පොලු අතැති පොලිස් නිලධාරීන්ද සිටිනු දුටිමි. පොලු මොකටදැයි මට ලොකු පැණයකි. පසුව කාගෙන් හෝ එය අසා දැනගත යුතුයැයි මම තීරණය කලෙමි. කෙසේ හෝ කිලෝමීටර් තුනක හතරක ගමන පැය බාගයකින් පමණ නිමාකළ අපි හෝටලයට ළඟා වීමු.
හෝටලයක් ලෙස හැඳින්නුවද එය කුඩා පරිමාණයේ නවාතැන්පළකි(inn). නමුදු මේ සඳහා කාර්යාලයෙන් අප වෙනුවෙන් දිනකට ගෙවන මුදලට වෙනත් තැනක නම් තරු තුනේ හතරේ හෝටලයක වුව නවාතැන් ගත හැක. පසුව අපට අවබෝධ වුයේ එම මුදලට සරිලන ලෙස ඔවුන් අපට ලබාදෙන ලොකුම සේවාව වන්නේ පිරිසිදුකම බවයි. අපට පසුව පැමිණි කණ්ඩායමට වෙනත් ස්ථාන වල නවාතැන් ගැනීමේදී සිදුවූ අපහසුතා සැලකු කළ අප නවාතැන් ගෙන තිබුණේ සුරපුරයකය. ‘තාක්ෂණික නගරයක්’ ලෙස ඔවුන් හැඳින්වූ එම පෙදෙසේ මෙවැනි කුඩා නමුත් මිල අධික නවාතැන්පළවල් බොහෝ ඇති බැව් පසුව අපට දැනගන්නට ලැබුණි. ඒ විදේශිකයින් මෙන්ම වෙනත් ප්‍රාන්තවල ඉන්දියානුවන්ද විවිධ ව්‍යාපෘති සඳහා නිතර මේ ප්‍රදේශයට එන යන බැවිනි.
අප තිදෙනාට කාමර වෙන්ව තිබුණේ තෙවන මහලේය. කාමරය කුඩා වුවද අවශ්‍ය දේ නොඅඩුව තිබුණි. වායුසමනය කළ කාමරයේ සුවපහසු ඇඳක්, සෝෆාවක්, රුපවාහිනී යන්ත්‍රයක්, ඇතුළේ එක චොකලට්ටුවක් හෝ නොමැති ‘මිනි බාර්’ එකක් හා තේ කෝපි සකසා ගන්නට අවැසි දෑ ද විය. කුඩා ජනේලය යාබද පාරට මුහුණලා තිබීමද සතුට දනවන්නකි. නාන කාමරයද ඉතා පිරිසිදුය. අධික මහන්සිය නිසා මෙන්ම හවස ආහාරයට ගත් කඩචෝරු නිසා අපට රාත්‍රී ආහාරයක් අවැසි නොවුණි. අනික රාත්‍රී ආහාරය හෝටලයෙන් සපයන්නේ අප ඇනවුම් කළොත් පමණි. එකිනෙකාට සුබ රාත්‍රියක් පතා වෙන්වූ අපි කාමර වලට වැද යකා ගැසුවා සේ නින්දට ගියෙමු.
අපේ මහල
මගේ කාමරය
පසුදා උදෑසන එලාම් හත අටක් වැදුණු පසු මහත් වැර යොදා අවදි වූ මම කෙසේ හෝ අට පමණ වෙද්දී ඇඳ පැළඳ අනික් පස් දෙනාට එකතු වුයේ උදෑසන ආහාර සඳහා පහළ මහලට යාමටයි. ඊයේ මැදියම් රැයේ සියල්ලන්ම එකතු වී කුමක් හෝ සාදයක් පවත්වා ඇති අයුරු ඔවුන්ගේ කතා බහින් මට හැඟුණි. හොඳම මිතුරන් වූ ඔවුන් කුළුපගව බොහෝ දේ කතා බස් කරද්දී මම ඔවුන් පිටුපසින් ඔහේ ඇදුනෙමි. කුමක් හෝ පවසා මාද ඔවුන්ට හවුල් කර ගැනීමට දසුන් බොහෝ විට උත්සාහ කළද වචනෙන් දෙකෙන් බේරී මම පැත්තකට උනෙමි. ඔය මහ එවුන්ගේ කතා පොඩි එවුන්ට තේරෙන්නේ නැත.
මේස හය හතකින් යුතු කුඩා භෝජනාගාරය ඉන්දියානුවන්ගේ කච කචයෙන් හා මහා හඬින් විකාශය වූ රුපවාහිනී යන්ත්‍රයේ ශබ්දයෙන් වැසී ගොස්‌ තිබුණි. ඉතා මිත්‍රශීලි උස මහත සේවකයෙකු සිනාමුසුව අපව පිළිගෙන අසුන් පැනවුවේය. ඔහු ආකාශ්ය. පැරැණ්නෝ ඔහුට අප තිදෙනා හඳුන්වා දුන්හ. බුෆේ ක්‍රමයට පිළිගැන්වූ ආහාර අතර කැබලි කළ පැණි කොමඩු පළඟනාවක්, කර කරන ලද පාන් පෙති, බිත්තර ඔම්ලට්, ජෑම්, බටර් මෙන්ම ඉන්දියානු ආහාරද නොඅඩුව තිබුණි. ඉන්දියානුවෝ ඉඩ්ලි, පරාටා, සාම්බාරු, වඩේ, දුන් තෙල් බත්, පරිප්පු, හොදි වර්ග ආදිය ආහාරයට ගනිද්දී විදේශික අපි පමණක් පළතුරු, පාන්, බටර්, බිත්තර ආහාරයට ගතිමු. මන්ද එතරම් තෙල් සහිත බර ආහාර උදෑසන ආහාරයට ගැනීම අපට නුපුරුදුය. අපේ මේසයේ පාන් කූඩය හා බටර් භාජනය හිස් වන වේගයට නැවත සැපයීමට ආකාශ්ට ඉතා අපහසු වුණි. නමුත් අඩුවක් නැතුව කා, ජීවිතයේ බිවූ රසම කිරි කෝපි කෝප්පයද බී අපි උදෑසන ආහාරය අවසන් කළෙමු.
නැවත කාමරයට ගාටන අතර මගේ හිස එකම අවුල් ජාලයකි. දැන් ඉතින් මා අලුත් පරිඡේදයක් පටන් ගත යුතුව ඇත. මේ මුහුණ දී ඇත්තේ “PUBG ගසා යුද්ධෙට යනවා” වැනි වැඩකටය. මෙතෙක් කල් මා වැඩ කලේ දහ දෙනෙකුගෙන් යුතු සමවයස් කණ්ඩායමක් සමඟය. එහිදීද නැගෙනා ප්‍රශ්න බොහෝවිට විසඳා ගත්තේ මගේ සඟයා සහන් සමඟ එකතුවයි. කණ්ඩායමක් ලෙස අප දෙදෙනා ඉතා සාර්ථක යුගලයකි. හදිසියකට ඔහුවත් නොමැතිව අතරමං වූ සෙයක් මට දැනේ. ඕනෑම වෙලාවක උදව්වුවට ඉන්නා බවට ඔහු පොරොන්දු වුවද යුද්ධෙට යන්නට වන්නේ මට තනිවමය. මගේ නම මේ ව්‍යාපෘතියට යෝජනා කළ එවුන්ගේ අම්මා මුත්තා පවා මට දැන් සිහි වේ. එකම සැනසුම දසුන් සැරපරුෂ අයෙකු නොවීමයි. ඔහු ඉතා හොඳ කණ්ඩායම් නායකයෙකු බව මා අසා තිබුණි. බර වූ හිසින් යුතුව කාමරයෙන් එළියට ආ මම අනෙක් දෙදෙනා එනතෙක් සෝපානය අසල බලා සිටියෙමි. දසුන් හා මලිත් ජේත්තුවට හැඳ පැළඳ හඳුන්කූරු දෙකක් සේ සුවඳ විහිදුවමින් කොරිඩෝව දිගේ ඇවිද ආවෝය.
“හින්දි කෙල්ලෝ අල්ලගන්න දාන මායම්. ඊයේ ඩියුටි ෆ්‍රී එකෙන් ගත්ත පර්ෆියුම් ඉවර ඇති මේ ටිකට”
මම හිත යටින් ඇද කළෙමි.
මේ වනවිට පැරණි තිදෙනා අපට කලින් පිටවී ගොස් හමාරය. දිනපතා උදෑසන දහයට ලංකාවේ පාලන අධිකාරියෙන් එන ඇමතුමට ඔවුන් සුදානම් විය යුතුය. කුලී රථයක් සොයා ගැනීමේ අරමුණින් අපි තිදෙනා හෝටලයෙන් එළියට ආවෙමු. හෝටලයෙන් මීටර කිහිපයක් ඉදිරියෙන් කුලී ත්‍රීරෝද රථ පෝළිමකි. සමේ පැහැයන් එකම වුවද අප විදේශිකයන්යැයි ඔවුන් හඳුනාගත්තේ කෙසේදැයි මම නොදනිමි, තමන්ගේ රථයට අපව නංවා ගැනීමට එතැන එකම බලු පොරයකි. අවසානයේ එකම රථයකටවත් ගොඩ නොවී තුෂ්නිම්භූතව සිටි අප දැක එතැනට පැමණි ආකාශ් සියල්ලන් බැන එළවා පොරය සමථයකට පත් කර පාරේ යන කුලී රියකට අපව නැංවුවේය. ඊයේ තරම් වාහන තදබද නොතිබූ නිසා විනාඩි කිහිපයකින් අපි කාර්යාලයට ළඟා වුනෙමු.
දැවැන්ත වීදුරු දොරවල් වලින් ඇතුළු වූ අපි ගාම්භීර ලොබියට සැපත් වීමු . එහි සිටි පිළිගැනීමේ නිලධාරිනියන් දෙපළ අපේ පරිගණක කාර්යාල පද්ධතියට ඇතුළු කරද්දී අප දෙස බලා, විශේෂයෙන් දසුන් දෙස බලා කෝළ සිනා පෑවෝය. “එයාලා ලංකාවෙන්” තිරයේ දිස්වන අපේ විස්තර බලා ඔවුන්ගේ බසින් මුමුණනු අපට වැටහිණි. කුඩාකළ සිට බැලූ අසීමිත හින්දි චිත්‍රපට වල ආනුභාවයෙන් මට මෙන්ම දසුන්ටද හින්දි බාෂාව බොහෝදුරට වැටහේ. යුවතියන්ගේ පෙනුම ලංකාවේ පිළිගැනීමේ නිලධාරිනියන්ට වඩා වෙනස්ය. කෙටියෙන් කිවහොත් අපේ කොල්ලන් දෙදෙනා බලාපොරොත්තු වූ “හින්දි නිළි” පෙනුම තබා ලංකාවේ ඔපීසියේ සාමාන්‍ය කෙල්ලන්ගේ සුකුරුත්තන් අටෝපවත් ඔවුන් කෙරෙන් දිස් නොවුණි. ඔවුන්ගේ දෑස් නම් මනා පෙනුමැති දසුන් මෙන්ම “ජිම්කානා” මලිත් දෙස කිහිපවරක් යොමු වනු මම දුටිමි.
අප වෙනුවෙන් වෙන්කළ කියුබිකල් සොයා කඩිනම්ව පියනැඟූ අපි සියලු දෙවි දේවතාවුන් සිහිපත් කර පළමු දිනය ඇරඹීමු. පළමු දවසේ රාජකාරිය පැරණි කණ්ඩායමෙන් අවශ්‍ය දැනුම හා උපදෙස් ලබාගැනීමයි. කියාදුන් මෙලෝ මළදානයක් මට වැටහුනේ නැත. කාටත් පොදු ප්‍රශ්න වලට අමතරව නවක නිසා පැනනැගුණු තාක්ෂණික ගැටළුද ඒ අතර විය.
“අපිත් ඔහොම තමයි පටන් ගත්තේ, දවසක් දෙකක් යද්දී ඔක්කොම හරියනවා”
පැරැණ්නෙක් මගේ හිත හදයි.
“හරි හරි බයවෙන්න එපා අපි ඉන්නවනේ. ඕක ගොඩදාගන්න පුළුවන්”
ඒ දසුන්ය.
“මට බෑ මේක තනියම කරන්න. අනේ සහන්වත් හිටියනම්”
පිටතින් නිර්භයව සිටියද ඇතුලතින් මම කුඩා දැරියක සේ හඬා වැටුනෙමි.
කියුබිකල් ජිවිතේ
ඊළඟ එක: ගෑණු ළමයි
ඔහු මා ළඟින් හිත තියලා ගිය දිනෙක
ඈතින් ඇවිත් නුඹ රැඳුනා හිත කොනෙක
සීතල මතක රූරා යන ඇසිල්ලෙක
දෑසම පියා ගිනි තැබුවෙමි පෙර මතක
2020 02 16
ගලපා ඇත්තේ මගේ අත්දැකීම් පමණි. කිසිදු ජාතියකට අපහාස කිරීම අරමුණු නොවේ.
නම් ගම් මනඃකල්පිතයි.
ඒ වනවිට සවස තුනද පසුව තිබුණි. දිල්ලි ගුවන් තොටුපොළේ අතරමැද නැවතුමේදී උදෑසන දහයට පමණ ආහාරයට ගත් කෙටි කෑම කීපය හැරෙන්නට අපට වතුරවත් නොමැත. නමුත් නැවත හෝටලයට යාමට ප්‍රථම අප ගෙනා ලැප්ටොප් යන්ත්‍ර වල අවශ්‍ය මෘදුකාංග සකසාගත යුතුය. මන්ද යත් පසුදින සිට ඇත්තේ වැඩ පමණි. ඉතින් ලැප්ටොප් යන්ත්‍ර අදාළ අංශයට බාර දී මෙහිදීම ආහාර ගැනීමට අපි තීරණය කළෙමු. අදාළ තැන් පෙන්වන්නට අපේ පරණ නඩය පෙරමුණ ගත්තේය.
අපට දිනක වියදමට ලැබුණේ එක් අයෙකුට ඩොලර් 25ක් බැගින් වූ දීමනාවකි. ඒ ඉඳුම් හිටුම්, උදෑසන ආහාර සහ ප්‍රවාහන පහසුකම් වලට අමතරවය. ප්‍රථම සති හයේ දීමනාව බැර කළ ජාත්‍යන්තර බැංකු ගිණුමක කාඩ් පතක් අපට ලබා දී තිබුණු අතර මහා ලටපට ගොඩක් අවසානයේ ස්වයංක්‍රිය මුදල් යන්ත්‍රයෙන් අතට මුදලක් ලබා ගැනීමට අපි සමත් වීමු. දැන් දුරකථන සිම් පත් ලබා ගත යුතුය. එය ලබාගැනීමටද කාර්යාලය තුලම ස්ථානයක් වෙන්ව තිබුණි. එකල ලංකාවෙන් මිලට ගත් එයාටෙල් සිම් පතකට ලංකාවේ සිට ඉන්දියාවට එන ඇමතුම් නොමිලේය. නමුත් එවන් සිම් පතක් රැගෙන විත් තිබුණේ මා පමණි. ඉතින් අනිත් දෙදෙනා සිම් පත් ලබා ගැනීමට ගිය විට ඉන්දීය බැංකු ගිණුමක විස්තර අවශ්‍ය බැව් ඔවුන්ට දන්වන ලදි. මේ මාස තුනට මොන ගිණුම්දැයි කියා ඔවුහු වැඩේ අත්හළහ. දැන් තිදෙනාටම ඇත්තේ මගේ ලදරං දුරකථනය පමණි. නොකිව්වාට මට හරි සතුටුය. මන්ද යත් ජ්‍යෙෂ්ටයන් දෙදෙනාට අන්තිමේදී මා වැදගත් වී ඇත.
සුපුරුදු දැවැන්ත කොරිඩෝ පසු කරගෙන අපි ආපනශාලාවට පැමිණියෙමු. “අම්මේ ලස්සන!” මම උඩට ගත් හුස්ම ඉහලට අල්ලාගෙන තත්පර කිහිපයක් සිටියෙමි. සියයකට අධික ලුමිනස් කොළ සහ තැඹිලි පැහැති ප්ලාස්ටික් පුටු තැබූ මේස බර ගණනකි. මහ සද්දෙන් හින්දි සිංදු සහ IPL තරඟ නැවත විකාශය වන රුපවාහිනී යන්ත්‍රම හතරකි. එළියට මුහුණ ලා ඇති බිත්තිය වීදුරු නිසා විදුලි බුබුළු නොදල්වා වුවද ශාලාව අලෝකමත්ය. වටේට කෑම කඩ 5ක් හා වෙන්ඩින් මැෂින් දෙකක් තිබුණි. ලංකාවේද කෑම කඩ 5ක ආපනශාලාවක් අපට තිබුණද එහි රුපවාහිනී නැත. ඒ පුටු මේවාට වඩා සුවපහසු හා මිල අධික වුවද ඒවා කළු පාටය. පුටු ගණන අඩුය. අනික ශාලාවේ ඇතුළතද අඳුරුය. එලෙස වූයේ ගෘහඅලංකරණ අංගයක් ලෙස වුවද මට එය ඇල්ලුවේ නැත. ඒ නිසා මට මෙහේ තොරොම්බල් එක වඩා හොඳය. අපේ කෑමට වඩා මෙහේ කෑමද හොඳ ඇති බව මම දැන්මම තීරණය කළෙමි. එය සපථ කර ගැන්මට අවස්ථාවක් නොවූයේ අවේලාව නිසා කඩ සියල්ල වසා තිබූ හෙයිනි. දැන් ඉතින් කාලා හමාරය.
“අවුලක් නෑ මචං මෙහේ හවසට කඩචෝරු කඩ අරිනවා. එතනින් කමු”
“කොහෙද? මෙතන ෆුඩ් කෝට් එකේ ?”
“නෑ එළියේ, පාරෙන් එහා පැත්තේ. එද්දී ඔෆිස් එක ඉස්සරහ පොඩි අට්ටාල වගයක් දැක්කද? හවසට ඔතනට කට්ටිය එනවා ස්ට්‍රීට් ෆුඩ් අරන්”
“උඹ විහිළු කරනවනේ? යකෝ මේ හෙන පොෂ් ඔෆිස් එකක් ඉස්සරහ පෙට්ටි කඩ ?”
“සිරා යකෝ. හවසට හැමෝම යනවා ඕකෙන් කන්න. මේකෙ එවුන්ට ක‍න්නමයි ඕවා ගේන්නේ”
“ඇයි මෙහේ හවස ස්නැක් එක දෙන්නෙ නෑ?”
“මොන ස්නැක් ද බන් මෙහේ? තේ එකත් නෑ. මැෂින් එකෙන් හදාගන්න එකක් විතරයි. ඒකටත් වෙලා නෑ අපිට මේ දවස් වල”
පළමු වරට මගේ හිත බිඳුනි. ලංකාවේදී අපට සවස තුනට තේ, කෝපි හා සවස හයට පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ සැන්විචස්, කට්ලට්ස්, පැටීස්, රෝල්ස් ආදී නොයෙකුත් කෑම ලබා දේ. අපේ සමහරු වැඩ නැති වුවද ඕක කා යන්නට හය තෙක් රැඳේ. “කමක් නෑ මෙහේ ස්ට්‍රීට් ෆුඩ් ඊට හොඳ ඇති” මම හිත හදා ගතිමි. අවසානයේ තීරණය වුනේ වෙන්ඩින් මැෂින් එකෙන් මොනවා හෝ කා දමා කෝපි එකක් හදාගෙන බී සවස පහමාර හය වන තුරු ඉවසා සිටින්නටය.
දිලිසෙන කොරිඩෝ
පසු දිනෙක ගත් ආපනශාලාවේ චායාරුවක් (බැලුන් සැරසිලි ඔවුන්ගේ උත්සවයක් සඳහායි)
දිගු පැය දෙකක් අවසන හවස පහමාරට පමණ අපි හය දෙනාම අර කී කෑම කඩ සොයා එළියට බැස්සෙමු. ඒ වනවිටත් ඔපීසියේ බොහෝ ඉන්දියානුවෝ කඩ වෙත ඇදෙමින් සිටියෝය. පාරෙන් එහා දර්ශනය නම් ප්‍රියජනක නැත. හරියටම ඔපීසිය ඉදිරියේ පාරෙන් එහා පැත්තේ වීදි පොළක සිරි මැවී තිබුණි. අටවා තිබූ ලී අටු, ඉටි කොළ වහලවල් සහිත මඩු කඩ බවට පත්වී තිබුණි. බුලත් හපමින් නළලේ ලොකු තිලක තැබූ ගැහැණුද විවිධාකාරයේ පිරිමිද කඩිමුඩියේ සමෝසා, වඩේ ආදී නොයෙකුත් කෑම හදති බදිති. ඒ ටිකට සමහර තැන් මඩ වී තිබුණි. මැස්සන් වුවද අඩු පාඩුවක් නොමැත. දැනටම කඩ වට කරගත් ඔපීසියේ ඇත්තෝ එකිනෙකා පරයමින් කෑම මිලදී ගෙන එතැන සිටම අනුභව කරති. අපේ නායක තැන දසුන් හෙන බ්‍රෑන්ඩඩ්ය. ඒකාට මේවා අල්ලනවාට මට විස්වාස නැත. කා බැලීමට ආසා වුවද මට මතක් වූයේ අම්මාගේ වදන්ය. “ඔය ඉන්දියාවේ පාරවල් වල කෑම කාලා බඩේ අමාරු හදාගන්න එපා පුතා. එහේ සමහර තැන් වල වතුර පිරිසිදු නෑ” සැබෑවටම කියුවොත් මට දැනුනේද අප්පිරියාවකි. ලංකාවේ වඩේ කරත්තද මීට වඩා පිරිසිදු පාටය. ගෙදරදී ඒවායින් කෑමටවත් මට අවසර නැත. මා වීරයා සේ හොරා කා ඇති ලොකුම ස්ට්‍රීට් ෆුඩ් එක ගෝල්ෆේස් එකේ ඉස්සො වඩේය. මෙතැන එක්ක බැලූ විට එතැන දාහෙන් සම්පතය. දැන් ඉතින් කරන්නට දෙයක් නැත. මට යකෙක් කන්නට බඩගිනිය.
“අපෝ බන් මේවා කන්නේ කොහොමද? මෙහේ ඒවාට තාම බඩ පුරුදුත් නෑ. ආපු දවසෙම බඩේ අමාරු හැදුනොත්. බලපන් මැස්සොත් වහනවා” සිතූ ලෙසම දසුන් අකැමැත්ත පෙන්වා අහවරය.
“කරන්න දෙයක් නෑ දැන්. බඩගිනියි යකෝ” ඒ අනිත් සගයා මලිත් ය. කෑම්පින් ගොසින් අඟුරු වලින් පුච්චා ඕනෑ එකක් කන ඔහුට මේවා ඔට්ටුය.
“අවුලක්ම නෑ මචන් නුපුරුදු ඒවා වැඩිය නොකා හිටපන්, අපිත් ඉඳලා හිටලා කනවා තාම අවුලක් නෑ” ඒ පරණ නඩේය.
අන්තිමේ අපිද එකිනෙකා පරයමින් පොරබදන පෝළිමට එක් වී සමෝසා, වඩේ, පානීපූරී වැනි දන්නා කියන කෑම කිහිපයක් පමණක් මිලදී ගෙන පිරිසෙන් පැත්තකට වීමු. කෑම වර්ග සියල්ලම පාහේ ඉන්දියානු රුපියල් පහ හෝ ඊට අඩුය. නැති ලොකු කම් පෙන්වා අමුතු එකෙන් සිටීමට මට අවැසි නොවූ නිසා මම අවට ගැන අමතක කර සමෝසාවක් කටට ගතිමි. ඒ මා කෑ රසම සමෝසා එකය. කට පිච්චෙන උණු උණු සමෝසා එක මැද්දේ කටට සැර ලූණු බැදුමකි. පොත්ත ක්‍රිස්පි මැද මෘදු උළුඳු වඩේද බඩගින්නට අමෘතය පරාදය. පළමු වරට මා අල බොණ්ඩා හා බිත්තර බොණ්ඩා කෑවේ එදාය. මැද අල ගුලිය නම් මට ඇල්ලුවේ නැත. සම්පූර්ණ බිත්තරය වටකර සෑදු බිත්තර බොණ්ඩා නම් අති ප්‍රණීතය. කෑම අහවර කොට කෑම ඔතා දුන් පත්තර කොළ කැබැල්ලෙන්ම අත කට පිසදා ගෙන නැවත ඇතුලට ගිය අපි සියල්ල කැපී යන්නට කියා කෝපි මැෂිමෙන් කළු කෝපි එකක් බී කෑම වේල සම්පුර්ණ කළෙමු. ඉන්දියාවේදී කෑ පළමු ඉන්දියානු ආහාර වේල පෙට්ටි කඩයකින් එසේ නිමා විය.
ඊළඟ එක: පළමු දවස
ගලපා ඇත්තේ මගේ අත්දැකීම් පමණි. කිසිදු ජාතියකට අපහාස කිරීම අරමුණු නොවේ.
නම් ගම් මනඃකල්පිතයි.
සෝපානයෙන් බැස, අපට පෙර එහි ගිය අපේ කණ්ඩායම සොයා යද්දී තවමත් සිතුනේ ඉන්දියාවේ සියළු දෑ හෙන ගාම්භීරයැයි කියාය. කොරිඩෝ මහ විශාලය. ඒවා වසාගෙන කිරි පැහැති දිලිසෙන ලොකු ටයිල්ය. එක් පසෙක බිත්තිය සම්පුර්ණයෙන්ම වැසී ඇත්තේ වීදුරු වලිනි. පසුකර යන වීදුරු රැස්වීම් කාමර වල දැවයෙන් ඔප කළ පොළොව අඩ අඳුරු විදුලි එළියෙන් දිලිසේ. මග දෙපස බොන ජලය ගැනීමට සවි කළ යන්ත්‍ර කිහිපයකි. නැවුම් එළකිරි යොදා කෝපි වර්ග තුන හතරක්ම සාදා ගත හැකි කෝපි මැෂිම රිදී පැහැයෙන් ඈතින් දිලිසේ. ලංකාවේදී මුළු මහලටම තිබුණේ එක් ජල යන්ත්‍රයක් සහ නිකන් දෙන නිසා තිත්තටෙම එපා වුනු ක්ෂණික කිරි තේ සහ මයිලෝ යන්ත්‍රයකි. ඒ තේකේ රස මතක් වෙද්දීත් අප්පිරියය. ඉතින් ඉන්දියාවේ ඔපීසිය ගැන පැහැදුනු සිත් ඇතිව අපි අපේ කණ්ඩායමට වෙන් කළ කොටසට ගොඩ වැදුනෙමු.
ඒ මහලේ ලොකු ලොක්කන්ගේ කාමර ඉදිරිපස මුල්ම කියුබිකල් එක අපට වෙන්ව තිබුනේය. ලැප්ටොප් යන්ත්‍ර තුනක ගිලුණු නොපීරූ හිස් තුනක් අප දැක එසවී කටේ සිට කන් දක්වා විහිදුනු සිනා පෑවෝය.
“මචාචාචාන්න්”
ඒ සුපුරුදු ශ්‍රී ලාංකීය අචාරයයි. වටේ තව හිස් කිහිපයක් අප දෙසට හැරෙනු දුටිමි. කට්ටියට ඒවා ගානක් නැත. සද්ද පූජාව ඇරඹුණි.
“අඩෝ අඩෝ කොහොමද?මොකෝ වෙන්නේ?”
“ අඩෝ උඹලා එහෙනං ආවා අපිව ගලවගන්න නේ…හොයාගන්න අමාරු උනේ නෑනේ?”
“නෑ මචං අවුලක් උනේ නෑ ෆෝන් වැඩ නැති උනාට උඹ චැට් එකේ දැම්මනේ”
“යකෝ උඹලා ආවේ නියම වෙලාවට, තව දවස් දෙකක් පරක්කු උනා නම් අපේ මිනී ගෙනියන්න වෙන්නෙ ලංකාවට. කියපුවා ගෙනාවද? අද රෑට සමරන්න එපැයි ”
“ඒවා හරි ඒවා හරි”
“කෙල්ලෙකුත් එවුවා එහෙනං මේ පාර නේ. (උපහාසාත්මක ලෙස) මරු ඈ… මැනේජරයට පිස්සුද බං?”
එක දිගට කථා වැලකි. ඒ කණ්ඩායමේ සිටියේ ඔපීසියේ සුපිරි බුලට්ය. හැබැයි නහුතෙටම පිස්සන්ය. මා කෙල්ලක වීම නිසාත් ඊටත් වඩා නවක වීම නිසාත් මා ගැන ඔවුන්ට විස්වාසයක් නැති බැව් මම දැන සිටියෙමි. එය මටද ගාණක්වත් නොවුයේ මාද මා ගැන එතරම් විස්වාසයක් නොකළ නිසාය. වැඩ බැරි දාස පට්ටම ගසා නොගෙන ලංකාවට ගියොත් මට ඒ ඇතිය.
“දැන් අපිට තියෙන්නේ මේ කුණු ගොඩ උඹලගේ ඇඟේ ගහලා මාරු වෙන්න ”
“එච්චරම අවුල්ද බං? ”
“ඔව් යකෝ ස්ක්‍රිප්ට් ඔක්කොම ෆේල් වෙනවා. මුං සැරින් සැරේ සිස්ටම් අප්ග්‍රේඩ් කරන කරන පාරට අද පාස් වෙච්චි ඒවා හෙට ෆේල් . පාන්දර දෙකට කලින් හෝටලේට ගිහිපු කාලයක් මතක නෑ”
ඉදිරිය සුන්දර බව මට වැටහුණි.
“යකෝ යකෝ ඔහොම කියන්න එපා ආපු ගමන්. මේ පොඩි එවුන් බය වෙනවා”
අපේ නායකතුමා හෙවත් දසුන් වහා මැදට පැන්නේය.
“ආ තව එකක්, මෙහෙදි සුද්ද සිංහලෙන් අපි කථා කරන්නේ ඈ.මේ දඹයන්ට සමහර සිංහල වචන තේරෙනවා ඒ නිසා ඔය බයින කරන ඒවා සුද්දම එකෙන් කථා කරපල්ලා…. ආ… උඹලට ඒකත් බෑනේ”
එකෙක් මා දෙස හිස හරවා බලමින් පැවසීය. මම මෝඩ සිනා පෑවෙමි. ඔවුන් ‘පිරිසිදු’ සිංහල බාසාව කොතරම් ප්‍රයෝජනයට ගත්තේද යත් කියුබිකල් බිත්ති පුරා සමහර කුරුටු ගී ලියා තිබුණේද උපරිම ශුද්ධ සිංහලෙනි. එකෙක් මා කියවීමට පෙර වහ වහා සමහර ඒවා මකා දමයි. දුක, වේදනාව, මඩ මෙන්ම ‘කුණු ගොඩ’ හැර යන සතුටද වයිට් බෝඩ් බිත්ති පුරා එක එක ආකාරයෙන් ලියැවී තිබුණි. ඉන්දියාවේ එවුන්ට සිංහල බැරි නිසා හොඳය.
ප්‍රසිද්ධ කළ හැකි තත්ත්වයේ කියුබිකල් කුරුටු ගී සමහරක්
ඊළඟ එක: පෙට්ටි කඩේ
විසිරි කැබලිති
පරල වී ඇති
සිනා පෑවෙම
බිඳුණු සිත් වෙති
2020 10 26
භාරත මතක [1] ගොඩ බැසීම
කලකට පෙර කාර්යාල ව්‍යාපෘතියකට ඉන්දියාවට ගිය ගමනේ රස මතක බොහෝමය. ඒවා වචන වලට පෙරලන්නට කිසිදිනෙක ඕනෑකමක් නොතිබුණද කොවිඩ්19 නිසා විකාරරුපී වුනු හිස නිදහස් කර ගැනීමට ඒ අතීතාගමනය සුදුසු යැයි මට සිතුනි.
ගලපා ඇත්තේ මගේ අත්දැකීම් පමණි. කිසිදු ජාතියකට අපහාස කිරීම අරමුණු නොවේ.
ඒ මා රැකියාවට ගිය අලුතමය. මාස හයකවත් අත්දැකීම් නැති අමු කුලෑටි කෙල්ලක ඉන්දියානු ශාඛාවක අලුත් ව්‍යාපෘතියකට තෝරගත් විට දැනුණු හැඟීම නම් විස්තර කිරීමටඅපහසුය. පොඩි ආඩම්බරයක් සමඟ සතුටක් තිබුණද එවැනි සිය ගුණයක ත්‍රාසය හා භීතිය සියල්ල පරයා සිතේ නැගුණි. කිසිවෙකුගේ අවධානයට පාත්‍ර නොවී වැඩ ටික අහවර කර තමන්ගෙ පාඩුවේ ඉන්නට ඕනෑ වුනු අතිශය කෝල ගෑණු දරුවෙකුට, ක්ෂේත්‍රයේ අති ප්‍රවීණ සහ කාර්යාලයේ ‘සුපිරි තරු’ කොල්ලන් දෙදෙනෙකු සමඟ මාස තුනකට වෙන රටකට යන්නට සිදුවීම යනු මට අනුව නම් ලෝකයේ කෙළවරට ගොස් ඔළුව හංගා ගැනීමට හිතෙන වැඩකි. කෙසේ හෝ සන්සුන් වී හිත හදාගෙන ඉන්දියාවට ගොඩ බැස්ස තැන් සිට මේ මතක අහුර දිග හැරේ.
ගමන් මහන්සිය නොබලා, අපව හෝටලයට කැඳවාගෙන ගිය කුලී රථයෙන්ම එරට ශාඛාවට වාර්තා කරන ලෙස ලංකාවෙන් අපට නියෝග ලැබී තිබුණි. උදේ හතරට ගුවන් යානයට නැංග අපි තිදෙනා ගුවන් ගමනේදී ලැබූ කෙටි නින්ද අතර පෙරූ කුණු කෙළ පිටින්ම දාහකට එහා ඉන්දියානුවන් පිරිසක් සේවය කරන කාර්යාලයට ළඟා වුනෙමු. එය අමුතුම ලෝකයකි. තාප්පය කළු ගලින් බැඳ එහි උජාරුවට නම ගසා තිබුණි. බිල්ඩිම මහා විශාලය. ආරක්ෂක කුටියේ සිට සියළු දෑ ලංකාවේ ශාඛාවට වඩා ගාම්බීර පෙනුමය. ලොබි එකට පා තැබූ වෙලාවේ පටන් කොල්ලන් දෙදෙනාට නම් ඕනෑ උනේ හින්දි නිළි පෙනුමැති ඉන්දියානු කෙල්ලන් ඔපීසියේ සිටීදැයි දැන ගැනීමටය. මා නම් සිටියේ පළමු දවසේ සිට ජාම බේරාගෙන වැඩ ටික කර මාස තුන අවසානයේ ලැජ්ජාවක් නැතුව ලංකාවට යාමේ අභිප්‍රායෙනි. කෙසේ හෝ අපි තිදෙනාම නැවුම් සිතුවිලි පෙරදැරි කරගෙන ඉතා උද්යෝගයෙන් යුතුව විදුලි සෝපානයට ගොඩ වැදුනෙමු. හීන බිඳුනේ එතැන් සිටමය.
හයිද්‍රබාද් ගුවන්තොටුපොළ සිට කාර්යාලයට යන අතරමඟ
අප ගොඩවෙනවාත් සමඟම ඉන්දියානු කොළු පිරිසක්ද සෝපානයට පා තැබුවෝය. සියලු දේ වියවුල් වී තිබූ දිනෙක කොල්ලන් බැලීමේ අභිප්‍රායයක් නොතිබුණද කුකුස නිසා මම හිසේ සිට පාදාන්තය දක්වා ඔවුන් දෙස බැලුවෙමි. සමේ පැහැයේ නම් වැඩි වෙනසක් නොමැත. බොහෝ අයවළුන් හිස නොපීරා ඇති නමුදු එය අපේ වෘත්තීයයට ලාක්ෂණික නිසා එහිද වෙනසක් නැත. නමුත් වැඩිදෙනාට පොල් රැවුළුය, එනිසා වයස නිර්ණය කිරීමට නොහැක. බොහෝ දෙනා ඉතා තද පැහැ කොටු වැටුණු කමීස ඇඳ සිටියෝය. කකුලට වඩා ලොකු පෙනුමැති ක්‍රීඩා සපත්තු බොහොමයක් අතර සැන්ඩ්ල්ස් වර්ගයේ සෙරෙප්පු ජෝඩුවක් දුටු කල්හි මම නිරීක්ෂණය නතර කළෙමි. මන්දයත් සැන්ඩ්ල්ස් තබා ටී ෂර්ට් එකක්වත් ඇඳගෙන ඒම අපේ කාර්යාල නියමයන් අනුව තහනම්ය. නමුත් පෙර දින දිගු සේවා මුරයක යෙදුණේ නම් පමණක් සැහැල්ලු ඇඳුමෙන් සැරසී එන්නට අවසර ඇත. ඒ පිටින් දමා බොහෝවිට අප ටී ෂර්ට් අඳින බව නම් සැබෑවකි, නමුත් සැන්ඩ්ල්ස් දමා පැමිණීම නම් කිසි කලෙක දැක නැත. ලංකාවේ ඔපීසියේදී මෙන් නොව ඉන්දියාවේදී වෘත්තීමය ලෙස අඳින්නට සිදු වන බැව් අපට කලින් එහි ගිය කණ්ඩායම තරයේ කියා තිබූ නිසා, අත්දිග කමීස සහ ගැලපෙන කලිසම් මහා ගොඩක් මිලදී ගන්නට පෙර දිනයේ නිවාඩු දමා සාප්පු සවාරි ගිය ජ්‍යෙෂ්ට දෙපළ ගැන මට දුක සිතුණි. පැරැන්නෝ ඔවුන්ට පත ලණුවක් දී ඇති සෙයකි.
ඊළඟ එක — ශුද්ධ සිංහල