Stories by Subashini Gunarathna on Medium
මාරාන්තික දිවිනසා ගැනීමක්..
Flying or Dying
පියාඹන මාළු පෙම්වතී
ඔහු ළඟට පියාඹයි
ඔහු ආදරෙන් අල්ලා
මූදටම විසි කරයි
හිතක් පපුවක් නැතුව නෙවෙයි
පියෑඹුව ඈ කළෙත් වරදක් නෙවෙයි
තරුවලටත් ඉහළින් ඉගිල්ලී ඈ
හිස් අතින් දියඹටම වැටෙයි
මෝරෙක් කියන්නෙ මරණය
උගේ ආදරය නම් හොඳකට නෙවෙයි
අහසටත් මූදටත් අයිති නැති තැනක
ඈ මැරෙනවට ඔහු බයයි
ඈට නම් ජීවිතය මරණය පෙනි පෙනීත්
ඔහුගේ ඇස්වලින් මූද පේනා විටයි
නිමිත්ත: පියාඹන මාළුන් සාමාන්‍යයෙන් නැව් තුළට පනින්නේ මෝරුන්ගෙන් ජීවිතය බේරාගැනීමටයි.නැව තුළ ද ඌට අත්වන්නේ මරණයම බව දන්නා නැවියන් උන් අල්ලා නැවත මුහුදටම විසි කරයි.
අපිට පිරිමි නතිං
මොහොතකට මුළු පිරිමි සංහතියම ලෝකෙන් අතුරුදන් විය
නෑ බං දැං ගෑස්වලින් නෙවෙයි උයන්නෙ.දර ලිපේ. ගෑස් එකක්වත් උස්සන් එන්න එකෙක් නෑ
ඔව් බං වහළේ තුන් හතර පළකින්ම තෙමෙනවා. බලපං හදිස්සියකට වහළට නග්ගගන්න කෙනෙක් නැති වුණානේ
ඒ මතකද ජියොග්‍රොපි ක්ලාස් එකේ සර්.හෙණ හැන්ඩියා නේ.කෙල්ලො මැරෙන්නත් ගියානේ.බයෝ කරපු උනුත් බලද්දි ජියොග්‍රොෆි ක්ලාස් එකේ.අන්තිමේ සර් ක්ලාස් එකේ ඉඩ නැතුව සුගතදාසෙනේ ක්ලාස් එක කළේ.පස්සෙ සර් එයාට ගෑණු ළමයෙක්ගෙන් අතවරයක් වුණා කියලා යූ ටියුබ් ඉන්ටර්වීව් එකකුත් දීලා තිබුණෙ.
ෂාරුක්.අම්මෝ පිස්සුවක්නේ.ෂාරුක් නැතුව මොන ෆිල්ම් ද බං.මං ෆිල්ම් බලන එකත් අල්ලලා දැම්මා.
විජය කුමාරතුංග ද.කොච්චර ලස්සන මනුස්සයෙක් ද. අපරාදෙ නේ මූණටම වෙඩි තියලා නේ මරලා තිබ්බෙ.අද හිටිය නම්..
වතුර ටැංකියට අල්ලපු ගෙදර පූසා වැටිලා.කවුරු කියලා බස්සන්න ද සුද්ද කළේ නෑ.
මොනවා වුණත් සයිටම් ප්ලෑෂ් හොඳ එකා නේ.
හෙක්ටර් ද?වයසට ගියාම මේ වගේ හිටියොත් ඇති කියලා දැන් අපි කාට ද කියන්නෙ.
අගමැතිතුමා නේ.ඉන්නකල් අගයක් තිබුණෙ නෑ අපිට.දැන් ඉතින් සතුරු ආක්‍රමණයක් ආවත් කවුද ජාතිය බේරගන්නෙ.
අවුලක් නෑ කොහොමත් දැන් ඉතින් වඳවෙලා යන එකනේ.
දැන් කොහේද? පරිස්සමෙන් ඉන්න වස්තුවේ කියල බෙහෙතකටවත් හොයලා බලන්න කෙනෙක් නැති වුණානේ.
ෆේස්බුක් නම් යන්නෙම නෑ. අනේ අපේ පිරිමි හිටියනම් කිය කිය ගෑණු වැළපෙනවා බලන්න බෑ.
කරන්ට් එකත් නෑ දැන් සති දෙකක් වෙනවා.සුළි සුළඟට හැමතැනම ලයිට් කණු කැඩිල පාරට වැටිලාලු.අපි ගිහින් කෙළින් කරන්නයැ ලයිට් කණු?
කොච්චර මරාගත්තත් අපි හරි ආදරෙන් හිටියේ
මල්ලිද?අනේ අපේ පොඩි එකා.ඌ නැතුව කඩේ යවාගන්නවත් එකෙක් නෑ බං
තාත්‍තා ද 😢 තාත්තා නැති ලෝකයක් නම් හිතන්නවත් එපා මචං
(පිරිමි නතිං කියන හරි ටීවී තම්බ්නේල් එක දැක්කම එක පාරට ඔළුවට ආවේ පිරිමි නැති ලෝකයක්ගැන.ළඳ,බොළඳ,සුකුමාල,ලාලිත්‍යයෙන් පිරුණු, හැඩිදැඩි පිරිමි වගේ ගෑණු විතරක් ඉන්න ලෝකෙක එක දිගට ජීවත් වෙන්න වුණොත්.
ඒක පුදුම එපා කරපු ලෝකයක් වෙයි නේ.පිරිමි පාර්ශවයත් මේකෙ අනිත් පැත්තට හිතද්දි පිරිමි විතරක් ඉන්න ලෝකයක් පට්ට බෝරිං වෙයි කියලා හිතුණොත් මේ ලෝකෙ කොච්චර මිහිරි තැනක් වෙයිද?ලෝකෙ ලස්සන එකිනෙකාට ගරු කර ගන්නා විවිධාකාර පිරිමි ගැහැණු මිනිසුන්ගෙන් පිරී ගිය විටයි මිත්‍රවරුනි.එහෙම ලෝකයක පිරිමි නතිං වන්නේ වත් ගැහැණු නතිං වන්නේ වත් නැති වේවි)
හෝං උඩම නින්ද යන සුබ රාත්‍රියක්
වීදිවල රෑවෙලා සුනඛ කෙඳිරිලි නැඟෙන අස්සෙන්
තිත්ත කුණු කතා තෙපලන රැහැයියන් ඉද්දෙන්
සල්ලාල බස්සන්ට නින්ද නාවට මොකෝ රෑ එද්දෙන්
මූසලම රාවෙන් කෑගහන බළලුන්ට හොඳක්ම වෙද්දෙන්
නිදි අහිමි සුරඟනන් දොඩවන අත වනන මැද්දෙන්
සුරපුරය උඩින් දැක පහන් තරු ඔළුවල අතගසා ගද්දෙන්
තිස්තුන් කෝටියක් දෙවියන්ට තව හොඳට නින්ද යද්දෙන්
පාරවල් බ්ලොක් කරන් එකවර හඳ කඩා වැටෙද්දෙන්
ප්‍රභූ රථ පෙරහැරෙන් වඩියි වැඳ වැටී නැවි නැවී ඉඩදෙද්දෙන්
මේකට ද දුන්නේ අත මිට රහසේම මෙළවන එකෙක් හරි ඉඳිද්දෙන්
ලොකු ලොකු පුටුවල ඇඳවල මකුණන්ට නින්ද අහලකවත් නොඑද්දෙන්
වාඩි වුණු ලෙසටම හෝං උඩ සේරටම නින්ද යද්දෙන්
සුබා
2021.05.02
‘අනිච්ඡාවත සංඛාරා’
කියා හිත හදාගත්තට
සියලු දේ අනිත්‍යයි
තාත්තගේ පපුවේ ආදරේ
හැරෙන්නට..
ලොකු නංගී ඉස්සරහ පැත්තේ
කකුල් දෙක දෙපැත්තේ
ලැගේජ් එක මගේ
ඉස්කෝලේට ළංවෙනකොට
හතිත් වැටුණා බයිසිකලයට….
අන්න ඒ වෙලාවට
දාඩියත් හිනාවෙන තාත්තගේ මූණ
මතක් කර කර ඇන්ද චිත්‍රයට
පාට තිබුණේ නෑ
කිසිම පැස්ටල් කූරක…
මං හෙව්ව පාට
දැක්කමත් හිත නිවෙන පින්පාට..
වැඩපළට තව කොයි තරම් ඇත්ද හැතැක්ම
කැරකිලා කැරකිලාම තවයන්න
බෑ කියා අඬයිද රෝද
තාත්‍තා කියන්නෙ සුරඟන කතාවල
යෝධයට කියන තවත් නමකට
කුරුමිට්ටෝ කියන්නෙ අපිට…
වෙන කවුරු දෙන්නද මගේ පොඩි පැටවුන්ට ඇපල් දොඩම් ටිපිටිප්
ආදරේ වැඩිම පඩිදාට…
නංගිටයි මටයි කූල් බීමෙක ගෙදර එනකොට
මරු කිය කියා තාත්තා බොනකොට කහටෙක
අනේ රස්නෙ ටිකක් නිවියන් මං කිව්ව
ඉරට හෙමිහිට
ලොකු නංගිට එක බනිස මදි
සාක්කුව බර නෑ වගේ තාත්තගෙ අද
මම නම් කිව්වෙම,
‘ එකක් මට ඇති’
“පුංචි දෝණි තරහා වෙලා” ජෝති කියනකොට
ආසම නැති නිසා මං
තාත්තගේ පපුවෙන් ඇහෙන ඉකියට
අපරාදේ අපි ලොකුවුණේ
මිහිරිම හඬින් ගැහුණු හදවත
ඒකද එකතැන නැවතුණේ
පුංචි දෝණි දැන් නම් තරහම තරහයි.
තාත්තේ ඇහෙරෙන්න ටිකකට…
සුභාෂිනී ගුණරත්න
2026.06.21
පත්තරවලටත් වඩා හඳහන් බලන රටේ වික්ටර් විතරක් මුලා වෙලාලු
මේ කියන රටේ ඉහළම පුටුවට නායකයා පත් කරන දිනේ තීරණය කරන්නේ රාජකීය දෛවඥයෙක්. කවුරු නායකයා වුණත් ආණ්ඩු පක්ෂ,විපක්ෂ කියලා බේදයක් නෑ.ඡන්දයක් පවත්වන දිනේ විතරක් නෙවෙයි ඡන්ද දාන වෙලාව පවා නැකැතකට තමයි සිද්ධ වෙන්නෙ.අපි එච්චර හිතන්නෙ නැති වුණාට මුල්ම ඡන්ද ප්‍රතිඵලේ එන්නෙත් හොඳ වෙලාවක් බලලා වෙන්න පුළුවන්.දිවුරුම් දෙන්නෙත් හොඳ වෙලාවකට.හොඳ වෙලාවක් නැකැතක් කියන තැනම ආශ්චර්යක් ගැන අවිඥානගත හැඟීමක් වැඩ කරනවනේ.
රටේ ඉහළම නායකයෝ,නළු නිළියෝ,ක්‍රීඩකයෝ පවා ලෙඩක් දුකක් වුණාම දුවලා යන දොස්තර ලෙඩ හොඳ කරන්නෙත් ආශ්චර්යයෙන්.විපක්ෂයේ ඉඳන් ආණ්ඩු පක්ෂය දක්වා හැමෝගෙම අත්වල රතු නූල්.මිනිස්සු,ඔක්කොම ආතුරයෝ වෙලා එක එක දෙවිවරු,කපු මහත්තුරු,දෛවඥයෝ,ජ්‍යාතිර්වේදියෝ පස්සෙ.රටේ මිනිස්සු පත්තරවලටත් වඩා බලන්නෙ හඳහන.
ඒ රටේ හැමතැනම තියෙන්නෙ ආශ්චර්යය.ළඟ ළඟම ආශ්චර්යයන් වෙනවා කියලා පණිවුඩ එන්නෙත් ආශ්චර්යමත් විදියට.නාග ලෝකෙන් නාග මාණික්‍ය පවා අරන් නාගයෝ පවා එනවා ආශ්චර්යමත් විදියට.
කොරෝනාවලට එන්නතක් හොයාගන්නත් කලින් පැණියක් හොයාගත්තා.අපේ දේ අගය කරමු කියලා සෞඛ්‍ය ඇමතිගේ ඉඳන් මැති ඇමතිවරු ඔක්කොම පැණි පෙර පෙර පැණි බිව්වා.සමහර මාධ්‍ය කරේ තියන් ප්‍රමෝට් කළා.මිනිස්සු ගිහින් පෝළිමේ බිව්වා. දොස්තර කියනවා අන්තිමේ බෙහෙත් වට්ටෝරුව දුන්නෙ කාලි මෑණියෝ කියලා.එතනත් අශ්චර්යය.
මේ ළඟ ළඟ උදාහරණ කිහිපයක් විතරයි.තව අසිරිමත් ගොඩක් දේවල් සිද්ධ වෙන රටක් මේ.එහෙම රටක රටක් වටින හඬක් නැතිවෙලා,දහස් ගණනක් ආදරය කරපු හඬ තමන්ට නැතිවෙලා,තමන් හොඳටම අසරණවෙලා,මොන ලෝකෙන් හරි තමන්ගේ වටිනම වස්තුව වුණු කටහඬ ආපහු ලබාගන්න,නොදන්න බලවේගෙකින් හරි පිහිටක් තමන්ට ලැබෙනවනම් කියල හිතලා දේවආත්මයක පිහිට ඉල්ලුව වික්‍ටර් විතරක් වැරදියි.වික්ටර් විතරක් මෝහෙන් මුලාවෙලාලු.බුදු හාමුදුරුවෝ අපිත් දකින් ඇති බණත් අහන්නැති, නිවන් දකින්නට පින් මදි වෙන්නඇති කිව්ව වික්‍ටරුත් අනේ මුලාවෙලාලු.වික්ටර් විතරක් නෙවෙයි අපි ඔක්කොම මුලාවෙලා තමයි.
හාස්කමක් ආශ්චර්යක් මොන මඟුලක් වෙලා හරි ඒ කට හඬ ආයේ ලැබිලා නම් ඒ මදිද?
මළ සිරුර වළදමන ආකාරය පිළිබඳ තැවෙන සහෝදරයනි, අප මළොත් වළදැමීමටත් කවුරුන් හෝ ජීවත් විය යුතුය..
අප කිසිවකු මේ ගත කරන්නේ අපට අනන්‍ය සාමන්‍ය එදිනෙදා ජීවිතය නොවේ. එක්ව අත් අල්ලාගෙන මුහුදු වෙරළවල, උද්‍යානයන්හි, අවන්හල්වල ආදරණීයන් සමඟ සටහන් කළ සුපුරුදු දිනයන් නොවේ ය. සුදුවතින් සුදු මල් නෙළාගෙන තෙල් මල් හඳුන්කූරු රැගෙන පන්සල්වලදී සැදැහි සිතින් එකට එක්වන බෝධිපූජාමය නිමේෂයන් ද නොවේ ය.පන්සල් කෝවිල්, පල්ලි, දේවස්ථානයන්හි යාඥා, යාතිකා, කන්නලව්, පොල් ගැසීම්, ගීතිකා ගැයීම් සිදු කරන හෝරාවන් ද නොවේ ය.
අවදි වූ තැන සිට නින්දට යාම දක්වා අවනත විය යුතු යටත් විය යුතු විශේෂිත අධිකාරිමය නීතිරීති සමුච්චයකට යටත් වීමට සිදුවූ සුවිශේෂී මොහොතක ය. අපි සියල්ලෝම ස්ව කැමැත්තෙන්ම හෝ බලහත්කාරයෙන් ඊට අවනත වී සිටිමු. ඒ නොමැරී ජීවත්වීමට ඇති ඕනෑකම නිසාය. කන බොන ජීවත්වෙන විදිය පමණක් නෙවෙයි මරණයත් මේ සුවිශේෂී මොහොතට අවනත ව අනුගත ව තිබේ.
ආගම්, ජාති, කුල, දේශපාලන කණ්ඩායම්, දුප්පත්, පොහොසත් බේදයකින් තොරව වසංගතය අප ඉදිරියට පැමිණ ඇත. ඔබ කුමන රටේ කුමන නගරයක් නියෝජනය කරන්නේ ද? එය බලවත් ද? ඔබේ තරාතිරම කුමක් ද? ඔබ දේශපාලනඥයෙක් ද? ඔබ නළුවෙක් හෝ නිළියක් ද? කියා අසා වෛරසය අපගේ ශරීරයට ඇතුළු නොවන්නා සේම එමඟින් මරණයට පත් වූ පසු අප ජනාසා සලාතය(ඉස්ලාම් නීතියට අනුව) හෙවත් වළදමනවා ද? ආදාහනය කරනවා ද? බොකු බඩවැල් ආදීවූ කොටස් සිරුරෙන් ඉවත් කරනවාද? ස්නානය කරවනවා ද? කෆාන් හෝ සුදු පිරුවට අන්දනවාද? හත් දවසින් ද මතක බණ පස් දවසෙන් ද යන්න වෛරසයට අදාළම නැත.
මරණින් පසු ඇස්, වකුගඩු ආදී වූ ශරීරකොටස් දන් දීමට පොරොන්දු පත්‍ර අත්සන් කර ඇති බොහෝ දෙනෙකු ඇතත් වෛරසයට එය ද අදාළ නැත. මේ වෛරසයෙන් අපට මිය යාමට සිදුවුවහොත් කොයි තරම් වටිනා වකුගඩුවක් ඇස් දෙකක් වුව කෙස් ගහක් තරම් නොවටිනා තත්ත්වයට පත් වනු ඇත.
කොරෝනා අධිවසංගතමය තත්‍ත්වය ලොව පුරා මිනිසුන්ගේ ආගමික සංස්කෘතික ජීවිත කොට්ට උර සේ කණපිට ගසා තිබෙන්නේ එසේය. මිනිසුන් සතුටුවන, අදහන, වැළපෙන සියලු ක්‍රම වෙනස් වී ඇත.
දිගු කලක් තිස්සේ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි මාධ්‍යවේදියෙකු, අන්තර් ආගමික ක්‍රියාකාරිකයෙකු සහ බ්‍රිතාන්‍ය මුස්ලිම් ප්‍රජාවේ කැපී පෙනෙන චරිතයක් වූ Fuad Nahdi පසුගිය දා ලන්ඩනයේදී මිය ගියේය. බ්‍රිතාන්‍ය ඒ වන විට සමාජ රැස්වීම් තහනම් කරනු ලැබුවත් ඉතාලිය, චීනය මෙන් අවමංගල්‍ය කටයුතු තහනම් කර තිබුණේ නැත. නමුත් සහභාගීවන පිරිස පිළිබඳ යම් සීමා පනවා තිබුණි. සාමන්‍යයෙන් මුස්ලිම් ජාතිකයකුගේ අවමංගල්‍ය උත්සවයකට දහස් ගණනින් මිනිසුන් සහභාගී වුවත් Nahdiගේ අවසාන මොහොතට සහභාගී වූයේ පවුලේ කිහිප දෙනෙකු පමණි. “මෙය මළවුන්ට වඩා ජීවත්වූවන්ට අසාමාන්‍ය අවධානයක් හිමිවන මොහොතකි.” රජයේ අවමංගල්‍ය සීමා කිරීම් පිළිබඳ මාර්ගෝපදේශ පැහැදිලි කරමින් Nahdi ගේ අවමංගල්‍ය අවස්ථාව සම්බන්ධීකරණය කරනු ලැබූ තැනැත්තිය ප්‍රකාශ කර තිබුණි.
කාඩිෆ් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය අධ්‍යයන පිළිබඳ කථිකාචාර්ය මන්සූර් අලි පැවසුවේ අවමංගල්‍ය කටයුතු හා සම්බන්ධ ඉස්ලාමීය නීතිය සංශෝධනය වෙමින් පවතින බවයි. නිදසුනක් වශයෙන්, චාරිත්‍රානුකූලව ස්නානය කිරීම තවදුරටත් සිදු නොවන අතර, කෆාන් හෝ සුදු ඇන්දවීම සිදු නොවේ. මෘත ශරීර ආවරණය සඳහා ශරීර බෑග් (body bag) භාවිතා කළ හැකිය.
බහුතර ෂියා මුස්ලිම්වරුන්ගෙන් පාලනය වන ඉරානය ද ඉස්ලාම් නීතියේ අවමංගල්‍ය පිළිබඳ කොන්දේසි වෙනස් කරගනිමින් සිටී. ෂියා මුස්ලිම් සුසාන නීති අනුව ස්නානය වැනි චාරිත්‍ර ඉවත් කරගෙන ඇති අතර පවුලේ හෝ පොදු සුසාන භූමිවල වළ දැමීම නීත්‍යානුකූල වී තිබේ.
අයර්ලන්තයේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, මියගිය අය එම්බාම් නොකරන ලෙසත්, විවෘත කර තැබීම වෙනුවට සංවෘත මිනී පෙට්ටි තුළ අවමංගල්‍ය කටයුතු සිදු කරන ලෙසත් භාරකරුවන්ට උපදෙස් දී ඇත.
උතුරු වේල්සයේ ග්‍රාමීය නගරයක් වන ලැන්ගෝලන් හි ලී ටේලර් පියතුමා මෙසේ ප්‍රකාශ කළේය.
“සාම්ප්‍රදායිකව, කවුරුහරි මිය ගිය විට, මම පවුලේ ඥාතියකු හමුවීමට යන්නෙමි. ඔවුන් සමඟ ශාරීරිකව සිටීම, ඔවුන් අසල සිටීම, තේ කෝප්පයක් පානය කිරීම, උරහිස මත අතක් තැබීම, ඔවුන් සමඟ එක්ව යාඥා කිරීම සිදු කරමි. යමෙකු මිය ගිය විට, ඔබට හුදෙකලා බවක් දැනේ. ඔබ පාළු කාන්තාරයක සිරවී සිටිනු ඇත. මෙම සීමාවන් හා හුදකලා පියවරයන් සමඟ එය තවත් දස ගුණයකින් නරක් වනු ඇත”
ලොව පුරා මරණයේ යථාර්ථය එවැනි ස්වරූපයකට පරිවර්තනය වෙමින් තිබේ. මරණින් මතු අප දිව්‍යලෝකයට, ස්වර්ගයට හෝ අපායට ගිය ද අප අදහන්නේ බුදුන් වහන්සේ, අල්ලාහ් දෙවියන්, යේසුස් ක්‍රිස්තුත්වහන්සේ මේ කවර ශාස්තෲවරයකු වුවද දැන් අප ඉන්නේ මරණය ඉදිරියේ නම්. වළලන ක්‍රමය තවදුරටත් අදාළ ද? වැළලෙන්න කලින් ගැලවෙන්න කල්පනා නොකරන්නෙ ඇයි? වැළලුණත් තව කෙනෙක් ගලවන්න හිතන්න බැරි ඇයි? ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ඉහළම සෞඛ්‍ය අංශ, මළවුන්ගේ සුසානය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මියගිය තැනැත්තාගේ සිරුරෙන් තවත් අයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම අවම කරන අරමුණෙනි.
එම නිර්දේශයන් උල්ලංඝනය කිරීම යනු මා මැරුණ ද මගේ මළසිරුරෙන් තවත් අයෙක් හෝ ප්‍රජාවක් අවදානමට හෙළීමක් වන්නේය. මෙවැනි වසංගත අවස්ථාවක මළ සිරුර වළදමන ආකාරය පිළිබඳ තැවෙන සහෝදරයනි, අපි මළොත් වළදැමීමට ද කවුරුන් හෝ ජීවත් විය යුතු බව සිහිපත් නොවීම වසංගතයට පෙර සිදුවිය හැකි ලොකුම අභාග්‍ය බව සිහිපත් කරගනු හැකි නම් මැනවි.
නරිබුරති|ජනයුගය
ඕං රීං කට්ටු කට්ටු
රීරි යකායි මහසෝනයි හුනියම් යකා හෙවත් ඔඩ්ඩි යකායි තුන්දෙනා කැබතිගොල්ලෑව සොහොනෙන් පිටත් වෙද්දී රෑ දොළහ පහු වුණා විතරය.ඒ හූනියමෙන් තමන් වෙත පැවරූ ආකාරයට ජනාධිපතිතුමාට අටෝරාසියක් කරදර සුම්මක්කරේ දෙන අටියෙනි.හූ තියාගෙන පස්සට පෙට්‍රල් ගැහුවාක් මෙන් පැයට කිලෝමීටර දෙසීයක තුන්සීයක වේගෙන් කැබැතිගොල්ලාවේ සොහොන්පළෙන් චුත වී ආ යක්කු තුන් දෙනා කෙළින්ම ජනාධිපතිතුමාගේ සිරියහනට ඇතුළු නොවී ගෙදර මිදුලේ ගොරොකා ගහ උඩ වාඩි වී ගිමන් ඇරියෝය.ජනාධිපතිතුමා හදි හූනියම් වලට බය නෑ කියනවා කිව්ව මහසෝනාට ගොරකා අත්තක් හොල්ල හොල්ල හිටිය රීරි යකා,බය නොකළත් කමක් නෑ බං මානසිකව වැට්ටුවත් ඇති කියා කීවේය.ඇත්තම කිව්වොත් අපිටත් ඔය ලොකු වැඩක් කරන්න බලයක් දැන් නෑනේ බං.එහෙම බලයක් තිබ්බ නම් පහුගිය ජනාධිපතිවරණය වෙලේ අළුකෙහෙල් අලෙන් රූප හදලා තෙල් දාපු හැටියට අපි ජනාධිපතිතුමාට මොනවා නොකරන්න ඕන ද?එහෙම කිව්ව මහසෝනාට එහෙම බලයක් තියෙනවා නම් සී ටිවී එකේ පජාති වෙන තොටවත්තට අර පෙට්ටිය ඇතුළේ තියෙන්නෙ මොකක්ද කියලා අපි නොකියා ඉන්නව ද කියා පෙරළා ප්‍රශ්ණයකින් ම උත්තර දුන්නේ ද රීරිම ය. දෙයියන්ට වගේ සලකලා අපෙන් වැඩගත්තු හිටපු ජනාධිපතිතුමා තව අවුරුදු දෙකක් ඉන්න චාන්ස් එක තියෙද්දි කා ගැන ෂුවර් කරලා ද ඡන්දෙකට ගියේ කියා ඇසුව මහසෝනාට අපිවයි, දෙයියන්වයි, ග්‍රහලෝකයි ෂුවර් කරලානේ කියා රීරි උත්තර දුන්නේය.කෝ ඒත් අපිට කරලා දෙන්න බැරි වුණා නේ.ඔය පොඩි බය කිරිල්ලක් කරලා මානසිකව වට්ටනවා වගේ ලොකු දේකට වැඩිය දෙයක් කොහොමත් කරන්න ඕන නෑ කියා මහසෝනා කිව්වත් හූනියම් මන්ත්‍ර සූත්‍ර වලට අරක් ගත්තු ඔඩ්ඩි යකා නම් කිව්වෙ හූනියම් ගණන් ගන්නෙ නෑ කිව්ව කතාව ඉල්ලා අස්කරගන්න කල් හොඳ සෙම්බුවක් දෙන එක දෙන්න ඕනමයි කියාය.එහෙම ඕනැන්නෙ නෑ අපි ඔන්න ඔය බිත්තර කටු ටිකක් වදමල් තුන හතරක් ගේ පිළේ අත ඇරලා යං කියා මහසෝනා වැඩේට පස්සම ගැහුවේය.එකල තකරී, මකරී, යාමී, යමදූතී නම් යක්ෂණියන් හතර දෙනෙකු ඇතුළු මහාසේනාවක් සමඟ නරලොවට කඩා පැන නරපණුවන් විනාශ කර දැමූ ඔඩ්ඩි යකා ඒම ලේසියෙන් පසු නොබැස්සේ තනියෙන් හෝ ආ රාජකාරිය කරමි යි ගේ ඇතුලටම යන්න හැදුවේය.මෙයාගේ ආසාවනේ එහෙනම් යමු කියා මහසෝනාත් රීරිත් එකඟ වී යක්කු ගස් නඟින ඩෙංගු පැටව් ගසන ඒ කුරිරු ජාමයේ ඔඩ්ඩියකා එක්කම ජනාධිපතිතුමාගේ සිරි යහන් ගබඩාවටම රිංගා ගත්තෝය.
ජනාධිපතිතුමා හිටියේ හෙට දවසේ පත්තර ටික බලන ගමන් හක හක ගා හිනා වෙමින් ය.තුන් කට්ටුව කුටියට රිංගද්දීම කරවල පුළුටු ගඳක් දැනී නාසය අකුලාගත් ජනාධිපතිතුමා නෝනෙ ඊයේ ගෙනාව කුම්බලා කරවල කෑල්ල රොස් වෙනවා නේද කියා අහන්නට ගොස් මතක් වුණේ මේ කරවල පුළුටු කරන වෙලාවක් නෙවෙයි නේද කියාය.ඒ එක්කම මතක් වුණේ නෝනා ළමයි එක්ක ගමේ ගියානේ අද ගෙදර ඉන්නේ මම විතරනේ කියාය.එහෙනම් මොකක් ද ඒ ආව පුළුටු ගඳ කියා කල්පනා කළත් පත්තරේ වෙත හිත යොමු වී ආපහු දෙවුර හොල්ල හොල්ලා හක හක ගාන්න පටන් ගත් අතර ඔඩ්ඩි යකා මුදුන් ලීයේ එල්ලිලා ගැහුව බොරළු කැටයක් දැනෙන නොදෙන ගාණට ඇඟේ වැදී ගියේය.
ස්වාධීනේ බිල්ඩිම විවෘත කරන්න ගිහින් කිව්ව හූනියම් කතාව ජාත්‍යන්තරේ ට ආරංචි වෙලා තිබුණේ ඔන්න ඔය වෙලාවේ දී වගේය.එසැණින් රටවල් බර ගණනාවක නායකයින් ජනාධිපතිතුමාට කතා කරන්න පටන් අරන් තිබූ අතර ඉන්දියාවෙන් මෝඩි අගමැතිතුමා කතා කර හූනියම කපන්න ඉන්දියාවෙන් නැව් තුනක කට්ටඬියන් එවන බව කීවේය.ඇමරිකාවෙන් ට්‍රම්ප් කතා කරලා හූනියම කරපු එකාව කටාර් රාජ්‍යය කොන් කළා වගේ කොන් කරවනවා කියා සපථ කළේය.බොහොම නිහතමානිව ඒ ආධාර උපකාර ප්‍රතික්ෂේප කළ ජනාධිපතිතුමා කීවේ ඔය සහයෝගය මේ අසිරුම අවස්ථාවේ මට ලැබෙන බව දන්නවා.ස්තූතියි. ඒත් මං යකෙකුටවත් බය මිනිහෙක් නෙවෙයි කියාය.අපි වගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ජාතියක් යකුන්ට බය නෑ කිව්ව ජනාධිපතිතුමා එකමත් එක කාලෙක සිරා දේශයේ මොරගොඩැල්ලේ ගොරොක් ගහකට අරක්ගෙන හිටිය මහසෝනයි රීරියකායි දමනය කරපු හැටි කියවෙන පුරාණ ජන කතාවක් ගැන ට්‍රම්ප්ට කිව්වේය.ඒ කතාවේ හැටියට ගොම්මන් අඳුර වැටුණාට පසු මේ ගොරොක් ගහ යටින් යන්න පුළුවන් කිසිම ජගතෙක් අහල ගම්මාන හතකවත් හිටියේ නැත.පුළුටු කකා මේ ගොරොක් ගහ යටට හරියටම රෑ දොළහට ගිහින් ගහට යකඩ ඇණයක් ගහලා එන අභියෝගය භාර ගත්තේ පුල්ලි කිරා ය.කොහොමින් කොහොම හරි තට්ට තනියම ගිහින් පුල්ලි කිරා ගොරොක් ගහට යකඩ ඇණය ගලා ආවා කිව්ව ජනාධිපතිතුමාගේ කතාව ඇසුණ මහසෝනයි රීරි යකායි කිව්වේ මචං අපි නේ ඒ වෙලාවේ ගහේ හිටියේ,ඒක වුණේ එහෙම නෙවෙයිනේ කියාය.බයෙන් බයෙන් ගහ යටට ආව පුල්ලි කිරා කලබලයෙන් ඇණේ ගහද්දී කිසියම් කෙනෙක් තමාව තදින් අල්ල ගත් බව දැනී මහ හයියෙන් මහසෝනා කියා මොරදෙද්දී ගමේ මිනිස්සු දුවන් ආ අතර පුල්ලිකිරා සරම ගහට තබා ඇණය ගසා තිබෙනවා දැක්ක ගම්මු ෆුල් ෆන් එකක් අරන් තිබුණෝය.කවුරුහරි ජනාධිපතිතුමාට බොර තෙලක් ගහලා කියද්දී ජනාධිපතිතුමා, ඇමරිකාවේ ජනාධිපතිතුමාට අපි එහෙව් ජාතියක් යක්කුන්ට බය නෑ කියා කිව්වේය.ඇමරිකාවේ ජනාධිපතිතුමා විහිළුවට වගේ කිව්වේ පුළුවන්නම් එහෙනම් දැන් පුළුටු කකා ගිහින් ගේ ඉස්සරහා ගොරකා ගහට ඇණයක් ගහලා එන්න.ඔට්ටුයි බෑ කියාය.සීඑන් එන් එකටයි වොෂින්ටන් පෝස්ට් එකටයි රිපෝටර්ස්ලා එවන්න කියන්න කියා ඇඟට හෙණ ගටක් අරන් ලයින් එක කට් කළ ජනාධිපතිතුමා ඒ මොහොතේම ගේ ඉස්සරහා ගොරකා ගහ යටට යන්න තීරණය කෙරුවේය.
ආව ගැම්මට එළියට බහින්න හැදුවත් ඉස්සරහට තැබූ පය ආපස්සට අරන් ජනාධිපතිතුමා කල්පනා කළේ ඔය අහුවුණේ අමුසොහොන් හිරය විතරනේ.තව මොන මොන ක්‍රමවලට හූනියම් කරලා ඇති ද දන්නේ නෑ කියා ය.වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, නූල්පැන්නුම්, අංගම් පිල්ලි, සන්තානම් දෙයි හාංදුරුවනේ තව කී සීයක් නම් හූනියම් විධි තියෙනව ද කියා හිතෙද්දී චූට්ටක් විතර හිත සැලුණේය.ඕනෑ නං ඉටියෙන්, හොඬලෙන්, නියගලා අලෙන්, අළු කෙසෙල් අලෙන් හදපු රූපෙකට කටු ගෑ හැකිය. නැහ් නං තෙලේ බැදිය හැකිය.කොණ්ඩා ගහක් හරි ගැලවිලා ගියා නම් ගන්න ඕන, ඩයි කරන්න ගිය වෙලාවක බාබර් සාප්පුවෙන් තමයි කියා හිතා චකිතයෙන්ම ඇඳෙන් බැස නෙළුම් කොළේ උඩ කොරවක්කා යන්නාක් මෙන් උඩින් උඩින් ඇවිද්දේ ගැට හත අටක් දමා හූනියමක් කරපු නූලක් කොහෙන් හෝ පැන්නෙයි කියා බයකිනි..අයියෝ මොන දුකක් ද කියා හිතුණේය.හූනියම් කරලා තියෙනවා කියා පත්තරෙන් දැක හිනා වුණු ගාණටම අඬන්න හිතුණත් අඬලා මානසිකව වැටෙන්න බෑ කියා සිතා කන්ට්‍රෝල් වුණේ එක යකෙක් වරෙව් බලන්න මේ හතර මායිමේ ඔක්කොම බරපතල කරදර කරන යක්කුන්ගේ ජනාධිපති කොමිසමකට දාලා නොමරා මරනවා කියන චේතනය ඇති කරගනිමිනි.
ලොක්කගේ ඇඟට පොල් කට්ටක් විතර වැලි කෝප්පයක් වැටුණේ එසැණිනි.. කවුද යකෝ මේ රෑ කොම්පිට්ටු සෙල්ලම් කරන්නේ කිය අහන්න හැදුවත් වචන ආපස්සට ගොස් බඩටම ගිළුණේය.ඒ අතර ටීවී එක ඔන් වී චැනල් ස්වයංක්‍රීයව මාරු වෙන්නට පටන් ගත් අතර ටීවී එක ඔන් කරගත්තේ රීරි යකාය.නැවතුණේ අයිටීඑන් එකේ අළුත් බිල්ඩින් එක විවෘත කරලා ජනාධිපතිතුමා කතා කරන තැනකි නි.අයිටීඑන් නම් ඉතින් කොයි වෙලේ දැම්මත් අපරාදේ කියන්න බෑ අපිව තමයි පෙන්නන්නේ, ජනාධිපතිවරණෙන් පස්සෙන් පහු හැදිලා තියෙනවා. දැන් අරුන්ව පෙන්නන්නෙම නැති ගාණයි කියා හිතුව ජනාධිපතිතුමාට ටීවී එක ඉබේ වැටුණේ කියා මීටර් වුණේ තවත් විනඩියක් දෙකක් ගියාටත් පස්සේය.අපෝ මේක කිසි ඉන්ට්‍රස්ටින් එකක් නෑ කියා මහසෝනා ඒ එක්කම ජනාධිපතිතුමාගේ ලැප්ටොප් එක ඔන් කරන් කන්ජරීන් ටූ ෆිල්ම් එක බලන්න දාගත්තේය.ඕක බය හිතෙන්නෙ නෑ බං උදයකාන්තගේ බන්ධන බලමු කිව්ව රීරි යකාගෙන් මහසෝනා ඔන්න එහෙනම් ටොයිලට් එකට යන්න ඒම ඕන වුණාම මාත් එක්ක දොර ලඟට එනවා කියලා දිවුරපං කියා එකඟ කරවාගෙන බන්ධන බලන්න වාඩි වුණේය.ඕඩ්ඩි විතරක් දිගටම ජනාධිපතිතුමා බය කරන්න ගේම ගැහුවේය.
එන්න එන්න ජනාධිපතිතුමාට කාමරයේ අමුතු අමුතු දේවල් වෙන බව තේරෙන්න පටන් ගෙන තිබුණේය.ෆෝන් එක නොකඩවා රින්ග් වෙන්න පටන් ගත් අතර ආන්සර් කළ විට බස්සො අඬනවා ඇසුණේය. නරි හූ තියනවා ඇසුණි. කතා කරපු ගෑණු කෙනෙක් කිව්වේ අයියේ මේ බබා පොඩ්ඩක් වඩා ගන්න පුළුවන් නම් තරහා නැතුව මට මිස්කෝල් එකක් ගහන්න කියාය.තව වෙලාවක ෆෝන් එකෙන් ළතෝනියක් ඇසුණේය.ජනාධිපතිතුමාගේ හූනියමකටවත් බය නැති නිර්භීත හදවතෙහි ලබ් ඩබ් වේගය වැඩි වූ අතර කාමරයේ කබඩ් වල ලාච්චු නිකන්ම ඇරුණේය.වැසුණේය.
ෆෑන් එක කැත්‍රිනා සුළි කුණාටුව මෙන් ඇඹරෙන්න් ගත්තේය.දොරගුළු දමා වහලා තිබ්බ ජනෙල් ඇරෙන්න වැහෙන්න පටන් ගත්තේය.ඇරලා තිබ්බ සිරියහනේ දොර වැසී එළියෙන් ලොක් වුණේය.ජනාධිපතිතුමාගේ ෆෝනය දිගටම නාද වෙද්දී දැල්වී තිබූ විදුලි බල්බ ට්‍රාන්ස්ෆෝමර් පුපුරන සද්දෙන් පුපුරා ගියේය.යකෙකුටවත් බය නෑ කිව්ව ජනාධිපතිතුමා ඇඳේ ඇන්දක් බදාගත් අතර ඇඳ කුලප්පු වූ අශ්වයෙක් මෙන් උඩ පනින්න පටන් ගතේය.බස්සන් රංචුවක් එකවර බුකු බුකු ගාන්නට ගත්තෝය.කාමරයේ පැත්තක ලස්සනට නිදාගෙන හිටිය බෝනික්කකු ඇස් ඇරලා වියරුවෙන් හිනා වෙන්නට ගත්තේය.ඇඳ බදාගෙන ගැස්සුණු ගැස්සිල්ලට ශරිර අභ්‍යන්තරයේ අවයව මාරු වෙලා අක්මාව තිබිය යුතු තැනට අග්න්‍යාශය,ආමාශය තිබිය අයුතු තැනට පිත්තාශය මාරු වුණේ හරියට අමාත්‍යංශවලට බෙදද්දී විෂය පථ මාරු වුණා වගේය.සර්වාංගයම වෙව්ලන ඒ බියකරු මොහොතෙත් දැන් ඉතින් ඇඟ ඇතුළේ අවයව ටික නැටුම් සර් කෙනෙක් ගණිතය උගන්නවා වගේ කචල් වෙයි කියා ලොක්කට හිතුණේය.ඒ එක්කම බෝනික්කී ලොක්කා ගාවට එන්න හැදූ අතර කලබලෙන් අතපත ගා ඇණයක් හොයා ගත්තු ජනාධිපතිතුමා ජනේලයෙන් පැන ගේ ඉස්සරහා ගොරකා ගහ පැත්තට දුවලා ඇණයක් ගැසූ අතර කවුදෝ තදින් තමාව අල්ලගන්නවාක් මෙන් දැනී මහසෝනා කියමින් කෑගෑවේය. ඒ ඒක්කම පැමිණි ජාත්‍යන්තර මාධ්‍ය සිද්ධිය පුල්ලි කිරාගේ සිද්ධියට සමාන සිදු වීමක් බවත් ජනාධිපතිතුමා යකෙකුටවත් බය නැති වීර පුරුෂයෙක් බවත් වාර්තා කළේය.
2017 ජුනි
පිනෝකියෝ
මම බැන්දා
මිනිහගේ නම පිනෝකියෝ
පුංචිම බොරුවකටත්
නහය දික්වුණා
ඇලීගෙන වෙලීගෙන මුල් දවස්වල
සිපගද්දී හුරතලෙන් පණ දීගෙන
'ඇත්‍තටම ඔයා මට ආදරෙයි නේ'
ඇහුව වෙලාවක
මගේ නාස් ඇටෙත් හැප්පිලා
දික්වුණ පාර නහය
සිවිලිම දෙබෑ කරගෙන
සීට් වහළත් පලාගෙන
තරුවකත් ඔළුව පැලුණා
මේ කාගෙද කෙස්ගහක්
දුන්නු විට දවසක් අඳෝනා
"නෑ මේ ඔයාගෙම එකක්"
නාස් පොල්ල දික්වෙලා
ජනෙල් වීදුරු ටිකත් කැඩුණා
දැන් කොහෙද කවුද ඉන්නේ ළඟ
පුරුද්දට වගේ ඇහුව තව දවසක
"මං මේ ඔෆිසියේ වැඩක
පස්සෙ ගන්නම්"
කියනකොටම ස්‍...රාස්ස්
වින්ඩ්ස්ක්‍රීන් කුඩුකරන්
නාස් දණ්ඩ කොහේ හෝ වදිනවා දැනුණා
ගෑණියෙක් ඒ ළඟම
මොර දෙනවා ඇහුණා
ඊට පස්සෙ අපි කතා කළේ නෑ
ඉඳලා හිටලා දවසක
'ඔයා මගේ විතරමනේ'
හුරතලෙන් අහන්නෙ ළංවෙලා
ගෙඩියක් බිමට බාන්න
මකුළු දැලකට අනින්න
බිලී පිත්තක ඇම බඳින්න
මීටර ඕන නෑ ඇඳේ ඉඩ මනින්න
පරතරේ ඉහටත් උඩින් හැදුණා
2021.01.09
ඒ ෂෙල් එකක්.ඒක හරිම විනෝදයි තාත්තේ…
සිරියානු රජය සහ වයඹ දිග ඉඩ්ලිබ් ප්‍රදේශයෙහි කැරලිකරුවන් අතර නිරන්තර සටන් හේතුවෙන් ඉඩ්ලිබ් ප්‍රදේශයේ ජනතාව පසු ගිය කාලය පුරාම විවිධ දුක් පීඩාවන්ට මුහුණ දුන්නා.රුසියානු ප්‍රහාරක යානාවන් සමඟ එක් වෙලා රජය මේ කරන මෙහෙයුම් වලදී ෂෙල් වෙඩි සහ ප්‍රහාරක යානාවලින් නිකුත් කරන බිහිසුණු ශබ්ද ඉඩ්ලිබ් වල ජීවත්වෙන මිනිස්සුන්ට නුපුරුදු දෙයක් නෙවෙයි.විශේෂයෙන්ම පොඩි දරුවන් මෙම ශබ්දවලින් භීතියට පත්වුණා.ඒ වගේ වෙලාවක පොඩි දරුවෙක්ගේ හිතේ ඇතිවෙන කම්පනය හිතා ගන්න අමාරු නෑ.ඉඩ්ලිබ්වල එක තාත්තා කෙනෙක්ට මේ වෙලාවල තමන්ගේ හුරතල්වයසේ පුංචි දෝණිගේ හදවත කොයි තරම් වේගෙන් ගැහෙනව ද කියලා ඇහෙනවා.යුද්ධය විසින් ඇති කරන භීතිය තමන්ගේ පපුවට කරන හානියට වඩා වැඩි හානියක් මල් පෙත්තක් වගේ හිතක් තියෙන තමන්ගේ පුංචි පැටික්කිට කරන බව තාත්තා දැනගෙන හිටියා.
දින ගණනාවක් මේ ගැන බැරෑරුම්ව කල්පනා කරපු අබ්දුල්ලා අල් මොහොමඩ් තාත්තා වයස අවුරුදු තුනක් වුණු සල්වා මේ කම්පනයෙන් බේරගන්න පුංචි උපායක් යොදනවා.ඇත්තටම ඒක පුංචි සෙල්ලමක්.සෙල්ලම් කරන්න, බෝනික්කො හුරතල් කරන්න ඕන වයස යුද්ධය ටිකෙන් ටික හොරකම් කරන වෙලාවක පුංචි දෝණිට පොඩි සෙල්ලමක්.ඕනම භයානක වෙලාවක සල්වාට හිනාවෙලා ඉන්න පුළුවන් විදියේ ලස්සන සෙල්ලමක්.ඒක පටන් ගන්නේ ප්‍රහාරක ගුවන් යානාවල සද්ද ඈත අහසින් දෝංකාර දෙන්න ගනිද්දි.”ඔයාට ඇහෙනවද ඒක? හරි ඔයා කියන්න ඒක ෂෙල් එකක් ද?ගුවන්‍ යානයක් ද?”ඔන්න දැන් සෙල්ලම පටන් ගත්තා.”හිහ් හිහ් හී ඒක වැටෙන්න ළඟයි.ඒක ෂෙල් එකක් කියද්දි ඇයට යන හිනාව ලෝකයේ භයානකම න්‍යෂ්ටික අවිය ගෙනාවත් නතර කරන්න නම් පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.ඒක හරිම විනෝදයි නේද?ඔව් ඒක හරිම විනෝදයි තාත්තා…”
මේ තාත්තාගෙයි දුවගෙයි අපූරු සෙල්ලම් වීඩියෝව පසු ගිය දිනවල ලෝකය පුරා සමාජ මාධ්‍යවල වයිරල් වුණා.සිරියාව සහ තුර්කි දේශසීමාවට මායිම් වුණු කුඩා නගරයක් වන සරකේබ්වලදී ඔවුන් මේ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.පසු ගිය දෙසැම්බර් මාසයේ මෙම ප්‍රදේශයට විශාල වශයෙන් ප්‍රහාර එල්ල වුණා.ඒ ප්‍රහාර නිසා සිය එකම දියණියගේ හිතේ ඇති කරන බිය නැති කිරීමේ උපක්‍රමයක් විදියටයි තිස් දෙහැවිරිදි අබ්දුල්ලා මෙම ක්‍රීඩාව සැලසුම් කරලා තිබුණේ.සාමන්‍යයෙන් අවට දරුවන් ඉද් උත්සවය වැනි අවස්ථාවල බැග් ස්නැප් ක්‍රීඩා කරනවා.එය පුංචි පිපිරීමක් ඇති කරන ගිනිකෙළි ක්‍රීඩාවක්.දරුවන් බැග් ස්නැප් කරන හැටි පෙන්නන්න මං චූටි දු බැල්කනියට එක්කගෙන යනවා.ඒ පුංචි ශබ්දෙට පවා ඇය බයවුණා.ඉතින් මේ ප්‍රහාරක ජෙට් යානා වල සද්ද ඇය කොහොම දරා ගන්න ද?
සර්කේබ්වලට සිදු වූ පහරදීම් එන්න එන්නම වැඩිවෙද්දි ඔවුන්ට මෙම නගරය ද අත් හැර දැමීමට සිදු වුණා.ඉඩ්ලිබ් මිලියන තුනක පමණ ජනගහණයකින් යුතු ප්‍රදේශයක්.යුද්ධය තීව්‍ර වීමත් එක්ක බොහෝ පිරිසක් නගරය අත්හැරියා.එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ 90,000කට අධික පිරිසක් අවතැන් වුණා.එක් අතකින් ඉඩ්ලිබ් කැරලිකරුවන්ගේ අවසාන බලකොටුව බැවින් එය අල්ලා ගෙන සිටීම සඳහා ඔවුන් උපරිම උත්සහ කරනවා.අනිත් පැත්තෙන් රටේ සෑම බිම් අඟලක්ම කැරලිකරුවන්ගෙන් නිදහස් කරගන්නා බව පවසන පාලක බසාර් අල් අසාද් කොහොමවත් පල්ලම් බහින්න සූදානම් නෑ.2017 අප්‍රේල් මාසයේදීත් ඉඩ්ලිබ් මුදා ගැනීමට අසාද් පාලනය ප්‍රහාර මාලාවක් දියත් කළා.ඉඩ්ලිබ් පළාතේ ඛාන් ෂෙයිකුන් නගරයට එල්ල වුණු රසායනික ප්‍රහාරයෙන් 83 දෙනෙක් මිය ගියා.ඉන් තුනෙන් එකක්ම සල්වා වැනිම අහිංසක පුංචි උන්.ඒ වගේ මිලේච්ඡ යුධ අවකාශයක ජීවිතය කියන්නෙ පුංචි බලාපොරොත්තුවක් විතරක් වෙද්දි දූගේ හිතේ බය නැති කරලා හිනාවක් ගේන්න තාත්තා කෙනෙකුට පුළුවන් වෙලා.ඒ හිනාවෙන්නෙ යුද්ධයක් මැද්දට කොටු වුණු තාත්තා කෙනෙක් දුවෙක් කියලා මේ පසුබිම් කතාව නැතිවුණා නම් හිතාගන්නවත් බෑ.ඒ තරම් ලස්සන හදවත දල්වන හිනාවක්. අපිටත් එයාලා එක්කම ඇති තරම් හිනාවෙන්න හිතෙන හිනාවක්.හිතක් පපුවක් නැති යුද්ධෙ ගැන අබමල් රේණුවක් නොදන්න පුංචි දැරිවි ෂෙල් වැටෙනකොට ඒක හරිම විනෝදයි තාත්තේ කියලා හයියෙන් හිනා වෙද්දි ඒ මුණේ ඇඳෙන හිනාව පුදුම තරම් සුන්දරයි.ඒ හිනාව ඈට ඒක ඇත්තටම සෙල්ලමක් නිසා. මේ හිනාව දූගේ මූණේ අඳින්න තාත්තා ගන්න උත්සහය ඊටත් වඩා සුන්දරයි.තාත්තා හිනාවුණාට දන්නවා ඒක ඇත්තටම සෙල්ලමක් නෙවෙයි කියන එක.
මේ තාත්තා ඔහු නිර්මාණය කරන අපූරු සෙල්ලම ගැන විස්තර කරමින් අවසානයේ මෙහෙම කියනවා.”මේ සෙල්ලම වැඩි දුර ගෙනියන්න වෙන එකක් නෑ”‍යුද්ධය නවතින ලකුණක් ඒ පිළිබඳ ඉඟියක් එකඟතාවක් නැතුව තව තවත් රටවල් එකතු කරන් පාලක පක්ෂය වගේම කැරලිකරුවන් ගෙන යන යුද්ධයක ඉවරයක් පේනතෙක් මානයක නැති වෙද්දි චූටි දුව කවදහරි යුද්ධය ගැන ඇත්ත දැනගන්නවා.එදාට මේ සෙල්ලමට ඇයට හිනායන්නෙ නෑ කියලා තාත්තා දන්නවා.
හස්බන්ඩ්ගේ ප්‍රමෝෂන් පාටිය
කොක්සන් සිනා මැද 'චියර්ස්'
කොක්ටේල් වීදුරු එකට හැපෙයි
දුම් දාන සුප් බදුන්
චිකන් අඬු එක්ක එහේ මෙහේ දුවයි
කඩුවෙන්ම වනන පොෂ් නෑයෝ
ජෑස් මියුසික් ලතාවට ඕපේ හලයි
තව්තිසා ලොව මෙහේ
දෙවියන්ටත් ලාවට වගේ වෙරියි
හස්බන්ඩ්ගේ ප්‍රමෝෂන් පාටිය
එනවනම් එහා ලේන් එක හූ දෙකක දුරයි
කරවලත් එක්ක සම්බෝලේ
බත් ගුලිය පුරුද්දට පිට උගුරේ හැලෙයි
සුදු එව්වා කැප නෑ අප්පච්චි
බුලත් හප සින්ක්වල හැලෙයි
ඒ කවුද උඩ බලන් ඔල්මාදෙ
හඳ එක්කත් හිනාවෙන අම්ම ගැන අහයි
එන්නෝන්නෑ පාර්සල් කෑම දෙක එවන්නම්
අමතක කළාහෙම නෙවෙයි
2020.12.30