Stories by Wikum Kaushalya on Medium
Riyadh- Saudi Arabia
සෞදි අරාබිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නෙ මැද පෙරදිග තියෙන බොහොම දරුණු විදියට ඉස්ලාමික නීති සැලකිල්ලට ගන්න රටක්,ඔබට මතකනම් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් උන රිසානා නෆීක් හිස ගසා මරා දැමීම සිදු උනේ සෞදි අරාබියෙ ගෘහ සේවයට ගිහින්. ඒ වගේම සෞදිය තුල මානව අයිතිවාසිකම් කියන්නෙ නිකන් විහිලුවක් වගේ දෙයක්, රාත්‍රී සමාජ ශාලා,චිත්‍රපට ශාලා සහ උත්සව සාද තහනම්, මිනිසුන් දැඩි ආගමික පරිසරයක් මත හැදී වඩෙන අතර කාන්තාවන්ට වයස 45 වන තෙක් අවසර පතක් නොමැතිව තනිව ගමන් යාමද තහනම්.
නමුත් මේ ඔක්කොම අතරින් ඉතා විශේෂ කතාවක් මේ ලඟදි සෞදිය පැත්තෙන් අහෙනවා, ඒ තමයි සෞදි අරාබිය තමන්ගෙ රටේ කාන්තාවන්ට වාහන පදවන්න අවසර දීලා කියන කතාව. ඇත්තටම මොකක්ද මේ අලුත්ම වෙනසට හේතුව?
අලුත් වෙනසෙ රජ අයිතිකාරයා?
සෞදි අරාබියෙ රජ පවුල පසුගිය අවුරුදු කීපයෙ පොඩි පොඩි වෙනස්කම් කීපයක් උනා,ඒකෙ ප්‍රතිපලයක් විදියට සෞදියෙ බොහොම බලවත් චරිතයක්ව සිටි මොහොමඩ් බින් සල්මාන් කුමාරයා රජ පුටුවට ඊලඟට එන්න සුදුස්සා විදියට නම් කෙරුනා, මේ හිටියට මොහොමඩ් බින් සල්මාන් කියන්නෙ තවමත් අවුරුදු 32ක බොහොම තරුණ කුමාරයෙක්, ඒ වගේම හොඳ සල්ලිකාරයෙක්. මීට කලින් රජ පවුලෙ වැදගත් තීරණ ගත්තෙ 80 පැනපු ඇන්ටික් සීයලා ,නමුත් මොහොමඩ් බින් සල්මාන්ට තරුණ කාලෙදිම් හොඳ තැනකට එන්න පුලුවන් උන නිසා මෙයාට රට ඇතුලෙ ලොකු දේවල් වෙනස් කරන්න බලය ලැබුනා. ඒ ව්ගේම මෙයාට ඕනෙ උනා සෞදිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය නැත්තන් කවුරුත් දන්න ඩුබායි වගේ කරන්න.
මෙයාට මේක කරන්න හේතුව උනේ සෞදියට පොඩ්ඩක් ආර්ථිකව කෙලවිලා නිසා මීට අවුරුදු 3කට කලින් 100$කට එහා තිබුන බොර තෙල් බැරල් එකක මිල් දැන් 50$ කට විත්‍ර බැහැලා. 90%කට වඩා තෙල් ආර්ථිකයක් මත දුවන සෞදියට දැන් ඉස්සර හිටපු විදියට ඉන්න ටිකක් අමාරුයි, විශේෂයෙන්ම රජ පවුලට. සාමාජිකයො 15,000ක් විතර ඉන්න සිතූ පැතූ විදියට සල්ලි වියදම් කරන පවුලකට මේක දරන්න ටිකක් අමාරුයි. කොටින්ම මෙච්චර තෙල් සල්ලි ඇවිල්ලත් සෞදියෙ වෙලඳ හිඟය ඩොලර් බිලියන 80කට එහා ගිහින්.
ඉතින් සෞදි රජ පවුලට සැප විඳින්නනම් රටට හොඳ ආදායමක් එන්න ඕනෙ, මෙච්චර කාලෙකටනම් ඕනෙ දෙයක් තෙල් ටික ඇදලා විකුනලා ගන්න තිබුනා. ඒත් දැන් එහෙම බෑ, ඉතින් රටේ ආර්ථිකය සම්පූර්නයෙක්න්ම තෙල් මත පදනම් වෙන එක නවත්තන්න ඕනෙ.මේකට මොහොමඩ් බින් සල්මාන් කුමාරය ගෙනාවා 2030 දි රට තෙල් වලින් නැතුව ගොඩ යන්න ප්ලෑන් එකක්. 2030 සෞදි දැක්ම කියලා.
දැන් ඉතින් මේ ප්ලෑන් නිකන් ගහලා වැඩක් නෑ. මොකද ප්ලෑන් වලින් වැඩ කෙරෙන්නෙ නෑනෙ, ඉතිං මේ ආර්ථිකේ ගොඩ දාගන්න මෙයාලා හදනවා ලාස් වේගාස් ව්ගේ ලොකු විනෝද නගර සංචාරක ආකර්ශනය ගන්න, ඒ වගේම විද්‍යාව හා තාක්ෂනය ගොඩ දාගන්න ලොකු ලොකු විද්‍යාගාර අනන් මනන්, ඒ විතරක් නෙවෙයි ඉස්සර ඇමරිකාවෙ ආරක්ෂාව යටතෙ හිටිය මෙයාලා දැන් ඇමෙරිකාවත් එක්ක ඩොලර් බිලියන 350ක ආයුධ ගිවිසුම් ගහලා ඉන්නෙ තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන්.
ඒත් ඉතින් මේ මොන හරිය කරන්නත් කොස්සට හිටලා තියෙන්නෙ නීති රීති තමයි. උදාහරනෙකට,රටේ මිනිස්සුන්ගෙන් 50%ක් ගෙදර තියලා කොහොමැයි ඉතින් රටක් තෙල් නැතුව දියුනු කරන්නෙ? ඉතින් ඕවට විසඳුම් විදියට තමයි කාන්තාවන්ට වාහන පදින්න එහෙම අවසර හම්බ උනේ, මේකෙන් ගොඩක් කාන්තාවො රටේ වැඩ කරන්න එයි කියලා මෙයාලා බලාපොරොත්තු වෙනවලු. ලාස් වේගාස් වගේ නගර හැදුවට නීතියෙන් සැනකෙලි තහනම්නම් ඒකෙන් වැඩකුත් නෑනෙ.ඒක නිසා ඔය නීති රීති ඉදිරියෙදි ටික ටික වෙනස් වේවි.එව්වා ඉතින් එහෙම කිව්වට කියන වේගෙට වෙන්නෙ නැති එකේ පොඩි කේස් එකක් තියෙනවා,කොහොම නමුත් ඉතින් රජ පවුලට සැප විඳින්නනම් රටට සල්ලි එන්න වෙනවා, තෙල් සල්ලිවලින් හැමදාම මේක කරගෙන යන්න වෙන්නෙ නෑ. අපි බලන් ඉමු.
සෞදි කාන්තාවන්ට වාහන පැදවීමට අයිතිය ලැබීම වෙනුවෙන් කොකාකෝලා සමාගම හැදුව ඇඩ් එකක්.
Appleලගෙ කාලෙ ඉවරද?
ඇමෙරිකානු ව්‍යාපාරිකයෙක් හා Paypal සමාගමේ සම නිර්මාතෘවරයෙක් වන පීටර් තියෙල් මහතා ඇපල් සමාගමේ සාර්ථකත්වය ඉදිරියේදි අඩුවන බවට මීට දින කීපයකට කලින් ප්‍රකාශ කරා.ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද?තාක්ෂනික ලෝකයේ ඉතාම දැවැන්ත සමාගමක් වන ඇපල් අසාර්ථක වෙන්න පුලුවන්ද?ඇත්තෙන්ම ඔව්.ඒකට බලපාන කරුනු කීපයක් පහතින් දැක්වෙනවා.
මුලින්ම අපි බලමු මොනවද ඇපල් සමාගමට වැඩියෙන්ම ආදායම් ගෙනෙන නිෂ්පාදන කියලා.තවමත් ඇපල් සමාගමේ මුලු ආදායමෙන් 60%කට වඩා ලැබෙන්නෙ ඔවුන්ගේ iphone දුරකථනයෙන්.මීට අමතරව iMac පරිගණක,ipad සහ iTunes වගේ දේවල් මගිනුත් සැලකිය යුතු ආදායමක් ලැබෙනවා.මේ නිශ්පාදනවලට තියෙන ඉල්ලුම මත තමයි ඇපල් සමාගමේ ඉදිරි වසරවල සාර්ථකත්වය රඳා පවතින්නේ.
මේ නිෂ්පාදනවල ඉල්ලුමට ඉදිරියේදි ඇතිවෙන්න පුලුවන් බලපෑම් ගැන දැන් අපි බලමු.
1.Android දුරකථනවල සාර්ථකත්වය.
ඔබට මතකනම් 2007 ස්ටීව් ජොබ්ස් මුල්ම අයිෆෝන් දුරකථනය හඳුන්වා දෙන අවස්ථාවෙ පැවසුවා එය වෙලඳපොලේ ඇති සියලුම දුරකථනවලට වඩා වසර 5ක් තාක්ෂනයෙන් ඉදිරියෙන් ඇති බව.නමුත් තව දුරටත් ඒක එහෙම නෙවෙයි.අනෙකුත් සමාගම් වේගයෙන් තම නිෂ්පාදනවල ගුනාත්මක බාවය වැඩිකරගෙන ඇති නිසා මුල්ම ඇපල් දුරකථනය හා අනෙකුත් දුරකථන අතර තිබුනු පරතරය අඩුකරගැනීමට හෝ iphone දුරකථනය අභිබවා යාමට සමත් වෙලා තියෙනව.
(පලමු ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන)
(නව පරම්පරාවෙ ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන දෙකක්)
2.Smart phone සඳහා ඇති ඉල්ලුම අඩු වීම.
Smart phone කියන්නෙ ලෝකය වේගයෙන්ම වැලඳගත් තාක්ෂනය කිව්වොත් මම නිවැරදි,කුඩා දරුවගෙ ඉඳන් මහල්ලා දක්වා සියලුම දෙනා ආකර්ෂනය කරගන්න Smart phone වලට පුලුවන් උනා.නමුත් දැන් ඒක එහෙම නෙවෙයි.දැන් දැන් තක්ෂනික ලෝකයේ ලොකු අවධානයක් දිනාගන්න Smart phone වලට නොහැකි වෙලා තියෙනවා.දැන් තාක්ෂනික ලෝකයේ අවධානය Self driving vehicles සහ කෘතිම බුද්ධිය පැත්තට යොමුවෙමින් පවතිනවා.
3.Apple iphone එකේ මිලෙන් බාගයකට ඒ හා සමාන හොඳ දුරකථන මිලදී ගැනීමේ හැකියාව.
මීට වසර කීපයකට පෙර කුඩා දුරකථන සමාගම්වලට Apple iphone එකට සමාන දුරකථනයක් නිශ්පාදනය කිරීම සිහිනයක්ව පැවතියා,නමුත් කාලයත් සමග One plus one,Huaweii සහ Xiaomi වැනි නිශ්පාදකයින් අඩු මුදලට ගුනාතමක බවෙන් ඉහල දුරකථන වෙලඳපලට නිකුත් කරා.විශේෂයෙන්ම නැගී එන Smartphone වෙලඳපලක් ඇති ඉන්දියාව වැනි තුන්වන ලෝකයේ රටක මිනිසුන්ට තමන් ගෙවන මුදලට හොඳ වටිනාකමක් ඇති දුරකථන මිලදී ගැනීමේ හැකියාව ලැබුනා.
4.Smartphone පරම්පරා දෙකක් අතර වෙනස අවම වීම.
Apple iphone පැමිනි මුල් කාලයේ වසරක කාලයක් තුල Smart phone පරම්පරා දෙකක් අතර වෙනස ඉතා වැඩියි.ඒක නිසා සෑම වසරකම අලුත් දුරකථනයක් ගැනීමට පාරිබෝගිකයන් පෙලඹුනා.නමුත් කාලයත් සමග තාක්ෂනය මන්දගාමී වීම නිසා දුරකථන පරම්පරා දෙකක් අතර වෙනස අවම උනා.කොටින්ම මීට වසර දෙකකට පෙර නිකුත් උන iphone 6 දුරකථනය සහ iphone 7 දුරකථන අතර ඇත්තේ අවම වෙනසක්,මේ නිසා පාරිබෝගිකයන් තම පැරනි දුරකථන තවදුරටත් ඔවුන් සන්තකයේ තබා ගැනීමට පෙලඹුනා.
5.ipad සහ mac පරිගණකවලට ඇති ඉල්ලුම අඩුවීම.
අපල් සමාගම පරිගණක වෙලඳපොලේ විශාල වශෙයෙන් අලෙවි කිරීම් කරත් ඔවුන්ට එමගින් ලැබෙන ආදායම තරමක් අඩුයි.ලෝක පරිගනක වෙලන්නදපල අවුරුදු 8ක් තිස්සේ හැකිලෙමින් පවතින නිසා mac පරිගණක සඳහාත් මේක බලපාලා තියෙනව.
මීට අම්තරව ටැබ්ලට් පරිගණක(ipad) සඳහාත් ඉල්ලුම අඩුවෙමින් පවතිනවා විශේෂයෙන්ම phablet(phone+tablet) දුරකථන වෙලඳපලට පැමිනීමත් සමග මේවාට ඇති ඉල්ලුම ක්‍රමයෙන් අඩු උනා.
මෙවැනි හේතු රාශියක් නිසා ඉදිරියේදී ඇපල් සමාගමේ ආදායම අඩු වීම සිදුවෙනවා කියලා අනුමාන කරන්න පුලුවන්.නමුත් 2016දි පමනක් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක් ආදායම් ලැබූ සමාගමක් ඉක්මමින්ම කඩා වැටෙයි කියලනම් හිතන්න බෑ.