සති අන්තයේ බයිසිකල් පැදීම ……
කෙනෙකු නිරෝගීව තබන්න ව්‍යායාම අවශ්‍යයි. මේ එවැනි ක්‍රියාවලියක් පිළිබඳවයි.
යම් පුද්ගලයෙකු මානසිකව මෙන්ම ශාරීරිකවද නිරෝගීව සිටීම ඔහු කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට හේතු වනු ඇත. ඔබ කෙතරම් දක්ෂ ලෙස මනස වෙහෙසවා කටයුතු කලද, ඔබේ ශරීරය රෝගී නම් ඔබට දිගු කාලයක් සාර්ථකව කටයුතු කරගෙන යා නොහැක. ඔබගේ කාර්යබහුල ජීවිතය සමග ඔබට දෛනිකව ව්‍යායාම වල යෙදීමට නොහැකි බව මම පිලිගනිමි. නමුත් සති අන්තයේ ඔබට කල හැකි බොහෝ දේ පිලිබඳ දැනුවත් කිරීම මගේ බලාපොරොත්තුවයි.
අතීතයේදී ව්‍යායාම යනු ක්‍රීඩාංගනයක සිදු කෙරෙන ක්‍රියාවලියක් වී තිබුණා ඔබට මතක ඇත. නමුත් මෑතක සිට ක්‍රීඩාංගනයකට නොයා ඔබට කල හැකි පහසුම ව්‍යායාම කිහිපයක් අතුරින් බයිසිකල් පැදීම නම් කල හැක. රජය විසින් සීඝ්රයෙන් ඉදි කරමින් යන ඇවිදීමේ පථයයන් වල ඇවිදීම ඉතා ජනප්‍රිය වෙමින් පවතින යුගයක මා බයිසිකල් පැදීමට තෝරා ගත්තේ ඇයිද යන්න ඔබට ඇති වන ගැටළුවක් බව සැබෑය. ඇවිදීම ඔබට කල හැකි හොඳම ව්‍යායාම බව මා අදටත් පිළි ගන්නා කරුණකි. එහෙත් මා බයිසිකල් පදින්නේ වඩා වැඩි කැලරි ප්‍රමාණයක් අඩුම කාලයකදී දවා ගැනීමටය.
සාමාන්‍යයෙන් ඇවිදීමේදී මට හෝ වෙනත් අයෙකුට ලඟා විය හැකි උපරිම වේගය පැයට කිලෝමීටර හයක් බව මා පසුගිය අවුරුදු කිහිපය තුල ලැබූ අත්දැකීම් මගින් පසක් වුවකි. එනිසා මා කාර්යාලයට සති අන්තයේ පයින් ගමන් කරනවා නම් පැය එකහාමාරක් වත් වැය වන බව පැහැදිලිය. නමුත් පැත්තක දමා තිබූ මාගේ මවුන්ටන් වර්ගයේ පාපැදිය රුපියල් හයදාහක් වියදමින් පිළිසකර කර ගත් පසු මේ ගමන ඉතා අඩු කාලයකින්ද ,වැඩි දුරක් යොදා ගනිමින්ද සිදු කිරීමට හැකි විය.
www.sportstracker.com වෙතින් භාගත කරගත් Sports Tracker නම් මෘදුකාංගය ආධාරයෙන් ලැබගත් ඉහලින් දැක්වෙන චායාරුපය එමගින් ලබාදෙන ප්‍රතිඵල සටහනේ එක පිටුවක් පමණි. එවැනි පිටු හයක් පමණ එමගින් ලබාදේ. කෙසේවෙතත් මෙම පින්තූරය මුළු ගමනෙහි සම්පූර්ණ චිත්‍රය ලබාදෙන බැවින් මා එය මෙහිදී යොදා ගත්තා. බලන්න පැයකුත් විනාඩි දහයකදී කිලෝමීටර දහතුනයි දශම අටක් ගමන් කිරීමට හැකි වී තිබේ. නමුත් මා ඊයේ බයිසිකලයේ අසුන සකස් කර ගැනීමට සරණංකර මාවතේ තිබෙන වින්කලයට ගොස් විනාඩි දහයක් පමණද, මාර්ග තදබදය සහ ආලෝක පුවරු අසලද තරමක් රස්තියාදු වීමට සිදු නොවී නම් එම ගමන මිනිත්තු හතලිස් පහකින් නිම කිරීමට හැකි වීමට තිබුණි.
Get Yes | Kan’s stories in your inbox
Join Medium for free to get updates from this writer.
මෙහෙදී දහනය වූ කැලරි ප්‍රමාණයද සඳහන් කර තිබුනත්, එය කෙතරම් දුරට නිවැරදිදැයි නොදනිමි. අද උදයේ ආපසු ගොස් කාර්යාලයේ සිට නැවතත් ගෙදරට බයිසිකලය පැදගෙන ආවෙමි.
ඔබත් හැකි හැම විටකම ව්‍යායාමයේ යෙදෙන්න. නැතිනම් ඒ සඳහා කාලයක් වෙන් කරන්න. ව්‍යායාම මගින් නිරෝගී දිවියක් මෙන්ම උද්යෝගීව දෛනික කටයුතු කිරීමට පිටුවහලක් ලැබේ.







